මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාට අමතරව දැවැන්ත විදේශ විනියමක් පිටරට පටවනවා. ඒ හරහා අපේ ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒත් මඤ්ඤොක්කා පිටිවලට අපි සැලකිය යුත අවධානයක් යොමු කළහොත් දියවැඩියාව, ඇතැම් පිළිකා වර්ග, හෘද රෝග ඇතුළු ප්‍රමුඛ රෝග රැසක් වළක්වා ගත හැකියි.
උපාලි බාලසූරිය – TEAM WORK FOOD PRODUCTS (PVT) LTD
‘ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර ‘වෙනස’ හඳුනා ගත් විට බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකි බව’කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දා පැවසුවේ ය. අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය බොහෝ කාලයක් පුරා ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන පාර්ශ්ව අතර සංවාදයට ලක්වෙමින් තිබූ අදහසකි.
මෙම අදහස මතකයේ තබා ගෙන අපි නව්‍ය ව්‍යවසායක් ආරම්භ කර මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමට, රටට පමණක් නොව ලෝකයටම දැවැන්ත අභියෝගයක් වී දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසක් පාලනයට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න ආහාරය නිෂ්පාදනයට, රිදීමාලියැද්ද වැනි අති දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක රැකියා බිහි කිරීමට සහ විශේෂයෙන් ගොවි ජනතාවට පුළුල් වෙළෙඳපොළක් බිහිකිරීමට කැප වූ කෘෂි ව්‍යවසායකයෙක් ගැන කතා කරමු.
TEAM WORK FOOD PRODUCTS (PVT) LTD
ඔහු උපාලි බාලසූරිය යි. TEAM WORK FOOD PRODUCTS (PVT) LTD යන ව්‍යාපාර නාමය යටතේ පින්නවල, රඹුක්කන ඔහු සිය ව්‍යවසාය ස්ථානගත කර ඇත. උපාලි බාලසූරිය නැතහොත් TEAM WORK FOOD PRODUCTS (PVT) LTD ව්‍යවසායන් අතර ‘සුවිශේෂ ව්‍යවසායක්’ වන්නේ මූලික හේතු කිහිපයක් නිසාය. ඒ අතර සුවිශේෂතම හේතුව වන්නේ උපාලි මඤ්ඤොක්කා පිටි ආශ්‍රිත නව නිෂ්පාදන රැසක් මෙරට ජනතාවට හඳුන්වා දීම ය.
නව්‍ය කෘෂි ව්‍යවසායකයෙක් ලෙස උපාලි පැමිණි ගමන් මඟ, ඔහු මුහුණ දුන් හා දෙන අභියෝග, ඔහු වැනි නව්‍ය කෘෂි ව්‍යවසායකයින්ගෙන් අපට ලබා ගත හැකි ආදර්ශ ගැන සොයා බැලීමට පෙර උපාලි සඳහන් කළ වැදගත් කරුණක් ලෙස අපගේ අවධානය යොමු විය යුතු ය.
‘මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාට අමතරව දැවැන්ත විදේශ විනියමක් පිටරට පටවනවා. ඒ හරහා අපේ ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒත් මඤ්ඤොක්කා පිටිවලට අපි සැලකිය යුත අවධානයක් යොමු කළහොත් දියවැඩියාව, ඇතැම් පිළිකා වර්ග, හෘද රෝග ඇතුළු ප්‍රමුඛ රෝග රැසක් වළක්වා ගත හැකියි. එසේම මෙරට ගොවිජනතාවට විශල ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකියි, ග්‍රාමීය වශයෙන් රැකියාව අවස්ථා හා ව්‍යවසාය ප්‍රවර්ධනය මඟින් තවත් වක්‍ර ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකියි’
මඤ්ඤොක්කා වල ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ
උපාලි කරන මෙම හෙළිදරව්ව බලධාරීන්ගේ හා පාරිභෝගික ජනතාවගේ අවධානයට යොමු කරමින් කෘෂි ව්‍යවසායකයෙක් ලෙස උපාලි පැමිණි ගමන් මඟ ගැන විමසීමට පෙර උපාලි වැනි කෘෂි ව්‍යවසායකයින්ට සහ මඤ්ඤොක්කා වගාකරුවන්ට අමතර ශක්තියක් ලබාදීම සඳහා මඤ්ඤොක්කා වල ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ සොයා බලමු.
මඤ්ඤොක්කා වල අන්තර්ගත අධික කැලරි ප්‍රමාණය බොහෝ රටවල එය එතරම් වැදගත් ප්‍රධාන බෝගයක් බවට පත් කර ඇත. හෘද රෝග වැළැක්වීම, ශක්තිය සහ මනෝභාවය වැඩි දියුණු කිරීම, දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ, සම, නිය සහ හිසකෙස් සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, බර අඩු කර ගැනීමට උපකාර කිරීම, සමහර පිළිකා වර්ග වැළැක්වීම. මනෝභාවය වැඩි දියුණු කිරීම සහ මලබද්ධය වැළැක්වීමට මඤ්ඤොක්කා වලට හැකි බව සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ජාත්‍යන්තර වෙබ් අඩවිවල සඳහන් වේ.
මෙවැනි ඉහළ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදීමට මඤ්ඤොක්කා වලට හැකියාව ලැබී ඇත්තේ එහි පවතින ඉහළ පෝෂණ ගුණය නිසාය. මඤ්ඤොක්කා ග්‍රෑම් 100ක අන්තර්ගත පෝෂණ ගුණය දෙස දැන් අපි අවධානය යොමු කරමු. කැලරි 191, ප්‍රෝටීන් ග්‍රෑම් 1.5, මේදය ග්‍රෑම් 3, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 40 යි, තන්තු ග්‍රෑම් 2යි, පුද්ගලයෙකුගේ දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 20%ක් සහ තඹ 12%, තයමින් 7%, ෆෝලේට් 6%, විටමින් B6 6%, පොටෑසියම් 6%, මැග්නීසියම් 5%ක් සහ නියාසින් 5%ක් මඤ්ඤොක්ක ආහාරට ගැනීමෙන් සම්පූර්ණ කරගත හැකිය.
මඤ්ඤොක්කා වල මෙතරම් පෝෂණ හා සෞඛ්‍ය ප්‍රතිලාභ තිබුණ ද එහි සැලකිය යුතු ඍණාත්මකතා කිහිපයක් ද පවතින බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඒ අනුව ඔබ දහනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් කාලයත් සමඟ බර වැඩිවීමට දායක විය හැකි බව මතක තබා ගත යුතුය. මේ හේතුව නිසා සමබර ආහාර වේලක කොටසක් ලෙස මධ්‍යස්ථව මඤ්ඤොක්කා රස විඳීම වඩාත් සුදුසුය. එසේම මඤ්ඤොක්කා අමුවෙන්ලෙස පරිභෝජනය කළහොත් හානිකර විය හැකි අතර නුසුදුසු ලෙස පිළියෙළ කළහොත් මඤ්ඤොක්කා භයානක විය හැකිය. අමු මඤ්ඤොක්කා වල සයනොජනික් ග්ලයිකෝසයිඩ් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මේවා ආහාරයට ගත්තොත් ඔබේ සිරුරට සයනයිඩ් මුදා හැරිය හැකිය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන වර්ණනාව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ද මඤ්ඤොක්කා (manihot esculenta) ඉතා හොද පිෂ්ඨමය ආහාර ප්‍රභවයකි. කැල්සියම්, පොස්පරස් හා විටමින් ඉහළ අගයකින් පවතී. ප්‍රධාන ආහාරයක් වශයෙන්ම මෙන්ම කෙටි ආහාර ලෙසත්, මධ්‍යසාර හා ඉන්ධන නිෂ්පාදනය සඳහාත් එය භාවිතා කරයි. අඩු ජල සහ පෝෂක තත්ත්ව යටතේ වගාකළ හැකි බැවින් සීමාකාරී ඉඩම් සඳහා ද මඤ්ඤොක්කා සුදුසු බෝගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීටර් 1500 දක්වා උන්නතාංශයකින් පුළුල් පරාසයක පාංශු හා දේශගුණික තත්ත්වයන් යටතේ වසර පුරා මඤ්ඤොක්කා වගා කළ හැකි අතර මිලිමීටර් 1000-1500 අතර වර්ෂාපතනය සහ සෙල්සියස් අංශක 25-29 ක උෂ්ණත්වය අවශ්‍ය වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව MU-51, කිරිකවඩි, CAR5 555, සුරනිමල,ස්වර්ණ, ශානි, HORDI-MU-1, HORDI 06 වැනි මඤ්ඤොක්කා ප්‍රභේද ලංකාව තුළ බහුලව වගා කෙරේ.
ලංකාවේ මඤ්ඤොක්කා පිටි පාරිභෝජනය
වී ප්‍රධාන ආහාරමය බෝගය වශයෙන් සැලකෙන තත්ත්වයක් තුළ ලංකාවේ මඤ්ඤොක්කා වගාවට සැලකිය යුතු බිම් ප්‍රමාණයක් වෙන් කර නොමැති අතර මඤ්ඤොක්කා ආහාරයට ගන්නේ ද ‘තම්බූ අල’ හෝ ‘ව්‍යංජනයක්’ ලෙස පමණය. බඳින ලද මඤ්ඤොක්කා පෙති ‘බයිට්’ ලෙස භාවිත වුව ද මඤ්ඤොක්කා පිටි භාවිතය ලංකාවේ නොසැලිකය යුතු තරම් පහළ අගයක පවතී. ඊට හේතුව ලෙස උපාලි සඳහන් කරන්නේ මඤ්ඤොක්කා වල පෝෂණ හා සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන ජනතාව තුළ ප්‍රමාණවත් කරම් අවබෝධයක් නොතිබීමය. එසේම මඤ්ඤොක්කා පිටි ඉහළ මිලකට අලෙවි වන ‘සුඛෝපභෝගී භාණ්ඩයක්’ වීම ද ලංකාවේ මඤ්ඤොක්කා පිටි පාරිභෝජනය සීමිත වීමට හේතු වී තිබේ.
“ලංකාවේ අපි මඤ්ඤොක්කා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ගැන පමණයි දන්නේ. ඒත් ලෝකයේ තත්ත්වය ඊට හාස්පතින්ම වෙනස්. වර්තමානය වන විට ගෝලීය වශයෙන් මඤ්ඤොක්කා ආශ්‍රිත නිෂ්පාදන 2000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. මේ ඇතැම් නිෂ්පාදන සාම්ප්‍රදායික ආහාරයි. ඒ වගේම බබල් ටී වැනි නව නිෂ්පාදන හරහා ද මඤ්ඤොක්කා ආහාරමය හා කාර්මික නිෂ්පාදනයක් ලෙස වේගයෙන් විවිධාංගීකරණය වෙමින් තිබෙනවා. ලංකාවට මේ ගෝලීය සැපයුම තුළ ඉතාම පුළුල් හා ඉහළම අවස්ථාවක් ලබා ගැනීමට පහසු සහ සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා”
උපාලි පෙන්වා දෙන ආකාරයට ලංකාව ගෝලීය වශයෙන් පුළුල් වන නව කෘෂිකාර්මික බෝග හා අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදනවලට තමන්ට හිමි සුවිශේෂීත්වය සොයා යා යුතු ය. එය කළ හැකි වන්නේ පුළුල් හා ශක්තිමත් රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවය තුළිනි.
නව්‍ය කෘෂි ව්‍යවසායකයා
‘අපි වැනි නව්‍ය කෘෂි ව්‍යවසායකයින් දේශීය වෙළෙඳපොළ පුළුල් කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා හිමිකර ගැනීම වෙතත් අවධානය යොමු කළ යුතුයි. මඤ්ඤොක්කා පිටිවලට ප්‍රමාණවත් දේශීය වෙළෙඳපොළක් මේ දක්වා නිර්මාණය නොවෙන්නේ මඤ්ඤොක්කා වල පෝෂණ හා සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන ජනතාවට ප්‍රමාණවක් අවබෝධයක් නොමැති නිසයි. එසේම ආනයනික මඤ්ඤොක්කා පිටි නිසා එහි මිල ඉහළයි. ඒත් අපි වැනි දේශීය ව්‍යවසායකයින්ට ජනතාවට දරාගත හැකි මිලකට මඤ්ඤොක්කා පිටි සහ ඒ ආශ්‍රිත පෝෂණ අගයෙන් ඉහළ නිෂ්පාදන ලබා දෙන්න පුළුවන්. TEAM WORK FOOD PRODUCTS මේ වෙන කොට එවැනි නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ඇතුළු රටපුරා ව්‍යාප්ත වුණ අලෙවි ජාලයන් හරහා අපේ TEAM WORK FOOD PRODUCTS නිෂ්පාදන මිල දී ගන්න පුළුවන්”
උපාලි පෙන්වා දෙන ආකාරයට ලෝකයේ ඉහළම ගුණාත්මකභාවයෙන් හා රසයෙන් යුත් තේ, කුරුඳු, පොල් සේම ශ්‍රී ලංකාවේ මඤ්ඤොක්කා පිටි සඳහා ද පහසුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගත හැකියි.
‘අපේ තේ, කුරුඳු වගේම අපේ පසේ වැවෙන මඤ්ඤොක්කා වල ලෝකයේ කිසිම රටකට නොදෙවැනි රසක් තිබෙන බව මැලේසියාව ඇතුළු රටවල් කිහිපය මගේ මිතුරන් පෙන්වා දී තිබෙනවා. ඔවුන් කියන්නේ ලෝකයේ කිසිම රටක අපේ මඤ්ඤොක්කා තරම් නැවුම් හා ප්‍රණීත රසයක් නොමැකි බවයි. ඔවුන්ගේ අදහස ඉතාම නිවැරදි බව අපිට පිළිගන්න වෙනවා. ඒ නිසා අපනයන ප්‍රවර්ධනයට දැඩි අවධානයක් යොමුව පවතින මේ යුගයේ අපේ මඤ්ඤොක්කා ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් නම් ව්‍යවසායකයින් ලෙස අපිට ඊට සහාය දෙන්න පුළුවන්. ඒ වගේම මඤ්ඤොක්කා වගාව හරහා ග්‍රාමීය ගොවීන්ට, කාන්තා කෘෂි ව්‍යවසායිකාවන්ට නව ව්‍යාපාරික අවස්ථා බිහි කර ගන්න පුළුවන්”
පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයා
අපනයන විවිධාංගීකරණය සේම අගය එකතු කළ නිෂ්පාදන අපනයනයට ද දැඩි අවධානයක් යොමුව ඇති මෙවැනි සමයක උපාලි වැනි අත්දැකීම් බහුල ව්‍යවසායකයින් පෙන්වා දෙන මාවත දෙස අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීම ය.
උපාලි බාලසූරියට මෙවැනි පුළුල් දැක්මකින් හා නව ජවයකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු ආකාරය වෙත යම් අවධානයක් යොමු කළ යුතුය. ඒ උපාලිගේ කතාව තවත් නව ව්‍යවසායකයින් සිය දහස් ගණනක් බිහි කිරීමට උත්තේජනයක්, පහන් ටැඹක් විය හැකි නිසා ය.
උපාලි බාලසූරිය පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකි. එහෙත් 1987-1988 භීෂණ සමයේ පේරාදෙණිය සරසවියට ගිය ඔහුට සිදුවන්නේ ‘රැඳවුම් කඳවුරුවල’ දුක් ගැහැට විඳීමට ය.
උපාලි මෙරට ප්‍රමුඛ ඉදිකිරීම් සමාගමක් වන ‘මාගා’ ඉංජිනේරු සමාගමේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කළ අතර මෙරට දැවැන්ත මාර්ග ඉදිරිකිරීම් රැසකට නායකත්වය ලබා දුන්නේ ය. ඩුබායි, කටාර් සහ මාලදිවයින ඇතුළු රටවල් කිහිපයක ඉංජිනේරුවෙකු ලෙස ද ඔහු දීර්ඝ කාලයක් සේවය කළේ ය.
මේ අතර කොවිඩ් – 19 වසංගය පැමිණියේ ය. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට යනඑන මං නැති වූ අතර උපාලි ද එහි පහසු ගොදුරක් බවට පත් විය. රැකියාව නොමැතිව, කොරෝනා සීමා කිරීම් හමුවේ නිවසට වී කාලය ගත කළ උපාලි ඉදිකිරීම් කර්මාන්තය තවත් කාලයකට යළි පණ නොලබන බව වැටුණ තැන ‘කළ යුතු තවත් දෙයක්’ ගැන කල්පනා කරමින්, අන්තර්ජාලය පීරුවේ ය. ඒ අතර මෙම සමයේ ක්‍රියාත්මක වූ ගෙවතු වගා වැඩපිළිවෙළ හරහා බොහෝ ගෙවතු වල ‘ජනප්‍රිය බෝගයක් වූ’ මඤ්ඤොක්කා වෙත උපාලිගේ අවධානය යොමු වුණේ ය. ඒ උතේජනය සමඟ අන්තර්ජාලය පීරමින් ඔහු මඤ්ඤොක්කා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන සිය දැනුම පුළුල් කර ගත්තේ ය. අවසානයේ ‘දැඩි ‘ තීන්දුවකට පැමිණි උපාලි බිරිඳ සමඟ එක්ව මඤ්ඤොක්කා පිටි නිෂ්පාදනයට අත ගැසුවේ ය. සුපුරුදු ලෙස අසාර්ථක වීම් රැසක් හමුවේ, සිය ඉංජිනේරු දැනුම හා බුද්ධිය භාවිත කරමින් සාර්ථකත්වයේ මාවත සොයා ගැනීමට උපාලි සමත් වූවේ ය.
දුර ගමනක් යාමට අවශ්‍ය මුල් පියවර
ඒ අනුව මඤ්ඤොක්කා පිටි ආශ්‍රිත නිෂ්පාදන සමඟ නව්‍ය කෘෂි ව්‍යවසායකයෙක් බිහි වුණේ ය. ඉංජිනේරුවෙක් ලෙස ලද පන්නරය, නව අත්හදා බැලීම් කිරීමට ඇති ආසාව, අවදානම් ගැනීමට බිය නොවීම ආදි ව්‍යවසයකයෙක් සතු විය යුතු මූලික ගුණාංග මුවහත් කරගත් උපාලි TEAM WORK FOOD PRODUCTS (PVT) LTD බිහිකරමින් දුර ගමනක් යාමට අවශ්‍ය මුල් පියවර තැබුවේ ය.
“මට මේ දක්වා පැමිණීමට බොහෝ පිරිසක් හා ආයතන ගණනාවක් උපකාර කළා. විශේෂයෙන් රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම්තුමිය ආරම්භයේ සිට උපකාර කළා. ඒ වගේම ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් නොමසුරු සහයක් ලැබුණා. කාර්ගීල්ස් ඇතුළු ප්‍රධාන සමාගම් රැසක් මගේ නිෂ්පාදන මිලදී ගන්න කැමැති වුණා. ඒ හරහා විවිධ දුෂ්කරතා සහ අභියෝග මැද මම මේ ගමන පැමිණ සිටිනවා. අපි මඤ්ඤොක්කා පිටි ආශ්‍රිත නව නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දී තිබෙනවා. අපේ නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම තත්ත්ව සහතික ලබා ගෙන තිබෙනවා. අපේ ජනතාවට පෝෂණ ගුණයෙන් ඉහළ සහ දැරිය හැකි මිලකට මඤ්ඤොක්කා පිටි ආශ්‍රිත නිෂ්පාදන ලබා දීම අපේ අරමුණයි. ඒ වගේම සැලකිය යුතු ලෙස ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් වෙන්න අපට හැකියාව ලැබුණා. ග්‍රාමීය කාන්තාවට රැකියා අවස්ථා සහ ගොවීන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් අපි බිහි කළා. වාර්ෂිකව තිරිඟු පිටි මෙට්‍රික් ටොන් මිලියන12-13ක් ආනයනය කරන, දියැවඩියාව ඇතුළු රෝග රැසක් සමග පොර බඳමින් සිටින අපේ රටට මඤ්ඤොක්කා පිටි කියන්නේ තිරසර විකල්පයක්. ඒ හරහා ආර්ථික, සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ රැසක් අපේ ජනතාවට, විශේෂයෙන් ගොවිජනතාව ලබා දෙන්න පුළුවන්. මේ පුළුල්, තිරසර වෙනස සඳහා අවශ්‍ය වන්නේ අපේ ජනතාවගේ ආකල්පම වෙනසක් පමණයි. ඔවුන් මඤ්ඤොක්කා පිටිවල පෝෂණ හා සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන වඩාත් දැනුම්වත් නම් මේ වෙළෙඳපොළ තව දුරටත් පුළුල් වෙනවා. ඒ විට නව ව්‍යවසායකයින්ට වැඩි අවස්ථා නිර්මාණය වන අතර වගාකරුවන්ටත් අවස්ථාවන් උදා වෙනවා. නව අපනයන බෝගයක්, අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගන්නත් අපිට පුළුවන්. ලෝකයේ හොඳම තේ, ලෝකයේ හොඳම කුරුඳු වගේම ලෝකයේ හොඳම මඤ්ඤොක්කා අප රට සතුයි. මේ ස්වභාවික වාසිය, ශක්තිය අපි පෙරට ගත යුතුයි”උපාලි අවධරණාත්මක ස්වරයෙන් කීවේය.
උපාලි කියන කතාව සත්‍ය බව අපගේ ද වැටහීමයි. මඤ්ඤොක්කා අලයක් තම්බා ගෙන කනවාට වඩා, ව්‍යාංජනයක් හදනවාට වඩා, බයිට් හදනවාට වඩා එහි පුළුල් ආර්ථික හා පෝෂණ ප්‍රතිලාභ ඇති බව අපගේ ද අදහසයි. මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සේම පෝෂණ වේදීන්ගේ ද දැඩි අවධානය යොමුවිය යුතුය.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.
උපාලි බාලසූරිය මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.
සටහන – වරුණි ජයතුංග – විමර්ෂණ නිලධාරිනි, HARTI – DevPro කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ව්‍යපෘතිය