Author: Editor

  • පළාත් පාලන මැතිවරණයට දින නියම වෙද්දී ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙයි

    ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.
    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකගතාවකට පැමිණ තමන්ට ශී‍්‍රලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.
    කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍රලනිපය සමඟ එක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ වෙනම තරග කිරීම මඟින් පොදුජන පෙරමුණට වැඩි වාසි ලබාගත හැකි බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් කිහිපදෙනකු අවධාරණය කර තිබෙන්නේ ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවයි.එසේ කරන්නේ නම් එය ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් විය යුතු බවත්, එවැනි තීරණයක් නැතිව වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් තම පක්ෂ සාමාජිකත්වය පවා නැති විය හැකි බවත් ඔවුන් පවසා තිබේ.

    එසේ පක්ෂ සාමාජිකත්වය නැති වුවහොත් ආසන සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුර පවා නැති වීමේ අවදානමක් ඇති බවත්, එය වඩාත් අවාසිසහගත තත්ත්වයක් බවත් මේ ජ්‍යේෂ්ඨයන් පෙන්වා දී තිබේ.මේ පිරිස දිගින් දිගටම ජනාධිපතිවරයාට සමීප පාර්ශ්වයන් මඟින් පණිවුඩ එවමින් දැනුම් දී ඇත්තේ තමන්ට යළිත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ඉඩ හදා දෙන ලෙසයි.

    පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට එවූ කොන්දේසි හතක් සහිත ලිපියේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡවලට සහභාගි නොවන බවක් සදහන් වූයේ නැත. එය තවදුරටත් පක්ෂ සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නීතීඥ උපදෙස් මත සකස් කරන ලද්දක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා (03) පැවැති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ද ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සහභාගි වී නැතත්, ඔවුන්ගෙන් බහුතරයක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කලින් දැනුම්දීමට කටයුතු කර ඇත.බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මේ පිරිසගේ මතයට එරෙහිව යමින් පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සිදු කළ යුතුය යන ස්ථාවරයේ සිටින අතර, ඔවුන් තවදුරටත් සාමාජිකයන් බදවාගැනීමේ මෙහෙයුමක් ද සැලසුම් කරමින් සිටී.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඔවුන්ට අනුව යමින් පසුගිය දිනෙක පවසා තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදුජන පෙරමුණෙන් මැතිවරණවලට තරග කිරීම යහපත් වනු ඇති බවයි.

    [rns_reactions]

  • ගීතා දොට්ට දමා අධිකරණයෙන් සාධාරණය ඉටුකරගත් පියසේන ගමගේට ලොකු ඇමැතිකමක්.

    ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය හිමිවන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස ශ්‍රී ලනිප ගාල්ල දිස්ත්‍රික් ජනතාව සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රි රත්ගම ශ්‍රී ලනිප ආසන සංවිධායක අමරසිරි කුරුවගේ මහතා ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ පසුබෑමට ලක්වූ 89 දුෂ්කර සමයේදී පවා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු අභියෝගවලට මුහුණ දෙමින් පක්ෂය ආරක්ෂා කළ නායකයා ලෙසත් සෑම අවස්ථාවකදීම මැතිවරණ සටන්වලදී ශ්‍රී ලනිපයට දිස්ත්‍රික්කයේ ශක්තිය තහවුරු කරමින් ජයග්‍රහණය ලබා දුන් ගාල්ල දිස්ත්‍රික්කය සංවර්ධන කටයුතුවලින් ඉදිරියට ගත් මේ නායකයාට පසුගිය රජය සමයේ සිදුවූයේ අසාධාරණයක්.” යයි දඔහු සඳහන් කළේය.

    ”ඇමැතිකමක් ලැබුණොත් කරනවා”

    මේ අතර, ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පියසේන ගමගේ මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරන තමන්ට අධිකරණයෙන් සාධාරණය ඉටු වූ බවයි.

    මේ නඩු තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තු වන බව පැවසු ගමගේ මහතා, කිසිදු අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ බලාපොරොත්තුවක් නැති බවත්, දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බවත් අවධාරණය කර සිටියේය.

    ”ඇමැතිකමක් ලැබුණොත් කරනවා. නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලලා නෑ. වසර 17ක යු.එන්.පී. පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛතාව ගත්තේ රිචඩ්, දොඩංගොඩට පස්සේ මම. නමුත් රාජපක්ෂ මහත්මයා මම ජ්‍යෙෂ්ඨ ඇමැති කරා. නමුත් මම පස්සෙන් ගිහින් ඇමැතිකම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නොවේ අපි. දුන්න දේ කරගෙන මම හිටියා.

    දුන්න ඇමැතිකමෙන් ගාල්ලට, රටට වැඩ කළා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමැතිකමක් ලැබුණොත් හොඳට වැඩ කරනවා.” යයි ද ඔහු එහිදී පැවසිය.

    හත්වන ස්ථානයේ සිට පාර්ලිමේන්තුවට :

    පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955ක් ලබාගනිමින් එජනිස ලයිස්තුවේ 5 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු ‍අසුන අහිමි වූ අතර පසුගිය මහ මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස යටතේ තරග කර හත්වන ස්ථානය දිනාගත් හිටපු ඇමැති පියසේන ගමගේ මහතාට එයින් හිස්වන පාර්ලිමේන්තු අසුන හිමිවීමට නියමිතව ඇත.

    පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 47248ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ හත්වන ස්ථානයට පත් වූයේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතායි.

    [rns_reactions]

  • තීන්දුයි.. තීරණයි.. එජාපය සමග හවුලක්‌ නෑ – ජනපති මෛත්‍රී නායකත්වයෙන් ශ්‍රිලනිපය පුළුල් සන්ධානයකින්..!

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 වැනිදා) රැස්‌ වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම තීරණය කළ බව ජනමාධ්‍ය සහ මහනගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා  පැවසීය.

    එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය තුළ එම කටයුතු සිදුකෙරෙනු ඇති බව ද අලගියවන්න මහතා කීය.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම්වීම පිළිබඳව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ශ්‍රීලනිපය සමඟ එක්‌ව තරග කිරීම පිළිබඳව සෙසු පක්‍ෂවලින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම්, යෝජනා සහ වරප්‍රසාද පිළිබඳව එජනිස මහ ලේකම්වරයා ඊයේ පැවැති හමුවට කරුණු වාර්තා කිරීමක්‌ සිදු කළ බව ද අලගියවන්න මහතා කීය.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට ඊයේ පැවැති රැස්‌වීමට සහභාගි වන ලෙස පක්‍ෂ ලේකම්වරයා විසින් ලිතව දැනුම් දෙනු ලැබුව ද ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු ඒ සඳහා සහභාගි වී නැත.

    තමන් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට අවශ්‍ය නම් එජාපය සමඟ තිබෙන හවුල් සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු ඉල්ලීම් 7 ක්‌ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් එම ලිත ඇරයුම්වලට ප්‍රතිචාර දක්‌වමින් ඉදිරිපත් කර තිබිණි.

    කෙසේ වෙතත් ඉදිරි කාලයේදී හෝ ඔවුන් තමන් සමඟ එකතුවීමට එකඟතාව පළකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. එජාපය සමඟ එකතු වී මැතිවරණයට තරග කිරීමට තමන්ගේ කිසි කැමැත්තක්‌ නැති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

    [rns_reactions]

  • රන්ජන් නෙරපීම දිවුලපිටියේ ජාවාරම්කාර ඒකාබද්ධ විපක්ෂ – එජාප කුමන්ත්‍රණයක්..!

    නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට මනාව අනාවරණය වී ඇතැයි දිවුලපිටිය
    බහු – විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

    මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සෘජු සම්බන්ධයක් තිබීම යැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

    එහි කැඳවුම්කරු ඩයස් සමරක්කොඩි මහතා ප්‍රකාශ කරනුයේ දිවුලපිටිය ආසනයේ බඩල්ගම, මැල්ලවගෙදර, රඹුටන්වත්ත ප්‍රදේශයේ මාඔය ඉවුරේ සිදුවන මහ පරිමාණ යාන්ත්‍රික වැලිගොඩ දැමීමක් එජාප ප්‍රබලයකුගේ පවුලේ ඥාතියකු විසින් සිදුකරන අතර ඒ සඳහා බැකෝ යන්ත්‍ර වැලි සේදීමේ යන්ත්‍ර සහ ජෙනරේටර් යන්‍ත්‍ර පවා යොදාගෙන ඇති බවය.

    එමෙන්ම එම පරිසර සංහාරයට එරෙහිව නීතිමය ක්‍රීයාමාර්ග වලට නොඑළඹෙන ලෙස එම දේශපාලඥයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශ නිළධාරීන්ට නිරතුරුවම බලපෑම් කරන බවද තම සංවිධානය වෙත වාර්තා වී ඇතැයි සමරක්කොඩි මහතා කියයි.

    එහිදී පසුගිය කාලයේ දිවුලපිටිය ප්‍රදේශයේ පරිසර සංහාරය පිළිබඳව විමසුමක් කිරීම හේතුවෙන් එවක රන්ජන් රාමනායක මහතා එජාප ප්‍රබලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වු බවක්ද තමන්ට දැනගන්නට ලැබී ඇතැයි සමරක්කොඩි මහතා කියයි.

    එමෙන්ම මාඔය ඉවුරේ භුමිය වැලිගොඩදැමීම සදහා අඩි 30ක් පමණ ගැඹුරට පොළව හාරා ඇති බැවින් දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශය සහ මාඔය අතර භූ අභ්‍යන්තරික ජල හුවමාරුව ඇණහිටීමෙන් එම ප්‍රදේශයෙන් කාන්තාර ලක්ෂණ පහළවන බව දැන් පැහැදිලිවම දක්නට ඇතැයිද එම සංවිධානය පෙන්වාදෙයි.

    තවද දිවුලපිටිය ආසනයේ අකරගම,බෝලගල පිටවත්ත,දෙහිගහපල්ලම, කටුනායකවත්ත, බලවල,හොරකඳවිල, දෙමටවත්ත ආදි ප්‍රදේශ වල ඇති බොරළු කඳු මහා පරිමාණයෙන් කපා ඉවත්කර ගැනීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සහ එජාප ප්‍රාදේශීය දේශපාලන නායකයකු වෙතින් සිදුවන අතර ඔවුන් සමග සෙසු එජාප සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් ද එක්ව සිටින බවත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම මේ පරිසර සංහාරක ජාවාරම්කරුවන්ගේ පොදු අවශ්‍යතාවයක් බැවින් ඔවුන් එහිදී සාමුහිකව ක්‍රියා කර ඇතැයි එම සංවිධානය පවසයි.

    ඒ අනුව රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීමත් සමඟ ඉහත සදහන් මහාපරිමාණ පරිසර හානි දෙගුණ තෙගුණ වී පහතරට තෙත් කලාපයට අයත් සදාහරිත ප්‍රදේශයක් වන දිවුලපිටිය නොදුරේදීම ශුක්ෂ කාන්තාරයක් වන බවද ඔවුහු පවසති.ඒ අනුව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තාමාන පරිසර අමාත්‍ය ධුරයද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලන වාසි අවාසි නොතකා දිවුලපිටියේ සිදුවන අවනීතික මහා පරිමාණයේ පරිසර සංහාර මැඩලීමට වහා ඉදිරිපත් විය යුතු බවයි.

    එසේ නොකළහොත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම නිසා ලත් ජවය හා පන්නරය මුල්කොට එම පරිසර සංහාරක ජාවාරම්කරුවන් දිවුලපිටියේ වාතය,පස,ජලය යන පාරිසරික සාධක බරපතල ලෙස දූෂණය කොට මුළු දිවුලපිටියම නිරුදක කතරක් බවට පත්කිරීම නොපමාව සිදුකරන බව එම සංවිධානය අවධාරණය කරයි.

    [rns_reactions]

  • ඩාලිං ‘ටොෆි’ කන / රූම් ආස්සේ රිංගා පෙම්වතාට පතිවත බිලිදෙන අරුම පුදුම බාලවයස් බාලිකාවෝ..

    දැන් අපේ රටේ තරුණ පරපුරට බොහෝ වින කටින්නේ ‘සුරා’ යකා ය. මීට අවුරුදු විස්සකට තිහකට පෙර වෙනත් යකුන් වන ‘මහසෝනා’ ‘ඊරියකා’ ලබා සිටි තැන දැන් ‘සුරා’ යකාට හිමිව තිබේ. එදා ගංජා සුරුට්ටුවක් හෝ රා වඩියක් බිව් වරදට හිරගෙදර ගියේ බොහෝ මැදිවියේ මිනිසුන් ය. එහෙත් දැන් කේරළ ගංජා, බාබුල් මාවෝ වෙනත් එවැනි මත්ද්‍රව්‍ය රංචු ගැසී බොන්නේ හෙට අනිද්දා මේ රට බාරගන්නට සිටින තරුණ පරපුර වීම අතිශය කනගාටුදායක කරුණකි.

    තරුණ කෙල්ලන්ද, විශේෂයෙන් පාසල් සිසුන් ද සිසුවියන් ද මේ අපචාරවලට ගොදුරු වීම දැන් රට පුරා සිදුවේ. කොළඹ තදාසන්නයේ මතු නොව හද්දා පිටිසර ද සුරාවට හෝ මත්ද්‍රව්‍යවලට ලොල් පරපුරක් ඇති වෙමින් තිබේ. සමාජ ජාල, වෙබ් අඩවි, යූ. ටියුබ් මෙවැනි අධම ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම නිසා මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙයි.
    පැය 3 – 4 කින් සමාජ ජාලා හරහා දැනුම්වත් කරන කෙටි පණිවුඩයකින් දැන් මේ රටේ රාත්‍රි වෙරළබඩ මත්පැන් සාජ්ජ ඇතිවෙයි. හෝටල්වලට තරුණ තරුණියෝ රොද බඳිති. පුවක්පිටිය, මීගමුව හා තවත් ප්‍රදේශ කිහිපයක‍ මෙවැනි හමුවීම් කීපයක් ඉකුත්දා මාධ්‍ය මඟින් අනාවරණය කැරිණ. උදෑසන එළැඹෙද්දීත් මහ මඟ වෙරි මතින් වැටී සිටින යෞවනයන් ගැනත්, වැල්ලේ නිදහසේ ලිංගික හමුවන් පවත්වන කෙල්ලන් සිටින ලෝකයේ තවත් රටක් නැති තරමට දැන් මේ සිරි ලංකාව පිරිහිලා ය.

    මා ‘සුරා’ යකා යැයි ලීවේ එවැනි ආත්මයන් ගැන නොව සුරාව යක්ෂාවේශයෙන් රට ආක්‍රමණය කරන බව කීමටය. බේරුවල රා තැබෑරුමේ බලපත්‍රය මෙතෙක් නොවිකුණුන, ඉහළ මුදලකට මෙවර විකිණී තිබිණි. ඒ අලුත් මත්ද්‍රව්‍ය ආවාට තවමත් රා වලටද තැනක් ඇතැයි පෙන්වමිනි. කෙසේ නමුත් මේ විනාශ වන්නේ හෙට අපේ රට බාරගන්නා තරුණයන්ය. එසේ ම තරුණියන් ය. නැත්නම් වෙනත් විදියකට කියනවා නම් රටේ අනාගතයට දරුවන් බිහි කරන තාත්තලාය.

    අනාගතයට දරුවන් බිහිකරන අම්මලා ය.මේ රටට ගෙන එන හා නීතියට හසුවන හෙරොයින් කුඩු, කේරළ ගංජා ප්‍රමාණය දකින විට අද ලංකාව ලෝකයේ මත්ද්‍රව්‍ය ගබඩාව දැයි මට සිතේ. මෙසේ හමුවන මත්ද්‍රව්‍ය නැව් ගණන් කන්ටේනර් ගණන් බඩුවලට ඊට පසුව සිදුවන්නේ කුමක්දැයි අපට පමණක් නොව රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයාට ද ප්‍රශ්නයකි. එතුමා මේ ගැන විටින් විට ප්‍රශ්න කළේය. ඒ මත්ද්‍රව්‍ය තොග විනාශ කරන බව කීවද එය සක්සුදක් සේ පැහැදිලි නැත.

    ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු විදුහල අසල වෙළෙඳසලකින් මිලදී ගත් ටොෆි වර්ගයක් කෑමෙන් පසු අසනීප වී රෝහල් ගත වීම ආසන්නතම සිද්ධියයි. අපි මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු දැන ගැනීමට මේ පරීක්ෂණයේ දී කට උත්තරක් දුන් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අනුෂා මෙත්තානන්ද මහත්මියට කතා කළෙමු.

    “සිද්ධිය වුණේ සැප්තැම්බර් 25 වැනිදා. උදේ 7.30 ට පාසල් එනකොට අපේ පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු පාසල ළඟ කඩේකින් ටොෆි 4 ක් ගෙනැවිත් ඉන් 2 ක් දෙන්නා කාලා. මුල් පරිච්ඡේදය අවසන් වෙලා චිත්‍ර පන්තියට සෞන්දර්ය ක්‍රියාකාරකම් සඳහා ළමයින් පිටත යන්නට ඕනෑ. මේ අයගේ පංති තියෙන්නෙ මහපොළ ගොඩනැඟිල්ලේ 3 තට්ටුවේ. මේ ටොෆි කාපු ළමයිනට වමනය, කලන්තය හා මත් ගතියක් ඇතිවෙලා අසනීප වෙලා පංතියේ නැවතිලා. බඩේ අමාරුවකුත් ඇවිල්ලා. චිත්‍ර පන්තියේ ගුරුතුමිය තමන්ගෙ පාඩමට ආපු නැති දරුවන් ගැන විමසිල්ලෙන් ඉඳලා මේ ළමයි රැගෙන මගේ ළඟට ආවා. ඒ වෙලාවේ විදුහල්පතිනිය හිටියෙ නෑ. මා වහාම ඒ ඉතිරි ටොෆි ගෙනැවිත් බැලුවා. ඒ කවරයේ ‘ලව්’ හා ‘ඩාලිං’ යන වචන තිබුණා. මං ඒ එක ටොෆියක් පාසලේ ආරක්ෂාවට ඉන්නා මහත්මයකුට ‘ටෙස්ට්’ කරන්න කන්නැයි කීවා. එය කන විට සැර හඳුන්කූරු සුවඳක් වගේ එකක් ආවා. ඒ මහත්මයාටත් ටික වේලාවකින් නිදිමත, වමනය, කරකැවිල්ල ආවා. මා තේරුම් ගත්තා මේවා නම් දරුවන් මත් කරන පෙති වර්ගයක් කියලා. අපි පොලිසියට දැන්වුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් දැන්වුවා. ඒ අය කීවේ මේ ටොෆි බාබුල් කියන ජාතියට සමානයි කියලයි. මේ දරුවන් අහිංසකයි. මල් වගේ දරුවෝ. ඉගෙනුමටත් දක්ෂයි. ළමයි දෙන්නා පාණදුරේ හා බණ්ඩාරගම ඉඳලා පාසල් එන්නෙ. මේවා විකුණන කඩේ මිනිස්සු ළඟ කිසි ම මිනිස්කමක්වත් නෑ, දරුවෝ අනාථ කරන මේ ක්‍රියාකාරකම් නවත්වන්න ඕනෑ.”

    මේ ගුරුවරිය කියන කතාව ඇත්තය. සාමාන්‍යයෙන් අප දන්නා විදියට පාසලක් පවතින ස්ථානයේ සිට කිලෝ මීටර භාගයක් දුරට කිසිම මත් ද්‍රව්‍යයක් (සිගරට්ටුවක්වත්) විකුණන වෙළෙඳසලක් තිබිය නොහැකිය. ඒත් මේ විදියට අපේ තරුණ පරපුර විනාශ කරන පිරිස් පොලිස් ඇප පිට නිදහස් වීම ද පුදුම සහගතය.

    මීට ප්‍රථම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ නඩු විභාග වූ අන්දම තරමක් හෝ ඔබට ලිවිය යුතුය. සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධියට සම්බන්ධ බව කියන මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනකු අධිකරණයට කැඳවීය.

    අධිකරණය – මේ දෙදෙනා අධිකරණයට කැඳවූයේ නොතීසියක් අනුවද?

    පොලිසිය – නැහැ ස්වාමිනී, ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබුණා.

    අගතියට පත් දරුවන්ගේ දෙමාපිය සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඊ.ඒ.පී. රාජකරුණා මහතා එහිදී මෙසේ කීය.
    ස්වාමිනි, දරුවන් දෙදෙනෙක් ටොෆි කාලා කළුබෝවිල රෝහලට ඇතුළත් කැර සිටියා. ටොෆි කෑමෙන් පසුව ඔවුන්ට කලන්තය හැදිලා තිබුණා. දරුවන් ඉගෙනුම ලබන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ ගැන පොලිසියට ප්‍රකාශයක් දීලා තියෙනවා. නමුත් පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නෑ, පොලිසියේ සටහන් කැර තිබූ සටහන ටිපෙක්ස් කැර මකා දමලා සිද්ධිය ගැන පොලිසිය නිසි පරිදි කටයුතු කැර නෑ. නීතිඥ රාජකරුණා උසාවියේදි කීය. එම කරුණු ගැන අවධානය යොමු කළ අධිකරණය මේ සිද්ධිය ගැන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා යැවිය යුතු බවට නියෝග කළේය. පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් 31 දා කැඳවිණ. මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු සොයා ගැනීමට අප ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා සම්බන්ධ කැර ගතිමු.

    “අපි ඒ ටොෆි වර්ගය රස පරීක්ෂක වෙත යැව්වා. අවශ්‍ය කටයුතු හරි විදියට සිදුකරලා තියෙනවා. ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදි එම ‘ටිපෙක්ස්’ ගා සටහන් මැකූ කතාව හා ප්‍රකාශය ඉල්ලා අස්කැරගෙන සමාව ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය වරදවලට නීතිය බරපතළ ලෙස ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරලා කෙනෙකුට බේරෙන්න බෑ. මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවුණා. නීතිය ඉදිරියේ නඩුව විභාගවෙන නිසා වැඩිමනත් කරුණු කියන්න අපට බෑ…” ඒ මහතා කීය. නීතිය කාටත් සමානය. නීතිය ඉදිරියේදි යුක්තිය හා සාධාරණය ඉටු කළා කීවාට මදිය. ඒ යුක්තිය හා සාධාරණත්වය හරිහැටි ඉටුවූ බව මුළුමහත් සමාජයට පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ නීතියේ වටිනා උධෘතයක් බව ඔබට සිහි ගැන්විය යුතුය.

    [rns_reactions]

  • ජනපති සංකල්පයෙන් ඉදිවන රාජගිරිය ගුවන් පාලම අද හෙටම ජනතා අයිතියට

    රටක් සංවර්ධනයේ නිම්වළලු කරා පිය නඟින කල ඊට ප්‍රබලම දායකත්වයක් සපයනුයේ එරට මාර්ග පද්ධතිය බව අවිවාදිතය. ඒ බව පසක් කරන හොඳම උදාහරණයක් සපයන රටක් හැටියට මැලේසියාව හැඳින්විය හැකිය. ඒ අනුව වර්තමානයේ මෙරට මාර්ග පද්ධතියෙහිද ශීඝ්‍ර සංවර්ධනයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙන ඉදිකිරීම් බොහෝ සේ දක්නට ලැබේ. එලෙස නව අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිවෙනවා සේම ජනාකීර්ණ පෙදෙස්වල පවතින මාර්ග තදබදයට පිළියම් සොයන ඉදිකිරීම් ද සිදු වෙමින් පවතී.
    වර්තමාන යහපාලන රජය බලයට පත්වී කෙටි කලක් තුළ ගත් තීන්දු තීරණවල මල්පල හටගනිමින් තිබෙන අයුරු පසක් කරමින් රාජගිරිය මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ වැඩ කටයුතු මේ දිනවල ලහි ලහියේ නිම වෙමින් පවතී.
    මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණයෙන්, ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිවන මේ ගුවන් පාලමේ සියලු ඉදිකිරීම් ස්පාඤ්ඤයේ සෙන්චූනියන් සමාගම සහ මෙරට ඇක්සස් සමාගම විසින් සිදු කරනු ලබයි. මීටර් 532ක දිගින් සහ මීටර් 21ක පළලින් යුත් මංතීරු හතරකින් සමන්විත පාලම සඳහා රුපියල් මිලියන 4700ක පමණ මුදලක් වැයවෙතැයි ගණන් බලා ඇත.

    දිනකට වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් එහා-මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් පවතින ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලැකේ. එම ගුවන් පාලම ඉදිවන රාජගිරියේ වැලිකඩ හන්දියෙන් දිශාවන් හතකට විහිදෙන මාර්ග පද්ධතියක් සහිත ඉතාම සංකීර්ණ වාහන හැසිරවීමක් සිදුවන බව ගුවන් පාලමේ ව්‍යාපෘති ඉන්ජිනේරු හිමන්ත ජයලත් මහතා අපට පැවැසීය. එසේම ඒ මහතා පවසා සිටියේ එම මන්සන්ධියේ පවතින දැඩි වාහන තදබදය නිසා ඒ අවට මන්සන්ධිවලද පවතින අධික තදබදය නිරාකරණය කිරීමට අපහසු වී තිබෙන බවකි.

    මෙලෙස අධික වාහන තදබදයක් පවතින මොහොතේදී එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක් පවතින බවක් ද වාර්තා වේ. එවැනි හේතු කාරණා නිසා රටක් වශයෙන් මෙරටට සිදුවන පාඩුව සුළුපටු නොවන හෙයින් වර්තමාන රජය ගත් ඉතාම කාලෝචිත සහ කඩිනම් තීන්දුවක් ලෙස මේ ගුවන් පාලම ඉදිකිරීමට සැලැසුම් කිරීම සැලැකිය හැකි බව බොහෝ දෙනකුගේ අදහසයි.

    පාලමේ ඉදිකිරීම් ගැන ව්‍යාපෘති ඉන්ජිනේරු හිමන්ත වැඩිදුරටත් පවසා සිටියේ, 2015 වර්ෂයේ තමයි මේ පාලම ඉදිකිරීමට ගිවිසුම් අස්සන් කළේ. 2016 වර්ෂයේයි වැඩ ආරම්භ කළේ. උතුරු, දකුණු පාලම ලෙස අදියර දෙකකින් වැඩ අවසන් කරන්න මුලින් සැලැසුම් කළේ. ඒ වගේම 2018 ජනවාරිවලයි මෙහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට සැලැසුම් කළේ. එහෙත් අවැසි සියලු කටයුතු වෙලාවට කලාවට කඩිනම්ව සිදුවූ නිසා ලබන දෙසැම්බර්වල අදියර දෙකෙහිම වැඩ අවසන් කොට 2017 ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ඔහු පවසයි.
    ඒ අනුව සියලු වැඩ කටයුතු කඩිනම්ව සිදුවූ හෙයින් නියමිත කාලයට අවුරුද්දකටත් කලින් වැඩ අවසන් කිරීමට නියමිත ගුවන් පාලමේ තාක්ෂණික ගැටලුවක් ගැන පසුගිය දිනවල ඇතැම් දෙනා ප්‍රශ්න මතු කළහ. එම සියලු පැනයන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

    “මේ පාලමේ ඔය කියන විදිහේ කිසිම තාක්ෂණික ගැටලුකාරී තත්ත්වයක් නැහැ. අපි ඒ ගැන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මඟින් සියලු දේ පරීක්ෂා කර වාර්තාවක් ගත්තා. ඒ මඟින් මේ පාලම ඉතාම විශිෂ්ට ඉදිකිරීමක් බව සනාථ කර තිබෙනවා. පොඩි ගැටලුවක් පැනනැඟුණේ එකලස් කිරීමේ කටයුතුවලදී. මොකද මෙහි සියලු කොටස් ස්පාඤ්ඤයේ එකලස් කරලා ගෙනාවේ. පාලමේ තිබෙන වංගු හැඩය නිසා මධ්‍ය ලක්ෂ්‍යයේ සිට කුඩා ප්‍රමාණයක් පැත්තකට යෑමක් සිදු වෙනවා. ඒ සියලු දේ කිසිම ගැටලුකාරී තත්ත්වයක් නොවන බව මොරටු ඉංජිනේරු පීඨය සියලු දේ පරිගණක තාක්ෂණයෙන් සනාථ කළා.”

    තව නොබෝ දිනකින් ජනයාට විවෘත වන රාජගිරිය ගුවන් පාලම යුරෝපීය සම්මතයන්ට අනුව ඉදිකරමින් යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙසද ඉතිහාසගත වේ. පාලම ඉදිකිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී වර්තමානයේ පවතින වේග සීමාව අට ගුණයකින් පමණ ඉහළ යා හැකි බවට සැලැසුම් කර ඇතැයි ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත පවසා සිටියේය

    [rns_reactions]

  • රු. 25000 වාහන දඩ ලබන මස සිට

    රථවාහන වැරදි 5ක් සම්බන්ධයෙන් රු. 25000ක දඩමුදල් අය කිරීමේ නීතිය ලබන මස සිට ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සිළුමිණට කීය.

    මේ සම්බන්ධ කෙටුම්පත තවමත් නිකුත් කර නැති හෙයින් තරමක ප්‍රමාදයක් පැවතුණද හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට ‍කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම හෝ එවැන්නකුට තම රථය පැදවීමට ඉඩ දීම, අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම, රක්ෂණ ආවරණයක් නැතිව රිය ධාවනය යන වැරදි සඳහා රු. 25000ක් බැගින් දඩ මුදල් නියම කරනු ඇත.

    රථවාහන වැරදි 7ක් ආරම්භයේදී මේ සඳහා යෝජිතව තිබුණද පසුව වමෙන් ඉස්සර කර යෑම සහ අධික වේගය යන කරුණු එයින් ඉවත් කර ඇතත් විශේෂයෙන්ම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ‍වමෙන් ඉස්සර කර යෑම ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
    රටේ සිදු වන අනතුරුවලින් බහුතරයකට බලපා ඇත්තේ යතුරුපැදි හා ත්‍රිරෝදරථ වැරදි බවත්, මේ අනතුරු වැඩි වශයෙන්ම සිදු වන්නේ නොසැලකිලිමත් ලෙස ධාවනය නිසා බවත් ඒ මහතා කීය. මේ දඩ මුදල් අධිකරණය මඟින් නියම කරනු ලබන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. අනෙකුත් රථ වාහන වැරදි දඩ මුදල්ද වැඩි කර ඇත.

    [rns_reactions]

  • “ සිකුරු මාරුව “ – ඔබේ ලග්නයට කොහොමද?

    ලග්න 4 කට මාලවී යෝගය උදා කරවමින් ග්‍රහ ලොව මනාලිය අද රාත්‍රියේ කන්‍යා රාශියේ සිට තුලා රාශි ගතවේ. 2017/11/03 සිට 2017/11/26 දක්වා තුලා රාශියේ ගෝචරය වේ.

    ලංකා කුම්භ ලග්න කේන්දරයේ සිකුරු ග්‍රහයා 9 වැන්නේ ගෝචර වේ. ඒ අනුව දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වීමට ඉඩ ඇත.
    ලග්න 12ට පොදුවේ මේ ආකාර වෙයි.


    ● මේෂ
    මේෂ ලග්නයේ සිකුරු 7 වැන්නේ ගෝචරවේ. 
    ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. කෙසේ හෝ තම කටයුතු කර ගෙන යාමට අවස්ථාවක් උදාවිමට ඉඩ ඇත. 
    රැකියාවෙ තම හැකියාවෙන් එලිදැක්විමටත්, පිරිස් පාලනයට හැකි වෙයි. නව රැකියා ලැබෙන කාලයක් විය හැක. 
    යුග දිවිය සාර්ථක කර ගෙන ඉදිරියට යාමට හැකියාව ඇති කාලයකි.
    – 
    ● වෘෂභ 
    වෘෂභ ලග්නයේ සිකුරු 6 වැන්නේ ගෝචරවේ. 
    ආර්ථිකයෙ කඩාවැටීම්, ආදායම් මාර්ග වල ඇනහිටිමි පෙන්නුම් කරයි. 
    රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. රැකියාව එපා වීමට ඉඩ ඇත. රියදුරු ආදි රැකියා කරන අයට ඉතාමත් අසුබ කාලයකි. 
    ඥාතීන් සමග ගැටුම් ඇති විය හැක. හදිස්සි අනතුරු සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වීමට ඉඩ ඇත.

    ● මිථුන 
    මිථුන ලග්නයේ 5වැන්නේ සිකුරු ගෝචරවේ. 
    ව්‍යාපාර වලට තරමක් සුබ කාලයකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ තම සතුරන් පරාජය කර ඉදිරියට යාමට හැකි වේ. 
    රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ඉල්ලුම් කර ඇති අයට රැකියා ලැබිමට ඉඩ ඇත. 
    ගෘහ ජීවිතයේ යටිබඩ ආමාශ ගත රෝග හට ගැනීමෙ අවදානමක් ඇත, ප්‍රවේසම් විය යුතුය.
    – 
    ● කටක 
    කටක ලග්නයේ සිකුරු ග්‍රහයා 4 වැන්නේ ගෝචරවේ. 
    ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. තිබු බාධා ඉවත් වේ. ලොතරැයි ජයග්‍රහණ ආදියට අවස්ථාව උදාවෙයි. 
    රැකියා බලාපොරොත්තු ඉටු විය හැක. ලිපි කටයුතු ආශ්‍රිත රැකියා කරන අයට ඉතාමත් සුබ කාලයකි. උනන්දුව වැඩි විය හැක. 
    පවුලේ සමගිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. මංගල යෝග උදා වේ.
    – 
    ● සිංහ 
    සිංහ ලග්නයේ සිකුරු 3 වැන්නේ ගෝචරවේ. 
    බාධා ජය ගැනීමට හැකි වේ. භූමි උරුම කම් ලබා ගැනීමට ඒවා නිරාකරණය කර ගැනීමට හැකි කාලයක් විමට ඉඩ ඇත. 
    රැකියාව බාධා මැද කර ගෙන යාමට හැකි කාලයක් විය හැක. නව රැකියා ලැබිමට ඉඩ ඇත. 
    පවුලේ සමගියට තරමක බාධා පැමිණේ කල්පනාකාරීව කටයුතු කල යුතුය.
    – 
    ● කන්‍යා 
    කන්‍යා ලග්නයේ සිකුරු 2 වැන්නට පැමිණේ. 
    ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. බලාපොරොත්තු සපල කර ගැනිමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. 
    රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. රැකියාවේ පෙරට යාමේ ගති වැඩි වන කාලයකි. 
    මිතුරන් ඥාතීන් අතර හොඳ හිත වර්ධනය වෙයි. පවුලේ සමගිය පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයකි.

    – 
    ● තුලා 
    තුලා ලග්නයේ සිකුරු ලග්න ගතවේ.
    ආදායම් මාර්ග පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. මුදල් සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයකි. 
    නව රැකියා අවස්ථා නිර්මාණය වීමට ඉඩ ඇත. රැකියා වල නිරත අයට උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩ ලැබේ. 
    ආදර සබඳතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යාමට ඉඩ ලැබිය හැක.
    – 
    ● වෘශ්චික 
    වෘශ්චික ලග්නයේ සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණේ. 
    ආදායම වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වන කාලයකි. නැතහොත් ආදායමට වඩා වියදම වැඩි වන කාලයකි. 
    රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදාවෙයි. උසස් විම් තරග විභාග ප්‍රමාද විය හැක. මහන්සියේ තරමට ප්‍රතිඵල නො ලැබේ. 
    පවුල තුල හොඳ හිත වර්ධනය වන කාලයකි. විනෝද ගමන් බිම්වලට යාමට අවස්ථා උදා කර ගත හැක.
    – 
    ● ධනු 
    ධනු ලග්නයේ සිකුරු 11 වැන්නේ ගෝචරවේ. 
    ආර්ථික ගැට‍ළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන කාලයක් විය හැක. ආර්ථික මට්ටම යහපත්ව පවත්වා ගෙන යාමට හැකි වේ. 
    නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි කාලයක් විය හැක. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ. විදෙස් ගත විම් වලට යහපත් කාලයකි. 
    පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ .
    – 
    ● මකර 
    මකර ලග්නයේ සිකුරු 10 වැන්නේ ගෝචරවේ. 
    නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත. වියදම් පාලනය කර ගත යුතුවේ. නැතහොත් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. 
    නව රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැට‍ළු විසඳා ගැනීමට හැකි වේ. 
    ගෘහ ජීවිතයේ දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ ඇත. පවුල් ජීවිතයේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත. 

    ● කුම්භ 
    කුම්භ ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ. 
    ආර්ථික වාසි වැඩි වශයෙන් කුඩා වීමට ඉඩ ඇත. නව ව්‍යාපාරික අවස්ථා හවුල් ව්‍යාපාර කරන අයට යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත. 
    රැකියාවේ උසස් වීම් තරග විභාග ආදිය බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා සුදුසු අවස්ථා ලැබිමට ඉඩ ඇත. 
    මංගල යෝග උදා වේ. ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක විය හැක.
    – 
    ● මින 
    මීන ලග්නයේ සිකුරු 8 වැන්නේ ගෝචරවේ. 
    ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදුවීමට ඉඩ අත. එසේම ගනුදෙනුවල දී ප්‍රවේසමෙන් කටයුතු කලයුතුය. 
    රැකියාවෙ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. දුර බැහැර ගමන් යෙදේ නව රැකියා ප්‍රමාද වේ.
    පවුල වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට සිදුවේ. තම පවුල් ජීවිතයේ සමගිය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට සිදුවිය හැකි කාලයකි. 

    [rns_reactions]

  • පාසලේ වැටී බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි සිසුවා තනියම රෝහලට යයි- ගුරුවරු කිසිවෙක් සහයට ඇවිත් නෑ

    ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාපන්දු පුහුණුවිම් කටයුතු වල නිරතව සිටිය දී වැටී බරපතල ලෙස තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. 

    ඊයේ (01) පස්වරු 2.15 ට පමණ එම පාසලේ හත්වන වසරේ අධ්‍යාපනය ලබන ලිනාල් මිතිල රණවිර (12) සිසුවා පුහුණූවීම් කටයුතු වල නිරතව සිටින අවස්ථාවේ පාසලේ ළිද අසල වැටී බරපතල ලෙස තුවාල ලබා එම සිසුවාම ප්‍රතිකාර ලබා ගැනිමට ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන රෝහල වෙත ගොස් ඇත.

    රෝහලට ගිය සිසුවාගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවා නාවලපිටිය මුලික රෝහලටත් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව එම සිසුවාගේ මව වන ගිනිගත්හේන පදුපොළ පදිංචි ඩිබිලිවි.ඒ තනුජා මහත්මිය පැවැසීය.

    තම පුතා වැටීමෙන් මුඛයේ ඉදිරි පස දත් දෙකක් ගැලවි තවත් දත් කිහිපයක් මුඛයේ විදුරුමස් තුළට ඇතුළුවි ඇති බව සිසුවගේ මව පැවැසීය.

    තුවාල ලැබු පුතාගේ තත්ත්වය බරපතල නිසා අද (02)දිනයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි ඔහු ශෛල්‍ය කර්මයකට ද භාජනය කළ බව සිසුවාගේ මව පැවැසය.

    තම පුතා වැටී මෙසේ බරපතල තුවාල ලබා සිටියේදි ඒ පිළිබදව අනෙකුත් සිසුන් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට සහ ආචාර්යය මණ්ඩලයට හා පුහුණු කරුට දැනුම් දුන්නද ඔවුන් කිසිවකුත් තම දරුවා රෝහල් ගත කිරිමට ක්‍රිය නොකළ බව ද ඇය පැවැසීය.

    මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් විමසූ විට තමාගේ පුතා පාසල් දග සිසුවෙකු බවත් ඔහු පාලනය කිරීමට නොහැකි බවත් විදුහල්පතිවරයා විසින් පැවසු බව ඇය පැවැසීය.

    මේ සම්බන්ධයෙන් තමන්ට විධිමත් පරික‍ෂණයක් අවශ්‍ය බවද ඩිබිලිවි.ඒ තනුජා මහත්මිය අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

     [rns_reactions]
  • බලය තියෙද්දී මගෙන් පළිගත්ත මහින්ද එක්ක මම සාකච්ඡාවලට යන්නෙ නෑ – හිටපු ජනපතිනි චන්ද්‍රිකා

    දෙකඩ වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත ස්ථාපිත කොට ශක්තිමත් කිරීමේ අරමුණින් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (03දා) සාකච්ඡාවක් කැඳවා ඇති අතර ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිරිස් සහභාගි නොවන බවට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලනිපයට ද්‍රෝහිකම් කළ පිරිස් එම සාකච්ඡාවට සහභාගි වන්නේ නම් තමා කන පැළෙන්නට පහර දෙන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වී තිබීම නිසා ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් අපි මෙලෙස අදහස් විමසුවෙමු.

    කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගන්න මේ පක්‍ෂයත් කාලා රටත් විනාශ කරලා මිනී මරණ නායකයන් පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕනේ කියනවා නම් ඒ ගොල්ලෝ පක්‍ෂයට ද්‍රෝහිකමක් කරන්නේ.

    දැන් සාකච්ඡාවලට එනවලු. මම නම් යන්නේ නැහැ ඕවට. ආවා නම් මම ගහනවා කන පැළෙන්න. අපට විරුද්ධව තියෙන නඩු ටික ඉල්ලා අස්කරන්න, ඉන්ක්වයිරි ටික අයින් කරන්න පොලිසියේ අපිට විරුද්ධව කටයුතු කරපු අය අයින් කරන්න. එතකොට අපි පක්‍ෂයට එන්නම්. නැත්නම් මේක කරන්න බැහැ” යැයි හිටපු ජනපතිනිය මේ ප්‍රකාශය කළේ පසුගිය 29 වැනිදා ඇහැලියගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.

     [rns_reactions]
  • විදුහල්පතිවරුන්ට මානසික සායනයක් අවශ්‍යද ?

    පොළොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යවකට සති දෙකකට බළපැවැත්වෙන පරිදී පන්ති තහනමක් ලබා දීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතුකර ඇත. පාසලේ විනය මණ්ඩළයේදී ඊට අදාල චෝදනාව වශයෙන් ඔහු දක්වා ඇත්තේ, තමන් මෙකී ශිෂ්‍යාවගේ දෙමව්පියන් හට ඇගේ වෛද්‍ය වාර්තාවක් ගෙන එන්නට යැයි පැවසූ බවත් ඔවුන් එසේ කිරීමට අසමත් වූ නිසා මෙය ප්‍රතික්ෂේප කළ බවත් ය.

    ඉකුත් මස 19 වන දින මෙකී ශිෂ්‍යාව විසින් පාසල් කාලය නිමාවී අමතර නැටුම් පන්තියක් උදෙසා පාසලේ ඇගේ පන්ති කාමරයට වී රැඳී සිට ඇත. මෙහිදී විදුහල්පතිවරයාට මේ සම්භන්ධයෙන් සැකයක් පැමිණ ඇත්තේ පාසල් භූමිය අවට ශිෂ්‍යයන්ද ඒ මොහොතේ රැඳී සිට අති නිසාත්, මීට පෙර ඇගේ ප්‍රේමවන්තයාගෙන් ලැබුණු ලියමනක් ඇය සන්තකයේ තිබී හමුවූ නිසාත් ය. ලියුමක් හමුවීම සහ පාසල් කාලයෙන් පසුව අමතර පන්තියක් සඳහා පාසලේ රැඳී සිටීම හුදෙක් ලිංගික ක්‍රියාවක් සඳහා යොමුවීමක් ලෙස අර්ථගන්වා , එම බොළඳ තර්කය මත පදනම්ව ඇගේ අධ්‍යාපන දිවියම විනාශ කළ මෙකී මොට්ට විදුහල්පතිවරයා යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන බව මගේ හැඟීමයි. එහෙයින් , යෞවනත්වයේ පසුවන දුවා දරුවන්ගේ හැඟීම් තේරුම් නොගෙන , ඒඅනුව යමින් ඔවුන්ගේ සම්පූර්ණ අනාගතයම අඳුරට ඇද දමන වෙවැනි අඳබාල විදුහල්පතිවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන්ට විරුද්ධව පරිපාලන මට්ටමින් නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද ?

    [rns_reactions]

  • ශලනි-දසුන් අනියම් පෙම සහ අසරණ මවකගේ වේදනාව රැගත් චමුශ්‍රිගේ අලුත්ම වීඩියෝව මෙන්න..

    ” මගේ පුතේ , යන්න කලින් එක පාරක් මේ අහිංසක අම්මා මතක් වුනේ නැද්ද මගේ පුතේ… මේ අම්මාගෙ පපුවෙ පිච්චෙන වේදනාව මගෙ පුතා කොහෙ හරි ඉදන් බලාගෙන ඇති….මතු ඉපදෙන ආත්මෙක ජීවිතේට තෝරගන්න කෙනා මේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක් තෝරගන්න පුතේ…”

    [rns_reactions]

  • කළගුණ දන්නා ජනපති මෛත්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට

    හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් ඊයේ  (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

    අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    [rns_reactions]

  • පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවෙයි!

    කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය  ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා. 

    ඉන්දීය තෙල් සමාගම විසින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ. 

    මතුව ඇති පෙට්‍රල් හිගය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.

    අදාළ ඉන්ධන නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පවතින පෙට්‍රල් හිගය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

    පවතින පෙට්‍රල් හිගය මගහැරවීමට ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය බෙදාහැරීමේ සුදානමක් පවතින බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඞී ජේ රාජකරුණා  කියාසිටියේ.  

    ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකරන මෙම චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ කිසිදු හේතුවක් නිසා ප්‍රමිතියෙන් තොර තෙල් තොගය නොගන්නා බවය.

    [rns_reactions]

  • බැඳුම්කර මගඩියේ මහා වංචාව හෙළිවෙන අතිශය රහස් දුරකතන ඇමතුම් මෙන්න

    රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ වංචා, දූෂණවලට අදාළ දුරකතන සංවාද සහිත හඬපටයක් දූෂණ විරෝධී හඬ සංවිධානය මඟින් පසුගියදා (01දා) මාධ්‍යයට නිකුත් කෙරිණි.

    එකී හඬපටයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු අතර ඇති වූ සංවාද ඊට ඇතුළත්ව තිබිණි.

    මෙම හඬ පටය තම සංවිධානයට විදේශගත පුද්ගලයකු හරහා ලැබුණු බව “දූෂණ විරෝධී හඬ” කැඳවුම්කරු ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසීය.

    2015 පෙබරවාරි 27දා දින සිදුකළ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉහළ පොලියට බැඳුම්කර මිල දී ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දීම හා බලපෑම් කිරීම බැඳුම්කර වෙන්දේසිය නිමවන වෙලාවට වඩා විනාඩි 10ක් ලබාදෙන්නැයි පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් ඉල්ලීම් කළ ආකාරය, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ කසුන් පලිසේන 2012න් පසු මෙවැනි ගනුදෙනුවකට අත ගැසූ ආකාරය, 12.5 ඉක්මවූ පොලී අනුපාත ඉහළ දැමීමෙන් වෙළෙඳපොළට බලපෑ ආකාරය ඇතුළු හෙළිදරව් කිහිපයක් මේ හරහා තහවුරු කර ඇත.

    වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මෙවැනි දැවැන්ත වංචාවකට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් වෙනත් සොරකම්වලට චෝදනා ලැබ සිරගත වූවන් සියලු දෙනා නිදහස් කළ යුතු බවය.

    තමා මෙම හඬ පටයේ පිටපත් බැඳුම්කර වංචාව පිළිබඳව සොයන ජනපති කොමිසමට නම් ගම් සහිතව ලබන සතියේ ලබා දීමට කටයුතු කරන බවත් එකී සංවාදවලට අදාළ වූවන් කවුරුන්ද යන්න පරීක්‍ෂා කර ඔවුන් කොමිසම හමුවට කැඳවීමට වහාම පියවර ගත යුතු බවත් සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
    ඒ හරහා වංචාවට අදාළ මහ මොළකරුවන් කවුරුන්ද යන්න මනාව තහවුරු කර ගත හැකි වනු ඇති බව ද ඔහු පැවැසීය.

    කෙසේ නමුත් මෙකී වංචාවට අදාල පුද්ගලයින් කවුරුන්ද යන්න රටට හෙලි කිරීම තම සංවිධානයේ වගකීම බව ඒ මහතා පැවසීය.
    ඒ අනුව විටෙක රාජ්‍ය බැංකු ප්‍රධානී හා මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය, තවත් විටෙක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් කළ සංවාදයන්ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරියා සමඟ මෙන්ම, මහ බැංකුවේ හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරීන් අතර ද සිදුවූ සංවාදයන්ද ඇතුළත් වී තිබිණි.

    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    මැඩම්, ධර්මපාල ඩ්ඥපඥ
    මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය –
    ආ ධර්මපාල මොකක්ද ප්‍රශ්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –

    ප්‍රශ්න නම් නෑ. අපිට අර ඕධදඤ එකේ ධ්දඤඪජචබභඥ තඥමඥත එකක් තියෙනවද?
    මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
    අපි 9.35 වගේ තමයි, මාර්කට් එකත් පොඩ්ඩක් බලලා දාන්නේ. අපිට ඕඪඤ ටිකත් වැඩිපුර දෙන්න. කීයක් විතර දාන්නද හිතාගෙන ඉන්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    40 වගේ දැම්මොත්. කලුතර බෝධි කියලා පොඩි ඛ්භඵබධථඥප කෙනෙක් ඉන්නවා.
    මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
    නෑ නෑ මිස්ටර් ධර්මපාල ඔයාට ඕනෑ රේට්ස් දාන්න. මේ පාර ධ්දඤඪජචබඪධද කියලා එකක් නැහැ ඇත්තටම.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඡ්ර්ථීජ් එකේ මොනවා හරි බිල් ඇහුවා නේද? (වෙනත් කෙනකුගෙන් ඇසූ ප්‍රශ්නයකට පසු) මිස් ඡ්ර්ථීජ් ඕගොල්ලන්ගේ ඩිරෙක්ටි බිඩ් (ච්ඪපඥජබ ඕඪඤ) කරන්නේ නැද්ද?
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    ඕධ්ච් කරනවා
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා – කට්ටිය හෙන උඩින්නේ මේ එවන්නේ. මං බැලුවේ ඒකයි.
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    කවුද එවලා තියෙන්නේ?

    ලංකා බැංකුවේ ප්‍රධාන නිලධාරියා –
    මේ අපේ කස්ටම කෙනෙක්. එකෙක් එවනවා මිලියන 500ක් 10 ඳභචපබඥප
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    10 ඳභපචබඥප ද? හරි මිස්ටර් ධර්මපාල ඔයා දාන්න දාන විදිහකට.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    බිලියන 3ක් නේ. මේක වැදුණොත් එහෙම මේ මාර්කට් එක දෙයි හාමුදුරුවනේ කොහේ යයිද දන්නේ නෑ.
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය – මොනවා කරන්නද මිස්ටර් ධර්මපාල ඕවට ඹඩචබ බධ ඤධ? ඒ බිඩ් එක දාන්න. මිස්ටර් ධර්මපාල ඊඩචබ’ඵ ධඬ
    ලංකා බැංකු ප්‍රධානියා –
    10 ඳභචපබඥප නම් ධඬ කියමු. 12.5…
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    කවුද 12.5 දාලා තියෙන්නේ?
    ලංකා බැංකු නිලධාරියා –
    ඛ්භඵබධථඥප කෙනෙක් (සිනා) කියන්නේ නෑ මං මං එවන්නම්කෝ බඩු ටික.

    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    හරි හරි මිස්ටර් ධර්මපාල දාන්නකෝ අපි බලමු.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    හෙලෝ මැඩම් ලසන්ත
    මහ බැංකු නිලධාරිනිය –
    ඔව් ලසන්ත.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    විනාඩි 10ක් වැඩිපුර දෙන්න පුළුවන්ද?
    මහ බැංකු නිලධාරිනිය –

    විනාඩි 10ක් ද? ආ අපි දාන්නම්. දැන් වෙලාවත් එක්ක තව විනාඩි 12ක් විතර තියෙනවා. තව ඕන වෙයිද?
    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම –
    ඔව්. මැඩම් 11 පහුවෙලා තව විනාඩි 10ක් දෙන්න පුළුවන්ද?
    මහ බැංකු නිලධාරිනිය – ආ…. හරි … හරි අපි දෙන්නම්.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    ටිකක් වැඩිපුර එකක් ඇවිත් තියෙනවා ඒකයි.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    හලෝ මිස්ටර් ධර්මපාල ට්ධධඤ ර්ධපදදඪදඨ ධ්’ථ කසුන් ඩ්ඥපඥ
    ලංකා බැංකු නිලධාරී – ඩ්ඥතතධ ම්චඵභද
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    සර් මට විනාඩියක් දෙන්න පුළුවන් ද පොඩි දෙයක් අහන්න. මට මේ ඔප්ෂන් බිඩ් (ර්ණීනනබඪධද ඕඪඤ) එකක් දාගන්න පුළුවන්ද?
    ලංකා බැංකු නිලධාරියා –

    පුළුවන්, පුළුවන් එවන්න. ඇයි ඔයගොල්ලෝ දාන්නේ නැද්ද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    අපි දානවා සර්. පොඩ්ඩක් සෙට්ල් වෙන්න ලොකු ගාණක් ආවොත් එහෙම සර්ට දාලා ගන්න පුළුවන්නේ.?
    ලංකා බැංකු නිලධාරියා –
    හරි හරි මං කරලා දෙන්නම්. තහවුරුයි නම් දැනට අචබඥ එක මට කියන්න කෝ. මට බිඩ් එක එහෙම හදාගන්න ඕනනේ. මැනුවල් හදන්න ඕනනේ.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

    හරි මං සර්ට ටක් ගාලා ඊමේල් එකක් එවන්නද?
    ලංකා බැංකු නිලධාරියා – හරි ඊමේල් එකක් දාන්නකෝ ඉක්මනට.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම – සර් සර්ලත් ලොකු ගාණක් දානවා ඇති නේද?
    ලංකා බැංකු නිලධාරි –
    නෑ බං ඩිරෙක්‍ෂන් එකක් නැතුව කොහේ යන්නද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    නෑ බං කියන්නේ මං හිතුවා සර්ලා ඔක්කොම ටික දැම්මා කියලා.

    ලංකා බැංකු නිලධාරියා – අපි නෙමෙයි ඡ්ර්ථීජ් ඉන්නවනේ ඒකට. 9.35 දුන්නා කියලා තමයි කියන්නේ.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    මෑන් කතා කළානේ. ඊයේ කතා කරලා කිව්වා අවුරුදු දෙකකට පස්සේ තමයි ඔය කතා කළේ. බොන්ඩ් එක ගන්න 9.35 වගේ දෙනවා කිව්වා.
    හෙට ඔප්ෂන් එකට යනවා නම් ගන්නවා කියලා කියන්න. එහෙම කළේ 2012න් පස්සේ පළමුවෙනි වතාවට.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    ර්ථීතචජඥථඥදබ ර්ණීටටඥප කරපු එකද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

    නෑ. මං කියන්නේ කතා කරලා බොන්ඩ් ගන්න ඔප්ෂන් එකට දාන්න කියලා කිව්වා.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    ඔයා එහෙනම් මට බිඩ් එක ටක් ගාලා එවනවද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    මං සර්ට ඊමේල් එකක් දාන්නම්.
    වහ කුප්පි කතාව
    මහ බැංකු නිලධාරිනිය – හෙලෝ මිස්ටර් ධර්මපාල.
    ලංකා බැංකු නිලධාරියා – වහ කුප්පියකුත් එවන්න අපිට.
    මහ බැංකු නිලධාරිනිය – ආ….. (සිනා)
    මිස්ටර් ධර්මපාල ඒකයි මම කිව්වේ. අපි රේටින් ඉන්ඩිකේෂන් (අචබඪදඨ ධ්දඤඪජචබඪධද) දෙන්නේ නැහැ. මේකට ඕන ගාණක බිඩ් කරන්න කියලා අපි කිව්වනේ.
    ලංකා බැංකු නිලධාරියා – නෑ. නෑ. අපි දකින විදිහට නම් ඒක සදාචාරාත්මක නෑ. 9.35නේ.
    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල ඔයා මාව විශ්වාස කරන එකක් නෑ. අධිපතිතුමා කෙළින්ම දෙපාර්තමේන්තුවට ආවා. ඇවිත් කිව්වා ලංසුව මේ ප්‍රමාණයෙන් තියා ගන්න කියලා.
    ලංකා බැංකු නිලධාරියා – ඉතින් බලන්න. ඔයා කියන්නේ මට කතා කරගන්න බැරුව ඉන්නේ.
    මහ බැංකු නිලධාරිනිය – අපි දන්නවා මිස්ටර් ධර්මපාල
    ලංකා බැංකු නිලධාරියා – 9.35 අඩුම ලන්සුව අපි 12.5 එකත් එක්කනේ යන්නේ. ඒ කියන්නේ 315ට වැඩි අචදඨඥ එකක්.
    බිලියන එකක් දාපු ඔෆර් එකකට ඕගොල්ලෝ බිලියන 10ක්. මොකක්ද.? දැන් අපි අනිවාර්යෙන්ම අපේ රේට්ස් එහෙම වැඩි කරනවා.
    මහ බැංකු නිලධාරිනිය –
    ඔව්. මේක මාර ෂෝක් එකක් මාර්කට් එකට.
    ලංකා බැංකු නිලධාරියා – ඇයි එහෙම කරන්නේ ඉතින්?

    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල අපි කොච්චර කිව්වත් තීරණ ගන්නේ එයානේ.
    ලංකා බැංකු නිලධාරියා – නෑ නෑ අපිට තේරෙනවා. ඒත් මොකක්ද මේකේ පිටුපස තියෙන අරමුණ.
    මහ බැංකු නිලධාරිනිය – (සිනාසෙමින්) එයාගෙන් තමයි අහන්න ඕනේ. අපි මේක නැෂලයිස් කළා. ඒත් එච්චර ඇහුම්කන් දුන්නේ නෑ.
    ලංකා බැංකු නිලධාරියා – අපි ඇවිල්ලා රාජ්‍ය බැංකුනේ. අපිට තියෙනවා වගකීමක්. ජනතාව ආරක්‍ෂා කරන්න. ජනතාවගේ මුදල් ආරක්‍ෂා කරන්න.
    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල. ඔයා විශ්වාස කරන එකක් නෑ. අපිවත් හිතුවේ නෑ මෙච්චර යයි කියලා. අපි මේකට වඩා අඩුවෙන් තමයි ෆික්ස් කරලා තිබුණේ. එයා ආවා දෙපාර්තමේන්තුවට මොනවද මේ කරන්නේ? බිඩ් එක මේ ගාණට තියන්න කිව්වා. එයාට ඕන වුණේ ඒ සියලුම ලංසු අපිට ගන්නයි. මං කිව්වා සර් ඔහොම කරන්න එපා. එතකොට ඔක්කොම යයි. ඒත් අපි මොකද කරන්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    අපේ මුළු බැංකුවම අඥචතතර ඉඩධඬ. මාර්කට් එකම ෂොක්. මට මෙහෙම කටකතාවක් ආවා. ඊයේ මහ බැංකුවේ එක්කෙනෙක් ආවා මෙතැනට. එයා ඇවිත් මෙතැනට එයාට ඕන වුණේ. 750,000ක් ආයෝජනය කරන්න. එයාට වුවමනා වුණා ඒ බැඳුම්කර ගන්න. මං කිව්වා 750,000ක් දෙන්නේ නැහැ කියලා.
    මිලියන 5ක් වෙන්න ඕනෑ. සර් මෙහෙම කරන්න අපි බිඩ් එකක් දාන්නම්. වන් මිලියන් වගේ ඔයාට අරන් දෙන්න පුළුවන් කියලා. එයා කිව්වා නැහැ නැහැ කූපන් රේට් එක 12.5නේ. කුපන් රේට් එකට උඩින් ඔය බොන්ඩ් එක දානවා හෙට සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කියලා.
    මහ බැංකු නිලධාරිනිය –
    නෑ.

    ලංකා බැංකු නිලධාරියා –
    ඔව්. එයා එහෙම කිව්වනේ අපිට. මං කිව්වා මේ පිස්සෙක් වෙන්න ඇති යන්න කියන්න අපි ආවොත් අරන් දෙන්නම් කියන්න කියලා. ඒක හරි වුණා නේද? ඇත්තටම මේ ජොබ් එක දාලා යන්න හිතලා තියෙන්නේ.
    මහ බැංකු නිලධාරිනිය –

    ඔයා දන්නේ නෑ. මිස්ටර් ධර්මපාල, අපි කොච්චර පැහැදිලි කරන්න හැදුවද? මේක බෑ. අරක බෑ… එයාට කියලා. ඔයයි මායි අතරේ විතරයි මිස්ටර් ධර්මපාල. කාටවත් කියන්න. එපා. එයා ඉන්නේ අර ඉන්ටර්නැෂනල් අවබෝධයකින්. ජාත්‍යන්තර වෙළෙඳ අදහස්නේ. ඒකනේ මිස්ටර් ධර්මපාල. එයාට අපේ වෙළෙඳපොළ ගැන අදහසක් නෑ. අපි දන්නවනේ මෙහෙම දුන්නම මොකද වෙන්නේ කියලා.

    ලංකා බැංකු නිලධාරියා –
    සර්
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    අද වැදුනා නේද හොඳම බොන්ඩ් එකෙන්.
    ලංකා බැංකු නිලධාරියා –

    වැදුණා කියන්නේ අපි පොඩ්ඩයි දැම්මේ. ඒ වුණාට ඉතින් අචබඥඵ උඩ ගිහිල්ලනේ.
    සර් මේක නම් විනාශයක්.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඔව්. මං දැන් ච්ප. සමරතුංගටයි දෙන්නටම කිව්වා. රජයේ බැංකු ඕගොල්ලන් උදවු කරනවා. හැමවෙලේම ඕගොල්ලො….
    ලංකා බැංකු නිලධාරියා –
    සර් විශ්වාස කරන්න මට කතා කරගන්න බෑ. ඒ කියන්නේ කළුතර බෝධි එක කියන්නේ අපේ හොඳ ඛ්භඵබධථඥප නේ. ගිය සැරෙත් සර් ඔය බොන්ඩ් එක දීලා තිබුණා. මේ අය ඉබචබඥථඥදබ එකක් විදිහට 9.35 මෙහෙමයි 9.25 විතර වගේ තියලා අපි දාමු කියලා මං කිව්වා. මිලියන 8ක් වගේ තමයි දැම්මේ. කළුතර බෝධි. ඉතිං 9.35 බිඩ්. එක මං දැම්මා. ඊට පස්සේ පර්පචුවල් එකෙන් ආවා බිඩ්. ආවේ 12.50, 12.75, 13 වගේ. මං කිව්වා මල්ලි මේවා නම් වදින්නේ නෑ නිකම් දාලා වැඩක් නෑ කියලා. හරියට සර් පොඩි ඒවා නෙමේ. 12.5 බිලියන 3කට. ඊට යටින් තිබුණ ඔක්කෝම අරගෙන. මං සෙන්ට්‍රල් බෑන්ක් කතා කරලා කිව්වා මොකක්ද මේ කරපු වැඩේ කියලා. වහ බෝතලයක් එවන්න කියලා.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    මං කිව්වා ඕගොල්ලන්ට උදවු කරන්නේ රජයේ බැංකු, පහර වදින්නෙත් රජයේ බැංකුවලට කියලා.
    ලංකා බැංකු නිලධාරියා –

    ඉතින් අරගොල්ලෝ කියනවා අධිපතිතුමා කිව්වලු තියන ඔක්කොම බිඩ්ස් ගන්න කිව්වා කියලා. 12.5 විතරක් නෙමේ. ඊට උඩ තියෙන ඔක්කෝම බිඩ්ස් ගන්න කිව්වලු. පස්සේ කන්වෙන්ස් කරන්නම බැරි වුණාලු.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඊට පස්සේ අපි අපේ අචබඥඵ වලට ගැහුවම ඉවරයි.
    ලංකා බැංකු නිලධාරියා –
    ඔව් සර්. මං කතා කළෙත් ඒක තමයි. ලබන සැරේ ගහන කොට 10% විතර ගහමු. ඔක්කොම කතා කරලා ගැහුවම ඉවරයි.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –

    ඔව්. ධර්මේ. අනිත් එක තමයි බිලියන 5ක් මාස 3කට මෙහා දෙන්න බෑ නේද?
    ලංකා බැංකු නිලධාරියා –
    3 ථධදබඩඵ වලට බලන්න ඕනා. අද ර්ණීමඥප දඪඨඩබ ර්ණීනනබඪධද වලටත් 6.9 ලැබුණා. ර්ණීමඥප දඪඨඩබ ර්ථීධඵඵඪබඪධද එක ඩොලර් 10ක් වගේ තියෙන්නේ. අපි ච්චඪතර ඉභනනධපබ කරන්නම්.

    [rns_reactions]

  • ඒකාබද්ධයේ 2.50 ලියමනට පිළිතුරු නොදෙන්න ජනපති ප්‍රමුඛ ශ්‍රී ලනිපය තීරණය කරයි

    පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලනිප සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු ලබා නොදීමට පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට තිබේ.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මේ රැස්වීම පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසය.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද ඒ සඳහා ලිඛිතව ආරාධනා කොට තිබිණි.
    පළාත් පාලන මැතිවරණයට දෙපාර්ශ්වය එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ ආරාධනය කර තිබිණි.
    එහෙත් ඊට සහභාගි වීමට නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප කණ්ඩායම කොන්දේසි 7ක් ඉටු කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 42 දෙනකු අස්සන් කොට පසුගිය බ්‍රහස්පතින්දා (2දා) ශ්‍රී ලනිප මහ ලේකම් වෙත ලිපියක් යොමු කොට තිබිණි.
    සිකුරාදා පැවැති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සහභාගි නොවුණද ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම පමණක් සහභාගි විය.

    ශ්‍රී ලනිපයේ අපි සියලු දෙනා එකතු වනු දැකීම සාමාජිකයන්ගේත් ජනතාවගේත් ඉල්ලීමක් බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත. පාර්ශ්ව දෙකම එකතු වී යා යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් තමන්ට වරින් වර පැවැසූ බවද එහෙත් විස¼දා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙන බව ඔවුන් දැනුම්දීමක් කර තිබෙන බවද සිහිපත් කළ ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්දය නොඉල්ලන, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කිහිප දෙනෙක් දෙපාර්ශ්වයේ එක්වීමට බාධා කරන බවටද චෝදනා කොට ඇත.

    පැය දෙකකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙනි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කොට ඇති අතර දුර්වල දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු වේගවත් කිරීමටත් ඇතැම් දිස්ත්‍රික්කවලට සංවිධායකවරුන් පත් කිරීමේ අවශ්‍යතාවත් එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.
    මේ අතර බෙදී සිටින ශ්‍රී ලනිපය යළි සමඟි කරවීම සඳහා වන සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]