සිංහල හින්දු අලූත් අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ගුවන් මගින් ගෙන්වන ලද මුඛලයිසර් (ස්වසන වායු බැලූන්) 25,000 ක් හෙට (09) සිට දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත බෙදාහරින බව රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවසීය.
සිංහල හින්දු අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් සහ රථවාහන වැරැුදි සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් 8,000 ක් යොදවන බවත් ඔවුන් අද සිට අපේ‍්‍රල් 20 දක්වා සිය මෙහෙයුම් සිදුකරන බවත් ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම අමතර යොදන පොලිස් නිලධාරීන් අතරින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දුර ගමන් සේවා බස්රථවල ද රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු කීය. මේ වනවිට දුර ගමන් සේවා බස්රථ රියැදුරන් එක් අතකින් ජංගම දුරකථනය භාවිත කරමින් අනෙක් අතින් සුක්කානම හසුරවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එවැනි රියැදුරන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දන්වා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නීතිය කි‍්‍රයාත්මක කරවන බවත් හෙතෙම කීය. මීට අමතරව ඇතැම් දුර ගමන් බස්රථ ආහාර ගැනීමට නවත්වන ස්ථානවලදී රියැදුරන්ට මත්පැන් ලබාදෙන බවට ද චෝදනා එල්ලවන බවත් එවැනි රියැදුරන් ලිළිබඳව ද සිවිල් ඇඳුමෙන් බස් රථයේ සිටින පොලිස් නිලධාරීන්ට ළඟම පොලිසියට වාර්තා කරන ලෙස උපදෙස් දී තිබෙන බවත් අජිත් රෝහණ මහතා කීය.
මේ වනවිට අධික ශබ්දය සහිත නලා සහ විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළු බස්රථ හා ඇතැම් වාහනවල සවිකර ධාවනය කරන බවත් වාහනවල එවැනි නීති විරෝධී දේ සවිකර තිබේ නම් ඒවා ඉවත් කර ගැනීමට ජුනි 30 දා තෙක් කාලය ලබාදී ඉන්පසු එම වාහනවල රියැදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියේය.

