Author: Editor

  • ඥානසාර හිමිට යළිත් ඇප – පොලිසියට බැණුම්

    අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබෙනවා.

    කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්. අද (21) දහවල් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

    [rns_reactions]

  • පොලිසියේ පොත් වල සටහන් තබා අවලම් ගමනක් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදී…

    කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබයි.සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේය.

    හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී ඇත. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබේ.

    ඉන්පසුව එම කාන්තාවගේ නිවසට අද (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර ඇත.
    සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.

    පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

    තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දන්වා තිබේ.

    පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත් හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි  විජිත් අල්විස් මහතා කටයුතු කර තිබේ.

    රාජකාරියකට යන බවට පොලිසියේ පොත් වල සටහන් තබා මෙම සැරයන්වරයා  පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ නිල ඇදුමින් බව මූලික විමර්ශනවලදි හෙළි වී ඇතැයි කියැවේ.

    [rns_reactions]

     

  • වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනයට

    බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

    චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි සැකකරු තමන්ව දූෂණය කළ බවට වෛද්‍ය සිසුවිය පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.පසුගිය ජුනි 11 දා අත්අඩංගුවට පත් සැකකරු හා දුෂණයට පත්වූ බව කියන ශ්‍රී ලංකා තරුණිය ජංගම දුරකතනය හරහා කතා බහ කිරීම ආරම්භ කර ඇති අතර පසුව සැකකරුගේ දැනුම් දීම මත ඇය හෝටලය වෙත පැමිණ තිබේ.තරුණිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා ඇති අතර එහිදී තමන්ව දූෂණයට ලක්වූ බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි  

    [rns_reactions]

  • නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව හරි අඩක් අඩුවෙයි.

    නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.
    මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.
    නව සීමා නිර්ණ අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4500ක් යටතේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
    මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    [rns_reactions]

  • නවක වදය දුන් සිසුන් නවයකට පන්ති තහනමක්

    නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.
    මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.
    නව සීමා නිර්ණ අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4500ක් යටතේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
    මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    [rns_reactions]
  • ගුවන්විදුලි සංස්ථාවට දෙයියන්ගේම පිහිටයි.!!!! ලක්හඬ වලපල්ලට ඇද දැමු ධනුෂ්කට ගුවන්විදුලි සංස්ථාවේ ඉහල පුටුවක්.

    ලක්හඬ ආයතනයේ ධනුෂ්කගේ කෙරුවාවයි මේ…

    ධනුෂ්ක මහත්තයා ලක්හඬ ගුවන් විදුලියට අදාළව පළමු අඩව්ව අල්ලන්නේ ලක්හඬ නග්ගන්න කරන සමීක්ෂණය හරහා ය. අපට වාර්තා වී ඇති ආකාරයට ධනුෂ්ක මහත්තයා ඒ වෙනුවෙන් ලක්ෂ 5ත් 8ත් අතර මුදලක් වැය කර ඇත. අප කළ විමසීමේ දී ධනුෂ්ක මහත්තයා කිව්වේ අදාළ සමීක්ෂණය සඳහා වැය නොවූ බවය. කෙසේ වුවත් සමීක්ෂණය අවසන් වූයේ එතෙක් ලක්හඬ ගුවන් විදුලියේ ශ‍්‍රාවක ප‍්‍රසාදය මැනවින් දිනා සිටි පේ‍්‍රමතටාකය සහ ජෝති රාත‍්‍රිය යන වැඩසටහන් නවතා. එම වැඩසටහන් අද වෙනස් ආකෘතියකින් වෙනත් නාලිකාවක විකාශනය වන බව ධනුෂ්ක මහත්තයා නොදන්නවා ඇත. එපමණක් නොව ආයතනයේ ගුණාත්මකභාවය නංවන්නට යැයි කියමින් එහි සේවක සේවිකාවන් සහභාගි කරවාගෙන මාදුරුඔය විශේෂ කාර්යය බලාකා කඳවුරේ පැවැත් වූ වැඩමුළු සඳහා ද සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ ධනුෂ්ක මහතාමය. ඊට රුපියල් මිලියන 10කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් වැය කර ඇත. නිවේදක නිවේදිකාවන්ට කටහඬ පුහුණුවක් යැයි කියා ඒ වෙනුවෙන් වූ කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකුට රුපියල් 50000ක් ගෙවීමට මැදිහත් වී ඇත්තේ ද ධනුෂ්ක මහත්තයාමය. එසේම විනාඩියකටත් අඩු තේමා වාදනයක් වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත් වීමෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4ක්ය. එම තේමා වාදනයම නැවත නිර්මාණය කිරීමට ඔහු රුපියල් 254000ක මුදලක් ද වැය කර ඇත.

    මෙය ලක්හඬ ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේම මිනිත්තුවකට අඩු තේමා වාදනයක් වෙනුවෙන් වැයකළ වැඩිම මුදල වන්නට ඉඩ ඇත. එසේම ලක්හඬ ගුවන් විදුලියේ ඉතා කුඩා වපසරියක තීන්ත ආලේප කිරීම සඳහා ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 1.3කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද වාර්තා වෙයි. ඒ ද ලක්හඬ ඉතිහාසයේ තවත් වාර්තාවක්ය. මීට අමතරව S-5 සංකල්පය පිළිබඳ ආයතනයේ සේවක සේවිකාවන් දැනුවත් කරන්නට යැයි කියා එක්තරා හෝටයකට ඔවුන්ව ගෙන ගොස් මුළු දවසක්ම ගෙවා දම්මවා නැටූ නාඩගමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 4කට අධිකය. එසේම ප‍්‍රවෘත්ති ජිංගල් නිර්මාණය වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් 260000ක් සහ ආයතනය රීලෝන්ච් කරන්න යැයි කියමින් රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් අපතේ යැව්වේ ද ධනුෂ්ක මහත්තයාගේම මැදිහත් වීමෙන්ය. මේ සියලූ නාඩගම් අවසානයේ ලක්හඬ ගුවන් විදුලිය ධනුෂ්ක මහත්තයා වැඩ බාරගත් සමයේ තිබූ තැනවත් අද තිබුණා නම් හිත හදා ගන්නට තිබිණ. කෙසේ නමුත් සමීක්ෂණ දත්ත මත එදා 9වන ස්ථානයේ රැඳී තිබූ ලක්හඬ අද 14 වන ස්ථානයේය.

    මේ සියලූ නාඩගම් නැටීම අවසානයේ අවම වශයෙන් ලක්හඬ ගුවන් විදුලියේ ආදායම් පාර්ශ්වයවත් සරු වී තිබුණා නම් පොඩි එකාගේ ආසාවනේ කියා අපට ද නිහඬව ඉන්නට තිබිණ. නමුත් එසේ නිහඬ වන්නට නොහැකි වන්නේ ආයතනයේ ඉහළ ධුරයක් දරන අතර තුරම ආයතනයේ ආදායම් මාර්ග සමඟ සූදු කෙළින්නට ධනුෂ්ක මහත්තයා ක‍්‍රියාකර ඇති නිසාය. ඒ සූදුව වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ හිතුවක්කාරකම කොපමණ දැයි කියනවා නම් ආයතනයට ලක්ෂ 15ක් පමණ මුදලක් ලබා දී සිදු කරන ජාතික ලොතැරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය වීම නවතා දමන්නට තරම් එය දුරදිග ගොස් ඇත. ඒ වෙනුවෙන් ධනුෂ්ක මහත්තයා ජාතික ලොතරැයි මණ්ඩලයට ‘‘මිනිට්’’ ගසා දැනුම් දී ඇත්තේ ‘‘නව කළමනාකරු පැමිණි පසු මෙය ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරමි’’ යනුවෙන් දැනුම් දෙමින්ය. ඒ පිළිබඳ ධනුෂ්ක මහත්තයාගෙන් විමසූ විට ඔහු අවධාරණය කරන්නේ රූපවාහිනී වැඩසටහනක් පටිගතකර රාත‍්‍රී 9.00ත් – 10.00ත් අතර ගුවන් කාලය විකාශය කිරීම ශ‍්‍රාවක රුචියට හිතකර නොවන බවය. එහෙයින් එය වැඩ සටහනක් ලෙස විකාශය කිරීම තම අපේක්ෂාව වූ බවය.

    අවසානයේ සිද්ධ වූයේ ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය කිරීමේ අවස්ථාව ලක්හඬට අහිමි වී යාමය. එපමණක් නොව ධනුෂ්ක මහත්තයාගේ මේ මාර මොළය නිසා ලක්හඬ ගුවන් විදුලියට වෙළඳ දැන්වීම් ලබා දුන් සහ ඒ හා එක්ව ප‍්‍රවර්ධන කටයුතු සිදුකළ SLT ඩයලොග්, සෙලාන්, මෙල්වා, මල්ටිලැක්, ඩාලිබට්ලර් ආදී ප‍්‍රධාන පෙළේ ආයතන මේ වන විට ලක්හඬ සමඟ ඇති ගනුදෙනු අත්හිටුවා ඇත. මේ අයුරින් ආයතනයට ආදායම් ලැබෙන මාර්ග අහුරාලන ඒ වෙනුවෙන් මිනිටි ගැසීමට තරම් මොළය ඔද්දල් කරගත් ආයතන ප‍්‍රධානියකු ලෙස ද ධනුෂ්ක මහත්තයාගේ නම ලක්හඬ පමණක් නොව ලෝක ඉතිහාසයට ද එක්වනවා නොඅනුමනය.

    ඉතිං තත්වය මෙසේ තිබියදී ධනුෂ්ක රාමනායක මේ වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නව පත්වීමක් ලබා තිබෙනවා. අවසානයේදී අපටනම් කිවයුතුව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් දෙයියන්ගේම පිහිටයි යනුවෙනි…

    [rns_reactions]

  • ශ්‍රී ලන්කන් ගැන තීන්දුවක් ගන්නවා – ජනපති

    දෙනගම ධම්මික රණවීර
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, රවි කරුණානායක යන ඇමැතිවරුද එක්වී සිටියහ. පසුගිය සතියේ (13දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍ය අනුකමිටුවට කැඳවීමට තීරණය කළේද එදිනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධව ඉහත ප්‍රකාශය කොට ඇත්තේ එහිදීය.
     
    ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටු වාර්තාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කොට තිබේ.
     
    මෙහිදී ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිවුදෙනකුද අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත. ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමට විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතාගේ අනුමැතියෙන් තොරව සේවකයන් 1,200ක් බඳවා ගෙන ඇති බවද එහිදී අනාවරණය වී ඇත.
    [rns_reactions]
  • නිරෝෂාගේ නැටිල්ලට සැමියා අකමැතිද? පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

    දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස වගේම නර්තන ශිල්පිණියක ලෙස නිරෝෂා තලගල කා අතරත් සිත් දිනාගෙන සිටින්නියක්.පහුගිය කාලේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතර නිතර දක්නට ලැබුණු නිරෝෂා මේ දවස් වල නම් ටිකක් නිහඩ වෙලා වගේ තමයි පේන්න තියෙන්නේ.මේ පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි..

    නිරෝෂා අල්ලගන්නත් අමාරුයිනේ. දැන් ගොඩක් කාර්යබහුලයි වගේ?

    පසුගිය කාලේ නම් රංගන කටයුතුවලට ගොඩක් කාර්යබහුල වුණා. හැම නාළිකාවේම ගොඩක් වෙලාවට පේන්න හිටියා. වෙලාවකට හිතුණා පේන්න ඉන්නවා වැඩීද දන්නේ නැහැ කියලත්. ඒ නිසා මේ දවස්වල තෝර බේරගෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා. හාර කෝටිය ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. තවත් අලුත් නාට්‍යයක වැඩ ඉදිරියේදී පටන් ගන්නත් තියෙනවා.

    පේනවා වැඩි නිසාම විතර ද තෝරා බේරා ගැනීම් කරන්නේ?

    ඇත්තටම මට මේතාක් ලැබුණේ විවිධ චරිත. මට නොදැනීම මම චරිතාංග රංගන ශිල්පිනියක් වුණා. ඉතිං ඒ පසුබිමත් එක්ක මම කැමැති වුණේ නැහැ එහෙන් මෙහෙත් එන චරිත කරන්න. මට හරියන චරිත හම්බවුණෙත් නැති අවස්ථාවල ඔක්කෝම දේවල් බදාගෙන කරනවාට වඩා කරන වැඩ ටික පාඩුවේ කරගෙන යන එක හොඳයි කියලා හිතුවා.

    දැන් නැටිල්ලෙත් ඉවරයක් නෑ වගේ?

    මේ අවුරුද්දේ පටන් ගැන්ම එක්ක මම හිතුවා නර්තන කණ්ඩායමකට මුල් තැන දෙන්න ඕන කියලා. ඒ නිසා රිහර්සල්වලට අලුත් ළමයි පුහුණු කිරීම්වලටත් කාලය යොදවනවා. ඒ වගේම මේ දවස්වල නැකත් තිබෙන නිසා, වෙඩින්වලට නර්තන කණ්ඩායම සම්බන්ධ කරන වැඩත් තියෙනවා.

    නිරෝෂා නර්තන කණ්ඩායම නියෝජනය කරන්නේ අඩුවෙන්ද?

    නර්තන කණ්ඩායම සම්බන්ධ වෙන හැම ඉවෙන්ට් එකක්ම මම නියෝජනය කරන්නේ නැහැ. මම සහභාගි විය යුතුම තැනක් නම් තමයි මම එයට සම්බන්ධ වෙන්නේ. මම ඒ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍යද නැද්ද කියන එක සංවිධායකයන්ගෙන් අහලා බලනවා.මම රංගන ශිල්පිනියක් නිසා මට නටන්න පුළුවන් තැන් වගේම බැරි තැන් තියෙනවා. නටන්න බැරි තැන්වල මම නටන්නේ නැහැ.

    නිරෝෂා නම පාවිච්චි කරලා නර්තන කණ්ඩායම ගොඩදාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් නේද?

    මම මෙතුවක් කාලයක් එහෙම කරලා නැහැ. මම එනවා කියලා කිසිම වැඩකට නොගිහින් ඉඳලා නැහැ. මම වැඩක් භාර ගනිද්දී මාව ඒ තැනට ඕනද නැද්ද මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද බැරිද කියලා කලින්ම දැනුවත් කරනවා. කවදාවත් මම සම්බන්ධ වෙනවා කියලා නර්තන කණ්ඩායම ගොඩදාගෙන නැහැ. මම කරන වැඩේ හරියට කරනවා. කරන දෙයට බොරුවක් කරන්නේ නැහැ.

    නිරෝෂා නර්තන අංගයකට සම්බන්ධ වෙන්න ලොකු ගණන් ඉල්ලනවලු නේද?

    මෑත කාලයේ මම දැකපු දෙයක් තමයි නර්තන කණ්ඩායම් ගොඩක් අඩු මුදලට වැඩ කරනවා. නමුත් මගේ කණ්ඩායමේ ළමයින්ට හොඳ මාර්කට් එකක් වගේම හොඳ පිළිගැනීමක් හැදිලා තියෙනවා. මගේ ළමයින්ගේ ගාණ වැඩියි. මාව යම් වැඩසටහනකට අවශ්‍ය නම් මම ඒත් මුදලේ වෙනසක් කරනවා. මගේ නර්තන කණ්ඩායමේ අයකිරීම වැඩියි තමයි. නමුත් අපිට වැඩ අඩුත් නැහැ.

    නිරෝෂාගේ නැටිලිවලට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

    එයා කවදාවත් මට ඒ දේවල්වලට මුකුත් කියන්නේ නැහැ. මම මගේ ඩාන්සින් ටීචර්ගේ ගෘෘප් එකේ නර්තනවලට සම්බන්ධ වෙද්දී නම් එයා ටිකක් අකැමැති වුණා. නමුත් මගේම ටීම් එකක නටනවාට එයාගේ අකැමැත්තක් නැහැ.

    දැන් සැමියා ලංකාවට ඇවිත් නේ ඉන්නේ. ආයෙත් සැමියා විදේශගත වෙයිද?

    ආපහු එයාව ලංකාවෙන් යවන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.

    ඔය තීරණය ගත්තේ දැන් වෙන් වෙලා හිටියා ඇති නිසාද?

    ඔව්. දැන් දෙතැනක හිටියා ඇති. මම එයාට කිව්වා ආයෙත් විදේශගත වෙනවා නම් මාවත් එක්ක යන්න කියලා. එයා කැමැති නැහැ මගේ හැකියාවන් නැති කර ගන්නවට. ඒ නිසා අපි දෙන්නම ලංකාවේ ඉඳියි.

    සැමියා නිරෝෂාට තහංචි දාන්නෙම නැද්ද?

    එයා බිරියව හිර කරන සැමියෙක් නෙවෙයි. නමුත් එයාගේ එක්තරා සීමා මායිම් ටිකක් තියෙනවා. මගේ සීමාවන් තමයි එයාගේ සීමාත්. ඒ නිසා එයත් එක්ක ජීවත් වෙන්න මට පහසුයි.

    දැන් යන යන තැන සැමියාව එක්ක යනවාද?

    මම ෂෝවලට යද්දී එයා කැමැතියි මාත් එක්ක එන්න. ඒත් අපි කරන කාර්යය පුදුම කට්ටක් කාලා කරන වැඩක්. මම නර්තනවලට යද්දී හස්බන්ඩ්ට ඔහේ එහෙට මෙහෙට වෙවී ඉන්න සිද්ධ වෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම එයාව වැඩවලට එක්ක යන්න හදන්නේ නැහැ.

    තරුණ නිළියෝ මැදි වයසේ චරිත, මවකගේ චරිත කරන්න කැමැති නැහැ. හැබැයි නිරෝෂා පුංචි තිරයේ මවක් වෙන්න මැළි වෙන්නේ නැහැ නේද?

    යම් චරිතයක් කළාම ඒ චරිතයට ඒ කෙනාව කොටු කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. නමුත් මාව එහෙම කොටු වුණේ නැහැ. මම නර්තන ශිල්පිනියක් නිසා මාව සුන්දර විදියට බොහෝ දෙනෙක් දකිනවා. ඒ නිසා රංග භූමිකාවේදී මට විවිධ චරිත කරලා මගේ හැකියාව පෙන්වන්න පුළුවන් වුණා. ඒ වගේම අධ්‍යක්‍ෂකවරු මාව චරිතවලට කොටු කළෙත් නැහැ.


    [rns_reactions]
  • උගන්නන්න වියදම් කරන්නම් යැයි රවටා අවුරුදු පහලොවක සිසුවියට කල දේ…

    වයස අවුරුදු පහලොවක සිසුවියක් තාවකාලීක නවාතැන්පළකට රැගෙන ගොස් දරුණු ලිංගික අපයෝණයක් සිදු කල පුද්ගල‍යෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිසුවියගේ මවුපියන් දුම්මලසූරීය ප්‍රදේශයේ වත්තක මුර කරුවන් ලෙස සේවය කරනා දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන අතර සැකකරු ඔහුන්ගේ දියණියගේ අධ්‍යාපන වියදම් දරන්නම් යැයි කියා ඇය රදවාගෙන තිබේ.

    සිසුවියගේ මිතුරියකගේ මාර්ගයෙන් අපයෝජණය පිළිබදව ඇගේ පාසලෙ ගුරුවරුන් දැනගැනීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් පොලීසීයට පැමිණිලි කර තිබේ.

    [rns_reactions]

  • ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට  බාරවී තිබෙනවා. 

    උන්වහන්සේ අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වී තිබෙනවා. 

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර තිබුණා. 

    ඒ, පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. 

    [rns_reactions]
  • හොරකම් කරපු දේවල් බුක්ති විඳ විඳ ඒ අයට නිදැල්ලේ ඉන්න අපි රජය වශයෙන් අපි ඉඩ දෙන්නෑ—මහින්ද අමරවීර…

    පසුගිය කාලයේ රජයේ මහජන දේපොළ හොරකම් කරමින් රජ සැප විඳින පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. සමහර රජයේ නිලධාරින් වැඩ තහනමට ලක් වෙලා. ඔවුන් හිතනවා ඇති වැඩ තහනමට ලක් වුනාම සියලු දඩුවම් ලැබුනා, ප්‍රශ්නය එතැනින් ඉවරයි කියළා. නමුත් මම එකක් කියනවා. රාජ්‍ය දේපොළ කියන්නේ සඟ සතු කළ පුජා වට්ටියක් වගේ. ඒ අන්දමට මහජන හා රාජ්‍ය දේපොළ හොරකම් කරලා දැනට වැඩ තහනම් වෙලා ඉන්න කිසිදු නිලධාරියෙකුට වගේම දේශපාලනඥයින්ට අපි නිදැල්ලේ ඉන්න දෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නොවෙයි අවුරුදු හත අටකට හිරේ යවනවා. ඒ වගේම කොල්ල කාපු මහජන දේපොළ රාජ සන්තක කිරීමටත් අපි රජයක් වශයෙන් පසුබට වෙන්නේ නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා (16)  ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

    මහවැලියේ  නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයෙක් වශයෙන් කටයුතු කරපු නිලධාරියෙක් ගැන ලිපි ගොනු කිහිපයක් පසුගිය සතියේ කියවන්න ලැබුනා. ඔහු මහවැලි ඉඩම් කෝටි ගණනින් ඇතැම් පුද්ගලයින්ට විකුණලා අල්ලස් වශයෙන් කෝටි ගණනින් අරගෙන තිබුණා. දැන්  ඒ නිලධාරියා වැඩ තහනමට ලක් වී සිටිනවා. එක ඉඩමක් විකුණන්න මේ පුද්ගලයා රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් අරගෙන තිබුනා. ඒක ගන්න ඉඩම මිල දී ගත්ත ව්‍යාපාරිකයාගේ ගෙදරට යන කොට ඒ ගෙදර BMW කාර් එකක් තිබිලා තියෙනවා.

    මාත් හොයන්නේ මේ වගේ දෙයක් තමයි. මගේ පුතා හරි කැමැතියි මේ වගේ වාහනයකට . මට සල්ලි එපා මේ වාහනය දෙන්න කියළා ඒක ඉල්ලලා. BMW  කාර් එකක් කෝටි දෙකහමාරක් විතර වෙනවා. අර ව්‍යාපාරිකයා කියළා තියෙනවා. ඕක මිලයි නේ කියළා. එතකොට අර නිලධාරියා කියලා තියෙනවා ඒකට කමක් නෑ. මම අරං දුන්න ඉඩම කෝටි ගණනක් වටිනවානේ කියළා.
     
     එහෙම තමයි සමහර නිලධාරින් පසුගිය කාලයේ කටයුතු කර තියෙන්නේ. දැන් මේ නිලධාරියා වැඩ තහනම් වෙලා ගෙදර ඉන්නවා. ඒ වගේ තවත් නිලධාරින් ඉන්නවා හොරකම් කරපුවාට හරියන්න මගේ වැඩ තහනම් වුනානේ දැන් හරි, මගේ ප්‍රශ්න ඉවරයි  කියළා. 

    හොරකම් කරපු දේවල් බුක්ති විඳ විඳ ඒ අයට නිදැල්ලේ ඉන්න අපි රජය වශයෙන් අපි ඉඩ දෙන්නෑ. ඒ සියලු දෙනාම හිරගෙදර ඇරළයි නවතින්නේ. මහජනතාවගේ දුක සේ හරි හම්බ කරන දේවල් හොරා කාළා මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්ද කියළා මම අහනවා. 

     අනිත් එක තමයි. සමහරු කියනවා එහෙම නම් මේ රජයේ හොරුන්ට මොකද කරන්නේ කියළා. හොරකම නම් හොරකමම තමයි. ඒක අර රජයට මේ රජයට කියළා වෙනසක් නෑ. ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රජය යටතේ කිසිසේත්ම හොරුන්ට ඉඩක් නෑ. අපි මේ ආණ්ඩුව හැදුවේ පහුගිය රජයේ හොරු අල්ලලා මේ රජයේ හොරකම් කරන පුද්ගලයින් ආරක්ෂා කරන්න නොවෙයි. හොරුන්ට මේ  යහපාලන රජය යටතේ කිසිදු ඉඩක් නෑ. 

    සමහරු කියනවා. කෝ හොරු ඇල්ලුවාද කියළා.. පසුගිය රජයේ හොරු ගැනත්, මේ රජයේ හොරු ගැනත් දැන් විමර්ශන කෙරෙමින් තිබෙනවා. ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයක්. අපි රජයක් වශයෙන් අධිකරණ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. අධිකරණය විසින් නිසි වෙලාවට අවශ්‍ය තීන්දුව දේවි. එතකං අපි රජය විදියට ගත හැකි සියලු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. 

    මහබැංකු බැදුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කලේ මම. දැන් ඒ විමර්ශන කටයුතු ඉතා හොඳින් කෙරෙනවා. ඒ අනුව බැදුම්කර මගඩියේ නියම තොරතුරු දැන් ඕනැවටත් වඩා හෙලිවෙමින් තිබෙනවා.. ඒ නිසා  අපි රජය විදියට කිසිසේත්ම හොරු ආරක්ෂා කරන්නේ නැහැ. මහජන දේපොළ හොරකම් කරළා රජසැප විදින්න කවුරුන් හරි හිතනවා නම් ඒ අයට මං කියන්නේ ඒ අදහස කරුණාකරලා හිතෙන් අයින් කර ගන්න. හොරුන්ට නිසි දඬුවම් රජය වශයෙන් අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

    ඩබ්. එම්. ඩී. වන්නිනායක විසිනි

    [rns_reactions]

  • තිස්ස අත්තනායකට දුව බැලීමට අවසර

    විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාටඕස්ට්‍රේලියාවට යාම සඳහා මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනම අද මහාධිකරණය විසින් නැවත සළකා බැලූ අවස්ථාවේදී. 

    තිස්ස අත්තනායක මහතා ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ දියණිය බැලීමට යාම සඳහා මෝසමක් මගින් මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා.

      ඒ අනූව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මේ මස 23 වැනි දා සිට ලබන මස 12 වැනි දා දක්වා විදෙස් ගතවීමට අද අවසර ලබා දුන්නා.

    [rns_reactions]

  • තරුයා සිය දිවි නසා ගත්තේ ‍‍‍ඉන්දියාව මැච් එක පැරදුනු දුකට යැයි කියූ කතාව බොරුවක්.

    හැටන් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලා සියදිවි නසා ගත් පුවතක් වාර්තා වුනා. මේ තරුණයාගේ මරණයට හේතූව ශූරයන්ගේ කුසලානයෙන් ඉන්දියාව පරාජය වීම බව සමාජජාලා මාධ්‍ය වාර්තා කරත්, බී වසන්ත නැමැති 31 හැවිරිදි අදාළ තරුණයාගේ මරණයට සැබැ හේතූව සිය බිරිද සමග ඇති කරගත් පවුල් ආරවුලක් බව වාර්ථා වෙනවා.

    එලෙස වැරදි මතයක් සමාජගත වීමට හේතුව, සියදිවි නසා ගන්නා අවස්තාවේ අදාළ තරුණයා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියකින් සැරසි සිටීම බව අපට දැනගන්නට ලැබුණා.

    අදාළ තරුණයාගේ ඡායාරූප පහතින්

     

    [rns_reactions]

  • පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු ඇතුළු 14 දෙනකු පමණ පිරිසක් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවීම පක්ෂ නායකත්වය විවේචනය කිරීම, වෙනත් පක්ෂ පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඒ තුළට ඇද ගැනීම, ඇතුළු චෝදනා ගණනාවක් මෙම සාමාජිකයින්ට එල්ල වී තිබෙනවා.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ කඩ කරමින් ඊට පටහැනිව දිගින් දිගටම කටයුතු කරමින් සිටි මේ සාමාජිකයන්ට එලෙස නොකරන ලෙසට පක්ෂ නායකත්වය මෙන්ම මධ්‍යම කාරක සභාව කරන ලද දැනුම් දී තිබියදී දීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරිම නිසා මීළඟ ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡාකර මොවුනට එරෙහිව විනය පරික්ෂණයන් සිදු කළ යුතුය යන ස්ථාවරයකට එළඹී තිබෙනවා. මේ අනුව පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව විනය පරික්ෂණ ආරම්භ කරන ලදි.

    මේ අය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කිහිපයක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ඉතා කඩිනමින් මේ පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත ය.

    [rns_reactions]
  • බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. 

    නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බවයි. 

    සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

     
     [rns_reactions]