රට නිවැරදි මග ගෙනියන්න ජනපති රනිල් නැමති මේ රියදුරාට වඩා හොඳ රියැදුරෙක් සිටීද..? අකිලගෙන් ප්‍රකාශයක්..!

රට නිවැරදි මග ගෙනියන්න ජනපති රනිල් නැමති මේ රියදුරාට වඩා හොඳ රියැදුරෙක් සිටීද..? අකිලගෙන් ප්‍රකාශයක්..!
Spread the love

යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එම පාර හොඳ හොඳනම් එයින් ජනතාවට යහපතක් වේ නම් ආණ්ඩුවට ඒ පාරේ ගමන් කරන්නට හැකියාව පවතින බවද කාරියවසම් මහතා කීය.

රට නැමැති වාහනේ එලවන්න වෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවදැයි ප්‍රශ්න කළ කාරියවසම්  මහතා වත්මන් රියැදුරා  අනෙකුත් විරුද්ධවාදින් ද එකතු කරගෙන වලවල් වලින් බේරාගෙන ඉතා වේගයෙන් හරි අතට ධාවනයෙන් කරමින් සිටින බව සඳහන් කළේය.

මීට වඩා හොඳ  රියැදුරන් ඉන්නවා නම් එළවන ක්‍රමය කිව යුතු බව කී කාරියවසම් මහතා පළ පුරුදු නැති රියැදුරන් පැමිණි විට වන්නේ වාහනයත්,පාරත්,රියදුරාත් නැත්තටම නැතිවීම බව සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.