Author: Editor

  • අනුරාධපුර බැංකුවක තවත් එකක් ලීක් වෙලා – 55 ලොක්කා 29 බැංකු නෝනා එක්ක ‘හනිමූන්’ ගිහින්…!

    බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි.

    එම සිදුවීම මෙසේය,

    මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා  විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා  ගෙන ගොස් ඇත.  මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ.  ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් ‘මධුසමයක්’ ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.

    එවිට එම යුවළට රහසින් ඔවුන් පිටුපස ලුහුබැඳි අධිකරණ නිලධාරිනියගේ සහෝදරයන් පිරිසක් ඔවුන් දෙදෙනා එහිදී අතටම අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී තිබේ.

     එහිදී  පොලිසියට පැමිණි බිරිඳ හා සැමියා ඇතුළු සියලු පාර්ශ්වයන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවෙද්දී ‍පොලිස් නිලධාරීන් සියලුම දෙනාට කරුණු පැහැදිලිකර ගැටුම සමාදානයෙන් විසඳා  සමථයකට පත්කර ගැනීමට උපදෙස් දී ඇත.

    මෙම තරුණ කාර්යාල සේවිකාව තම විවාහයට පෙර සිටම මෙම බැංකු නිලධාරියා සමඟ අයතා සබඳතාවක් පවත්වා ඇති බවද ඇගේ සැමියා විදේශ ගතවීමත් සමඟ එම සම්බන්ධය තදින්ම පැවත්වා ඇති බවද අනාවරණය විය.  

    මින් කෝපයට පත් අධිකරණ සේවිකාවගේ සහෝදර පාර්ශ්වයෙන් කාර්යාල සේවිකාවට තදබල තර්ජන එල්ලවීම නිසා නිවසට යාමට කැකිරාවට දක්වා ධාවනය වන බස් රථයකට ඇය ඇරලවීමට පවා ‍පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගතහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කොට ඇත.

    මෙහි විශේෂත්වයක් වන්නේ  බැංකු නිලධාරියා හා සමඟ අනියම් සබඳතාව පවත්වන කතගේ වයසට සමාන වයසක විවාහක දරුවකුද ඔහුටද සිටිමය.  සිද්ධිය සමථයකට පත්වී නිවසට ගිය බැංකු නිලධාරියාගේ මෝටර් රථයේ ටයර් කපා අලාභ හානි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

    කෙසේ හෝ බොහෝ දෙනෙකුට කනින් කොනින් ආරංචි වී තිබූ මෙම ‍සබඳතාව ලැව් ගින්නක් මෙන් පැතිර යාම නිසා එම නිලධාරියාටත්, කාර්යාල සේවිකාවටත් සමාජ  අවමානයකට ලක්වීමට සිදුව ඇති බවද වාර්තා වේ.

    [rns_reactions]

  • නිමල් සිරිපාලගෙන් කන පැලෙන්න අසාගත් චන්ද්‍රිකා ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවෙන් පැන දුවයි…

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.එහිදී අදහස් දැක්වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් “අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕන නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා” යයි පැවසීමත් සමග  එය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.

    ඒත් සමගම නැගිට තම කටහඬ අවදිකල හිටපු ජනාධිපති චන්ද්‍රි කුමාරතුංග මහත්මිය “ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද?” කියල අවඥාසහතව ප්‍රශ්නයක් යොමු කරන ලදී.

    ඊට පිළිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා “අයියෝ ඒගොල්ලො මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ” යැයි පැවසීමත් සමඟ සභාවෙන් මතුවූ සිනාහඬ මැද්දේම චන්ද්‍රිකා මැතිණිය වහා එතැනින් නිගිට ඉවත්ව ගොස් ඇතැයි වාර්ථා වේ…

  • බැඳුම්කරෙන් මස්සිනාට සලකපු ඇමති කබීර් හෂීම් කොමිසමට මාට්ටු…..

    බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත.ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාග් සෘජු නියෝගය මත “හුසේන් ජෙම්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද වන නසීල් හසීම්ගේ වැඩිමහල් සොහොයුරා වන රිකාස් හුසේනටද ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීම් බැංකුව බැඳුම්කර නිකුත්කර ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ අණාවරනය වී ඇත.

    මේ අණුව අර්ජුන් ඇලෝසියස් මෙන්ම අධික ලාභයක් මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් බැඳුම්කර මගින් ලබාගෙන ඇත.අමාත්‍යවරයෙකුට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙසේ තම ළගම තම ඥාතියෙකුට අයත් ආයතනයකට මේසා විශාල මූල්‍ය ගණුදෙණුවක් සඳහා රජ්‍ය බැංකු වලට නියෝග කිරීමට බලයක් ඇතිනම් ලංකාවේ ආර්ථිකයට දෙවියන්ගේම පිහිට ලැබෙනු ඇත.මේ තොරතුරු එළිවීමත් සමඟ ඇමති කබීර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය.ඒත් බලයට ඇති කෑදර කම හා වැඩි වැඩියෙන් හම්බකරීම උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

     

    Image result for kabir hashim wife

    ඇමති කබීර් හෂීම් සහ ඔහුගේ බිරිඳ

     

    ඇමති කබීර් හෂීම්ගේ මස්සිනා වන රිකාස් හුසේන්

  • මොන විහිළුද මේ..? රටම හිනස්සපු ‘‘බය නැති අගමැති‘‘ ගැන ඒකාබද්ධ මන්ත්‍රි කෙනෙක් කියපු කතාව මෙන්න

    මේ දිනවල රට පුරා අලවා තිබෙන ‘‘බය නැති අගමැති‘‘ පෝස්ටරය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. මේ අතරවාරයේ පසුගිය 21 දා සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මේ පාඨය වෙනස් කල යුතු බව සඳහන් කලා.

    මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙසද කියා සිටියා. ‘‘අගමැතිවරයා කොමිසමට ගිහින් ඇවිල්ලා කිව්වා වැරැදි වුණානම් නිවැරැදි කර ගන්නවා කියලා. ඒකෙන්ම පිළිගන්නවා වැරැද්දක් වුණා කියලා. නමුත් එදා මේ හොරකම වහන්න මොනවද නොකළේ. කලින් කෝප් වාර්තාව එන්න දවසකට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ෆුට් නෝට් කල්ලිය දාලා ගේමක් ගැහුවා. එජාප නීතිඥයන් දාලා කමිටුවක් හදලා මේකේ වැරැද්දක් නෑ කිව්වා. පොත් ගැහුවා. මොන විහිළුද මේ. ඒ නිසා ‘‘බය නැති අගමැති‘‘  නෙමෙයි ලැජ්ජ නැති අගමැති කියලා වෙනස් කරන්න ඕන.

    අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමත් සමඟ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ සෙයින් ඉස්මතු වී ඇති බව බොහෝ දෙනා පවසනවා. එසේම වෙනත් රටවල්වල මේ වගේ දේවල් නොවන බවටත් සමාජය තුල කතාබහට ලක්වෙනවා. කොහොම වුනත් මේ දේවල් වලට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ වෙන රටවල තියා අපේ රටේවත් මෙතෙක් හිටපු කිසිම අගමැති කෙනෙක් මහ බැංකුව මංකොල්ලකා නොමැති බවයි.

    එසේම දප්පුල ද ලිවේරාට ප්‍රශ්න අහන්න එපා කියලා කිව්වේ බය නැති නිසාද කියලත් මන්ත්‍රීවරයා මෙහිදී මතක් කලා. එසේම බය නැතිනම් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශකලා. සති දෙකකට කලින් නීතිපතිතුමා අගමැතිතුමාට යවපු ප්‍රශ්න ටිකට උත්තර දීම පමණක් මෙහිදී සිදු වූ අතර  එය කොමිසමට නොයා වුවද සිදුකල හැකි බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කලා.

    එසේම  කොමිසමට යාමට පෙර මහ බැංකුවේ නිලධාරීන් බය කල බවටද චෝදනා කල මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට මහ බැංකුවේ නිලධාරීන් 200ක් පමණ මාරුකර ඇති බවයි. මේ දේවල් ගැන පැවසූ මන්ත්‍රීවරයා අවසානයේ නැවතත් කියා සිටියේ ‘‘ ඉතිං බය නැත්තන් මේ වගේ දේවල් කරයිද කියලා..?‘‘

    [rns_reactions]
  • ජනපති සංකල්පයෙන් ඉදිකළ කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

    කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට  ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා. 

    ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

    ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ – කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

    මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්. 

    මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.

    [rns_reactions]

  • රාජිත වැනි දේශද්‍රෝහීන්ට නිසි කල ආවම දඬුවම් දීම ස්ථිරයි… – රියර් අද්මිරාල් සරත් වීරසේකර

    “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් කියන්නේ නෑ තවත් ‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර නෑ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළාම රට නොබෙදෙන්නෙ කොහොමද කියලා ජනතාවට පෙන්නන්න ලෙස මම රාජිත සේනාරත්න ඇමතිවරයාට අභියෝග කරනවා.මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න සටන් කල අපි ජාතිද්‍රෝහීන් වෙන්නේ කොහොමද. නිසි කල ආවම රටේ නීතියට අනුව දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්න වැනි අයට දඬුවම් ලබාදීම ස්ථිරයි’” යැයි කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    Related image

     

  • වහසි බස් දෙඩු එජාපයට මරු පහරක්… ජනපති මෛත්‍රි රැකගන්න ඒකාබද්ධයේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සටනට..

    එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන ඕනෑම අභියෝගයකදී ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ බැදුම්කර කොමිසමෙන් පත්තු වු එජාපය දැන් ජනපති විනාශ කිරිමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන තමන් ජනපති රැකගැනීම උදෙසා සටනට පැමිණිමට සුදානමින් සිටින බවයි..

     [rns_reactions]

  • බය නෑ කියලා පාර දිගේ පෝසටර් ගැහුවේ ලැජ්ජා නැති නායකයෙක් – ජවිපේ රනිල්ගේ පතුරු ගලවයි.

    බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    අද (23) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.

    එක්සත් ජාතික පක්ෂයට  ගම් මට්ටමින් තමන් කළ දෙයක් කීමට නැති නිසා මැතිවරණය කල් දැමීමේ උවමනාවක් තිබූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

    [rns_reactions]

  • මොලයක් නැති කාවින්ද ශ්‍රිලනිපයට ඇගිල්ල දිගුකරයි.. ඕකා මෝඩයෙක් එජාපයේ ප්‍රබලයෙක් කියයි..

    පළාත් පාලන මැතිවරණය කල්ගියහොත් එහි වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

    ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලකයෙක් අප වෙත පැවසුවේ කාවින්ද යනු දේශපාලණ දැනුමක් නොමැති මිනිසුන්ගේ දහඩිය සුවද අදුරන්නේ නැති මෝඩ දේශපාලකයෙක් වන බැවින් ඔහුගේ ප්‍රකාශ පිළිබදව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැති බවයි.

    [rns_reactions]

  • ජාතික නිදහස් පෙරමුණෙන් දියවෙනවා… විමල්ගේ අනාගතය ගැන අනාවැකියක්..

    ජාතික නිදහස් පෙරමුණෙන් තවත් කිහිපදෙනකු ඉදිරියේදී ඉවත් වනු ඇති බව එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසනවා.

    ඔහු කියාසිටියේ මහලේකම් ධුරයෙන් ප‍්‍රියන්ජිත් විතාරණ ඉල්ලා අස්වීම පිටුපස රහසක් ඇති බවයි. 

    එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “පක්ෂයේ මහලේකම් තුමාට පක්ෂයේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පක්ෂයට දැඩි කැපකිරීමක් කරපු නායකයෙක් ඉල්ලා අස් වෙන්න හේතුව සෞඛ්‍ය ගැටලු කියලා කිව්වට ඒක පිළිගන්න සාමාජිකයා ලෑස්ති නෑ. මේ නිසා මේ ගැන ඇත්ත උත්තර දෙන්න සිද්ද වෙනවා.” යනුවෙනි.

    [rns_reactions]

  • ‘බැඳුම්කර හොරාට’ දැඩි දඩුවම්.. රනිල් උනත් අදාල නෑ.. ශ්‍රීලනිප නායකයෝ ජනපතිගෙන් ඉල්ලයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස්වුණා.

    ඒ  කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.

    රාත්‍රි 7.30 ට පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 10.00 පමණ දක්වා පැවැත්වුණු බවයි වාර්තා වුණේ.

    එමෙන්ම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

    මැතිවරණයට එක්ව තරග කළ යුතුයි යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණු බවත් මේ වන විට එකතුවීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් මෙහිදී හඳුනාගෙන තිබෙනවා. දෙපාර්ශ්වයම එකතු වීමට උනන්දුවක් දක්වන බවත් මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එහි සාකච්ඡා ඉදිරියේදී ආරම්භ වෙනු ඇති බවද මෙහිදී විශ්වාසය පළ වී තිබෙනවා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ද එකතුවීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්.

    විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේදී මැති ඇමතිවරු විසින් බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් පියවර පිළිබඳ ස්තූතිය පළ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ එහි ඉදිරි කටයුතුත් ඒ ආකාරයෙන්ම සිදු කිරීමට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත් වූ බවයි.

    [rns_reactions]

     

     

  • අර්ජුන් ඇලෝසියස් මටත් කොල් කලා… – රන්ජන් පිළිගනී(Video)

    පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන්ට දුරකතයෙන් අමතා ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර  ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව කියා සිටියා යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. තවද වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ විශාල වංචාවක් සිදුව ඇති බව අද මුළු ලෝකයම පිලිගන්නේ යයිද තමන් කිසිදිනෙක හොරෙක් සුද්ද කරන්න නොයන බවත් බැදුම්කර වංචාව හේතුවෙන් මෙරට පොලී අනුපාතයන් ඉහල නැග ඇති බවත් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

     

  • යහපාලනය විනාශ කරන්න ජනපති කාර්යාලයේ මහින්දගේ බත් බැලයන්ගේ මෙහෙයුම

    යහපාලනයේ මෛත්‍රී පාර්ශවය සහ රනිල් පාර්ශවය කෙටවීමට දිය යටින් ගින්දර ගෙනයන පිරිසක් පිළිබඳව හෙලිදරව් වේ. ඔවුන් මහින්ද රාජපක්ෂට හිතැති ජනපති කාර්ලයේ සේවය කරන පිරිසකි. මේ ඒ පිළිබඳ අප කල විශ්ලේෂණයයි.

    මහින්ද රාජපක්ෂගේ දැවැන්ත පාලනය පෙරලා දමා යහපාලනය ගෙන ඒමට බොහෝ බරක් ඇද්දේ එජාපයයි. එජාපය හා සිවිල් සංවිධාන එක්ව මෛත්‍රි ජනපති කරන්නට සිදුකල මෙහෙය අමතක කල යුතුනැත. එදා මෛත්‍රී ජනපතිගේ රැකවලා එජාපයයි. බැරිවෙලාවත් ජනපතිවරණය පැරදුනා නම් මෛත්‍රී ජනපතිවරයාට රැකවරණය ලැබෙන්නෙ එජාපයෙනි. ලබාගත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න නැවතත් කැප වූයේ එජාපයයි. ඒ 2015 අගෝස්තු මැතිවරණයෙන් ජයලබා යහපාලනය ශක්තිමත් කල නිසාය. මෛත්‍රීගේ ගුණ වයන්නට නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිසක් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැන්නේ මහින්දගේ වේදිකාවේ පතුරු ගැසීමෙන් අනතුරුවය. නමුත් ඔවුන් මෛත්‍රී ජනපතිවනවාට වල කපපු පිරිසකි. අද යහපාලන දීගය කඩා වෙනම ආණ්ඩුවක් පිහිටවමු යැයි විස පොවන්නේ ඔවුන්ය. එය යහපාලන අභිමතාර්ථ වලට පිටින් යාමකි.

    යහපාලන අරමුණු වෙනුවෙන් එජාපය සහ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය එකට සිටිය යුතුමය. එසේ නොවුනහොත් ආණ්ඩුව අයාලේ ගොස් මහින්දගේ පාර්ශවය බලය ඩැහැගන්නවා නිසැකය. ඒ සඳහා ජනපති කාර්යාලයතුල සිට මහින්දගේ බත්බැලයන් එම කෙටවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත. මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු බව රජයේ ඉහල බලධාරීන් වෙත මතක් කර සිටිමු.

  • බැඳුම්කරය, ඡන්දය හා පක්ෂය ගැන තීරණයක් ගන්න අද ශ්‍රිලනිප ලොක්කෝ රැස්වෙයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) රාත‍්‍රියේ රැස්වනවා.

    ඒ එළඹෙන පළාත් පාලන මැතිවරණය, බැඳුම්කර කොමිසමේ වාර්තාව හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්.

    රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියාසිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බවයි. 

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි. 

    [rns_reactions]