Author: Editor[N]

  • ඇමති ජෝන් අමරතුංගගේ  ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමති ජෝන් අමරතුංගගේ ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටින පොලිස් එස්.අයි වරයෙකු කොළඹ කුරුඳුවත්ත පොලිසිය භූමිය වෙත කසළ බැහැර කරමින් සිටියදී  පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් උ.පො.ප. වරයා පසුව පොලිස්‌ ඇපමත මුදාහැර ඇති අතර ප්‍රසිද්ධ ස්‌ථානයකට කසළ බැහැර කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව කුරුඳුවත්ත පොලිසිය කියා සිටියේය.

    පොලිස්‌ භූමියට හොරෙන් කසළ දමන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය කළ මෙහෙයුමකදී මෙම නිලධාරියා කොටුකර ගැනීමට හැකිවූ බව කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමන්තිලක වැලිවිට මහතා පවසූ අතර “කුරුඳුවත්ත පොලිසිය පිටුපස පොලිස්‌ නිවාස 50 ක්‌ තිබෙනවා. මේ අය කාලයක්‌ තිස්‌සේ කුණු බැහැර කළේ කුරුඳුවත්ත පොලිසිය භූමියට.පොලිස්‌ භූමියට කුණු නොදමන ලෙස පොලිසිය අවස්‌ථා කීපයකම මේ නිවාසවල පදිංචි පොලිස්‌ නිලධාරීන් දැනුවත් කළා.ඒත් ඒ අය හොර රහසේ මේ වැඩේ දිගටම කරගෙන ගියා. දවසකට කුණු ට්‍රැක්‌ටර් දෙකක විතර ප්‍රමාණයක්‌ පොලිසිය භූමියට මේ අය බැහැර කරනවා.මේක නතර කරන්න බැරි තැන අපි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළා. කසළ දමන පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට, ඇමැති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයාට මෙන්ම ඉහළ නිලධාරීන්ටද වාර්තාවක්‌ ලබා දුන්නා.” යැයි එ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • හොරණ තරුණයක් වෙඩි නොවදින “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නිපවයි

    හොරණ තරුණයක් වෙඩි නොවදින “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නිපවයි

    හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇති පුවතක් ලැබී ඇත.වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.

    උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තබා පරීක්ෂා කර ඇත. ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක්‌ තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසා ඇත.

    “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවත් කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරන බවත් මෙම තෙල නිපදවූ තරුණයා පවසයි.

  • නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

    නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

    තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට පත්වීම සහ සිය පාක්‌ෂිකයකු වෙනුවෙන් බුලත්සිංහල පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමීමට පැය තුනකට අධික කාලයක්‌ බලා සිටීමට සිදු වූ බැවින් තවදුරටත් බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කිරීමට නොහැකි නිසා තමා එම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌ වන බවත්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සිය සහයෝගය ලබාදෙන බවත් පාලිත තෙවරප්පෙරුම මහතා යෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත.

    හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (21) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

  • කබීර් ගේ යහපාලනයෙන් මස්සිනාට කෙළ වෙයි.

    කබීර් ගේ යහපාලනයෙන් මස්සිනාට කෙළ වෙයි.

    Image result for kabir hashim

    තලවතුගොඩ අනතුරට පත් මෝටර් රථය පැද වූ අමාත්‍ය කබීර් හෂීම් ගේ මස්සිනා කඩුවෙල අධිකරණයෙන් දින හතකට රිමාන්ඩ් භාරයට පත් කළේය.එම තීන්දුව දින හතක් නොව 14 ක් කරන්නට කොස්වත්ත පොලීසියට ඕනෑ වූයේ එය සමාජයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් වූ බැවිනි.එමෙන්ම පොලිසිය දැනුවත්ව ලක්ෂ අනූවක මුදලක් ද එම රිය අනතුරේදී හානි වූ අනිත් රිය දෙකට ගෙවන්නට කබීර්ගේ මස්සිනා කැමති කරවා ගෙන සිටියත් විනිසුරුවරයා එම අසාධාරණ එකඟවීම වළක්වා හානියේ නිවැරදි වටිනාකම ගෙවන්නට නියෝග කළේය.

    මේ සිදුවීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ගේ හැසිරීම ඔහු නියෝජනය කරන දේශපාලනයට අනුව සිදු විය.මේ සම්බන්ධයෙන් වෙනත් දේශපාලනඥයන්ගේ නම් ඈදෙන විට ඒ සමහරක් ඇමති කබීර් ගේ සම්බන්ධය කියන්නට උත්සාහ කළ ද,කබීර් කළේ වෙනත් කිසිවෙකු එයින් අපහාස විඳින්නට හෝ අපහසුවට පත් නොවිය යුතු බව කියමින් තමන්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරට පත් රිය පැද වූයේ තමාගේ ඥාතියෙකු බව කීමය.

    ඒ තරම් විනිවිදභාවයෙන් අමාත්‍ය කබීර් කටයුතු කිරීමේ ප්‍රතිපලය වූයේ තලංගම පොලීසිය සාමාන්‍ය රිය අනතුර සමාජ කැළඹීමක් ඇති බව කියමින්,එම සිදුවීමට අදාළව ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කබීර් ගේ මස්සිනා උපරිමයට හිර කිරීමය.එපමණක් නොව අධිකරණ තීන්දුව මත එම මෝටර් රථය ලබා ගැනීමට කොස්වත්ත පොලිසියට ගිය කබීර් ගේ මස්සිනාගේ ඥාතීන්ට එම රිය ලබා දෙන්නට එන්නට යැයි පවසා පැය තුනකට ආසන්න කාලයක් රස්තියාදු කොට,ඔවුන් රැගෙන ආ වාහනය ලියාපදිංචිය සම්බන්ධ කරුණු ආදිය ස්ථානාධිපතිවරයා විසින්ම මාධ්‍යයට දැණුම් දී අවසානයේ හිමිකරුගේ ලිපියක් නැති බව පවසා ප්‍රතික්ෂේප කිරීමය.

    ඇමති කබීර් නීතියට බලපෑමක් නොකර,නිහතමානීව කටයුතු කිරීම කොස්වත්ත පොලිසිය යොදාගත් ආකාරය තැලෙන යකඩය දුටු විට ආචාරියා උඩ පැන පැන තලනවායන කියමණෙන් හැදින්වීම සාධාරණය.අනෙකුත් පොලිස් නිලධාරීන් කෙළින් යන්නට උත්සාහ කළ ද අමාත්‍යවරයාගේ මේ හැසිරීම සමඟ එම නිලධාරීන්ට නීත්‍යාණුකූලව හැසිරීමේ අවස්ථාව අහිමි කරමින් ස්ථානාධිපතිවරයා අනවශ්‍යය ලෙස මෙම සිදුවීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන්නට මාධ්‍යය සොයා ගොස් තොරතුරු ලබා දෙමින් සාමාන්‍යයෙන් එවැනි වරදක් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ඉක්මවා කටයුතු කිරීම පිළිකුල් සහගතය.රටේ බොහෝ ප්‍රභූන් හැසිරෙන ආකාරයෙන් බැහැරව සිය ඥාතියාට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සළකා නීතිය ක්‍රියාත්මක කරන්නට ආශිර්වාදය සහ අනුමැතිය දුන් කබීර් අමාත්‍යවරයාට පොලීසීය සැළකුවේ ඔහුගේ මස්සිනා කළ වරද දෙගුණ,තෙගුණ කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සාමාන්‍යයෙන් ඇප ලබා දිය හැකි වරදකට ඔහුව රිමාන්ඩ් භාරයට යැවීමෙන්ය.

    නමුත් යහපාලනය පැමිණෙන්නට පෙර පොලිසියේ හැසිරීම් අපි දැක ඇත්තෙමු.ඔවුන් ඉහළ දේශපාලනඥයන්ගේ පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ වෙනත් නෑ හිතුමිතුරන්ගේ ද නියෝග එන විට නැට්ට පස්සේ ගහගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු සුනඛයන් තරමට හීලෑ වී සිටියේය.අද තාජුඩීන් ඝාතනය,ලසන්ත ඝාතනය වැනි සිදුවීම් හරහා මතුවන පොලිස් නාටකවලදී ඔවුන් දේශපාලක නූල්වල එල්ලා තැබූ රූකඩ ලෙස හසුරුවා ඇති ආකාරය හෙළිදරව් වෙමින් පවතින්නේය.තවමත් ඒ මඟ යමින් අනතුරක් සිදු කිරීමෙන් නොනැවතී,සිය ප්‍රතිමල්ලවයන්ට පහර දුන් රමිත රඹුක්වැල්ලට අධිකරණයෙන් ලැබුණ දඩුවම හැරෙන්නට පොලිසිය ඔහුව අපරාධකාරයෙක් කරන්නට හෝ සමාජ කැළඹීමක් ඇතිවන බව කියමින් හිර කරන්නට උත්සාහ නොකළේය.ඒ පෙර වැරදි දුසිමක් පමණ තිබියදී ය.

    නමුත් නීතියට යුක්තියට ගරු කරන හිස නමන පිරිසට නොව නීතිය තවමත් නැමෙන්නේ අයුක්ති සහගතව තමන් පෙළන දරදඩු දේශපාලන උවමනාවන්ට ද යන්න,තලංගම පොලීසියේ හැසිරීම සමග මතුවන හිරිකිත සැකය මේ රජයේ ක්‍රමවේදයට පෙරට යන්නට බැරි බරපතල කාරාණාවක් ලෙස ඉදිරියේදී තව දුරටත් රජයේ යහපාලන දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහිව නැඟී සිටීමේ දැඩි අවධානමක් මේ සිදුවීමෙන් මතුවන්නේය.

  • ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

    ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

    ලෝකයේ අති දූෂිතම රටවල් 4න් එකක් බවට ලංකාව පත්වී ඇති බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

    “ලෝකයේ අති දූෂිතම රටවල් හතරෙන් එකක්‌ බවට ශ්‍රී ලංකාව පත්වෙලා අවසන්. මේවාට සම්බන්ධ හොර ජාවාරම්කාරයෝ තමන්ගේ රාජකාරිය හොඳට කරලා තිබෙනවා. ඒවට නඩු භාණ්‌ඩත් තිබෙනවා. දැන් මල්වානේ ගෙදර තිබෙනවා. තාජුඩීන්ගේ මළමිනිය තිබෙනවා. ඒත් මේ නඩු භාණ්‌ඩ සියල්ල තිබෙද්දී ඒ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනඒම හා දඬුවම් දීම සිදුකෙරිලා නෑ. මහ බැංකු වංචාකාරයොත් ඉන්නවා. ඒ හොරු අල්ලන්නැත්තේ ඇයි.

    මේ හොරුන්ව ආරක්‌ෂා කරන්නේ අධිකරණය, නීතිඥයන්, පූජකයන්, පාලකයන්, ජනතාව අපේ රට විනාශ වෙලා තිබෙන්නේ හරි කෙලින් වැඩකරන අධිකරණයක්‌ නැති නිසයි. මේවා එළියේ කිව්වහම මට නඩු වැටෙනවා. ඒත් මේවා කියන්න ඕන. මහ හොරු රකින්න දූෂිත නීතිඥයෙක්‌ ඉන්නවා. ඒ හොරුන්ව රකින්න සුදු හුණු ගාන නීතිඥයන් දැක්‌කහම ලැජ්ජා හිතෙනවා.

    ගෝඨාභය රාජපක්‌ෂ අධිකරණයට යන්න බයයි. අත්අඩංගුවට ගන්න එපා කියනවා. අද අපි එක්‌ක ඉන්න 75% ක්‌ම හොරු මාත් එක්‌ක වාදයකට ආවොත් ඒ ගැන කියන්නම්. හැම කෙනාගෙම පයිල් මම ළඟ තිබෙනවා. මේ පක්‌ෂ දෙකේම හොරු ඉන්නවා. ෙජ්වීපී ය සුපිරිසිදු පක්‌ෂයක්‌ කියනවා ඒත් මුලින්ම බැංකු කැඩුවේ කවුද? පක්‌ෂ බේදයක්‌ නැතුව හොරු අල්ලන්න අපි කවුරුත් එකතු වුණොත් මේ රට හදන්න පුළුවන්. ඒ වගේම කොන්ද කෙළින් තියාගෙන තීන්දු දුන්නොත් විනිසුරුවරුන්ට මේ රට සුරපුරයක්‌ කරන්න පුළුවන්.”

  • ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

    ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

    පසුගිය රාජපක්ෂ පාළන සමය තුල සිදු වූ පැහැර ගැනීම්,ඝාතන,දූෂණ වංචා පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙන අතර පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙන බවත් එම තොරතුරු ලේඛණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  කෑගල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත.

    අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැති බවත් ජනතාවට නිදහස ලබා දී තිබෙන බවත් ඔහු විසන් එහිදී වැඩිචුරටත් ප්‍රකාශ කර ඇත.

     

  • බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ.

    සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

  • ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස ගත් තීන්දුවක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

  • වසවිසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක්

    වසවිසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක්

    වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම අරමුණු කර  ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත්  ජනාධිපති  මෙහෙයුම්  කමිටුවක්  ස්ථාපිත  කර  ඇත.

     මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්, ජේ.එම්.මංගලතිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.සකලසූරිය මහතා,  කෘෂිකර්ම,  වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය,  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අයතන වල  අධ්‍යක්ෂ ජනරාල්වරුන් විශ්වවිද්‍යාල වල පීඨාධිපතිවරුන් සහ  මහාචාර්යවරුන්  කිහිපදෙනෙකු  ද ඇතුළත් වේ. 

  • රනිල් ට එරෙහි විශ්වාස භංගය සහ ඉලක්කම් සෙල්ලම

    රනිල් ට එරෙහි විශ්වාස භංගය සහ ඉලක්කම් සෙල්ලම

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කි. එයින් 15 ක් ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ ය. දැනට පවත්නා තත්වය අනුව ඔවුන් විශ්වාස භංගයේ දී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 210 ක් අතුරින් බහුතරය එනම් මන්ත්‍රීවරුන් 106 ක් රනිල් ට පක්ෂ නම්, රනිල් ගොඩ ය. 106 ක් රනිල් ට විරුද්ධ නම් රනිල් විශ්වාස භංගයෙන් පරදින්නේ ය. රනිල් ගේ ගජ මිතුරු මහින්ද රාජපක්ෂ ට විශ්වාස භංගය ඉදිරිපත් කිරීමට සිදුව ඇත. ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීවරු 52 ක් ඇත. ශ්‍රීලනිප යේ මන්ත්‍රී 42 න් 37 ක් රනිල් නොමැති වෙනත් අගමැතිවරයෙකු ගේ ආණ්ඩුවකට සිටී.

    බැදුම්කරය ගැන වැඩිපුරම කථා කළේ ජවිපෙ ය. රනිල් හා මලික් සමග ඇති සම්බන්ධය කුමක් වුව ත්, ජවිපෙ ට රනිල් බේරා ගැනීමට ඡන්දය දී, රටට මුහුණ දෙන්නට බැරිය. ඒ නිසා ඔවුන්ට රනිල්ට විරුද්ධවීම හැර වෙනත් විකල්පයක් නැත!

    විජේදාස, රතන හිමි හ චතුර සේනාරත්න රනිල් විරෝධී කණ්ඩායමේ ය.

    මුස්ලිම් කොන්ග්‍ර‍සයේ මන්ත්‍රී තුනක් ද, රිෂාඩ් බදුර්දීන් ගේ මන්ත්‍රී 5 ම සිටින්නේ රනිල් ඉවත් කළ යුතුය යන අදහසේය.

    ඒ සරළ ගණන් හදා බැලීම මත 52 + 37 + 6 + 3 + 8 = 106 කි. එකම එජාප මන්ත්‍රීවරයෙකු හෝ නොමැතිව ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 106 සකස් වන්නේය.

    රවුෆ් හකීම් හා රිෂාඩ් ගේ මන්ත්‍රීවරු 8 රනිල් ට සහාය පළ කරන්නේ නම් පමණක් එජායයෙන් මන්ත්‍රීවරුන් 8 ක් රනිල් පරාජය කිරීමට අවශ්‍යය. ජවිපෙ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ නම් රනිල් ට එරෙහි විශ්වාස භංගය ජය ගැනීමට මන්ත්‍රීවරු 8 + 6 = 14 ක් අවශ්‍යය. ඒ ද, මුස්ලිම් කොන්ග්‍ර‍සය හා රිෂාඩ් ගේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම රනිල් ට සහාය දෙන්නේ නම් පමණී. රිෂාඩ් සහ හකීම් මේ වන විටත් පළාත් පාලන ආයතනයන් හි බලය ලබා ගැනීම සදහා ශ්‍රීලනිප සමග එකගතා 6 ක් ඇති කර ගෙන ඇත. සුළං හමන දිශාව පැහැදිලිය!

  • සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

    සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

    ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය.

    කවර ආණ්ඩුවක හෝ කවර කණ්ඩායමක මර්දණයට මුහුණ දිම සදහා වෙබ් සහ සමාජ ජාලා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු අතර වූ එකමුතුවකින් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” නමින් මූලික එකමුතුවක් සකසා ගැනිමට කටයුතු කර තිබේ.

    පසුගියදා අත්හදා බැලිමක් ලෙස සමාජ ජාලා අවහිර කල වත්මන් යහපාලන ඉදිරියේදි එම තත්ත්වය බරපතල ලෙස ක්‍රියාත්මක කරමින් වෙබ්, සමාජ ජාලා, බ්ලොග් අවහිර කිරිමට කටයුතු කිරිමට මේ වන විටත් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින් ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දී එය පරාජය කිරිම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ පලමු අරමුණ වි ඇත.

    පසුගියදා ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් වත්මන් ආණ්ඩුව කල අත්හදා බැලිම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන අනතුර සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෙබ් සහ සමාජ ජාලා ක්‍රියාකාරින් දඩමීමා කරගනිමින් විවිධ සංවිධාන බිහිකරමින් ඒ හරහා විවිධ වරප්‍රසාද ලබන කණ්ඩායම් පිළිබඳවද දැඩි ලෙස එහිදි විවේචනයට ලක්ව තිබේ.

  • පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.  

    p19 1

     

  • මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    “මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවාමයි” යෑයි මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන් වීරසිංහගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය  පුවත් පතකට ප්‍රකාශ කර ඇත.

    එහිදී ඇය විසින් වැඩිදුරටත් පහත පරිදි ප්‍රකාශ කර ඇත,

    “මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා.”

  • සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

    සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

    පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

    සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී රජය මෙතෙක්‌ කිසිදු ප්‍රතිශතයක්‌ අයකර නොගත් බවත් සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර තිබෙන මුදලින්  10% ක්‌ කාලයක සිට මහබැංකුව අයකරගනිමින් සිටින බවත් එම  10% ක මුදල  14% දක්‌වා වැඩිකිරීමට යෝජනා වී ඇතත් එය මේ වනතෙක්‌ ක්‍රියාත්මකව නැති බවත් ඒ මහතා කියා සිටි අතර නව පනත සම්මත වනතෙක්‌ ස්‌ථිරවම කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව වැඩිදුරටත් කියා සිටියේය.

  • ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

    ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

    එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට පැමිණ තිබේ. 

    ලොව ප්‍රීතිමත් රාජ්‍යය පින්ලන්තය වන අතර ලොව ප්‍රීතියෙන් අඩුම රට බුරුන්ඩි දේශයයි.

  • ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

    ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
     
     එම නිවේදනයේ ,
     
     “ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක්‌ සඳහා ජපානයට වැඩම කර තිබූ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්‌ථානවල නායක ස්‌වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේද සහභාගි වී ඇත.
     
     එම අවස්‌ථාවේදී ලබාගෙන ඇති ඡායාරූප කිහිපක්‌ භාවිත කරමින් ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ එක්‌වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බව දන්වා සිටිමු.” යයි සදහන් වේ.