Author: Editor

  • තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….

    මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

    එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

    යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට උවමනාවක් නැති බවක් තමන්ට පෙනෙන නිසා එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බව ඔහු කියා සිටියේය.

     

  • අත වෙනස් කරන්න ගිහින් ලොකු අවුලක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක ඡන්ද සලකුණ වන අත ලකුනේ හැඩය වෙනස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලනිපය මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

    [rns_reactions]

  • මා කිසිවිටෙක අගමැති තනතුර හෝ පක්ෂ නායකකම ඉල්ලුවේ නෑ.. ඕවා යු.ඇන්.පී කාරයෝ පතුරන බොරු..

    පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා කිසිවිටකත් කොන්දේසියක් නොදැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ඒකාබද්ධ විපක්ෂය අගමැති තනතුර ඉල්ලා සිටි බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවද හෙතෙම බ්‍රහස්පතින්දා (23දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය.

    මේ අතර ශ්‍රී ලනිපය ඉදිරිපත්කොට තිබෙන යෝජනා අධ්‍යයනය කිරීමට කමිටුවක් ඒකාබද්ධ විපක්ෂ විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    [rns_reactions]

  • දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.. එජාපයේ රනිල් බහුතරය අහිමිව අගමැති පුටුවෙන් විසිවීමේ අවදානමක..

    දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිතය.

    2018 අය – වැය විවාදයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වැනිදාය.
    දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිත බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව යම් යම් දේශපාලන පෙරැළි සිදුවීමට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි.
    ඊට අමතරව මෙම ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රණාමය පුද කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කෙළේය.

    මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් එකිනෙකාට ප්‍රබල විවේචන ප්‍රසිද්ධියේ එල්ල කරගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර මේ වි්‍යාකූලත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    මේ අතර මේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෝ පිරිසක් සූදානම් කරති.

    දෙසැම්බර් 8 හා 9 දිනවලට පෙර මේ තීරණාත්මක දේශපාලන හමුව පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

    [rns_reactions]

  • ගැටලු නැති පැතිවල ජනවාරි 27 ඡන්දෙ පවත්වන්න සුදානමක්…

    සීමා නිර්ණ ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතනවල ජනවාරි 27 වැනිදාට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට ස්වාධීන මැතිවරණ කොමිසමෙන් නිල නොලත් ආරංචියක් අපට ලැබි ඇත.

    දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද අයිතියට බරපතළ හානියක් සිදුවන බවත් එම නිසා අවම වශයෙන් දැනට සීමා නිර්ණය ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතන 80කට ආසන්න සංඛ්‍යාවේවත් ජනවාරි 27 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි නිලධාරීන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

    [rns_reactions]

     

     

  • පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….

    කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද  සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.
    එහිදී  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පසුගියදා ලබා දුන්  අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
  • රනිල්ට තරු පෙන්වමින් එජාපෙ 20ක් නිදහස් පක්ෂයට.. ජනපති මෛත්‍රී නායකත්වයෙන් නිදහස් පක්ෂ රජයක්

  • සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම පළමුතැනට එයි..!

    මිනිස්‌ ආත්මයක්‌ ලබා ගැනීම කණ කැස්‌බෑවා විය සිදුරකින් අහස බැලීම හා සමාන ඉතාම දුර්ලභ අවස්‌ථාවක්‌ බව අපේ ජනවහරෙහි අදහසකි. එම අදහස එන්නට ඇත්තේ මිනිස්‌ ආත්මයෙහි වැදගත්කම හුවා දැක්‌වීමට විය හැකියි කෙසේ වුවද අප කවුරුත් වෙහෙස වන්නේ අපට ලැබී ඇති ජීවිතය විඳින්නට විනා විඳවන්නට නොවෙයි. නමුත් කාටත් පොදු එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. සමහරු නොයෙක්‌ දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගනී. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක්‌ ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක්‌ වන්නේ කෙසේද?

    සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සමීක්ෂණයන්ට අනුව ලොව වැඩිම සියදිවි නසාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබේ.එම වාර්තාවන්ට අනුව ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයටම 34 දෙනෙකු දිවි නසා ගනී. ඉන් වැඩි ප්‍රතිශතය පිරිමින් වෙයි.එම අගය 58.8කි.මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් ගයනා රාජ්‍යට හා මොන්ගෝලියාවට හිමිව ඇත.

    ඇත්තෙන්ම සියදිවි නසාගැනීම සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව සිහි තබාගත යුතුය. සියදිවි නසාගන්නා තැනැත්තන් සියයට 90%ක්ම මානසික රෝගවලින් පෙළෙන්නන් බවද හෙළි කරගෙන ඇත. මතුපිටි‍න් පෙනෙන කරුණට වඩා ප්‍රශ්න වැලකින් මේ තැනැත්තන් පීඩනයකට යටත්ව සිටින බව තහවුරු වී ඇත. සියදිවි නසාගැනීම්වලට පෙලඹී දිවි බේරාගත් අයගෙන් ලබාගත් ‍තොරතුරුවලින් බහුතරයක්ම මේ ආකාරයේ ප්‍රශ්න වැලකින් පීඩනයට පත්ව සිටි අය බවත් අවසානයේ ඇති වූ සිදුවීම පමණක් ජනමාධ්‍ය විසින් හෙළි කර දැක්වීම නිසා සුළු ගැටලුවකට විසඳුම පවා ජීවිතය නැති කරගැනීම බව මාධ්‍ය මඟින් පෙන්වා දීමක් ලෙස සමාජයේ වැරැදි වටහාගැනීමකට ලක් කරගෙන ඇත. විශේෂයෙන්ම එයින් පසුව ගැටලුවක් ඇති නොවන බව මේ ක්‍රියාවට පෙලඹෙන්නන් තුළ වැරදි මත ආරෝපණය වන තත්ත්වයක් දක්නට තිබේ.

    එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්වතුරවලට ගොදුරු වීමද සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක්ව ඇත. මානසික අවපීඩනයකදී යම් පුද්ගලයකුගේ මොළයේ සතුට ගෙන දෙන රසායනික ක්‍රියාවලියේ අසමතුලිතතාවක් ඇති වන අතර, ඒ සමඟම සියදිවි නසාගැනීමේ මානසික ආශාවක් ඇති වන බව වෛද්‍ය මතයයි.‍

    දිගින් දිගටම මත්වතුර පානය කිරීමද සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුවක් වන අතර, මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.

    මානසික අවපීඩනය ඇති වූ අයවලුන් හඳුනාගැනීම අපහසු නැත. සුළු දෙයකට පවා තරහා යෑම, ස්වාමියා හෝ බිරිය සමඟ නිතර දබර කරගැනීම, රාත්‍රියේ නින්දෙන් අවදි වීම. දීර්ඝ කාලයක් තිසසේ පවතින හිසරදය, කම්මැළිකම, ලිංගික ආශා අඩු වීම, කෑම අරුචිය, සියලු දෙයම කෙරෙහි අසුභවාදි ලෙස බැලීම මේ ක්‍රියාවන්ගේ මූලික ලක්ෂණ ලෙස හට ගනී.

    තමාගේ දිවියේ කිසිදු හරයක් නැත යන සිතිවිල්ල ඇති වීම හා අවසානයේ ‘දිවිය නැති වනවා නම් මීට වඩා හොඳයි’ යන සිතිවිල්ල ඇති වීම සියදිවි නසාගන්නා පුද්ගලයන්ගේ මූලික සිද්ධාන්තයි.
    මේ තත්ත්වයන් ඇති වන පිරිස් රැසක් අප සමාජයේ සිටින අතර, පෙර සඳහන් කළ පරිදි මාධ්‍ය මඟින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තා කිරීමේ ක්‍රමවේදය නිසාද සියදිවි නසාගැනීම පිළිබඳව මනසේ ඇති වන දෙගිඩියාව පහව ගොස් සියදිවි නසාගැනීම වීරත්වයක් ලෙස ඇතැමුන්ට අදහසත් ඇති වන තත්ත්වයක්ද දක්නට ඇත.

    [rns_reactions]

  • එජාපයෙන් හොරු රකින්න බලපෑම් ආවොත් ජනපති තනතුරු අත ඇරලා ජනතාව සමග සටනට (VIDEO)

    දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

    වෙන්වීම පහසුවන වුවත් එක්වීම අපහසු බව ප්‍රකාශකල ජනාධිපතිවරයා කියා සිටියේ  දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සඳහා සියළු දෙනා එක්විය යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූවත්  එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බවද ජනාධිපතිවරයි කියා සිටියා.

    මේ පිළිබඳව ජනාධිපතිවරයා කල කතාව පහතින්.

     

    [rns_reactions]

  • පුංචි ඡන්දය ඉක්මන් කරන්න මැතිවරණ කොමිසම අද යළි රැස්වේ

    කල් යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (25) යළිත් රැස් වනවා. සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ඇති වී තිබෙන නීතිමය බාධාවන් පිළිබද මෙහිදී විශේෂයෙන් අවධානයට ගනු ඇති.
    [rns_reactions]
  • හිරුණිකාගේ 6ක් ඇතුළට 1ක් එළියට – හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

    2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6 දෙනෙකුට කොළඹ මහඅධිකරණය විසින් සිරදඬුවම් නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා විසින් මෙම සැකකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 2 සිරදඬුවමක් නියම කර එය වසර 12 කට අත්හිටුවා ඇත.

    එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000 ක දඩයක් නියම කළ අධිකරණය පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක මුදලක් ගෙවිය යුතු බවට නියම කළේය.

    ඒ අතර සිටි එක් අයෙකු පාසල් සිසුවෙකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදා හැරීමට තීරණය කර ඇත.

    ඔහුගේ ඉදිරි 2 වසර තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කළ යුතු බව ද අධිකරණය දන්වා තිබේ.

    2015 දෙසැම්බර් 21 දින ඇති වු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ඇතුළු ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පනවා තිබුණි.

    නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව ද අධිකරණය දැනුම් දී ඇත.

    [rns_reactions]

  • අර්ජුන්ගේ බැඳුම්කර හොර සල්ලි වලින් මරික්කාර් පන්සල් වල ඡන්ද කැම්පේන් කරලා.. පුවතක් කරලියට

    බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත. ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාගේ මැදිහත්වීම මත අර්ජුන් අලෝසියස් බැදුම්කර කළු සල්ලි වලින් කොටසක් (විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ලක්ෂ 20ක් පමණ) කොලොන්නාව ආසනයේ එජාප සංවිධායක එස්.එම් මරික්කාර් මහතා වෙත ලබාදී ඇති අතර ඒ සදහා කපුකම කර ඇත්තේ කබීර් හෂීම් සහ රවි කරුණානායක බව සදහන්.

    මේ අණුව අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල්  මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් මගින් මරික්කාර් මහතා ලබාගෙන ඇත.අදාල මුදල් වලින් ප්‍රදේශයේ විහාරස්ථාන වලට පුටු ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම සදහා පක්ෂයේ ප්‍රාදේශිය නායකයන්ට මේ මුදල් බෙදාහැර ඇත. අර්ජුන්ගේ කළු සල්ලි වල අවමානය වසන්නට පන්සල් වලට ලබාදී තම දේශපාලණ සුචරිත බව ආරක්ෂා කිරිමට මරික්කාර් මහතා දැරු අසික්කිත උත්සහය එලිදරවු වීමත් සමග එජාපය තුල ඇතිවු අර්බුදය තවත් වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත සනාථ වී ඇත. .මේ තොරතුරු එළිවීමත් සමඟ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත කොලොන්නාව එජාප බල මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවට ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිප පොලක්ම සදහන් කර ඇත. කළු සල්ලි සුදු කරන්නට උත්සහ දරන පන්සලට රිංගා ගෙන සුදනා වෙන්නට වෙර දරන එස්.එම් මරික්කාර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. ඒත් බලයට ඇති කෑදර කම  උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

    [rns_reactions]

  • පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා – තරුණියකගෙන් පැමිණිල්ලක්..

    ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොලිසියෙන් පෙරේදා (22දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු දහසයක් හා මාස අටක් වයසැති පාසල් ශිෂ්‍යාවක තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. ඇය පැමිණිලි කර ඇත්තේ තමාගේ අකැමැත්තෙන් අදාළ පොලිස් නිලධාරියා ඇය අපයෝජනයට ලක්කළ බවයි.
    ඇයගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාට දුන් නියෝගයකට අනුව තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.

    අත්අඩංගුවට ගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (23දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පැමිණිල්ල කළ පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි 1 අතුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා හා තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

    [rns_reactions]

  • එජාප නායක රනිල්ව හිටපු අගමැති ලෙස නම්කල රාහුල් ගාන්ධිගේ බුකී සටහන මෙන්න..

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම වෙත වැරදි තොරතුරක් එකතු කර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුම වෙත ශ්‍රී ලාංකිකයන් පණිවිඩ කිහිපයක් තබා තිබෙනවා.

    ඊයේ (23)දින මෙම හමුව ඔහු පළමුව ෆේස්බුක් වෙත එක්කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෙස බවයි ෆේස්බුක් සටහන උපුටා දක්වමින්.

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පැතිර යන ගාන්ධිගේ පෙර සටහන පහතින් දැක්වෙනවා.

    [rns_reactions]
  • පෙම්වතියගේ නිරුවත බුකියේ පෙන්වූ අපුරු පෙම්වතාට ගම්පහ උසාවියෙන් දුන් දඬුවම!

    ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මිතුරු වී 19 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ චෝදනාවට සහ අසභ්‍ය රූප සහිත ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගැනීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ එම සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළා.

    අගතියට පත් තරුණියට රුපියල් 5000 ක වන්දියක්‌ සහ එක්‌ චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද ගෙවීමට ඔහුට නියම කෙරුණා. එම දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස තවත් 06 ක සිර දඬුවම්ද නියම කෙරුණා.

    පැමිණිලිකාරිය යක්‌කල සියනෑ උයන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දඬුවම් නියම කෙරුණේ මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි ඡේ. පී. සනත් ප්‍රියංකර ජයලත් නමැති 23 හැවිරිදි තරුණයකුටය. මෙම වසරේ මැයි මස 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ඉහත චෝදනා සිදුකර තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. යක්‌කල පොලිස්‌ ස්‌ථානයේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස්‌ කොස්‌තාපල් වසන්ත නවරත්න (55562) නිලධාරියා පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

    [rns_reactions]