Author: Editor[N]

  • මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි

    මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි

    පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
     
    පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව පාසල් ක්‍රිඩාංගනයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එම අවස්තාවේදි පාසලේ අදි ශිෂ්‍යයෙකු පැමිණ තමන්ට ඔහුත් සමඟ නර්ථනයේ යෙදෙන්නට ආරාධනා කල බව අදාල සිසුවිය පවසයි.

    කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කිරිමත් සමඟ අදාල තරුණයා මෙම සිසුවියට පහර දි ඇති බව එම සිසුවිය කියා සිටින අතර මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ එම පාසලේ 13වන ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබන මහව ගොඩපිටිය යාපහුව ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

    පහර දිම හේතුවෙන් අදාළ සිසුවිය දින 5ක් මහව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව අද(22) සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්ථා වන අතර තමන්ට මෙලෙස පහර දුන්නේ, මහව ප්‍රාදේශි සභා මන්ත්‍රිවරයෙකුගේ පුතෙකු බව ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් මහව පොලීසීය පැවසුවේ අදාල සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි.  

    පහර දීමට ලක්වු සිසුවිය සුවය ලබා ඇති බව පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ සැකකරුට මෙලෙස ඇප හිමිවී ඇති බවත් තම දියණිය ඒ මොහොත වන විටත් රෝහල් ගත වී සිටි බැවින් මෙම තින්දුව දේශපාලන මැදිහත් වීමක් මත සිදුවු බලපෑමක් බවට පහර කෑමට ලක් වු සිසුවියගේ මව පැවසයි.

  • පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

    පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

    මෙරට අධ්‍යාපනයේ අනාගතය දැන් තියා හඳුනාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් මේ වන විටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

    ඒ අනුව සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණෙන සෑම දරුවෙකුටම ටැබ් පරිගණකයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී තිබූ බවත් එය හදිසියේ නතර කිරීමට සිදු වුවත් යළිත් වතාවක් තමා එම යෝජනාව පසුගියදා ඉදිරිපත් කළ බවද සඳහන් කළා.

    ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට හැකි වෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන අතර මෙම ක්‍රියාමාර්ගය සමගින් මෙරට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුවෙනු ඇති බවද සඳහන් කරන ලදී.මේ අතර හය ශ්‍රේණියෙන් ඉහළ සියලූම පාසල්වලට පරිගණක බෙදා හැරීමට තවත් මාස කිහිපයක් ඇතුළත පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පුකාශ කරන ලදී.

  • මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති.

    මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි.

    අදාළ ගණදෙවි පිළිමය ගලින් නිමවා ඇති අතර, කලක් මුහුදු පතුලේ තිබි ඇති බවට ධීවර ජනතාව පවසති.මන්නාරම නගරයේ ධීවර වරාය ආසන්නයේ පැරණි මන්නාරම නගර පිහිටා තිබි ඇති අතර, අදාළ ප්‍රදේශයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද පුරාවිද්‍යා වටිනාකමින් යුතු භාණ්ඩ හමුවි ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.සොයාගත් ගණදෙවි පිළිමය මන්නාරම පුරාවිද්‍ය කාර්යාල නිළධාරීන්ට භාරදීමට නියමිත බව මන්නාරම ධිවරයින් පැවසීය. 

  • නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

  • නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

    අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලයේ නිරත වන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහනුවර පැවැති මාධ්‍ය හමුදවකදි ප්‍රකාශ කළේය.

  • කරවල ගඳින් සහ පොලිතින් වලින් දූෂණය වන සුන්දර මීගමු වෙරල තීරය

    කරවල ගඳින් සහ පොලිතින් වලින් දූෂණය වන සුන්දර මීගමු වෙරල තීරය

    1954 වසරේදී දෙවන එළිසබත් රැජින ලංකාවේ සංචාරයේදී මීගමු පුරවරයෙන් තෝරාගත් පැරණි තානායම (මේ වන විට ඇති නව තානායම) එවකට රැජිනද පැමිණි පිරිසද නවාතැන් ගත් බවට සාක්‍ෂි පවා ඇත.

    එවන් ප්‍රභූන් එදා සිට මේ දක්‌වා ආකර්ෂණය කරගත් විදෙස්‌ සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ එක්‌ සුන්දර වෙරළක්‌ ලෙස සුප්‍රකටව පුංචි රෝමය නමින් නම් පටබැඳි මීගමුව වෙරළ තීරය මේ වන විට වැනසී යමින් පවතී.

    ඒ තරමට දිනෙන් දින ලියලා වැඩෙන වෙරළ තීරයේ පිහිටුවා ඇති කරවල වාඩි සහ කරවල කඩ හා විවිධ අස්‌ථිර සුළු ව්‍යාපාර නිසාය. මේ නිසා සුන්දර මීගමුව වෙරළ අපායක්‌ බවට පත්වෙමින් පවතී.

    පස්‌වන ජෝර්ඡ් රජතුමාද මෙම තානායමේ නැවතී මීගමුවේ එවකට පැවැති රුවල් ඔරුවලින් විදහා පෑ අලංකාරවත් වූ සුන්දරත්වයේ සිරි නරඹමින් අනතුරුව මීගමුව යන නාමය ලෝක ප්‍රකට කර තිබුණි.

    නිදහසට පෙර සිට ලොව සුපතළව තිබූ මීගමුව වෙරළේ සුන්දරත්වය හේතුවෙන් විදේශිකයන් කොළඹ වරායෙන් සහ කටුනායක ගුවන්තොටුපළින් පිවිසීමෙන් අනතුරුව මීගමුව සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන තෝරා ගැනීමට පෙළඹී සිට ඇත්තේ අනාදිමත් කාලෙක සිටය.

    එවන් සුන්දර වෙරළේ අගය මුදල් කොළවලට සඟවා මේ වන විට දෙතුන් දෙනකුගේ හිතුවක්‌කාරී ක්‍රියාවන් නිසා මීගමු මුවදොර අපායට පිවිසෙන මුවදොරක්‌ බවට පත්වෙමින් පවතී.

    එලෙස සිදුවන්නේ මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරය පවත්වාගෙන යන මුදලාලිලා කිහිප දෙනෙක්‌ ගේ භුක්‌තියක්‌ බවට මෙම වෙරළ තීරය පත්කර ගැනීමය.

    එලෙස අනාවරණය කරන කීප දෙනෙක්‌ කනගාටුවෙන් පවසා සිටින්නේ මෙම උවදුර ගැන වගකිවයුත්තන් නෙත් යොමුවන්නේ නැත්නම් මෙය උඩුදුවන කාරණයක්‌ වෙනවාට සැකයක්‌ නොමැති බවයි.

    වෙරළ සංරක්‍ෂණ නීති රීති පවා මායිම් නොකර අනවසර ගොඩනැඟිලි ඉදිකර ගනිමින් සුළු හා මහා පරිමාණ වශයෙන් කරවල සඳහා කපනු ලබන මසුන්ගේ හිසේ කොටස්‌, කරමල්, බඩවැල් වැනි ඉවතලන කොටස්‌ සහ මත්ස්‍ය රුධිරය සහිත ජලය දිනකට විශාල ප්‍රමාණයක්‌ මුහුදට මුදාහරිමින් සිටී.

    වත්මනේ ඉතා ජනප්‍රිය ජාතික පාසලක්‌ වන මීගමුව නිවුස්‌ට්‌ටඩ් බාලිකා විදුහලද වෙරළ ආසන්නයේ පිහිටා ඇත.

    ඉහත කී කරවල වාඩි එම විදුහලේ පිටුපස වෙරළ තීරය දක්‌වා ඇත. මෙම විදුහලේ දූවරුන් ඉගෙනුම ලබා නිවෙස්‌ කරා ගිය පසුද ඔවුන්ගේ ඇඳුම්වලින් කරවල ගඳ නොනැසී පවතී.

    මෙම සුන්දර වෙරළ තීරයේ එක්‌ කොටසක මත්ස්‍ය වෙළෙඳ පොළක්‌ පවත්වාගෙන යන අතර එය පසුගිය රජය සමයේ එවකට විශාල මුදලක්‌ වැයකරමින් තනා වෙළෙඳුන් සන්තක කර දුන් අතර එය මේ වන විට කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇත.

    මේ ස්‌ථානයේ ප්ලාස්‌ටික්‌ පොලිතින් අපද්‍රව්‍යවලින් වෙරළ අපවිත්‍ර වීමද බහුල වශයෙන් සිදුව තිබේ.

    මේ අවට සුළුපන්න ධීවරයන්ගේ මත්ස්‍ය නෙළීමට අවශ්‍ය තරමට මුහුදේ මසුන් බෝවීමේ අඩුවක්‌ ඇති බවද සුළුපන්න ධීවරයන් කනස්‌සල්ලෙන් පවසා සිටියි.

    මෙම සියලුම ප්‍රශ්න ලේසියෙන්ම විස¹ ගැනීමට හැකියාවක්‌ ඇතිවන පරිදි නොබෝ දිනකදී විවෘත කිරීමට සැරසෙන කාමච්චෝඩේ දිවි නැඟුමෙන් ඉදිකළ පොළ තුළ ඉඩකඩ වෙන්වන්නේ නම් නිසි කළමනාකාරීත්වයකට අනුව මීගමුව සුන්දර වෙරළ රැක ගැනීමට හැකිවනු ඇත. වෙරළ සංරක්‍ෂණ පනතේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගෙන මහ නගර සභා සහ නාගරික සංවර්ධන පනත ක්‍රියාත්මක කර හිතුවක්‌කාරී කරවල ව්‍යාපාරිකයන් දෙතුන් දෙනා ඉදිකර ඇති සියලුම ඉදිකිරීම් ඉතා ලේසියෙන්ම ඉවත් කිරීමට හැකියාවක්‌ ඇති බව ප්‍රදේශවාසීහු කියති.

     

  • අනුරපුර පුදබිමේ දවල්ට සම්බාහනයේ රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් 14ක් අල්ලයි

    අනුරපුර පුදබිමේ දවල්ට සම්බාහනයේ රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් 14ක් අල්ලයි

    අනුරාධපුර නගරයේ පෙරේදා (19) සවස 5.00 සිට 8.30 දක්‌වා කාලයේදී සිදු කළ මෙහෙයුමකදී අයාලේ යන කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 

    මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන හතරක සේවය කරන අය බව අනාවරණය වී ඇති අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානවලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ නිරත වී අමතර ආදායමක්‌ උපයන බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

    මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවෝ අවුරුදු විසි දෙකත් පනස්‌ දෙකත් අතර වයසේ පසුවෙති. ඔවුන් අනුරාධපුර, කෑගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොළොන්නරුව, ගිරිතලේ මනම්පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

  • ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    අලි – මිනිස්‌ ගැටුම හේතුවෙන් පසුගිය වසර හතක කාලයේදී ගල්ගමුව හා යාපහුව මැතිවරණ බල ප්‍රදේශවල වල් අලින් 48 දෙනකු හා පුද්ගලයන් 29 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

    වල් අලින් විසින් වගා විනාශ කිරීම්, දේපළ හානි කිරීම්, නිවාස කඩා බිඳ දැමීම් වැනි සිදුවීම් ද ඉකුත් වසරවලදී විශාල වශයෙන් සිදුව ඇති බව ද එම සිදුවීම් ගණන පසුගිය අවුරුදු හතේදී 200 ඉක්‌මවා ඇති බවද සඳහන් ය. 

    අලි – මිනිස්‌ ගැටුම් විශාල වශයෙන් පවතින ප්‍රදේශ අතර වයඹ පළාතේ ගල්ගමුව ඉහළ ස්‌ථානයක පවතියි. මේ වනවිට ගල්ගමුව ප්‍රදේශය වාසභූමි කර ගනිමින් ජීවත්වන වල්අලි සංඛ්‍යාව 400 – 500 අතර ප්‍රමාණයක්‌ බව ප්‍රදේශවාසීහු පවසති.

  • මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී නීති විරෝධීව උපයාගත් මුදලින් කොළඹ කිංසි පාරේ නිවසක්‌ රුපියල් ලක්‍ෂ 270 කට මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ අංක 5 දරණ උසාවියෙන් වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය. 

    කොළඹ මහාධිකරණයේ අංක 5 දරන උසාවියේ දැනට නඩු විභාග කරන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වන අතර අභියාචනාධිකරණය ඊයේ කළ නියෝගයට අනුව මෙම නඩුව පිළිබඳ විභාගය කොළඹ මහාධිකරණයේම නඩු විභාග කරන වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ පැවැත්වෙනු ඇත.

    මෙම නඩුවට ප්‍රමුඛත්වයක්‌ දී හැකිතරම් ඉක්‌මනින් විභාගය අවසන් කළ යුතු යයිද අභියාචනාධිකරණය නියෝග කළ අතර එම නියෝගය කළේ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් තමාට සාධාරණ හා අපක්‍ෂපාතී නඩු විභාගයක්‌ අපේක්‍ෂා කළ නොහැකි බව කියා සිටිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනු කළ ඇපැල් පෙත්සම හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයට මෙම නඩුව ගොනු කරන ලැබුවේ නීතිපතිවරයා විසින් වන අතර ඔහුට නීත්‍යනුකූලව ලැබුණු ආදායම් මාර්ගවලින් එම නිවස එතරම් විශාල මුදලකට මිලදී ගත නොහැකි බව පවසමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත. කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්‌. තුරෙයිරාජා මහතා හමුවේ මෙම ඇපැල් විභාගය පැවැත්විණි.

    ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා අධිනීතිඥ කාංචන රත්වත්ත යන මහත්වරු, නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ පිට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

  • පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි.

    ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

    මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා  සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින්  කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා
    නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර් දහ අටක් අයත් ය. එමෙන්ම එම භූමිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදි පවති. ශ‍්‍රි ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ය.
    මේ තත් කාර්යය සිදු කිරීමේ දි එම ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද සහාය ද බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්  හා නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් සහාය ද අගය කළ යුතුය. එමෙන්ම මෙම භූමිය නිරවුල්ව මැන
    සකස් කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය.

    ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැන් වසර හැත්තෑවකි. කොල්ලුපිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙවැදි දැන් දශක
    හතරකි.

    පාර්ලිමේන්තුව පිහිටි භූමි භාගයේ ඓතිහාසික තතු විමසා බලන කල්හි පිටකෝට්ටේ බැද්දගානට ඔබ්බෙන් කොළඹ සිට සැතපුම් දහයක් පමණ නැගෙනහිරෙන් වූ ඓතිහාසික දියවන්නා ඔය මධ්‍යයේ පිහිටා ඇති
    හෙක්ටයාර් දහ අටක මනරම් භූමි භාගය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත්ය.

    දාහතර වන ශත වර්ෂයේ තුන් වන වික‍්‍රමබාහු පාලන සමයේ දී බටහිර වෙරළ තීරය ඔස්සේ රට අභ්‍යන්තරයට  එල්ල වූ ආර්ය චක‍්‍රවර්තීන්ගේ යුධ තර්ජනයට මුහුණ දීම සඳහා නිශ්ශංක අලකේෂ්වර සෙනෙවි විසින් එදා
    ජයවඩනගම නමින් හැඳින් වූ මෙම ප‍්‍රදේශයෙහි දියෙන් වට වූ ස්ථානයක බලකොටුවක් ඉදිකෙරුණු බව ඉතිහාස මූලාශ‍්‍ර වල සඳහන් වේ.

    1976 දී මෙරට කීර්තිමත් ජන නායකයන් දෙදෙනෙකු වූ ජේ.ආර්.ජයවර්ධන සහ ආනන්ද තිස්ස ද අල්විස් යන  මහත්වරුන් සොයා ගියේ සොඳුරු දියවන්නාව මැද පිහිටා තිබූ එම බලකොටුවේම පාදම යැයි මතයක් ද පවති.

    එලෙස අලකේෂ්වරලාගේ බලකොටුව ඇසුරෙන් රටේ පාලන මධ්‍යස්ථානය ගොඩනඟන්නට තීරණය කළ  ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සිය පක්ෂ මූලස්ථානය වූ සිරිකොත මන්දිරය තැනුවේ ද ඓතිහාසික කෝට්ටේ  දිය අගලක මායිම්ව පිහිටි අලකේෂ්වරලාගේ පැරණි සටන් පුහුණු මධ්‍යස්ථානය පැවති භූමියෙහි ම බවට ද සාක්ෂි තිබේ.

    ගාලු මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත‍්‍රින් සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි විණි. ඒ සමඟ ම  පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ද සංකීර්ණ විය. 1960 දශකයේ දී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව
    පළමුව පැන නැඟුණි. ඒ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන සමයේ දී ය. කථානායක සර් ඇල්බට් පීිරිස්  මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වන පරිදි කමිටුවක් 1967 අප්‍රේල් 04 වැනි දින
    ඒකමතිකව තීරණය කළේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් තැනිය යුතු බවයි. එය පැරණි පාර්ලිමේන්තු  ගොඩනැගිල්ලට සමාන්තර වන සේ බේරේ වැවට අනිත් පසින් ඉදි කළ යුතු යැයි යෝජනා විය.

    අනතුරුව 1970 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යවරිය එවකට පක්ෂ  නායකයන්ගෙන් හා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සකසන
    ලෙසට ඉල්ලා සිටින ලදී. එදා එම කටයුත්ත භාරව සිටියේ එඞ්වඞ් රීඞ් සහ බෙග් ආයතනයේ ජෙෆ්රි බාවා මහතාට වුවත් එම ව්‍යාපෘතිය ද අතරමග නැවතුණි.

    1976 දෙසැම්බර් මාසයේ දිනක වැලිකඩ ඊ.ඩබ්ලිව්. පෙරේරා උද්‍යානයේ පැවති මහජන රැළියක දී එවකට  එක්සත් ජාතික පක්ෂයෙන් කෝට්ටේ ආසනය සඳහා තරඟ කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා එදවස විපක්ෂ
    නායක ධූරය දැරූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් එක්සත් ජාතික පක්ෂය  බලයට පත් වූ පසු නව පාර්ලිමේනතු ගොඩනැගිල්ලක් ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දී ඉදි කළ යුතු බවයි.
    කෝට්ටේ නගරයේ පැවැති අතීත ශ‍්‍රි විභූතිය යළි ඇති කිරීම ද මෙම යෝජනාවේ තවත් අරමුණකි.

    ඒ අනුව 1977 මහ මැතිවරණය ජයගත් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මනරම් භූමියක  නව ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වූ පාර්ලිමේන්තුව පිහිටුවන ලදී. 1979 ජූලි මස 04 වැනි දින කෝට්ටේ
    පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය එවකට අග‍්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ලබාදුණි.

    එසේ වුව ද පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විධිමත් නිරවුල් පැවරුම් සහතිකයක් මෙතෙක් නොතිබිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ අද කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර  දීමට කටයුතු කළ  පැවරුම් සහතිකයෙන් ශ‍්‍රි ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට හා එම සංකීර්ණය සතු භූමි භාගයන්ට නිරවුල් නීත්‍යානුකූල අයිතයක් හිමි වනු ඇත. මේ අනුව රටේ නීති සකසන උත්තරීතර ආයතනය වන ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට භූමියේ නිරවුල් නීතිමය හිමිකම ජුනි 05 වන අගහරුවාදා සිට සහතික වනු ඇත.

  • නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ සිද්ධියේ සත්‍ය කරුණු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයකට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටී.
    “නකල්ස් කඳුකරයේ සංවේදී පරිසර කලාපයක්. ඒ වාගේම අපේ පරිසර සම්පතක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි අපි මාධ්‍යවේදීන් පිරිසක් එක්ක ඒ ප්‍රදේශයට යන්නේ. එහි ඇත්ත තොරතුරු අපි අදාළ අංශ  සමගත් සාකච්ඡා කරලා රටට හෙළි කරනවා” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. 
  • ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.

    ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරනවා සේම වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන අතර ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

     

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ 

  • බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (19) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
    වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස රිසාඩ් බද්යුදීන් මහතා කටයුතු කරන අතර මේ අනුව ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා පත්වී ඇත.
    මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. එම අවස්ථාවේදී බුද්ධික පතිරණ මහතා විදෙස් ගතවී සිටි බැවින් තමන්ට හිමි නියෝජ්‍ය ඇමැති ධුරයේ ඔහු ඊයේ (19) දිවුරුම් දුන්නේය.‍ෙ
  • තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද(20) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

    එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සිය ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවැවසීය.

  • 2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

    2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

     ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී ඇත. අවසන් වරට තොගයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේදී වන අතර අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.

    ඒ අනුව මේ වනවිට සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ වෙනත් ක‍්‍රමවේදයකට වන අතර ඒ  මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රයේ ඊට අදාළ රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රය වලංගු වන බවට මුද්‍රණය කිරීමෙනි.

    ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ එයද ඉතා අනතුරුදායක ක‍්‍රමයක් බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණය ඕනෑම පුද්ගලයෙකුට වුවද සිදු කළ හැකි වීමත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මෙවැනි මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත‍්‍ර පිළි නොගන්නා බවත්ය. ඒ හේතුවෙන් මගියාගේ අනන්‍යතාව පිළිබඳ ගැටළුවක් මතුවීමට ද ඉඩ ඇත.

    මෙවැනි ගමන් බලපත‍්‍රයක් සතු ශ‍්‍රී ලාංකික සංචාරකයෙකු  ඕනෑම ගුවන් තොටුපලක රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද එම රටවල ආගමන විගමන නිලධාරීන්ට අවස්ථාව පැවතීම හේතුවෙන් එම මගීන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවලදී අපහසුතාවට පත්වීමටත් ගුවන් ගමන ප‍්‍රමාද වීමටත් ඉඩ පවතින බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ සඳහන් කරයි. මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික පංතියට අයත් ගුවන් මගීන්ට වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර හා මැද පෙරදිග රටවලට අදාළ ගමන් බලපත‍්‍ර, ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර වර්ග අතර ජනප‍්‍රිය වර්ග දෙක වන අතර  සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ලබා ගන්නේ සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රයයි. මැද පෙරදිග කලාපයේ රටවලට රැකියා සඳහා යන පිරිස් පමණක් අනෙක් බලපත‍්‍රය ලබා ගන්නා අතර මාසිකව නිකුත් කරන සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර සංඛ්‍යාව 35,000කට ආසන්න වේ. පිටු 64කින් යුත් එහි වටිනාකම රුපියල් 7500ක් සහ මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරේ. පිටු 48කින් යුත් එහි වටිනාකම රුපියල් 2500ක් වේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතින අතර එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණකි. ඒ, මැද පෙරදිග රටවල ගුවන් ගමන් බලපත‍්‍රය මේ වනවිට සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රය ලෙස ද නිකුත් කිරීම හේතුවෙන්. 

    මෙම තොග අද දිනයේ ඇණවුම් කළ ද එහි ක‍්‍රියාවලිය සංකීර්ණ වීම හේතුවෙන් සියලූ රටවලට අදාළ බලපත‍්‍ර මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 05ක පමණ කාලයක් ගතවන බැවින් තවත් මාස කිහිපයකින් ශ‍්‍රී ලංකාව තුළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් උද්ගත වනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසයි.

    ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම අවදානම පෙන්වා දී තිබුණද රජයේ බලධාරීන් මෙතෙක් ඊට විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ඔවුන්ගේ අදහසයි.