Author: Editor

  • එජාපයෙන් නගරාධිපති සටනට රෝසි සමඟින් මට්ටක්කුලියේ මසාජ් රම්‍යාත් කරළියට..

    ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන කාලය ලගදීම උදාවනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින නගරාධිපති අපේක්ෂිකාව එජාප නායකත්වය තීරණය කොට අවසන්ය. ඒ රෝසි සේනානායක මහත්මියයි. අද අපේ කතාව රෝසි සම්භන්ධයෙන් නොවේ. තවද, අද අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට යන හෙලිදරව්ව ජාතික දේශපාලනය සම්භන්ධයෙන්ද නොවේ.ඒ, අසූචි වලක් බඳු කොළඹ වතු දේශපාලනය සම්භන්ධයෙන් වූ කතිකාවතකි. කොළඹ දේශපාලනයේ නරකාදිය ලෙස හැඳින්වෙන උතුරු කොළඹ ආසනයේ සම්පූර්ණයෙන්ම අණසක පතුරුවා සිටින්නේ හිටපු ඇමති රවී කරුණානායකයි. ඔහුගේ නායකත්වය යටතේ උතුරු කොළඹ ආසනය ගියවරද 85% කට ආසන්න මනාප ප්‍රතිශතයකින් ජයග්‍රහණය කෙරිණි. එකී ජයග්‍රහණය පසුපස පාතාලය සහ කුඩුකාරයන් , මැරයින් සිටියද වතුවලට ආවේණික මිනිසුන්ගේ ජන්ම පත්‍ර වෙනස් කිරීමේ බලයක් ඔහුට නොමැති නිසා එය හුදෙක් ස්වභාවධර්මය ලෙස සළකා සිටිනු හැර ඔහුට මෙහිදී කළ හැකි කිසිවක් නොවන බව හුදෙක් මෙකී ලියුම්කරු හොඳින්ම දනී.

    උතුරු කොළඹ ආසනය තුලින් පාඨලී චම්පිකගේ සහචරියක් ලෙසින් මේ වන විටත් අපූරු බඩුකෑල්ලක් කළ එළි බසින්නට පටන් ඇති බවට වාර්තාවේ. ෆොටෝ මේනියාවකින් පසුවන මේ කාන්තාව තම වෘත්තීය වශයෙන් උතුරු කොළඹ තුල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තාවේ. රම්‍යා රාජපක්ෂ වන මැය ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම , මහ මැතිවරණයේදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවකට අතහිත දුන් මැඩම් ලෙස හැඳින්වෙන රම්‍යා හුදෙක් දේශපාලනඥයින් අතර කුප්‍රකට වී හිඳින්නේ මෝදර මැඩම් ලෙසයි. වරක් චමිපිකට අයත්, මාතර ඌරුබොක්ක ලිංගික ක්‍රියාකාරමක් මද්‍යස්ථානයේද හිමිකාරීත්වය දැරුවේද මෙකී රම්‍යා ය. පාඨලී වෙනුවෙන් ඉකුත් මැතිවරණය සියල්ලේම ඇගේ නිවසේ දොරගුලු විවර විය. පාටලීගේ ඇසුරින් අනතුරුව සිරිකොත තුලට රිංගා අසූචි වළවල් ගොඩදමමින් සිටින මෙකී පිළිලය අදවන විය මට්ටක්කුළිය ,කාක දූපත,මෝදර යන ප්‍රදේශවල තරුණ තරුණියන් බිල්ලට ගන්නා අවයව වෙලාඳාමෙන් තම ජීවිකාව සම්පූර්ණ කරගමින් සිටින බවටත් වාර්තාවේ. පළාතේ පොලිස් ප්‍රධානියාගේ සිට දේශපාලන බලවතා දක්වාම රම්‍යාගේ දහඩිය සුවද හඳුනන බව ප්‍රසිද්ධ රහසකි. ඒ තරමටම ඇය කොළඹ පුරාම නම් දරා ඇතිබවට වාර්තාවේ. එහෙවු එය අදවන විට කොළඹ නගරාධිපති සටනට අවතීර්ණ වීම සාධාරණ සමාජයක් ප්‍රාර්ථනය කරන්නා වූ අපට නම් ජුගුප්සාජනක ය. නපුංසක පාලකයන් සිටිනවායැයි සුප්‍රසිද්ධ එජාපයට අඩු වූයේ මෙය පමණි.

    වයෝවෘද්ධ එජාප දේශපාලන නායකයන්ගේ කිචිය යැවීම සඳහා රම්‍යා තම මඩමේ දොරහැරදෙන බව මුලු කොළඹම දන්නා සුප්‍රසිද්ධ කාරණාවකි. පුරා වසර 17 ක් තිස්සේ විපක්ෂයේ තලු මැරූ ඔවුන්ට යලි බලය ලබා ගැනීම සඳහා මෙවැනි අන්ත දූෂිත පුද්ගල චරිත ළංකර ගැනීම ගැටළුවක් නොවන්නේ ඒ නිසාය.

    ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ සහ දායක සභාවේ සිටම දැඩි විරෝධය මද්‍යයේ මෙකී කාන්තාව මට්ටක්කුලියෙන් නගරාධිපති පුටුවට තරඟ කිරීම කොතරම් අශෝභනදැයි මෙය කියවන ඔබට වැටහෙනවා ඇත. වරක් ඇය ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ බහින්බස්වීමක් ඇතිවූ අවස්ථාවක ඇඟිල්ල දික් කරමින් පවසා ඇත්තේ හොඳින් හෝ නරකින් තමන් කොළඹ නගරාධිපති වන බවත්, එවිට අදාල පන්සල බිමට සමතලා කරදමන බවටත් ය. එය හුදෙක් එජාපයේ බෞද්ධ පුනරුදයදැයි විය හැක. එක්සත් ජාතික පක්ෂය යනු හුදෙක් කුඩුකාරයන්ගේ සහ ගණිකාවන්ගේ පක්ෂය බවට යළි යළිත් සාක්ෂාත් කිරීම සඳහා රම්‍යා වැනි පිළිල පක්ෂයට තව තවත් ළංකර ගත යුතුය. එවිට කොළඹ එජාප දේශපාලනයේ සැබෑ මුහුණ ලොවටම නිරාවරණය වනුඇත. එක්සත් ජාතික පක්ෂය මෙවැනි පිළිල තමන්ගේ දේශපාලන ප්‍රවාහයට ළංකර ගතහොත්, ඔහුගේ දේශපාලන දියාරුවද නොබෝ දිනකින් කොළඹින් සිදුවන බව කැටතබා පැවසීමට කැමැත්තෙමි.

    එහෙයින් රනිල් වික්‍රමසිංහලා, රෝසි සේනානායකලා තීරණයක් ගත යුතුය. මෙවර පක්ෂයෙන් නාමයෝජනා ලබාදිය යුත්තේ සාධාරණත්වය අගයන, ජනප්‍රසාදය දිනා ගත් පුද්ගල චරිත වලට විනා, ගණිකාවන්ට මැරයන්ට සහ කුඩුකාරයන්ට නොවේ. මෙවැනි සමාජ පිළිකා ළංකරගෙන කොලඹ දිස්ත්‍රික්කය 100% කින් ජයග්‍රහණය කළත් පළක් නැත. මෙවනි සමාජ රෝගීන් දේශපාලනයෙන් මෙන්ම සමාජයෙන්ද අතුගා දැමිය යුතුමය.කොළඹ දේශපාලනය පිළිඹඳව තවදුරටත් ජනතා අධිකරණය විමසිල්ලෙන්..!!!

    [rns_reactions]

  • ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට අනාගතයක් නෑ – විමල්ගේ පක්ෂයෙන් එළියට බැස්ස ප්‍රධාන ලේකම්

    ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා.

     ඔහු සඳහන් කරන්නේ “මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් නැති පක්ෂයක මට වැඩ කරන්න බැහැ. ඉතින් ඒ කැපකිරීම මට ලබා දෙන්න බැරිනම් හොඳම දේ තමයි ඒ ස්ථානයෙන් මම ඉවත් වෙන එක. පක්ෂයේ නායකයින් කිව්වේ මගේ තීරණය ගැන නැවත සලකා බලන ලෙසයි. නමුත් පසුව ඔවුන් මගේ ඉල්ලා අස්වීම භාර ගත්තා.” යනුවෙනි.

    කෙසේවෙතත් සිය ඉල්ලා අස්වීමට බලපාන ප්‍රධාන කාරණාව පෞද්ගලික හේතුවක් සහ සෞඛ්‍යමය කාරණා කිහිපයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    [rns_reactions]

  • ජනපති ගැන සුජීව කළ ප්‍රකාශය ගැන පරික්ෂණයක්.. සුජිවට සහ එජාපයට වැඩ වැරදෙන ලකුණු..

    ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා.

    බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුකරන බැවින් ජනාධිපතිවරයා පිළිබඳ කළකිරීමෙන් පසුවන බවයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ.

    මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ අදාළ ප‍්‍රකාශකයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංගනය වන බවයි. 

    [rns_reactions]

  • ලිපියක් ලියමින් රොබට් මුගාබේ 37 වසරක පාලනයට තිත තබයි – තීරණය දැනගත් ජනතාව හැසිරුණු හැටි

    සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්.

    ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ.

    ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

    මුගාබේ සිය තීරණය ප‍්‍රකාශයට පත්කළේ ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවට බලකෙරෙන දෝශාභියෝගය ඉදිරිපත් කිරීමට මොහොතකට පෙරයි. 

    මුගාබේ ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ සැණකෙලි ස්වරූපයක් ගෙන ඇති බව ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

    බොහෝ පිරිස් වීථිවලට බැස ජාතික ධජ ලෙළවමින් සිය සතුට සමරමින් සිටිනවා. ඒ අතරතුර එරට පාලක සානු පී.එෆ්. පක්ෂය රටේ ඉදිරිය ගැන සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

    [rns_reactions]
  • ප්‍රතිපත්තියක් නැති තුම්මුල්ලේ විමල් තනිවෙයි.. ජානිපෙ ලේකම් විමල් හැරයයි..

    ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි.

    පෞද්ගලික හේතුන් මත සිය දූරයෙන් ඉල්ලා අස්වෙන බවයි ප්‍රියංජිත් විතාරණ සඳහන් කර ඇත්තේ.

    [rns_reactions]

  • ඡන්දය කල්යන ලකුණු… සීමානීර්ණ ගැසට් පත්‍රයට අතුරු තහනමක්…

    පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.

    ඒ අනුව, මෙම අතුරු තහනම් නියෝගය ලබන මස 4 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

    [rns_reactions]

     

  • “මම අර්ජුන් මහේන්ද්‍රන් විශ්වාස කලා.. මං හිතුවේ නෑ ඔහු එහෙම කරයි කියලා” රනිල් කොමිසමේදී කියයි

    [rns_reactions]

  • අල්ලනවා කිවුවේ රාජපක්ෂ හොරු. දැන් අල්ලන්නේ අපිව.. ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

    “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා

    පොදු අපේක්ෂකයා විදියට එතුමා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

    එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. 

    [rns_reactions]
     
  • නාකි විසේ ඉහට ගහලා සාරිප්පුගේ මොහාර් “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් දුෂණය කරලා

    දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි.

    ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා.

    අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්.

    දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 දෙනෙක් එහි සේවකයෙක් වරින්වර අපයෝජනයට ලක්වෙලා තියෙන සිද්ධියක් අපට අහන්න ලැබුණා.

    මේ සිද්ධිය වෙලා තියෙන්නේ දෙහිවල ධාරුන් නුස්රා නම් ළමා නිවාසයකයි.

    මේ අනාත නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරන්නේත් මේ සේවකයාගේ බිරිඳ. අදාළ දරුවන් මේ ගැන පාලිකාවට පැමිණිලි කළත් පාලිකාව ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නැහැ. ඒවගේම තමයි පොලිසියට දැනුම් දුන්නොත් මේ ළමා නිවාසය වැසීමට සිදුවන බවත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය ජුලි මාසයේ 22 වනදා නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කොහුවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව මේ නිර්නාමික දුරකතන අංකය ඔස්සේ පොලිස් පරීක්ෂණ පවත්වා මේ ස්ථානය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි සාරිප්පුගේ මොහාර් නැමැති පුද්ගලයෙකුයි.

    කෙසේවෙතත් දිගින් දිගටම කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මේ දැරියන් 18 දෙනාගෙන් එක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වෙලා තියෙනවා කියලායි.

    අදාළ සේවකයා අවුරුදු 09ක් පමණ එම ළමා නිවාසයේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර පාසල්වලට මෙම දරුවන් රැගෙන ගොස් ඇත්තේ මොහුයි. එමෙන්ම ලිංගික හිංසනය වැඩිවශයෙන් වී ඇත්තේ වාහනය ඇතුලතදී බවත් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් දරුවන් කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

    01. මේ මනුස්සයා මාව හැමදාම ඉස්කෝලෙට අරන් යනවා. ඒ අතරතුර ඔහු මට අතවර කරනවා. ඒවගේම අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කරනවා.

    02. මං මේ ගැන පාලිකාවට කිව්වම ඒක වැඩිය ගණන් ගන්නෙපා කියලා කිව්වා. පැමිණිලි කරපු හැම වේලාවකම මට හොඳටම බැන්නා. ඒ වගේම මේ මනුස්සයා මාව දවසක් ගබඩා කාමරයට එක්ක ගිහින් අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කළා.

    මේ දරුවන් 18 දෙනාම පවසා ඇත්තේ එම දරුවන් පාසලට රැගෙන යන අතරතුරදී මෙන්ම ඇතැම් විට ළමා නිවාසයේදීද අපයෝජනයට ලක්ව ඇති බවයි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව කියා ඇත්තේ මෙහෙම කතාවක්. “මාගේ ස්වාමි පුරුෂයා වන මොහාර් ගැහැණු දරුවන්ට හරිම ආදරෙයි. ඒවා කරලා තියෙන්නේ හිරිහැරයක් වශයෙන් නෙවෙයි”

    ඒවගේම තමයි මේ ළමා නිවාසයේ හිමිකාරිය වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය මරීන් රිෆායි මහත්මියයි. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙවන් කතාවක්.

    “වෛද්‍ය වාර්තාවන්ට අනුව කිසිදු දැරියක් අපයෝජණය වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවගේම මේ ළමා නිවාසය මගෙන් ගන්න සේවකයන් පිරිසක් විසින් කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි මං මේක දකින්නේ. මේ ගැන මාස 03ක් තිස්සේ පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් මේවනතුරු ලැබිලා නැහැ. ඒවගේම තමයි මොහාර්ව ඇප මත නිදහස් වීම මගින්ව තහවුරු වනවා මෙහි කිසිම ලිංගික හිංසනයක් සිදුවෙලා නෑ කියලා. ඒවගේම තමයි මේ වෙනකොට අදාළ පාලිකාව සහ සිද්ධියට සම්බන්ධ බව කියන ඇගේ ස්වාමිපුරුෂයාද අයින් කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ ළමා නිවාසයේ සෑම තැනකම සීසීටීවී සවිකර ඇති අතර අදාළ දැරියන්ගේ කාමරවලද සීසීටීවී කැමරා සවිකර ඇති බවයි.

    [rns_reactions]

  • දුර්වල මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දොට්ට .!

    අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් .

    ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා ගත් එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.
    තවද ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම හොදම පන්දු යවන්නා ලෙසද සැලකෙන්නේ ලසිත් මාලිංගයි,
    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ද්විත්වයක ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හිමිකර ගත් අතර , එම තරගාවලි දෙකෙහිම ලසිත් මාලිංගගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි,
    මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙන දම් පැහැති හිස් ආවරණය 2011 වසරේදී දිනා ගත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දවා ගෙන තිබෙන කඩුලු ගණන 154ක්.

    කෙසේ වෙතත් ලසිත් මාලිංග ගේ වර්තමාන දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් සහ ඔවුන්ට නිත්‍ය සාමාජිකයන් 4-5 ක්‌ පමණක්‌ රඳවා ගැනීමට සිදුවීමෙන් මාලිංගව නිදහස්‌ කිරීමට තීරණය කළ බව මුම්බායි කණ්‌ඩායම් කළමනාකාරීත්වය ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණය දැනුම් දෙමින් මෙලෙස පවසනවා.

    ඒ අනුව ව එළැඹෙන අයි.පී.එල්. තරගාවලියේදී ලසිත් මාලිංගව ප්‍රසිද්ධ වෙන්දේසියකින් කණ්‌ඩායම්වලට අවශ්‍ය නම් තෝරා ගැනීමට හැකි වන අතර , කිසිදු කණ්ඩායමක් විසින් හෝ ඔහුව මිලදී නොගතහොත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වනු ඇති.


    කෙසේ වෙතත් ලසිත් මාලිංග මින් පෙර ඉන්දීය පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුනේ ” ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් එවකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් බවත් , තමන්ගේ ප්‍රියතම නගරය මුම්බායි නගරය බවත් ය”.

    ලසිත් මාලිංග 2011 වසරේ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක් යෙදුනු අතර , ඉන් පසුව 2011 වසරේදී ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.

    [rns_reactions]

  • මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!

    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතු වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    ඉකුත් 17 වැනි දින ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය පිළිබඳ නොයෙකුත් අන්තවාදී පුද්ගලයන් විසින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 

    එවැනි අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    [rns_reactions]

  • ඇමති බලතල වලට මුවාවී වීරවංශගේ බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ.

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයේදී පවසා ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

    ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

    කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී ඇත.

    [rns_reactions]

  • එජාපයේ සල්ලි මැෂිම ඇලෝසියස්.. මටත් සල්ලි දුන්නා – සරත් ෆොන්සේකා සියල්ල හෙළිකරයි

    මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය.

    ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරත් පෙන්වා දුන්නේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇත්තේ තොරතුරු ලබා ගැනීම මත නොව එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් බවයි.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන මඟින් ද නැතහොත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකථනය මඟින්ද යන්න පිළිබඳ පැහැදිලි කළ යුතු බවයි.

    මේ අතර මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන සබඳතා අනාවරණය වීම මඟින් මන්ත්‍රීවරුන්ගේ කිසිඳු වරප්‍රසාදයක් බිදවැටී නොමැති බවයි.

    කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ රහසිගත ලෙස සවන්දීමෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි

    [rns_reactions]

  • පියාගේ සොහොනින් මිලියන 90ක් පිල්ලි ගැසු ගෝඨා ළගදීම ඇතුළට – දේශපාලන ආරංචි මාර්ග කියයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

    ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කිරීමට යන බව පැවැසේ.

    ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.

    නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දී ඇති බව ආරංචි මාර්ග කියයි.

    [rns_reactions]

  • තම විධායක බලය යොදාගනිමින් නීතිය හා සාමය අමාත්‍යංශය ළගදීම ජනපති යටතට….

    ගිංතොට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවලට වගකිව යුත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය බව වාර්තාවක් ලබා දෙමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ දිගින් දිගටම සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සහ ජාතිවාදී ස්වාභාවයේ සිදුවීම් යම් දේශපාලනික මැදිහත්වීමක් සහිතව සිදුවන බවට තමන් ඇතුලු කණ්ඩායමේ මතය වූ බවත් එහිදී නීතිය හා සාමය අමාත්‍යංශයට දැඩි වගකීමක් දැරීමට සිදුවුවද ඔවුන් එය පැහැරහැර ඇති බවත් ඒ අනුව තම කණ්ඩායම විසින් වාර්තාවක් පිළියෙල කරමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

    එහිදී ඉදිරි මැතිවරණ කාල සීමාවද සළකා බලා සිදුවිය හැකි සිදුවීම් අවම කර ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා වෙත පවරා ගන්නා ලෙස ඔවුන් යෝජනා කර තිබෙනවා. මෙවැනි යෝජනාවක් මීට පෙරද ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේදී එය වළක්වා ගැනීමට එජාපය ජනාධිපතිවරයාට මාධ්‍ය ඔස්සේ චෝදනා කරමින් කටයුතු කළ ආකාරයද එම වාර්තාවට ඇතුළත් කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේය.

    මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අමාත්‍යවරයා අතර ඇති විරසකය හේතුවෙන් පොලීසිය අමාත්‍යංශය සමග ඇති සම්බන්ධය බොහෝ සේ අඩුවී ඇති බවද එම වාර්තාව අවධාරණය කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ගොඩ නැගූ ජාතික ආණ්ඩුවේ වැඩි බලයක් සහිත අමාත්‍යධූර එජාපයට හිමිව ඇති බවද පෙන්වා දී ඇති එම අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ වසර 2 1/2 කින් පසු එවැනි වටිනාකමක් ඇති අමාත්‍යංශ හුවමාරු කර ගත යුතු බව ගිවිසුමේද දක්වා ඇති බව සිහිපත් කරමිනි.

    [rns_reactions]