Author: Editor[N]

  • විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04) වනවිට අගමැති සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසයි.
     
     2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම ජනවරම පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට උත්සාහ දරන ජනපදනමක්‌ නැති මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කරන බවත් ඊයේ (2) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටි අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දේශපාලනඥයන් එක්‌වන බවත් එය ජයග්‍රහණය කරවන බව පැවැසූ ඇතැම් දේශපාලනඥයන්ද අගමැතිට සහාය දීමට සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට පොලී ආදායමේ සීමාවකින් තොරව 5% ක වාර්ෂික බද්දක්

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට පොලී ආදායමේ සීමාවකින් තොරව 5% ක වාර්ෂික බද්දක්

    නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

    බදු නිදහස්‌ සීමාවක්‌ ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක්‌ වන අතර මේ අනුව ඔවුන්ගේ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 15 ක්‌ දක්‌වා බද්දෙන් නිදහස්‌ වේ. එනම් මසකට රු. 125000 ක්‌ දක්‌වා ඔවුන්ගේ පොලී ආදායමට බදු අය නොකෙරේ.

    මේ අනුව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා බැංකුව ගෙවන පොලී ආදායම මත මේ සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගනු ලබන අතර ඊට අමතරව විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායමෙන්ද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කෙරෙනු ඇත. මෙය ඉදිරියේදී විදේශ සේවා නියුක්‌තිකයින් රටට විදේශ විනිමය එවීම අධෛර්යවත් වීමට හේතු වනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශ නියෝජිතයෝ සඳහන් කරති.

  • එජාපයේ 25කට වඩා රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙනවා

    එජාපයේ 25කට වඩා රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙනවා

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක්‌ ඡන්දය දෙන්න සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

    “රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැන් තමන්ගේම පක්‍ෂය තුළින්ම විරෝධයක්‌ එල්ල වෙලා තියෙනවා. මේ විශ්වාසභංගය ගේන්න කලින් නම්බුකාර විදිහට අගමැතිවරයා තනතුර දාලා ගියා නම් හරිනේ. දැන් මේ තනතුර දාලා යන්න එතුමාගේ කැමැත්තක්‌ නැහැ. ඒ තරම් බල තණ්‌හාවෙන් ඉන්නේ. පක්‍ෂයේ නවකයකුට අගමැතිකම ප්‍රදානය කරන්න කැමති නැහැ. කොහොම වුණත් එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනකොට එතුමාට ගෙදර යන්න වෙනවා. අපිට ඕන හොඳ අවංක අගමැතිවරයෙක්‌. රටට ආදරය කරන රට සංවර්ධනය කරන අගමැතිවරයෙක්‌” යැයි ඒ මහතා මාධ්‍ය අමතා වැඩිදුරටත් කියා සිටියේය.

  • උතුරේ වැසියන්ට අවුරුද්දට ඉඩම් තෑගි

    උතුරේ වැසියන්ට අවුරුද්දට ඉඩම් තෑගි

    යුද හමුදාව විසින් ප්‍රයෝජනයට ගත් ඉඩම් වලින් විශාල ප්‍රමාණයක්‌ සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමඟම උතුරේ වැසියන්ට ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 29 දා යාපනයේදී පැවැසීය.

    යුද හමුදාපතිවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්‌ යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණු අතර එම හමුවෙන් පසුව අදහස්‌ දැක්‌වූ යුද හමුදාපතිවරයා කියා සිටියේ අවුරුදු මාසය උතුරේ වැසියන්ට ඉතාම වැදගත් මාසයක්‌ වන බව නිසැක බවයි.

    ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා සමඟ ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවත් ඊට අවශ්‍ය විසඳුම් ඉතා ඉක්‌මනින් පියවරෙන් පියවර සිදුකරමින් පවතින බවත් යුද හමුදාපතිවරයා කියා සිටි අතර ආරක්‍ෂක අංශ විසින් භාවිත කරනු ලබන යාපනයේ වැසියන්ට අයත් ගොඩනැඟිලි කීපයක්‌ පිළිබඳවද ප්‍රධාන අමාත්‍යවරයා තොරතුරු ඉදිරිපත් කළ බවත් එම ගොඩනැඟිලි ඉතා ඉක්‌මනින් නිදහස්‌ කිරීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

    ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳවද ප්‍රධාන අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කොට ඇති අතර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් නාවික හමුදාව ඉතා අගනා කාර්යභාරයක්‌ ඉටුකරන බව දෙදෙනා අතර වූ සාකච්ඡාවේදී අවධාරණය වූ බවත් මේ සාකච්ඡාවේදී උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

  • විශ්වාසභංගයෙන් රනිල් දින්නොත් සම්මුති ආණ්ඩුව එතනින් ඉවරයි

    විශ්වාසභංගයෙන් රනිල් දින්නොත් සම්මුති ආණ්ඩුව එතනින් ඉවරයි

    විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කල අතර සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුද එය සහතික කළහ.
     
     අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම ලබන 02 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදීද මෙම කරුණු තවදුරටත් ස්‌ථිර වන බවත් ඔවුහු කීහ.
     
     යහපාලන රජය තවදුරටත් ඉදිරියට ගෙන යැමේ එකම බාධාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි මතයේ මුරණ්‌ඩු සහගත කටයුතු බවත් පැවසූ එම ඇමැතිවරුන් තවදුරටත් සඳහන් කළේ “රනිල් දැන් හිටියා ඇති ගෙදර යන්න” යනුවෙනි. 
     
     එක්‌සත් ජාතික පක්‌ෂයත්, යහපාලන රජයත් සහ රටත් බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්‌විය යුතු බවත්, ඒ සඳහා ඔහුට අද (31 වැනිදා) සහ හෙට (01 වැනිදා) යන දෙදින ඉතුරුව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
     
     අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්‌වුවහොත් යහපාලන ආණ්‌ඩුව ඉදිරියට යනු ඇතැයිද විශ්වාසභංගයේ කරුණුවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට හදවතට එකඟව විරුද්ධ විය නොහැකි යෑයිද එම ඇමැතිවරු කීහ.

  • රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාද විශ්වාසභංගය පස්‌සේ යන හින්දයි.

    රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාද විශ්වාසභංගය පස්‌සේ යන හින්දයි.

    “ආණ්‌ඩුව මුහුණ පා තිබෙන මෙම අර්බුදය නිසා ජනතාව කලකිරී සිටිනවා ආණ්‌ඩුවට හැමදාම අහන්ඩ ලැබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගැනයි. ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි කියා ආණ්‌ඩුව නිතරම කතා බහ කරනවා. රටේ ප්‍රශ්න ගැන බලන්නේ නැහැ. රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාද වෙන්නේ මේ විශ්වාසභංග යෝජනාව පස්‌සේ යන හින්දයි.

    විශ්වාසභංග යෝජනාවට අපේ සහාය ලැබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය මතයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ගැන වැඩි විස්‌තර ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එය එදාට බලාගනිමු යැයි විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත.

     

  • මංගලගේ යෝජනා රටේ ස්වාධීනත්වය නැති කරනවා …. මංගලට එරෙහිවත් විශ්වාසභංගයක් ගේන්න ඕන

    මංගලගේ යෝජනා රටේ ස්වාධීනත්වය නැති කරනවා …. මංගලට එරෙහිවත් විශ්වාසභංගයක් ගේන්න ඕන

    මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර ඇමැතිවරයා සම අනුග්‍රහය දැක්‌වූ 30.1 යෝජනාව නිසා මෙරට ස්‌වාධීනත්වය සහ ස්‌වාධිපත්‍යය නැති වී ඇති බවත්, එම නිසා ඔහුට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ආ යුතු බව රියර් අද්මිරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය. වීරසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කළේ ඉකුත් 29 වැනිදා එළිය සංවිධානය ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දැක්‌වූ වීරසේකර මහතා මෙසේ ද පැවසීය.
     
     “පසුගියදා පැවැති 37 වැනි මානව හිමිකම් සමුළුවේදී මානවහිමිකම් කොමසාරිස්‌ විශේෂ ප්‍රකාශයක්‌ කළා. එම ප්‍රකාශයේදී 30.1 යෝජනාවේ සමහර කොන්දේසි ඉටුකිරීම පිළිබඳව සතුට පළ කළා. සමහර කොන්දේසි ඉටුනොකිරීම පිළිබඳව කනගාටුව පළ කළා. අතුරුදහන්වීම පිළිබඳව සෙවීමේ කාර්යාලය පිහිටවුවත් එයට නිලධාරීන් පත් නොකිරීම පිළිබඳව කනගාටුව පළ කළා. ආණ්‌ඩුව පසුවදාම එම කාර්යාලයට නිලධාරීන් පත් කළා.
     
     30.1 යෝජනාව අපි සම අනුග්‍රහය දැක්‌වූ නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටිනවා. ඊශ්‍රායලයට එරෙහිව යෝජනා 65 ක්‌ පමණ සම්මත කර තිබෙනවා. නමුත් එම රට ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. නමුත් ආණ්‌ඩුව 30.1 යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වූ නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අතුරුදහන් කිරීම් සෙවීමේ කාර්යාලය බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සෙවීමේ පනත ගෙන ඒමට සිද්ධ වූයේ එම නිසා තමයි. එබඳු පනත් සම්මත කරල තිබෙන්නේ රටවල් 20 ක පමණයි. ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් පවා එබඳු පනත් සම්මත කර නැහැ. ඒ වගේම කිසිදු ජනවරමක්‌ නැතිව ජාත්‍යන්තරයේ සහ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත ආණ්‌ඩුව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමටත් කටයුතු කරමින් සිටිනවා.
     
     ඒ වගේම මානව හිමිකම් කොමිසම සංක්‍රමණික යුක්‌තිය ඉටුකළ යුතු බව පවසනවා. එබඳු නීති පනවන්නේ වසර ගණනාවක්‌ පුරා ප්‍රජාතන්ත්‍රවාදය කඩ කළ රටවල් පමණයි. නමුත් අපි 1947 සිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබෙනවා. එම නිසා එම නීතිය අපට අදාළ වන්නේ නෑ.”
     
     ඊට පසු අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය,
     
     “30.1 යෝජනාව 2015 ජනවාරි 08 ලැබුණු ජනවරමට අනුව ඉදිරිපත් වූ බව ප්‍රකාශ වූවා. නමුත් අපි පෙන්වා දුන්නා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවැති මැතිවරණයේ ප්‍රතිඵල වලින් සියල්ල ප්‍රතික්‍ෂේප කර ඇති බව.
     
     මානව හිමිකම් සමුළුව ඇමතූ සමහරුන් තමන්ව හඳුන්වා දුන්නේ ඊළාම් රාජ්‍ය බව පවසමින්. ඔවුන් අපගේ ඉතිහාසය විකෘති කරමින් අදහස්‌ දැක්‌වූවා. සමහරුන් ඔවුන්ගේ රට සිංහලයන් බලෙන් ලබාගෙන ඇති බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුද්ධයෙන් කිරීමට නොහැකි වූ දේ නීතියෙන් ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා.”

  • සා/පෙ විශිෂ්ඨ සාමාර්ථ 9ක් ගත් සිසුවා අනතුරින් මරුට

    සා/පෙ විශිෂ්ඨ සාමාර්ථ 9ක් ගත් සිසුවා අනතුරින් මරුට

    යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය කොනේස්වරන් ගාරුසන් නැමති සිසුවා 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵලයන්යන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.

    යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි මෙම සිසුවාගේ විභාග ප්‍රතිඵල විශිෂ්ඨ අයුරින් පැවතීම හේතුවෙන් දෙමාපියන් ඇතුල ඥාතීන් මෙන්ම ගම්මානයම ඉතා ශෝකාකූලව සිටින බවට කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

     

  • රනිල් එලවීමට නුවර සිට කොළඹට පා ගමනක්

    රනිල් එලවීමට නුවර සිට කොළඹට පා ගමනක්

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට සහය පළකරමින් ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගෙන නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කොට ඇත.

    අග්‍රාමාත්‍යවරයා විසින් ඒකාධිපතියෙකු ලෙස තම ගජ මිතුරු සමාගමට රටේ පොදු දේපළ හා රටේ වටිනා කියන මුල්‍ය ආයතන කොල්ල කන්නට ඉඩදෙමින් කරගෙන යන ගජ මිතුරු පාලනය අවසන්කොට රට තුල ශක්තිමත් ආර්ථිකයක් ඇතිකළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගැනීමට බල කිරීම මෙම පා ගමනේ අරමුණ බව සංවිධායකයන් පවසයි.

    යහපාලනය පැමිණ වසර තුනක් ගත වුවද රටේ මහජනතාව බලාපොරොත්තු වූ කිසිදු යහපත් දෙයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කරන ජනබල අරගල ව්‍යාපාරය තමන් ප්‍රධාන කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම පා ගමන සංවිධානය කල බව ප්‍රකාශ කරයි. එනම්,

    • මහ බැංකු කොල්ලයේ මහ මොළකරු වහා අත්අඩංගුවට ගනු.
    • ජීවන බර සැහැල්ලු කරනු.
    • රාජ්‍ය දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට නොදෙනු.
    • තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවට වහා උත්තර දෙනු.
    • වතු ආර්ථිකය ශක්තිමත් කරනු.

    යන්න එම සටන් පාඨයි.

    “ ජනබල අරගලය ” ව්‍යාපාරය  මෙය සංවිධානය කිරන අතර තමන් මූලිකත්වය ගත්තද මේ සදහා රටේ තිබෙන සියලුම දේශපාලන සංවිධානවලට  විවෘත ආරාධනයක් කර ඇති බව ඔවුන් පවසයි.

     

  • වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී තොරණ ප‍්‍රදර්ශණය තහනම්

    වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී තොරණ ප‍්‍රදර්ශණය තහනම්

    වෙසක් සහ පොසොන් පොහොය දිනවලදීප‍්‍රතිපත්ති පූජාවට ප‍්‍රමුඛත්වය ලබා දීමට බෞද්ධ සැදැහැවතුන් පොළඹවාලීම සඳහා තොරණ ප‍්‍රදර්ශණය තහනම් කිරිමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසයි.
    වෙසක් පොහොය දිනයේදී කි‍්‍රයාත්මක කිරීම සඳහා යෝජනා සමූහයක් විහාරස්ථාන වෙත ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන බවත්වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී දන්සැල් ලබාදෙන්නන් සඳහාද සීමාවක් පනවන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
  • විශ්වාසභංගය පැරදවීමට එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

    විශ්වාසභංගය පැරදවීමට එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඊයේ (29 දා) ඒකමතිකව තීරණය කර ඇත.

    විශ්වාසභංගය විවාදයට පසුදිනම එනම් 6 සහ 7 යන දිනවල පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇති අතර පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාසභංග යෝජනාවට පෙර 1 සහ 3 යන දිනවලදී සිදුකළ යුතු බවට පාලිත රංගෙ බණ්‌ඩාර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු කිහිප දෙනකුම එහිදී යෝජනා කර ඇත.

    ඊට අමතරව 2020 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු වෙනුවට අනිවාර්යයෙන්ම අලියා ලකුණ යටතේ එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටද ඔවුන්ගේ අදහස වී ඇති අතර තවදුරටත් බොරු නොකොට පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් සිදුකොට පක්‍ෂයේ පැහැදිලි වෙනසක්‌ කළ යුතු බව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අදහස වූ බව සුජිව සේනසිංහ මහතා මාධ්‍යට පැවැසීය.

    මේ අනුව විශ්වාසභංග යෝජනාව පරාජය කර ඊට පසුව පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට අවසානයේදී තීරණය වී ඇත.

    පක්‍ෂය තුළ සිදුවිය යුතු වෙනස්‌කම් පිළිබඳ නිර්දේශ කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටුවේ උපදෙස්‌ මෙන්ම ප්‍රාදේශීය සභා, පළාත් සභා නියෝජිතයන්ගේ සහ පාක්‍ෂිකයන්ගේ අදහස්‌ සැලකිල්ලට ගනිමින් පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන ලෙස අගමැතිවරයා එහිදී පවසා ඇත.

    මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් තිලක්‌ මාරපන කමිටුවේ නිර්දේශයක්‌ වන උපනායක තනතුරින් රවී කරුණානායක මහතා ඉවත් කළ යුතු බවට වන යෝජනාවද සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී ඒ සම්බන්ධව නීතිපතිවරයා තවම නිසි තීන්දුවක්‌ ගෙන නැති බැවින් ඒ පිළිබඳ තීරණය පසුවට ගැනීමට පක්‍ෂය තීරණය කළ බව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ වැඩිදුරටත් පවසයි.

  • ෆේස් බුක්හි Partner Categories අවලංගු කරයි

    ෆේස් බුක්හි Partner Categories අවලංගු කරයි

    Facebook සමාජ ජාල අඩවියෙහි Partner Categories යනුවෙන් වර්ගීකරණය කොට ඇති දැන්වීම් ප්‍රචාරණ ක්‍රමවේදය අවලංගු කරන බව Facebook ආයතනය පවසයි.

    මිල දී ගැනීමේ ක්‍රියාවලිය වැනි මාර්ග අපගත දත්ත එක්රැස් කර තම සේවා ලාභීන්ට සැපයීමට Experian සහ Acxiom වැනි ප්‍රමුඛ පෙළේ තෙවැනි පාර්ශ්වකාර ආයතනවලට මෙම ප්‍රචාරණ ක්‍රමවේදයෙන් ඉඩ ලබා දුන් අතර Cambridge Analytica විසින් Facebook පරිශීලනය කරන්නන් මිලියන 50ක් දෙනාගේ පෞද්ගලික තොරතුරු සොරාගත් බවට චෝදනා එල්ල වීමෙන් පසුව මෙම අවලංගු කිරීම සිදු කර ඇත.

    මීට අමතරව තම දැන්වීම් ප්‍රචාරණ පහසුකම් අවභාවිතයට එරෙහිව Facebook ආයතනය ගත් තවත් එක් පියවරක් ලෙසින් මෙය සැලකේ.ඉදිරි මාස හයක කාලයේදී ක්‍රම ක්‍රමයෙන් සිදු කරනු ලබන මෙම අවලංගු කිරීමෙන්, Facebook පරිශීලනය කරන්නන්ගේ පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවට එම ආයතනය විශ්වාසය පළ කරයි.

  • විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

    විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.

    කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ උදාර මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

  • ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

    ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

    ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන සමිබන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්න යන අයව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද හිටපු හමුදා කර්නල්වරයාව අද (29) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

  • සාමාන්‍යපෙල ප්‍රතිඵල නිකුත් වේ… ප්‍රථම ස්ථාන 6ක්

    සාමාන්‍යපෙල ප්‍රතිඵල නිකුත් වේ… ප්‍රථම ස්ථාන 6ක්

    2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk වෙබ් අඩවියට පිවිස නියමිත ස්ථානයේ විභාග අංකය නිවරැදිව ඇතුළත් කිරීමෙන් එම ප‍්‍රතිඵල ලබාගත හැක.
     
    2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 6 ලක්ෂ 80,000කට වැඩි පිරිසක් පෙනී සිටි අතර ඔවුන්ගෙන් සියයට 73ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවත් අයදුම්කරුවන් 9960 දෙනෙකු විෂයන් නවයටම සාමාර්ථ ලබාගෙන ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පැවසයි.
     
    සමස්ත ලංකා මට්ටමින් හොඳම ප‍්‍රතිඵල සැලකීමේදී ඉදිරියෙන්ම සිටින 15 දෙනාගෙන් 12 දෙනෙකුම බාලිකාවන් වන අතර කොළඹ දිස්ත‍්‍රික්කයට 05ක්, ගම්පහට සහ මහනුවරට 03 බැගින්ද මාතර දිස්ත‍්‍රික්කයට 02ක් සහ රත්නපුරයට සහ යාපනයට 01 බැගින් මෙම හොඳම ප‍්‍රතිඵල 15 බෙදීගොස් ඇත.
     
    ප‍්‍රථම ස්ථානලාභීන් 06 දෙනෙකු සිටීම 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵලවල තවත් විශේෂත්වයක් වන අතර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුම ඒ අතර සිටීම තවත් විශේෂත්වයකි. ඒ, කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න සහ චමෝදී රවීසා සුබසිංහයි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප‍්‍රභාවි රණසිංහ සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර ද ප‍්‍රථම ස්ථාන ලබාගෙන ඇත.මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප‍්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාලයේ කවීෂ ප‍්‍රතිභාත් අනෙක් ප‍්‍රථම ස්ථාන ලාභීන් දෙදෙනායි.
     
    මේ අතර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් ඒ සඳහා 1911 ක්ෂණික අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්ථමේනුතුව සඳහන් කරයි.