අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!

අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!
Spread the love
ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.

මේ අතර වැට් බද්දේ බලපෑමෙන් සිය නිෂ්පාදන වියදම ඉහළ නොයන්නේ නම් ඉදිරි මාස කිහිපයේදී රුපියල් 30 ත් 35ත් අතර මුදලකට දේශීය බිත්තර වෙළඳපළෙන් ලබාගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශ කළා.