පිට රටිත් ගෙනත් හඬ කවලා පෙන්වන ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට ජනපති නියමයෙන් බදු වැඩිවෙයි..

Spread the love

ලංකාවේ  ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බොහෝමයක් විදෙස් රටවලින් ආනයනය කර සිංහලෙන් හඬ කවා ප්‍රචාරය කරනු ලබනවා. මේ හේතුව නිසා ලංකාවේ බිහිවන අග්‍රගන්‍ය නිර්මාණ වලටද එතරම් ඉල්ලුමක් නොලැබීම කණගාටුවට කරුණක්. එසේම පාසල් යන වයසේ දරුවන් පවා ඇතැම් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවීම නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන් අවස්ථා අපේ සමාජයේ කතා බහට ලක්වුනා.

මේ තත්වය අවම කරගැනීම සඳහා පිටරටින් ආනයනය කර හඬකවා විකාශය කරන ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා මෙතෙක් අය කල රුපියල් 90,000 මුදල 150,000 දක්වා වැඩි කර තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රමාණය වැඩි කිරීමට හේතුව කලා ක්ෂ්‍රේත්‍රයේ පිරිසකගේ ඉල්ලී්මකට අනුව සිදු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. මෙම පිරිස අතිගරු ජනාධිපතිතුමාගෙන්  මීට පෙර මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබෙනවා.

නමුත් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂාවෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල මුල් පිටපත හඬකවා නොමැතිනම් ඒ සඳහා මෙම ගාස්තුව අය නොකරන බවද සඳහන් වෙනවා. මින් පෙර තිබූ ගැසට් නිවේදන 03 ක් අවලංගු කරමින් මෙම නීතිය ඇතුලත් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුම මෙම නීතිය ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.

[rns_reactions]