මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කේ.කේ.අයි.යූ අරුණකුමාර මහතා පැවසීය.
මහාචාර්ය අරුණකුමාර හෙළි කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගා කරන පොල් පැල සංඛ්‍යාව මිලියන හතක් දක්වා පමණක් පහත වැටී ඇති බවයි.
ගෝලීය වශයෙන්, රටවල් 92ක් පොල් වගා කරන අතර, ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටී. කෙසේ වෙතත්, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් සැලකිය යුතු ලෙස විශාල ප්‍රමාණයක් පොල් නිෂ්පාදනය කරයි.
“ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලයේ නවතම වාර්තාවකින් පෙන්නුම් කළේ මාර්තු සිට ජුනි දක්වා පවතින ඉහළ උෂ්ණත්වය පොල් අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපෑ බවයි. ශ්‍රී ලංකාවේ පොල් ගස් සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28 පමණ වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ඉක්මවන විට පොල් පරාගණය අඩු වන අතර එමඟින් අස්වැන්න අඩු වෙනවා”
මහාචාර්ය අරුණකුමාර සඳහන් කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් දෙරටේම පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉන්දියාවට සමාන අභියෝගවලට ශ්‍රී ලංකාව ද මුහුණ දෙන බවයි.
“රිලවුන් සහ දඬු ලේනුන්ගේ ගහනය හදිසියේ වැඩි වී ඇත්ද යන්නත් අපි සොයා බැලිය යුතුයි. කාලයත් සමඟ ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව සාක්ෂිවලින් පෙනී යනවා. රටේ පොල් අස්වැන්නෙන් 10%ක් පමණ රිලවුන්, දඬුලේනුන් සහ වෙනත් පළිබෝධකයන් විසින් විනාශ කරනවා. රිලවුන් ඔවුන්ගේ ජනගහනය පාලනය කිරීමට ස්වභාවික විලෝපිකයන් නොමැතිකම නිසා වැඩිම හානියක් රිලවුන් සිදු කරනවා” ඔහු තවදුරටත් පැවසීය.
සත්ත්ව ගහනය තුලනය කිරීමේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කළේය.
“මිනිසුන් ස්වභාවධර්මයට බාධා කරන විට, සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අනෙකුත් සත්ත්ව ගහනය පාලනය කළ යුතුයි. මේ ක්‍රමය වෙනත් රටවලත් අනුගමනය කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
2020 සහ 2021 වසරවල වගා කර ඇත්තේ 2012 වසරේ සිටුවන ලද පොල් ගස් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. පසුගිය වසර 25 තුළ පොල් වගාවට කැප වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.1ක් වූ අතර එහි වර්ධනයක් සිදු වී නොමැත. පොල් වගා කරන භූමි ප්‍රමාණය අඩුවීමට විවිධ සාධක බලපා ඇති අතර එය වත්මන් පොල් හිඟයට හේතු වී ඇත.
“වර්තමාන පොල් හිඟය හදිසියේ ඇති වූ ප්‍රශ්නයක් නොව පසුගිය වසර 25 ක වර්ධනයේ ප්‍රතිඵලයක්. ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වීමත් සමඟ හිඟය යම් ප්‍රමාණයකට අඩු විය හැකියි. කෙසේ වෙතත් ප්‍රමාණවත් පොහොර ලබාදී අස්වැන්න වැඩිකර ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි” ඔහු සඳහන් කළේය.
අනාගත හිඟතා විසඳීම සඳහා, මහාචාර්යවරයා පියවර කිහිපයක් ගෙනහැර දැක්වීය:
- රිලවුන් සහ දඬු ලේනුන් ඇතුළු පළිබෝධ ගහනය පාලනය කිරීම.
- වඩා හොඳ වගා පිළිවෙත් තුළින් පොල් අස්වැන්න වැඩි කිරීම.
- අනාගත ඉල්ලුමට සරිලන පරිදි නව පොල් ගස් සිටුවීම ඉහළ නැංවීම.
“මෙම ගැටලුව විසඳීම සඳහා සතත්ව ගහනය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා දිගුකාලීන උත්සාහයන් අත්‍යවශ්‍යයි” යනුවෙන් මහාචාර්ය අරුණකුමාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.