Author: Editor[N]
-

2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි
ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී පැවැසීය.එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. -

සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා
අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින් එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය.සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. -

හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
වැටුප් ගැටළුව මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.
-

පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට
පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් දිලීප පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.
මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස් ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස් තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.
මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස් තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.
-

රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා
පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය 177 සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය.
මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක් ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස් රථයක දමා ගිය බවයි.
සමිමානයට අමතරව ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇත. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගත් අතර එම ජංගම දුරකථනයද ආපසු පීරිස් මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පොලීසිය විසින් තවත් විශේෂ කරුණක් අනාවරනය කර ගෙන ඇත.එනම් ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියකුත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන ඇති බවයි. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක් කර නොතිබිණි.
ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇති බව පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී ඇත.
-

2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

පසුගිය ජනාදිපති වරණයට එපිට මහමැතිවරණයේදී සිය මව(හේමා ප්‍රේමදාස එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත යවා ඔහු සමග එක්වීමට සිතූවත් සජිත්ගේ එම සිහිනය බොද වූයේ මහින්ද විසින් තව ටිකක් ඔහොම යනගම්න් පක්ෂෙ ඇතුලෙ බලය අල්ලගන්න ඊට පස්සෙ බලමු කියා හේමාට කිවූ නිසාය.ඉන් පසුබට නොවූ සජිත් තමා සමග සමීප තරුණ මන්ත්‍රී වරැ කිහිප දෙනෙක්ගේ මොල හෝදා සිරිකොත තුල කැරැල්ලක් ඇති කරේය.
දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ බලය පේන තෙක් මානයේ නොමැතිව සිටි අනෙක් මන්ත්‍රී ගොල්ලන්ද මේ අයුරින් සජිත්ව ගොනා කරගෙන මහින්ද ගැසූ ගැටයේ පැටලුණි.බලය තණතුරු තානන්තර මිල මුදල් පසුපස නොයන ශ්‍රේෂ්ට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සක්‍රීය මැදිහත් වීමෙන් එම කුමන්ත්‍රනය පරදවා එජාපය යලි ස්ථාවර නොකලෙ නම් 2015 එජාපයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.
අලු යට ගිනි තවම නිවී නැත.මේ දින වල එජාපය තුල හොල්මන් කරන්නේ එම අදුරු සෙවනැලිමය.ඒ 2020 දී ගෝඨා දිනවීම සදහා වන බව අමුතුවෙන් කියනන්ට දෙයක් නැත.
එක්සත් ජතික පක්ෂ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත්‍ර රත්නය වූ පමණින් සජිත් පොරක් නම් විමුක්තිලා නාමල්ලා ද පොරවල්ය.නිවාස දෙනවා දෙනවා යයි මොරගා කීවත් හම්බන්තොට පැත්තේ ගිහින් ඇසුවෝතින් ඒ මිනිසුන්ට දුන් නිවස ගැන කන පිරෙන්න අසාගත හැක.
පොරක් වෙන්න නම් වැඩ පෙන්නිය යුතුය.
එසේ නොමැතිව කැලේ ගිහින් ෆන් එකට අලි මරා හරියන්නේ නැත.උගත් බුද්ධිමත් එජාප පක්ෂිකයිනි මේ ඔබව පක්ෂයට සහ රටට අවශ්‍යම මොහොතයි….. කුමන්ත්‍රන වලට හසු නොවී දේශපාලනයේ පරිනතයින් සමග ඉදිරියට යමු.
-

අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට
ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.
-

හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන ඕන කෙනෙකුට වැඩ මවන්න පුළුවන්
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් වෙත රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවත් සීමා ගැන නොසිතා කළ හැකි දේ බොහෝ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර “තමාගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන වැඩ මවන්න පුළුවන් ඕන කෙනෙකුට. තමන්ට තියෙන ක්ෂේත්‍රයේ සීමාව නෙවෙයි හිතන්න ඕන. ඒ තුළ ඉඳගෙන ඒ කරන කටයුතු වගේම ඊට එහා දෙයක් හිතල කරන්නයි ඕන.” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. -

රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඊයේ (2) දින බැහැදුටු අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී. ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය,“රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු අතර අවුරුදු දෙකක කාලය තුළ විශාල කාර්යභාරයක් සිදුකළ නොහැකි බව අපට පෙනුණා. මේ කාලය තුළ වැරදි ක්‍රියාමාර්ගවල තවදුරටත් යෙදුණොත් ජනතාවට වගකියන්න සිදුවෙන නිසයි ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිමින් අපගේ කාර්යභාරය ඉටුකිරීමට අප තීරණය කළේ” -

ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්
ඉදිරි දින කිහිපය තුළ තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙක් අලුතින් පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.එහිදී එක් කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් සඳහා ඇමැතිවරු පත් කෙරෙනු ඇති බවත්මෙහිදී කැබිනට් අමාත්‍ය ධුරය සුළු ජාතික පක්ෂ නියෝජිතයකු සඳහා හිමිවනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.මිට අමතරව දැනට පුරප්පාඩු වී ඇති නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු තවත් ඇමැති ධුර කිහිපයක් සඳහා අලුතින් පත් කිරීමට නියමිතය. -

යාපනයේ “ආවා කල්ලිය” යලි හොල්මං කරයි
යාපනයේ ක්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලියේ බවට සැකකරන තරුණයන් දෙදෙනකු යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නැටුම් විෂය උගන්වන ගුරුවරියක පෙරේදා (30) දා සවස කඩුවලින් කපා තුවාල සිදු කොට පලා ගොස් ඇත.යතුරුපැදියකින් පැමිණ ගුරුවරිය කපා දමා ඇත්තේ ඇගේ නිවස තුළදීම වන අතර කඩුවලින් කැපීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.තුවාල ලත් ගුරුවරිය යාපනයේ කොකුවිල පළාතේ පදිංචිකාරියක වන අතර ඇය සේවය කරන්නේ කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ බවත් මෙම තරුණයන් දෙදෙනා ගුරුවරිය කඩුවලින් කපා දැමීමට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකාර තරුණයන් දෙදෙනා මේ අපරාධය සඳහා ගුරුවරියගේ නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය හා ඇගේ වයෝවෘද්ධ මව පමණක් බවත් පොලිසිය කියයි.මේ ප්‍රහාරය සඳහා පැමිණි තරුණයන් දෙදෙනාගේ ඡායාරූපයක් සී. සී. ටී. වී. කැමරාවක ආධාරයෙන් යාපනය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ. -

2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා
2018 අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 17028 ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති අතර ඒ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් ද වශයෙනි.ඒ අනුව 2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව සඳහන් වන අතර මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824 පෙබරවාරි මස රෝගීන් 469ක් මාර්තු මස රෝගීන් 371ක් අප්‍රේල් මස රෝගීන් 232ක් වාර්තා වී ඇත.ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි.එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය වැඩිදුරටත් පවසයි. -

අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. -

එජාප පසුපෙළ ගිනිගනී … වහාම අගමැති හමුවීමට ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකරන බව පසුපෙළ මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස්වී කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.ඒ අනුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය අද දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව භාරදීමට කටයුතු කරන බවද එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන අතර පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව වර්ජනය කර තිබිණි.පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බවත් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත. -

අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි
අරාබි ජාතිකයකු ලෙස වෙස් වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන මොහු අවුරුදු 57 ක් පමණ වයසැති අයකු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්‌වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදුන් බවත් බිංගිරිය පොලීසිය පවසයි. -

අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක්
දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේදීත්, ආණ්ඩු කිරීමේදීත් අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කලේය.මෙහිදී ජනාධිපතිවරයා හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීම ද සිදු කළේය.