Author: Editor[N]

  • අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාව සැකයි…

    අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාව සැකයි…

    පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායකයන් මෙසේ අදහස් පල කලහ.

    නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා

    මේ සියවසේ නෙවෙයි ලංකා ඉතිහාසයේම වෙච්ච විශාලතම තක්කඩිකම නැත්නම් හොරකම බැදුම්කර වංචාව සිදුවුනේ අපි ජීවත්වෙන  මේ කාලයේදීයි.  එහි අර්ජුන් මහේන්ද්‍රන් නැමැති සාධකය මිනිසුන්ගේ අවධානයෙන් ඉවත්කරන්න රජය විසින් විවිධ උත්සාහයන් දරමින් සිටිනවා. අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේදී දිගින් දිගටම විවිධ පාර්ශවයන් අගමැතිවරයාට චෝදනා ගෙන ආවා ඔහුව පත්කරන්නට එපා කියලා.

    නමුත් ඒ දිනවල නම් අගමැතිතුමන් ප්‍රසිද්ධියේ එතුමන් වෙනුවෙන් පෙනී සිටියා. මීට පෙර අවස්ථාවක අර්ජුන් මහේන්ද්‍රන් විදේශගත වීම පිළිබදව  පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්නකල අවස්ථාවේදී එතුමන් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් තමාට හමුවූ අවස්ථාවේදී විදෙස්ගත වී එන බවට පැවැසූ බවයි. අර්ජුන් මහේන්ද්‍රන්  උදයංග වීරතුංග මෙන් පැන ගියේ නැති බවයි. එදා එසේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කල අගමැතිවරයා මෙදා අර්ජුන් මහේන්ද්‍රන් විදෙස්ගතවීමෙන් පසු පවසන්නේ මොනවාද?

    අපට මතකයි නුවර දිගන සිද්ධීන් අතරතුර ආණ්ඩුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය බලපවත්වන තැනට මේ රජය කටයුතු ක්‍රියාත්මක කලා.  අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට පිවිතුරු හෙළ උරුමය පලමු නඩුව ගේනවා. මොකද මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වූ පුද්ගලයෙක්. මේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අපට සැක අගමැතිවරයාවයි .

    ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා දැක්වු අදහස්.

    අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කරළියට ඇවිල්ලා තියෙන වෙලාවේ දැන් අලුතෙන්ම පටන් අරගෙන තියෙන මාතෘකාව තමයි අගමැතිතුමාට විශ්වාසය පල කිරීම. කිරි ඇල්ල ඇමතිවරයා කියන විදිහට පළමු විනාඩි 15 තුළ අගමැතිවරයාට විශ්වාසය පළ කරපු මන්ත්‍රී සංඛ්‍යාව 85ක් කියලා. එතැනින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරුන්ගේ විශ්වාසය පල වේලා ද නැද්ද කියලා අද ප්‍රශ්නාර්තයක් බවට පත් වෙලා තියෙනවා. 85ට එහාට අගමැතිට විශ්වාසය පල කළේ නැද්ද?

    නමුත් පසුගිය වකවානුව තුල අගමැතිතුමා ගෙන ගිය වැඩ පිළිවෙළ අනුව නම් මේ රටේ ජනතාවට අගමැතිවරයාට විශ්වාසය පල කරන්නට හැකියාවක් නෑ කියන කාරණය අපි කියනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ 4වෙනිදා උදා වෙන්නේ අගමැතිවරයාගේ විශ්වාසය පල කිරීම කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා රකින්නේ ද? එක්සත් ජාතික පක්ෂය තම නායකයා රකින්නේ ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව රකින්නේ ද? නොයසේ නම් මේ රටේ ජනතාවට කන් දෙනවා ද යන ප්‍රශ්නයයි අප්‍රේල් 04 වෙනිදා ට විසඳා ගත යුත්තේ.

    මෙබඳු සන්දර්භයක් තුල අපි පැහැදිලිව ම කියනවා  මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය 29%කට බස්සලා පල කරපු විශ්වාසභංගය, මේ රටේ ජනාධිපතිවරයා මෙතෙක් ආර්ථික කටයුතු පාලනය කරමින් සිටි      අගමැතිවරයාගේ ආර්ථික පාලනය සියතට ගෙන කරපු මෙහෙයුම තුල මේ රටේ ජනාධිපතිවරයාටත් මේ රටේ ජනතාවටත් එරෙහිව මේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා කරයි ද කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා.

    ඉතින් මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන තව කුමන කතා ද? එතුමා තමයි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කෙරුවේ සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා වල ඡන්දය මාර්තු මාසයේ 31 වෙනිදා ට පෙර තැබීමට එතුමන් බලාපොරොත්තු වන බව. එතුමා දින වකවානු දුන්නා. එතුමා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළා. මාර්තු මාසයේ 22වෙනිදා වන විට පළාත් සභා සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න න්‍යාය පුස්තකයට ඇතුලත්වෙලා තිබුණත් මාර්තු මාසයේ 22වෙනිදා ඒ න්‍යාය පුස්තකය අනුව කටයුතු කළේ නෑ. අද මේ රටේ පළාත් පාලන ඡන්දය දවසින් දවස කල් දමලා වසර තුනකට ආසන්න කාලයක් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවහිර කරපු මේ ආණ්ඩුව දැන් පාළාත් සභා සීමා නිර්ණය කිරීම හරහා පළාත් සභා මැතිවරණය තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරමින් ඉන්න බව අපි මේ අවස්ථාවේ අපි සිහිපත් කරන් ඕනේ.

    අද ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වෙච්ච මනෝගනේෂන් ඒවගේම රවුෆ් හකීම්,වැනි සුලු ජාතික පක්ෂ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතන වල අත්හදා බලපු මෙ නියෝජන ක්‍රමය අසාර්ථක බව. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දාහතේ කල්පනා කරමින් ප්‍රශ්න වල ගැටෙමින් කොහොල්ල බබෙක් වගේ ප්‍රශ්න වල එතෙමින් ඉන්නවා මේ පිහිට වපු ජනතා සභාවක් ඉදිරියේ දී සංස්තාපණය කරන්නේ කෙසේද කියලා. අද දිනන පැත්ත නෙවෙයි පරදින පැත්ත පළාත් පාලන ආයතන වල ආණ්ඩු පිහිටනවා.  පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ක්‍රමය අද මේ විකෘතියක් බවට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය ඉදිරියට ගෙනියන්න එපා කියන කාරණය ආණ්ඩුවේ පාර්ශවකරුවනුත් විරුද්ධ පක්ෂයත් කරුණු දැක්වීම් මේ වේලාවේ දී සිදුවෙනවා.

    ඒ නිසා අපි ගෙදර යන ගමන් ඉන්න අගමැතිතුමාට කියනවා ඔබතුමා ගෙදර යන්න බලාපෙරොත්තුවෙන් ඉන්න වෙලාවේ ඔබතුමා පළාත් සභා ඡන්දය මාර්තු 31 වෙනිදා තියනවා කියලා කිව්වා. ඒකවත් හරියට කරන්න උත්සහ කරන්න සත්භාවයෙන් යුතුව කියලා.

  • රනිල් එලවන්න රංගේ සමඟ එජාප මැති ඇමති වරු 27ක්

    රනිල් එලවන්න රංගේ සමඟ එජාප මැති ඇමති වරු 27ක්

    අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හෝ ඡන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් කියා සිටියේය.

    අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශකර සිටින අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.

     

  • මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

    මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය යළි අද(27)  විභාගය ගැනීමට නියමිතය.
    අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන , නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් ඊයේද(26) විභාගයට ගන්නා ලදි.
    මෙහිදී  විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර බැවින් මෙය සාධාරණ නඩු තීන්දුවක් නොවන බව කියා සිටි අතර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව මත මරණීය දණ්ඩනයක් පැනවීම නීතියට පටහැනි බවත් එම දඩුවම් අහෝසි කර විත්තිකරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන මෙන්ද ඉල්ලා ඇත.

  • එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

    එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

    එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.

    ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත් නිසාවෙනි.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

     

  • පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

    පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

    කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි  කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් පවසා ඇත.

    එසේ පැමිණෙන මන්ත්‍රීවරුන්ට නිසි ගෞරව දක්විම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් එම ලිපියේ දැක්වෙයි

    1

  • සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

    සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

    පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක්‌ එක්‌ රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස්‌ මිල ගණන් අයකර ගැනීම නිසා බවත් මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක්‌ හෘද සැත්කමක්‌ සඳහා රෝගියකුගෙන් රුපියල් ලක්‍ෂ 23 ක්‌ අය කරගෙන තිබූ බවත් ඇමැතිවරයා කියයි.

    එසේ වැඩි මුදලක්‌ සැත්කම සඳහා අයකර ගත්තද එම රෝගියා සැත්කමින් පසුව මිය ගොස්‌ ඇති අතර සැත්කම සිදු කළ වෛද්‍යවරයා තමන්ට හිමි මුදල ලබා නොගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

     

  • රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි

    රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි

    මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක්‌ විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළ අතර ඔවුන්ගේ සුවදුක්‌ විමසීමෙන් අනතුරුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

    “අපි ඉතා වගකීමෙන් කියනවා දැන් වත් මේ රට තුළ ගොඩනැගෙමින් තියන බරපතළ ගණයේ සංස්‌කෘතික ආක්‍රමණය නතර කරන්න කියලා. සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව වහාබ්වාදී අන්තවාදයට ගොදුරු වෙමින් සිටිනවා. සාම්ප්‍රදායික කතෝලික ජනතාව ක්‍රිස්‌තියානි මූලධර්මවාදයට ගොදුරු වෙමින් සිssටිනවා. මේ රටේ හින්දු බෞද්ධ ජනතාව වහාබ්වාදී අන්තවාදීන්ට හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් යන දෙපිරිසටම ගොදුරු වෙමින් සිsටිනවා. ඒ නිසා තැන්තැන්වල විශාල ආතතියක්‌, විශාල අවිශ්වාසයක්‌, මේ ආගමික කොටස්‌ අතර ගොඩනැගෙමින් තිබෙනවා. අවාසනාවකට මේවා පාලනය කිරීමට හරි හමන් වැඩපිළිවෙලක්‌ නොමැති කම ගැන අපි ජාතියක්‌ විදියට කනගාටුවනවා. කොයි තරම් කාලයක්‌ එකිනෙකාට වෛර කරමින් අපි මේ ගමන යන්නද? එකිනෙකාගේ මුහුණ නොබලා විරසකව ද්වේශයෙන් අපිට මේ ගමන යන්න බැහැ. සිංහල, දමිළ හා මුස්‌ලිම් භේදයක්‌ නැතිව මේ රටේ පරිසරයක්‌ හදන්න, මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය පැත්තකට දාලා රටක්‌ හැටියට එකට හිටගන්න පුළුවන් පරිසරයක්‌ තමයි අප නිර්මාණය කරගත යුතු වන්නේ, එහෙම නොමැති වුව හොත් මේවා කෙළවර වෙන්නේ මහා ගැටුම් මැදින්. තෙල්දෙනිය හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට මහසෝන් බළකායේ අමිත් විරසිංහ වත් අනෙක්‌ තරුණයින් වත් නෙවේ අත්අඩංගුවට ගන්න ඕනේ, මේ රටේ නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය තුළ මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා රටේ වාර්ගික සංහිදියාව ඇති කරන්න. ජනවර්ග අතර ඇතිවෙලා තියෙන මේ ඝට්‌ටනය ඒ වගේම වාර්ගික කොටස්‌ අතර ඇතිවෙලා තියෙන ආතතිය දුරලන්න පමණක්‌ නොවෙයි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නත් මෙරට කරවපු සියලු පාලකයෝ අසමත් වුණා. එවැනි වටපිටාවක රටේ ඇතිවන බොහෝ නොසන්සුන්තාවලදී ජාතික සංවිධාන වෙනත් ආවේගකාරී තරුණ කොටස්‌ විවිධ කණ්‌ඩායම් සිතනව ජාතිය වෙනුවෙන් අපි කුමක්‌ හරි කරන්න ඕන කියලා. ඔවුන් යම් යම් දේ කරනවා ඉතින් අවසානයේදී ඒ අය අපරිමිත ලෙස අදුරදර්ශීව මේ කටයුතුවලට අත පෙවීමේදී නීතියේ රැහැනට හසු වෙනවා. අවසානයේදී ඒ අයගෙ දෙමම්පියන් හා ඒ පාර්ශ්වයන් පීඩාවට පත් වෙනවා.

    තෙල්දෙණිය හා මහනුවර ඇතිවූ සිද්ධීන් වලදී අපි දැක්‌කා පාලනයකින් තොරව මේ රටේ පොලීසිය හැසිරිච්චි ආකාරය, අපි ඉතා පැහැදිලිව කියනවා මේ මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්වලට මේ රටේ අගමැතිවරයා සෘජු ලෙස වගකිව යුතුයි කියා. ඒ සිද්ධිය වෙනකොට අගමැතිවරයා තමයි මේ රටේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා. තෙල්දෙණියේ සිට දිගන බලගොල්ල දක්‌වා කිලෝ මීටර් දා හතක ප්‍රමාණයක දේපළවලට හානි කරමින් පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණිs කණ්‌ඩායම් පහරදි තිබෙනවා. නමුත් අත්අඩංගුවට අරන් තියෙනවා මේ කිසිම දේකට සම්බන්ධ නැති මේ ඇවිලෙන ගින්න නිවන්න මැදිහත් වුණු තරුණයින් කීප දෙනෙක්‌. ඔවුන් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. විලි වසා ගන්න බොහොම ලැඡ්ජා සහගත ක්‍රියාවලියක ආණ්‌ඩුව නිරත වනවා. අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා.”

  • 2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි. 

    කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර ඇත.

     

  • නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා

    නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා

    පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත.
    ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර මේ  අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් පසුවෙයි.
  • මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

    මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

     මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති බවත් අවශ්‍ය විටදි එහි පත්‍ර වියළා සුරුට්‌ටු ඔතා පානය කරන බවත්, සැකකරු පවසා ඇතැයි පොලිසිය පැවසීය.
     

  • ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

    ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

    රුපියල් එක්කෝටි  තිස් ලක්ෂයක් වටිනා  ස්වර්ණාභරණ  තම ගමන් මල්ලක සඟවාගෙන  සිංගප්පුරුවේ සිට පැමිණි  ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක  ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර  ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 02.366 කි.

     සැකකරු ග්‍රීන් චැනල් හරහා  ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා

    ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා

    විෂ කෘෂි රසායන භාවිතයට ගෙන ගොවි ජනතාව මරා දැමීම ලෝකයේ අලුත්ම මිනී මරණ විධි ක්‍රමය වී ඇතැයි ද, එයට එරෙහිව යමින් ග්ලයිෆොසේට්‌නමැති පූර්ණ වල් නාශකය තහනම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්වූ නමුත් රජය ග්ලයිෙෆොසෙට්‌ තහනම ඉවත් කරන්නට කටයුතු කළහොත් කලින් පැවැති රජයට සිදු කළාක්‌ මෙන් මෙම රජයද ගෙදර යවන්නට කටයුතු කරන බවකන්තලේදී පැවැති වස විෂ නැති ගොවි සමුළුව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

    “වස විෂ නැති රටක්‌” ජාතික කෘෂිකාර්මික වැඩසටහන යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ වගා කරන ලද වස විෂ නැති කුඹුරුවල අස්‌වනු සමීක්‍ෂණයද මෙදිනට යෙදී තිබුණු අතර එහිදී වැඩිදුරටත් ගොවි සමුළුව අමතමින් රතන හිමියෝ මෙසේද පැවැසූහ.

    “මේ රජය යටතේ අපි ක්‍රියාත්මක වෙලා වැදගත් ක්‍රියා මාර්ග දෙකක්‌ ගත්තා. එකක්‌ පොහොර සහනාධාරය ගොවි සහනාධාරයක්‌ බවට පත් කරල ගොවීන්ගේ අතට පොහොර සඳහා මුදල් ලබාදීම. එයින් වස විෂ නැති පොහොර මිලදී ගන්න හෝ හදාගන්න අපි ගොවීන්ට අවස්‌ථාව ලබා දුන්නා. අනෙක්‌ කාරණය උග්‍ර විෂ පූර්ණ වල් නාශකයක්‌ වන ග්ලයිෆොසේට්‌තහනම් කිරීම.

    මේ දෙආකාරයෙන්ම අපි සිදුකළේ කෘෂි රසායන සමාගම්වල ගොදුරක්‌ බවට පත්වුණු ගොවියා ඉන් බේරාගෙන වස විෂ නැති ධාර්මික ගොවිතැන යළිත් මේ රටේ ඇතිකරන්න. අවුරුදු දෙකක්‌ තුළ මේ වස විෂ නැති කෘෂිකාර්මික විප්ලවය අපි පොළොවේ ජයගත්තා. ඒකේ සාර්ථක ප්‍රතිඵල ලබන මොහොතේ සමහරු දැන් මගේ කෘෂිකර්ම උපාධිය හොයනවා. ඒ විතරක්‌ නෙමේ කොම්පැණිකාරයන්ගේ වුවමනාව පිට ආයිමත් ග්ලයිෙෆොසෙට්‌ ගෙන්නන්න මේ රජය කටයුතු කරනවා නම් පැවැති ජඩ පාලනයට සිදුකළ දෙයම මේ රජයටත් කරන්න අපි පසුබට වෙන්නේ නෑ.අපි ග්ලයිෙෆොසෙට්‌ තහනම් කළාට මොන්සැන්ටෝ සමාගම වැහෙන්නේ නෑ. නමුත් අපේ ආදර්ශය අරන් ඉන්දියාව වගේ රටක්‌ මේ තීරණය ගත්තොත් ඒක ඒ සමාගමට බලපානවා. ඒ නිසා අද ඒ සමාගම විතරක්‌ නෙමේ ඒ සමාගම්වල දේශීය ඒජන්තවරුද කලබලවෙලා”

  • මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ  නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්

    මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්

    ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක් වන ශ්‍රී පාද රක්ෂිතයේ මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 04 කට ආසන්න කාලය තුළ වන්දනාව සඳහා පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා දෙපස ශ්‍රීපාද රක්‌ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස්‌ ප්ලාස්‌ටික්‌ බෝතල් ලක්‌ෂ 12 කට ආසන්න ප්‍රමාණයක්‌ මුදාහැර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ, නල්ලතන්නිය කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයේ ස්‌ථාන භාර නිලධාරි ඒ.ඩබ්. හේමන්ත මහතා පැවසීය.

    මෙම රක්‍ෂිතයට දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් කර ඇත. එහෙත් රක්‌ෂිතයට එම ඝන අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී ශ්‍රී පාදස්‌ථානය වන්දනාමාන කරන ලෙස වන්දනා සමය ආරම්භයේදීම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් වන්දනාකරුවන් දැනුම්වත් කර ඇතත් එම උපදෙස්‌ පිළිනොපැද ඉතා අකාරුණික ලෙස ප්ලාස්‌ටික්‌ පානීය ජල හා පැණි බීම හිස්‌ බෝතල් මෙසේ බැහැර කර ඇත.

  • හඳටත් 4G

    හඳටත් 4G

    ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’ තාක්ෂණය හඳට ගෙන යෑමට, ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ සමාගම් පමණක් නොව, මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන ‘අවුඩි’ සමාගමත්, පීටීසයන්ටිස්ට්ස් තාක්ෂණ සමාගමත් සූදානම් වෙයි.

    මෙම අපූරු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිනෙක සඳට ගොස් සඳේ සිට ඉතා පහසුවෙන්ම ෆේස්බුක් ජාලයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

    4ජී තාක්ෂණය සඳ මතුපිටට ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත්තේ රොබෝ රෝවර් යානා දෙකක උදවුවෙනි. රෝවර් යනු එහෙ මෙහෙ ගමන් කරමින් ගවේෂණ කටයුතු කළ හැකි රොබෝ යානාය. ඇමෙරිකාවේ අවුඩි සමාගම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින්නේ මෙම රෝවර් යානා නිපදවීම සම්බන්ධයෙනි.

    අති නවීන තාක්ෂණයෙන් පිරි කැමරා පද්ධතියක්, සාම්පල ලබා ගැනීමට රොබෝ අතක් සහ ඇන්ටනාවලින් පිරි මෙම රොබෝ රෝවර් යානා නිර්මාණය කෙරෙනු ඇත්තේ ටයිටේනියම් සහ ඇලුමිනියම් යොදා ගනිමිනි. ඒ අනුව මෙම යානා සඳ මතුපිට ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙනු ඇත.

    සඳට ‘4ජී’ තාක්ෂණය රැගෙන යෑමේ මෙහෙයුමට මූලිකත්වය දෙන්නේ වොඩාෆෝන් සමාගමය. තාක්ෂණික සහාය සඳහා ඔවුන් නොකියා සමාගම සම්බන්ධ කරගෙන ඇත. ‘ජංගම දුරකතන ජාල සම්බන්ධයෙන් සහ 4ජී තාක්ෂණය සම්බන්ධයෙන් නව පියවරක් ඉදිරියට තැබීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේමයි කෙනෙක් අහන්න පුළුවන් ඇයි 4ජී තාක්ෂණය යොදා ගන්නේ, 5ජී තාක්ෂණය යොදා ගන්න බැරිදැයි කියලා. 5ජී කියන්නේ අති නවීන තාක්ෂණයක්. ඒක සංකීර්ණයි. ඒ නිසයි අපි 4ජී තාක්ෂණය භාවිතා කරන්නේ’ යැයි ජර්මනියේ වොඩාෆෝන් සමාගමේ ප්‍රධානී හැන්ස් ඇමෙට්ස්රිටර් පෙන්වා දෙයි.

    රෝවර් යානා සඳට රැගෙන යෑම ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටුක ආධාරයෙන් සිදුවෙයි. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. ස්පේස් එක්ස් සමාගම අද වනවිට රොකට් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටී. නාසා ආයතනය ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි.

    පසුගිය දා ගගනගාමීව් අඟහරු ගෙනයෑම සඳහා අති ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලුවේ ද මෙම ස්පේස් එක්ස් සමාගමයි. අද මොවුන් පෞද්ගලික අංශයෙන් සංචාරකයන් ලෙස ගගනාමීන් පෘථිවි කක්ෂයට ගෙන යෑමේ කටයුතුවල ද නියැලීමට සූදානම් වෙයි. අතමිට සරු නම් පෘථිවි කක්ෂයට ගොස් ආපසු ඒමට හැකිවෙයි. රොකට්ටුව ලබන වසරේ ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් පිටත්වීමට නියමිතය. රෝවර් යානා දෙක රැගෙය යන යානය එසේත් නැතිනම් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, චන්ද්‍ර මූලස්ථානය ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.

    අවුඩි, වෝඩාෆෝන්, නොකියා සහ පීටීසයන්ටිස්ට්ස් යන සමාගම්වල එකමුතුවෙන්, 2019 දී, සඳ මතුපිට රැහැන් රහිත අන්තර් ජාල පහසුකම් ලබා දීමේ මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, පෞද්ගලික අංශය මැදිහහත් වී සිදු කරන පළමු චන්ද්‍ර මෙහෙයුම වනු ඇත්තේ මෙය වනු ඇත. ‘ෆෝල්කන් 9 ස්පේස් එක්ස්’ රොකට්ටුව අවුඩි රෝවර් යානා දෙක සහ චන්ද්‍ර මොඩියුලය රැගෙන පෘථිවියෙන් පිටත් වේවි. රොකට්ටුවෙන් නිදහස් වන මොඩියුලය (කුඩා චන්ද්‍ර යානය) පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය උදවු කර ගනිමින්, දෙවරක් පෘථිවිය වටේ කැරැකීමෙන් පසු, සඳුගේ කක්ෂයට පිවිසෙයි.

    පෘථිවියේ සිට සඳට යන ගමනට දින 5 ක් ගතවෙයි. සඳ මත පතිත කිරීමෙන් පසු, ගෙනා රෝවර් යානා දෙක මුදා හැරීම සිදුවන අතර, රෝවර් යානා අතරේ සම්බන්ධතාව පැවැත්වෙනු ඇත්තේ ‘4ජී’ තාක්ෂණයෙනි. රෝවර් යානා 1969 වසරේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම සිදුවුණු ස්ථානයට ගොස් එතැන ගවේෂණය කිරීමට ද නියමිත බව පැවැසෙයි. රූගත කෙරෙන අති පැහැදිලි ‘එච්ඩී’ දසුන් චන්ද්‍ර යානය හරහා පෘථිවි විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වනු ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ නම්, අනාගතයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සන්නිවේදන කුලුනක් ලෙස සඳ යොදා ගැනීම යැයි පැවැසෙයි.

    – ඩේලිමේල් ඇසුරිනි

     

  • රුසියාවෙ ඉදල ඇමරිකාවට යන ගුවන්යානයට නාමල් බේබිව නග්ගගෙන නෑ

    රුසියාවෙ ඉදල ඇමරිකාවට යන ගුවන්යානයට නාමල් බේබිව නග්ගගෙන නෑ

    රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි නාමල් රාජපක්ෂ මහතාව මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට  ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින්  එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.

    කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    Capture

  • හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

    හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

    මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ලබාදුන් තොරතුරක සඳහන්ව ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තැනක එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළලන ලද රත්‍රං තොගයක්‌ ඇති බවයි.

    පොලිසිය සෙසු ආරක්‌ෂක අංශ මේ පිළිබඳව දැනුවත් කොට මුලතිව් දිසා විනිසුරු එස්‌. ලෙනින් කුමාර් මහතාගෙන් ලබා ගත් අධිකරණ නියෝගයක්‌ මත විනිසුරුවරයා ඉදිරියේ මෙම රත්‍රං සෙවීමේ කැණීම් කටයුතු බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් සිදු කළත් විශාල වළක්‌ මිස රත්තරන් හමු වී නැති අතර එබැවින් කැණීම් කටයුතු නතර කරන ලදී.

    පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විසින් මීට පෙර අවස්‌ථා දහයකදී පමණ වළලන ලද රත්‍රං ඇති බව කියන ස්‌ථාන ආරක්‌ෂක අංශවලට පෙන්වා දෙන ලද නමුත් ඒ කිසිදු ස්‌ථානයකින් රත්‍රං හමුවී නැත.