කප්පම් සහ මිනී මැරුම් වලට රාජපක්ෂ ආණ්ඩුවේ කප් ගැසූ නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළ පසුව එම ගිනි අවියෙන් කොතළ හිඹුටු ව්‍යාපාරිකයකු ඝාතනය කළ සරණ ගුණවර්ධන තවත් බිල්ලක් ගැනීමට ගොස් වැඩ වැරදී ඇත.
සරණ තමනට එරෙහිව කටයුතු කළ ගම්පහ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ ඝාතනය කිරීමට උත්සහ දරා ඇති අතර ව්‍යාපාරිකයා තම ජිප් රථයෙන් ගම්පහ සිට උඩුගම්පළ ප්‍රදේශයට යමින් සිටියදී කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩි තබා තිබූ අතර මෙම වෙඩි තැබීම නිසා ව්‍යාපාරිකයාගේ රියදුරු තුවාල සිදුවී තිබිණි.
මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු ජිප් රථය සමීප කොට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර මෙම කෝන්තරය වසර ගණනාවක සිට තිබූ එකක් බව සදහන්.
[rns_reactions]

