මත් උවදුරු සටනින් ජනපති මෛත්‍රී ජයගනී.. – ඔබ නොදත් කතාව මෙන්න..

Spread the love

මවුබිමේ අනාගතය රදාපවතින රටේ අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ  ‘‘මතින් නිදහස් රටක්‘‘ වැසටහන අද වන විට සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර මත්පැන් සහ දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම පහත වැටිමෙන් එය තහවුරු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මහනුවර තෙල්දෙණිය දිස්ත‍්‍රික් මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “මීට සති 03 කට විතර කලින් කැබිනට් මණ්ඩලයට භාණ්ඩාගාරය වාර්තා කළා අරක්කු සහ සිගරට්වලින් රජයට ලැබෙන බදු ආදායම අඩු වෙලා කියලා. ලංකාවේ පළවෙනි වතාවට තමයි එහෙම වුණේ. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. මීට පෙර හැමදාම වුණේ ඒවා වැඩි වෙච්ච එක. රජයට දෙන බදු අඩු වෙලා කියලා කියන්නේ..අරක්කු සහ සිගරට්වල ආදායම අඩු වීමයි.” යනුවෙනි. 

[rns_reactions]