ජීවිතයත් මරණයත් සටනක නියැලෙමින් මී කඩන නේපාල පාරම්පරික මී දඩයම්කරුවන්ගේ කදුළු කතාව…

Spread the love

ඔබ මේ දකින්නේ  මේ නේපාලයේ පාරම්පරික මී වද දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුවක් වන අතර ඔවුන් සෑම වසරකම දෙවතාවක් නේපාල කඳු ආශ්‍රීත ප්‍රදේශ වෙත ගොස් මී වද කඩති.

ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ සිය ආදි මුතු මිත්තන් මී වද කැඩීම සඳහා භාවිත කළ, අතින් වියන ලද ලණු ඉනිමං,දිගු උණ බට වැනි මෙවලම් වන අතර අඩි සිය ගණනක් ඉහළ ලණු ඉනිමගක එල්ලී, කඩන මී වදය යටින් විශාල කූඩයක් එල්ලා, දිගු උණ බටයකින් මීවද කඩන අයුරු සැබැවින්ම ඉතා ත්‍රාසජනක ක්‍රියාවක් බව මේ ඡායාරූප නරඹන ඔබට පැහැදිලි වනු ඇත.

නේපාලයේ වෙසෙන හිමලයානු මී මැස්සා ලොව විශාලතම මී මැස්සා බවද කියැවෙයි.ට ඔවුන් ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 3ක් පමණ විශාලය.