Author: Editor

  • මොරගහකන්ද ජලවිදුලි බලාගාරයේ විදුලිය උත්පාදනයට සියල්ල සූදානම්

    පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා

    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ.

    ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉන්ජිනේරුවෝ පවසති.
    ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජලවිදුලි බලාගාරයයි.

    මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර 4කින් විදුලිය නිපදවයි.

    මෙය මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.

    මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජල ධාරාව ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව නිකුත් කරන ජල ධාරාව අඹන් ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට මුදාහැරේ.

    මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132ක් උසකිනි. ජලාශයේ ජල ධාරිතාව මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙය සතුව පවතී.

    [rns_reactions]

  • මහපාරේ දොස්තරගේ දිවිල්ල මෙන්න…

    දගලේවෙල ප්‍රදේශයේ හරි අපුරු සිද්ධියක් වාර්තා වුණා එක තමයි ප්‍රයිවට් චැනල් එකක ඉඳල අහුවුණු වෛද්‍යවරයෙක් තමන්ගේ සෙරෙප්පු දෙකවත් නැතුව මහපාරේ දුවපු සිදුවීමක්. සිදුවීම මෙසේයි…

    දඹුල්ල – ගලේවෙල රෝහල ඉදිරිපිට තියෙන පුද්ගලික චැනල් මධ්‍යස්ථානයක මෙම වෛද්‍යවරයා මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට තිබෙනවා ඒ ඔහුගේ රෝහල් රාජකාරි කාල සීමාව තුලදී. අද දින වෛද්‍යවරුන් වර්ජනයක නිරත වන අතර තුර මෙසේ රාජකාරි කාලය තුල මුදලට ප්‍රතිකාර කිරීම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවකුට ආරංචි වීම නිසා ඔහු එය සොයා බැලීමට එම ප්‍රතිකාර කරන ස්ථානයට ගොස් තිබෙනවා. ඒ වෙලාවෙත් ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරයා තම හොර වැඩේ හසු වූ බව දැනගත් විගස කලබල වී තිබෙනවා.

    ඔහුගේ කලබලය කොතරම්ද යත් තම පාවහන් දෙකවත් දමා ගැනීමට අමතකව පාවහන් නොමැතිව  දඹුල්ල- කුරුණෑගල මහා මාර්ගයේ දිව ගොස් ගලේවෙල රෝහලට ඇතුළු වි සැඟවී ගොස් තිබෙනවා.

    එම සියලු සිද්දිය මාධ්‍ය වේදියා පටිගත කර ඇති අතර එය පහතින් ඔබටත් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • ජුලි පළමු වෙනිදා සිට සංශෝධිත බස් ගාස්තු මෙන්න

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා. 

    ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි. 

    ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නංවා තිබෙනවා. 

    මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ නංවා තිබෙන බවයි පැවසෙන්නේ. 

    ඒ අනුව මහරගම – ගාල්ල රුපියල් 410ක්, මහරගම – මාතර 500ක්, කඩුවෙල  – මාතර 520ක්, කොළඹ – මාතර 530ක්, කඩුවෙල – ගාල්ල 430ක්, කඩවත – මාතර 540ක් සහ කඩවත – ගාල්ල රුපියල් 440ක් වෙනවා.

    බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සම්පුර්ණ තොරතුරු මෙතනින් 

    [rns_reactions]

  • අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු වූ ආධුනික පොලිස් නිලධාරීන්ට සුබ මංගලම්…

    ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා. 

    2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ නිසි අවසරයකින් තොරව ඔවුන් විවාහ වී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

    ඒ සඳහා කොන්දේසි 04ක් පැනවීමට ද තීරණය කර තිබෙනවා. 

    නවක නිලධාරියෙකු ලෙස නැවත සේවයට බඳවා ගැනීම, ධාරිතා සංවර්ධන පාඨමාලාවකට යොමු කිරීම, සේවයේ නොසිටි කාලයට අදාලව පසුබිම් වාර්තාවක් ලබා ගැනීම හා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීම අදාල කොන්දේසි වනවා. 

    ඒවාට යටත්ව නැවත සේවයට එක්වීමට එකඟ වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබන මස 25 වැනි දාට පෙර පොලිස් මූලස්ථානය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

    [rns_reactions]

  • කරීනාගෙන් වසරකට එකයි.

    කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ.

    Veerey Di Wedding චිත්‍රපටයේ හිමිවූ චරිතය වෙනුවෙන් කරීනා සිරුර හැඩ කරගන්න හැමදාම ව්‍යායාම කරමින් වෙහෙසෙනවා.

    සෝනම් කපූර් හා ස්වරා බාස්කර් සමඟ තමයි ඇයට මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ.

    මේ තරම් මහන්සි වුණත් ඇය වසරකට එක චිත්‍රපටයක පමණක් රංගනයේ යෙදෙන්නටත් තීරණය කරලා.

    ආදරණීය මවක් විදියට පුංචි ටයිමුර් වෙනුවෙන් කාලය වෙන් කරලා ඔහු ළඟින්ම ඉන්න, ඇය මේ තීරණය ගන්නත් ඇති. ඒ කොහොම වුණත් කරීනාගේ රංගන හැකියාව නිසාම අමීර් ඛාන් වගේ අවුරුද්දකට එක නිර්මාණයක් විතරක් ඇය තෝරා ගත්තත් ඒ චිත්‍රපටය සාර්ථක වෙන බවට අධ්‍යක්ෂවරුන් මත පළ කරනවා.

    ශාලිකා රංගනී සමරදිවාකර

     [rns_reactions]
  • ගැබිනි කාන්තාවට රාගය අකැපද ?

    ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී.

    ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් එම පොතෙහි අඩංගුවේ.

    පිටු දාසයකින් යුත් මෙම කුඩා ග්‍රන්ථය ඉන්දියාවේ මාධ්‍යවේදීන්ට ද ලබා දී තිබේ.

    මෙම ග්‍රන්ථය මීට තෙවසරකට ඉහත දී මුද්‍රණය කර තිබෙන නමුත් පසුගිය බදාදාට (ජුනි 14) යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් එය යළිත් වරක් බෙදා හරිනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ලියන්නට පටන් ගත්හ.

    ගැබිනි මව්වරුන්ට සුදුසු – නුසුදුසු ආහාර සහ යෝගා ව්‍යායාම පිළිබඳවත් කළයුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත් කියවිය යුතු පොත්පත්, පැවැත්විය යුතු සමාගමයන් සහ නිතර දෙවේලේ බැලියයුතු පින්තූර පිළිබඳවත් උපදෙස් මාලාවක් මෙම පොත් පිංචේ අඩංගු වෙයි.

    එහි අඩංගු ඇතැම් උපදෙස් ඉන්දීය වෛද්‍යවරු විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇති නමුත් සියලුම උපදෙස් පිළිපැදීම බුද්ධි ගෝචර නොවන බව වෛද්‍යවරු පවසති.

    ගැබිනි මාතාවන්ගේ ආහාරයට පලතුරු, එළවලු සහ ධාන්‍ය වර්ග එක්කර ගන්නා ලෙස ලබා දී ඇති උපදෙස වෛද්‍යවරු අනුමත කරති.

    නමුත් බිත්තර සහ මස් මාංශ ආහාරයට නොගන්නා ලෙස ගැබිනි මව්වරුන්ට ලබා දී ඇති උපදෙස විවාදයට බඳුන් වී තිබේ.

    ඉන්දියාවේ හින්දු ජාතිකවාදී, භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුව සතු නිර්මාංශ ප්‍රතිපත්තිය ව්‍යාප්ත කිරීම සඳහා මෙම උපදෙස් ලබා දී ඇති බව විචාරකයෝ පවසති.

    එමෙන්ම මන්දපෝෂණය සහ රක්තහීනතාවය බහුල වීම හේතුවෙන් ඉන්දියාවේ මාතෘ මරණ ප්‍රතිශතය ලොව ඉහළම අගය බවට පත්වී තිබියදී මෙවැනි උපදෙසක් ලබාදීම ඉතා භයානක බවටද විවේචන එල්ලවී තිබේ.

    ඉන්දියාවේ ‘ආයුෂ් අමාත්‍යංශය’ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ යෝගා විෂය තුළ මාංශ ආහාර අනුභවය පිළිනොගන්නා බවය.

    ඉන්දීය මාධ්‍ය එම කාරණය පමණක් උලුප්පා දක්වමින් කටයුතු කරන බවටත් එම ග්‍රන්ථයේ අඩංගු අහිතකර ආහාර පිළිබඳව කතා නොකරන බවටත් ඔවුහු චෝදනා කරති.

    නමුත් මාධ්‍යයට අමතරව ඉන්දීය වෛද්‍යවරුන් ද මෙම උපදෙස් මාලාව විවේචනය කර තිබේ.

    දිල්ලි නුවර නාරිවේද විශේෂඥ වෛද්‍ය සෝනියා නායික් කියා සිටියේ “බිත්තර සහ මස් ආහාරයට ගන්න එපා කියල ගැබිණි මාතාවන්ට දෙන උපදේශයේ කිසිම හොඳක් වෛද්‍යවරයෙක් හැටියට මට දකින්න බැහැ. ඉතාම පහසුවෙන් ලබා ගත හැකි ප්‍රෝටීන ජනක ආහාරය තමයි බිත්තර. මගේ උපදේශය නම්, කවුරු උනත් ලැබෙන දෙයක් කාල පෝෂණය ලබා ගත යුතුයි.” යනුවෙනි.

    ‘ආයුෂ් අමාත්‍යංශය’ ලබාදෙන උපදේශය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් උපදෙස් මාලාවට ද පටහැනිය.

    ගැබිනි මාතාවන් යකඩ ඌනතාවයෙන් මිදීම සඳහා බිත්තර සහ මාංශ ආහාරයට ගතයුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    ගැබිණි මාතාවන් රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවට ලබා දී ඇති උපදෙස ද විවාදයට ලක් වී තිබේ.

    ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ගැබිණි සාමය තුළ ලිංගිකව එක්වීමෙන් හානියක් සිදු නොවන බවය.

    “හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ඇතැම් ගැබිනි කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකව ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඉහළ අවදානම් තත්වයක් සහිත ගැබ් ගැනීමක් නොවෙයි නම් අපි ඔවුනට උපදෙස් දෙන්නේ නැහැ ලිංගික කාර්යයෙහි යෙදෙන්න එපා කියල.” යනුවෙන් වෛද්‍ය සෝනියා නායික් පැවසුවාය.

    (BBC)

    [rns_reactions]

  • නිලුක්ෂි හැඩ වෙන්නේ මෙහෙමයි.

    මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන නිලුක්ෂි කලා කටයුතු රැසකින් ඉදිරියේදීත් දැකගන්න පුළුවන්.

    වැඩ ගොඩයි

    මේ දවස්වල ෆොටෝ ෂූට්, ෆැෂන් ෂූට් වැඩ කරගෙන ඉන්නවා. අලුත් වැඩ කීපයකට ආරාධනා ලැබුණා. අලුත් මියුසික් වීඩියෝ කීපයකටත් ආරාධනා ලැබුණා. ඒවා ගැන තාම හිතනවා.

    උදේට

    උදෙන්ම නැඟිටපු ගමන්ම මම වතුර වීදුරුවක් බොනවා. ඒක පුරුද්දක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් කරන්නේ උදේට කන එක තමයි. උදේට බත් කනවා හරිම අඩුයි. බොහෝ වේලාවට කෝර්න් ෆ්ලෙක්ස්, ඕට්ස් වගේ දෙයක් ආහාරයට ගන්නවා.

    දවල්ට

    දවල්ට එළවළු, මාළු එක්ක බත් කනවා. මට මාළු හෝ මස් වර්ගයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම එළවළු කීපයක් මැල්ලුමක් එක්ක බත් කනවා.

    රෑට

    රෑට කෑම ගොඩක් කන්න හොඳ නැති නිසා රෑට කන්නේ අඩුවෙන්. ඒත් රෑට බඩගිනි වුණු වේලාවට ජූස් වර්ගයක් හෝ පලතුරු කනවා.

    කොණ්ඩය

    මට තියෙන්නේ හොඳ කොණ්ඩයක්. ඒත් මම නිතරම ෆැෂන් ෂෝවලට යන නිසා හැමතිස්සෙම කොණ්ඩෙට මොනවා හරි කරනවා. ඒ නිසා කොණ්ඩය පිළිබඳව මම සැහෙන්න සැලකිලිමත්. ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔයිල් ටී්‍රට්මන්ට්, කන්ඩිෂනර් ටී්‍රට්මන්ට් කරනවා.

    ඇස්

    මගේ නංගි රෑට ඇස්වලට අල පෙති, පිපිඤ්ඤා පෙති තියනවා. ඒ නිසා නංගි එක්ක එකතු වෙලා මාත් ඒ වගේ ප්‍රතිකාර කරනවා. සාමාන්‍යයෙන් මම ඩොක්ටර් කෙනෙක් ලවා ඇස් පරීක්ෂා කර ගැනීම, සැලුන් ගිහින් ඇහි බැමි සකසා ගැනීම වගේ දේවල් කරනවා.

    දත්

    මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක මට මගේ දත් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම මම මාසෙකට සැරයක් වගේ දත් පිරිසුදු කරනවා. චොක්ලට් වගේ දෙයක් කෑවොත් අනිවාර්යයෙන්ම කට සෝදනවා.

    ව්‍යායාම

    ඉස්සර නම් මම ඩාන්සින් කළා. මගේ ඇඟ මේ තරම් හැඩ වුණෙත් ඩාන්සින් නිසා තමයි. මම කාලයක්ම කපිල පලිහවඩන සර් යටතේ ඩාන්සින් කළා. දැන් නම් ඩාන්සින් කරන්නේ නැහැ. ඒ වෙනුවට ජොගින් යනවා.

    දෑත් දෙපා

    අපේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නිසාම, අපි නිතරම අඩි උස පාවහන් දානවා. ඒ නිසා දෙපාවලට නියවලට සිදුවන හානිය වැඩියි. අනිත් එක නේල් පොලිෂ් හැමවිටම ගානවා. මම ඉඩ ලැබෙන හැම වේලාවකම නේල් පොලිෂ් අයින් කරලා දෑත් දෙපාවලට මෙනික්‍යු, පෙඩික්‍යු කරලා නිදහසේ ඉන්න ආසයි. ඒ වගේම අත් පාවලට මොයිෂ්චරයිසිනුත් ගානවා. මගේ නිය කොහොමත් ලස්සනට වැවෙනවා.

    මේක් අප්

    මම තෝරාගන්නේ හොඳ සන්නාමවල මේක් අප් පමණයි. හුඟක් වේලාවට ෆැෂන් ෂෝවලදී වුණත් මම මේක් අප් කරන්න කලින් බ්‍රෑන්ඩ් එක ගැන අහනවා. ලිප්ස්ටික්වලදී නම් මම තෝරාගන්නේ බ්ධපඤචදච ර්චබබඥ විතරයි.

    පිරිසුදුකම

    මම මේක් අප් කරන විට හුඟක් සැලකිලිමත් වෙනවා. අපි ෂෝවලට ගියාම සමහර වෙලාවට හැමෝම මේක් අප් කරන්නේ එකම මේක් අප් සෙට් එකකින්. ඒ නිසා තමන් ළඟ පෞද්ගලිකව භාවිත කරන්න ස්පොන්ජ් එකක් තියාගන්න අවශ්‍යයි. නැත්නම් ඇලර්ජි එනවා. මම නම් සමහර වේලාවට එයාලගෙන් අහලා තනියම මේක් අප් එක දාගන්නවා. ගෙදර ආපු ගමන් මම ඉක්මනට ෆේෂ් වොෂ්වලින් මේක් අප් අයින් කරලා ක්ලෙන්සර් කරලා ටෝනර් කරනවා.

    විලාසිතා

    මම ෆැෂන් ගැන හරිම සැලකිලිමත්. මම අඳින ඇඳුම හරි ගියේ නැත්නම් යන ගමන පරක්කු වුණත් මම ඇඳුම් සිලෙක්ට් කර කර ඉන්නවා. අනිත් එක මම ඇඳුම්වලදී බ්‍රෑන්ඩ් එක බලන්නේ නෑ. මට ගැළපෙනවා නම් මම අඳිනවා. ඇඟේ හැඩය හොඳට පේන ඕනම ඇඳුමකට මම කැමැතියි.

    හංසි ආටිගල

    ඡායා – අමිත තෙන්නකෝන්

    [rns_reactions]

  • පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ

    පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති.
    යුනියන් පෙදෙස පිහිටි එම අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ මන්ත්‍රීවරු පුංචි ඡන්දය කල් නොදමන්නැයි ඉල්ලති.

    [rns_reactions]

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වෙයි ?

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

    මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කරුණු විමසා සිටි අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි.

     

     

     

     

  • ‘‘පොලීසියේ සහ STF කාලකණ්නින්ට අද සිට ප්‍ර‍තිකාර නැහැ‘‘ – වෛද්‍යවරයෙක්?????? කියයි…

    සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු කළ ප්‍ර‍කාශයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා 

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් ඔහු කියා තිබුණේ ‘‘ පොලීසියේ හා stf කාලකණ්නින්ගේ රෝගීන්ට අද සිට ප්‍ර‍තිකාර කරනු නොලැබේ‘‘ යන්නයි.

    අදාළ වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ සේවය කරන්නෙක්.

    මේ අතර කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. 

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර ප‍්‍රකාශ කළා. කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ද ඒ අනූවයි.

     [rns_reactions]
  • අන්තරේ ගොන් මොරාල් එකට ගුටිකාපු, කැම්පස් ඇවිත් මාස 6න් විප්ලවකාරයෙක් වූ හැමෝම මෙන්න මේ ටිකත් කියවගෙනම පලයල්ලා…

    සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස් පළවී තිබුණි.එවන් පසුබිමක ෆේස්බුක් සමාජ ජාලයේ වේගයෙන් හුවමාරු වන සටහනක් අප ‘නෙත්‘ ගැටුණි මේ එම සටහනයි….

    ‘‘රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ 
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො ‘‘ කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි

    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ.. 

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද.. 

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා.අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.. නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්.. අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්. උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑඋද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..පිස්සො වගේ නොවී..මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ.

    [rns_reactions]

  • වැඩ්ඩො වැඩ පෙන්වයි. නිකමෝ දොඩවයි…ලොතරැයි මණ්ඩලයේ අදායම ඉලක්ක ගත ආදායමට වඩා ඉදිරියෙන්

    හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත. 

    සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා මේ වන විට 4%ක් ඉදිරියෙන් සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය අවුරුද්ද අවසානයේ 12% ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබියදීත් එහි ආදායම ගියේ මහා භාණ්ඩාගාරයට නොවන බවත් 50% බැගින් ජනාධිපති අරමුදලට සහ මහපොළ ශිෂ්‍යත්වයට බවද රොමේෂ් ජයවර්ධන මහතා පවසයි.

    [rns_reactions]

  • වර්ගීකරණය අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය තවත් පසුපසට

    ජාත්‍යන්තර Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව 2017 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 81 වන ස්ථානයට පත්වී තිබෙනවා.

    වාර්ෂිකව පවත්වන මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කටාර් එයාර්වේස් ගුවන් සේවයටයි.

    සිංගප්පූරු ගුවන් සේවය දෙවන ස්ථානයට පත්ව ඇති අතර තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ‘‘ ජැපෑන්  ඕල් නිපොන් ’’ ගුවන් සේවයයි. 

    Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව ඉකුත් වසරේ දී ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණේ 67 වන ස්ථානයයි. 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව 73 වන ස්ථානයේ පසු වුණා. කෙසේවෙතත් 2013 වසරේදී ශ්‍රී ලංකාව මෙ වර්ගීකරණය අනුව පැවැතියේ 68 වැනි ස්ථානයේයි.

    මෙම වර්ගීකරණයන් සඳහා ගුවන් සේවාවේ නම්‍යශීලිත්වය, පහසුකම්, ආරක්ෂාව, ගාස්තු අයකිරීම්, භාෂා භාවිතය වැනි කරුණු රැසක් පිළිබඳව අවධානයට ගනු ලබනවා.

    Skytrax ආයතනය 1989 වසරේ පිහිටුවා ඇති අතර එය බ්‍රිතාන්‍ය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. ලොව හොඳම ගුවන් තොටුපළවල් පිළිබඳවද මෙම ආයතනය විසින් වර්ගීකරණය කරනු ලබනවා. 

    [rns_reactions]

     

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස් ටෙස්ට් එකෙන් එක සහ දෙක දැක්කොත් ඔබ පුදුම වෙයි.

    ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් කනස්සල්ලට පත් කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝජ්‍යතාවය පිළිබඳවයි.

    මේ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කර බැලීමේ ඉසව්වක් ඊයේ පුහුණුවීම් අතර තුර පැවැතුණා.

    එහිදී සියලු දෙනා පුදුම කරමින් පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපලක්.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ද සිය අදහස් පළ කර තිබුණා.

    (එම වාර්තා පහතින් දැක්වෙයි)







    [rns_reactions]
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදේ 8.00 සිට වැඩ වරති..

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩවර්ජනයකට සුදානම්ව සිටි.

    හෙට(22) දහවල් පැවතෙන මධ්‍යමකාරකසභා රැස්වීමෙන් පසුව දින නියමයක් රහිතව අකන්ඩ වැඩ වර්ජනයක් දක්වා  යන බවට වැඩි දුරටත් සඳහන් කර සිටියා. ඒ අද(21) විශ්වවිද්‍යාල සිසුන් හට  පහර දීම මුල්කරගෙනයි.

    [rns_reactions]

  • සුසන්තිකාගෙන් ඇනගත් දයාසිරිට රිලව් කතාවකින් මාලින්ග පිළිතුරු දෙයි.

    පසුගිය දවසක ඔයාලට මතක ඇති, අපේ ක්‍රීඩා ඇමති විදිහට කටයුතු කරන දයාසිරි ජයසේකරා කිව්වා, ලංකාවේ කොල්ලෝ ටික මැච් පරදින්න හේතුව ඔවුන්ට නිසි වියායම් නොලැබීම හා බද වැඩිවීම හේතුවෙන් බවයි. ඔහු මෙයට විසඳුමක් වශයෙන් පැවසුවේ අපේ ජාතික පිලේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවයි. හැබැයි මේ පිළිබඳව මාලිංගගේන් අසු විට ඔහු දැක්වුයේ මෙවන් අදහසක්,

    ” දැන් යුද්ධ කාලේ ඉවරයි, දැන් ඉතින් ඇත්තටම ආමි එකට යන්න අවශ්‍යතාවයක් නෑ කාටවත්. ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොකක්ද කියන එක. ගිරවා තමයි බෙනේ හදා ගන්නේ. ගිරවට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා ඒ ගැන උත්තර දෙන්න ගියහම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි ඉන්දියාවට එරහි තරඟය දිනුවා, එතකොට අපි ඔක්කොම හොඳයි, ඔක්කොම ෆිට්. මැච් එකක් පැරදුනහම ඔක්කොම ෆිට් නැහැ ”

    [rns_reactions]