Author: Editor

  • දෙමල සන්ධානය දෙකඩ වීම නවතී..

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකි වූ බවද සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත.

    මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විහ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරමින් ලිපියක් යැවීමත් සමග මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්ෂ නායක වරයා තිරණය කර තිබෙන අයුරු පෙනී යයි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    [rns_reactions]

  • ජැක්සන්ට වැඩ වරදී…

    මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

    මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

    [rns_reactions]
  • ඇමති හැරිසන්ගේ ජනතා මුදල් අවභාවිතාවට එරෙහි ගොවි නායකයෝ FCID යයි

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

    පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් රුපියල් දසලක්ෂ පනස නවදහස් දෙසිය හැත්තෑ ලහයි ශත පනහක(රු. 1,059,275.50) මුදලක් අවභාවිතා කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් කර ඇත.

     

     

    [rns_reactions]

     

  • ආර්.සම්බන්ධන්ගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විග්නේෂ්වරන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දි තිබෙනවා.

    උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත යැවු ලිපියෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින්  සම්බන්ධන් මහතා එලෙස දැනුම් දි තිබෙනවා.

    අර්. සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ අමාත්‍යවරුන් වෙත පවතින ස්වාධීන පරීක්ෂණ වෙනුවෙන් තමන් කිසිඳූ බලපෑමක් නොකරන බවයි.

    විග්නේෂ්වරන්ට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව ඉවත් කරන ලෙසට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දැනුම්දෙන බවද එහි තව දුරටත් සඳහන් කර තිබෙනවා.

    ඉදිරියේදි විග්නේෂ්වරන් හමුවී සාකච්ජා කිරීමට සුදානම් බවද ආර්. සම්බන්ධන් මහතා අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

    [rns_reactions]

  • තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයි

    ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.

    අදාළ ඉල්ලා අස්වීම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තමන් ඉවත් වෙන බවයි.

    හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දීමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවී ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

    හැටන් නගරයේ කැළි කසල ගැටළුව විසදිමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදී ගත් තිරණ අදාල නිළධාරින් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වීම නිසා තමන් දරණ එම නිලයෙන් ඵලක් නොවන බව සඳහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    [rns_reactions]

  • වාහන මිල ගණන් පහලට…

    ජයේ නිලධාරියකු විසින් 2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබේ.

    මෙම නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 25,000/- ට වැඩි නමුත් ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර තිබේ.

    මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 ක් විය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

    [rns_reactions]

  • ලක්ෂ්මන් යාපාගේ අත යට සුපිරි ගැහිල්ලක් අතලඟ..!!

    බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ.

    කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර ගැනීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ඊට පෙරදින රාත්‍රියේ ඇමැති කබීර් හෂීම් මහතා විසින් එම කාමර නවයෙන් හයක්‌ තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය බව පවසමින් එය ලබාගත් නිසාවෙන් ඊට විරෝධය පළකළ ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා වැඩභාර නොගෙන මාතර බලා පිටත්ව ගියේය. ඉන් අනතුරුව තම අමාත්‍යංශයට කාමරයක් නැතිබව පවසමින් දිගින් දිගටම වැඩක් නොකොට මාතර වී සිටින අතරතුර අමාත්‍යවරයාට අළුත් පොටක් පෑදී ඇත.

    ගාල්ල ප්‍රදේශයේ තම මිතුරකුට අයත් කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් කෝටි ගණනකට තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල සඳහා මිලට ගැනීමයි. මෙම ගනුදෙනුව 50 ට 50 අතයට ගනුදෙනුවක් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති අතර මෙය එකවර සැක නොසිතන පරිදි කළ නොහැකි නිසා අද දින අඩුපාඩු මැද වුවත් වැඩ භාරගත් බව පෙන්වීම සඳහා වැඩ භාරගත් බවට වැඩිදුරටත් වාර්තාවේ. මෙම සැලැස්මට අනුව නුදුරු දිනයකදී මාධ්‍ය හමුවේ ලක්ෂ්මන් යාපා ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තම අමාත්‍යංශ කාමර සඳහා යන මිලගණන් පෙන්වා; එතරම් ධනස්කන්ධයක් ජනතාවට ඉතිරිකිරීම වෙනුවෙන් තම මෙවැනි ගොඩනැගිල්ලක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මිලදී ගන්නවා යැයි කිවහොත් එය අපට නම් කරුමක් මිස අරුමයක් නොවනු ඇත.

    [rns_reactions]

  • මීතොටමුල්ල කාබනික පෝර කම්හලේ වැඩ කොටඋඩ

    කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින් තිබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා එම ගොඩනැගිලිවල සවිකර තිබූ යන්ත්‍ර කොටසක් ගලවා ඉවත්කරගෙන ගොස් තිබෙන අතර කොටසක් කුණු කන්දට යටවී ගොස් ඇතැයි කියති. මීතොටමුල්ලේ අක්කර දෙකක පමණ භූමියක ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වසර දෙකක පමණ කාලයක් සාර්ථකව පවත්වාගෙන ගොස් පොහොර නිපදවීමක් කර පසුව අත්හැර දමා ඇත.

    කොලොන්නාව නගර සභාවේ පාලනය යටතේ තිබූ මෙම කාබනික පොහොර කම්හල වසා දැමීමට සිදුවූ හේතු සම්බන්ධයෙන් විමසූ විට කොලොන්නාව නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ගුත්තිල සිල්වා මහතා
    මෙසේ පැවසීය. කොලොන්නාව නගර සභාව කළ ඉල්ලීමකට අනුව 2010 වසරේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ මේ ගොඩනැගිලි ඉදිකළේ කසළවලින් පොහොර නිපදවීමේ අරමුණින් බව කියන්න ඕනෑ.

    වසර දෙකක පමණ කාලයක් පොහොර නිපදවා නගර සභාව ආදායමක් ලබාගත්තා. එවකට සිටි පරිසර ඇමැති පාඨලී චම්පික ඇමැතිතුමා මේ සඳහා අවශ්‍ය මුදල් ලබාදුන් බවත් කියන්න ඕනෑ. පසුව මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න ඉඩ ලැබුණේ නෑ. වෙනත් යෝජනා ඇවිත් කඩාකප්පල් වුණා. කොළඹ නගර සභාව යටතට කසළ අංගණය ගත්තට පස්සේ පොහොර කම්හල වැහිල ගියා. විශාල වියදමක් දරලා ඉදිකළ ගොඩනැගිලි හතර දිරාපත් වෙමින් තිබෙනවා. මේ ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන ගියේ නම් කුණු ප්‍රශ්නය දිග්ගැසෙන්නේ නෑ.

    මේ වනවිට කොලොන්නාව නගර සභාවට කසළ දාන්න ප්‍රදේශයේ තැනක් නෑ. මීතොටමුල්ලට නැවත කුණු දාන්නත් බෑ. නමුත් මේ ගොඩනැගිලිවලින් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ.

    හිටපු නාගරික මන්ත්‍රී සාලිය වික්‍රමසිංහ මහතා:
    පිළිසරු ව්‍යාපෘතියට නිසි සහයක් ඉහළ තැන්වලින් නොලැබුණු නිසා එය නතර කරන්න සිදුවුණා. ගොඩනැගිලි හා යන්ත්‍ර විනාශ වුණා. කොලොන්නාව නගර සභාව එයට වන්දියක් ඉල්ලුවා. කොළඹ නගර සභාවට අපේ විරෝධය පළකළා. පසුව තවත් ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නා.

    කොම්බිටෙක් කියන ජර්මන් තාක්ෂණයට අනුව කසළවලින් ගෑස්, විදුලිය, පොහොර හා අයිස් හදන්න සැලසුම් කරලා තිබුණා. භූගත ක්‍රියාවලියක් මගින් කර්මාන්තය කරන බව ඒ ගැන දැනුම තිබූ අය කිව්වා. මේ වැඩපිළිවෙළට ඒකමතිකව සියලු මන්ත්‍රීවරු කැමැත්ත දුන්නා. ජර්මනිය සියයට 75ක අරමුදල් දෙනවා කිව්වා.

    මේ කර්මාන්තය සඳහා අක්කර 3ක ඉඩමක් ඕනෑ වුණා. අපිට ඉඩමයි කසළයි දෙකම තිබුණා. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම නොදී සිටියා. ගොවිජන සේවා අධිකාරිය සහාය දුන්නේ නෑ. ඒ නිසා ඒ ව්‍යාපෘතියත් කෙරුණේ නෑ. සමහරු කිව්වා පාරිසරික ප්‍රශ්න එනවා කියලා. සෞඛ්‍යයට තර්ජනයක් කිව්වා.

    කසළ කළමනාකරණය සඳහා ගෙනා හොඳ යෝජනා සියල්ල කඹ ඇදීම් නිසා කෙරුණේ නෑ. කසළ ගොඩගහලා තියලා වැඩක් නෑ. කොලොන්නාවේ කර්මාන්ත කලාපයක් කරන්න තිබූ තැන මේ වනවිට අවදානම් කලාපයක් වෙලා. එය කනගාටුවට කරුණක්.

    පිළිසරු ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ගොඩනැගිල්ලට සිදුවූ හානිය ගැන පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. කොළඹ නගර සභාවටත් මේ ගැන දන්වලා තිබෙනවා. ඒ අතර පරිසර අධිකාරියටත් දන්වලා තිබෙනවා. ඔවුන් මෙහි තක්සේරු වටිනාකම ලබාදෙනවා කියලා අපිට කිව්වා. එය තවමත් ලැබුණේ නෑ.

    එය ලැබුණ පසු වන්දියක් ඉල්ලන්න කටයුතු කරනවා යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොලොන්නාව නගර සභාවේ ප්‍රධානියෙක් පැවසීය.

    [rns_reactions]

  • විග්නේශ්වරන්ට පක්ෂව හා විපක්ෂව පිරිසක් අතර දැඩි උණුසුම් තත්වයක්!

    උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් අත්තනෝමතිකව උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම් මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් කියමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහඇමති වරයාට විරුද්ධව වව්නියාවේ විරෝධතාවක නිරත වූහ.

    වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව ආසන්නයට උතුරු මහඇමති විග්නේෂ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණි අදාල විරෝධතාවට විරෝධය පෑමත් සමග දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.

    උතුරු මහඇමතිට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පලාත් සභාවේ අමාත්‍ය වරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී උතුරු මහඇමති වරයා විසින් අනෙක් අමාත්‍ය වරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවටත් වහාම එම තීරණය ඉවත් කර ගත යුතු බවටත්ය.

    එම අවස්ථාවේදී අදාල විරෝධතාව ඉදිරිපිටට පැමිණී උතුරු මහඇමතිට පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ කියා සිටියේ උතුරු පලාත් සභාවේ සිටි දූෂකයින් පලවා හැරීමට උතුරු මහඇමතිගේ තීරණය අගය කරන බවටත් උතුරු මහඇමති විග්නේෂවරන් ඉදිරියටද මහඇමති වශයෙන්ම සිටිය යුතු බවටත් එතුමන්ට එරෙහිව කිසිවෙකුටත් එරෙහි වීමට ඉඩ නොතබන බවටයි.

    කෙසේ වෙතත් දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති දැඩි උණුසුම් තත්වයක්ද ඇති වූ අතර පසුව එය ගැටුමක් වීමට ගිය අවස්ථාවේදී වව්නියාව පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කරන ලදි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    [rns_reactions]
  • නැවත දැනුම්දෙන තුරු පෞද්ගලික රෝහල්වල රුධිර පරීක්ෂණ අද සිට පහලට

    පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. 

    පවතින තත්ත්වයත් සමග සිදු කරන රුධිර පරීක්ෂණ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

    මෙම තීරණයත් සමග රෝගීන්ට වඩා පහසුවක් හිමිවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ. 

    රජය විසින් තීරණයක් අරන් තිබෙනවා ඩෙංගු රෝගය සඳහා කෙරෙන පූර්ණ රුධිර පරික්ෂාව රුපියල් 250ක උපරිමයකට සීමාවක් පණවන්න. නැවත දැනුම් දෙන තුරු. 

    ඒ වගේම මේ ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව රුපියල් 1000කට සීමාකර තිබෙනවා. 

    මේ පිළිබඳ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා. 

    මෙම මිළ සංශෝධනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

    [rns_reactions]

  • කොළඹ මහනගර සභාව දොයි….

    කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා. 

    ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා ඇත්තේ එම තත්ත්වය බවයි ඔවුන් පවසන්නේ. 

    එහෙත් කොළඹ මහනගර සභාව සඳහන් කරන්නේ ජනතාව නිසි පරිදි කසල වර්ගීකරණය කර බැහැර නොකිරීම හේතුවෙන් ගැටළුව තවත් වර්ධනය වී ඇති බවයි. 

    කොළඹ නගරයේ එක් රැස්වී ඇති කැළි කසල හා අපද්‍රව්‍ය හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිඛෙනවා. 

    ඒ අග්‍රාමාත්‍යවරයා කොළඹ නගරයේ කැළි කසල ගොඩ ගැසී ඇති ස්ථාන කිහිපයක සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි. 

    අද දිනයේ ද කැලි කසල ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි කොළඹ මහනගර සභාව කියා සිටියේ. 

    [rns_reactions]

  • පාක්ෂිකයාට වන අසාධාරණය වෙනුවෙන් කථා කල බස්නාහිර පළාත්සභා එජාප මන්ත්‍රී දොට්ට….

    මේ ඔහු තම ෆේස්බුක් පිට්ටුව  මත පල කල අදහසසයි…

    “එක්සත් ජාතික පක්ශයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ කුමක්ද?

    පාක්ශිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩනැගීම හා රජයේ මැති ඇමතිවරැන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ශ සාමාජිකත්වය අත්හිටවු බවට එක්සත් ජාතික පක්ශ නායක ගරැ රනිල් වික්‍රමසිංහ මහතා ⁣විසින් මා හට දැනුම් දී ඇත.

    කුමන අභියෝගය පැමිනියත් හෘදශාක්ෂියට එකගව ක්‍රියා කිරීම හරහා ඕනෑ තරම් බැටකා පුරැදු මාහට ඇති එකම කණගාටුව නම්, රටට හෙන ගැසුවත් තම දේශපාලන බලය ස්ථාපිත කරගැනීමට වෙර දරන ජනපති වරයකු යටතේ, එක්සත් ජාතික පාක්ශිකයා හා සාදාරනය අමතක කරමින්, අද අප පක්ශය ගමන් කරන දිශාව පිලිඹදවයි.

    නැති බැරි මිනිසුන් ඇති හැකි කල, අභිමානවත් නායකයන් බිහිකල එක්සත් ජාතික පක්ශය, ප්‍රභූ පංතියේ මිතුරන්ට ආවඩන, කශේරැකාවක් නොමැති, එහෙයියන් ගොට්ටන් පිරැනු ගව මඩුවක් බවට පත් කීරීම හරහා ඉදිරියේදී රටට හෝ පක්ශයට ජයග්‍රනයක් බලාපොරොත්තු විය හැකි දැයි පක්ශයට ලැදි සියලු දෙනාටම සිතා බැලීමට කාලය එලඹ ඇත.”

    අනුරාධ විමලරත්න.
    කොළඹ දිස්ත්‍රික් මංත්‍රී (එ.ජා.ප)
    බස්නාහිර පලාත් සභාව.

    [rns_reactions]

  • බලධාරීන් දොයි. උසස්පෙළ සිසුන් 700ක් පැදුරේ හිඳ අකුරු කරයි..

    බුද්ධික කුමාරසිරි)

    හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති.

    ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයට එම විද්‍යාලයෙන්ම පෙනී සිටි සිසුන් 673 දෙනකුගෙන් 668 දෙනෙකුම  විශිෂ්ඨ ලෙස සමත් වූ සමත් වූ තම දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමෙන් තම දරුවන් දැඩි කම්පනයට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.

    2010 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ උසස් පෙළ පංති පැවැත්වුවද විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට උසස් පෙළ පංති සදහා යොමු කෙරෙන පළමු අවස්ථාව මෙය බැවින් විශාල සිසුන් පිරිසක් එකවර විද්‍යාලයට ඇතුළත් වී ඇති බවත් ඔවුහූ පවසති.

    අවශ්‍ය ඩෙස් පුටු සංඛ්‍යාව පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වසර එකහාමාරකට පෙර දැන්වූවද මෙතෙක් ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි විද්‍යාලයීය සංවර්ධන සමිතියේ නිළධාරියෙක් පැවසීය.
    මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගෙන් කළ විමසීකදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මේ ගැන මාධ්‍යයට කිසිවක් පැවසීමට නොහැකි බවත්ය

    [rns_reactions]
  • රඹුටන් ලෙල්ලෙන් හොරා ඇල්ලුවේ මෙහෙමයි…..

     

    නිවෙසක් මංකොල්ල කා පලාගිය සොරෙකු , රඹුටන් ලෙල්ලකින් අල්ලා ගත් පුවතක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. උඩුගම දකුණ පියතිලක මාවතේ නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන් අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ ආටිස් විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබේ.

    13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි මිදුලේ දමා
    ඇත. ඊට පසු නිවෙසට ඇතුළු වූ මොහු එහි තිබූ මුදල් හා රන් අබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබේ.

    මේ සොරකම පිළිබඳ නිවෙසේ අයිතිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නමැති නිල සුනඛයා මෙම ස්ථානයට ගෙන ගොස් ඇත. එහිදී නිල සුනඛයා භාර පොලිස් නිළධාරී මහතාගේ මෙහෙයවීම මත එහා මෙහා ගිය සුනඛයා මිදුලේ තිබූ රඹුටන් ලෙලිවලට ඉව අල්ලා තිබේ. ඉන් පසු එම රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලමින් ඉදිරියට ගිය ආටිස් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකුට කඩා පැන ඇත. ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    මේ විශ්මයජනක ක්‍රීයාව සිදු කල පොලිස් නිළ සුනඛ ආටිස් මෙහෙයවනු ලබන්නෙ ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ කොස්තාපල් ගුණදාස (54387) මහතාය.

    [rns_reactions]
  • තරු පදින වාහන….

    මං ගොඩක් ගමනට පාවිච්චි කරන්නේ මර්සිඩීස් බෙන්ස් GLA 200 රතු පාට එකක්. මුලින්ම පෙරුම් පුරලා ගත්තේ CRZ හොන්ඩා කාර් එකක්. මං ගොඩක් ට්‍රයි කරන්නේ කවදාහරි පෝස් 911 කාර් එකට. මොන වාහන තිබුණත් කන්න සල්ලි නැති වුණොත් ඒවා විකුණනවා.

    අනුෂා දමයන්ති

    මම එදිනෙද ගමන්වලදී පාවිච්චි කරන්නේ ඩාන්සින් ස්ටාස් දිනපු කයිරොන් මෙරුන් පාට ජීප් එක. තෑග්ගක් විකුණන්න බෑනේ. ඉතින් තාම ජීප් එක පදිනවා. මගේ ඩ්‍රීම් එක වෙන්නේ තවත් අලුත් ජීප් එකක්. ලොකු ජීප් පැදලා පොඩි එකකට යන්න අමාරුයි. ජීප් එකට කලින් මට තිබුණේ ඩියොස් කාර් එකක්.

    රොෂාන් රණවක


    මට තියෙන්නේ හොන්ඩා Vezel එකක්. 2014 මම පැදපු හොන්ඩා ඉන්සයිට් එකට පස්සේ මේ වාහනය තෝර ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ෂූටින්වලට වගේම දුර ගමන් යන්නත් මට Vezel ලොකු උදව්වක් වෙනවා.

    උදය ශ්‍රී

     

     

     

     

    මම ගොඩක් කැමති  මිට්සුබිෂි ලාන්සර් කාර්වලට. දැන් පාවිච්චි කරන්නේ මිට්සුබිෂි ලාන්සර් කළු පාට කාර් එකක්. 2006 අවුරුද්ද වෙනකන් මම පාවිච්චි කළේ හොන්ඩා සිවික් වාහනයක්. ඒ වාහනය විකුණද්දී මට දුක හිතුණා. ලාන්සර් වාහනේ තියෙන කාලේ මතක සටහන් ගොඩක් තියෙනවා. මගේ වයිෆ් වගේම පුතත් ලැබුණේ ඒ වාහනය තියෙන කාලේදී. මට ඩ්‍රීම් වෙහිකල් එකක් තියෙනවා. ඉස්සර ඉඳන්ම මම නයිට් රයිඩර් කාර් එකට ආසයි.


    අපි තරු. ඉතින් තරුවලට හොරු වගේ ඉන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ BMW 520 සුදු පාට කාර් එකක්. අපි අඳින, පළඳින දේ වගේම වාහනේ ගැනත් ගොඩක් හොයලා බලන්න කැමතියි. ඒ කොහොම වුණත් මේ වෙලාවේ මගේ ආදරණිය රසිකයන්වත් මම මතක් කරනවා.

    ගයාත්‍රි ඩයස්


    මට තියෙන්නේ Vezel සුදු පාට කාර් එකක්. ඒක අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මේ මගේ අට වැනි කාර් එක. සාමාන්‍යයෙන් මම අවුරුදු තුනකට වඩා වාහනයක් තියාගන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම තාමත් කැමති කළින් තිබුණු ඇලියොන් 250 එකට. ඒක මාව කවදාවත් රස්තියාදු කළේ නැහැ. ලබන අවුරුද්දේ පැට්‍රොල් ජීප් එකක් ගන්න හිතන් ඉන්නවා.

    [rns_reactions]

     

  • මාධ්‍ය හමුවලට කඩා වැදී ගොං ප්‍රශ්න අසන ‘(හ)මීඩියා කිඹුලන්‘ (Video)

    මාධ්‍ය හමු වලට කඩා වැදී ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා ලංකාවේ සමස්ථ මාධ්‍යවේදීන්ගේම ගෞරවය බින්දුවට වැටෙන සිද්ධියක් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී දක්නට ලැබිණ. එවන් ‘(හ)මීඩියා කිඹුලන්‘ දෙදෙනෙකු ඊයේ (14) සිටියෝ ය.  අප මෙහිදී මොවුන් ‘කිඹුලන්‘ ලෙස හඳුන්වන්නේ කිඹුලා කට අරින විට ඉබේටම උගේ  ඇස් වැසී යන බැවින් මොවුන්ද ප්‍රශ්න නගන්නට කට අරින විටම දෑස් අන්ධව ඇති නිසාය.

    මෙහි පළමු සේයාරුවේ දැක්වෙන ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශක රාජිතගෙන් ඇසුවේ අපූරු ප්‍රශ්නයකි. “පසුගිය ආණ්ඩුව කාලේ ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාර සහ සිද්ධීන් 30 ක් පමණක් වාර්තා වුවද මේ ආණ්ඩුව යටතේ එවන් සිදුවීම් 80 ක් වාර්තා වී ඇති බවයි.“ රාජිත ඊට පිළිතුරු ලෙස කීවේ ‘ඔබ ඒ කාලේ රටේ සිටියේ නැතිද‘ කියා ය.

    පසුගිය ආණ්ඩුවේ 2013 වසරේ දී පමණක් ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා වූ පරිදි මුස්ලිම් පල්ලි වලට සහ පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 284 කි. ක්‍රිස්තියානි පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 103 කි. එහිදී එකළ ආණ්ඩුව පිළිගත් ගණනද 182 කි. පොලිසියට වාර්තා වූ ගණන 143 කි. 

    2014 දී මුස්ලිම් පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 113 කි. ඉන් 80 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව ය. ඊළඟට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කර තිබුනේ අද බයිලා කියන, එදා රාජපක්ෂලා සමග එකගෙයි කෑ චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය විසිනි. එම ගණන 24 කි. සිහල රාවය සිදුවීම් 7 කට වගකිව යුතුය.

    2015 දී වත්මන් ආණ්ඩුව බලයට ආ පසුව මුස්ලිමුන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර ගණන 37 ක් තරම් විශාල ප්‍රමාණයකින් අඩු වී තිබිණ. එම 37 න්ද 13 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව විසිනි. 

    මේ ගණන් හිලව් මානව හිමිකම් කොමිසමේ වාර්තාවන් ය.

    එසේ තිබියදී පළමු සේයාරුවේ වීරයා සේ ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලා‘, පසුගිය ආණ්ඩුව කාලේ 30 දැන් 80 ට වැඩි වෙලා යයි කියන්නේ ගොං කමට හෝ පයිත්තියං නිසා හෝ විය යුතුය.

    දෙවැනි සේයාරුවේ සිටිනා ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශකගෙන් නගන්නේ තවත් අමු ගොබ්බ ප්‍රශ්නයකි. එනම් අන්තවාදය වපුරන බොදු බලයේ නානසාරලා වැනි තක්කඩියන් අත් අඩංගුවට ගත යුතු යැයි කියන අය වපුරන්නේද ආගමික අන්තවාදය යයි ඔහුගේ ගොබ්බ තර්කය විය. ඊට පිළිතුරු දුන් රාජිත කීවේ ආගමික අන්තවාදයට විරුද්ධ වීම තවත් අන්තවාදයක් යැයි කියා කියන්නේ කොයි ලෝකයේ ද කියා ය.

    මෙවන් ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා සැබෑ මාධ්‍යවේදීන්ගේ ගරුත්වය අහිමි වීම කියන්නට දෙයක් නොවේ. මෙවන් ගොං ප්‍රශ්න වලට ජෝන් අමරතුංග වැන්නන් ‘තොගේ අම්මට‘ කියා පිළිතුරු දීම සාධාරණය වන්නේ මේ ‘(හ)මීඩියා කිඹුලන්‘  නිසා ය. ජෝන්ලා මාධ්‍ය නිදහස නැතිකරන්නෝය. (හ)මීඩියා කිඹුලන් සුද්ධවන්තයෝ ය.

    කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව ගත හැකි රස්සාවල් දෙකක් ලංකාවේ තිබේ. එකක් ‘දේශපාලකයා‘ රස්සාවය. අනෙක ‘මාධ්‍යවේදියා‘ රස්සාවය. මේ දෙකම ජනතාවගේ ඉරණමට බලවත් සේ බලපාන රස්සා දෙකකි. වෙනත් ශිෂ්ඨාචාර රටවල එලෙස නැත. ලංකා ඊ නිව්ස් අත්දැකීම් අනුව එංගලන්තයේ රාත්‍රී රෙස්ටොරන්ට් එකක පාට් ටයිම් වීඩියෝ කාරයෙක් වීමට පවා වීඩියෝග්‍රැෆි පිළිබඳ තුන් අවුරුදු උපාධියක් අවශ්‍යය. මාධ්‍යවේදියෙක් වීම ගැන කවර කතාද? රූපවාහිනියක කාලගුණ වාර්තාව ඉදිරිපත් කරන නිවේදකයෙකුට අඩුම ගණනේ කාලගුණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තිබිය යුතුය.  

    ලංකාවේ එහෙම බැරි යැයි කාට හෝ කිව හැකිය. නමුත් එසේ විය යුතු නැත. කෙසේ හෝ මාධ්‍යවේදීන්ගේ කොලිටිය වැඩි කළ යුතුම ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම ඉල්ලන මාධ්‍යවේදීන් පිළිපැදිය යුතුයැයි කියා කිසිදු ආචාර ධර්මයක් රටේ නැත. මේවා නිසා ලෝකයාට මුහුණ දීමට බැරි වන්නේ සැබෑ මාධ්‍යවේදීන්ට ය. එබැවින් ඉහත පින්තූර වල සිටිනා වැනි ගොං බිජ්ජන් වැදගත් මාධ්‍ය හමු වලට එවීමට පෙර  ඔවුන්ගේ ප්‍රධානීන් අඩුම ගණනේ මේකාලාට ‘ගෙදර වැඩ ටිකක්‘ (home work) පවරා හෝ ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කළ යුතුය. දැනුම වවා ගන්නේ නැතිව රැවුල කොණ්ඩය වැව්වාට වැඩක් නැත.

    (14) ගොබ්බ ප්‍රශ්න ඇසීම සම්බන්ධ වීඩියෝවක් පහතින්

    උපුටා ගැනීම e news

    [rns_reactions]