Author: Editor

  • එජාපයේ රනිල් අද නීතිවේදී ලිවේරා නැති බැඳුම්කර කොමිසමට.. සැකකරුවෙක්ගේ ආගමනයක් බවට රාවයක්..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙනී සිටීමට නියමිතයි.

    ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.  

    ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුනත් මෙය තම සහචරයන් ආරක්ෂාකිරීමට කරලියට පැමිණෙන තවත් සැකකාර නායකයෙකුගේ ආගමනයක් බවයි සමාජ ජාල වෙබ් අඩවි වල සදහන්ව ඇත්තේ.

    2015 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට 2016 වසරේ මාර්තු මස 31වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.  

    මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැඳුම්කර කොමිසමේදී  සාක්ෂි විමසන අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ හා දප්පුල ද ලිවේරා අද දිනයේ බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බවටද වාර්තා වනවා. අද දිනයේදී නීතිපතිවරයා කොමිසමට පැමිණෙන බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

    [rns_reactions]

  • පරාජිත කඩාකප්පල්කාරීන්ගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා – රටේ කිසිදු තෙල් හිගයක් නෑ..

    ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබුණා.

    එහෙත් එම සියලූ රාවයන් අසත්‍ය බවයි ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ අවධාරණය කළේ.

    ඒ අනුව රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛණිජ තෙල් අමාත්‍යංශය අවධාරණය කරනවා. එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් පමණක් මෙටි‍්‍රක් ටොන් 27,497ක් මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා සංකීර්ණවල ගබඩා කර තිබෙනවා. රට පුරා ඇති ඉන්ධන ගබඩා සංකීර්ණ 11ම මේ වනවිට පිරී පවතින බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

    ඉන්ධන හිඟයක් ඇති බවට වැරදි ප‍්‍රචාර පැතිරවීම බරපතල ගැටළුවක් වී ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා. මෙරට දෛනික පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2500ත් 2700ත් අතර වනවා. 

    [rns_reactions]

  • ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවන්න බෑ කියූ අමනයා ඇමතිකමින් දොට්ට – ආර්.සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්.

    ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප‍්‍රකෘශය සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව විනය පියවර ගන්නා  බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

    එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ජාතික කොඩිය පිළිනොගැනීමට අමාත්‍යවරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.

    වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කළා.

    ඔහු කියා සිටියේ ජාතික ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංඛේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බැවින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවයි. 

    [rns_reactions]

  • ලියන උන්ට හෙන හත වදීවා ” බුකියේ ශෙයා වෙන බැදුම්කර අර්ජුන් කෝල් කතාවට ඇමති අජිත් හෙන ඉල්ලයි .!

    මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා.
    එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.

    කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.

    ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.

    කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා,
    ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්,

    ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්

     // කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක්‌ ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.

    අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමි‍ටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමි‍ටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.

    Ajith: Arjun you free to talk?
    Aloysius: I was about to call you. Any news?
    Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
    Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
    Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
    Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
    Ajith: Ok Arjun let’s try that. Talk later.

    එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.

    අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?
    ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?
    අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.
    ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.
    අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.
    ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න
    අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.

    එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.

     // උපුටා ගැනීම: ෆේස්බුක් වෙබ් අඩවිය //

    කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා,
    එනම් ” පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා “ ලෙසය.

     



    [rns_reactions]

  • වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…

    වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…

    Image may contain: 1 person, standing

    රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය ධුරයට පත්ව ඇත. ඒ අනුව දැනට ක්‍රියාවට නැංවෙන මහාචාර්යවරයකු තෝරා පත් කර ගැනීමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම වයසකින් මහාචාර්ය ධූරයකින් පිදුම් ලබන්නේ ජයසුමන මහතාය. එම ධුරයට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 36 කි. මේ සමග 1958 වර්ෂයේ දී වෛද්‍ය සේනක බිබිලේ මහතා වයස අවුරුදු 38 කින් භිෂග්වේදය පිලිබඳ මහාචාර්ය ධුරයට පත්වෙමින් අඩුම වයසකින් එම එම ධුරයට පත්ව තබා තිබූ වාර්තාව ද අවුරුදු 59 කට පසු බිඳ වැටේ.

    වෛද්‍ය ජයසුමන රජරට පළාත්වල පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ ප්‍රමුඛ පර්යේෂකයකු ලෙස ද ක්‍රියා කරයි. කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා රජරට සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළේය.

  • සැප වාහන වල මිල වැඩි කලේ පාර්ලිමේන්තු මැති – ඇමති වරුන්ගේ වාසියටයි…

    සැප වාහන වල මිල අධික ලෙස වැඩි උන එකට ඔබ සැම අමන්දානන්දයට පත් වුනා නේද? සල්ලි කාරයන්ගෙන් බදු ගත්තට කමක් නෑ කියල සාමාන්‍ය ජනතාව සතුයු වුනාට ඒක එහෙම නෑ කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ඔක්කොම දේශපාලකයාගේ වාසියට මවපු දේවල් කියල ඔබට කිව්වොත් ඔබ පිළිගන්නවද?

    ඔන්න එහෙනම් සැප වාහන වල මිල අධික ලෙස ඉහල ගියේ ඇයි කියන එකට ඇත්තම හේතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වල දීල තියෙනවා. ඒ කොහෙමද කියල සරලවම කියන්නම් ඒ දැන් හිතන්න ලෑන්ඩ් කෘසර් එකක මිල රු.ලක්ෂ 230කින් විතර වැඩිවුනානෙ
    ඉතින් අපේ මෛත්‍රී වරුන්ට පුළුවං බදු නැතිව මේ රළු ලංකාවට ගෙන්නන්න ඊට පස්සෙ ඒක විකුණනව ලොකු සල්ලි කාරයන්ට පනතින මිලය වඩා පොඩි ගානක් අඩුවෙන් ඉතින් මේ වැඩෙන් ගොඩ යන්නෙත් අපේ ජනතා සේවකයොම තමයි නේද? අයවැයට අත් දෙකම උස්සන්නෙ ඒ නිසා නේද?

    ජනතාවට සේවය කරන්න කියල මැති සබේට ගිහින් ජනතාවගෙන් සේවය ලබාගන්නා ජනතා සේවකයින්ට උපහාරයක්ම වේවා!!!

    Image result for landcruiser

     

    Image result for land cruiser 2017 interior

  • බැඳුම්කරයට මුවාවී ඇලෝෂියස්ගේ ගතමන්ට් එකෙන් කම්සැප ගත් දේශපාලකයෝ..

    මේ දින වල ලංකාවේ වැඩිපුරම කියවෙන වචනය නම් ” ඇලොසියස් කෝල් ” ය. ඒ ගැන රූපවාහිනියේ , පත්තර වල සහ වැඩිපුරම සමාජ ජාලයන් තුල නොයෙක් නොයෙක් ආකාරයෙන් පුවත් මැවී ඇත.

    මේ ජරමර අස්සේ අපේ පාරලිමේන්තු මැති ඇමති වරුන් ටික දෙනෙක් හා මහ ඇමති වරයෙක් මේ දිනවල ඉතාමත් බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ සනාථ වී ඇත.ඒ මක් නිසාද යත් පහුගිය මාස හතරක පහක කාලයක සිට බොහෝ මැති ඇමති වරු රජ්‍ය තාන්ත්‍රික හා නොවන ලෙස කොයි වෙලෙත් පිටරට ගිය ගමන්ය… ඒ ගිය බොහොමයක් අතරින් 9 දෙනෙක් මේ දින වල ඉතා කණස්සෙල්ලෙන් සිටී.

    මෙයට හේතුව වෙන මොකුත් නොව පැහැදිලි සරල භාශාවෙන්ම කිව්වොත් ගත්ත ආතල් දැන් වමාරන්න වෙලා නිසාය.ඇලෝසියස්ගේ මුදලින් පිටරට වල ක්ලබ් ගානේ ගිහින් අත්දෙකට සුරූපිනියන් දෙන්නා තුන්දෙනා ගානේ අරං සුපිරි සැප ගත්තු අපේ මේ ජනතා පුත්‍රයින් මේ යන විදිහට ඒවාත් එළිවේදැයි බයෙන් මේ වන විට පූස් පැටවු වගේ හරි අහිංසක ලීලාවෙන් කාලය ගත කරයි. කොමිසමේ වාර්ථාව එළිවීමටත් ප්‍රථම දුරකථන ඇමතුම් ගැන මාධ්‍යට දීම ගැන වැඩිපුරම විරෝධය දක්වන්නන් අතර මේ අය ඉහලින්ම සිටින බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ….

  • ශ්‍රීලනිප ධජයට මුවාවී වෙන පක්ෂ දිනවන්න වැඩ කරන කල්ලතෝනින්ව පක්ෂයෙන් නෙරපනවා..

    එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු නොකර වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ඕනෑම ශ්‍රී .ල.නි.පක්ෂ මැති ඇමැතිවරයකුට එරෙහිව පක්ෂය දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    මහලේකම්වරයා මේ බව පැවැසුවේ මේ වනවිට ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුළුල් සන්ධානයක් ලෙස එළැඹෙන මැතිවරණයට මුහුණ දීමට තීරණය කර ඇති බවත් කිසිදු විටෙක ශ්‍රී .ල.නි.පක්ෂය සමඟ එකතු නොවන බවටත් අපට දැනගන්නට ලැබුණු පුවත පිළිබඳව මහලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදීය.

    මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන කවර හෝ අමාත්‍යවරයෙක්, මන්ත්‍රිවරයෙක් වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරයි නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

    එවැනි අයකු සිටී නම් පක්ෂයෙන් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පක්ෂයෙන් ඉවත් වී තමන් කැමැති පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස මහලේකම්වරයා එවැනි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

    [rns_reactions]

  • පිටකොටුවේ පේව්මන්ට් භුමිකාවේ බැසිල්. මහින්දගේ ඉත්තා නාමල්.ගෝඨා ජාතිවාදය අවුලනවා.- එස්.බි කියයි

    ඔබ දේශපාලනයේ ආව වේගය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
    වේගය වැඩියි කියලා නෙවේ හිතෙන්නේ. මගේ තිබ්බ හැඟීම්බරකම නිසා වැරැදි දේශපාලන තීන්දු කිහිපයක් ගත්තා.

    94 ආණ්ඩුවක් හදලා ඒකේ කැබිනට් ඇමැති කෙනෙක් වෙන ඔබට වගකීම් බර වැඩි වුණේ නැද්ද?
    අනූ හතරේ අපි පිහිටුවපු ආණ්ඩුවේ ඉතාම සතුටින් වැඩ කළා. ඇමැතිවරයෙක් විදියට සෑහෙන්න මම සාර්ථකයි. ඒ කාලේ සියයට 28ක් තිබ්බ දුප්පත්කම අද සියයට 6යි. ආසියාවේ කොහේවත් නැති මූල්‍ය ආයතනයක් අපි සමෘද්ධිය හරහා හදනවා. ඔලිම්පික් දින්නා. වර්ල්ඩ් කප් ගත්තා. තුරුණු ශක්ති කළා. කෘෂිකර්මයෙන් අතිරික්ත අස්වැන්නකට ගියා.

    මුලින්ම වරද්දා ගත්තේ කොතැනද?
    පක්ෂ මහ ලේකම්කමට ඉල්ලපු එක ලොකු වරදක්. එදා ඒක මංගලට දෙන්න චන්ද්‍රිකා මැතිනියට ඕන වුණා. මටත් ඕනකම තිබ්බේ මංගලව ගේන්න. ඒ වෙලාවේ මහින්ද මහත්තයත් තරග කරන්න සූදානමක් තිබ්බා. ඒ වෙලාවේ මංගල පස්සට කරලා මම ඉදිරිපත් වුණා.

    ඔබ ඔහොම කීවට එදා ඉදිරිපත් වෙන්නේ මෛත්‍රිනේ?
    ඔව්, මම එන නිසා මහින්ද මහත්තයා පස්සට වෙලා මෛත්‍රි මහත්මයාව ඉස්සරහට දැම්මා.
    පස්සේ ඔබ පක්ෂය මාරු කරලා එක්සත් ජාතික පක්ෂයට එනවා. ශ්‍රී ලංකා එකේදී මනාප 70,000ක් විතර ගන්න ඔබ එජාපයෙන් මනාප ලක්ෂ දෙකකට කිට්ටුව ගන්නවා. බැලුවම එජාප පාක්ෂිකයෝ ඔබට සෑහෙන්න සලකලා?

    ඔව්, එක්සත් ජාතික පාක්ෂිකයෝ එහෙමයි. බලන්න ගිය වතාවේ රාජිත කළුතර පළමු වැනියා. චම්පික කොළඹින් ඉහළින් දිනනවා. ඒ ඒකේ පාක්ෂිකයන්ගේ ලිබරල් මානසිකත්වය.
    පාක්ෂිකයෝ ආගන්තුකයන්ට සලකනවා, පක්ෂය එහෙම කරන පාටක් නැති නිසාද ඔබ නැවත මහගෙදර එන්නේ?
    පක්ෂය ඇතුළේ ගමනක් යන්න ඉඩකඩ තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටික කලකට පෙර අපේ පක්ෂෙත් තිබ්බා. ධාතුසේනට පස් ගහලා මරන්න කාශ්‍යප තීරණය කරන්නේ ඒ බලය කියන කාරණය නිසා.

    ආණ්ඩුවට දැන් අවුරුදු තුනයි, හැම අතින්ම චෝදනා නේද?

    මතක තියාගන්න මේ තමයි ඉතිහාසයේ බිහිවෙච්ච අමාරුවෙන්ම ඉස්සරහට යන ආණ්ඩුව. එකිනෙකට වෙනස් දේශපාලන දර්ශන තියෙන්නේ. 2010න් පස්සේ රාජපක්ෂලා මේ රටේ විකෘතියක් වෙනවා. ඒ විකෘතිය වෙනස් කරන්න මෛත්‍රි ජනාධිපතිතුමා උත්සාහ කරනවා. 77 ඉඳලා පටන් ගන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා උත්සාහ කරනවා. මේ දෙකක්. ලිබරල් සහ මිශ්‍ර ආර්ථික දෙකක් එකට ගැටගැහිලා. හැබැයි සියල්ලට වඩා ජාත්‍යන්තර ජයග්‍රහණ අපි ලැබුවා. මොකද මේ තියෙන්නේ අන්ත දෙකක යන පක්ෂ දෙකක එකතුවක්. ඉතිං ගැටුමක් එක්ක තමයි යන්නේ. හැබැයි ජනාධිපතිතුමා මේ ආණ්ඩුව හදලා මහ විශාල අනතුරකින් අපේ රටත්, අපේ පක්ෂයත් බේරා ගත්තා.
    ඔය දෙපැත්තට යන ගමනේදී ආණ්ඩුව එන්න කලින් දුන්න මූලික පොරොන්දුවත් ඉටු කරන්න බැරි වෙනවනේ?

    පැහැදිලිවම. අනෙක් අතට එක පාර්ශ්වයක් දුර්වල වෙනවට අනෙක් පාර්ශ්වය කැමැතියිනේ. අපේ පක්ෂය බෙදිලා ඉන්නවට එක්සත් ජාතික පක්ෂය කැමැතියි. ඉතිං එහෙම වුණාම ඔය දුන්න එකක්වත් ඉටුකර ගන්න බැරි වෙනවා.

    විධායක ජනාධිපතිධුරය හඳුන්වා දුන්න දවසේ ඉඳලා ශ්‍රී ලනිපය හිටියේ ඒක අහෝසි කරනවා කියලා නේද?
    ඔව්.

    එහෙනම් ඇයි දැන් ඒක ආරක්ෂා කරන්න කතා කරන්නේ?
    වෙලා තියෙන්නේ මේකනේ. ඔව්. අපි එහෙම කීවා. හැබැයි අමතක කරන්න එපා 13 ව්‍යවස්ථාවෙන් පසුව ඇති වෙච්ච තත්ත්වය. ඒ ගැන අපේ පක්ෂයේ මත කිහිපයක් තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය පැවැතීම අවශ්‍යයි. 13න් පස්සේ ඉන්දියාවේ තියෙන බලතලවත් අපේ මධ්‍යම ආණ්ඩුවට නෑ. ඉන්දියාවේ තියෙනවා මධ්‍යම රජයේ බල තලවලට යටත්ව කියලා වගන්තියක්. අපේ එහෙම නෑ. 13ගේන කොට ශේ‍ර්ෂ්ඨාධිකරණය හරියටම දෙකට බෙදුණා. සමහරු කීවා රට ෆෙඩරල් වෙනවා කියලා. අනෙක් අය කීවා විධායක ජනපති ඉන්න නිසා එහෙම වෙන්නේ නෑ කියලා. අන්තිමට ජේ.ආර්. තව කෙනෙක් පත් කරලා 5ට 4 තීන්දුවක් ගත්තා.

    එහෙනම් ඇයි පක්ෂ නායකයා වන මෛත්‍රි එය අහෝසි කරන්න පොරොන්දු දුන්නේ?

    එතුමා ඒක කළා. එතුමා ඡන්දෙට කලින් පොරොන්දු වුණේ ව්‍යවස්ථාවේ තිබෙන ජනමතවිචාරණයකට යන්න තියෙන කාරණාවලට අත තියන්නේ නෑ කියලයි. එතුමා කීවටත් වඩා කළා. සමහර දේවල් කරන්න එපා කීවේ උසාවිය. ඊට පස්සේ මහ මැතිවරණය ආවා. එක්සත් ජාතික පක්ෂය කීවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා, විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. අපි එහෙම දෙයක් කීවේ නෑ. අහෝසි කරනවා කීව එක්සත් ජාතික පක්ෂෙට ලැබුණද ජනවරමක්, නෑ. ලැබුණේ නෑ. අපට ලැබුණෙත් නෑ. එහෙම බැලුවම මේ ආණ්ඩුවේ කාටවත් සම්පූර්ණ ජනවරමක් නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න.

    94 එන ඔබතුමන්ලා, ලියනවා පොතක් බලය බෙදීම ගැන. ඒ වෙනකොටත් 13 ක්‍රියාත්මකයි. විධායක ජනපති ධුරය අහෝසි කරන බවත් 94 දී ඔබ කියනවා. එදා ඔය කියන අනතුර දැක්කේ නැද්ද?

    අනතුර දැක්කා. අපි ආවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. අපි මීට වඩා ඉදිරියට ගිය එකක් කරන්නයි ගියේ. මම අදත් කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන එක. හැබැයි ඒකට ජනවරමක් මේ පාර්ලිමේන්තුවේ නෑ.

    94 ආණ්ඩුව දශකයක් විතර ඇදගෙන එන්නේ ‘කවදාවත් නොකෙරුණ’ ‘පැකේජය’ පෙන්නමින්. මේ වෙන්නෙත් ඒකමද?
    මේ ආණ්ඩුව හැදුවේ අපි නෙවේනේ. අපි හිටියේ මහින්ද දිනවන වැඩකනේ. ආණ්ඩුව ගේන්න කැප වෙච්ච අය කියනවා ජනවරම ලැබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කියල. එතැන ෆෙඩරල් ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. හැබැයි හැමෝම මෛත්‍රිපාල සිරිසේන මහතා රටට කීව දේ අමතක කරනවා. එතුමා කීවේ, ජනමත විචාරණයකට යන කිසිවකට අත තියන්නේ නෑ කියලා.

    සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේදී ජනාධිපතිවරයා පොරොන්දු වෙනවා විධායකය අහෝසි කරනවා කියලා?
    එතුමා ඒක කරලා ඉවරයි. එතුමා යාහැකි උපරිමයටත් එහා ගියා.

    ඒ කියන්නේ 94 ඔබතුමන්ලා විධායක ජනපති ධුරය අහෝසි කරනවා කියලා කීවෙත් ඔය ටික අහෝසි කරන එකද?
    පැහැදිලිවම ‘ඔව්’ අපි බණ කියනවා වගේ කීවේ අත්තනෝමතික බලය ඉවත් කරනවා කියලයි. අපි ලේවලින් ඒකීය රටක් පතන මිනිස්සු.

    ව්‍යවස්ථාව ගෙනාව එජාපය අලුත් ව්‍යවස්ථාවක් ගේමු කියනවා. ඒක නරකයි කීව ඔබේ පක්ෂය දැන් ඒක රකිනවා?
    ඕක පුද්ගලබද්ධ කාරණයක්. එයාලගේ ව්‍යවස්ථාවෙ 94න් මෙහාට හැමදාම හිටියේ අපේ පක්ෂයේ නායකයෙක්. ජනාධිපතිවරණයක් එනකොටම එයාලගේ පක්ෂේ අයම වික්‍රමසිංහ මහත්තයාට කියනවනේ ඔබතුමා පස්සට වෙන්න කියලා.

    ඒ කියන්නේ ජනාධිපතිකම ගන්න බැරි නිසා විධායක අගමැතිකම ගන්න හදනව..?
    ඒක නේද පේන්න තියෙන්නේ.

    ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනය කරනවා. ඒ නිසා ශ්‍රී ලනිපයත් වැඩෙන් පස්සට ගියාවත්ද..?
    නෑ.නෑ. අපි කොහොමත් නව ව්‍යවස්ථාවක් ගේන්න එකඟයි. හැබැයි ඒකීය රටක්.

    පක්ෂ දෙක මත දෙකක, කොහොමද ව්‍යවස්ථා හදන්නේ..?
    ඒක තමයි කියන්නේ. මේ අමුඩ ගැහුවට, එකඟතාවක් තියෙන්න එපාය. අපි විතරක් නෙවේ උතුරෙත් බෙදිලනේ. එහේ මහ ඇමැති ප්‍රභාකරන්ගේ කිරි අප්පච්චි වෙලානේ. මිනිහා ප්‍රහාර උගන්වන සයිස්. මේ ගෙවන්නේ ගන්ධබ්බ වෙලාවක්. හැබැයි මේ තියෙන සංවාදය මරු. අපේ පක්ෂ දෙක කලබල වෙන්න ඕන නෑ.

    මේ ගමන කොච්චර කල් යයිද..?
    නෑ. මේ දීර්ඝකාලීන ගමනක් යන වැඩක් නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන රටේ තියෙන තත්ත්වය. මහින්ද මහත්තයා, අවුරුදු දෙකක් තියෙද්දි ඡන්දෙට ගියේ නිකං නොවේ. ඔහු දන්නවා අපි ගත්ත ණයවල ගෙවීම් පටන් ගන්නේ 2017 ඉඳලා කියලා. ඒ එක්කම 2015 මාර්තු 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපට එරෙහි වාර්තාවක් එවනවා. ඒ වාර්තාවේ තිබුණේ අපි ම්ලේච්ඡයෝ කියලා. අපි යුද අපරාධකාරයෝ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට යුරෝපීය ආර්ථික තහංචියකට ගියොත් අපි අමාරුවේ වැටෙනවා.

    ශ්‍රී ලනිපයෙන් වෙන් වෙච්ච පාර්ශ්වය මේ වෙලාවේ ප්‍රබලයි නේද..?
    මොන පිස්සුද..? එයාලා අන්ත ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ගෝත්‍රවාදී පිරිසක්.

    හැබැයි එතැන ඉන්නේ ප්‍රබලයෝ තුන්දෙනෙක්..?
    කවුද ඔය ප්‍රබලයෝ..?

    මහින්ද, බැසිල්, ගෝඨා කියන ප්‍රබල චරිත ඒ පැත්තේ ඉන්නවා?
    අයියෝ මොන ප්‍රබලද. රාජපක්ෂලානේ. මේ ලංකාවේ දේශපාලනය දන්න, හොරකමට දූෂණයට, වංචාවට එරෙහි ජනතාව මෙයාලා ගැන දන්නවා. ඒ පවුල දිහා ඒ අය බලන විදිහක් තියෙනවා. හැබැයි චමල්ට එහෙම චෝදනා නෑ.

    බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ශක්තිමත් කරනවා?
    ඒක වෙළෙඳ භූමිකාවක්නේ. පිටකොටුවේ පේව්මන්ට් එකේ ප්ලාස්ටික් බඩු විකුණනවා වගේ වැඩක් ඔහු කරන්නේ.

    ඔබතුමා බැසිල් මහත්තයත් එක්ක විරසකේක වගේ?

    අනේ නෑ. මට එතුමා එක්ක තරගයක් තිබ්බේ නෑ. එතුමා ඉතින් පක්ෂයේ හිටියේ සර්වබලධාරී දෙවියෝ වගේනේ. අඩුතරමේ සමෘද්ධියට කරපු මේ මහා විනාශ නවත්වන්න කියලවත් කියාගන්න මට බැරි වුණානේ. බැසිල් තමා ගම විකෘති කළේ. සමෘද්ධියට එහි යුතුකම කරන්න බැසිල් ඉඩ දුන්නේ නෑ. එයා සමෘද්ධිය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ක්ෂුද්‍ර මූල්‍ය කියන්නේ මොකක්ද කියලවත් එයා දන්නේ නෑ. කියවලත් නෑ. ඒ නිසා ගම අද ගිනිපොලී මාෆියාවක හිරවෙලා

    දැන් සමෘද්ධිය ඔබේ අතේ?
    පසුගිය කාලේ මට සමෘද්ධි අමාත්‍යාංශයේ බොහෝ අඩුපාඩු හදාගන්න අවස්ථාව තිබ්බේ නෑ. මට දැන් ඒ අවස්ථාව තියෙනවා.

    ඔය මොනවා කීවත් එස්.බී. දැන් හරිම අක්‍රිය වෙලා වගේ නේ?
    නෑ නෑ. එහෙම නෑ. දැන් පරිණත වෙලා.

    සමහරු කියනවා මෛත්‍රි පක්ෂය දෙකඩ කරනවා කියලා?
    අපි එකක් තේරුම් ගන්න ඕන. අපි සිරිසේන ජනාධිපතිතුමා එක්ක හිටියේ නෑනේ. අපි හිටියේ වෙනම. හිටපු ජනාධිපතිතුමාට ඕන වුණා වත්මන් ජනාධිපතිතුමා හමු වෙන්න. අපි එතුමා එක්ක කතානායකතුමාගේ නිවසට ආවා වත්මන් ජනාධිපතිතුමා හමු වෙන්න.

    එහෙම හමු වෙලා එළියට ආව ගමන් මහින්ද මහත්තයා කියනවා ” මම පක්ෂය මෛත්‍රි ජනාධිපතිතුමාට බාර දෙනවා ඔයාලා උදවු කරන්න කියලා. එහෙම දීලා ඉවර වුණාමත් අපි වත්මන් ජනාධිපතිතුමාට කියනවා අපි විපක්ෂයේ ඉඳන් ඔබතුමාට උදවු කරන්නම් කියලා. ඒ වෙලාවේ මහින්දානන්ද, ලොහාන්, ඩිලාන්, මහින්ද අමරවීර එහෙමත් හිටියා.
    මධ්‍යම කාරක සභාව කැඳවලා අපි ආපහු මෛත්‍රි ජනාධිපතිතුමාව පක්ෂ සභාපති කරද්දීත් ඔය අය එතැන ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලයි සභාපති කළේ. ඇමැතිකම් ගන්නත් එයාලා එකඟ වෙනවා. එහෙම කරගෙන යනකොට දැන් මේ පක්ෂයේ කෑල්ලක් කඩාගෙන, අපේ පක්ෂය දුර්වල කරමින්, ඒ අය ශක්තිමත් කරමින් හිටපු ජනාධිපතිතුමා මොකක්ද මේ කරන්නේ. පක්ෂය කඩලා දුර්වල කරලා තාවකාලිකව කවුරුහරි බලයට ගෙනැල්ලා තමාගේ ඉලක්කයට අලුත් අපේක්ෂකයාගේ කාලය පිරෙනකම් විපක්ෂයේ ඉන්නවා. මේක අපේ පක්ෂය හිතාමතා විනාශ කරන වැඩක්. දැන් කරන්නේ ඒක.

    එයාලම ඉල්ලලා තමයි විපක්ෂෙට ගියේ. එහෙම ගිහින් මොනවද මේ කරන්නේ. මහින්ද මහත්තයා මේ යන්නේ තමන්ගේ ඉත්තාව ගේන්න.
    කවුද ඉත්තා?
    නාමල්

    සමහරු කියනවා මේ ආණ්ඩුව පරණ පව් ගෙවනවා කියලා. ගුවන්තොටුපොළ, වරාය, සයිටම් වගේ ඒවා ලොකු අර්බුද වෙනවා නේද?
    ඒවා හදපු එක හොඳයි. අපි ඒවා නිසි පරිදි කළමනාකරණය කරලා ආදායම් උත්පාදන මාර්ග බවට පත් කළ යුතුයි. අද ලෝකයේ කියුබාවයි උතුරු කොරියාවයි හැර හැම රටකම පෞද්ගලික සරසවි තියෙනවා. චීනයේ පවා තියෙනවා. සයිටම් එපා කියන මහාචාර්යවරුන්ගේ, ජේවීපී අයගේ දරුවෝ පිටරට පෞද්ගලික සරසවිවල ඉගෙන ගන්නවා.

    ඔබට හිතෙන්නේ නැද්ද බොහෝ තැන් මේ ආණ්ඩුව වරද්දාගෙන කියලා?

    ඔව්. බොහෝ තැන් වරද්දාගෙන ඉන්නේ. බැඳුම්කරය බලන්න. ඒක හොරකමක්. මංකොල්ලයක්. ඒක රකින්න මේ ආණ්ඩුවේ සමහරු දඟලපු හැටි ඉතාම බරපතළයි. පාරිශුද්ධ යහපාලනයේ තිබ්බ හොරකමට, වංචාවට එරෙහි සංකල්පයට ඒක ලොකු කැළලක්. මේක ඉතිහාසයේ ලොකුම හොරකම. ඒ හොරකමට මේ ආණ්ඩුව සම්බන්ධයි. හොරකම් කළා මදිවට දුවලා ගිහින් ඒ හොරු සුද්ද කරන්නත් දඟලනවා. ඒක තමයි මේ ආණ්ඩුවෙන් වෙච්ච බරපතළම වරද.

    ඔය කීවට කෝ දඬුවම්?
    ඔව්. මේ චෝදනා බරපතළයි. එළියට නොපෙනුණාට අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. එහෙම කරද්දී පවා යම් යම් දේ වෙනවා. මේවයින් අපි නිදහස් වෙන්න ඕන. අනික සංවර්ධන වැඩ වේගවත් කරන්න ඕන. ආණ්ඩු ඇතුළේ දූෂණ ගොඩක් වෙනවා. එජාපය හදන්නේ සේරම විකුණන්න. අනික අවුරුදු 20ක් විතර විපක්‍ෂයේ හිටපු අයට ක්‍ෂණික වුවමනාවලුත් ඇතිනේ. ඉතින් අපි ඉන්න නිසයි මෙහෙමවත් රැකිලා තියෙන්නේ. එකතු වෙච්ච වෙලාවේ රට ඉදිරියට ගෙනියන්න ඕනෑ.

    ඒකාබද්ධ විපක්‍ෂය ‘සාමාජිකත්ව ප්‍රවර්ධන’ පටන් අරන්? රැළි පවා තියනවා?
    නෑ. අපිත් අපේ ප්‍රවර්ධන කටයුතු කරනවා.

    පක්‍ෂය දෙකඩ වෙලා, කොහොමද ඡන්දයක් දිනන්නේ?
    නියමිත වෙලාවේ පාක්‍ෂිකයෝ හරිතැන හිට ගනියි. එදා මහ මැතිවරණය වෙලාවේ හිටිය තැන නෙවේ අද අපි ඉන්නේ. පාක්‍ෂිකයෝ දැන් පක්‍ෂයට එනවා. අදත් මහින්දට පක්‍ෂ දේහයේ හයියක් තියෙනවා. ඒ හයියෙන් එතුමා මේක විනාශ කරනවා.

    අන්තිමට එක්සත් ජාතික පක්‍ෂය තනි අශ්වයකුගේ ගේමක් ගහයි?
    ඔව්, ඒක වළක්වන්න අපි ඉතසිතින් වැඩ කරනවා. අපි නිතර ඒ වෙනුවෙන් සාකච්ඡා කරනවා.

    ඒකාබද්ධය කියන්නේ එජාපයෙන් වෙන්වෙලා ආවොත් එකතු වෙනවා කියලා?
    මොන විකාර කතාද ඒ කියන්නේ. ඔය එතැන ඉඳන් කෑ ගහන එකොළොස් දෙනෙක් පියෝ යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ගියපු අය. කෙහෙළියලා හිටියේ එජාපයේ ‍ෙදාරකඩට ගිහින්. දැන් ඔය කෑ ගැහුවට හිටියේ එහෙම. දැන් ඔය කොන්දේසි දාන්නේ හෙලුවෙන්. සිරිකොත ‍ෙදාරකඩ හිටපු උන් තමයි අද ඔය කුණුහරුප කියන්නේ. අද ඒකාබද්දේ ඉන්නේ පියෝ යූ.ඇන්.පී. ආණ්ඩු හදන්න ගේම් ගහපු උන්.

    ඡන්දෙන් මොනවා වෙයිද?

    පළමුවැනි පළාත් සභා ඡන්දෙට අපි තරග කළේ නෑ. තරග කළේ ශ්‍රී ලනිපයේ 3/4ක් කඩාගෙන ගියපු මහජන පක්‍ෂය. එයාලා කරටකර සටනක් දුන්නා. ඡන්දෙන් පස්සේ මහජන පක්‍ෂය හෝදගෙන ගිහින් ශ්‍රී ලංකා එකට ආවා. එජාපයේ ලලිත්ලා, ගාමිණිලා රාජාලියා හැදුවා. අන්තිමට කෝ රාජාලියා.

    දැන් එස්.බී. මෙතැනින් එහාට කොතැනටද යන්නේ?
    විශ්‍රාම යනවා.

    පොත් බොහොමයක් ලීවනේ. ඊළඟ පොත මොකක්ද?
    කිහිපයක් ලියනවා.

    දැන් හරි තැන්පත් වෙලා වගේ?
    අම්මෝ, දැන් මට හැටහතක්. දරුවොත් ලොකුයි. මම දැන් වයසට ගිහින්.

    [rns_reactions]

  • රටවල් 16ක් පරද්දල අන්තර්ජාතික ජල රොකට් තරගයෙන මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක

    ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි.
    මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනයෙන් සංවිධානය කළ රොකට් තරගය සඳහා ඉදිරිපත් වී හයවැනි ස්ථානය දිනාගත් හෙයින් ඉන්දියාවේ පැවති ජල රොකට් තරගය සඳහා ඉදිරිපත්වීමට නිම්සරට හැකියාව ලැබිණි.

    [rns_reactions]

  • මීරිගම රූපලාවණ්‍යාගාරයේ දිනේෂාගේ සිරුර මුලින්ම දැක්කෙ ගුරුවරියක්

    ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය.

    තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි.
    තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට ඇතුළු වූවාය.
    රූපලාවණ්‍යාගාරය තුළ ඇස් වූ අදහාගත නොහැකි දර්ශනයකින් ඇය නැවත ආපසු හැරී තෙමහල් ගොඩනැඟිල්ලෙහි බිම් මහලෙහි පවත්වාගෙන යන වෙළෙඳසලක් වෙත දිව ගියාය. තමන් දුටු දර්ශනය එහි සේවිකාවකට පැවසුවාය.

    එම පුවතින් කලබල වූ සේවිකාවද, ගුරුවරියද නැවත රූපලාවණ්‍යාගාරය තුළට දිව ගියහ.
    “මේ ඉන්නේ සැලොන් එකේ නංගී” සේවිකාව ගුරුවරියට පැවැසුවාය.
    ‘මේ දරුවා මැරිලා’ ගුරුවරිය කම්පනයට පත් වෙමින් මිමිනුවාය.
    ඇය සිටියේ රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන හාන්සි පුටුවක උඩුබැලි අතට වැටීය. ඇයගේ හිස තිබුණේ රූපලාවණ්‍යාගාරය තුළ කොණ්ඩය සේදීමට සවි කර තිබූ ජල බේසම තුළය.

    ජල බේසමෙහි සවි කර ඇති ජල කරාමයද විවෘත කර තිබූ හෙයින් ජල බේසම ජලයෙන් පිරී ඉතිරෙමින් ඉන් දෝරේ ගලනා ජලයෙන් මුළු රූපලාවණ්‍යාගාරයද තෙමී ගොසිනි.
    ජල බේසම තුළ වූයේ විදුලි පේනුවකි (ර්භතබඪ ර්ථීතභඨ). එහි කෙළවර කොටස විදුලිය හා සම්බන්ධ කර තිබිණි.
    මෙම ආරංචියට තෙමහල් ගොඩනැඟිල්ලෙහි සිටින තවත් බොහෝ පිරිසක් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණියහ.
    මේ අතර මීරිගම පොලිසියේ දුරකතනය නාද විය. රූපලාවණ්‍යාගාරයට යාබදව ඇති සතොස වෙළෙඳසලේ සේවකයකු රූපලාවණ්‍යාගාරය තුළ සිදුව ඇති ඛේදවාචකය පොලිස් නිලධාරීන්ට විස්තර කළේය.

    ඉකුත් නොවැම්බර් 13 වැනි දින පස්වරු 2.45ට පමණ මෙම පණිවුඩය මීරිගම පොලිසියට ලද අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මීරිගම නගරයේ පිහිටි අදාළ රූපලාවණ්‍යාගාරය තුළට පිවිසුණෝය.
    “මේ නැති වෙලා ඉන්නේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “අසල සිටි අයෙක් විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් කණ්ඩායමට කීවේය.
    මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් සිටියේ දිනේෂා චතුරංගනී අමරතුංග නම් තරුණියය. මිය යන විට ඇයගේ වයස 21කි. ඇය පදිංචිව සිටියේ කිතලවලාන, මුට්ටෑවත්ත ප්‍රදේශයේය.

    ඇයගේ අබිරහස් මරණයෙහි විමර්ශන කටයුතු සඳහා පැමිණ තිබුණේද ඇයගේ පියාගේ මිතුරන්ය.
    දිනේෂාගේ පියා මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කටයුතු සිදු කරයි.
    දිනේෂාට තව බාල සහෝදරයකු සිටී. උසස් අධ්‍යාපනයෙන් පසු දිනේෂාට අවශ්‍ය වූයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වීමටය.
    කුඩා කල සිට ඇයගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් වූයේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය.
    තම සිහිනය සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක්ද හැදෑරීමට කටයුතු කළාය.
    රූපලාවණ්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙකී රූපලාවණ්‍යාගාරයට සම්බන්ධ වූවාය. ඒ මීට මාස හයකට පමණ ඉහතදීය.
    ඉන් ඇයට සරිලන වැටුපක්ද හිමි වූ අතර රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේද අවිවාහක තැනැත්තියකි. මීට මාස කිහිපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබිණි. ඒ පාසල් සංවර්ධන නිලධාරිනි තනතුරය. එම පත්වීමත් සමඟ රූපලාවණ්‍යාගාර හිමිකාරිනිය සතියේ දිනවල රූපලාවණ්‍යාගාරයට පැමිණෙන්නේ පාසල නිම වීමෙන් අනතුරුවය. ඒ වන තෙක් සියලුම කටයුතු බලාකියා ගන්නේ දිනේෂා චතුරංගනීය.

    ඉකුත් 13 වැනි දිනද සුපුරුදු පරිදි බත් මුළකුත් බැඳගෙන අෑ සිය රැකියාව සඳහා ගෙදරින් පිටත්වූ බව දිනේෂාගේ මව පොලිසියට පවසා තිබිණි. එදින දිනේෂාගේ පියාද පොලිස් රාජකාරියට ගියේ නැත. ඔහු අනුමත නිවාඩු ලැබ නිවෙසට වී සිටියේය.
    “අපේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇය ඉතාම සාමාන්‍ය විදියට තමයි හිටියෙ. හරි සතුටින් තමයි රස්සාවට යන්නේ.’ ඒ ඇයගේ මවුපියන් පොලිසියට කී කතාවය.
    මරණය ආරංචි වූ විගස දිනේෂාගේ මවුපියෝ රූපලාවණ්‍යාගාරයට පිටත් වූහ.

    “දිනේෂා මිය යන විට රූපලාවණ්‍යාගාරය තුළ කවුරුන්ද සිටියේ?” පොලිස් කණ්ඩායම්වල අවධානය යොමු විය.
    රූපලාවණ්‍යාගාර හිමිකාරියද ආගිය අතක් නොමැති බව මුලදී පැවසුවද පසුව දුරකතනය හරහා පොලිස් නිලධාරීහු ඇයව සම්බන්ධ කර ගත්හ.
    තමා භාර ගත් විවාහ මංගල්‍යයක ඇඳුම් ආයිත්තම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිර ආදිය ගැනීමට ඇය නුවරට පැමිණ ඇති බවත් රාත්‍රිය එළැඹීමට ප්‍රථමව නැවත රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවත් ඇය පොලිස් නිලධාරීන්ට කීවාය.
    එදින සන්ධ්‍යා භාගය වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියද පැමිණියාය.

    ඒ වන විටත් මෙම අබිරහස් මරණය පරීක්ෂා කිරීම සඳහා පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් (ඉර්ණීඛ්ර්ණී), ඇඟිලි සලකුණු නිලධාරීන් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඒ අතර මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරිණි.
    පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂාගේ නිසල දේහය සුදු රෙද්දකින් ඔතා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යෑම සඳහා රූපලාවණ්‍යාගාරය තුළින් පිටතට ගනු ලැබුවේ ඇයගේ මවුපියන්, ඥාතීන් සහ මීරිගම වෙළෙඳ ප්‍රජාවද හඬවමිනි.

    මීරිගම නගරයම මවිත කළ මෙම අබිරහස් මරණය සෙවීම සඳහා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත මීරිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංගගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ, පොලිස් සැරයන් ආනන්ද (30497) ඇතුළු පොලිස් කණ්ඩායම විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
    දිනේෂාගේ මරණය සිදුවූ දින මධ්‍යාහ්න 12.00ට පමණ රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඇය මීරිගම නගරයට ඇයගේ අවශ්‍යතාවකට පැමිණි මොහොතක එලෙස රූපලාවණ්‍යාගාරයටද ගොඩවී ගොස් තිබුණාය.

    ඒ මොහොත වනවිටත් දිනේෂා චතුරංගනී සුපුරුදු පරිදි රූපලාවණ්‍යාගාරය තුළ සිටි බවද තමා සමඟ ඉතා කුලුපඟව වෙනදා සේ කතාබහ කළ බවද රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව පොලිසිය වෙත දන්වා තිබුණාය.

    ඉන් ඉක්බිති දිනේෂාව දැක තිබුණේ පාසල් ගුරුවරිය ය. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියාය. එම ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට රූපලාවණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2.45ට ආසන්න වේලාවක් තුළය. මෙම කාලසීමාවන් අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදු වන්නට ඇත්තේ මධ්‍යහ්න 12.00ත් පස්වරු 2.45ත් අතර කාලය තුළ බවය.

    එහෙත් ඇයගේ මරණය ඇසින් දුටුවකු නොමැත.රූපලාවණ්‍යාගාර හිමිකාරිය විසින් දිනේෂාටද රූපලාවණ්‍යාගාරයේ යතුරු කැරැල්ලක් දී ඇත.
    ඒ අනුව සුපුරුදු පරිදි එදිනද දිනේෂා විසින් පෙරවරු 9.00ට පමණ රූපලාවණ්‍යාගාරය විවෘත කරනු ලැබ තිබිණි.
    එදින දිනේෂා රූපලාවණ්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනකුට සිය සේවය ඉටු කර ඇතිද යන්න සොයා ගැනීම පොලිස් කණ්ඩායමේ ඊළඟ කාර්යය විය.
    නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට නොහැකි වූයේ රූපලාවණ්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින දෙක තුනක පමණ සිට අවසන් වී තිබූ නිසාය.

    ඒ අනුව දිනේෂා දින දෙක තුනක පමණ සිට ගනුදෙනු සටහන් කර නොමැත.
    පොලිස් පරීක්ෂණවල සහාය සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයද අධිකරණ නියෝග මත මුද්‍රා තැබීය.
    පොලිසියේ ඊළඟ අවධානය යොමු වූයේ දිනේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැනය. එම මරණ පරීක්ෂණයද ඉකුත් 14 වැනි දින පස්වරුවේ සිට රාත්‍රිය දක්වා රාගම රෝහලේදී පවත්වනු ලැබීය.

    අනතුරුව සිදු කළ එම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදුන්නේ විවෘත තීන්දුවක් ලෙසටය.
    එනම් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණයට හේතු වූ කරුණු නිශ්චිතව නොදැක්වූ අතර දිනේෂාගේ ඇතැම් ශරීර කොටස් ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කළේය.

    මරණයට අදාළ ප්‍රකාශද පොලිස් කණ්ඩායම විසින් සටහන් කරගත් අතර දිනේෂාගේ මව, පියා, අසල්වාසීන්, මිතුරන් ප්‍රකාශ ලබා දෙමින් පවසා සිටියේද ඇයට සිත්තැවුල් වීමට කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.
    එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවණ්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවණ්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවය.
    ඒ අනුව ඉකුත් 13 වැනි දිනද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද? යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතිරි විය.
    එසේ නම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුණාද? යන ප්‍රශ්නයද පොලිස් විමර්ශකයන්ගේ අබිමුව වේ.
    නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථ පමණි.

    මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ.
    දිනේෂා චතුරංගනී සැවොම හඬවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියාය.
    තවමත් පොලිස් රාජකාරි හමාර නැත. ඉදිරියේදී දිනේෂාගේ මරණයේ අබිරහස විසඳෙනු ඇත.

    [rns_reactions]

  • තම දේශය සුද්දාගෙන් මුදාගෙන අනතුරුව ඒකාධිපතිමය මමත්වය මත යැපුනු ඇන ගත්තු මුගාබේ

    වසර 37ක් එක දිගට සිම්බාබ්වේ දේශය පාලනය කළ වයස අවුරුදු අනූතුනක් වූ මහලු ‘රොබට් මුගාබේ’ නම් පාලකයා දැන් නිවාස අඩස්සියේය. එරට හමුදාව රාජ්‍ය බලය අල්ලාගෙනය. රාජ්‍ය මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනි ඇතුළු තීරණාත්මක ස්ථාන හමුදාවේ අණසක යටතේය.

    බටහිර මාධ්‍ය මේ පුවත පසුගිය 15දා සිට ප්‍රචාරය කළේ මහත් උනන්දුවෙනි. සිම්බාබ්වේ නායක මුගාබේ සිටින ස්ථානය හරිහැටිම කියන්නට බැරි වුවද සිදුවීම වූ 15දා ඔහුගේ හිතවන්ත දකුණු අප්‍රිකානු නායක ජේකොබ් සුමෝ මුගාබේට දුරකතනයෙන් කතා කළ බවත්, ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවත්, ජීවිතයට හානියක් නැති බවත් අදහස් කෙරෙන ප්‍රකාශයක් කළේය. දකුණු අප්‍රිකානු මාධ්‍ය එය ප්‍රචාරය කළේ තත්ත්වයේ උණුසුම මැකී යන්නටත් පෙරය.

    “මුගාබේ පණ පිටින්, දරු පවුලත් එක්ක කොටුවෙලා. එයාගේ පාලනය ඉවරයි වගේ. ආයේ නැඟිටින්න වෙන්නෙ නෑ. හමුදාව මේ තාක් ඉවසගෙන හිටියා. මෙහෙම වෙන්න ඉඩක් තිබුණේ නැති වුණත් හමුදාව අතට ගත්තේ නිකමට නොවේ.”
    ඊඩඥ ධ්දඤඪනඥදඤඥදබ පුවත්පත කියා සිටියේ එසේය.

    “ජනතාව කලකිරිලා හිටියෙ. මුගාබේ ග්‍රාමීය පළාත්වල තවමත් ජනප්‍රිය නායකයෙක් වුණාට මේ කලකිරීම යට පැසවමින් තිබුණා. ඒ බව හමුදාවත් දැනගෙන හිටියා. හමුදාව මෙහෙම මැදිහත් වුණේ පළමු වතාවටයි. ඊට හේතුව හමුදාවෙනුත් බහුතරයක්ම මුගාබේට හිතවත් පක්ෂපාත අයයි. එහෙම නම් මේ නැඟිටීම ටිකක් විවාදාත්මකයි.”
    ඊඩඥ ඤචඪතර ර්චඪත පැවසුවේ එවැන්නකි. එසේ නම් ‘රොබට් මුගාබේගේ පාලනය හිටි ගමන් නතර කරවන සිදුවීමක් හිටි ගමන් මතු වුණේ කොහොමද?’ කෙනකුට විමසන්නට සිත් වන්නේය.
    සැබැවින්ම මුගාබේ කවුද? ඔහු රට තුළ මෙතෙක් කාලයක් පාලන බලය රඳවාගෙන සිටියේ කොහොමද? ඔහු ගැන රට කලකිරුණාද? ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළාද? ජනතාවගේ පිටින් දමා හමුදාව බලය අල්ලාගෙන වෙනත් රූකඩයක් බලයට ගෙන එන්න හදනවාද? මෙවැනි ගැටලු රාශියක් පැනනඟින්නේය.
    රොබට් ගේබි්‍රයෙල් මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21දා පැරැණි රොඩේෂියාවේ කටුමා හිදීය. ඔහුගේ පියා වඩු ශිල්පියෙකි. ඔහුගේ මව සිම්බාබ්වේහි ප්‍රකට ‘ෂෝනා’ ජනවර්ගයට අයත් කාන්තාවකි.

    දකුණු රොඩේෂියාව වශයෙන් තිබුණු මේ රට සිම්බාබ්වේ රොඩේෂියාව ලෙස නම් වී 1980 බි්‍රතාන්‍යයන්ගේ නිදහස ලබාගත් පසු ‘සිම්බාබ්වේ’ ලෙස නම් විය. වසර 1220 සිට 1480 තෙක් මේ රට පාලනය කළේ ‘ෂෝනා’ නම් මුගාබේගේ මවගේ පරපුරට අයත් ජන වර්ගයේ නායකයෝය. මවු පාර්ශ්වයේ මේ ඓතිහාසික සබඳතාව උරුමයක් කරගන්නට මුගාබේ සිතුවා දැයි කියන්නට දන්නේ නැත.

    කටුමාහි ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් විදුහලෙන් ඉගෙනුම ඇරැඹූ මුගාබේ රොඩේෂියාවෙන්, ඝානාවෙන් අධ්‍යාපනය ලැබ දකුණු අප්‍රිකාවේ හරාරේ සරසවියෙන් ඉගෙනුම අවසන් කළේය. 1960 ඔහු නිදහස් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බැඳී ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට ටික කලෙකින්ම පත් වන්නේය. එහි ලේකම් වන ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් තම රටට එරෙහි පාලක සුදු පාලකයන් ස්වකීය දේශයෙන් පලවා හැරීම සඳහා වූයේය. ඒ නිසාම ඔහු සිරගත කෙරුණේය.

    ඔහු ඉන් නිදහස් වනුයේ හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගෙන 1977 වනවිට තම රටේ නිදහස පතා අවි අතට ගත්තේය. සන්නද්ධ ව්‍යාපාරයකට නායකත්වය දෙන්නේය. බටහිර රටවල්ද මනාව කළමනාකරණය කරගනිමින් ඔහු අරගලයට පණ දෙන්නේය. එහි අවසානය වන්නේ සුදු අධිරාජ්‍යයෙන් තම රට නිදහස් කරගන්නා අරගලය ජයග්‍රහණය කර ගැනීමෙනි.
    එවන් පසුබිමකින් බලයට පත් රොබට් මුගාබේ තුළ සිටි රටට ආදරය කරන නායකයා කෙමෙන් දියවන්නට පටන් ගත්තේ ඔහුගේ කල්ක්‍රියාවම නිසාවෙනි. එක දිගට බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා පාලකයන් විනාශයෙන් තම පාලනය හමාර කර ගන්නා බවට හොඳම උදාහරණයන් සපයමින් මුගාබේ බලය රැකගන්නටම දිගින් දිගටම සිත යොමු කිරීම නිසාවෙන් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන්ගෙන් බැහැරව සියුම්, සැඟවුණු ඒකාධිපතිමය මමත්වය මත යැපෙන්නට පෙලැඹෙන්නේය.

    බලය රැක ගන්නට වැඩි වුවමනාවක් ඇති වූ මොහොතේ පටන් ඔහු වටා රැස්වුණු, රැස්කරවාගත් සගයන්, නෑ හිතවතුන්, මැති ඇමැතිවරුන් හා බැඳුණු ජන බලවේගයක් ස්ථාපිත කර ගත්තේය. එය නීතියට පිටින් ගිය ජාවාරම්කරුවන් හා ව්‍යාපාරික පැලැන්තියෙන් පෝෂණය විය. මැතිවරණ දිනන යාන්ත්‍රණය හා ඒ වෙනුවෙන් ක්‍රියාධරයන් පෙළ ගැස්වූයේ මේ කියන ශක්තිමත් ‘මුගාබේ හිතවාදී කණ්ඩායම’ ය.

    “මුගාබේ පිරිහිලා” ඡන්දයෙන් පරාද වේවි. ගෙදර යන්න වේවි. දිනන්නේ අපි ය කියා සෑම මැතිවරණයක් අභිමුව විපක්ෂ බලවේග ඔල්වරසන් දුන්නද අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව අදහා ගන්නට බැරි තරම් ප්‍රතිශතයකින් රොබට් මුගාබේගේ හිතවතුන් රොද බැඳී පක්ෂයත්, මුගාබේත් ඉහළින්ම ජයග්‍රහණය ලබා ගත්තේය.
    “මුගාබේ රටට ආදරය කරන හැබෑම නායකයෙක්. වට්ටන්න බැරි ඒකයි” කියා ජනමාධ්‍ය කොතෙක් ඔහුව පතුරු ගැසුවත් ජයග්‍රහණය සමරද්දී ජනතාව පෙරට ඇවිත් කියන්නට පටන් ගත්තේය.

    ජීවත්වීම අමාරු වුවත් ඔහු පිනවූ ජනතාවට එය තේරුණේ නැත. බහුතරයක් ජනතාව ආර්ථික පීඩාවන්ගෙන් මිරිකුණහ. උද්ධමනය ඉහළ නැග්ගේ හිතාගන්නවත් බැරි තරමටය. එරට මුදල් අගය ලොව නරකම පහත්ම වටිනාකම් දක්වන ආදර්ශකයක් හැටියට ගන්නා තරමට බාල්දු වී ගියේය.

    එහෙත් දැන් සියල්ල හමාරය. ඔහු හා ඔහුගේ පවුලද සහචරයෝද කොටු වී ඇත. තමන් දිගු කලක් බලයේ එල්ලී සිටින බව අමතක කළ ඔහු තමන්ට අභියෝගයක් වූ උප ජනාධිපති ඉවත් කළේය. තම බිරිය ඒ තනතුරට පත්කොට දිගටම බලය අල්ලාගෙන ඉන්න සිහින මැව්වේය.
    ‘තමන්ගේ තරමක් පමණක් දැන සිහිනුවණින් රට පාලනය කළ යුතුය’ යන්න පාලකයන්ට හොඳින් සිහි ගන්වන්න මුගාබේගේ ඇද වැටීමේ කතා පුවත හොඳ සාක්ෂියක් වන්නේය.

    [rns_reactions]

  • බැඳුම්කර කොමිසමෙන් හෙළිවුණු දේශපාලකයන්ට තරු පෙනුණු මරු කෝල් ටික

    බැඳුම්කර මගඩිය පිළිබඳව එතෙක් මෙතෙක් හෙළිවූ කුප්‍රකට තොරතුරු සමුදායට අමතරව තවත් රහස් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (16දා) කොමිසම හමුවේ හෙළිකර සිටියේය. ඒ කිසිවකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැකි විද්‍යාත්මක හා පරිවේශනාත්මක දත්ත සටහන් ද සමඟිනි.

    ඒ වෝහාරික විද්‍යා (ඡ්ච්අඡ්ව්ඉධ්ඛ් ඉඛ්ධ්ඡ්ව්ඛ්ඡ්) පරීක්‍ෂණ හරහා රහස් පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරු අතර ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පැවැති දිනවලදී අගමැතිවරයාත් හිටපු මහ බැංකු අධිපතිවරයාත් අතර සිදුව ඇති දුරකතන සංවාදද ඇතුළත් විය.
    තවත් පරීක්‍ෂණයකදී අනාවරණය කර ගත්තේ වත්මන් යහපාලන පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනය සම්බන්ධයෙන් වූ කෝප් (ඛ්ර්ණීර්ථීඡ්) කමිටු විභාගයේදී එම කමිටුවේ සාමාජික මැති ඇමැතිවරුන් 05 දෙනකුම චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර කාලයේදීම සිදුකර ඇති දුරකතන සංවාද ගැනය. එවැනි සංවාද 122ක් පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

    එම සංවාදවලට සම්බන්ධව ඇති මැති ඇමැතිවරුන් අතරින් “කුසලානය” දිනා ගෙන ඇත්තේ රාජ්‍ය ඇමැති එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහය.
    ඇලෝසියස් සමඟ දුරකතන සංවාද 62ක්ම පවත්වා ඇත්තේ ඔහුය. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හර්ෂණ රාජකරුණා සංවාද 23ක් ද හෙක්ටර් අප්පුහාමි සංවාද 43ක්ද, නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා සංවාද 02 ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර දුරකතන සංවාද 02ක් ද චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම කාලය තුළ පවත්වා තිබුණු බව හෙළි විය.
    ඔවුනොවුන් අතර කිසිදු ගනුදෙනුවක් හෝ කතාබහක්වත් සිදු නොවන්නේ යැයි ජනාධිපති කොමිසම හමුවේ මුසාවක් නොපවසන බවට දිවුරුම් දෙමින් ප්‍රකාශ කර සිටි හිටපු ඇමැති රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රනුත්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියසුත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනත් යන අයවලුන් අතර ප්‍රශ්න ගත බැඳුම්කර වෙන්දේසි සිදුවූ දිනයන්හිදීත් ඒ ආසන්න දිනයන්හිදීත්, දිවා කාලයේ පමණක් නොව ඉන් අනතුරුව රාත්‍රි 8ත් පසුදින උදේ 8ත් අතර කාලය තුළත් සිදුව ඇති දුරකතන සංවාද ගණන 10ක් 15ක් නොව දහස් ගණනක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.

    “විදුනෙත” හරහා රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු හමුවේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කෑමේ යෙදුණු හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ මොළකරුවන්ටත් ඊට සම්බන්ධ වෙමින් මල්ල තර කරගත් දේශපාළුවන්ටත් “තරු” පෙනෙන්නට පටන් ගෙන ඇති බව නම් කිව යුතුමය.
    ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩිය වාර්තා වූ 2015 පෙබරවාරි 27 වැනි දිනය කළ පමණක් අර්ජුන් මහේන්ද්‍රන්ද්‍ර ගේ දුරකතනය හරහා ආ ගිය දුරකතන පණිවුඩ අතුරින් 08ක්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමඟය.

    අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්, එවකට මුදල් ඇමැති රවි කරුණානායක, ඇමැති සාගල රත්නායක, තම බෑණා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකාර අර්ජුන් ඇලෝසියස්, මහේන්ද්‍රන්ගේ කටයුතුවලට සහාය වූ බවට ප්‍රකාශ වී ඇති නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, ඇලෝසියස්ගේ දුරකතනයේ නිතර සිටි මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එස්. පදුමනාදන්, මහ බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ බැඳුම්කර ගනුදෙනු මෙහෙයවන්නා වූ ඉන්දික සමන්කුමාර, පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යනාදීන් බැඳුම්කර වෙන්දේසිවලදී පර්පචුවල් සමාගම සමඟ හවුල් වී විවිධ අක්‍රමිකතාවන් සිදුකළ බවට කොමිසම හමුවේ ප්‍රකාශ විය. මේ බොහෝදෙනකු සමඟ අර්ජුන මහේන්ද්‍රන් පවත්වා ඇති දුරකතන සංවාද රාශියකි. රහස් පොලිස් පරීක්‍ෂකවරයා දත්ත වාර්තා ඉදිරිපත් කරමින් ඒ බව තහවුරු කර සිටියේය.
    රවි කරුණානායක බිරිය වන මෙලනි කරුණානායක හා අර්ජුන් ඇලෝසියස් අතර ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වූ දුරකතන සංවාද 320ක් හා කෙටි පණිවුඩ 12ක් ගැන ද අනාවරණය විය.

    ප්‍රශ්නගත එකී බැඳුම්කර වෙන්දේසියක් පැවැති 2016.04.01 දින පමණක් අර්ජුන මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක පලිසේනට දුරකතන ඇමතුම් 07ක් හා කෙටි පණිවුඩ (ඉර්ඉ) 07ක් යොමුකර ඇති බව ද රහස් පොලිස් පරීක්‍ෂක යසංක යෙහාන් ජයසිංහ කොමිසම හමුවේ තහවුරු කර සිටියේය.
    එදින එක දිගට තත්පර 199ක් පුරා මහේන්ද්‍රන් කසුන් පලිසේන සමඟ සංවාදයක යෙදී ඇති බව ද ඔහු තහවුරු කළේය.
    ඒ මේ තොරතුරු හෙළි වෙද්දී කොමිසම අගමැති වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවා වාචිකවම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කළේය. ඒ අනුව හෙට සඳුදා (20දා) කොමිසම හමුවට අගමැතිවරයා කැඳවනු ලබන්නේය.

    [rns_reactions]

  • බැඳුම්කර බෝම්බයෙන් ආණ්ඩුව පුපුරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීමට වාතාවරණයක් උදා කිරීමත් කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමඟ යහපාලන ආණ්ඩුවේ දැඩි මතභේදයක් මෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ප්‍රබල ලෙසම මතුව තිබෙන බව එජාප – ශ්‍රී ලනිප දෙපාර්ශ්වයේම ආරංචි මාර්ග කියයි.
    ජනපති කොමිසම මඟින් එජාපය දේශපාලන වශයෙන් විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට එජාපයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු පෙරේදා රැස්වී දීර්ඝ සාකච්ඡාවක් කළ බවද වාර්තා වේ.

    ලබන සතියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්කර මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එජාප පසුපෙළ මන්ත්‍රින් පිරිසක් නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙන්.

    අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බවට කොමිසමේදී නම් හෙළිවුණු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පදනමක් නොමැතිව මෙම තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්වීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි.
    මේ අතර කෝප් කමිටුව නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ දුරකතන සංවාදවල හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බැඳුම්කර කොමිසමට ලබාදිය යුතු බවයි. එවිට නියම සත්‍ය සොයාගත හැකි බවද ජයසේකර අමාත්‍යවරයා පවසයි.

    බැඳුම්කර කොමිසමෙන් දැනට හෙළිවෙමින් පවතින තොරතුරු හා ඉදිරියේදී තවදුරටත් හෙළිවීමට නියමිත තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් සාපක්ෂය අතර ප්‍රබල මතභේද ඇතිවීමට ඉඩ තිබෙන බවත් එයින් සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

    මේ අතර කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනකුට අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් කතාකර උදවු උපකාර ඉල්ලා සිටියේ නම් ඒ මන්ත්‍රිවරුන් ඒ අවස්ථාවේදීම කෝප් කමිටුව දැනුවත් නොකළේ මන්දැයි නීති අංශවලින් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. එම මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධයෙන් බලපෑමක් කළේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වීමක් බැවින් එය දඬුවම් ලැබිය යුතු වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම “ඉරිදා මව්බිමට” පැවැසූහ. එවැනි තත්ත්වයක් තිබියදී එම මන්ත්‍රිවරුන් නිහඬව සිටීමද සැකයට තුඩු දෙන්නක් බවද ඔවුහු පවසති.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බලකර සිටින්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වී තිබෙන බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්කි කොමිසම ඉදිරියේ දිවුරුම් දී කරන ප්‍රකාශවලින් තහවුරු වී තිබෙන බැවින් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලනිපය ප්‍රමුඛව රටට හිතවත් ප්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.
    කොමිසමෙන් අනාවරණය වී තිබෙන තොරතුරු අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ සියලු දෙනා ඉවත්කොට අලුත් ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බල කරන බවද ඉදිරි සතියේදී මේ පිළිබඳව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ මුල්පෙළ නායකයෝ කිහිපදෙනෙක්ම “ඉරිදා මව්බිම”ට පැවැසූහ.

    මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව කෝප් කමිටුව පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනකු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වීම ගැන පරීක්ෂණයක් කිරීම කෙරෙහි කතානායක කරු ජයසූරියගේ අවධානය යොමු වෙයි.
    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සී.බී. රත්නායක මන්ත්‍රිවරයා පෙරේදා (17දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් පස්දෙනාගේ දුරකතන ගනුදෙනු සිදුකිරීම ගැන වෙනම පරීක්ෂණයක් පවත්වනවාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ කතානායකවරයා ඒ ගැන අවධානය යොමු කරන බව පැවැසීය.

    [rns_reactions]

  • ගාල්ල ගැටුමට සම්බන්ධ සියළු දෙනා බේද නොතකා අත්අඩංගුවට ගන්නවා

    ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    ඒ මහතා පවසන්නේ මෙම ගැටම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු වගකීම තමන් විසින් භාරාගෙන කටයුතු කරන බවයි.

    තත්ත්වය පාලනය කිරීම සඳහා  අවට සියලු ම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවූ බව අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන් ම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය යොදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර තීරණය කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    සුළු සිද්ධියක් ජාතිවාදී කලබලයක් දක්වා වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි අපෙක්ෂා කරන සීමිත කොටසක් දැඩි උත්සාහයක නිරත වී සිටින බැවින් ඔවුන්ගේ උසි ගැන්වීම්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

    ගැටුමකට මැදි වීමෙන් තම ජීවිතයත්, දරුවන්, බිරිඳ, ඥාතීන් අනතුරට ලක්විය හැකි බවත් සියළු දේපල මොහොතකින් විනාශ වී යා හැකි බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අවස්ථාවක ආරක්ෂා සහිතව තම නිවසටම වී සිටීම වඩාත් සුදුසු බවයි.

    කෝලාහලවලට සම්බන්ධවන සියළු දෙනා කිසිදු බේදයක් නොතකා අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පොලිසියට උපදෙස් දී තිබේ. එමෙන් ම ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට ද රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    [rns_reactions]