කොවිඩ් මර්දනයට ලෝකෙන්ම ප්‍රශංසා ලැබූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක්ද?

කොවිඩ් මර්දනයට ලෝකෙන්ම ප්‍රශංසා ලැබූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක්ද?
Spread the love

කොවිඩ් වසංගතය ආරම්භයේදී සහ එය පළමු – දෙවැනි ආදි රැලි ඇතිවන විට වසංගත විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක් වූ රටවල් අතර තායිවානය සහ සිංගප්පූරුව ඉහළින්ම තිබුණේය. එම රටවල් දෙක වර්ණනාවට ලක් වුණේ කොවිඩ් ආසාදිතයින් ශූන්‍ය කළ හෝ තනි ඉලක්කමට ගත් රටවල් වශයෙනි.

නමුත් මේ මාසයේ සිංගප්පූරුව සහ තායිවානය යන රටවල හදිසි හා ආක්‍රමණශීලී සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ සිංගප්පූරුව නව රෝගීන් 248 ක් වාර්තා කළ අතර තායිවානයේ දේශීය ආසාදන 1,200 ක් වාර්තා විය. මෙම රටවල් දෙකම සමාජ රැස්වීම්වල ප්‍රමාණය සීමා කිරීම සහ පාසල් වැසීම වැනි සීමාවන් ඉක්මවා ගොස් තිබේ.

ගෝලීය ප්‍රමිතීන්ට අනුව, මෙම සංඛ්‍යා කුඩා යැයි පෙනේ. නමුත් මෙම රටවල් සඳහා, මෙම සංඛ්‍යා මීට මාස කිහිපයකට පෙර සිතාගත නොහැකි තරම් වේ !. 

ඉතින් තායිවානයට සහ සිංගප්පූරුවට හරියටම වැරදුනේ කුමක්ද?

උදාසීන කතාවක්: තායිවානය

චීනය වෛරසය මතුවූ බව වාර්තා වූ විගසම විදේශීය සංචාරකයින් තහනම් කළ පළමු ස්ථාන අතර තායිවානය ද විය. මෙම දැඩි දේශ සීමා සීමා තවමත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මේ සමග තායිවාන ජනතාව මෙන්ම රජය ද උදාසීන වීමට පටන් ගත්තේය.

තායිවාන් ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ලින් හියන්-හෝ පවසන පරිදි, වෛරස් රෝගයේ පොදු රෝග ලක්‍ෂණයක් වන උණ රෝගීන් පවා රෝහල් විසින් පරීක්ෂා කිරීම අමතක කළේය. නැතහොත් නවතා දැම්මේය.

බී.බී.සී ජාත්‍යන්තර දත්තවලට අනුව තායිවානය පෙබරවාරි මස මැද භාගයේදී පුද්ගලයින් 1000 කට වෛරස් පරීක්ෂණ 0.57 ක් සිදුකර ඇත. සිංගප්පූරුවේ අනුපාතය 6.21 ක් හා එක්සත් රාජධානියේ අනුපාතය 8.68 ක් විය.

“කෝවිඩ් -19 ඇතිවීමේ සම්භාවිතාව අත්‍යවශ්‍යයෙන්ම ශුන්‍ය බව රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට පවා පොදු උපකල්පනයක් පැවතුණා,” වෛද්‍ය ලින් බීබීසීයට පැවසුවේය.

‘‘ තායිවානයේ ශක්තිමත් දේශසීමා හරහා වෛරසයට පැමිණිය නොහැකි බවට සෞඛ්‍ය අංශවලට දැඩි විශ්වාසයක් තිබුණා. වෛද්‍යවරු එය බැරෑරුම් ලෙස සැලකුවේ නැහැ. රෝහල් අවදියෙන් සිටියේ නැහැත ඔවුන් සම්බන්ධතා සොයා ගැනීමක් සිදු කළේ නැහැ. නිසැකවම යම් උදාසීන හැඟීමක් තිබුණා‘‘

මෙය විශේෂයෙන් ඉස්මතු කර දැක්වුනේ තායිවානය එන්නත් නොකරන ලද ගුවන් නියමුවන් සඳහා නිරෝධායන අවශ්‍යතා ආරම්භක දින 14 සිට දින පහක් දක්වා ලිහිල් කළ විටය. ඊටත් පසුව එය දින තුනක් දක්වා පහත දැමුවේය.

ටික කලකට පසු, තාඕආන් ගුවන්තොටුපල අසල නොවෝටෙල් හි නැවතී සිටි චයිනා එයාර්ලයින්ස් ගුවන් නියමුවන් අතළොස්සක් අතර කොවිඩ් පොකුරක් ඇති විය. මෙම පොකුරට සම්බන්ධ බොහෝ අය පසුව B.1.1.7 ලෙස හැඳින්වෙන එක්සත් රාජධානියේ ප්‍රභේදය ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී.

වෛරසය පසුව ප්‍රජාව හරහා පැතිරී ගොස් අවසානයේදී තායිවානයේ වැඩිහිටි විනෝදාස්වාද ස්ථාන කරා ද ගමන් කළේය.

වුආන් හුවා ප්‍රදේශයේ පැරණි රතු ආලෝක දිස්ත්‍රික්කය
තායිවානයේ රතු එළිය දිස්ත්‍රික්කයේ සම්භාහන මධ්‍යස්ථාන

“තායි වැඩිහිටි පිරිමින් විශාල වශයෙන් මේ සම්භාහන මධ්‍යස්ථාන වෙත එනවා. ඉතිං එක ස්ථානයක ආසාදිතයෙක් පසුව පහසුවෙන් පොකුරක් නිර්මාණය කරනවා. එය ඉතා විශාල සුපිරි පැතිරීමක්” යැයි වෛද්‍ය ලින් පැවසීය.

වසංගත රෝග විද්‍යාඥයෙකු වන මහාචාර්ය චෙන් චියන්-ජෙන් පවසන්නේ ධනාත්මක බව පරීක්‍ෂා කළ බොහෝ දෙනෙක් තමන් එවැනි වැඩිහිටි විනෝදාස්වාදක ස්ථානවලට ගිය බව ප්‍රකාශ කිරීමට අකමැති වීම නිසා සම්බන්ධතා සොයා ගැනීම වඩාත් දුෂ්කර වූ බවයි.

“එය අපට මතක් කර දෙන්නේ ජනගහනයෙන් ඉතා සුළු කොටසක් නීති කඩ කළත් එය කාන්දුවීම් වලට තුඩු දෙන බවයි” වෛද්‍ය චෙන් පැවසීය.

ජපානයේ වැඩිහිටි විනෝදාස්වාද කර්මාන්තය දෙස බැලීමට තායිවානය අපොහොසත් වූ බවත් (එය එක්තරා කාලයකදී ආසාදනවල කේන්ද්‍රස්ථානයක් විය) එය වසා දැමීමට නියෝග කිරීමට තායි බලධාරීන් අපොහොසත් වූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

“අපි ජපානයෙන් පාඩම ඉගෙන නොගත් අතර තායිවානයට ද මෙවැනිම ගැටළු ඇති බව පිළිබිඹු කරන්නෙමු,” ඔහු පැවසීය.

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඇලෙක්ස් කුක් පවසන පරිදි තායිවානයේ තත්වය “දේශසීමා පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සහ රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොවන උපාය මාර්ගයක නිරන්තර අවදානම පිළිබිඹු කිරීමකි”.

බිත්තියේ ඉරිතැලීම්: සිංගප්පූරුව

කෙසේ වෙතත් සිංගප්පූරුවේ එය වෙනස් කතාවකි.

අඩු අවස්ථා තිබියදීත් එහි ආරක්ෂිත පියවර සෑම විටම දැඩි විය. මහජන රැස්වීම් උපරිම අටක් දක්වා සීමාකර ඇති අතර, සමාජ ශාලා විවෘත කිරීමට ඉඩ නොදුන් අතර මංගල උත්සව වැනි මහජන රැස්වීම් සඳහා තවමත් සීමාවක් තිබේ.

එහෙත් එහි එන්නත්කරණයේ තවමත් හිඩැස් ඇති අතර, මැයි අග වන විට සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ (ජනප්‍රිය සාප්පු මධ්‍යස්ථානයක් ද වේ) මේ වසරේ රටේ විශාලතම කොවිඩ් පොකුර බවට පත්විය.

ආසාදිත ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් දකුණු ආසියාව ඇතුළු අවදානම් සහිත රටවලින් සංචාරකයින් පැමිණෙන කලාපයක සේවය කරමින් සිටින බව බලධාරීන් පසුව සොයා ගත්හ.

මෙම සේවකයින්ගෙන් සමහරක් පසුව ඔවුන්ගේ ආහාර වේල ගුවන්තොටුපලේ ආහාර රාක්කවල තබා ඇත. ඒවා මහජනතාව සඳහා විවෘතව පවති හෙයින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය.

එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුව දැන් එහි මගී පර්යන්ත මහජනතාවට තාවකාලිකව වසා දමා ඇත.

ආරක්ෂිත වෙස්මුහුණු පැළඳ සිටින සංචාරකයින් 2020 දෙසැම්බර් 15 වන දින සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපල පර්යන්තයේ සංක්‍රමණ ප්‍රදේශය හරහා ගමන් කරයි.

ආසාදිතයින්ගෙන් බොහෝ දෙනෙක් ඉන්දීය ප්‍රභේදය ආසාදිතයින් බව පසුව සොයා ගන්නා ලදි. සිංගප්පූරුව දැන් ඉහළ අවදානම් සහිත රටවලින් සහ කලාප වලින් ගුවන් ගමන් සහ මගීන් අඩු අවදානම් ස්ථාන වලින් පැමිණෙන අයගෙන් වෙන් කරන බව නිවේදනය කර ඇත. කාර්ය මණ්ඩලය ද කලාප අනුව වෙන් කරනු ලැබේ.

මාසයකට පමණ පෙර අනතුරු අගවා තිබූ ආකාරයට සිංගප්පූරුව විධිමත් ආරක්ෂක පියවර නොගත්තේ මන්දැයි ඇතමෙක් ප්‍රශ්න කරති. නමුත් එක් විශේෂඥයෙක් කියා සිටියේ නව ප්‍රභේදය සිංගප්පූරුවට පිවිසීම “නොවැළැක්විය හැකි” බවයි.

“සිංගප්පූරු වැසියන්ගෙන් බහුතරයක් අතිශයින්ම අනුකූලව කටයුතු කර ඇති නිසා මිනිසුන් කලකිරීමට පත්වන්නේ මන්දැයි මට වැටහෙනවා” යැයි ජාතික මහජන සෞඛ්‍ය පාසලේ පීඨාධිපති මහාචාර්ය ටියෝ යික් යින් පැවසීය.

“නමුත් අපි චීනය මෙන් නොව රටේ දේශසීමා සම්පූර්ණයෙන්ම වසා දැමිය නොහැකිය. එය රටක් ලෙස අපගේ කීර්තිය, අපගේ ආර්ථිකය, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස අපගේ ස්ථාවරය හා බැඳී පවතී. [එසේම] අපි පසුගිය වසරේ එක්සත් ජනපදයේ තත්ත්වය දෙස බැලුවහොත්, එහි දරුණුතම වෛරස් ආසාදිතයන් පැමිණියේ චීනයෙන් නොව යුරෝපයට ගිය සංචාරකයින්ගෙනි. ඉතින් සිංගප්පූරුවට දේශසීමා කීයක් වසා දැමිය හැකිද? ”

එහෙත් මහාචාර්ය කුක් පවසන්නේ රට තවමත් “හොඳ තත්වයක” සිටින බවයි.

“සිංගප්පූරුව තවමත් ක්‍රියාමාර්ග වේගවත් කර තිබියදීත්, ඉතා හොඳ තත්වයක පවතින බැවින්,” දේවල් වැරදී ඇති බව “පැවසීමට මම පසුබට වෙමි,” ඔහු පැවසීය.

“අපි එය එක්සත් රාජධානිය හා සසඳන විට, ජනගහනයේ ප්‍රමාණය අනුව සකස් කිරීමෙන් පසු සාමාන්‍ය දෛනික අවස්ථා එක්සත් රාජධානියේ මට්ටමෙන් 10% ක් පමණයි‘‘

මන්දගාමී එන්නත් කිරීම

සිංගප්පූරුව සහ තායිවානය යන දෙවර්ගයටම බලපාන එක් ගැටලුවක් තිබේ: එන්නත්කරණය !

තායිවානයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය දේ හොඳින් සිදුවන විට එන්නත ලබා ගැනීමට අවශ්‍ය නොවීය. තායිවානයේ දැනට ගබඩා කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා මේ බිය තව දුරටත් වර්ධනය වේ.

කෙසේවෙතත්, වර්තමානයේ රෝගීන් වැඩිවීම යන්නෙන් අදහස් වන්නේ තායිවානයේ ජනතාව එන්නත ලබා ගැනීම සඳහා දැන් පැමිණෙමින් සිටින බවයි. එකම ගැටළුව නම් – එහාට මෙහාට යාමට තරම් ප්‍රමාණයක් නොමැත. මිලියන 24 ක ජනගහනයක් සඳහා තායිවානයට මේ දක්වා ලැබී ඇත්තේ එන්නත් 300,000 ක් පමණි !

ඇස්ට්‍රාසෙනෙකා එන්නත
තායිවානයේ බොහෝ දෙනෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන පසුබට වූහ

“අපි ජාත්‍යන්තර සමාගම්වලින් එන්නත් මිලදී ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. නමුත් අපට එතරම් මුදලක් ලැබුණේ නැහැ. අපගේ සැපයුම පවත්වා ගැනීමට ඇති එකම ක්‍රමය අප විසින්ම එන්නත් නිෂ්පාදනය කිරීමයි. මෙය තායිවානයට ඉතා වැදගත්” යැයි වෛද්‍ය චෙන් පැවසීය.

තායිවානය මේ වන විට දේශීය එන්නත් දෙකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ජූලි මස අවසානයේදී ලබා ගත හැකිය.

එය සිංගප්පූරුවේ ද එවැනිම කතාවකි.

ගිනිකොනදිග ආසියාවේ ඉහළම එන්නත අනුපාතය වන (අපේ ලෝක දත්ත වලට අනුව) 30% ක් පමණ දෙනාට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී තිබේ. නමුත් එන්නත සැපයුමෙන් රට සීමා වී ඇත. වසර අවසාන වන විට එහි මුළු ජනගහනයට එන්නත ලබා දීමට රජය අපේක්ෂා කරයි.

“අවසානයේදී අපට සැපයුම සීමා වී ඇත. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය වැනි රටවල ඔවුන්ගේම එන්නත් නිපදවීමේ හැකියාවන් ඇත” යනුවෙන් මහාචාර්ය ටියෝ පැවසීය.

“එන්නත් සඳහා අවශ්‍යතාවය දිගු කාලීනව පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එබැවින් අපගේම නිෂ්පාදන හැකියාවන් ඇති කර ගැනීම සඳහා අප ගමන් කරන්නේ ඒ නිසා ය”

මහාචාර්ය ටියෝ තවදුරටත් කියා සිටින්නේ මෙම ස්ථාන දෙකෙහිම ඉහළ යාම දැන් ආසාදිතයින් අඩුවීමක් දක්නට ලැබෙන රටවලට පාඩමක් බවයි.

“යුරෝපයේ රටවල් හෝ එක්සත් ජනපදය පියවර ලිහිල් කිරීමට පටන් ගන්නා විට, ඔවුන් ඉතා සුපරීක්ෂාකාරී විය යුතු අතර සිදුවන්නේ කුමක්ද යන්න ලොව පුරා සොයා බැලිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

“සිංගප්පූරුවේ තායිවානයේ සිදුවී ඇත්තේ කුමක්ද – එය අපගේ ආරක්‍ෂාව අතහැර දැමිය යුතු නැති බවට ලකුණකි.”

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ