තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!

තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!
Spread the love

ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි.

නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී නිදහස් ජනතා සංධානය වෙනුවෙන් සාකඡාවට එක් විය.

පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක ධම්මික රත්මලේ, වැඩබලන ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, පාරිසරික ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලින පීරිස්, නීති ලේකම් භූපති කහතුඩුව, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, ප්‍රචාරක ලේකම් අංජන උදාර යන මහත්වරුන් සහභාගී විය.

මේ අතර ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ෂාන් විජය ලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.