Author: Editor

  • ඒක මේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ නඩුවක් – ගුරුවරිය දණ ගැස්සවූ සරත් කියයි

    මම වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා. ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම ගෞරවනීය විදිහට පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

    ආනමඩුව නව ශ්‍රීලනිප සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගීවෙමිනි.

    පාසල් විනය සම්බන්ධ පියවරක් ලෙස තම දියණියගේ කොට ගවුමේ වටිය ලෙහා දැමීමට කටයුතු කළ  ආනමඩුව නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා ගමගේ නම් ගුරුවරියක පාසල් වේලාව තුළ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීම හේතුවෙන් පුත්තලම මහාධිකරණයෙන් වරදකරු බවට පත් ඒ මහතා මෙසේද කීය.

    මේ සංවිධායක තනතුර භාර අරගෙන මම සති දෙකක් බලාගෙන හිටියා. ඕන කෙනෙකුට මඩ ගහන්න ඉඩ දීලා. නමුත් මේ අය තවත් මට එළව එළවා පහරදෙනවා. මගෙන් යම් වැරද්දක් වුණා; මම දඬුවම් වින්දා දැන් ඒක ඉවරයි. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරිය කියලා නෑ අඩුම තරමින් මං රවලා බැලුවවත් කියලා. මම ආනමඩුව සංවිධායක ධූරය ඉල්ලලා සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ ඉදලා. නමුත් මම අදටත් පණ ව‍ගේ ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයවත් මට මේක දුන්නේ නෑ. නමුත් පහුගිය මැතිවරණෙදි මහින්ද මහත්තයාගේ වේදිකා වල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ එතුමා මට මේ සංවිධායක කම දෙයි කියලා.

    නමුත් මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ දරුවෙකු සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් පාසල් වේලාව තුළ සිසු දරුවන් ඉදිරියේ ගුරුවරියක දණ ගැස්වූ පුද්ගලයෙකු මේ රටේ උත්තරීත්තර ආයතනයට යැවීමට කටයුතු සැලසීම සමස්ත ගුරු සංහතියටත්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත්, රටේ මූලික සදාචාර ධර්ම වලටත් ඉඳුරාම පටහැනි බවය.

    එමෙන්ම මෙම නොමනා පත්වීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී මෙරට ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයම පෙළගස්වන බවට ඔහු පැවසීය.

    මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු කැබිනට් අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

  • අයවැය සහන මෙන්න

    2018 අයවැයත් සමග 15% ක්ව පැවැති වැට් බද්ද 9% දක්වා අවුකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පලකොට ඇත්තේ අයවැය පිළියෙල කරන අතර පැවැත්වූ බවද වාර්තාවේ.

    මංගල සමරවීර අමාත්‍යවරයා මූල්‍යමය සාදක මත පදනම්ව පමණක් තමන් තීන්දු තීරණ නොගන්නා බවත් තමා මුදල් අමාත්‍යවූ පසුව රටේ මූල්‍ය සංචිතය ශක්තිමත් කලබවත් එය විදේශ ආයෝජකයින් පවා ඉමහත් ප්‍රසාදයෙන් යුතුව කතා කරන්නක් බවට පත් ඇති බවත් අවධාරණය කලේය. විපක්ෂයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර සාකච්ඡාවට බදුන්ව ඇති රජයේ ආර්ථික කළමනාකරණය ශක්තිමත් බව මෙමගින් ජනතාවට පෙන්නුම් කිරීමේ හැකියාව ඇති බවත් හෙතෙම මෙහිදී අවධාරණය කලේය.

    තවද දුක් විදින කාන්තා ඡන්ද ආකර්ශණය ලබා ගැනීම සදහා මධ්‍යසාර හා දුම්වැටිවල මිල ඉහල දැමීමටද අමාත්‍යවරයා අයවැය සම්පාදක මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. මෙමගින් ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම ඔහුගේ අභිප්‍රාය බවද ප්‍රකාශ කලේය.

    මේ කාලය තුල රටේ මුදල් අවශ්‍යතා සපයා ගැනීම වෙනුවෙන් තමන් ධූරයට පත්වූ වහාම ක්‍රියාත්මකවූ බව පැවසූ අමාත්‍යවරයා 2018 වසර ජනතාවගේ ජීවන බර 50%කින් පහත හෙලන ඇති හැකි ආර්ථිකයක් නිර්මාණය කරන වසරක් බවද පෙන්වා දුන්නේය.

    මෙම සියළු සහන රැගෙන තමන් ඉදිරිපත් කරන අයවැයට ඒකාබද්ද විපක්ෂයට පවා විරුද්ධව යෑමට නොහැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පල කලේය.

  • රනිල්ට අබසරණයි මලික් මහින්දගේ ඩීල් එළියට

    එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් පලවා හැර ඒ සදහා වෙන අයෙකු පත්කර ගැනීම වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමේ මෙහෙයුමක මේ දිනවල එජාප සභාපති මලික් සමරවික්‍රම නිරතව සිටින බව කුප්‍රකට රහසකි. තමන්ගේ මෙම කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සදහා ඔහු අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ හා දුරකතනයෙන් මෙන්ම හමුවීද සාකච්ඡා කොට ඇති බව වාර්තාවේ.

    බැදුම්කර කොමිසම හමුවේ නියත වැරදිකරුවෙකු බවට තමන් පත්වෙන බව දැන සිටින මලික් සමරවික්‍රම අයතා ලෙස උපයා ගත් ම්මුදල් වියදම් කරමින් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මොළ සෝදා මහින්ද රාජපක්ෂ තමන්ගේ කුනත්‍රණයට නම්මවාඅ ගැනීමේ ක්‍රියාවලියක නිරතවේ. එලෙසම ජනාධිපති සිරිසේන මහතගේ පාර්ශවයට අත දිග හැර මුදල් විහදම් කරන මලික් මහින්ද වෙත යැවූ පණිවුඩ වල සදහන් වන්නේ සිරිසේන පාර්ශවය හා මහින්ද පාර්ශවය සමාදාන වනතුරු අතර මැදියෙකු ලෙස දෙපාර්ශවය වෙනුවෙන් තමන් මැදිහත් වන බවයි.

    මහින්ද පාර්ශවයට අවශ්‍යනම් 2020 දක්වා ගෝඨාභය රාජපක්ෂ අමමැති තනතුරේ තැබීමට තමන්ට හැකියාව ඇතැයිද පවසා ඇති මලික් අවස්ථා ගණනකදී ජනපතිවරයාද මුණ ගැසී මේ සම්බන්ධයෙන් කතා කල බවද සාක්ෂි සහිතව මහින්දට ප්‍රකාශ කර ඇත. මහින්ද පාර්ශවයෙන්ද මේ කුමන්ත්‍රණයට කොළ එළි දැල්වීම නුදුරු දිනකදී සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

  • ඉන්ධන ලබා ගන්න අදත් දිගු පෝලිම් – ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන්

    අද (06) දිනයේත් පෙට්‍රල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධනහල් වෙත පැමිණි බොහෝ පිරිසකට පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා.

    බොහෝ ඉන්ධනහල් වෙත අලුතින් ඉන්ධන ලැබී නොමැති බවද වාර්තා වෙනවා. එම ඉන්ධනහල් හිමියන් පෙන්වා දෙන්නේ ඉන්ධන ලැබෙන වේලාවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

    මේ අතර තව දුරටත් ඉන්ධන නිකුත් කරමින් පවතින ඉන්ධනහල්වල දැඩි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

    කොම්පඤ්ඤවීදියේ ඉන්ධනහලකද මීට සුළු වේලාවකට පෙර උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා වුණා. ඒ බෝතල්වලට ඉන්ධන නිකුත් කිරීමට ඉන්ධනහල් සේවකයින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

    මේ අතර සුපිරි මෝටර් රථ සඳහා ඉන්ධනහල්වලදී වැඩි වශයෙන් ඉන්ධන ලබා දෙන බවද යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබා දීමේදී මන්දගාමී ස්වභාවයක් අනුගමනය කරමින් ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

    කෙසේවෙතත් තව දුරටත් ඉන්ධන නිකුත් කරමින් ඇති ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කිරීමටයි සිදු ව ඇත්තේ.  

    [rns_reactions]
  • ” විඩීයෝ එකට හොර ඉරාජ් ලක්ෂ 27ක් හොරකම් කළා , ” බිග් හර්ෂගේ ජිවීත කතාව විඩීයෝවකින් එළියට

    බිග් හර්ෂ යන අනුවර්ථ නාමයෙන් ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හර්ෂ එරංග සිය ජිවීත කතාව 27 නමින් නව ගීතයකින් එළි දක්වා තිබෙනවා.

    නිකුත් කළ මොහොතේම සිට මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම විඩීයෝව ගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න විසින් රිපොර්ට් කිරීම නිසා ‍යුටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කර පවා තිබුනා. ඒ මෙම ගීතය තුල ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කළ “මනමාලී” ගීතයෙ කොටස් තිබීම පාදක කර ගනිමින්.

    මෙම ගීතයෙන් ඉරාජ් වීර‍රත්න විසින් හර්ෂ එරංගගේ ලක්ෂ 27ක මුදලක් වංචා කර ලබා ගත් සිදුවීමක් පිළිබද හෙළි කර තිබිමද විශේෂත්වයකි.

    ආන්දෝලනයට තුඩු දුන් එම විඩීයෝව පහතින්

    https://www.facebook.com/supirigossip1/videos/1491937154175219/

    [rns_reactions]

     

  • මදුසමය ගත කළ සුපිරි හෝටල් කාමරයේ දොරේ හිල් – විඩීයෝ කළා දැයි සැකයි , සුපිරි හෝටලයට චෝදනා .!

    නව යුවලක් සිය මධුසමය ගතකිරීමට ඇණවුම් කර තිබූ කුලියාපිටියේ හෝටලයක , සුඛෝපභෝගී කාමරයේ යහනට මුහුණලා තිබූ දොරෙහි සෑදූ සිදුරු දෙකක්‌ තිබී හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ කුලියාපිටිය ප්‍රදේශයෙන්.

    මේ බව අනාවරණය වී තිබෙන්නේ මදුසමය ගතකිරීමට හෝටලය මගින් තමන්ට ලබා දුන් කාමරයේ යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක්‌ දක්‌නට ලැබුණ බවත්, ඉන් රාත්‍රියෙහි හෝටල් සේවකයකු වීඩියෝ දසුන් ලබාගත්තා දැයි සැකයක්‌ පවතින බවත් කියමින් නව යුවළ පොලීසියට පැමිණිලි කිරීමත් සමගයි. 
    එම පැමිණිල්ල ලද සැණින් වහා එහි ගොස්‌ පරීක්‍ෂණ පැවැත් වූ පොලිසියට ද එම කාමරයේ දොරෙහි ඇස තබා බැලීමේදී පූර්ණ වශයෙන් යහන දිස්‌වන පරිදි සකසා තිබූ සිදුරු දෙකක්‌ දක්‌නට ලැබී ඇති අතර ඒවා කෙසේ සිදුවීද යන්න වැඩිදුර නිරීක්‍ෂණයට පොලිස්‌ අපරාධ ස්‌ථානයීය පරීක්‍ෂණ කණ්‌ඩායම්ද(SOCO) කැදවා තිබූ බව සදහන්.

    සොකෝ නිලධාරීන් දිගින් දිගටම සිදුකළ පරීක්‍ෂණවලදී නව යුවළ නැවතී මධුසමය ගතකළ බැව් කියන අදාළ කාමරයට යාබද කාමරයේද එවැනිම ආකාරයේ සිදුරු දක්‌නට ලැබී ඇති අතර ඒ පිළිබදවද තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව වාර්තා වෙනවා.
    මේ පිළිබදව අදහස් දක්වන නව යුවළගේ ඥාතීන් පවසන්නේ දැඩි විශ්වාසයෙන් යුක්‌තව මෙම හෝටලයේ කාමරයක්‌ වෙන්කරවාගත් බවත් යම් හෙයකින් නව යුවළගේ වීඩියෝ දසුන් පටිගත කිරීමක්‌ සිදුකර ඇත්නම් දෙපළගේම අභිනවයෙන් ඇරඹි යුගදිවිය අවසන් වීමට පමණක්‌ නොව ජීවිත පවා විනාශ වීමට ඉඩ ඇති බවත් මේ පිළිබඳ බලධාරීන් වහාම පියවර ගතයුතු බවත්ය.

    කෙසේ වෙතත් එම හෝටලය පාර්ශවයෙන්ද මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වුනු අතර එහිදි ඔවුන් පවසා තිබුනේ කාමරය වෙන්කරවා ගැනීමට නව යුවළ අත්තිකාරම් මුදල් ගෙවා තිබුණ ද ඉතිරිය ගෙවාදැමීම වළක්‌වාගන්නට එවැනි චෝදනාවක්‌ සිදුකළ බවට සැක සහිත බවත් ය.

    [rns_reactions]

  • මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න එපා දප්පුලට කොමිසමෙන් තරවටු

    රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැදුම්කර කොමිසමේ කටයුතු මෙහෙයවන වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට ජනාධිපති කොමිසමේ විනිසුරුවන් විසින් තරයේ අවවාද කරනු ලැබීය.

    අධිකරණයෙන් යම් නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතීඥවරුන් එම අධිකරණයටම කරුණු ඉදිරිපත් නොකරන බව පෙන්වාදුන් බැදුම්කර කොමිසමේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම සදහන් කලේ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම ජේෂ්ඨ නීතීඥයකුගේ හැසිරීමට තරම් නොවන බවය. මින් ඉදිරියට එසේ හැසිරියහොත් තීරණයක් ගැනීමට සිදුවන බවද ඔවුහූ දප්පුල මහතාට අවවාද කලහ.

  • බැසිල් මලික් හරහා රනිල්ට පණිවුඩ යවයි

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පණිවුඩයක් එවා තිබේ.

    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉහත පණිවුඩය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මගිනි.

    ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයේ අදහස් හා යෝජනා පිළිගැනීමට සූදානම් බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව ඉහත යෝජනාව ඉදිරිපත්ව ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතීතයේ සිටම විධායක ජනාධිපති ධුරයට එරෙහිව ක්‍රියාකළ අයකු බවත් මේ අවස්ථාවේදී ජාතික රජය එය අහෝසි කිරීමට ක්‍රියාකරන්නේ නම් සාකච්ඡා කිරීමට ඔහු සූදානම් බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.

    නමුත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයේ අනෙකුත් නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බැසිල්ගේ පණිවුඩය ගැන සලකා බලන බවයි.

  • ශිරාල් සහ මලික් රහස් ගනුදෙනුවකින් එජාපයේ බලකණු හොල්ලන මෙහෙයුමක්

    දේශපාලන භූමිය නොසන්සුන්ය. එජාපය ඇතුලත සහ ශ්‍රීලනිපය ඇතුලත තැනින් තැන රහස් කථා සහ විවිධ ගනුදෙනු සිදුවන යුගයකි. මෙය එවන් කථා අතර අරුම පුදුම ගනු දෙනුවකි. එනම් එකිනෙකාට නොපෑහෙන චරිත දෙකක් සිදුකල ඩීල් ගනුදෙනුවක් පිළිබඳ කතාවකි.

    එජාපයේ මලික් සමරවික්‍රම සහ එජාපයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් පන්නා දමනු ලැබූ ශිරාල් ලක්තිලක අතර ගනුදෙනුවකි. මූලික හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහට හිතවත් එජාප ජ්‍යෙෂ්ඨයන් අඩපණ කිරීමට ශිරාල්ට ඇති උනන්දුව වෙනුවෙන් මලික් සමරවික්‍රම ගෙනයන මෙහෙයුමකි. මේ සඳහා මලික් සමරවික්‍රම අයතා ක්‍රම මගින් උපයා ගන්නා ඩොලර් කුට්ටි විසි කරමින් රනිල් තනි කිරීමට රවී කරුණානායක ඈත් කිරීම එක් උපක්‍රමයකි.

    රනිල් වික්‍රමසිංහ සහ ශිරාල් ලක්තිලක අතර ඇති හිතයට ආරෝව මෙයට හේතුවයි. ශිරාල් වත්මන්ව ජනපතිවරයා යටතේ අසීමාන්තික බලතල සහිතව කටයුතු කරන අතර, ඒ බලතල උපයෝගී කරගනිමින් රනිල් වික්‍රමසිංහට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කොට ඇත. රවී කරුණානායක පිළිබඳව ජනපතිවරයාගේ සිත යම් අයුරකින් කලකිරවීමට ශිරාල් සමත් වූයේ රනිල් රකින්නට රවී සැම විටම කටයුතු කිරීම නිසාය. බැඳුම්කර කොමිසම හරහා රවී හිරකරන්නට වලි කන්නේ රනිල් තනි කිරීමට බව පෙනෙන්නට ඇත. මේ හරහා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම වැටෙන බැවින් මලික් සහ ශිරාල් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. ශිරාල්ගේ ඉලක්කය රනිල් සේම මලික්ගේ ඉලක්කය රවී වන බැවින් මෙම ප්‍රහාරය හරහා එජාපය අඩපණ කර පක්ෂයේ බලය සියතට ගැනීමට මලික්ගේ යටි අරමුණ බව දැන ගන්නට ඇත.

  • පෙට්ට්‍රල් ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – ඛනිජ තෙල් සම්පත් ඇමැති

    අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

    එම නිවේදනය පහත සඳහන් වේ.

    “පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා. මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා. එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

  • බැඳුම්කර කොමිසමේ තරුව ‘වල්ග තරුවක්‘ වේ.! “තප්පුලන ලිවේරාගේ හැසිරීම නින්දිතයි: වසර 37 ක විනිසුරු ජීවිතේ මෙවැන්නෙක් දැකලා නෑ“ : විනිසුරුවෝ කිපෙති

    බැඳුම්කර කොමිසම ඉදිරියේ රිලා නැටුම් නටමින් තප්පුලන දප්පුල ලිවේරා ගේ හැසිරීම ‘ඉතාමත් නින්දිත‘ බවත් තමන්ගේ 30 වසරක විනිසුරු ඉතිහාසයට මෙවැනි නින්දිත හැසිරීමක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුගෙන් දැක නැති බවත් කියමින් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දප්පුල ලිවේරාට දැඩි සේ අවවාද කරද්දී, තමාගේ 37 වසරක විනිසුරු ඉතිහාසයටත් එවැන්නක් දැක නැතැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා පැවසීය.

    මේ සිද්ධිය වූයේ පසුගිය 2 වෙනිදා අවසන් වරට කොමිසම රැස්වූ අවස්ථාවේ දීය.

    සිද්ධියට පාදක වූයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසින් යම් යම් පුද්ගලයන් සීඅයිඩියට දුන් ප්‍රකාශ තොගයක් සාක්කි ලෙස පිළිගන්නැයි කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

    අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා ද, පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තිදෙනා ඊට එරෙහි වෙමින් කියා සිටියේ අතිශය සාමාන්‍ය නීති තර්කයකි. එනම් පොලිසියක් ඉදිරියේ දෙන කට උත්තරයක් අධිකරණයක සාක්කියක් ලෙස පිළිනොගැනීම සාමාන්‍ය පිළිවෙත බැවින් අවශ්‍ය නම් ඔවුන් කොමිසම ඉදිරියට කැඳවා කොමිසම ඉදිරියේ දිව්රුම් මත සාක්කි විමසන ලෙසයි. එසේ නොවන්නේ නම් එය ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි බවයි. 

    දෙපාර්ශවයේම නීති තර්ක වලට සවන් දුන් විනිසුරුවරුන් අවසානයේ තීරණය කෙළේ යසන්ත කෝදාගොඩ ඉදිරිපත් කළ සීඅයිඩී කට උත්තර සාක්කි ලෙස පිලි නොගැනීමටයි. ඒ බව දැනුම් දීමත් සමග තප්පුලන ලිවේරා කොමිසමේ විනිසුරුවරුන්ට නිග්‍රහ කරමින් නීච ලෙස හැසිරුනේය.

    තප්පුලන ලිවේරා – මේ විමර්ශන වාර්තා (සීඅයිඩී කට උත්තර) නොබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – අපි ඒවා අනුමත කළත් ඒවායේ සාක්කිමය වටිනාකම බින්දුවයි.

    තප්පුලන ලිවේරා – මම ගොඩ නගන්නේ නීතිමය තර්කයක්. මේ විමර්ශන වාර්තා නොබැලීමෙන් ඔබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – ඔබේ තර්කය හාස්‍ය ජනකයි. විමර්ශනයක් සිදුවන්නේ සාක්කි විමසීමෙන් පසුවයි. අපි තවමත් ඉන්නේ සාක්කි විමසන අවස්ථාවකයි. දිව්රුමක් නොමැතිව දී ඇති ප්‍රකාශ සාක්කි ලෙස පිළිගත නොහැකියි. මේවා පිලිගත හොත් දිව්රුම් මත දී තිබෙන සාක්කි සමග පරස්පරයක් හැදෙනවා.

    තප්පුලන ලිවේරා – මා කියන්නේ මෙපමණයි. මේ සීඅයිඩී කට උත්තර විමර්ශනය නොකරන්නේ නම් මේ කොමිසමේ ක්‍රියාවලිය ‘කෝළමක්‘ වෙනවා.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – මට විශ්වාසයි ඔබ ඔය වචන පාවිච්චි කරන්නේ මාධ්‍යයේ තමන්ට ලැබෙන ප්‍රචාරය බලාගෙනයි. අපි මාධ්‍ය වාර්තා ගැන තැකීමක් නෑ. අපි කරන්නේ අපේ වෘත්තියයි. එය ඕනෑම අධිකරණයක සිදුකරන ක්‍රියාවලියයි. අධිකරණය ඉදිරියේ ලබා දෙන්නේ නැති සාක්කියක් පිලිනොගැනීම ඕනෑම අධිකරණයක් කරන දෙයක්.

    තප්පුල ලිවේරා – ඔබ ‘අවිචාරයෙන්‘ දෙන නියෝගයක් වුවත් අපි එය කරන්නම්.

    තප්පුලන ලිවේරාගේ මේ ප්‍රකාශයත් සමග විනිසුරුවරු දෙපොලගේ කෝපය ඉහ වහා ගියහ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – මං තමුන්ගේ හැසිරීම ගැන මීට පෙරත් අවවාද කළා.

    සභාපති විනිසුරු චිත්‍රසිරි – මේ කොමිසම ඉදිරියේ තමා මේ වගේ හැසිරුනු පළමු අවස්ථාව නොවෙයි. නිසැකවම තමාගේ මෙම හැසිරීම ගැන අපට වැඩි දුරටත් සිතන්න වෙනවා.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන – තමාගේ හැසිරීම කිසිසේත්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට ගැලපෙන්නේ නෑ. අධිකරණය ඉදිරියේ මෙලෙස හැසිරීම ගැන මං තමුන්ට දැඩි සේ අවවාද කරනවා. මගේ වසර 30 ක විනිසුරු ඉතිහාසයට මං තමාගේ වගේ නින්දිත හැසිරීමක් දැකලා නෑ.

    සභාපති විනිසුරු චිත්‍රසිරි – මමත් අවුරුදු 37 ක් විනිසුරුවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. විනිසුරු තීන්දුවක් දුන් පසු නීතිඥයෙකු මේ වගේ හැසිරෙනවා මමත් ජීවිතයට දැකලා නෑ.

    විනිසුරු දෙපොලේ මෙකී ප්‍රකාශයෙන් පසු ‘බැඳුම්කර කොමිසමේ තරුව‘ ලෙස සමහරුන් හඳුන්වන තප්පුලන ලිවේරා ‘වල්ගා තරුවක්‘ බවට පත්ව වල්ගය වනන්නට ද පටන් ගත්තේය. නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්වරුන් ලිවේරාට ‘හැපිචෝල් කාරයා‘ යයි කියන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

    සත්‍ය වශයෙන්ම මෙකී ජනාධිපති බැඳුම්කර කොමිසම කොමි-සමයමක් බවට පත් කෙළේ කොමිසමේ කටයුතු වලට සහාය දීමට යයි කියා නීතිපති දෙපාර්තමේන්තුවෙන්  පැමිණි කෝදාගොඩ සහ තප්පුලන ලිවේරා දෙදෙනාගේ දේශපාලන අරමුණු පෙරදැරි කර ගත්, පටු, ගොබ්බ හැසිරීම නිසා ය. පැජට් පාරේ අහිගුන්ඨිකයන් කියන කියන ආකාරයට නටන මේ රිලව් දෙදෙනා ගැන කොමිසම තීන්දුවක් නොගෙන සැමදා අවවාද කර කර සිටියහොත් කොමිසම කොමි-සමයමක්ම වීම වැළැක්විය නොහැකිය.

    පුදුමය නම් බැඳුම්කර කොමිසම ගැන වාර්තා කරන එකදු සිංහල මාධ්‍යයක් හෝ මේ ගැන මෙතෙක් වාර්තා නොකිරීමය. එයින් මේ රිලවුන්ගේ සහ ජඩමාධ්‍යයන්ගේ අරමුණ කුමක්දැයි වටහා ගත හැකිය.

    (ලංකා ඊ නිව්ස් )

  • මිය ගිය දසුන්ගේ ජීවිත කතාව රූප රචනා කල චමු ශ්‍රී ට ඉවසීමේ සීමාව පැනපු නිලි ශලනි දැක්වූ ප්‍රතිචාර මෙන්න

    chamu sri කියන්නේ කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා කරලියට එන මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පසුගිය දිනක නිර්මාණය කළ ” සිරවී ” කියන මියුසික් වීඩියෝව සම්බන්ධයෙන්  බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත . ඒ එම නිර්මාණය හරහා මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සමාජගත කර තිබේය යන්න පවසමින්.දසුන්ගේ ජීවිත කතාව මෙසේ රූපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි දසුන්ගේ පෙම්වතියක් ලෙස කිරුළු පලන්  ශලිනි තාරකා කියා සිටියෙ.

    [rns_reactions]

  • සුසිල්-බන්දුල කපුකමෙන් කරලියට එන ශ්‍රීලනිප – ඒකාබද්ධ නිතරග ගිවිසුම

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිතරඟ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ දිනවල දෙපාර්ශවයේ ප්‍රධානින් සමග සාකච්ජා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව මැතිවරණයේදී ශ්‍රීලනිපය ‘අත’ ලකුනුන්ද ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ‘නෙලුම් පොහොට්ටුව’  ලකුනුන් ද තම තමන්ට වාසි සහගත ප්‍රදේශ බෙදා වෙන්කර ගනිමින්, ශ්‍රීලනිප යෝජනා කරන පළාත් පාලන ආයතන වලට ඒකාබද්ධය ඉදිරිපත් නොවීමටත්, ඒකාබද්ධය ඉදිරිපත්වන පළාත් පාලන ආයතන වලට ශ්‍රීලනිපය තරඟ නොකිරීමටත් අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඉදිරිපත් කල  යෝජනාවට මේවනවිට සුබදායි ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක් පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ නිවසේ පවත්වා ඇති අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද ඊට සහභාගී වී තිබේ.

    [rns_reactions]

  • ජනපති නියමයෙන් හදිසි කැබිනට් වෙනසක්?

    අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙම සංශෝධනයේදී රජයේ ඉහළම පෙළේ තනතුරු ගණනාවක් වෙනස්වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    දැනට පවත්නා දේශපාලන තත්ත්වය හා මැතිවරණ ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    විශේෂයෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇති කරුණු මෙන්ම ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු සහගත තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි  වැඩිදුරටත් වාර්තාවේ.

    මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යට ද දැනුම් දී තිබෙන බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    [rns_reactions]

  • මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට.

    එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී  මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ.

    මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද වාර්තාවී තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙසේ මලික් සමරවික්‍රම මහතා හමුවී ඇත්තේ ඔහුගේ බිරිය වන ශශී වීරවංශ මහත්මියගේ බලකිරීම මත බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන සිටියි.

    මේ රහස් හමුව සිදු වූ දිනයේ  “Otters Club”  හී “CCTV” කාමර පරික්ෂා කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන්පිරිසක් යවා ඇති බවද දැනගන්නට තිබේ.

    [rns_reactions]

  • මහින්ද හැරදමා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් 7 ජනපති මෛත්‍රී සමග එක්වෙයි

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේතු මන්ත්‍රීවරු 7 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වනවා.

    මෙම මන්ත්‍රීවරු 7 දෙනාම ප්‍රභලයන් බවත් මැතිවරණයේදී ඔවුන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බවත් සදහන් වනවා.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකගතාවකට පැමිණ තමන්ට ශී‍්‍රලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.

    [rns_reactions]