Author: Editor

  • ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ සැතපුම් 1.6ක් දිග විශාල පාලමක ගැටී එම අති දැවැන්ත පාලම මුලුමනින්ම කඩා වැටී ඇත.

    Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.

    පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මුලදී වාර්තා වී නොතිබුණද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

    වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව ද වාර්තා විය.

  • කවුද මේ රටම පිස්සු කරපු ජෝඩුව.. (Photoshoots + Dance Videos)

    කවුද මේ රටම පිස්සු කරපු ජෝඩුව.. (Photoshoots + Dance Videos)

    වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

    නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ අතර ඔවුන්ගේ ආදර කතාව සහ Photoshoots මෙසේ පලකරන්නෙමු.

  • බංගලි පරදා අපේ කොල්ලෝ පෙරමුණේ..

    බංගලි පරදා අපේ කොල්ලෝ පෙරමුණේ..

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරගය ජයගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ලකුණු 182 කට සීමා කරමින් ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

    තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (ලකුණු 102 & 108) සහ කමිඳු මෙන්ඩිස් (102 & 164) ඉනිම දෙකේදී ශතක දෙක බැගින් රැස් කිරීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 188ක් රැස් කළ අතර ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 182ක් පමණි.

  • FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි.

    මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි. එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක් ඔස්සේ තරුණියට පණිවුඩයක් යොමු කර තිබුණේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් සමගයි. නමුත් එම Link එක විවෘත නොකළ තරුණිය එය සිය පෙම්වතාට යවා ඇත්තේ එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි.

    පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව උදාවී තිබේ. පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබිණි.

    පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බව වාර්තා වුණි. නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.

    ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබේ.

    තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකිවුණි. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.

    සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙකි. නමුත් වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු හදාරා ඇත්තේ අන්තර්ජාලයෙනි.

    “ඉගෙන ගත්තේ Youtube එකෙන් බලලා.”

    ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා අදාළ තරුණියට චොකලට් පැකට් කිහිපයක්ද රැගෙන පිළියන්දලට පැමිණ තිබිණි. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවය.

    ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදෙනු ලැබීය.

    උපුටා ගැනීම: අද දෙරණ

  • කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

    කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

    පසුගිය කාල වකවානුවේ කතරගම දේවාලය සම්බන්ධ පුවත් මැවූ සිද්ධි දාමයක් මාධ්‍ය කරලියේ උණුසුම් පුවත් බවට පත් විය. ලොව්තුරා ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර ආශිර්වාදය ලත් ලක්ෂ සංඛාත සිංහල – ද්‍රවිඩ බෞද්ධ – හින්දු බැතිමතුන් ගේ ශුද්ධ වූ පූජනීය ස්ථානය වන කතරගම පිලිබදව මාධ්‍යයෙන් හුදී ජනතාවගේ අවධානය ට ලක් කලේ එහි සිදු වූ අක්‍රමිකතාවයක් ගැන පමණි. එහෙත් ඊට ඔබ්බෙන් සැගවුණු ක්‍රියාදාමයන් බොහෝමයකි.

    රන් තැටියක් අස්ථාන ගත වීමක් සම්බන්ධ අක්‍රමිකතාවයක් කතරගමින් මතුවන්නේ ඊට පෙර සිදු වූ දැවැන්ත සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙස බව දැන් දැන් සාක්ෂි සහිතව සනාථ වී තිබේ.

    එනම්, වසර 50 කට ආසන්න කාලයක් කදිර දේවරාජයාණන් වහන්සේගේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ” ගිණි පෑගීමේ ” චාරිත්‍රය පවත්වන ස්ථානය දේව සම්ප්‍රදාය කඩ කරමින් වෙනස් කිරීමට කටයුතු කිරීමයි.*

    *2022 වසරේ කතරගම මහා මංගල්‍යයේ දී වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් හදිසියේ ඉතාම කූඨ හා ප්‍රයෝගකාරී ලෙස දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණි පෑගීමේ චාරිත්‍ර ස්ථානය වෙනස් කරයි !*

    එනම් මහා දේවාල වාහල්කඩ ඉදිරිපස අතීතයේ සිට ගිණි පෑගූ ස්ථානය, ඊට මීටර් 150ක් පමණ දුර වල්ලී මාතා දේවාලය සමීපයට ගෙන ගොස් ගිණි පෑගීම සිදුකරමිනි.

    අනපේක්ෂිත ලෙස සිදු වූ මේ දේව සාම්ප්‍රදාය කඩ කිරීමට කපු මහත්වරු පමණක් නොව , පමණක් නොව ලක්ෂ අධික ශුද්ධ වූ සිංහල ද්‍රවිඩ බැතිබතුන්, මාස ගණනක දැඩි දුෂ්කර ගමනින් පාද යාත්‍රාවන් පැමිණි උතුර නැගෙනහිර ආඩි වේල් බැතිමතුන් සහිත ජන ගංගාව ඉමහත් කලකිරීමටත් උරණවීමටත් පත්විය. ඊට මහා දේවාලයේ ඓතිහාසික සාම්ප්‍රදාය සුරැකි සියල්ලෝ දැඩි ලෙස විරුද්ධ විය. මෙය නියත දේව කෝපය හිමිවන්නක් බව ඔවුන් පෙන්වා දී ඇත. මීට බස්නායක නිලමේවරයා දක්වා ඇත්තේ, ඉතාම මෑතකදී ඉදිකල අභිනාවාරාමය නම් පන්සලේ චෛත්‍ය වෙත ගිණි පෑගීමේන් හානිවිය හැකි නිසා එම ස්ථානය වෙනස් කල බවයි. එය මහා හතරබීරී කතාවක් බව සියල්ලන්ට ප්‍රත්‍යක්ෂ වන්නකි. හේතුව නම් එහි දේවාලය ඉදිරිපිට 1990 ට පෙර වූයේ පර්චස් 10 පමණ ප්‍රමාණයේ පිහිටි කුඩා පන්සලකි. එයත් පුරාණ පන්සලක් නොව අතීතයේ දී කපු මහතුන් විසින් කතරගම ආයුපාල හාමුදුරුවන්ට තාවකාලිකව වැඩ සිටීමට පහසුකම් සලසන ලද මහා කපුරාළගේ නිල නිවසකි. පසුව බුදු කුටියක් හා දේවාල දෙකක් එහි ඉදි කරන ලදී. මේ කුඩා පන්සල වත්මන් නායක හිමියන් භාවිතා කොට ඇත. පසුකාලීනව එහි බිම් ප්‍රදේශය ව්‍යාප්ත කරමින් ගොඩනැගීම් කර ඇත. එකල ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙය දැක 1990 දී මෙම හාමුදුරුවන් අමතා මෙම පන්සල සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා නිර්ණායක හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්ණායක සියල්ලටම විරුද්ධ ගොඩනැගිල්ලක් බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතාම කරුණාවෙන් එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් දන්වා එයින් ඉවත් කර ඇත. නමුත් ඒ සදහා ප්‍රේමදාස ජනපතිතුමා විසින් නගර මධ්‍යයේ සුඛෝපභෝගී විහාර සංකීර්ණයක් ඉදිකර දී එම ස්වාමීන්වහන්ස් හට එය පූජා කර ඇත. අවාසනාවන්ත ලෙස ජනාධිපති ප්‍රේමදාස මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර මින් අවස්ථාව ලද මෙම ස්වාමීන්වහන්ස් නගර මධ්‍යයේ විහාරය සේම දේවාල භූමියේ පෙර පැවති විහාර ගොඩනැගිල්ලද යලි අත් පත් කරගන එහි වැඩ වාසය කර ඇත.

    අද මෙහි සත්‍ය තත්වය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ හා ඔහුගේ සමීප නෑයෙකු වන බස්නාහිර නිලමේ ඩිෂාන්ගේ බලය ලබාගෙන මෙම පන්සල මැණික් ගගේ ඉවුර පවා ආක්‍රමණය කර තිබීමයි. පර්චස් 10 තිබූ පන්සල අක්කරයක පමණ ව්‍යාප්ත කර ඇත. දුඛ්ඛිත ම කරුණ නම් මහා දේවාලයේ දේවරාජයාණන් වහන්සේගේ සිංහාසනය ට පවා ඉහලින් තට්ටු 3කට විහාරය සාදා එම ඉහල මහල් වල හාමුදුරුවනේ ගේ විවිධ සේවාවන් සිදු කරන පවුලේ නෑයන් පවා ලැගුම් ගැනීමය. එය ඇසි දිසි සනාථ සත්‍යකි !

    යටකී චෛත්‍යය පුරාවිද්‍යාව හෝ භෞතික සැලසුම් නීති තඹයකටදු මායිම් නොකර ගිණි පෑගීමේ ස්ථානයටම යාබද වන්නට ගොඩනංවන්නේ අභිනාවාරාමයේ නායක හාමුදුරුවන් විසින් 2022 වසරේදීය. කතරගම කිරි වෙහෙර වහන්සේ පූජනීයව වැඩ වසද්දී මහා දේවාලය ඉදිරිපිට දුටුගැමුණු සෑය නමින් සෑයක් හදන්නේ කතරගම කිරිවෙහෙරට ලැබෙන පුද පඬුරු හා වරප්‍රසාදයන් වලට බැදුණු අධික තණ්හාවත් කිරිවෙහෙරේ හාමුදුරුවන්⁣ට ඇති බලය උපක්‍රමිකව තමන් වෙතද ලබා ගැනීමේ අරමුණෙන්ය.

    දැන් අභිනවාරාමයේ හාමුදුරුවන් පවසන්නේ නව චෛත්‍යය වෙත හානිවන බැවින් දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණිපෑගීමේ චාරිත්‍රය පවත්වන ස්ථානය වෙනස් කල යුතු බවයි !

    2022 දී ඉතාම කූඨ හා අනපේක්ෂිත අයුරින් බස්නායක නිලමේවරයා විසින් ගිණි පෑගීමේ ස්ථානය හදිසියේම වෙනස් කලද, ඉන්පසු 2023 වසරේ ඇසල මහා මංගල්‍යයේදී සාම්ප්‍රදායික ලෙස අතීතයේ සිටම ගිණිපෑගීමේ ස්ථානයේම ගිණි පෑගීම සිදුකිරීමට දහස් සංඛාත ශුද්ධ බැතිමතුන්, කපු මහත්වරුන් දැඩි මතකය සිටියෝය. සාම්ප්‍රදායික ගිණි පෑගීමේ ස්ථානය වෙත දර ගෙන එන ලදී. මෙහිදී බස්නායක නිලමේවරයා හා ස්වාමීන්වහන්ස් මෙහි පැමිණේ. බස්නායක නිලමේවරයා පැමිණෙන්නේ පෞද්ගලික ආරක්ෂකයන්ද පිරිවරාගනය. මෙහි පැමිණෙන නිලමේවරයා කියා සිටින්නේ, ගිණිපෑගීම වහාම සාම්ප්‍රදායික ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් වහාම ගිණි පෑගීම මෙම ස්ථානයෙන් මෙවරද ඉවත් කර වල්ලි මාතා දේවාලය දෙසට ගෙනගිය යුතු බවයි. මෙය මහා අයුක්තිසහගත කුමන්ත්‍රණයක් බව පැමිණ සිටි සියලුම බැතිමතුන් දෝෂාරෝපණය කර සිය විරෝධතාවය දක්වා ඇත. එහිදී නිලමේවරයා රාළහාමි නම් ප්‍රධාන කපු මහතෙකු හා සියලුම කපු මහත්වරුන්ට ද ඊට රැස්ව සිටි පිරිසටද උරණ වී බැණ වැදී ඇත. එයින් උරණවූ දෙපිරිස අතර බහින් බස් වී ගැටුමක් ඇති වී එය පහරදීමක් දක්වා දුර දිග ගොස් තිබේ. ඉන්පසු සියලු බැතිමතුන් එක්ව සාම්ප්‍රදායික ව ගිණි පෑගීමේ ස්ථායේම 2023 වසරේ ගිණි පෑගීමේ චාරිත්‍රය සිදුකරනු ලබයි ! එයින් අනවසරයෙන් හා අලුතින් ඉදිකල චෛත්‍යය ට කිසිදු ආකාරයේ හානියක් ද සිදු නොවීණි.

    (මේ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂකයන් වට කොට ගත් නිලමේවරයාගේ අයුක්ති සහගත හැසිරීමත් කල කී දෑ හා ඇති වූ ගැටුම සම්පූර්ණයෙන් පුද්ගලයෙකු වීඩියෝ ගත කර YouTube සමාජ මාධ්‍යයේ පල කර තිබේ)

  • විපක්ෂයේම කාලය කන කාවෙක් ගැන ජවිපෙ ජනපති රනිල්ට කියු කතාව..!

    විපක්ෂයේම කාලය කන කාවෙක් ගැන ජවිපෙ ජනපති රනිල්ට කියු කතාව..!

    වැට් විවාදය ඝණපූර්ණය නැතිව ඇදවැටීම ආණ්ඩුවේ පසුබෑමකි. ලොකුවට දේශන දෙන ආණ්ඩුවේ ප්‍රධාන දෙදෙනා එහි චූදිතයන් වුවද පෙරලුනු පිට මත ගේම් ගහන ජනපතිට එය ගැටලුවක් නොවීය. කපටි නරියාගේ සටකපටකම් තුළ එය පසුදා දිනීම විපක්ෂයේ හා ඊට පස්ස හැරවූ ආණ්ඩුවේ දෙතුන් දෙනාගේ ද පරාජයකි. එම ඡන්ද මග හැරි ආණ්ඩුවේ කුමාරවරුa ජය සමරූ කනබොන රෑ පාටි වලට පැමිණීම විපක්ෂයේ ප්‍රහාරයට ද ලක් විය.

    ජනපති රනිල් බිලී පිත්තක් රැගෙන පසුගියදා විපක්ෂයේ ලොබියට ගියේය. මද්දුමබණ්ඩාර කබීර් හර්ෂ ට කතාකරන අතරේ අනුර දිසානායක අසලින් ගියේය.

    “මම ඔයාගෙ කතාව අහන්න ආවේ” රනිල් කීය.

    “මුළු විපක්ෂය වෙනුවෙන්ම කතා කරන්න කෙනෙක් ඉන්නවා..එයා අපේ වෙලාවත් අරන් කතා කරනවා” අනුර කියාගෙන ගියේ කාගේත් සිනාමැදය.

    “එහෙනම් එයා උතුරු කොරියාවට යවමු. එහෙත් තකා කරන්නෙ එක්කෙනයි නේ” රනිල් සජිත් මෙන්ම උ: කොරියාව ආදර්ශයට ගන්නා ජවිපෙ අනුර ද එක මිටට ගෙන පොළොවේ ගැසුවේය.

    “විපක්ෂයට කතා කරන්න වෙලාව නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්” මෛත්‍රී “හිටං” කීවේ ද එහෙමය.

    සජබ පිරිසක් සමග රනිල් ලොබියේ ඩීල්දාන බව ට ඔත්තු ලැබුණු සජිත් ද එහි ආවේය.

    “ඔබ ගැනයි මෙතන කතා කළේ” අයෙක් කීය.

    “මම ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම ඉටු කරනවා” සජිත් කීය.

    “ඒ වුණාට ඔයාගෙ ආණ්ඩුවේ මුදල් ඇමති ගොඩහේවා නේද” කපටි නරියා කළුගල් පදාස පවා පුපුරණ ඩයිනමයිට් එකක් පිපිරෙව්වේය.

    “නෑ නෑ ඇමතිකම් තීන්දු කරල නෑ” යයි කී සජිත් ලිස්සා ගියේය.

    මූලාශ්‍රය ජනපති ඊ කොලම – මහින්ද ජයතු ංග

  • ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී. ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

    උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආන්ඩුව යටතේ පිහිටුවා තිබුන දුෂන විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරන මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

    එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රනවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරද කරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.
    පාඨලි චම්පික රනවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරනය ඉදිරියේ අභියෝග කරන ලද අතර අද (14දා) සවස 1ට අභියාචනා අධිකරනය ඉදිරියේ පෙත්සම කැඳවනු ලබයි.

    පෙත්සම් කරු වෙනුවෙන් ජේශ්ඨ නීතීඤ ක්‍රිශ්මාල් වර්ණසුරිය මහතා පෙනි සිටියි. පාඨලී චම්පික රනවක මහතා පෙත්සම් කරු ලෙස ආයාචනය කර සිටින්නේ උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම් කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.

  • ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

    ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

    ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය.

    ‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය පැවැත්විණි. රටවල් 112ක් ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇත. කාර්මික විප්ලවය සමග ඇති වුණ සාමාජීය සහ ආර්ථික වෙනස්කම් සමග පීඩනයට පත් වුණ ගොවියා සහ කම්කරුවා නගා සිටුවීමේ අරමුණින් සමූපකාර ව්‍යාපාරය මූලිකව අරඹන ලදි. 1923 දී ප‍්‍රථම වරට ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීමට තීරණය කරන ලදී.

    ඒ අනුව සෑම වසරකම ජූලි මස පළමු වැනි සෙනසුරාදා ජාත්‍යන්තර සමූපකාර දිනය ලෙස නම් විය. ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු සණස ව්‍යාපාරය සාමාජිකයන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර සණස ප‍්‍රාථමික, දිස්ත‍්‍රික්ක, ජාතික සහ ජාත්‍යන්තර ලෙස මට්ටම් කිහිපයකින් ක‍්‍රියාත්මක වේ. එහි ප‍්‍රාථමික මට්ටමේ මූලික කාර්යයන් වන්නේ සාමාජිකයන්ගේ සකසුරුවම් බව වර්ධනය කිරීම, ආර්ථික වර්ධනයට මූල්‍ය සම්පත් සැපයීම, සාමාජිකයන්ට අධ්‍යාපනය සැපයීම ආදියයි.

    සමූපකාර ව්‍යාපාරය නිර්මාණය වුණේ ලෝකයේ අර්බුද පවතින අවස්ථාවකය. එනිසා ඉතාම අර්බුදකාරී අවස්ථාවල ප‍්‍රමුඛ බලපෑමක් කරන්න සමත් ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සමූපකාර ව්‍යාපාරය සෑම විටම ක‍්‍රියාත්මක විය. ‘‘වත්මන් කොවිඞ් අර්බුදය ඇති කළ ගැටලූ විසඳා ගෙන ජන ජීවිත ජය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න අප සුදානම්’’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය.

  • මහ බැංකුවේ කතන්දර පුස්සක් වෙයි.. ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

    මහ බැංකුවේ කතන්දර පුස්සක් වෙයි.. ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

    එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි.

    කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රු. 226.00 ක් තරම් ඉහළ අගයයක් පෙන්නුම් කර තිබුණු බවයි.

    ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවට අනුව රු. 203.00 ක් හා මහජන බැංකුවට අනුව 204.99 ක් ලෙසින් සටහන් වේ. කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව එය රු. 226.00 ක්, සම්පත් බැංකුව රු. 226.25 ක්, හැටන් නැෂනල් බැංකුව රු. 226.00 ක්  හා සෙලාන් බැංකුව රු. 225.00 ක් ලෙසින් අද උදෑසන සඳහන් කර තිබුණි.

    -අද දෙරණ-

    ලංකා බැංකුව

    මහජන බැංකුව

    කොමර්ෂල් බැංකුව

    සම්පත් බැංකුව

    හැටන් නැෂනල් බැංකුව

    සෙලාන් බැංකුව

  • එන්නත් පරදවන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…!

    එන්නත් පරදවන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…!

    දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

    නවසීලන්තයට කිසිදු රෝගියකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදී ඇති තත්ත්වයක් යටතේ වුව මෙම මාරාන්තික වයිරසය නවසීලන්තට ඇතුළු වූ බවත් ආචාර්යවරයා පෙන්වාදේ.

    ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන බැවින් මෙම වයිරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම ඉතා අපහසු බව ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ඔහු පෙන්වාදෙයි.

    ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රියා මාර්ගයන් ගත් නමුත් එම වයිරසයන් ආසාදනය වූවන් පසුව සමාජයෙන් වාර්තා වූ බවද ආචාර්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කරන තෙක් කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වාදෙයි.

    ශ්‍රියානි විජේසිංහ
    -දෙරණ අරුණ-

  • World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

    World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company”යන සම්මානවලින් පිදුම් ලැබීය.

    රටවල් රැුසක අවධානයට ලක්වන ලොව ඉහළ කීර්ති නාමයක් දිනූ World Economics සඟරාව වාර්ෂිකව ස්වාධීන අධ්‍යයනයක් ඔස්සේ මෙම සම්මාන පිරිනමයි. කොරෝනා නිසා වාරික ගෙවීමට නොහැකිව රක්ෂණ අක‍්‍රිය වූ ජීවිත රක්ෂණ හිමියන් 21000කට වැඩි පිරිසකගේ වාරික ගෙවා එම රක්ෂණ ඔප්පු යලි බලාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කළේය. බොහෝ සමාගම් ඉතා අසීරුවෙන් ව්‍යාපාර කරද්දී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ක‍්‍රියාත්මක කළ මෙම සත්කාර්යය සමාජ සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇගයීමට ලක් විය.

    මීට අමතරව කොරෝනා කාලයේදී නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය ආහාර පාන හා මුව ආවරණ සැපයීම, ජාතික කොවිඞ් 19 අරමුදලට මූල්‍ය දායකත්වය සැපයීම ඇතුළු සමාජ සත්කාර රැුසක නිරත විය. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තිරසාර ක්ෂුද්‍ර රක්ෂණ සමාගම ලෙස අවිවාදයෙන්ම පත් වීමට ප‍්‍රමුඛ හේතුව වන්නේ රක්ෂණයේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දසත විසිරුණු ග‍්‍රාමිය ජනතාවට රැුගෙන යාමට විශාල මෙහෙයක් සිදු කිරීමයි.

    එනිසා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ව්‍යාපාරයකට එහා ගිය සමාජ සත්කාර ආයතනයක් ලෙස ජන මනස තුළ ස්ථානගත වී ඇත. ”ග‍්‍රාමිය ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරන සමාගමක් ලෙස කොරෝනා කාලයේදී අසිරූතා මධ්‍යයෙ වුවද ව්‍යාපාරයට සම්බන්ධ සියලූ පාර්ශ්වවල යහපත වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියටත් විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගෙන ගොස් ඔවුන්ගේ රැුකවරණය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

  • Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

    ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කළේය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලාංකිකයින් එක්රොක් කිරීම සඳහා ‘නිල ඔල්වසරන් ගීතය’ දියත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

    ‘නිල ඔල්වරසන් ගීතය’ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔලිම්පික් රිදී පදක්ම් ජයග්‍රාහිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය, ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆාසිල් හුසේන් මහතා සහ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. ICL Brands හි සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති බජිරාදන්, එම සමාගමේ විධායක නිලධාරී රාකේෂ් කොස්ලා, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් කනෝජියා යන මහත්ම මහත්මීන්ද විශේෂ අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ. සහ නිල ඔල්වරසන් ගීතය දියත් කිරීම සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවීව විකාශය කරමින් සන්නිවේදන ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවත්වෙන කාලසීමාව පුරාවට ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත.

    මෙම අවස්ථාවට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊවා හි කාර්යභාරය අගය කරමින් මෙසේ පැවසුවාය “ICL Brands වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට ඉදිරිපත් වනු දැකීම මට විශාල සතුටක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ ක්‍රීඩිකාවක් වශයෙන් මෙහි වටිනාකම මා හොඳින් දන්නවා”

    (චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, සුසන්තිකා ජයසිංහ, දුශාන් වාස්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී, නිලූ ජයතිලක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ෆසීල් හුසේන් මහත්ම මහත්මීන් නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී.)

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය “සන්නාමයක් වශයෙන් ඊවා ක්‍රියාත්මක වන්නේ ‘විශ්වාසයෙන් පෙරමුණට’ යන තේමාව සමඟයි. එනිසා උත්සාහය, ධෛර්යය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීම වැනි වටිනාකම් ඊවා සන්නාමය නිතරම ප්‍රවර්ධනය කරන ගුණාංගයන්. අපි හිතන විදියට අද ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම, සාමාජිකාවක්ම මේ ගුණාංගවලට හොඳම උදාරහණයි. ඔවුන් තමන්ගේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමට වෙනුවෙන් අතිමහත් කැප කිරීමක් කරමින්, දැවැන්ත චිත්ත ධෛර්යයක් ඇතිව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් හට අපේ ගෞරවය ලැබිය යුතුයි. එනිසා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගන්වන අතරම සන්නාමයක් වශයෙන් අපි විශ්වාස කරන වටිනාකම් රැසක් ප්‍රවර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆසීල් හුසේන් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ‘නිල දිරිගැන්වීමේ සහකරු’ වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මම ඊවා වෙත ස්තූතිවන්ත වෙනවා. ටෝකියෝවට ගොස් සිටින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා ලෝකය ඉදිරියේ හිසින් දරා සිටින්නේ අපේ රටේ ගෞරවයයි. එනිසා ඔවුන් වෙත අපේ ආදරය, ගෞරවය සහ දිරිගැන්වීම නොඅඩුව ලැබිය යුතුයි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් එය අපේ යුතුකමක්. එනිසා මා සිය`ඵ සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ දිරිගැන්වීමේ වැඩසටහන හා සම්බන්ධ වී, අපේ ඔලිම්පික් කණ්ඩායමට සවියක් වීමට කටයුතු කරන ලෙසයි”

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය “මෙවර ටෝකියෝ හි පැවත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අතකින් සුවිශේෂයි. ඒ කණ්ඩායමේ සාමාජිකයින් 9 දෙනාගෙන් 5 ක්ම ක්‍රීඩිකාවන් වන නිසා. මෙය සිය`ඵ ශ්‍රී ලාංකික කාන්තාවන් ආඩම්බර විය යුතු කාරණයක් බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සන්නාමයක් වන ඊවා ඔලිම්පික් කණ්ඩායමේ නිල දිරිගැන්වීමේ සහකරු බවට පත්වීමත් ඒ ආකාරයෙන් සුවිශේෂී සිදුවීමක්. ඊවා විසින් මේ වෙනුවෙන් දරන වෑයම වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම කාන්තාවන් ඇතුඵ සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට මේ දිරිගැන්වීමේ වෑයමට දායක වන ලෙස ආරාධනා කරනවා”

    නිල ඔල්වරසන් ගීතය ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන අතර එහි පිටපත් දෙකක් හඳුන්වා දී ඇත. ‘ඇය වෙනුවෙන් ඊවා’ තේමාව සහිත ඔල්වරසන් ගීතය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ‘ඔබ වෙනුවෙන් අපි’ තේමාව සමඟ එන ගීතය සමස්ත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි. මෙම ඔල්වරසන් ගීතය කේන්ද්‍ර කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා ආදරණීය ශ්‍රී ලාංකිකයන් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රචාරණ මාධ්‍ය ගණනාවක් ඔස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ #wecan සහ #defybarriers භාවිතා කරමින් දිරිගන්වන්නන් හට මේ වෑයමට දායක විය හැකිය.

  • මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

    මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

    ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි.

    මෙල්ස්ටා සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහලක් වන ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරන අතර පසුගිය වසරේදී රාගම බ්‍රවුන්ස් රෝහල මිල දී ගෙන එය රාගම මෙල්ස්ටා රෝහල ලෙස නව සන්නාමයක් යටතේ අලුත් මුහුණුවරකින් දියත් කළේය. නව රාගම මෙල්ස්ටා රෝහල නවීන වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ඇති අතර අති නවීනතම විකිරණ සේවා තාක්ෂණයන්ගෙන් සහ සන්ධි බද්ධ කිරීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම කිරීමේ පහසුව සමඟ අංග සම්පූර්ණ වී ඇත. එමෙන්ම මෙල්ස්ටා රෝහල මෑතකදී නවීනතම තාක්ෂණයෙන් යුත් ආමාශ ආන්ත්‍රයික මධ්‍යස්ථානයකa (Gastro Intestinal Centre) සහ මෞත්‍ර ලිංගික වෛද්‍ය සේවා මධ්‍යස්ථානයක් (Urology and Transplant Center) ස්ථාපනය කළේය. රාගම මෙල්ස්ටා රෝහල නිවාස සාත්තු සේවා සැපයීම, ජංගම පරීක්ෂණ පහසුකම් සහ ගිලන්රථ සේවාවන් වැනි පහසුකම් රැසක් සපයන අතර ISO 9001, ISO 22000:2018, ISO45001 සහ ISO14001 වැනි ප්‍රමුඛතම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් දිනා ඇත.   

    2020 ජූනි මසදී මෙල්ස්ටා වෛද්‍ය රසායානාගාර සේවාව ආරම්භ කෙරුණු අතර නවීනතම පර්යේෂණ තාක්ෂණයන්ගෙන් සම්පූර්ණ මෙල්ස්ටා රසායානාගාර ජාලය මෙරට රෝහලකට අනුබද්ධ නොවන විශාලතම තනි රසායානාගාර ජාලයයි. මෙල්ස්ටා රසායානාගාර ජාලයේ ප්‍රධාන ශාඛාව කොළඹ පිහිටා ඇති අතර ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රාදේශීය වෛද්‍ය රසායානාගාර පිහිටා ඇත. ඊට අමතරව රෝහල් දෙකක මෙල්ස්ටා රසායානාගාර ක්‍රියාත්මක වන නිසා දිවයින පුරා ජනතාව විශාල ප්‍රමාණයකට ජාත්‍යන්තර මට්ටමේ රෝග විනිශ්චය පරීක්ෂාවන් පහසු මිලට කරගැනීමේ අවස්ථාව හිමි වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව පළමුවරට විගණනය කළ රසායානාගාර සේවාව මෙල්ස්ටා රසායානාගාර සේවය වන අතර මෙල්ස්ටා රසායානාගාරවලින් පහසුවෙන් කොවිඩ් 19 සඳහා PCR පරීක්ෂාව සිදු කරගැනීමට ජනතාවට අවස්ථාව ඇත.

    (වමේ සිට දකුණට) මෙල්ස්ටා ෆාමසි සභාපති අමිත ගුණරත්න මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය අරුණ ජයකොඩි, නිමල් නාගහවත්ත සහ ඩේමියන් ප්‍රනාන්දු මහතා.

    මෙල්ස්ටා සමාගමේ නවතම ව්‍යාපාරයේ ආරම්භය පසුගියදා මෙල්ස්ටා ඔසුසල (Melsta Pharmacy) නමින් දියත් වුණු අතර මේ නව පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ඔසුසැල් ජාලයද අනෙකුත් මෙල්ස්ටා ව්‍යාපාරයන් මෙන්ම සුවිශේෂීත්වයන් ගණනාවකින් සමන්විතය. මෙල්ස්ටා ඔසුසැල් ප්‍රධාන ශාඛාව විසින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වට්ටම්, රෝගීන් සඳහා විශේෂ උපදේශනය වැනි පහසුකම් හා සේවාවන් රැසක් සපයන පළපුරුදු වෘත්තීය කාර්යමණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන ඔසුසලකි. මව්වරුන් සහ ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල සිට, සුවතාවය සහ එදිනෙදා පරිභෝජනය සඳහා වන නිෂ්පාදන, පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන දක්වා පු`ඵල් පරාසයක භාණ්ඩ මෙල්ස්ටා ඔසුසලෙහි අලෙවි කෙරෙන අතර පාරිභෝගිකයින් හට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කර ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුවද මෙල්ස්ටා ඔසුසල විසින් හඳුන්වාදී ඇත.

    මෙල්ස්ටා ඔසුසල් ව්‍යාපාරයේ දියත් වීමත් සමඟ මෙල්ස්ටා හෙල්ත් සමාගම රෝහල් සේවාවන්ගේ සිට වෛද්‍ය රසායානාගාර සේවාවන් හා ඖෂධ සැපයීම දක්වා සම්පූර්ණ සෞඛ්‍ය සේවාවන් පරාසයක් වර්තමානයේදී ආවරණය  කරයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ වේගයෙන්ම වර්ධනය වන කීර්තිමත් සමාගමක් වශයෙන් සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට පහසු මිලට ඉහළම තත්ත්වයෙන් යුත් සේවාවන් ලබා ගැනීමට හැකි ආකාරයට අඛණ්ඩවම වර්ධනය වීම මෙල්ස්ටා සමාගමේ අපේක්ෂාවයි.

  • මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)

    මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබේ.

    කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුුවීමට පසුගිය දා තීරණය විය.

    ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙනි.

    එම අධිකාරිය මේ වන විට නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ස්ථාපිත කෙරෙමින් පවතී.

    එතෙක් එම අධිකාරිය සතුව තිබු ලොව වටිනාම මිල කළ නොහැකි බව පැවසෙන මැණික් 3ක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අද විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගියේය.

    උපුටා ගැනිම: අද දෙරණ

  • ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

    මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුුතුුු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

    උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධිියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

    තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

    වෛද්‍ය අනිදු පතිරණ
    සභාපති
    ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය

    උපුටා ගැනීම: ලංකා සී නිව්ස්

  • දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියට කොස්තාපල්ගෙන් අතවර..! (වීඩියෝ)

    පැමිණිල්ලක් සිදුකිරිමට නෙළුව පොලීසියට ගිය බාලවස්කාර දැරියක් එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු විසින් සිප ගැනිමේ සිදුවීමක් වාර්තා වේ.

    සිප ගැනීම සිදුකළ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

    නෙළුව ඉහළ ගිගුම්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් සිය මව සමග ඊයේ (29) නෙළුව පොලීසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් සිදුකිරීමටය.

    විමර්ශන සඳහා තමාට සහ දියණියට ඊයේ රාත්‍රිය වන තෙක් පොලීසියේ රැඳි සිටින ලෙසට නිලධාරින් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් එහි රැඳී සිට තිබේ.

    කෙසේවෙතත් අද (30) උදෑසන සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු ඔවුන් සිටි කාමරයට පැමිණ සිය දියණිය සිපගත් බව මව පවසයි.

    “පොඩ්ඩක් දොර අරින්න කිව්වා. මම දොර ලොක් කරලා යතුර තියාගෙන හිටියේ. මම දොර ඇරලා ලයිට් එක දැම්මා. එපා එපා ලයිට් දාන්න එපා කිව්වා. මම ලයිට් එක ටිකක් වෙලා තියාගෙන ඉදලා නිවලා දැම්මා. දරුවගේ ඔලුව අතගෑවා දෙපාරක්. හා අඬනවා ද? කියලා ඇහුවා. අහලා ගියා. ගියාට පස්සේ දොර ලොක් කරේ නෑ මට කෝල් එකක් ආවා මහත්තයාගෙන්. ඇවිල්ලා කිව්වා කෝල් එක ගන්න එහා පැත්තට යන්න කිව්වා. මම ගියේ නෑ වීදුරුව ළඟ හිටියා. ටක් ගාලා මේ මිනිහා දරුවා ළඟට ගියා. ඔලුව අතගෑවා. මූණ ඉම්බා. මම එක පාරට කෑ ගැහුවා උඹ මොකද්ද ඔය කරන්නේ කියලා.“

    දැරියගේ පියා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, කාන්තා පොලිස් නිලධාරියෙක් නොමැතිව තම දරුවා නවතා ගත්තේ කුමන පදනමකින් ද යන්න ය.

    “නීතිය රකින මේ වගේ ආයතනවල නීතිය රකින්නේ මෙහෙම ද? පොලීසියෙන් වැඩක් තියෙනවා ද මෙහෙම.“

    මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර දෙමාපියන්ට හොර රහසේ එම තරුණයා හමුවීමට ගොස් තිබේ.

    එම අවස්ථාවේ දී අදාළ තරුණයා දැරිය ව දූෂණය කර ඇති අතර ඔහු විසින් දැරියගේ වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    එම වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් අදාළ තරුණයා දැරියව සිව් වතාවක් පමණ නැවත නැවත ගෙන්වා ගෙන ඇතැයි ද පැවසේ. 

    අදාළ සිදුවීම දෙමාපියන් විසින් දැනගැනීමත් සමඟ එම තරුණයා අල්ලා පොලීසියට භාර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මව සමඟ ඊයේ දිනයේ දී නෙළුව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි.

    උපුටා ගැනීම: අද දෙරණ