දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය…
2022 අය වැය හෙට පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.…
විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය…
කොවිඩ් – 19 : නව නියෝග කිහිපයක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින්…
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ 1/3 ලබාදීමට මුදල් ඇමති එකඟවෙයි

විෂමතාව ඉවත් කරන්න අමතරව රුපියල් මිලියන 30000ක් සමස්ත අය-වැය ලේඛනයෙන් ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනයට සියයට 7.51ක් විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට…
මහින්දානන්දගේ CID පැමිණිල්ලට චම්පික දුන් සුපිරි පිළිතුර

ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන…
භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල්, සබන්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි  සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවසුවේය. ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බවයි…
කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත. මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට…
නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බවත් ඉන් දිවයිනට වක්‍ර බලපෑමක් සිදුව තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්…
නොබෙල් ත්‍යාගලාභී මලාලා යුග දිවියට එළැඹෙයි

මලාලා යුසුෆ්සායි ට්වීට් එකක් නිකුත් කරමින් කියා සිටියේ එය ඇගේ ජිවිතයේ ‘මාහැඟි දිනයක්’ බව යි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වූ ඉස්ලාමීය විවාහ මංගල්‍යයක් මඟින් සිය සහකරු සමග “අතිනත ගෙන” ඇත. ඈ සහ ඇගේ සහකරු අසර් මලික්…
දිස්ත්‍රික්ක රැසකට ගංවතුර සහ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම්…
ධාරාණිපාත වර්ෂාව තව දුරටත් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම…
විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්…
‘හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

අපි මේ ගැන කලින්ම අනතුරු ඇගෙවුවා! මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….! ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න…. සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි…දෙවියො… මේ වැදගත් වගේම අපි සියලු දෙනාගේ…
වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

වාහන ආනයනය කිරීමට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. විවිධ කණ්ඩායම් මෙම අමතර කොටස් අසීමිත මිල ගණන් යටතේ අලෙවි කරන බවද…