කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

 පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ  සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර…
සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර

සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් රජයෙන් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන හා පුනාවර්ථන වියදම් සහ කොතලාවල…
මහබැංකු හොරා ලෙස ඡෝදනා ලැබූ අර්ජුන් මහේන්දුන්ට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය අදින් (08) අවසන් වේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට…
වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි

ජනප්‍රිය වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා ඉකුත් ඉරිදා සවස මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණු “අං ආවෝ” නාට්‍යයේ දර්ශනය රඟදැක්වූ අවස්ථාවේ එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නාට්‍යයේ දරුශණයක් වෙනුවෙන් ඔහු බිම වැතිර සිටියදී මෙසේ වහලයේ…
දිවයින පුරා තරුණ තරුණියන් 60000 කට අධික පිරිසක් සහභාගී වුණ Youth with Talent අවසාන මහා තරඟය නැරඹීමට එරංද වැලිඅංගේගෙන් සැමට ආරාධනා

60000 කට අදික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූ දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ යූත් විත් ටැලන්ට් තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු මස 10 වන සෙනසුරාද දින රාත්‍රී 7. 00 ට ආරම්භ වන බවත් එම තරඟය නැරඹීමට සියළු දෙනාටම තමා ආරාධනා කරන…
ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන්…
වත්කම් හෙළිනොකරපු හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට දඩ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි…
සුරක්ෂා රක්‍ෂණාවරණය යටතේ මේ වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන්

අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය  සඳහන් කරයි. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය…
ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්

ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින්  සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී සභාපති තනතුර හිමිව ඇත. පසුගිය 04 වැනිදා සහ…
මහින්දානන්ද වෙනුවෙන් දිනේෂ්,ඩලස් හා වාසු පෙරට

ඊයේ දිනයේදී අලුත්ගමගේ මහතා අධිකරණයට කැඳවා  තිබීම හේතුවෙන්ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට තිබූ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය වී තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(06දා)පැවසීය . මීට පෙර කථානායකවරයා හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව අවස්ථා දෙකකදී සාකච්ඡා…
ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

නිදහස්කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට දින (6) ආරම්භ වේ. තරඟ 06කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම නව මුහුනුවරකින් පිටියට පිවිසෙන බව සඳහන් වේ. නිදහස් කුසලාන තරඟාවලිය සඳහා…
නැගෙනහිර – මෘගයා, සයිබීරියානු වළසා සහ හිම කාලතුවක්කුව නිසා යුරෝපයේ 60ක් මරුට

යුරෝපාකරය පුරා දැන් පවතින අධි ශිත කාලගුණය සහ හිමපතනය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 60 ක් පමණ වාර්තා වන බව විදෙස් වාර්තා වල සඳහන් වන අතර ඉන් 23 දෙනෙකුම පෝලන්තයේ අධි ශීත තත්ත්වයට ගොදුරු වූවන් වේ. අධික හිමපතනය නිසා අයර්ලන්තයේ ප්‍රවාහන…
ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදයි

ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදට(03) යෙදෙන යෙදී ඇත. ඒ වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බවයි. ලංකාව තුල වසරකට ලක්ෂ 4 ක් ගැබ් ගන්නා බවත් …
පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වේ

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී ඇත. කාලයක් තිස්සේ අසනීප තත්වයේ සිටි උන්වහන්සේ අද (03) අලුයම අපවත් වී ඇති අතර අපවත් වන විට වන්වහන්සේ  54 වැනි වියේ පසුවිය.බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානත්වය දැරූ උන්වහන්සේ ධර්මප්‍රචාරය වෙනුවෙන්…
ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇති අතර එහිදී ඔහු  තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර ඇත.  මෙසේ ජිනීවා වෙත පැමිණීමට පෙර ඔහු…
රනිල් පන්නන්න පක්ෂ රැසක් සහය දීමට එකඟ වෙයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බව දේශපාලන ආරංචි…