නව ක්‍රීඩා ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව හතුරුසිංහට හදිසියේම ජනපති මෛත්‍රීගෙන් ඇරයුමක්

Spread the love

දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ.

හතුරුසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද ඇරයුමක් අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තහවුරු කරයි.

හතුරුසිංහ මහතා නව පුහුණුකරු ලෙස 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවට විශ්වාස කෙරේ.

මීට පෙර බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර මහතාද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එක් වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

[rns_reactions]