කාන්තා අයිතින් වෙනුවෙන් "ඇන්ටි රෝමියෝ" කරලියට…..

Spread the love

කාන්තා හිංසනයන් වැළැක්වීම සඳහා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විශේෂ පොලිස් බලකායක් පිහිටුවා තිබෙන අතර එය නම් කර ඇත්තේ ඇන්ටි රෝමියෝ ස්කොඩ් හෙවත් රෝමියෝ විරුද්ධවාදී බලකාය ලෙසයි. 

මෙම බලකායට අනියුක්ත පොලිස් නිළධාරීනියන් රාජකාරියේ යෙදී සිටින්නේ බොහෝ විට සිවිල් ඇඳුමින් සැරසි වන අතර කාන්තාවන් හිංසනයට ලක් වන අවස්ථාවලදි ඔවුන් වහාම ක්‍රීයාත්මක වි වි හිංසන සිදු කරන අයට පියවර ගන්නවා.
 
කෙසේ වෙතත් මෙම පොලිස් බලකාය සම්බන්ධයෙන් ඇතැම් අය තුළ පවතින්නේ විරෝධ ආකල්පයක්. 

කාන්තා හිංසනයන්ට කිසිසේත් අදාළ නොමැති පුද්ගලයින්ගෙන් පවා මෙම බලකායට අනියුක්ත නිළධාරීන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ඇතැම් කාන්තාවන්ද කියා සිටි අතර එය පුද්ගලයන්ගේ නිදහසට බාධාවක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.