Author: Editor[N]

  • කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

    කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

    අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.
     
     මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවත් එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක්‌ විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්‌.බී. දිසානායක මහතා එහිදී කියා සිටියේය.

    ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක්‌ වෙමින් නව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

    උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

    තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත. 

    මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී නොසිටි බැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.

    පසුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස කල ඉල්ලීම මත උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල විය.

    කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බැවින් තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි.

  • මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…

    කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?

    මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා

    දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?

    ඔව්. අනිවාර්යෙන්ම

    ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?

    ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.

    සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?

    (සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.

    පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?

    මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.

    ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?

    ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.

    පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.

    ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?

    පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.

    ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?

    මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.

    පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?

    මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.

    ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.

    පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?

    කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.

    ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?

    මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.

    පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?

    ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.

    ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?

    මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.

    ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?

    පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)

    ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?

    මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.

    අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?

    මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.

    පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා

    ස්තූතියි ඔයාලටත්

    ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……

  • රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක්‌ නොවේ

    රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක්‌ නොවේ

    ගිය වර්ෂය (2017) සඳහා වන මහ බැංකුවේ නවතම වාර්තාව ඊයේ (26 දා) නිකුත් වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහුණත් එය විදේශ ණය පියවීමට කිසිදු බාධාවක්‌ නොවන්නේ යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
     
    විදේශ මුදල්වලින් ගන්නා ණය පියවන්නේ විදේශ මුදල්වලින් නිසා එහිදී විදේශ ණය බර වැඩිවීමක්‌ සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටි අතර  ගිය වර්ෂය (2017) සඳහා වන නවතම මහ බැංකු වාර්තාව නිකුත් වීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ,
     
    ” අප විදේශ ණය ගන්නේ විදේශ විනිමයෙන්. එනම් ඇමරිකානු ඩොලර්වලින්. ඒවා නැවත ගෙවිය යුතු වන්නේද ඇමරිකානු ඩොලර් වලින්. ගිණුම්කරණ අවශ්‍යතාවලදී එය රුපියලේ වටිනාකමින් සටහන් කරනවා. එවිට එම අගය ඉහළ යනවා. එහෙත් විදේශ ණය පියවීමේදී ඒවා ගෙවන්නේද ඩොලර්වලින්. ඒ නිසා රුපියල පිරිහීම නිසා විශාල මුදලක්‌ රජයට අහිමි වෙනවා කීම සහ එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න තිබුණා කියා කීම සම්පූර්ණයෙන්ම කිසිම තේරුමක්‌ නැති කතාවක්‌ බවද එසේ නම් එහි අනිත් පැත්ත සැලකූ විට රුපියල අධිප්‍රමාණය කිරීමෙන් රජයට මුදල් උපයා ගතහැකි බවද ඒ නිසා රුපියල පිරිහීම නිසා රජයට මුදල් අහිමි වන්නේ යෑයි කීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු ප්‍රකාශයක්‌ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. ගිය වසරේ (2017) ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වෙලා තියෙනවා. අපි හිතන්නේ විභව ආර්ථික වර්ධන වේගය සියයට 5.75 ක්‌ කියලයි. ඒ අනුව ඉතාම පැහැදිලිව නිමවුමේ විශාල පරතරයක්‌ තියෙනවා. ඒ නිසයි සති කිහිපයකට පෙර මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමකට ලක්‌ කළේ. එමගින් යම් ප්‍රගතියක්‌ ලැබෙයි. ඒ සඳහා අපට ආයෝජන අවශ්‍යයි. එහෙත් අපට අඛණ්‌ඩ ප්‍රතිසංස්‌කරණ සමග ඉහළ ආර්ථික වර්ධනයකට යන්න අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සිනහමුසුව කීවේය.
     
     මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීවේය.
     
     “අද මහ බැංකු වාර්තාව (2017) මුදල් නීති පනත අනුව මුදල් ඇමැතිතුමාට පිළිගැන්වූවා. 2017 වසරේ සහ 2018 වසරේ පසුගිය මාස තුන ඇතුළත උද්ධමනය පාලනය කර ගැනීමට අපට හැකි වුණා. නමුත් ආර්ථික වර්ධන වේගය ගත්තම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අපි බලාපොරොත්තු වුණාට වඩා අඩු වාර්ෂික වර්ධනයක්‌ ලැබිලා තිබෙන්නේ සියයට 3.1 ක්‌ කියන්නේ අපේ රටේ ලබාගත හැකි ආර්ථික වර්ධන වේගයට වඩා තරමක්‌ අඩු වර්ධන වේගයක්‌. එය සලකා බලා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරන රාමුවෙන් යම්කිසි ආකාරයකින් ඉවත් වෙලා අපි සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන තත්ත්වයකට පත් කළා. ඒ අනුව උද්ධමනය මේ මට්‌ටමේ පවත්වාගෙන යන ගමන් ආර්ථික වර්ධනයේ යම්කිසි ඉහළ මට්‌ටමක්‌ ඉදිරියේදී ඇති වෙයි කියල අපේක්‍ෂා කරනවා.
     
     2017 වසර තුළදී සියයට 2 කින් තමයි විනිමය අනුපාතය අවප්‍රමාණය වුණේ. විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේදී 2017 මාර්තු, අප්‍රේල් මාසවලින් පසුව අදාළ මහ බැංකු විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුවේ මැදිහත් වීම පුළුවන් තරම් අයින් කරල තියෙන්නේ. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැඟීමේ අවස්‌ථාවට පමණයි. එවැනි තත්ත්වයක්‌ තුළත් විදේශ විනිමය වෙළෙඳ පොළ ඉතාම ස්‌ථාවර ආකාරයකට හැසිරුණා. විශේෂයෙන් වෙළෙඳ පොළ තුළින් තීරණය වූ විදේශ විනිමය අනුපාතයක්‌ තිබුණා. ඒ අනුව පසුගිය දිනවල අපි දැක්‌කා විදේශ විනිමය අනුපාතයේ යම්කිසි ආකාරයක විචලනයක්‌. එක එක වෙලාවට අඩු වෙනව සහ වැඩි වෙනවා වගේ තත්ත්වයන් දිගටම දක්‌නට ලැබුණා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්‌. මහ බැංකුවේ මැදිහත්වීම අඩු නිසා ඉස්‌සරට වඩා උච්චාවචනය වීම වැඩියි. ඒක වැඩිනම් ඊට මැදිහත් වෙලා කටයුතු කරන්නත් මහ බැංකුවට අයිතියක්‌ තියෙනවා.”

  • අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි

    අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි

    2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

    ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි – 20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන සිටියා. ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානයේ සිටියා. එසේ සිටිද්දී තමයි නව තේරීම් කමිටුව මාව ඉවත් කළේ. මම තේරීම් කමිටුවෙන් මේ ගැන අසුවාම ඔවුන් ප්‍රකාශ කළේ කුඩා පරිමාණ තරගාවලිවලදී අලුත් ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා මාව ඉවත් කළා කියලයි. නමුත් ඔවුන් ඉතා වැදගත් තරගාවලියක් වූ නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියෙනුත් මාව ඉවත් කළා. නිදහස් කුසලාන තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මම වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා. මම දන්නේ නැහැ නිදහස් කුසලාන තරගාවලියෙන් මාව ඉවත් කරන්නට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණද කියලා” යනුවෙන් සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමට කළ ආරාධනාව ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ මාලිංග තම ඉදිරි සැලසුම් පිළිබදව ද අදහස් දක්වමින් “අයි.පී.එල්. තරගාවලිය මැයි 26 දා නිමා වෙනවා. ඒ නිසා එළැඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේදී මාව කණ්ඩායමට තෝරාගත්තොත් මට පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරනවා. කෙසේ වෙතත් මම 2019 හා 2020 වර්ෂවල හොඳින් ක්‍රීඩා කරල රටට ජයග්‍රහණයක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මම හොද ශරීර සෞඛ්‍යයෙන් පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කරමින් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කරන ලදී. 

  • පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු වලට කොටි 4ක් වැයකල අපේක්ෂකයාට වැඩ වරදී

    පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු වලට කොටි 4ක් වැයකල අපේක්ෂකයාට වැඩ වරදී

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනයක කොට්‌ඨාසයට තරග කළ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි හතරක්‌ පමණ වැයකර ඇති බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත.
    ඔහු මෙම මුදලින් තම කොට්‌ඨාසයේ පාරවල් සෑදීම නිවෙස්‌වලට විදුලිය ලබාදීම, ජලය ලබාදීම ඇතුළු පොදු පහසුකම් සඳහාත් වෙනත් භාණ්‌ඩ හා සේවාවන් සැපයීමටත් යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
    යම් මැතිවරණයකදී අපේක්‍ෂකයකුට ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් වැය කළ හැකි සීමාවන් පැනවිය යුතු බවද මෙම අපේක්‍ෂකයාටද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේය.
  • සුගන්ධිකාගේ ප‍්‍රකාශයෙන් අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වෙනවා

    සුගන්ධිකාගේ ප‍්‍රකාශයෙන් අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වෙනවා

    අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බව එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේය. 

    ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇති අතර පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී  දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කරඇත.

    මෙම ප‍්‍රකාශය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කළ එකක් බවට ද නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත චෝදනා කලහ.

    නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු සිදු කර ඇති මෙම ප‍්‍රකාශයෙන් මෙරට අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේය.

  • ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

    ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

    ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන අතර දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ද , ඩීසල් ලීටරයක මිල රුග. 10 කින්වැද ඩිවෙනු ඇතැයි පැවසේ.

    මෙම මිල සූත‍්‍රයඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති. ඩීසල් ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසෙන්නේ රුපියල් 10කින්.

    මෙම මිල සූත‍්‍රයඅදියර 03කින් සකස් කර ඇති අතර එහි නිර්දේශවලට අනුව ඉන්ධන මිල වැඩිවන්නේ මැයි මස 07වනදායින් පසුව හා මිල සූත‍්‍රය හඳුන්වාදුන් දිනයේ සිට එහි මිල ගණන් ඉහළ යන පරිදි පළමු අදියර යටතේ යෝජනා කර ඇත. කොටස් වශයෙන් මිල ඉහළ නැංවීමට දෙවන අදියරෙන් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන්න් වේ.


    එක් ඉන්ධන වර්ගයක මිල වැඩි වශයෙන් ඉහළ යන්නේ නම් සෙසු ඉන්ධන වල මිල ඉහළ නැංවීම අඩු අගයක පවත්වා ගැනීමට තුන්වන අදියර යටතේ යෝජනා කර ඇති අතර ඉදිරියේදී කී‍්‍රයාත්මක කරන්නේ කුමන් අදියර දැයි මේවනතෙක් නිල තීන්දුවක් ගෙන නොමැත. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවන අදියරේ යෝජනාව කි‍්‍රයාත්මක වනු ඇති බව හා ඒ අනුව මිල වැඩිවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ කොටස් වශයෙන් බවත්ය.

    භූමිතෙල් සම්බන්ධයෙන්ද ඉකුත් සමයේ ගැටලූකාරී තත්ත්වයක් මතුවූ අතර ඊට පිළියමක් ලෙස භූමිතෙල් මිලදී ගන්නා පුද්ගලයින්ට වවුචර් පතක් හඳුන්වා දීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් නව සංශෝධනය යටතේ භූමිතෙල් මිලද ඉහළ යනු ඇති බව සඳහන් වෙි.

    ඉන්දියන් ඔයිල් සමාගම ඉකුත්දා සිය මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කල බැවින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ තමන් මේවනවිට පාඩු ලබමින් සිටින බවයි

  • මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා

    මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා

     
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊයේ (17 වැනිදා) ඇප ලබා ගැනීම සඳහා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ මොහොතේදී 
    මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමින් හිටපු රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පහත පරිදි ප්‍රකාශ කලේය.
     
      – අපි විපක්‍ෂයේ අසුන් ගන්නවා. විශ්වාසභංග නඩු වේවා මේවා සීයක්‌ දැම්මත් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය තවම භංග වී නැහැ. අධිකරණයට තවම කෙළින් හිටගන්න පුළුවන් වීම ගැන සතුටුයි. 
     ඒකාබද්ධ විපක්‍ෂය කියලා පක්‍ෂයක්‌ නෑ. ඒකාබද්ධය තුළ හැම පක්‍ෂයකටම ඉන්න පුළුවන්.
     මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා. අගමැතිට කේලාම් කියන කේලාම්වරු ඔවුන්. සන්ධානයට හා ශ්‍රීලනිපයට පමණයි කේලම්වරු දෙන්නා ඉන්නේ.

  • “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානම්… මහ බැංකුව අනතුරු අඟවයි

    “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානම්… මහ බැංකුව අනතුරු අඟවයි

    ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” භාවිතය පිළිබඳව තිබෙන උනන්දුව ශ්‍රී ලංකාව තුළද වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

    මේ “අතථ්‍ය මුදල්” යනු ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන වටිනාකම් සහිත ඒකකයන් බවත් ඒවාට ආවේණික ගිණුම් ඒකකද ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේවා මහ බැංකුව විසින් නිකුත් කරන ඒවා නොවන බවද පවසන ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ කරුණු පැහැදිලි කිරීමක මෙසේද සඳහන් වේ.

    ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (ඩසරඑම්ක ජමරරුබජසැs) පිළිබඳව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුවී ඇත.

    “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්‍ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්‌කොයින් (ඊසඑජදසබ)ල ලයිට්‌කොයින් (ඛසඑeජදසබ) සහ එතීරියම් (Eඑයෑරුමප) වැනි අප්‍රකාශිත විද්යුත් මුදල් (Cරහචඑදජමරරුබජසැs) ය.

    අප්‍රකාශිත විද්යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් සෘජුව සම්බන්ධවී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරයි. එම මුදල්වල වටිනාකම පිළිබඳව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්‌ථ අධිකාරියක්‌ නොමැති වීම හේතුවෙන් ඒවා භාවිත කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්‍රිත ගැටලු ඇතිවීමේදී ඒ සඳහා මැදිහත්වන වගකිවයුතු පාර්ශ්වයක්‌ නොමැත. අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්‍ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක්‌ නොමැත. මේනිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැක. ඒ හා සමානවම, නීති විරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිත කිරීමේ සම්භාවිතාවය ද ඉහළ යා හැකිය. තවද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමට හා ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇත. එම නිසා වර්තමානයේදී අප්‍රකාශිත විද්යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටෙහි ආර්ථිකයට ද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්‍ෂිත භාවය සහ ආරක්‍ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක්‌ ඇති කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ග ගැනීමට බලපත්‍ර ලබාදී හෝ බලය පැවරීමක්‌ කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (ෂබසඑස්‌ක ඤසබ ධෙෙeරසබටි ෂCධී) සඳහා බලය පැවරීමක්‌ කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

  • 20 වෙනි සංශෝධනයට සියළු පක්ෂ නායකයින්ගේ සහය ඉල්ලා සිටිනවා

    20 වෙනි සංශෝධනයට සියළු පක්ෂ නායකයින්ගේ සහය ඉල්ලා සිටිනවා

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17 දා) ප්‍රකාශ කළේය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක්‌ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බවත් මෙම සංශෝධනය හෙට (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවත් ඔහු එහිදී කියා සිටියේය. 

    මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් සමග ජනතා විමුක්‌ති පෙරමුණ සාකච්ඡා පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට

    අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට

    අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා ඇත.ඒ අනුව, රාත්‍රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක්,අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6.50 ට කොළඹ – කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක්,පස්වරු 1.55 ට කොළඹ – කොටුව සිට මහව දක්වාත්, පස්වරු 5.10 ට මහව සිට කොළඹ – කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක්,උදෑසන 9.20ට සහ උදෑසන 11.50 ට මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය 2ක්ද, රාත්‍රී 9.50ට ගාල්ල සිට මරදාන දක්වා දුම්රියක්,පස්වරු 2.55 ට මරදාන සිට මාතර දක්වාත්, රාත්‍රී 7 ට මාතර සිට මරදාන දක්වා දුම්රිය 2 ක්,පස්වරු 1.15 ට සහ පස්වරු 5.55 ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

  • එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

    එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

  • අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

    අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.

  • නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි

    නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි

    නාච්චාදූව සෙලෙස්‌ති මඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 29 වනදා අලුයම පැමිණි විශාල කිඹුලකු, අල්ලා, වනජීවී නිලධාරීන් හට භාර දීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.
     
     අලුයම 3.00 ට පමණ නිවෙස්‌ හිමියා විසින් මෙම කිඹුලා දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන් දැනුවත් කර ඔවුන් සමග එක්‌ව මහත් පරිශ්‍රමයක්‌ යොදා මෙම කිඹුලා අල්ලා ගෙන ප්‍රදේශවාසීන් විසින් වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්‌ථානයට පැමිණි වන ජීවී නිලධාරීන් අඩි දහයක්‌ පමණ දිග මෙම හැල කිඹුලා රැගෙන ගොස්‌ වෙනත් ප්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කර තිබේ.
     
     දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සිඳී ගිය වැවකින් එම කිඹුලා පැමිණෙන්නට ඇති බවට සැක කරන බව ප්‍රදේශවාසීහු පවසති.

  • වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

    වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

    පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය උත්පාදනය කිරීම අභියෝගයක්‌ වුවද විදුලිය කප්පාදුවක්‌ සිදු කිරීමට තවමත් කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

    ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් වික්‌ටෝරියා, රන්දෙණිගල කොත්මලේ, කාසල්රී, සමනල වැව යන ප්‍රධාන ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම සියයට 50.2 දක්‌වා පවතින බවද පසුගිය වසරේ මෙම කාලය වන විට බලාගාර ජල මට්‌ටම සියයට 35 දක්‌වා අඩු වූ විටද කප්පාදුවකින් තොරව විදුලි බලය ලබා දීමට විදුලිබල මණ්‌ඩලයට හැකිවූ බවද ලංකා විදුලිබල මණ්‌ඩලයේ සංවර්ධන (අධ්‍යක්‍ෂ) සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍යට පැවැසීය.