Author: Editor

  • ලංකාදීප පුවත මුල් පුවත ටොම් පචයක් – පච පතුරන අගමැති මාධ්‍ය ඒකකයේ අතේ රෝල හෙළිවෙයි

    අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය ලෙස පළ කර තිබෙන “මහින්දත් එක්ක හවුලක් නෑ, ජනපති එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට කියයි” යන පුවත සම්පූර්ණයෙන්ම ගොතන ලද පුවතක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු තහවුරු කර සිටී.

    වාර්තා වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ව පළාත් පාලන ඡන්ද වීමසීමට තරඟ කිරීමට තීරණය කළහොත් එජාපයට අත්වන දැවැන්ත පරාජය හේතුවෙන් එය වැළැක්වීම උදෙසා මෙම මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදීද එවැනි පුවත් නිර්මාණය කර මාධ්‍ය වෙත මුදාහැරීමට එජාපයෙන් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති අතර අගමැති මාධ්‍ය ඒකකය ඊට නායකත්වය දී ඇති බවද වාර්තා වේ.

    මේ අතර එක්ව තරඟ කිරීම පිළිබඳ ශ්‍රීලනියේ දෙපාර්ශවය අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඒවා සාර්ථක අදියරක ඇති බවත් ක්‍රියාත්මක අදියරට පැමිණීමට පෙර අතිගරු ජනාධිපතිතුමන් හා හිටපු ජනාධිපතිතුමන් අතර රහස් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී අවසන් තීරණය ගනු ලබන බවත් වාර්තා වේ.

    දෙපාර්ශවය එක් කිරීමට දැඩි විරෝධයක් පළ කරමින් සිටි විමල් වීරවංශ මහතාද තම ස්ථාවරය වෙනස් කරගනිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස බෙදී වෙන් වී සිටීමෙන් එජාපය තවත් ප්‍රබල වන බැවින් රට ගැන සිතා එක්වන්නේ නම් තමන්ගේ සහය ලැබෙන බවයි.

    [rns_reactions]

  • එජාප මඩකරි කල්ලියේ අපේක්ෂා බිඳ වැටේ – පුංචි ඡන්දට ජනපති මෛත්‍රී සමගින් මහින්ද එක්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය.

    ලබන පළාත් පාලන මැතිවරණයට තමා හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන නිසා අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තමන් කැමැත්ත පරිදි තරග කිරීමට අවස්‌ථාව සැලසීම වැදගත් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා ‘දිවයින’ පුවත්පතට පවසා තිබිණ.

    මෙම මැතිවරණයට පංගු පේරු බැලීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දුර්වල වීම බවද ඔහු එහිදී පෙන්වා දී තිබිණ.

    [rns_reactions]

  • මහරගම ඉන්නව නම් ඒ විදියට හිටපන් “ප@#$” – මිහිරි හඬින් වැසියෝ අමතන මහරගම පොලිස් වස්සෝ

    නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා නිසා ඊයේ (20) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්වල්වල දිගු පෝලිම් දකින්නට ලැබුනා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකද ඉතා දිගු පෝලිමක් දකින්නට ලැබුනා. මෙලෙස පැය ගණනක් තිස්සේ පෝලිම් වල සිටි සාමාන්‍ය ජනතාව පිළිබඳව නොතකා යතුරු පැදියකින් පැමිණ තෙල්ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ඊට විරුද්ධව තිබුනා.

    කෙසේ වෙතත් මෙම සිද්ධිය වූ අවස්ථාවේදී දෙපාර්ෂවයම ඉතා අසභ්‍ය වචන භාවිතා කර තිබුණා. මෙම පොළිස් නිළධාරීන් දෙදෙනා මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරි කටයුතු කරනා දෙදෙනෙක් බව පැවසෙන අතර ප්‍රසිද්ධ ස්ථානයක මිනිසුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන නිළධාරීන් මෙසේ හැසිරීම ශිෂ්ඨසම්පන්න නොවන බව බොහෝ සමාජ මාධ්‍යයන්හි කතාබහට ලක්වුනා.

    මීට සමාන සිදුවීමක් පසුගිය තෙල් අර්බුධය පැවති අවස්ථාවේද කළුතර ප්‍රදේශයේදී සිදුවුනා.

    මෙම සිදුවීමට අනුව පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදිය පොලිසියට අයත් එකක් නොවන බව පවසා එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිළධාරීන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. පසුව එයින් කුපිතයට පත් පොලිස් නිළධාරියෙක් මෙම පුද්ගලයාට ප්‍රථමයෙන්ම අසභ්‍ය වචනයක් පවසා බැන වැදී තිබෙනවා. ඒ බොහෝ දෙනෙකු මේ සිදුවීම දෙස බලාගෙන සිටිද්දී.

    එතනින් ආරම්භ වන මෙම සිදුවීම බොහෝ දුරදිග යන්නේ දෙනෝදාහක් මැද ඉතා අශීලාචාර ලෙස හැසිරෙමින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන වීඩියෝව පහතින්.

    [rns_reactions]
  • තෙල් පෝළිමෙන් මතුවූ මහරගම යුනිෆෝම් චන්ඩි…(Video)

     

    රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලිමේ ඉදපු මිනිස්සු අස්සෙන් ඇවිත් යුනිෆොම් දා ගත්තු මේ නිලධාරීන් දෙන්න එතන හිටපු අය එක්ක වාදයක් ගියා… අන්න ඒ වෙලාවෙ මේ යුනිෆොම් දා ගත්තු නිළධාරීන් දෙන්න හැසිරුන විදිහ ඉතාමත් අශෝබනයි… 

    වීඩියෝව පහතින් නරඹන්න… (අසභ්‍ය වචන ඇතලත්ය)

     

  • 11 හැවිරිදි දරුවා අකුණුසරින් මරුට…

    කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.මෙම සිදුවීම පෙරේදා(19) දින සිදුව ඇත.අකුණ සැර වැදීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව දරුවා මුරුන්ගන් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දරුවා මිය ගොස් තිබුණි.

  • චානකගෙන් සුජීව කන පැලෙන්න අසා ගත් හැටි…(Video)

    බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.එල්ල වන චෝදනාවන්ට රාජ්‍ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත‍්‍රී චානකගේ දැඩි ප‍්‍රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප‍්‍රමාණවත් නොවීය.එම වීඩියෝව පහතින්…

    https://www.youtube.com/watch?v=vHcH9vhAfWU&feature=youtu.be&t=11

  • ඉෂිකා සේරම්ගේ අලුත්ම Photos

    ඉෂිකා සේරම් ගැන ඔබ අහල ඇති.උසින් අඩි 5 අඟල් 3ක් වන ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්.ඇය ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහලින්
  • මහින්දානන්ද උසාවියෙන් කට්ටි පනී…. – ඇප කරුවන්ව උසාවියට ඉදිරිපත් කිරීමට නියෝග

    අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන් හෙට (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.
    එහිදී විත්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
    එහිදී විනිසුරු ගිහාන් කුලතුංග  මහතා විමසා ඇත්තේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්නයි.
    ඇපකරුවන් අද දිනයේ නොපැමිණි බව විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.
    ඒ අනුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරු ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරුවන් අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.එබැවින් ඔවුන්ට හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා සිතාසි නිකුත් කර තිබේ.
  • ‘X-30 Asia Cup’ ජනවාරි 13-14

    සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.

    ‘X-30 ගෝ-කාර්ට් තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටත පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම ජාත්‍යන්තර තරග කාණ්ඩය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් ‘X-30’ ගෝ-කාර්ට් තරගාවලිය සඳහා එක් වෙති.

    වයස අවුරුදු 8 සිට ඉහළට විහිදෙන ධාවන පන්ති ක්‍රමයක්, එන්ජින් මාදිලි 6ක්, ජාත්‍යන්තර ඉසව් 2ක් සහ මහද්වීප මට්ටමේ තරග ඉසව් කිහිපයක් සහිත මෙම තරගාවලිය ලොව වඩාත්ම සාර්ථක සහ විවිධත්වයෙන් සපිරි තරගාවලියක් ලෙස සැලකේ. ඒ අනුව කැඩෙට් පන්තිය (වයස අවුරුදු 8 සිට 12 දක්වා), කනිෂ්ඨ පන්තිය (අවුරුදු 12 සිට 15 දක්වා), ජේ‍යෂ්ඨ පන්තිය (අවුරුදු 14 සිට 30 දක්වා), ප්‍රවීණ පන්තිය (අවුරුදු 30 සිට ඉහළට) සහ සුපර් ෂිෆ්ටර් ලෙස ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය තරග කාණ්ඩ 5 කින් සමන්විත වේ.

    ගෝ-කාර්ට් එන්ජින් නිෂ්පාදනය කරන ප්‍රධානතම ජාත්‍යන්තර සමාගම වන සහ කාර්ටින් තරග ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් වන ධ්ඒර්ඡ් හි සංකල්පයක් මත ආරම්භ වූ ‘X-30’ තරගාවලිය මේ වන විට පරිපූර්ණ ධාවන තරගාවලියක් බවට විකාශනය වී ඇති අතර ඒ සඳහා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ධාවකයෝ තරග වදිති.

  • අනිද්දට වතුර නෑ

    අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

     වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශ වලට හෙට(21) උදේ 8.30 සිට පැය දහය හමාරක කාලයක ජල කප්පාදුවක් සිදු වේ.

    මීට අමතරව බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

  • යාපනයේ කඩු කල්ලිය(ආවා) මර්ධනය කිරීම සාගල අතට ගනී…

    උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා
    
    -නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත.
    ” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්ථාවුණා.ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වල වාර්ථා පවා පළවුණා.නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිඳු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ….
    පසුගිය දවස් 2 ඇතුලත මීට අදාල සිද්ධි 8ක් වාර්ථා වුණා.
    ඒ සිද්ධි වලට සම්බන්ධ යයි සැක කෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට අරන් තියෙනවා…
    ඉතිරි සැක කරුවන් අල්ලන්න මේ වන විට විශේෂ විමර්ශන සිදුකරනවා.ඒ විමර්ශන කටයුත් ඉක්මණින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වන විට යාපනය පොළිස් කොට්ඨාෂයේ නිවාඩු අවලංගු කර තිනෙවා….
    යාපනේ විතරක් නෙමේ දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපි මේ වන විට ආරම්භ කරල ඉවරයි.විදේශ වල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විටහඳුනගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියළුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා”

    Image result for ava group jaffna

     

    Related image

    Image result for ava group jaffna

  • හොර නායකයා පස්සෙන් යන අනෙක් අයත් හොරුන්ම තමයි – චන්ද්‍රිකා රනිල්/මහින්දගේ පතුරු ගලවයි..

    නායකයා සොරකම් කිරීම් සිදු කරන්නේනම් සෙසු පිරිසද සොරුන් බවට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

    සොරකම් හා සම්බන්ධ පිරිස් හෙළිදරව් වන පසුබිමක් වත්මන් ආණ්ඩුව මගින් ආරම්භ වී ඇති බවද ඇය කියා සිටියා.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පකෂ බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් මෙම අදහස් පළ කළා.

    [rns_reactions]