Author: Editor

  • පෙමට අවසාන ගරු බුහුමන් දක්වන්න දසුන්ගේ මළ ගෙදර නළුවෙකු සමග ගිය ශලනිට වෙච්ච දේ

    ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

    ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

    කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

    දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

    කෙසේ නමුත් ශලනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අස්ථාවේදී එහිසිටි බොහෝදෙනෙකුට ශලිනි අසලින් සිටි තවත් නළුවෙකු පිළිබද අමුතුම සැකයක් මතුවිය.එම නළුවා ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ හැසිරී ඇත්තේ ශලිනි තාරකාගේ පෙම්වතා ලෙසය.නමුත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රගපෑමක් බව වටහා ගන්නට එතරම වෙලාවක් ගතවුයේ නැත.

    කෙසේ නමුත් ශලනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැදී සිට එම දේහය පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත.

    [rns_reactions]

  • අන්තවාදී නිලධාරීන් නිසා  උපන් බිමෙහි ‘කල්ලතෝනින්’ වූ වේල්ලවාඩියේ සිංහල මිනිස්‌සු

    සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන
    සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ

    නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී ගොස්‌ය. හිරු දැනුදු වියරුය. එක සීරුවට අවට දවාලන්නේය. වළ ගොඩැලි සහිත දූවිලි පිරුණු මගෙහි ගමන් කිරීම ද තරමක්‌ අසීරුය. එහෙත් අප මේ දුෂ්කර ගමනෙහි නිරතව සිටින්නේ සොබාදහමේ වියරුව ගැන කියන්නට නොවේ. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෙළවරේම පිහිටි පැරැණි සිංහල ගමක්‌ ගැන කතාවක්‌ කියන්නටය. බැරි, බැරි ගානට ඉදිරියට ඇදුණු මෝටර් රථය ගම මැද අලුතින් ගොඩනැඟෙන විහාරය අසල නතර විය.

    දෙනෙත්හි රැඳෙන්නේ සිත් පහන්වන දසුනකි. ඒ ස්‌වාමීන්වහන්සේලා තුන්නමක්‌ ගිහියන් සමඟ හරි, හරියට ඉදිකිරීම් කටයුත්තක නිතර වී සිටින අයුරුය. ගිනියම් අහස යට, හිරු කොතරම් සැහැසි වුවද උන්වහන්සේලා එය බාධාවක්‌ කර නොගන්නාහ. පොල් අත්තක සෙවණට වහං වූ උන්වහන්සේලා සිමෙන්ති ගඩොලෙන් ඉදිකරමින් සිටින්නේ බෝධිඝරයකි. උන්වහන්සේලාගේ අත්උදව්වට ගමේ තරුණයන් පිරිසක්‌ ද එකතු වී සිටියහ. ගමේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ම එතැන සිටින බව දැනගත් විට අපේ සිත් සතුටින් ඉපිලිණි. අසල පොල් රුප්පාවක සෙවණට වූ අප ගිහි, පැවිදි වික්‍රමයේ අසිරිය විඳිමින් හිඳිමු.

    කෝරළයාපත්තුව වාලච්ෙච්න ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේල්ලවාඩිය කල්කුඩා සිංහල ගම්මානය පවුල් හාරසීයක්‌ පමණ ජීවත් වූ විශාල ගම්මානයකි. එක්‌ පසක්‌ මහ මුහුදට මායිම් වූ වේල්ලවාඩිය ගමේ බහුතරයගේ ජීවනෝපාය වී තිබුණේ ධීවර රස්‌සාවය. දකුණේ වාරකං කාලයට උතුරට සංක්‍රමණය වන ධීවරයෝ ද මේ ගම තාවකාලික වාසස්‌ථානයක්‌ කරගෙන සිටියහ.

    ”අපේ ගමේ පදිංචි වෙලා හිටිය හුඟ දෙනෙක්‌ මාතර, ගාල්ල ප්‍රදේශවලින් ආපු අය. අපේ සීයලා, ආච්චිලාත් මාතර මිනිස්‌සු. මම ඉපදුණේ මේ ගමේ. ඉස්‌කෝලේ ගියේ ගමේ පාසලට. මගේ දරුවෝ අටදෙනාම ඉගෙනගත්තෙත් ගමේ ඉස්‌කෝලේ. ලොකු දරුවො හතරදෙනාම කසාද බැන්දෙත් මේ ගමේදී. මගේ ලොකු පුතාව කොටි වෙඩි තියලා මරලා දැම්මෙත් මේ ගමේදීම තමයි. ඒත් අපි ගම දාලා ගියේ නෑ. කරදර මැද ජීවත් වුණා. අන්තිමේදී මගේ මනුස්‌සයටත් කොටි වෙඩි තියලා මැරුවා…” ඒ වේල්ලවාඩිය ගමේ වැඩිහිටි කාන්තාවකගේ හඬය. ඇය මේරිය. ඇයට වයස අවුරුදු හැට හයකි. කයෙන් දුර්වල වුවද සිතින් ඇය තවමත් ශක්‌තිවන්තය. මාළු දැල් ඇදීම රස්‌සාව කරගෙන සිටින ඇය තවමත් කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවත් වන්නීය. එහෙත් නොසිතූ මොහොතක ස්‌වාමියාගේ සහ පුතුගේ අකල් මරණ ගැන මතක්‌වීම ඇයගේ හදවතට බර වැඩි විය. කතාව මොහොතකට නතර විය.

    මුහුදට මායිම් වූ වේල්ලවාඩිය සිංහල ගම්මානය එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන්ට මහා හිසරදයක්‌ විය. විටින්, විට ගම මායිමේ රැකවලේ සිටි කොටි ත්‍රස්‌තවාදීහු ගමේ මිනිසුන්ව කපාකොටා මරා දැමූහ. එහෙත් ත්‍රස්‌තවාදීන්ට බිය නොවූ එඩිතර සිංහලුන් ගම අතහැර නොගියහ. ඔවුහු තම මුහුදු රස්‌සාව කරගෙන දරුමල්ලොත් උස්‌මහත් කරමින් ජීවත් වූහ. හිතට ධෛර්යය ගෙන මේරි අම්මා නැවත කතා කළාය.

    ”එදා මගේ මනුස්‌සයත් එක්‌ක වැල්ලේ හිටිය සේරම කොටි මැරුවා. මුහුදු ගිහිල්ලා ඇවිල්ලා මාළු බේර, බේර ඉන්නකොට තමයි කොටි වෙඩි තිබ්බේ. තරුණ කොල්ලො, බැඳපු මිනිස්‌සු සේරම පහළොවක්‌ විතර. කිසිම කෙනෙකුට දුවලවත් බේරෙන්න බැරි වුණා. හතරවටෙන්ම කොටි වට කරලා අපේ උන්ට වෙඩි තියනවා දැක්‌කා මහත්තයෝ… ඒත් අපි උන්ගේ තුවක්‌කුවලට බය වුණේ නෑ. මුළු ගමේම මිනිස්‌සු කෑගහගෙන වැල්ලට දිව්වා. ‘ඔයාල වෙඩි කන්න යනවද…’ කියලා හමුදාව අපිට යන්න දුන්නේ නෑ… පස්‌සේ හමුදාවෙන්ම මිනී ටික ගෙනත් එකම වළක වැළලුවා. ඒ විදිහට කිහිප සැරයක්‌ම තැන්, තැන්වල පොදි පිටින් අපේ මිනිස්‌සුන්වය මරලා ගියා. අපේ ගමේ හැම පවුලකම එකෙක්‌, දෙන්නෙක්‌ කොටින්ට බිලි වුණා. ඒත් ගම ඇතුළේ හමුදා කෑම්ප් එකක්‌ තිබුණු නිසා කොටින්ට ගමට ඇතුළු වෙන්න බැරි වුණා. ඒත් දවසක්‌ අපේ ගම සම්පූර්ණයෙන්ම කොටි වටලලා වෙඩි තියන්න ගත්තා. අපිට යන එනමං නැතිව ගියා. පස්‌සෙ නාවික හමුදාවේ ලොකු බෝට්‌ටුවක්‌ ඇවිත් අපිව ත්‍රිකුණාමලය වරායට ගෙනිහිං දැම්මා. අපි එතැන හිටියේ විශාල ශාලාවක. ටික දවසක්‌ යනකොට කොටි ඒකටත් ගහන්න පටන් ගත්තා. ඊට පස්‌සේ අපේ කණකර උගස්‌ කරලා ලොරි අරගෙන පොළොන්නරුවට ආවා. මට මතක විදිහට අපි පොළොන්නරුවට ආවේ 1990 අවුරුද්දේ. අවුරුදු එකහමාරක්‌ විතර පොළොන්නරුවේ අනාථ කඳවුරක ජීවත් වුණා. පොළොන්නරුවට යනකොට ගමේ ගොඩක්‌ම ගෑනු කණවැන්දුම්. මිනිස්‌සුන්ව කොටි මරලා. පොළොන්නරුව කඳවුරේ ඉන්නකොට අපේ මිනිස්‌සු එක, එක දිහාට විසිරිලා ගියා. දැන් අපේ ගමේ අය රට පුරාම ජීවත් වෙනවා…” මේරි අම්මාට දින වකවානු හරියට මතක නැත. එහෙත් මේරි අම්මාගේ කතාව නිවරැදි බව ගමේ පැරැණි දහදොළොස්‌ දෙනෙක්‌ම තහවුරු කළහ.

    එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු වූ වේල්ලවාඩිය ගම සුනාමිය විත් දෙකඩ කළේය. ගම මැදිකොට ගලාවිත් මුහුදට වැටුණු ආරුව මැදින් වැටී තිබූ පාළම සුනාමි රළට කැඩී බිඳී විනාශ වී ගියේය. පාළමේ කොටස්‌ නටබුන් සේ අදට ද ශේෂව තිබේ. පාළම පැවති ඒ ඉසව්ව ද සුනාමිය විසින් වගුරක්‌ බවට පත් කර ඇත. එහෙත් දැන් එම වගුර දිය සිඳී ගිය මුඩු බිමකි. මේ වන විට වේල්ලවාඩිය ගමේ සිංහල පවුල් සීයකට ආසන්න සංඛ්‍යාවක්‌ නැවත පදිංචි වී සිටිති. එහෙත් ගම එකතු කරන පාළම තවමත් සෑදී නැත. වේල්ලවාඩිය සිංහල ගම්මානයක්‌ බැවින් ඒ ගම එකතු කිරීමට ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයෙක්‌ හෝ නිලධාරියෙක්‌ පෙරමුණ නොගන්නා බවද ගම්මු අප සමඟ කීහ.

    ”මම තමයි, නැවත මේ ගමට මුලින්ම පදිංචියට ආවේ. 2009 අවුරුද්දේ මම එනකොට මහ කැලයක්‌. පස්‌සේ අපි කැලෑව එළිකරගෙන අපේ ගේ තිබුණු තැන පුංචි ගෙයක්‌ හදාගත්තා. ඒත් මේ ප්‍රදේශයේ අපිට කරන්න රස්‌සාවක්‌ නැති නිසා වැලිමඩ ඉඳලා මාසේකට දෙපාරක්‌ විතර මෙහේට ඇවිත් ඉඳලා ගියා. 2015 මාර්තු මාසේ අපේ අම්මා එක්‌ක, තවත් පවුල් එකොළොහක්‌ ගෙනත් ගමේ පදිංචි කෙරුවා. ඊට පස්‌සෙ ඒ පවුල්වල අය දන්න, දන්න විදිහට ගමේ පරණ මිනිස්‌සු දැනුවත් කරලා ගමට ගෙන්න ගත්තා. ඒ එක්‌කම තමයි දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන් වහන්සේ ගමට වැඩම කරලා මිනිස්‌සුන්ට උදව් කරන්න පටන් ගත්තේ. වියළි ආහාර බෙදා දුන්නා. නිවාස හදාගන්න සෙවිළි තහඩු, සිමෙන්ති බෙදාදුන්නා. ගම වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ගමේ හිටපු පවුල්වල දරුවන්ගේ දරුවොත් දැන් මේ ගමට ඇවිත් පදිංචි වෙලා ඉන්නවා. පවුල් පනස්‌ හතරක්‌ ලියාපදිංචි වෙලා ඉන්නවා. ලියාපදිංචි නොවිච්ච පවුල් විශාල සංඛ්‍යාවක්‌ ජීවත් වෙනවා. ගමේ සිංහල පවුලක්‌ ලියාපදිංචි වෙන්න ගියහම නිලධාරීන් ප්‍රශ්න වැළක්‌ දානවා. රස්‌තියාදු කරනවා. අපිට කරන තරමක්‌ කෙණහිලිකම්. මම හදාගත්ත ගේ කඩලා අපිව එළියට ඇදලා දැම්මා. ඒත් අපි ගමෙන් ගියේ නෑ. දැන් මම වෙන තැනක ගෙයක්‌ හදාගෙන මේ ගමේම ජීවත් වෙනවා. ගමේ මිනිස්‌සුන්ට රජයෙන් ගෙවල් හදන්න ආධාර දෙනවා.. ඒක දෙන්නේ දෙමළ මිනිස්‌සුන්ට විතරයි. සිංහල කිසිම පවුලකට නිවාස ආධාර දෙන්නේ නෑ. අඩුම තරමින් රජයෙන් දෙන වියළි සළාකයවක්‌ අපිට ලැබෙන්නේ නෑ. මේ ස්‌වාමීන් වහන්සේලා අපිට ගෙනත් දෙන එකක්‌ විතරයි…” යුද්ධයෙන් පසු වේල්ලවාඩියට ප්‍රථමයෙන් පැමිණියේ යෑයි කියන බ්‍රියටිස්‌ සිල්වාට දැන් වයස අවුරුදු හැට තුනකි. 1990 අවුරුද්දේදී ඔවුන් ගමෙන් පලාගොස්‌ ඇත්තේ ඇඳිවත පමණක්‌ අරගෙනය. සිල්වාගේ කතාවට ගමේ තවත් කාන්තාවන් කිහිපදෙනෙක්‌ම අඩු වැඩිය එකතු කළහ. ඒ සෑම කාන්තාවක්‌ම අප සමඟ පැවසුවේ ගමේ ග්‍රාම සේවක නිලධාරියාගේ සිට දිසාපතිවරයාට යනකම් සිංහල මිනිස්‌සුන්ට සිදු කරන අකටයුතුකම් ගැනය.

    ”මම ඉපදුණේ මේ ගමේ. ඉගෙනගත්තේ වේල්ලවාඩිය ඉස්‌කෝලේ. මට දරුවො හතර දෙනයි. දෙන්නෙක්‌ කසාඳ බැඳලා. එක්‌කෙනෙක්‌ ඉගෙනගන්නවා. අනිත් කෙනා උප්පත්තියෙන්ම ආබාධිතයි. ඇස්‌ පෙන්නේ නෑ. කතා කරන්න බෑ. ආබාධිත ළමයෙක්‌ ඉන්නවා කියලවත් අපිට කිසිම සහනයක්‌ නෑ. අඩුම තරමින් ගේ කෑල්ල හදාගන්නවත් ණය ආධාරයක්‌ දෙන්නේ නෑ… මගේ මහත්තයා මුහුදට ගිහින් කීයක්‌ හරි හම්බ කරගෙන එන එකෙන් බඩට කාලා ජීවත් වෙනවා… ඒ වේල්ලවාඩියේ පදිංචිකාරිණියක්‌ වූ සුනීතා මාලනී කියන කතාවය.

    වේල්ලවාඩිය ගමේ අලුත් පරම්පරාව මෙන්ම නැවත පදිංචිකරුවන්ගේ ජීවන වෘත්තීය ද ධීවර රස්‌සාවය. මේ වනකොට වේල්ලවාඩිය ගමේ ජාති බේද නැත. සිංහල තරුණියන් දෙමළ තරුණයන් සමඟ විවාහ වී සිටිති. දෙමළ මිනිස්‌සු සිංහල කාන්තාවන් සමඟ විවාහ වී සිටිති. දෙමළ බෞද්ධ පවුල් වේල්ලවාඩිය ගමේ බොහෝය. බෞද්ධ, කතෝලික කියා ආගම් බේද නැත. සාමාන්‍ය ජීවිතයේදී ඇති වන සුළු ප්‍රශ්නයක්‌ වුවද එවලේට පමණක්‌ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙත් අන්තවාදී කාලකණ්‌ණි නිලධාරීහු වේල්ලවාඩියේ සංහිඳියාවට අකුල් හෙළති. බිඳී ගිය පාළම අලුත්වැඩියා කර ගම එකතු කිරීමට බලධාරීන් මැලිවෙන්නේ ද සිංහල දෙමළ සංහිඳියාව තුළ ගොඩනැඟෙන සමාජ පරිවර්තනය දැකීමට ඇති කුහකකම නිසාය. ගෝත්‍රික අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩාවට පත්ව සිටින සිංහල මිනිසුන්ව නඟාසිටුවීමට දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ විශාල මෙහෙවරක නිරතව සිටින බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එහෙයින් වේල්ලවාඩිය ගමේ පරිවර්තන ක්‍රියාවලිය ගැන අපි උන්වහන්සේගෙන් කරුණු කාරණා විමසා සිටියෙමු. මේ දේවාලංකාර හාමුදුරුවන් අපට පැවසූ අදහස්‌ය.

    ”අද අපි මේ ගමට ආවේ අලුතින් ඉදිවෙන විහාර භූමියේ බෝධිඝරය බැඳලා ඉවර කරලා, අලුත්වැඩියා කරන වේල්ලවාඩිය පාසලේ වැඩකටයුතු බලලා යන්න. පාසලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම භාරගෙන කටයුතු කරගෙන යන්නේ මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම් නඟාසිටුවීමේ අපේ මේ වැඩසටහනට මහනුවර වජිරාරාම විහාරස්‌ථානයේ නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන් වහන්සේලා විශාල ශක්‌තියත් එකතු කරනවා. උන්වහන්සේලාගේ ශක්‌තිය නොලැබෙන්න අපිට මේ කර්ත්‍යවය කරගෙන යන්න බෑ. අපි මේ මිනිස්‌සු ගැන සොයා නොබලන්න අද මේ ගම නෑ. මම දැනහඳුනන ස්‌වාමීන් වහන්සේලා, දානපති මහත්ම, මහත්මීන්ගේ උදව් උපකාර ඇතිව මේ ප්‍රදේශවල සිංහල ගම්මාන රැසක මිනිස්‌සුන්ට ගෙවල් හදාගන්න අවශ්‍ය උපකරණ ලබාදුන්නා. කිහිපදෙනකුට සම්පූර්ණයෙන්ම ගෙවල් හදාදුන්නා. කෑම බීම, ඇඳුම් පැළදුම් ලබා දෙනවා. අදත් මහනුවර වජිරාරාම විහාරස්‌ථානයට අනුබද්ධ මානව පිළිසරණ පදනම මගින් මුළු ගමේම සිංහල, දෙමළ සෑම පවුලකටම වියළි ආහාර බෙදාදුන්නා. චම්පික රණවක මහත්තයා විදුලිබල ඇමැතිවරයා විදිහට ඉන්නකොට එතුමාට කියලා ගමට ලයිට්‌ අරන් දුන්නා. ඒ හැරෙන්න රජයෙන් කියලා මේ ගමේ සිංහල මිනිස්‌සුන්ට වියළි සළාකයක්‌වත් දීලා නෑ. අපි දෙයක්‌ දෙනවා නම් පංගු පේරු නෑ සිංහල, දෙමළ හැම පවුලකටම දෙනවා. මේ ප්‍රදේශවල දෙමළ නිලධාරීන් ළඟ ඒ මනුස්‌සකම නෑ. ගමේ පැරැණ සිංහල මිනිහෙක්‌ ඇවිත් තම ඉඩම ඉල්ලුවොත් නිළධාරීන් ‘හෙට එන්න… අනිද්දා එන්න… තව සතියකින් එන්න…’ කියලා විසිතිස්‌ වතාවක්‌ විතර ගෙන්නලා රස්‌තියාදු කරනවා. අමාරුවෙන් රුපියල් දෙදහක්‌, තුන්දාහක්‌ හොයාගෙන ගාල්ල, මාතර, තංගල්ල ප්‍රදේශවල ඉඳලා එන ඒ මිනිස්‌සු රස්‌තියාදු වෙලා යනවා. ඒ රස්‌තියාදුවට කුලී ගෙදරක ජීවත් වුණත් නැවත ඒ මිනිස්‌සු මේ ගමේ ඉඩම් හොයාගෙන එන්නේ නෑ. ඔස්‌ටින් ප්‍රනාන්දු ආණ්‌ඩුකාරවරයා ඉන්නකොට සිංහල මිනිස්‌සුන්ට තරමක්‌ හරි සහනයක්‌ තිබුණා. දැන් නම් ඇත්තේම නෑ. ප්‍රාදේශීය ලේකම්වරු, නිලධාරීන් අන්ත ජාතිවාදීන්. අහිංසක සිංහල මිනිස්‌සුන්ව තුට්‌ටුවකට මායිම් කරන්නේ නෑ…” දිඹුලාගල දේවාලංකාර ස්‌වාමීන්වහන්සේ කරන සමාජ සද්කාර්ය මල් වට්‌ටියක්‌ තබා පින් අනුමෝදන් කළ යුතු උත්තම පින්කමකි. විහාර මන්දිරවල සිට ‘අතහැරීම’ ගැන කතා කර ‘ධනය බලය’ පොදි බඳින ස්‌වාමීන් වහන්සේලාට දිඹුලාගල ස්‌වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්‌වාමීන්වහන්සේලා කරගෙන යන මේ සමාජ මෙහෙවර පාඩමකි. මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය හැරෙන්නට උතුර, නැගෙනහිර සිංහල මිනිසුන්ට වෙන කිසිදු සරණක්‌ නැති තරම්ය.

    සරණාගතයන් මුවාවෙන් රටට ඇතුළුවන කල්ලතෝනියෙක්‌ කෙරෙහි උණු වන සිංහල දේශපාලන හදවතක හෝ උතුර, නැගෙනහිර සිංහල අසරණයන් වෙනුවෙන් දයාවක්‌ ඇති නොවේ. රටේ බලධාරීන් ප්‍රසිද්ධියේ වචන පහක්‌ කතා කළොත් තුනක්‌ සංහිඳියාව ගැනය. එහෙත් උපන් රටේ උතුර, නැගෙනහිරදී සිංහල මිනිස්‌සු අන්තවාදීන් ඉදිරියේ කල්ලතෝනි බවට පත්වෙමින් සිටියදී බලධාරීහු මුනිවත රකින්නාහ. රටේ සංහිඳියාවේ තරම බලා ගැනීමට උතුර, නැගෙනහිර ජීවත් වන සිංහල මිනිසුන් අතරට යා යුතුය. අන්තවාදී නිලධාරීන් ඉදිරියේ පීඩිතව වකුටු වී සිටින ඒ අසරණයන්ගේ දුක ඇසෙන විට රටේ සිංහිඳියාව රෙදි පල්ලේ බේරෙන්නේය. අපට දුක උරුම රටේ මේ අසරණයන්ට කල්ලතෝනී ලෙස ජීවත්වීමට සිදුවීම ගැනය.

    [rns_reactions]

  • “චන්දිමාල් ඔබ වීරයෙක්” බිද වැටුනු ඉනිම ගොඩ ගත්තු සුපිරි ඉනිමක් , පතුරු ඇරපු බුකියම ගුණ ගයයි. .!

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවි ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහිදි ලකුණු 68කට කඩුලු තුනක් බිද වැටි සිටියදී පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 155ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. තරගයේ පළමු දිනයේ පළමු තරග වාරයේදීම පිටියට පැමිණි චන්දිමාල් , දෙවන දිනයේ අවසන් තරග වාරය දක්වාම නොදැවි පන්දුවට පහර දීම විශේෂයි.

    දිනේෂ් චන්දිමාල්ගේ මෙම ඉනිමට සමාජජාලා මාධ්‍ය වල ක්‍රිකට් රසිකයන්ගෙන් දැඩි ප්‍රශංසා ලැබි තිබුනු අතර එලෙස පලවූ ඡායාරූප කිහිපයක් පහතින් .!

     






    [rns_reactions]

  • ” අලුත බැදපු ජෝඩූව නිදන කාමරයේ කරන දේ බලන්න පොල් ගහකට නැගලා ” ලැබුනු අපූරු දඬුවම මෙන්න .!

    පොල් ගසක් මතට නැග නව ‍යුවළකගේ නිදන කාමරයට එබිකම් කරමින් සිටි පුද්ගලයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වෙනවා.

    තවමත් තරුණ වයසේ පසුවන මෙම පුද්ගලයා බොහෝ කලක පටන් රාත්‍රීයේදී වෙනත් පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් ජනෙල් කවුලු වලින් හා විදූරු වලින් එබී බලා සිටීමට ඇබ්බැහි වූවෙකු බවද සදහන්.
    මෙලෙස සිටියදී ඔහුගේ අසල්වැසි නිවසක තරුණ‍යෙක් මෑතකදි විවාහ වී තිබේ. මේ බව දැනගත් එම පුද්ගලයා අලුත විවාහපත් වූ නව යුවළ  නිදන කාමරයට එබිකම් කිරීමට ක්‍රමයක් සොයමින් සිට තිබේ.
    එම කාමරය අසළ පොල් ගසක් තිබෙන බවත් , එම පොල් ගස මතට නැගුනු පසු එම කාමරය තුල සිදුවන දේ බැලීමට හැකි යැයි සිතු ඔහු දින ගණනක සිට එම පොල් ගසේ බාගයක් පමණ උසකට නැග ජනේල් කවුලු වලින් කාමරය දෙසට බලා සිටීමට හුරුව තිබෙන බව සදහන්.
    නව යුවළ  නිදන  කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර  නිසා ජනේල් කවුලු තුලින් නොපෙනුනත්,  ඔවුන්  දෙදෙනාගෙන් ඉඳහිට  ඇහෙන  ආදර වදන් ඔහුට මිහිරිය.

    එදින රාත‍්‍රියේත් ඔහු මෙලෙස අලූත බැඳපු  ජෝඩුව නිදන කාමරය අසල තිබු  පොල්  ගසට නැග තිබේ. ඒ සුපුරුදු  කාර්යයේ  නියැළීමටය. ගතවුයේ  ස්වල්ප වෙලාවකි. අවශ්‍යතාවක් සඳහා නව යුවළෙන් එක් අයෙක් කාමරයේ විදුලි පහන  දල්වා තිබේ. විදුලි ආලෝකය නිසා පොල් ගස මත සිටින තමන් ඔවුන් දකිවී යයි බිය වූ පොල් ගස මත සිට කාමරයට එබිකම් කළ පුද්ගලයා මින් කොතෙක්  කලබල වූයේ දැයි කිවහොත් පොල්  ගසෙන් බැස්සා නොව ඉක්මනටම  ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ  සීරෙන බව පිළිබඳවත් නොසිතාය.  

    මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ  ඔහුගේ උදරය පොල් ගසට සිරී දරුණු ලෙස තුවාල වී තිබුනි. කොතරම්  වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන  සිය නිවසට දුව තිබෙන්නේ කෑගැසූනොත්  අත්වන ඉරණම ගැන සිතාය.

    වරදට දඩුවම ස්වභාව ධර්මය විසින්ම ඒ මොහොතේම ලබා දී ඇත්තේ එලෙසය

    [rns_reactions]

  • ලෝක ළමා දිනය අදයි – ළමයි වෙනුවෙන් වැඩසටහන් රැසක් නොමිලේ

    ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබෙනවා.

    මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු’ යන්නයි.

    සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතින බවත් එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බවත් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කරනවා.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කරන්නේ 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

    එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, “වර්තමාන සංකීර්ණ සමාජ ධාරාව තුළ දරුවන් රැක බලා ගැනීමේදී මා පියන් ඇතුළු වැඩිහිටි සෙනෙහස ලබා දීම අතිශයින් වැදගත් වේ. නමුත් මෙම සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතී. එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බව මගේ හැඟීමයි.

    දරුවන් හා වැඩිහිටියන් අතර ගොඩනැඟෙන එම දුරස්ථතාවය අවම කරගැනීමට නම් වැඩිහිටියන් විසින් විශාල කැපකිරීමක් කළ යුතුය. තම දෛනික කටයුතුවලදී සැළකිය යුතු කාලයක් දරුවන් වෙනුවෙන් කැප කිරීමේ අවශ්‍යතාවය පවතී. වර්තමානයේ බොහෝ දරුවෝ තම ඉලක්ක කරා ගමන් කිරිමේදී මවුපියන් සහ වැඩිහිටියන්ගෙන් ලැබිය යුතු එම අවධානය නිසි පරිදි නොලැබීම නිසා ඉලක්ක වෙතින් දුරස් වෙමින් පවතී. අපේ දරුවෝ අනාගතය ජය ගැනීමට නම් ඉලක්ක වෙත ළඟා විය යුතුය. එහි වැඩි බරක් දැරිය යුත්තෝ වැඩිහිටියෝ වෙති.

    කෙසේ වුව ද මෙම පරතරය අවම කරගනිමින් සාර්ථක සහ අපේක්ෂාවන්ගෙන් පිරුණු දරු පරපුරක් බිහි කිරීමට සියලු වැඩිහිටියන් සේ කැප වීම අත්‍යවශ්‍ය බව මම ප්‍රකාශ කරමි. එමෙන්ම 2017 ලෝක ළමා දිනයට මගේ සුබ පැතුම් පිරිනමමි.” යනුවෙනි.

    ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 01 වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්, වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සහ පාසැල් නිල ඇඳුමින් පැමිණෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන ප්‍රකාශ කරනවා.

    ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

    මීට අමතරව ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවුරුදු 18ට අඩු සියළුම දෙනාට එදිනට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව සලසා තිබෙන බවද සඳහන්.

    ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හක්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට අවස්තාව හිමිව තිබෙනවා.

    ලෝක ළමා දිනය වෙනුවෙන් අද පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර තිබෙන බවද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන වැඩිදුරටත් කියා සිටියා.

    [rns_reactions]

  • තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට – ජනපති මෛත්‍රී

    තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට ලබාදීම සෑම වැඩිහිටියකුගේම අපේක්ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව ද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලූ දරුවන්ට අත්කර දීම බවයි.

    පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතාව සපුරාලීමට රජය ප‍්‍රමුඛතාව ලබාදී ඇති බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව යමින් ළමුන්ගේ යහවර්ධනයට එරෙහිව පවත්නා සියලූ බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීම අප සැමගේ අපේක්ෂාව සහ වගකීමයි බවත් ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානය සහ සාමුහිකත්වය ද දිනා ගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 

    [rns_reactions]

  • ඉන්දියාවේ තෙල් වැඩි මිලට අපිට එපා.. රියදුරන් IOC ඉන්ධන හල් මගහරින්න සූදානම්

    IOC ඉන්ධන ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් බව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ රියැදුරන් පවසනවා.

    මෙම මස සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල IOC සමාගම විසින් ඉහළ දැමීමට තීරණය කිරීම මීට හේතුවයි.

    සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශ‍්‍රී ද සිල්වා පෙන්වා දෙන්නේ සුළු කරදරයක් සිදු වුවද සිය සාමාජිකයන් ඉන්ධන මිල අඩු  ඉන්ධන හල් වෙත යනු ඇති බවයි.

    සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ  IOC සමාගමට වැඩි මුදලක් ගෙවීමට සිය සාමාජිකයින්ද සූදානම් නැති බවයි.

    [rns_reactions]

  • වේගය මාරු කැඳවයි. 3ක් මරුට…

    කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි.
    තුවාල ලැබූවන් හම්බන්තොට  රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.
    කොළඹ කතරගම මාර්ගයේ තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා කතරගම දෙසට ධාවනය වු ත්‍රිරෝ ද  රථයක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් අනතුර සිදුව ඇත.
    ත්‍රිරෝද  රථයේ පස්දෙනකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

    [rns_reactions]

  • පුත්තලමට නැවතත් නියං තත්වයක අවධානමක්

    පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත්  පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නියං තත්වය දරුණු වෙමින් පවතින බවත් දැනට ජලය ලබා ගන්නා ළිංවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවෙමින් පැවතිම නිසා ඉදිරියේදි වැසි නොලැබුනහොත් එම ළිං වලට ජලය ලැබෙන ජල මුලාශ සිදි යාමේ දැඩි අවදානමක් පවතින බව හෙතෙම කියයි.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 13 ක ග්‍රාම නිළධාරි වසම් 132 ක් තුළ පවුල් 26418 ක සාමාජීකයින්  92449  පිඩාවන්ට පත්ව ඇති බව ඒ මහතා පවසයි.එය පසුගිය සතියට වඩා වැඩි වී ඇතැයි පැවසේ.

    ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදා හැරුනද දැනට ජලය ලබා ගන්නා ළිං තුළද ජල මට්ටම අඩුවිම බරපතල තත්වයක් බව ඒ මහතා පවසයි.

    [rns_reactions]

  • ෂාරුක් ඛාන් සිය පුතු වෙනුවෙන් මුල්තැන…

    ෂාරුක් ඛාන් හැමදෙයටම වඩා ප්‍රමුඛත්වය දෙන්නේ සිය පවුලට සහ දරුවන්ට බව සැමදෙනෙක්ම ඉතා හොඳින් දන්නා කරුණකි. මොන තරම් වැදගත් කටයුත්තක් වුවත් දරුවන් වෙනුවෙන් අත්හැර දැමීමට ඔහු පසුබට වන්නේ නැත.
    ෂාරුක්ගේ පුත් ආර්යන් පාපන්දු ක්‍රීඩා කරන අතර සිදුවූ අනතුරකින් ඔහුගේ නාසය කැඩුනේය. එය සකස් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කළහ. මේ ශල්‍යකර්මය ජුලි මස සිදුකිරීමට නියමිත වන අතර, ඒ වනවිට ෂාරුක් සිය අලුත්ම චිත්‍රපටය වන “ජබ් හැරි මේට් සෙජාල්” වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදීමට නියමිතය. එහෙත් ශල්‍යකර්මය සිදුකෙරෙන අවස්ථාවේ සිය පුතු අසල සිටීම සඳහා කෙසේ හෝ කාලය සොයා ගැනුමට ෂාරුක් මේ වන විටත් තීරණය කර අවසන්ය. එවන් කැප කිරීමක් තාත්තා කෙනෙකුගෙන් හැර අන් කවරෙකුගෙන් බලාපොරොත්තු විය හැකිදැයි තතු දන්නෝ අසති. “ජබ් හැරී මේට් සෙජාල්” එළබෙන අගෝස්තු 04දා සිට තිරගත වීමට නියමිතය. එහි ෂාරුක් සමග ප්‍රධාන චරිතයට පණ පොවන අනෙක් නිළිය වන්නේ අනුෂ්කා ශර්මාය.

    [rns_reactions]

  • ජනපති සමග සාකච්චාවෙන් පසු දොස්තර වර්ජනය අවසන්

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (24) දහවල් පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද එම සංගම කියයි.  විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ සෞඛ්‍ය අමාතයංශ පරිශ්‍රයේදී 21 වනි දා එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටපුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කළේය.

    [rns_reactions]

  • රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපති හමුවෙයි – තීරණය දන්වන්න මාධ්‍යයට එන්න කියයි

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (24) උදෑසන පැවැත්වුණා. 

    එහි දී සාකච්ඡා වූ කරුණු පිළිබ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් තවත් සුළු වේලාවකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. 

    මේ අතර මෙම සාකච්ඡාව අනූව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට නියමිත බවයි නිල නොවන වාර්තා අනාවරණය කළේ. 

    [rns_reactions]

  • සයිටම් වැහුවොත් වෙන්නේ කුමක්ද?

    ප්‍රමිතිය සැලකිල්ලට ගෙන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමූහොත් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක් ද වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

    සරසවි සිසුන්ට පසුගියදා කොළඹ දී එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

    රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

    [rns_reactions]

  • වර්ජනවලින් රජය බිය වැද්දිය නොහැකි බව ඇමති රවී කියයි

    වැඩවර්ජන සිදු කරමින්  ආණ්ඩුව බිය වැද්දවීමට නොහැකි බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

    ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස විවිධ පුද්ගලයින් අයුතු ලෙස භාවිත කරන බවයි ඔහු සඳහන් කළේ. 

    වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ කිසිදු පදනමකින් තොරව බවයි අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ. 
    මෙවැනි වැඩවර්ජනය සිදු කිරීමෙන් රට දියුණු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසුවා. 

    [rns_reactions]

  • කෝටිපතියන් දහදෙනාගේ සුරූපී දියණියන් මෙන්න..

    මේ කියන්න යන්නෙ අපේ අල්ලපු රටේ ඉන්න ධනවත්ම පුද්ගලයින් දහ දෙනාගෙ ලස්සන දියණියන් ගැන. ගෑනු ළමයින්ගෙ නම වයස එහෙම දැනගන්න ගොඩක් පිරිමි ළමයි ආසයිනෙ නේද..? ඒ හින්දා ඔන්න ඔක්කොම විස්තරේ තියෙනවා.

    [rns_reactions]

  • විශ්වවිද්‍යාල සිසුන් යහපාලන නිදහස් උපරිමයෙන් බුක්ති විඳි…(video)

    (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව  රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

    සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී  ඔවුන් අල්ලාගෙන පහර දී ඇති සිසුන් කැමරා ආම්පන්න හා පොලිස් හැඳුනුම්පත ද ඔවුන් බාරයට ගෙන තිබේ.

    පසුව කැමරාවේ මෙමරි කාඩ්පත හා බැටරිය හැර පැහැරගන්නා ලද සෙසු දේපොළ පොලීසිය වෙත යළි භාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
    [rns_reactions]