ලොහාන් රත්වත්තේ තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

ලොහාන් රත්වත්තේ තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්
Spread the love

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව වාර්තා වේ.

මේ අතර ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වුණා ද ? නැතහොත් ඔහුට ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නාද ? යන්න පිළිබද මාධ්‍ය ක්ෂේත්‍රයේ අවධානය යොමුව පවතී.

මේ සම්බන්ධයෙන් බී.බී.සී සන්දේශය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වුණේ … මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල වෙත පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බවය‘‘

කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ “ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය,” යනුවෙන් ජනතිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය‘‘ යනුවෙනි.

මේ අතර සිවිල් සමාජ සංවිධාන සහ තවත් බොහෝ පිරිසක් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි අපකීර්තිමත් හා නීති විරෝධී කටයුත්තක නිරත වූ ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ද නෙරපා හැර ඔහුට විරුද්ධව නෛතික පියවර ගත යුතු බවයි.