ප්රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය. ජලීලී ලබා ගත්තේ, ඡන්ද 44.3%ක් පමණි.
ජූනි 28 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට අසමත් වීමෙන් පසුව, එනම් ඓතිහාසික වශයෙන් 40%ක් වැනි අඩු ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීමෙන් පසුව දෙවන වටය පැවැත්විණි.
ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ තවත් 7 දෙනෙකු මැයි මාසයේදී හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසුව මෙම මැතිවරණය කැඳවන ලදී.
ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබීමටත් පෙර, වෛද්‍ය පෙසෙෂ්කියාන්ගේ ආධාරකරුවන් ටෙහෙරානයේ සහ තවත් නගර ගණනාවක වීදි බැස ඔහුගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කර තිබිණි.
සමාජ මාධ්‍යවල පළ වී තිබුණු වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ, වැඩි වශයෙන් තරුණ තරුණයින්, ඔහුගේ මැතිරවරණ ව්‍යාපාරයේදී දක්නට ලැබුණු සුවිශේෂී ධජය අතැතිව නර්තනයේ යෙදෙන අයුරු සහ ඔවුන් පසු කර ගිය රියැදුරන් සිය මෝටර් රථවල නළා නාද කරන අයුරු ය.
හිටපු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය පෙසෙෂ්කියාන් ඉරානයේ කුප්‍රකට සදාචාර පොලිසිය විවේචනය කරන්නෙකි. ඔහු “එක්සත්කම සහ සහජීවනය” මෙන් ම ඉරානය ලෝකයෙන් “හුදකලා වීම” අවසන් කරන බවට පොරොන්දු වීමෙන් පසු සමාජය කලබලයට පත් කිරීමට තුඩු දුන්නේ ය.
බටහිර සම්බාධක ලිහිල් කර ගැනීම සඳහා ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට එකඟ වූ විවිධ අභියෝගවලට ලක්ව ඇති 2015 න්‍යෂ්ටික ගිවිසුම අලුත් කිරීම සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමග “ඵලදායී සාකච්ඡා” සඳහා ද ඔහු ඉල්ලීම් කර ඇත.
ඔහුගේ ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී, රටේ පවතින තත්ත්වයට කැමැත්තක් දක්වයි. මීට පෙර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වුණු ඔහු වෙත වැඩි වශයෙන් එරට ආගමික ප්රජාවන්ගෙන් ඉහළ සහයෝගයක් ලැබෙයි.
ජලීලී ඔහුගේ දැඩි බටහිර විරෝධී ස්ථාවරය සහ න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධ වීම සඳහා ප්‍රසිද්ධ ය. ඔහු පවසන්නේ, එය ඉරානයේ “රතු ඉර” ඉක්මවා යාමක් බව ය.
නවතම වටයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50%ක් විය. එය පසුගිය සතියේ පළමු වටයට වඩා වැඩි ප්රමාණයකි. එම අගය 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු පුළුල්ව පැතිරුණු අතෘප්තිය මධ්‍යයේ වාර්තා වුණු ඡන්දය ප්‍රකාශ කිරීම අඩු ම අගය වූ නමුත් එය තවමත් අඩු අගයකි.
පුළුල්ව පැතිරුණු අතෘප්තියෙන් අදහස් වන්නේ, මිලියන ගණනක් ජනතාව මැතිවරණ වර්ජනය කළ බව ය.
දැඩි මතධාරී ඉස්ලාමීය අපේක්ෂකයින් ආධිපත්‍යය දරන, අපේක්ෂක ලයිස්තුවේ තෝරාගැනීමට වෙනත් අයෙකු නොමැතිකම සහ උත්තරීතර නායකයා ප්‍රතිපත්ති දැඩි ලෙස පාලනය කරන තුරු සැබෑ වෙනසක් ඇති කළ නොහැකි වීම ඔවුන්ගේ අපේක්ෂා භංගත්වයට තවත් හේතුවකි.
පළමු වටයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ඇතැම් අය මෙවර වෛද්‍ය පෙසෙෂ්කියාන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹුණේ, ජලීලී ජනාධිපති වීම වැළැක්වීම සඳහා ය.
ජලීලීගේ ජයග්‍රහණයත් සමග ඉරානය බාහිර ලෝකය සමග තවත් ගැටුමක් කරා ගමන් කරනු ඇතැයි ද ඔහු ඉරානයට තවත් සම්බාධක සහ හුදෙකලා කිරීම හැර අන් කිසිවක් ගෙන නොඑනු ඇතැයි ද ඔවුහු බිය වූහ.
මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා, අපේක්ෂකයින් දෙදෙනාට ම, ඉරානයේ සැලකිය යුතු බලයක් ඇති පූජකවරුන් සහ නීතිවේදීන් 12 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක් වන භාරකාර කවුන්සිලයේ පරීක්ෂණයට බඳුන් වීමට සිදු වූහ.
එම ක්‍රියාවලියේදී කාන්තාවන් කිහිප දෙනෙකු ඇතුළුව තවත් අපේක්ෂකයින් 74 දෙනෙකු තරගයෙන් ඉවත් කෙරිණි.
පාලන තන්ත්රයට ප්‍රමාණවත් තසයීඩ් ජලීලී වෙත වැඩි වශයෙන් එරට ආගමික ප්රජාවන්ගෙන් ඉහළ සහයෝගයක් ලැබෙයි
රම් පක්ෂපාතී නොවන අපේක්ෂකයින් නුසුදුස්සන් කිරීම සම්බන්ධයෙන් භාරකාර කවුන්සිලය මීට පෙර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්විය.
වසර ගණනාවක සිවිල් නොසන්සුන්තාවලින් පසුව, 2022-23දී රට දෙදරීමට ලක් කළ පාලන විරෝධී විරෝධතාවල කූටප්රාප්තියෙන් පසුව බොහෝ තරුණ සහ මධ්‍යම පන්තික ඉරාන ජාතිකයන් පාලනය තන්ත්රය දැඩි ලෙස අවිශ්වාස කරන අතර ඔවුන් මීට පෙර අවස්ථාවල ඡන්දය දීම පවා ප්‍රතික්ෂේප කර ඇත.
ඉරාන සමාජ මාධ්‍යවල, “ද්‍රෝහී සුළුතරය” යන පර්සියානු හැෂ් ටැගය දැඩි ලෙස ජනප්‍රිය වුණු අතර ඒ හරහා ඔවුන් අපේක්ෂකයින් කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ කරන ඕ නෑම අයෙකු “ද්‍රෝහියෙකු” ලෙස හැඳින්වීමට පියවර ගත්හ.
එහෙත් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඡන්දය ප්‍රකාශ කිරීම අඩු වීම, ඔහුගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමක් බවට වන අදහස් ප්‍රතික්ෂේප කර ඇත.
“[ඡන්ද ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය අඩු වීම පිටුපස] හේතු තියෙනවා, දේශපාලනඥයන් සහ සමාජ විද්‍යාඥයින් ඒවා පරීක්ෂා කරාවි. නමුත් ඡන්දය නොදුන් අය රජයට විරුද්ධ යැයි යමෙකු හිතනවා නම්, ඔවුන් පැහැදිලිව ම වැරදියි,” ඔහු පැවසීය.
පාලන තන්ත්රයට එරෙහි විරෝධතාවලින් 2022-23 වසරවල ඉරානය වෙලී ගියේ ය
නමුත් ඉතා කලාතුරකින් සිදු වූවක් ලෙස, ඇතැම් ඉරාන ජාතිකයන් වත්මන් පාලනය පිළිනොගන්නා බව ඔහු පිළිගත්තේ ය. “අපි ඔවුන්ට ඇහුම්කන් දෙනවා, ඔවුන් කියන්නේ මොනවා ද කියලා අපි දන්නවා. අපිට ඔවුන්ව පේන්නේ නැහැ නෙවෙයි,” කමේනි පැවසීය.
ඉරානය තුළ, ප්‍රාදේශීය මාධ්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිමත් කළේ ය.
ප්රතිසංස්කරණවාදී දිනපතා පුවත්පත ‘Sazandegi’ වාර්තා කර තිබුණේ, “අනාගතය තීරණය වන්නේ ඔබේ ඡන්ද මත ය” ලෙස වන අතර ‘Hammihan’ පුවත්පත පැවසුවේ, “දැන් ඔබගේ වාරය යි” යනුවෙනි.
ටෙහෙරාන් මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන දිනපතා පුවත්පතක් වන ‘Hamshahri’ විසින් “ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු 100ක්” යන මැයෙන් ලිපියක් ප්‍රකාශයට පත් කරන ලද අතර, රාජ්‍ය විකාශකයින් විසින් පවත්වාගෙන යනු ලබන දිනපතා පුවත්පතක් වන ‘Jaam-e Jam’ පැවසුවේ ඉරානය “ජනතාව වෙනුවෙන් බලා සිටින” බව ය.
උපුටා ගැනීම – බී.බී.සී සන්දේශය