මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.
300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන් සියයට 15ක් පමණක් බව ද වෛද්‍ය නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ගම්වල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වඳුරන් විලෝපිකයන්ට මුහුණ නොදෙන හෙයින් සහ ආහාර බහුල ලෙස ලබා ගත හැකි හෙයින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඔහු හෙළි කළේ ය. මේ නිසා නගරවල සහ ගම්වල වඳුරන්ගේ පැවැත්ම සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බවත්, විලෝපිකයන් සිටින නිසා වනාන්තර තුළ වඳුරන්ගේ ගහනය ස්වභාවිකව පාලනය වන බවත් ඔහු පැවසීය.
මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතැම් සත්ව ගහන වැඩි වී ඇති බැවින් මෙම ගහනය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට කැපවූ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව ද වෛද්‍ය චමිත් නානායක්කාර අවධාරණය කළේ ය.
වෙනත් රටවලට සතුන් අපනයනය කිරීමෙන් හෝ මරා දැමීමට ඉඩ දීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව ඔහු පැවසීය. බොහෝ රාජ්‍ය ආයතන විවිධ විසඳුම් යෝජනා කර ඇතත් මෙම ක්‍රියාමාර්ග විද්‍යාත්මක ප්‍රවේශයන් මත පදනම් වී නොමැති බවට ද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදලි කරමින් වෛද්‍ය නානායක්කාර මෙසේ ද පෙන්වා දුන්නේ ය, “මිනිසුන් සත්ව වාසස්ථාන ආක්‍රමණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම වාසස්ථානවල ජීවත් වූ සතුන් එක්කෝ ජනාකීර්ණ ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබෙනවා. එසේම ඇතැම් විශේෂ සිය ගහනයේ වැඩිවීමක් මෙන් ම අඩුවීමක් වැනි ඔවුන්ගේ ගහනයේ වෙනස්කම් අත්විඳ තිබෙනවා. සත්ත්ව ගහනය තුළ සමතුලිතතාවයක් තිබිය යුතුයි. ආහාර දාමයේ කිසියම් ස්ථානයක් හිස් වුවහොත් හෝ නැති වුවහොත්, එය අසමතුලිතතාවයකට තුඩු දිය හැකි අතර එය අනෙකුත් විශේෂවල අධික ජනගහනයට හේතු විය හැකියි”
මෙම ගැටලුවලට මානුෂිකව විසඳුම් සෙවීම සඳහා විද්‍යාත්මක ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ආචාර්ය නානායක්කාර මහතා අවධාරණය කළේය. “වෙනත් රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සහ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සත්ව ගහනය පාලනය කිරීම සඳහා මානුෂීය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි” ඔහු පැවසීය.
උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාවයි. “ඉන්දියාවේ රිලවුන්ගේ විශාල ගහනයක් සිටිනවා. කෙසේ වෙතත්, ඉන්දියානු රජය ඔවුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට ඔවුන්ව මරා දැමීමට පියවර ගන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් විවිධ මාරාන්තික නොවන ක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් ලෙස, ඔවුන් බෝග හානි වැළැක්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග භාවිතා කරනවා. වඳුරන් බිය ගැන්වීම සඳහා බෙර සහ අධි-සංඛ්‍යාත ශබ්ද භාවිතා කරනවා. අපි එවැනි උදාහරණ වලින් ඉගෙන ගෙන වෙනත් රටවලින් උපදෙස් ලබා ගත යුතුයි. සතුන් මැරීම අවසාන විසඳුම විය යුත්තේ සියලු විද්‍යාත්මක හා මානුෂීය ක්‍රියාමාර්ග අවසන් වූ පසුව පමණයි. එසේ වුව ද, ආහාර දාමයට බාධා නොකිරීමට එය විද්‍යාත්මකව කළ යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, විශේෂයෙන්ම එහි වන සතුන්, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරන බව ද ආචාර්ය නානායක්කාර සඳහන් කළේය. “අපේ රටේ මෙම අංගය විනාශ කළහොත් එය විදේශ ආදායමට සෘජුවම බලපානවා,” ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රිලා ගහනය පාලනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ව්‍යන්ධිකරණ වැඩසටහනක් දියත් කර ඇත.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5ක් වෙන් කර ඇත. උගුල් භාවිතයෙන් අල්ලා ගන්නා ලද රිලවුන් ආරක්ෂිතව ගිරිතලේ සත්ව සංරක්ෂණ ඒකකය වෙත ප්‍රවාහනය කරන අතර එහිදී ඔවුන් වඳ භාවයට පත් කෙරේ. පසුව, රිලවුන් ඔවුන්ගේ මුල් ස්ථානයට මුදා හරිනු ඇත.