විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04) වනවිට අගමැති සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසයි.    2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට පොලී ආදායමේ සීමාවකින් තොරව 5% ක වාර්ෂික බද්දක්

නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. බදු නිදහස්‌ සීමාවක්‌ ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක්‌ වන…
එජාපයේ 25කට වඩා රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙනවා

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක්‌ ඡන්දය දෙන්න සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි. “රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැන් තමන්ගේම…
උතුරේ වැසියන්ට අවුරුද්දට ඉඩම් තෑගි

යුද හමුදාව විසින් ප්‍රයෝජනයට ගත් ඉඩම් වලින් විශාල ප්‍රමාණයක්‌ සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමඟම උතුරේ වැසියන්ට ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 29 දා යාපනයේදී පැවැසීය. යුද හමුදාපතිවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර…
විශ්වාසභංගයෙන් රනිල් දින්නොත් සම්මුති ආණ්ඩුව එතනින් ඉවරයි

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කල අතර සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා…
රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාද විශ්වාසභංගය පස්‌සේ යන හින්දයි.

“ආණ්‌ඩුව මුහුණ පා තිබෙන මෙම අර්බුදය නිසා ජනතාව කලකිරී සිටිනවා ආණ්‌ඩුවට හැමදාම අහන්ඩ ලැබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගැනයි. ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි කියා ආණ්‌ඩුව නිතරම කතා බහ කරනවා. රටේ ප්‍රශ්න ගැන බලන්නේ නැහැ. රටේ ප්‍රශ්න…
මංගලගේ යෝජනා රටේ ස්වාධීනත්වය නැති කරනවා …. මංගලට එරෙහිවත් විශ්වාසභංගයක් ගේන්න ඕන

මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර ඇමැතිවරයා සම අනුග්‍රහය දැක්‌වූ 30.1 යෝජනාව නිසා මෙරට ස්‌වාධීනත්වය සහ ස්‌වාධිපත්‍යය නැති වී ඇති බවත්, එම නිසා ඔහුට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ආ යුතු බව රියර් අද්මිරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.…
සා/පෙ විශිෂ්ඨ සාමාර්ථ 9ක් ගත් සිසුවා අනතුරින් මරුට

යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය කොනේස්වරන් ගාරුසන් නැමති සිසුවා 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵලයන්යන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත. යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි මෙම සිසුවාගේ විභාග…
රනිල් එලවීමට නුවර සිට කොළඹට පා ගමනක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට සහය පළකරමින් ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගෙන නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කොට ඇත. අග්‍රාමාත්‍යවරයා විසින් ඒකාධිපතියෙකු ලෙස තම ගජ මිතුරු සමාගමට රටේ පොදු දේපළ හා රටේ වටිනා කියන මුල්‍ය ආයතන…
වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී තොරණ ප‍්‍රදර්ශණය තහනම්

වෙසක් සහ පොසොන් පොහොය දිනවලදීප‍්‍රතිපත්ති පූජාවට ප‍්‍රමුඛත්වය ලබා දීමට බෞද්ධ සැදැහැවතුන් පොළඹවාලීම සඳහා තොරණ ප‍්‍රදර්ශණය තහනම් කිරිමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසයි. වෙසක් පොහොය දිනයේදී කි‍්‍රයාත්මක කිරීම සඳහා යෝජනා සමූහයක් විහාරස්ථාන වෙත ලබා…
විශ්වාසභංගය පැරදවීමට එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඊයේ (29 දා) ඒකමතිකව තීරණය කර ඇත. විශ්වාසභංගය විවාදයට පසුදිනම එනම් 6 සහ 7 යන දිනවල පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටත් එජාප නායක අග්‍රාමාත්‍ය…
ෆේස් බුක්හි Partner Categories අවලංගු කරයි

Facebook සමාජ ජාල අඩවියෙහි Partner Categories යනුවෙන් වර්ගීකරණය කොට ඇති දැන්වීම් ප්‍රචාරණ ක්‍රමවේදය අවලංගු කරන බව Facebook ආයතනය පවසයි. මිල දී ගැනීමේ ක්‍රියාවලිය වැනි මාර්ග අපගත දත්ත එක්රැස් කර තම සේවා ලාභීන්ට සැපයීමට Experian සහ Acxiom වැනි ප්‍රමුඛ පෙළේ තෙවැනි…
විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන සමිබන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්න යන අයව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර…
සාමාන්‍යපෙල ප්‍රතිඵල නිකුත් වේ… ප්‍රථම ස්ථාන 6ක්

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk වෙබ් අඩවියට පිවිස නියමිත ස්ථානයේ විභාග අංකය නිවරැදිව ඇතුළත් කිරීමෙන් එම ප‍්‍රතිඵල ලබාගත හැක.   2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 6 ලක්ෂ 80,000කට වැඩි පිරිසක්…