Blog

  • ‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි

    ‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි

    43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ.

    එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන් යෝජනා කර ඇති පරිදි රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා වක්‍ර බදු ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වයක් ලබා දීම සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත් කරවන ක්‍රියාවලියක් බවය.

    බද්දක ප්‍රධාන ලක්ෂණ වන්නේ, සාධාරණ වීම, අය කර ගැනීම පහසු වීම,  සමාජයේ ආර්ථිකයේ සංකූලතා ඇති නොවීමය.

    රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුව වක්‍ර බදු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ. වක්‍ර බද්ද ආදායම් විෂමතාවය තීව්‍ර කරයි. විශාල ආදායමක් ලබන පුද්ගලයකු හා සාමාන්‍ය ආදායමක් ලබන පුද්ගලයකු තම ආදායමෙන් සමාන ප්‍රතිශතයක් ලෙස බදු ගෙවන අතර ආදායම අඩු පුද්ගලයාට විසින් තම ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස ගෙවීමට සිදු වේ.

    මෙවර අය-වැය ලේඛණය මගින් අලුත් බදු කිහිපයක් හඳුන්වා දීමට ද ආණ්ඩුව කටයුතු කර තිබේ. එක්වරක් පමණක් අයකරන අධිභාර බද්ද මින් එකකි. මෙයින් රුපියල් මිලියන දෙදාහට වඩා වැඩි බදු අය කළ හැකි ආදායමක් ලබන ආයතන වලින් අය කරන බද්ද මගින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට මූල්‍යමය පීඩනයක් ඇති කළ හැකිය.

    පිරිවැටුම මත සමාජ ආරක්ෂණ දායක මුදලක් හඳුන්වා දී තිබේ. එහි බදු අනුපාතය වැඩිවීම  ආයතන මත. දැන් තිබෙන පීඩනයට අමතරව තවත් මූල්‍ය පීඩනයක් ඇති වේ.

    එකතු කළ අගය මත අයකරන බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම : එකතු කළ අගය මත අය කරන බද්දක ලක්ෂණය වන්නේ එය භාණ්ඩයේ මිලට එකතු වීමය.  පාරිභෝගිකයාට මේ බද්ද විතැන් වේ. මේ බද්ද පාරිභෝගිකයාට විතැන් නොකර සිටින්නේ කොහොමද එය ක්‍රියාවේ යොදවන්නේ කොහොමද යන්න අතිශය ගැටළුකාරීය.

    වාහන අනතුරු සිදු වූ විටෙක රජයට බදු අය කර ගැනීම මෙවර අයවැයෙහි දක්වා ඇති අතර එම මුදල් රක්ෂණය මගින් ප්‍රතිපූර්නය කිරීමට හැකි බව දන්වා ඇත. එහිදී පාරිභෝගිකයාගෙන් රක්ෂණ සමාගම විසින් වැඩි මුදලක් අය කරගැනීමට යොමු විය හැක.

    දේශීය ආයෝජකයින් දිරිමත් කිරීම සදහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු ඉවත් කර ඇති අතර ආයෝජකයින් හට අපහසු වන්නේ ලියාපදිංචි ගාස්තු ගෙවීමට නොව මූලික පහසුකම් සපයා ගැනීමේ සිට මෙහෙයුම් ක්‍රියාවලියයි.

    විශ්‍රාම වැටුප අවු. 65 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.  ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති නමුත් ලංකාවේ සේවා වියුක්තිය විශාල වශයෙන් තිබෙන තත්ත්වයක් තුළ තරුණ ජනගහනයට රැකියා අවස්ථා දුලබ අවස්ථාවක සේවයේ නියුතු අය තවත් වසර කිහිපයක් සේවයේ යෙදීම, තරුණයන්ට රැකියා නොලැබීමත්, අඩුවීමත්, එමගින් තරුණ වෙනත් ප්‍රශ්න ඇතිවීමත්, ඔවුන්ගේ කාර්යක්ෂම බව නැතිවීමත්, අපේක්ෂා භංගත්වයත් ඇති වේ. වියපත් ජනතාව තම සේවය සැපයීම තුළ, කොතරම් කාර්යක්ෂමද, නවීන තාක්ෂණයත් සමඟ කොයිතරම් ඔවුන් කාර්යක්ෂමද? යන්න තවත් ගැටලුවකි.

    “ජාත්යන්තරව පිළිගත්ත මුදල් ඒකකයක් නොවන, ලංකාවේ රුපියල දිගින් දිගටම අච්චු ගහන්න ගත්තහම, එක පැත්තකින් අපේ ආර්ථිකය සමාභාර  සැපයුම එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය වැඩි නොවන අවස්ථාවක, එහෙම නැත්නම් නිෂ්පාදනය යම් ස්ථාවරව තිබෙන අවස්ථාවක මුදල් ප්‍රමාණය වැඩිවීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය ඇති කරනවා. එක කොහොමටවත් ලංකාවට ගැලපෙන් නැහැ. ලංකාවට එහෙම එකකුත් නැහැ. එහෙම තිබ්බත් ඒක ලංකාවට කිසිම ආකාරයකින් යොදාගන්න බැහැ. අනිවාර්යෙන්ම මුදල් අච්චු ගැසීම සිද්ධවෙන්නේ. උද්ධමනය සිදුවීම.

    මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ, ගොවියන්, රාජ්‍ය සේවකයන්, කුඩා ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි ආර්ථික අර්බුදයකට පත් ව තිබෙන බවය.

    අයවැයෙන් විවිධාකාර වක්‍ර බදු පනවමින් ආදායම වැඩි කර ගැනීමට ගන්නා බදු ප් රතිපත්තිය වෙනස් කරලා ඉහළම ධනපතියන්ට බදු සහන දුන්නේය.

    “රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට බරක් වෙලා කියන මුදල් ඇමැති ත් හිටපු ආණ්ඩුවෙන් ලක්ෂ නමයක රාජ්‍ය සේවකයන්, ලක්ෂ පහළොව දක්වා වැඩි කළා.” අමනෝඥ විදිහට තම පාක්ෂිකයන්ට රැකියාවල් දෙන තම පාක්ෂිකයන්ගේ දරුවන්ට රැකියාවල් දෙන මුවාවෙන් කිසිම විද්‍යානුකූල පදනමක් නැතිව රාජ්‍ය පුළුල් කළේ රාජපක්ෂ ආණ්ඩුව බව ද හෙතෙම පෙන්වා දෙයි.

  • රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට

    රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට

    ඉහළ ඡායාරූපය – හිටපු කුමරිය නිව්යෝර්ක් වෙත පැමිණි දර්ශන ජපානයේ විකාශය වූ ආකාරය

    ජපානයේ හිටපු කුමරියක වන මාකෝ, සිය නව සැමියා වන කෙයි කොමුරො සමග එක්සත් ජනපදයට පැමිණ තිබේ. මාකෝ රජ පවුල අත්හැරියේ රාජකීය පෙළපතකට අයත් නොවන සමාන්‍ය වැසියකු හා විවාහ වීම හේතුවෙනි.

    විශ්වවිද්‍යාලයීය පෙම්වතුන් වූ මෙම යුවල පසුගිය මාසයේ විවාහ වූ අතර, ඔවුන් පසුගිය ඉරිදා උදෑසන එතරම් උත්සවශ්‍රියක් නොමැතිව ටෝකියෝ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේ ය.

    කොමුරො නිව්යෝර්ක්හි නීතිඥ ආයතනයක සේවය කරන අතර, ඔවුන් ඒ නගරයෙන් මහල් නිවාසයක් කුලියට ගැනීමට නියමිත ය.

    ජපන් නීතියට අනුව, රාජකීය පවුල්වල කාන්තාවන් “සාමාන්‍ය වැසියකු” සමග විවාහ වූ විට ඔවුන්ගේ රාජකීය තත්ත්වය ඔවුනට අහිමි වේ.

    මාකෝ කුමරිය සිය පෙම්වතා කෙයි කොමුරෝ සමග
    මාකෝ හිටපු කුමරිය කෙයි කොමුරෝ සමග

    මෙම යුවළ පිටත්වීමේ පර්යන්තය හරහා ගමන් කරන විට පොලිසිය සහ ගුවන් තොටුපල ආරක්ෂක අංශ විසින් දැඩි ආරක්ෂාවක් යෙදී තිබුණි. යුවල, ඔවුන් පිටව යන අයුරු වාර්තා කිරීමට එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් 100ක් පමණ පසුකර ගිය නමුත්, ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදුණි.

    ජපානය තුළ විකාශනය කෙරුණු දර්ශනවල දැක්වෙන්නේ නිව්යෝර්ක් වෙත පැමිණි යුවල ආරක්ෂක නිලධාරීන් සමග ගුවන්තොටුපොළ හරහා ඇවිදගොස්, පිටත නවතා තිබූ වාහනයකට නැගී පිටත්ව යන ආකාරය යි.

    ඔවුන් නිව්යෝර්ක් වෙත පැමිණෙන බවට බොහෝ කලෙක සිට කටකතා පැතිර ගියේ ය. විවාහ වන විට සිය සැමියාගේ නම ගත් මාකෝ, නිව්යෝර්ක් නගරයෙන් රැකියාවක් සොයා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත්, මෙම යුවලගේ සැලසුම්වලට පසුගිය මාසයේ දී බාධා ඇතිවුණේ, කොමුරො නිව්යෝර්ක් ප්‍රාන්ත නිතීඥ විභාගයෙන් අසමත් වූ බව ජපාන මාධ්‍ය වාර්තා කිරීමත් සමග ය. එම ප්‍රාන්තයේ නීතිඥයකු ලෙස කටයුතු කිරීම නම්, මෙම නිතීඥ පරීක්ෂණ සමත් විය යුතුය.

    කොමුරෝ දැනට නීති ලිපිකරුවෙකු ලෙස සේවය කරයි.

    අලුත විවාහ වූ යුවලගේ එක්සත් ජනපද සංක්‍රමණය, ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීයයන් වන මේගන් මාකල් සහ හැරී කුමරු සමග සැසඳීමට හේතු වී ඇත. මෙනිසා ඔවුන්ට “ජපානයේ හැරී සහ මේගන්” යන අන්වර්ථ නාමය පටබැඳී තිබේ.

    වසර හතරකට පෙර මෙම යුවල ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම ප්‍රථම වරට හෙළිදරව් කළ විට සැලකිය යුතු විරෝධයකට මුහුණ පාන්නට ඔවුනට සිදුවිය. ඔවුන්ගේ සම්බන්ධය ඕපාදූප ටැබ්ලොයිඩ් පුවත්පත්හි අවධානයට ලක්වී ඇත්තේත්, මතභේදයට තුඩුදී ඇත්තේත්, කොමුරොගේ මව ඇගේ පෙර පෙම්වතාගෙන් ගත් ණයක් ආපසු නොගෙවා හැරි බවට ප්‍රකාශ වීමත් සමග ය.

    මෙම මාධ්‍ය අනාවරණය, කුමරියට පශ්චාත් කම්පන ආතති ආබාධයක් ඇති කිරීමට හේතු වූ බව රාජකීය මැඳුරෙන් ප්‍රකාශ විය.

    පසුගිය මාසයේ දී මෙම යුවල විවාහ වූ විට ඔවුන්ට හිමි රාජකීය විවාහ මංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර මඟ හැරිය අතර, පවුලෙන් වෙන්ව යන රාජකීය කාන්තාවන්ට පිරිනැමෙන දීමනාව ද ප්‍රතික්ෂේප කළේ ය.

    රාජකීය විවාහ මංගල්‍යයත්, රාජකීය කාන්තාවන්ට පිරිනැමෙන දීමනාවත් යන දෙකම ප්‍රතික්ෂේප කළ පළමු රාජකීයයා වන්නේ මාකෝ කුමරිය යි. හිටපු කුමරිය නරුහිතෝ අධිරාජ්‍යයාගේ ලේලියකි.

    bbc

  • ශ්‍රී ලංකාව ගැන කළ ප්‍රකාශයට චීනය ඇමෙරිකාවට යළි ගොරවයි

    ශ්‍රී ලංකාව ගැන කළ ප්‍රකාශයට චීනය ඇමෙරිකාවට යළි ගොරවයි

    උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත්කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන තරගය මධ්‍යයේ තවත් මතගැටුමක් නිර්මාණය වී ඇත.

    මෙම තත්ත්වය උද්ගත වූයේ, චීන මහජන විමුක්ති හමුදාව (PLA) හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳව පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් අනතුරුවයි.

    පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක්

    පෙන්ටගනය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අනාවරණය කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

    චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම වාර්තාව සකස්කර තිබේ.

    එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවයි.

    ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 13ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව අමෙරිකානු වාර්තාවේ සඳහන් ය.

    එහි දැක්වෙන්නේ, චීනය තමන්ගේ නාවික, යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බවයි.

    පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක්

    චීනයේ ජාතික හා ආරක්ෂක උපාය මාර්ග

    පෙන්ටගන් වාර්තාවට අනුව, චීන උපායමාර්ගය වන්නේ 2049 වර්ෂය වන විට “චීන ජාතියේ මහා පුනර්ජීවනය” සාක්ෂාත් කර ගැනීමයි.

    එය, බීජිංහි අධිකාරීවාදී පද්ධතියට සහ ජාතික අභිලාශයන්ට වඩාත් වාසිදායක වන ලෙස ජාත්‍යන්තර පිළිවෙල සංශෝධනය කිරීම, අමෙරිකානු ගෝලීය බලපෑම සහ බලයට සමවන ලෙස හෝ අභිබවා යාම මෙන්ම, ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක හවුල්කාරීත්වය සහ අමෙරිකානු සන්ධාන විස්ථාපනය කිරීම මඟින් සිදුකෙරේ.

    චීනය සිය ආරක්ෂක ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අභිලාෂයන් සුරක්ෂිත කිරීමයි. චීනයේ මිලිටරි උපායමාර්ගය “ක්‍රියාකාරී ආරක්ෂාව” වන සංකල්පය මත පදනම් වේ.

    දළ වශයෙන් මිලියන දෙකක පමණ සාමාජිකයින්ගෙන් යුත් නිත්‍ය බලකායන් ඇති චීන විමුක්ති හමුදාව සිය හැකියාවන් නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට උත්සාහ කරමින් ඇතැයි පෙන්ටගනය පවසයි.

    ඒ, ඒකාබද්ධ බලවේගයක් ලෙස ගොඩබිම, ගුවන් සහ සමුද්‍ර මෙහෙයුම් මෙන්ම අභ්‍යවකාශය, ප්‍රතිඅවකාශය, ඉලෙක්ට්‍රොනික යුද්ධ (EW) සහ සයිබර් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම උදෙසායි.

    චීන නාවික හමුදාව

    පෙන්ටගනයට අනුව චීනයේ මහජන විමුක්ති නාවික හමුදාවට (PLAN) සංඛ්‍යාත්මකව ලොව විශාලතම නාවික හමුදාව යි. චීනය සතුව ඇති නැව් සහ සබ්මැරීන සංඛ්‍යාව දළ වශයෙන් 355 කි.

    චීන නාවික හමුදා සබ්මැරීනවලට දිගු දුර ගොඩබිම් ඉලක්ක වෙත නිරවද්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති බවද අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙයි. තවද චීනය සබ්මැරීන විනාශ කිරීමේ (ASW) යුද හැකියාවන් සහ ආරක්ෂාව සඳහා නිපුණතා වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බවද පෙන්ටගන් වාර්තාවේ සඳහන් වෙයි.

    චීන න්‍යෂ්ටික ශක්තිය

    පෙන්ටගන් වාර්තාව අනාවරණය කළේ, ඉදිරි දශකය තුළ චීනය සිය න්‍යෂ්ටික බලය, නවීකරණය, විවිධාංගීකරණය සහ පුළුල් කිරීමට අරමුණු ඇති බවයි.

    2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් චීනය සතුවනු ඇති බවත්, 2030 වන විට අධිබල බෝම්බ 1,000ක් චීනය සතුවනු ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන් ය.

    චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දක්වන පෙන්ටගන් වාර්තාවට කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා ඇත.

    ට්විටර් පනිවඩයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ “සොරෙකු විශ්වාස කරන්නේ හැමෝම සොරකම් කරන බව” යන්නයි.

    “ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා ඉවත් කර ගත්තද, එක්සත් ජනපදය විදේශයන්හි හමුදා කඳවුරු 750ක් පමණ පවත්වාගෙන යන” බවත් එහි දැක්වෙයි.

    “A thief believes everybody steals.” Despite the withdrawal of US military bases and troops from Afghanistan, the US continues to maintain about 750 military bases abroad. These bases are costly in a number of ways: financially, politically, socially, and environmentally.  https://t.co/OiOMvstPj7 pic.twitter.com/VFKrqo0Fe2— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 5, 2021

    “අංශ කිහිපයකින් මෙම කඳවුරුවල පිරිවැය අධික වේ: එනම් මූල්‍යමය, දේශපාලනික, සමාජීය සහ පාරිසරික වශයෙනි,” ට්විටර් පනිවිඩයේ වැඩිදුරත් සඳහන්

    කොළඹ චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටියේ, 2020 වර්ෂයේ අමෙරිකානු හමුදාව සතු විදෙස් කඳවුරු පිළිබඳ සිතියමක්ද ඉදිරිපත් කරමිනි.

    චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන චීන-ඇමරිකා ගැටුමේ පළමු අවස්ථාව නොවන අතර මීට පෙරද දෙපාර්ශවය අතර ට්විටර් පනිවිඩ ඔස්සේ වචන හරඹයක් පැවතිනි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2020 ඔක්තෝම්බර් මාසයේදී කොළඹට කළ සංචාරයකදී, චීනය ශ්‍රී ලංකාවේ “විලෝපිකයෙකු” ලෙස හැඳින්වූ අතර, එක්සත් ජනපදය “මිතුරෙකු” බව කියා සිටියේය.

    චීන තානාපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩමක්

    මේ අතරේ පසුගිය බදාදා (නොවැ. 10) මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත්කළ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, “ප්‍රජාතන්ත්‍රවාදය යනු කොකා කෝලා නොවේයැ”යි පැවසුවේ ය.

    චීන තානාපති කී. සෙන්හොංග් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? යනුවෙන් තම ටුවිටර් ගිණුමේ පළ කළ ප්‍රකාශයේ ඇතැම් කොටස් පහත පරිදි වේ:

    “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? එය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේ ද? රටවල් කිහිපයක් විසින් “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “මානව හිමිකම්” යන වචන මැදිහත්වීම් සිදුකිරීමට සහ සිය ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, ලෝකය කැළඹීමට සහ අවුල් කිරීමට නිතර භාවිතා කරන ආකාරය දකින විට, අපගේ මනසට ප්‍රශ්නාර්ථයක් නැඟේ.”

    “ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යනු මනුෂ්‍යත්වය විසින් බෙදාහදා ගන්නා වටිනාකම් ය. රටරටවල ඉතිහාසය, සංස්කෘතිය, සංස්ථාපිතයන්, සහ සංවර්ධන මට්ටම අනුව, ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද සහ එය ළඟාකර ගන්නේ කෙසේ ද යන්න ගැන එම රටවල ජනතාවට ස්වභාවිකම ඇත්තේ එකිනෙකාට වෙනස් අවබෝධයකි.”

    “ප්‍රජාතන්ත්‍රවාදය යනු, ලොව පුරාම එක වට්ටෝරුවකට අනුව, එකම රසක් එන සේ නිපදවන කොකා-කෝලා නොවන බව මින් තීන්දු වෙයි.”

    “ප්‍රජාතන්ත්‍රවාදයට යන මාර්ගයන් ද එකිනෙකට වෙනස් ය. එය රටවල සුළුතරයකට වෙන්කර ඇති වරප්‍රසාදයක් නොව, සිය පොදු ගමනාන්තය කරා ගමන් කරන්නේ කෙසේ ද සහ කුමන මාර්ගය ඔස්සේ ද යන්න තීරණය කිරීමට මිනිසුන්ට ඇති නීත්‍යානුකූල අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු අලංකාරයට ඇති සැරසිල්ලක් නොව, මිනිසුන් මුහුණපානා ගැටලු විසඳීමට ඇති මාර්ගයකි.”

    “ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන අතර, චීනය කිසිවිටෙකත් එයටම ආවේණික වූ ලක්ෂණ ඇති සිය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංවීම නවතන්නේ ද නැත. විවිධ ශිෂ්ටාචාරවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධය පුළුල් මනසකින් යුත් ඉවසීම ධෛර්යයමත් කිරීමේ, සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගේ අධ්‍යයනයන්ට ගරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල්වල ජාතික කොන්දේසි මත පදනම්ව ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලන ක්‍රම ගොඩනැංවීම සඳහා ඔවුන් හා ගනුදෙනු කිරීමට චීනය කැමැත්තේ ය…”

    බී.බී.සී. සන්දේශය ඇසුරිනි

  • සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

    මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

    ‘ බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43ක් පමණයි. ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු නිසයි. කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බලනොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසයි.

    රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍යයි. වසර 51ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තායි. සියයට 19 ක් ගුවන් යානා තෙල් නිපදවනවා. මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නැති බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකියි. දිගු ගමන් සඳහා පමණයි ගුවන් යානා තෙල් ලබා ගන්නේ. ඒ නිසා බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළා.

    ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කරයි. ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහළ මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී තිබෙනවා. බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති වන්නේ නැහැ. වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙනුයි මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති වුණේ දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රට තුළ තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

  • රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

    රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

    කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

  • ‘ජන බලවේගය කොළඹට: කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

    ‘ජන බලවේගය කොළඹට: කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

    ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය.

    බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18ක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේය.

    උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.

    මේ අතර සමගි ජනබලවේගය පක්ෂය විසින් ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝණයට සමගාමීව කඩුවෙල, නවගමුව, මාළඹේ, සහ අතුරුගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්හී උද්ඝෝෂණ නොපවත්වන ලෙසට නියෝග කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (15) ආඥාවක් නිකුත් කළේය.

    ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කඩුවෙල, නවගමුව, තලංගම, මාළඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීමකට අනුවය.

    1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) (3) (5) වගන්ති ප්‍රකාරව මෙලෙස ආඥාවක් නිකුත් කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන්, සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකටය.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

    කොවිඩ් මේ මොහොතේ පාලනය වෙලා තියෙනවද කියන එකටත් වඩා කොහොමද මේ තතත්ත්වය ඇති වුනේ කියන එක තමයි අපිට වැදගත් වන්නේ. ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් වාර්තා වෙන දත්ත අනූව ජනගහනය අධික ප්‍රධාන දිස්ත්‍රික්ක වල පමණක් මෑත කාලයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කොවිඩ් ආසාදනය වෙලා වගේ පේන නිසා කොවිඩ් පැතිරීම විශාල වශයෙන් පාලනය වෙලා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.

    මේක තාවකාලික තත්ත්වයක්. හැදිච්ච අයට ආපහු කොවිඩ් හැදෙන්නේ නෑ කියලා තහවුරු වෙලා නෑ. එන්නත් ගහපු අයට කොවිඩ් හැදෙන්නේ නෑ කියල තහවුරු වෙලත් නෑ. ඒ වගේම A-30, Delta+ වගේ එන්නත් ප්‍රතිරෝධි කොවිඩ් රැලි දැනටමත් ලොව පුරා පැතිරෙමින් තියෙනවා. හොයා ගත්ත සහ ඉදිරියේදී සොයා ගන්න අළුත් ප්‍රභේද ඇති වෙන එක කෝවිඩ් වල සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි දැනටමත් දන්නවා. ඒනිසා මේ තාවකාලික කොවිඩ් විරාමය ඇතුලේ අපි සියල්ල අතෑරලා වැඩ කරන එක හරියට වතුර රත්වෙන තුරු කකුළුවා දිය හැලියේ නටමින් ඉන්නවා වගේ එකක්.

    කවුද මේවට වගකියන්න ඕන කවුද මේවයින් බැට කන්නේ?

    බැලූ බැල්මට කොවිඩ් පාලනය වෙලා කියලා හිතුවට ඒක රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමානයි. නමුත් අපි සෞඛ්‍ය වෘත්තිකයෝ විදියට කල්පනා කරනවා නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපතිවරයා, රජය කොවිඩ් පාලනය වෙලාද කියල බලද්දි ඒ වගේ සරල උත්තරයකින් සෑහීමකට පත්වෙන්න බෑ. එහෙම සරල උත්තරයක් ඔලුවෙ තියාගෙන රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න එකෙන් රටම අමාරුවේ වැටෙනවා. මතක තියාගන්න ඕන කාරණය තමයි අවසානයේදී දුක් විඳින්නේ ඔය වැරදි තීරණ ගන්න අය හෝ මහජන මුදලින් නඩත්තු වෙන ගමන් තීරණ නොගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න අය නොවේ කියන එක

    කොවිඩ් කියන්නේ ලංකාවේ සමාජගත වෙච්ච වසංගතයක් ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන. හැබැයි ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන දත්ත සහ තොරතුරු නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක ස්වේච්ඡා සේවාවක් නෙමේ. ඒ වෙනුවෙන් මහජන මුදලින් පඩි නඩි වරප්‍රසාද දීලා විශාල නිළධාරීන් සහ වෘත්තිකයන් පිරිසක් නඩත්තු කරනවා. සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඒ අය ගන්න ඕන තීරණය නොගන්නව නං හෝ ප්‍රමාද වෙලා ගැනීම නිසා රටේ වසංගතය යලි යලි හිස ඔසවනව නං බේරගන්න පුළුවන් එක ජීවිතයක් හරි අහිමි වෙනවනං ඒක සාපරාධී ක්‍රියාවක්. එලෙස පරිපාලකයන් වැඩ නොකර සිටීමෙන් සිදුවන හානිය මනින්න අවාසනාවකට අපේ රටේ ක්‍රමවේදයක් නැති වුනත්, දියුණු රට වල මේවා දඩුවම් ලැබිය යුතු වැරදි.

    කෝවිඩ් පාලනය කරන්න මිනිස්සුන්ට වගකීමක් නැද්ද?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු ගොඩාක් අය අපි දකිනවා උදේ හවා පොඩි එහා මෙහාවක් ගිය ගමන් ජනතාවට බැනලා ජනතාවගේ පිට වරද පටවලා අත පිහිදා ගන්න තත්ත්වයක්. හැබැයි මිනිස්සුන්ට කොවිඩ් විද්‍යාත්මකව කියව ගන්න අවශ්‍ය තොරතුරු ටික දෙන්නේ නැතිව රසායනාගාර වල පරීක්ෂණ ටික වත් කරන්නේ නැතිව රෝගය පුරෝකථනය කරල ඇත්ත අදහසක් රට තුල නිර්මාණය කරන්නේ නැතිව ජනතාවට එහෙම නිකම්ම බනින එකේ තේරුමක් නෑ. රටේ හැම පුරවැසියෙකුටම ලෙඩ රෝග ගැන විද්‍යාත්මකව කියව ගන්න හැකියාවක් නැහැ. ඒක කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ මොහොතේ ඒක කරන්නේ නැතිව මහජනතාවට බැන බැන ඉන්න එක එක්තරා විදියක ඛේදවාචකයක්. අපි කියන්නේ මේ අඩු පාඩුව නිසාම කෝවිඩ් යලි හිස ඔසවන එක වලක්වන්න බෑ. හැදිච්ච අයට ආයේ කොවිඩ් හැදෙන දවස වෙනකොට එන්නතේ බලය නැති වෙන කාලය වෙන කොට අළුත් ප්‍රභේද එන කොට නැවත කෝවිඩ් පැතිරෙරෙනවා. හැබැයි සැලසුම් සහගතව වැඩ කරොත් ඒක රැල්ලක් විදිහට විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්.

    අපි මෙහෙම කියන්නේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් විද්‍යාත්මකව කියවගන්න තියෙන තැන් වුවමනාවෙන්ම වලක්වපු තැන් ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙන නිසා. කොවිඩ් පාලනය වෙලාද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන හරිම උත්තරය නම් අපි තවම ඒක විද්‍යාත්මකව කියවල නෑ කියන එක තමයි. අපි එහෙම කියවන්න උත්සහ කරලත් නෑ, එහෙම කරන පාටක් පේනනත් නෑ.

    එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගතව වැඩකරන්නේ නැද්ද?

    සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම සැළසුම් සහගතව වැඩකරන්නේ නැහැ කියන්න හේතු ගණනාවක් පෙන්නල දෙන්න පුළුවන්. එකක් අහඹු පරීක්ෂණ සහ නියැදි පරීක්ෂණ වුවමනාවෙන්ම සිදු නොකරන එක. මේක සමාජගත වෙච්ච වසංගතයක් නිසා ලෙඩේ තියෙනව කියල තමටන්ම දැනිල හෝ සැක හිතිල රෝහලට එන කිහිප දෙනෙකුගේ පරීක්ෂණ කරල ලැබෙන දත්ත වලින් මේ වසංගතය කොහොමටවත්ව විද්‍යාත්මකව කියව ගන්න බෑ. ඒ ක්‍රමයට අනූව අපි 80% – 90% ආසාදිතයෝ මඟහැරලා තමයි වසංගතය කියවා ගන්නේ. එහෙම ගන්න තීරණ කිසිසේත්ම නිවැරදි තීරණ වෙන්නේ නෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම කරන්නේ අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ කරන්න පහසුකම් හෝ මුදල් නැති නිසා නෙමේ. පැහැදිලිවම කිව්වොත් වුවමනාව නැති නිසා සහ හැමෝගෙම අදහස් සළකා බලල හරි දේ හරි වෙලාවට කරන්න හිත හදා ගන්න බැරි උද්දච්ච පාලනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙලා ගෙන තියෙන නිසා.

    රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට ඔයාලටත් බැරිද මීට වඩා දෙයක් කරන්න.

    අපි, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ රට පුරා කරල දීමේ වගකීම කරට අරගෙන ඒකට අවශ්‍ය ජංගම රසායනාගාර කිහිපයක් ඉල්ලන්නේ කාලාන්තරයක ඉඳලා. හැබැයි ඒඅවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කිසිවෙක් මැදිහත්වුනේ නෑ. මේ ගැන අපි ආයතන ගණනාවකට ලිව්වාම සමහර සමාගම් එකඟවෙලා තියෙනවා මිලියන 80ක් විතර වටින ජංගම රසායනාගාර කිහිපයක් නොමිලේ දෙන්න. ඒක කොහොමත් කරන්න දෙන්නේ නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච සිතුවිල්ල කෝවිඩ් වසංගතයටත් වඩා කොච්චර බරපතලද කියනව නං. නොමිලේ දෙන බස්රථ ටිකවත් මේ වැඩේට යොදව ගන්න සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අවසරයක් නැහැ. කැබිනට් ඇමතිවරයා ඒකට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාන්න නියෝග කරලත් තවම ඒ වැඩේ වෙලා නැහැ. සමහර වෙලාවට ඔහු ජනාධිපතිතුමාට කියනව ඇති සල්ලි ඉතුරු කරන්න තමයි මම එහෙම කරන්නේ කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ වැරදි තීරණ නිසා රටට, ආර්ථිකයට, ජන ජීවිතවලට වෙන හානිය රුපියල් වලින් ගණන් හදල මේ නිළධාරීන්ට පෙන්නල දෙන්න කියලා. ඒ උදාහරණයම ඇති වසංගතය විද්‍යාත්මකව තේරුං ගන්න අපේ රටට බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගැනීම සඳහා

    මොකද්ද මේ ගුවන් මගීන්ගේ “On arrival” පීසීආර් කරන්නේ නෑ කියන කතාව

    නැවත කෝවිඩ් රැල්ලක් ඇති වෙන්න අදාල වෙන තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි නව ප්‍රභේද සහ අළුත් ආසාධිතයන් ගුවන් තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළුවීම. වර්ධනය වෙමින් පවතින කොවිඩ් රැල්ලට ඒක මූලිකම හේතුවක් උනා වෙන්නත් පුළුවන්. ඉදිරියේදී මේක තවත් භයානක තත්ත්වයකට පරිවර්තනය වෙන්නත් පුළුවන්. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත්ම රෙගුලාසි නිසා රටට ඇතුළු වෙන බහුතරයක් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නෑ. එන්නත්කරණය මඟින් රෝගය වැළඳීම පාලනය කල නොහැකිය කියන එක පැහැදිලිව සනාථ වෙලා තියෙද්දී විදේශයක සිය පැමිණෙන එන්නත් ගහපු අයට පරීක්ෂණ සිදු කිරීම අත්හිටෙව්වා. ඔවුන් හරහා A-30 එන්නත් පුළුවන් Delta+ එන්නත් පුළුවන්, අපි දන්නේම නැති එකක් එන්නත් පුළුවන්.

    හැබැයි අවසනාව කියන්නේ ඒ අය පරීක්ෂාකරන එක නැවතිලා තියෙන්නේ ඒ සඳහා උපරිම පහසුකම් ගුවන් තොටුපල පරිශ්‍රයේ උපරිමයෙන් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය නීති මඟින් එහෙම කරන එක වැලැක්වුයේ මෙම රසායනාගර පහසුකම් පිළිබඳ මනා දැනුමක් ඇතිව. මේ තීරණය විතරක් සලකල බැළුවත් ඇයි එහෙම කරන්නේ, මොකද්ද ඒකෙන් ඇති වාසිය කියන එක පිළිබඳව අඩුම තරමේ ජනාධිපතිවරයාවත් සළකා බලන්නේ නැති එක ගැන අපිට හරි පුදුමයි. සමහරු පෙන්නන්න හදනවා පීසීආර් පරීක්ෂණ කරන එක සංචාරක ව්‍යාපාරයට බාධාවක් කියලා, හැබැයි සංචාරකයෝ විතරක් නෙමෙයි අපේ රටේ විදේශ ශ්‍රමිකයෝ පවා ගෙනල්ලා පීසීආර් පරික්ෂණය දඩමීමා කරගෙන දින සති ගණන් හෝටල් වල බලෙන් රඳවාගෙන ගසාකමින් සිටින කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණය ගත්තේ නෑ. දැං අපිට පීසීආර් පරීක්ෂණය පැය 2ක් 3ක් ඇතුලත දෙන්න පුළුවන් රසායනාගාර දෙකක් ගුවන් තොටුපල පරිශ්‍රයේ තිබියදී මේ විදියට කිසිඳු පරීක්ෂාවකින් තොරව කොවිඩ් ආසාදිතයන් රටට ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරෝතු වෙන්නේ මොන වගේ කෝවිඩ් පාලනයක්ද කියන එක පැහැදිලි වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ වැරදි තීන්දු සහ ගතයුතු තීන්දු නොගෙන සිටීම නිසා මේ කෝඩිඩ් වසංගතය අනවශ්‍ය ලෙස යලි යලිත් හිස ඔසවනවා කියලා

    මොනවද ඔයාලගේ යෝජනා?

    අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ කොව්ඩ් පාලනය සඳහා සූදානම් හැමෝගෙන්ම ඉල්ලන්නේ නැවත රට වසා තැබීමකට මෙහායින් මේ මතුවෙමින් තිබෙන වසංගතයේ ප්‍රවණතාවය වලක්වා ගැනීම සඳහා සංවේදී වෙන්න කියලයි. මේ සඳහා අඩුම තරමින් රට පුරා අහඹු සහ නියැදි පරීක්ෂණ වහාම ආරම්භ කරන්න, රටට ඇතුළු වන සියළු පුද්ගලයන් පරීක්ෂා කිරීමට නොහැකි වන අයුරින් දාල තියෙන රෙගුලාසි කඩිනමින් ඉවත් කරන්න, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට හෝ තීරණ ගන්න ප්‍රධාන බලධාරීන්ට අවම තරමින් මාසයකට සැරයක් විද්‍යාත්මකව එකතු කරගත්ත දත්ත මත පදනම් වුනු වසංගත විශ්ලේෂණයක් සහ පුරෝකථනයක් අඛණ්ඩව ලබා දෙන්න, ඒකට අවශ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට බාධා කරන්නේ නැතිව ධනාත්මකව එක කරන්න පුළුවන් නිළධාරියෙකු යටතට මේ යාන්ත්‍රණය පවරන්න. එහෙම කලොත් අඩුම තරමින් වසංගතය පැතිරෙන එක වලක්වන්න බැරි වුනත් අළුත් රැල්ලක් ඇති වෙන ස්ථානය කල්තියා හඳුනා ගැනීමෙන් අවම තරමින් රටම ලොක් ඩවුන් කිරීම වෙනුවට නගරයක්, ප්‍රදේශයක් හෝ ආයතනයක් ලෝක් ඩවුන් කරල විශාල රැලි ඇති වෙන එක වලක්වා ගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. එහෙම නැති වුනොත් දෙසැම්බරය වන විට බලෙන්ම තව රැල්ලක් හදා ගෙන ආපහු රටම ලොක් ඩවුන් කරල මිනිස්සුන්ගේ සහ රටේ ආර්ථිකය විනාශ කරල ජීවිත ගණනාවක් බිලි දීල. ඒ මිනිස්සුන්ටම බැන බැනා ඉන්නවා හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වන්නේ නැත.

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

  • දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය.

    දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන රට වලින්  ලොකු ළුෑණු ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගසා අඩු මුදලට අලෙවි කිරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

    කාබනික වගා ක්‍රම්ය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දේශීය ලොකු ළුෑණු වගාව ආරම්භ කළ ද එහි අස්වැන්න අලෙවි කර ගැනීමට යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පාකිස්තථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ලූණු විිශාල වශයෙන්  ගෙන්වා  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට අසූවක් පමණ වෙළඳසැල්වල ගොඩ ගසා ඉතා අඩු මුදලකට අලෙවි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම් නිසා තමන්ට ඉදිරියේදී දේශීය ලොකුළ ලූනු වගාවෙන් ඉවත් වීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පාකිස්ථානයෙන් ගෙන්වා ඇති ලොකු  ලොකු ළුැණු කිලෝවක් රුපියල් එකසිය 110 – 115 ත් අතර මිලකට අලෙවි කරන බව ද ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ලොකු ළුෑණු රුපියල් 160 ක මිලකට අලෙවි කරන බවද අනෙකුත් රටවලින් ගෙන්වන ලද ළුෑණු රු 110 සිට 120 දක්වා අලවි කරන බව  පෙන්වා දෙන ගොවීන් දේශීය ලොකු ළුෑණු සඳහා රුපියල් 130 ක 180ක මිලක්  ගොවීන් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් තම ලොකු ළුෑණු මිලදී ගැනීමකින් තොරව අඩු මුදලට ඇති පකිස්තානයෙන් ගෙන් වූ ළුැණූ මිලදී ගැනීම සිදු කරන බව ද දේශීය ලොකු ළුෑණු ගොවියෝ පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුැණු ගෙන්වන බොහෝ ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වා ඇති ළුැණූ වල මිල අඩුවීම නිසා ඒවා ට ඉල්ලුම පවතින බවය.

    ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ළුැණු සහ පාකිස්තානයෙන් ගෙන්වා  ඇති ළුැණු වලට    ඉල්ලුමක් පැවැතියද දේශීය ලොකු ළුෑණු සඳහා ද ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බවද ඇතැම් තවත් ව්‍යාපාරිකයන් පිරිසක් අප සමග පැවසූහ.

    කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු වගා කළ ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ දින ගණනාවක් තම දේශීය ලොකු ළුෑණු අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව ද තවත් ඕනෑතරම් නිෂ්පාදන ගබඩාවල, තම නිවෙස් වල ගොඩගසාගෙන සිටින බව දේශීය ලොකු ළුෑණු ගොවීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    දේශීය ලොකු ළුෑණු මෙන්ම අනෙකුත් වගාවන් සඳහා කාබනික පොහොර නිර්දේශ කොට රසායනික කිසිදු ද්‍රව්‍යයක් දේශීය වගා කරන සියලු වගාවන්ට  රසායනික පොහොර හෝ කෘමි නාශකයක් යෙදීම කින් තොරව වගා කෙරෙන ලෙස උපදෙස් ලබා දී රජය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මෙරට දේශීය වගා කරන බෝග  නිෂ්පාදන වෙළඳපොළට එද්දී කිසිදු සොයා බලමින් තොරව විදේශ රටවල වගා කරන  ආහාර ද්‍රව්‍ය මෙරටට රැගෙන එන්නේ කාබනික රසායනික හෝ කුමන  ආකාරයකට වගා කළ ඒවා ද යන්න සොයා බැලීමකින් තොරව බවත් ආහාරයට ගැනීමට පවා නුසුදුසු කන්ටේනර් පෙට්ටි වල ඇති ළුැණු තොග මෙරටට ගෙන්වා ජනතාවට ආහාර සඳහා ලබාදීම සිදුකරන බවද දේශීය ලොකු ළුෑණු වගාකරුවෝ චෝදනා කරති.

    දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික ප්‍රජාව ද දේශීය ගොවීන් ආරක්ෂා කිරීම් සඳහා බව පවසමින් ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළඳසැල් ලබාගෙන එහි අරමුණු පවා වෙනස් කොට වෙළෙඳ  ස්ථාන පාකිස්ථානය, ඉන්දින්දියාව වැනි අනෙකුත් රටවල ගොවීන්ගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට දඹුල්ල පත්කොට ඇතැයි ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට හැත්තෑවක් පමණ මේ වන විටත් විදදේශීය රටවලින් ගෙන්වා ඇති අල, ළුෑණු සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා වර්ග රැසක් ගොඩ ගසා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් අප මේ පිළිබඳවව විමසීමේ දී කියා සිටියේ විවෘත වෙළඳපළ නිසා ඕනෑම භාණ්ඩයක් ගෙන්විත්  අලෙවි කිරීම්ට හැකි හැකියාව පවතින බව ය. ඒ අනුව  පාකිස්ථානය සහ අනෙකුත් රටවල් ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියන් සමග ලොකු ළුෑණු ගෙන්වා අලෙවි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    දඹුල්ල ආර්ථථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුෑණු, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ එම්. අයි. එම්. කෙයාස්  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ඉන්දියාවේ සිට ලංකාවට ලොකු  ළුෑණු කිලෝවක් ගෙන්වීම සඳහා 165ක මුදලක් ද පාකිස්ථානයෙන් ලංකාවට ලොකු ළුණු ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 135ක මුදලක්ද ඕලන්ද ළුෑණු කිලෝ එකක් ගෙන්වීමේදී රුපියල් 150ක මුදලක් ද  තුර්කියෙන් ලොකු ළුණු ගෙන්වීමේදී රුපියල් 130ක මුදලක් වැය වන බව ය.

    කෙසේ වෙතත්  දේශීය ලොකු ළුෑණු ගොවීන් ප්‍රශ්න කර සිටින්නේ රුපියල් එවැනි වැඩි මුදලක් වියදම් කොට මෙරටට ලොකු ළුෑණු ගෙන්වා  රුපියල් 110 ක අඩු මුදලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විදේශීය ලොකු ළුෑණු අලෙවි කරන්නේ කෙසේද යන්නය.

    එ සේ නම් මෙම ලොකු ළුැණු කන්ටේනර් සමග වෙනත්  දේ  ලැබෙනවා දැයි දේශීය ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ප්‍රශ්න කළේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළඳ සැල් රැසක මේවන විට පාකිස්තානය, තුර්කිය,  ඉන්දියාව, සහ ඕලන්ද රටවලින් ගෙන්වා ඇති ලොකු ළුෑණු තොග අලෙවි කිරීම සිදු කෙරෙන නිසා අප එම වෙළඳ සැල් වලට ගොස් විමසීමක් කළේමු.

    එම ලොකු ළුෑණු  අලෙවි කිරීම සහ මිල උස් පහත් වීම සම්බන්ධයෙන්ය එම වෙළඳ සැල් පවත්වාගෙනගෙන යන සියලු දෙනාම මෙන් කියා සිටියේ තමන් එම  ලොකු ළුෑණු විදේශ රට වලින් ගැන්වීමක් සිදු නොකරන බවත් වෙනත් අතරමැදි කණ්ඩායමක් ගෙන්  කොමිස් පිට අලෙවි කිරීම සිදු කරන බවය.

    තවත් පිරිසක් කියා සිටියේ පාකිස්ථානයේ සිටින ව්‍යාපාරිකයන් මෙරට තම වෙළෙඳ සැල්වලට ලොකු ළුෑණු ඒවා ඒවා අලෙවි වීමෙන් පසු ඔවුන්ගේ ගිණුම් වලට පකිස්ථානයට මුදල් යැවීම සිදු කරන බවය.

    මුදල් වියදම් කිරීමකින් තොරව විදේශීය ලොකු ළුෑණු තමන් අලෙවි කරන බවත් මෙම වෙළෙඳුන් පැවසූහ. කෙසේ වෙතත් මෙම සෑම වෙළඳසැලකම  දේශීය එළවළු, පලතුරු අලෙවි කිරීම සඳහා රජය සමග ගිවිස ගෙන වෙළඳසැල් ලබා ගෙන තිබෙන බවත් හෙළිදරව් විය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් දෙකට බෙදාගෙන විදේශීය රටවල  ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බව ද තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. ඉදිරියේදී කළමණාකරන භාරය තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ඒ මහතා කීවේය. කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු ගොවියාට සාධාරණයක් ඉටු කරදීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන බවද සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?

    අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?

    2022 අය වැය – පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

    ඉබ්බාට පියාසර කිරීමත්  රාජපක්ෂලාට රාජ් පාලනයත් කළ නොහැක

    ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්‍රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය.

    මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි. ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත.

    අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි.

    ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද?

    එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත.

    2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය.

    බැංකු පද්ධතිය විනාශ කිරීම

    රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන  සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය.

    2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත.

    එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්‍රියාප්‍රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධිඅවධානම් තත්ත්වයට ගොදුරු වී තිබේ.

     

    VAT වෙනුවට පිරිවැටුම් බදු

    සමාජ සංරක්ෂණ දායක මුදල් නමින්  පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින්  ‘පිරිවැටුම’ මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම ‘එකතු කළ අගය’ මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්‍රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත.

    මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත.  රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ.

    අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි.

    මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම්රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟකරගතහැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක.

    මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ.

    අපට අවශ්‍ය වන්නේ මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිඟුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි.

     

  • කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළි

    කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළි

    එන්නත් ලබාදුන්නත් දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව කඩිනමින් පාලනය නොකළ හොත් ඉදිරියේදී රට නැවත බරපතළ අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවති.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ COVID රෝගීන් රෝහල් ගත කිරීමේ සුළු වැඩිවීමක් පවතින බවයි.

    “මෙය ඇත්ත වශයෙන්ම අනතුරු ඇඟවීමේ සංඥාවක්. තත්වය නරක අතට හැරීමට පෙර අපි එය පාලනය කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොවුවහොත්, මාස කිහිපයකට පෙර අප සිටි අඳුරු යුගයට රට අනිවාර්යයෙන්ම ඇදගෙන යා හැකියි, ”වෛද්‍ය හම්දානි අවධාරණය කළේය.

    එබැවින් රට පාලනය කරන තත්ත්වයකට පැමිණීමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

  • වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

    වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

    වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය. මොටර් රථ ආනයනය කිරීම සදහා මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ආටිගල මහතා සඳහන් කළේ‍ය.

  • බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

    බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සදහන් කළේය.

    බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව බව ද රන්වල මහතා පැවසීය. දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙට්‍රික් ටොක් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

  • ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ගල්නෑව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වැටකොළුවාගම  ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි.

    මෙම ගම් ගම්මානයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක්  විසින් පවත්වාගෙන යන පිකාස්පෝන්  පදනමේ නිවාස  ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ නිවාස නොමැති පවුල් තිහකට නිවාස ඉදි කිරීම ආරම්භ කෙරිණි.

    ඒ අනුව මීට පෙර අංග සම්පූර්ණව නිමකළ නිවාස 07ක්  ජනතාවට ලබා දුන් අතර තවත් නිවාස හයක් ජනතාවට අතරට ලබාදීම් නෙදර්ලන්ත ජාතික පීටර් වැන්ඩර් මහතා, පිකස්පොන් පදනම ශ්‍ර  ලංකා නියෝජිතවරිය වන ශාමනි  පානබොක්කේ  ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස භාරදීම සිදු කෙරිණි.

    අංගසම්පූර්ණ නිවාස ඉදිකිරීම් සඳහා ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන කණ්ඩායම්කට ලබා දී එම පිරිස ගල්නෑව වැටකොළුවාගම ගම්මානයේ රැඳී සිටිමින් මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිදු කළ බව පිකස්පොන්  පදනම කියයි.

    මෙම වැටකොළුවාගම ගම්මානේ ජනතාව අහස් දියෙන් ගොවිතැන් බත් කරගෙන දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් උග්‍ර ආහාර හිඟයකට ලක්ව සිටින බවද බොහෝ දෙනාට නිවසක් නොමැති වීම නිසා එක කුඩා නිවෙස් වල පවුල් කිහිපයක් ජීවත්වන බව පසුගිය කාලයේ ජනමාධ්‍ය හරහා හෙළිදරව් කෙරිණි.

    නෙදර්ලන්තයේ සිට නිවාස භාර කිරීම් සඳහා  මෙරටට පැමිණි  පිටර් වැන්ඩර් මහතා  මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ පැවසීය

    “වසර ගණනාවක් ඉඳලා මම ලංකාවට එනවා, ඒ වගේම ලංකාවට  ආදරය කරනවා ලංකාවේ මිනිස්සු හරිම සුන්දරයි. ඒ නිසාත් තමයි මම ලංකාවේ අසරණ පවුල් වලට  දරුවන්ට උදව් කරන්නේ. මම ලංකාවට උදව් කරන්න  ඇවිල්ලා  නෙදර්ලන්තයෙන් මට ලැබෙන විශ්‍රාම වැටුප පවා අඩු වෙලා තියෙනවා මම ගොඩක් කැපකිරීම් කළා ලංකාවේ ජනතාවට”

    “මම ලංකාවෙ ගෙවල් නැති අසරණ පවුල්  හාරසීයකට  පමණ දැන් නිවාස හදලා ඉවර කරලා තියෙනවා. ඒ ජනතාවට  භාර කරලා තියනවා. ඒ වගේම පාසල් රැසක් ඉදි  කරල දීලා තියනවා තවත් විශාල සේවාවන් ඉටුකළා.”

    ‘වැටකොළුවාව    ගම්මානය  පිළිබඳව  මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ ප්‍රවෘත්තිය අපේ  පදනම දැකලා තිබුණා. ඒ අනුව ඒ පුවත අපි දැක්කා මම කාංචනත් එක්ක  මේ ගම බලන්න ඇවිල්ලා මම තීරණය කළා මේ ගමේ පවුල් තිහකට නිවාස හදලා දෙන්න. ඒ අනුව තමයි දැන් නිවාස 13ක වැඩ ඉවර කළේ. කොරෝනා වසංගතය ආවේ නැත්නම් අපට මේවා කලින්ම හදලා දෙන්න තිබුණා. ඒත් මුළු ලෝකයම කොරොනා වලින් ආපස්සට ගියා නේ.”

    “අපි ඉදිරියටත්  නෙදර්ලන්ත  ජනතාවත් එක්ක එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. මට දැන් වයස  අවුරුදු 70 ක් වෙනවා පුළුවන් තරම් මම ලංකාවේ ජනතාවට වැඩ කරනවා.”

    මාධ්‍යවේදියෙක් හැටියට කාංචන කුමාර ආරියදාස මහතාගේ හෙළිදරව් කිරීම් රැසකට  මම උදව් කළා. ගලේවෙල පැත්තේ විශාල පාසලකුත් හැදුවා. ඒ වගේම අසරණ මිනිස්සු රැසකට අපට ඒ මාධ්‍ය වාර්තා නිසා පිහිට වෙන්න  හැකියාව ලැබුණා. අපේ  නෙදර්ලන්ත  ජනතාවගෙත්  පිකාස්පෝන්  පදනමෙ  ස්තූතියි අපි පුදකර සිටිනවා.”

    මෙම ගම්මානයේ ජනතාව කියා සිටියේ තම ප්‍රදේශයට ජනමාධ්‍ය වේදීන් පැමිණීම නිසා විශාල සහනාධාර ලැබුණු බවය. නිවාස ලැබුණු සතුට නිසා එම ගම්මානයේ බොහෝ දෙනෙක් ඉතා සංවේදී වූ අතර නෙදර්ලන්තයේ සිට පැමිණි පීටර් වැන්ඩර් මහතා එම පිරිස සනසලන්නට ද විය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ විශේෂ සංචාරයක

    රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ විශේෂ සංචාරයක

    පුටින්ගේ අපේක්ෂිත සංචාරයේදී ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇත.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුව සඳහා දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙනු ඇතැයි පැවසේ.

    සමුළුවට පෙර, ඉන්දියාව සහ රුසියාව මංගල ටුප්ලස් ටු (two-plus-two) විදේශ සහ ආරක්ෂක අමාත්‍ය සංවාදය පැවැත්විය හැකි අතර ඒ සඳහා දිනය සහ ස්ථානය තවමත් අවසන් කර නොමැත.

    දෙරට අතර විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වයට නව ජවයක් එක් කිරීමට ටූප්ලස් ටු සංවාදය හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

    රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

    ජූනි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ පැවති සමුළු මට්ටමේ රැස්වීම සඳහා ජිනීවා සංචාරයෙන් පසු මෙම වසරේ රුසියානු ජනාධිපති පුටින්ගේ දෙවන විදේශ සංචාරය ඉන්දීය සංචාරය වනු ඇත.

    S-400 ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු කණ්ඩායම මේ වසර අවසන් වන විට ඉන්දියාවට ළඟා වීමට නියමිතව තිබියදී මෙම සංචාරය සිදුවනු ඇත. 2018 වසරේදී පුටින් අවසන් වරට ඉන්දියාවට පැමිණ ඇත්තේ වාර්ෂික සමුළුව සඳහාය.

    කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් පසුගිය වසරේ වාර්ෂික සමුළුව පැවැත්වීමට නොහැකි විය.

    ඉන්දියාවට අදාළ රටවල් අතර මාරුවෙන් මාරුවට වාර්ෂික සමුළු මට්ටමේ යාන්ත්‍රණයක් ඇති එකම රටවල් දෙක ජපානය සහ රුසියාවයි.

    ඉන්දියාව සහ රුසියාව මේ වන විට වාර්ෂික සමුළු විස්සක් පවත්වා ඇත.

    2019 දී, අගමැති මෝදි ඈත පෙරදිග රුසියානු නගරයක් වන ව්ලැඩිවොස්ටොක් වෙත ගොස් ඇති අතර පස්වන නැගෙනහිර ආර්ථික සංසදයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ද විය. රුසියාවේ සංවර්ධනය සඳහා ඉන්දියානු ව්‍යාපාරික සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 1 ක ණය පහසුකමක් ප්‍රකාශයට පත් කළේය.

    indanewsnetwork

  • ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී

    ඇෆ්ගනිස්ථානයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ත්‍රස්තවාදය, රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පැන නගින තර්ජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

    ඇෆ්ගනිස්ථානය සහ එහි භූමිය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා නවාතැන් දීම, පුහුණු කිරීම, සැලසුම් කිරීම හෝ මුදල් සැපයීම සඳහා භාවිතා නොකළ යුතුය බව බදාදා ප්‍රකාශයට පත් කරන ලද රටවල් අටක ජාතික ආරක්ෂක උපදේශකයින් හෝ එම රටවල ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරුන් සහභාගී වූ දිල්ලි කලාපීය ආරක්ෂක සංවාදයේදී ප්‍රකාශයට පත් කෙරිණි .

    ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරන අන්දමට කලාපයේ රැඩිකල්කරණය, අන්තවාදය, බෙදුම්වාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ උවදුරට එරෙහිව සාමූහික සහයෝගීතාවයක් ඉල්ලා සිටින ‘ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශය’ ඒකාබද්ධ ප්‍රකාශයක් වේ .

    එය සියලු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දැඩි ලෙස හෙළා දකින අතර ඇෆ්ගනිස්ථානය කිසිදා ගෝලීය ත්‍රස්තවාදයට ආරක්ෂිත තෝතැන්නක් බවට පත් නොවන බව සහතික කිරීම සඳහා ත්‍රස්තවාදයට මුල්‍ය සැපයීම, ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීම සහ රැඩිකල්කරණයට එරෙහිව සටන් කිරීම ඇතුළු එහි සියලු ආකාරගේ ප්‍රථික්‍රියාවන් සහ ඔවුන්ගේ ප්‍රකාශනයන් තුළ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ දැඩි කැපවීම යලි තහවුරු කළේය. .

    ඇෆ්ගනිස්ථානයේ සියලුම ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන සහ රටේ ප්‍රධාන ජනවාර්ගික-දේශපාලන බලවේග ඇතුළුව ඔවුන්ගේ සමාජයේ සියලුම කොටස්වල නියෝජනයක් ඇති විවෘත හා සැබවින්ම ඇතුළත් රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ප්‍රකාශය පුළුල්ව අවධාරණය කළේය.

    රටේ සාර්ථක ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා සමාජයේ සියලුම කොටස් පරිපාලන හා දේශපාලන ව්‍යුහයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

    එය ස්වෛරීභාවය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අවධාරණය කරයි. සාමකාමී, සුරක්ෂිත සහ ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් සඳහා ශක්තිමත් සහය අවධාරනය කළේය.

    මෙම ප්‍රකාශය ඇෆ්ගනිස්ථානයේ ගොඩබිම් ඇතුළුව රටේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පැන නගින දුක් වේදනා පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ අතර කුන්දුස්, කන්දහාර් සහ කාබුල් හි ත්‍රස්ත ප්‍රහාර හෙළා දකී.

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනා සිහිපත් කරමින් දිල්ලි කලාපීය ආරක්ෂක සංවාදයට සහභාගී වූවන් සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රධාන කාර්යභාරයක් ඇති බවයි. එය රට තුළ අඛණ්ඩව පැවත්ම ආරක්ෂා කළ යුතු යන්න ය.

    කාන්තාවන්, ළමුන් සහ සුළුතර ප්‍රජාවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ නොවන බවට සහතික වීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර ඇත.

    සංවාදයට සහභාගී වූවන් ඇෆ්ගනිස්ථානයේ පිරිහෙමින් පවතින සමාජ-ආර්ථික සහ මානුෂීය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කළ අතර, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට කඩිනම් මානුෂීය ආධාර සැපයීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.

    ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර බාධාවකින් තොරව, සෘජුව සහ සහතික විය යුතු බවත්, එම ආධාර රට තුළ වෙනස් කොට සැලකීමකින් තොරව ඇෆ්ගනිස්ථාන සමාජයේ සෑම අංශයකටම බෙදාහැරීම සිදුවිය යුතු බවත් ඔවුහු නැවත අවධාරණය කළහ.

    කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම සඳහා ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට කැපවන බව ඔවුහු නැවත වරක් අවධාරණය කළහ. එසේම, ඔවුන් තම සංවාදයේ වැදගත්කම නැවත අවධාරණය කළ අතර අනාගතයේදී එකිනෙකා සමඟ කටයුතු කිරීමට එකඟ විය.

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ කලාපීය ආරක්ෂක සංවාදයට ඉන්දියාව, ඉරානය, කසකස්තානය, කිර්ගිස් ජනරජය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානයේ ජාතික ආරක්ෂක කවුන්සිලවල ජාතික ආරක්ෂක උපදේශකයින් / ලේකම්වරු සහභාගී වූහ.

  • 2022 අයවැයේ විශේෂතා සහ සම්පූර්ණ කතාව

    2022 අයවැයේ විශේෂතා සහ සම්පූර්ණ කතාව

    2022 වසරට නියමිය අයවැය ලේඛනය අද (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි.

    මේ අතර රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙන බවට ද මුදල් අමාත්‍ය පැවසීය. “සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා ආවේ නෑ. සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත් තරම් ලැබුණේ නෑ. විදේශ විනිමය ලැබීම් සීමා වුණා. අප රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වෙලා තිබෙනවා. මුළු ආදායමට සමාන ලෙස ණය වී තිබෙනවා. මහින්ද රජපක්ෂ රජය රට භාර දෙන විට ණය ප්‍රමාණය 7487ක්. අපිට රට භාරවන විට ලැබුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක්. අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලි ලෙස ගෙවීමට සිදුව තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    ශ්‍රී ලංකාව තුළ මේවන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවසීය. මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයක් වේ.

    අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහාය. මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද මුදල් අමාත්‍යවරයා සදහන් කළේය. විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත් බව ද අමාත්‍යවරයා පැවසීය

    2022 අයවැය ලේඛනයේ වැදගත් උපුටා ගැනීම් සහ සමස්ත අයවැය ලේඛනය පහත පළ වේ.

    • බැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට .
    • අනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා
    • නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.
    • සිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරයි
    • එක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක්.
    • විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්
    • පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක්
    • කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්
    • ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක්
    • වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක්
    • වතු නිවාස දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්සීයක්
    • සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තම ප්‍රදේශයේ සවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5 කින් වැඩි කීරීමට යෝජනාවක්
    • මාර්ග සංවර්ධන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන 20000 ක්
    • රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කරයි
    • රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් 25% කින් කපා හැරීමට පියවර
    • පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර  10 ක් දක්වා දීර්ඝ කරයි
    • සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා
    • 2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ.
    • කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
    • වගා නොකළ ඉඩම් තරුණයින්ට හා කාන්තාවන්ට වගා කිරිමට ලබා දෙයි

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/11/Budget-Sinhala.pdf” ]