Author: Editor

  • ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

    ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

    ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් / Gautam Gambhir නම් කර තිබේ. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.

    “ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර්ව පිළිගන්නට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත්වෙනවා. නූතන ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් පරිණාමය වී ඇති අතර ගෞතම් මෙම වෙනස්වන භූ දර්ශනය සමීපව දැක තිබෙනවා. ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාවටම විවිධ භූමිකාවන් විඳදරාගත් ගෞතම් ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙනයාමට සුදුසුම පුද්ගලයා බව මට විශ්වාසයි. ඉන්දියා කණ්ඩායම සඳහා ඔහුගේ පැහැදිලි දැක්ම, ඔහුගේ අතිවිශාල අත්දැකීම් සමඟින්, මෙම උද්යෝගිමත් සහ වඩාත්ම බලාපොරොත්තු වූ පුහුණුකරු භූමිකාව භාර ගැනීමට ඔහු පරිපූර්ණ ලෙස ස්ථානගත කරනවා. ඔහු මෙම නව ගමන ආරම්භ කරන විට BCCI ඔහුට පූර්ණ සහයෝගය ලබා දෙනවා” ජේ ෂා වැඩි දුරටත් පැවසීය.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ උපදේශකයෙකු ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශූරතා ජයග්‍රහණයක් ලබා දීමට මෑතක දී ඉන්දියාවේ ආරම්භක පිතිකරුවා ලෙස විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගත කළ ගාම්භීර් සමත් විය.

    ගාම්භීර් ඔහුගේ ක්‍රීඩා කරන කාලයේ ඉන්දියාව වෙනුවෙන් ඉහළින්ම සිටි තරුවක් විය. ඔහු 2009 වසරේ ‘ICC ටෙස්ට් ක්‍රීඩකයා‘ ලෙස නම් කරන ලද අතර එම වසරේ ලෝක ටෙස්ට් XI කණ්ඩායමට නම් කරන ලදී.

    2011 දී, ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ඔහුගේ දර්ශනීය දවාලීම වසර 28කට පසු ක්‍රිකට් ලෝක කුසලානයක් ඉන්දියාවට ගෙන ගියේය. 2007 දී ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ අතර අවසන් මහා තරගයේදී ඔහුගේ පහරදීම සමාරම්භක පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

    BCCI සභාපති රොජර් බිනී ඩ්‍රාවිඩ්ගේ ධූර කාලය වෙනුවෙන් ස්තුතිය පුද කළ අතර ගාම්භීර් ඉන්දියාව සඳහා ඉදිරියට යන “පරමාදර්ශී අපේක්ෂකයා” ලෙස ප්‍රශංසා කළේය.

    “ඉන්දියා කණ්ඩායම දැන් නව පුහුණුකරුවෙකු වන ගෞතම් ගාම්භීර් යටතේ ගමනක් ආරම්භ කරන බව සහතිකයි. ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. ඔහුගේ අත්දැකීම්, කැපවීම සහ ක්‍රීඩාව සඳහා වූ දැක්ම ඔහු අපගේ කණ්ඩායම ඉදිරියට ගෙන යාමට සුදුසුම අපේක්ෂකයා බවට පත් කරනවා‘ බිනී පැවසීය.

    BCCI විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ ෂා පැවසුවේ “ගම්බීර් දරුණු තරඟකරුවෙකු සහ දක්ෂ උපායමාර්ගිකයෙකු බවයි.

    “ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ භූමිකාවට සමාන ස්ථීරභාවයක් සහ නායකත්වයක් ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරමු. ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාවට ඔහුගේ සංක්‍රාන්තිය ස්වාභාවික ප්‍රගතියක් වන අතර ඔහු අපගේ ක්‍රීඩකයින් තුළ හොඳම දේ ගෙන එනු ඇතැයි මම විශ්වාස කරමි.”

    IPL තරඟාවලියේදී KKR සමගින් තරග වැදීමෙන් පසු නව අභියෝගය භාර ගැනීම තමාට “ගෞරවයක්” බව ගාම්භීර් ප්‍රකාශ කළේය.

    “මගේ ක්‍රීඩා කරන දිනවල ඉන්දියානු ජර්සිය පැළඳ සිටියදී මම සැමවිටම ආඩම්බර වූ අතර මෙම නව භූමිකාව භාර ගන්නා විට එය වෙනසක් නොවනු ඇත‘ ගාම්භීර් ප්‍රකාශ කළේය.

    මූලාශ්‍රය – Icc cricket.com

  • CID ය තාඹුගලගෙන් කෝටි 2ක කප්පම් ඉල්ලලා – සම්පූර්ණ කතාව මෙන්න !

    CID ය තාඹුගලගෙන් කෝටි 2ක කප්පම් ඉල්ලලා – සම්පූර්ණ කතාව මෙන්න !

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය පියවර ගත යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (ජුලි 10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    තමාට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  විරංජිත් තාඹුගල විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී දිලීප පීරිස් මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින තුනක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබාදී තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාර විරංජිත් තාඹුගලට එරෙහිව මෙම නඩුකරය ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

    මෙම සැකකරුගේ බැංකු ගිණුම් වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමෙරිකාවේ සිට ඩොලර් 26,429,490ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා එය කෝටි 5 කට අඩු කොට ඉන් කෝටි 2 ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ නිලධාරින් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්ත්වයක් බවත් සඳහන් කර සිටියේය. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් ප්‍රකාශ කළේය.

    සැකකරු එසේ ක්‍රියා නොකොට තමන්ට එරෙහිව සිදුකරන වත්කම් පිළිබඳ පරීක්ෂණය මගහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදුකිරීමට මෙම නඩුව හරහා අධිකරණය වේදිකාවක් කර ගැනීමට ඉඩදිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

    මෙම සැකකරු විමර්ශනවලට නිසියාකාරව සහයෝගය ලබාදී නොමැති බවත් ඔහු විසින් චෝදනා කරනු ලැබීය.

    විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

    නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාල සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

    මුල් අවස්ථාවේදී තම සේවා දායකයා නීති විරෝධී වක්කම් විමර්ශන අංශයට ගොස් ප්‍රකාශ ලබාදීමට සූදානම් වුවත් ඔහුගෙන් නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බවත් ඔහු පැවසීය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ප්‍රකාශ කළේ සැකකාර විරංජිත් තාඹුගල මෙම නඩුවේ වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකි බව ය.

    ඒ අනුව සැකකරු විසින් කරනු ලැබූ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු ආයතන වෙත පැමිණිලි කිරීමට ඔහුට හැකියාවක් තිබෙන බවත් සඳහන් කළාය.

    මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

     

  • NMRA බාල රූපලාවන්‍ය නිෂ්පාදන ‘නියාමනය‘ නොකරන හේතුව කුමක්ද ?

    NMRA බාල රූපලාවන්‍ය නිෂ්පාදන ‘නියාමනය‘ නොකරන හේතුව කුමක්ද ?

    රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතියෙන් තොර තත්ත්වය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි විවේචනයට ලක්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.

    නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවයි එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

    මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ පවසන්නේ සම පැහැපත් කිරීමේ ක්‍රීම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.

    මේ හා සම්බන්ධ වෙනත් තොරතුරු මූලාශ්‍රවලට අනුව, රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා 2015 වසරේ සිට නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) දැඩිව විවේචනය කර ඇත. ලියාපදිංචි නොකළ නිෂ්පාදන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම තත්ත්වය විශාල බාධාවක් වී ඇති බව ද  අදාළ ආරංචි මාර්ග පවසයි.

    ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳ පොළේ බහුලව ව්‍යාප්ත වීම නිසා ඒවා භාවිත කරන පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව අනතුරේ වැටී ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී ඇත.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනතේ වැඩ නවත්වන ලෙස NMRA වෙත උපදෙස් දී ඇති බවයි.

    රූපලාවණ්‍ය නිෂ්පාදන පනත කෙටුම්පත් කිරීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවී ඇති අතර එය පාරිභෝගිකයින්ගේ දැඩි සැකයට තුඩු දී ඇත. ඔවුන් පවසන්නේ කිසියම් පාර්ශ්වයක වුවමනාව මත අදාළ බලධාරීන් හිතාමතාම මෙම පනත කෙටුම්පත් කිරීම පමා කරන බවයි.

     

  • අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව ගැන වියාලේන්ද්‍රන් කළ ‘සුපිරි කතාව‘

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව ගැන වියාලේන්ද්‍රන් කළ ‘සුපිරි කතාව‘

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

    එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය.

    වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    පසුගිය කාලයේ දැඩි ආර්ථික පරිහානියක තිබූ මේ රට දැන් ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. එදා රටේ පැවතියේ අතේ සල්ලි තිබුණත් අවශ්‍ය දේවල් මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි. මේ වන විට භාණ්ඩ මිල ගණන් පවා යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව වත්මන් තත්ත්වය යහපත් නමුත්, අපට ජය ගැනීමට තවත් අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග මධ්‍යයේ වුව ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ජනතා ගැටලු විසදීමට ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටිනවා.

    රට ආර්ථික වශයෙන් තවදුරටත් සංවර්ධනය වන විට ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අර්බුද සමයේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට ඇතැමුන් රට හැර ගියා. ඇතැම් දේශපාලන නායකයන් හැංගුණා. තවත් දේශපාලන නායකයන් රට භාර ගන්න ඉදිරියට ආවේ නැහැ. ඒ මොහොතේ ජරනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව ඉදිරියට ඇවිත් මේ රට භාර ගත්තා.

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව පවා දැන් නොබියව වේදිකා මතට නැඟී විවිධ කතා කියමින් මැතිවරණ ඉල්ලා සිටින තරමට රටේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මඩ පොකුණක මාළු බෑම පහසු බව ඔවුන් සිතනවා විය හැකියි. කොහොම නමුත් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මෙහොතේ වැඩි අවධානයක් යොමු කරන්නේ රටේ ජනතාව පීඩාවට පත්වන ගැටලු විසඳීමටයි. එම වැඩපිළිවෙළ සාර්ථකව නිම කිරීමට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මමත් හැකි පමණින් දායක වී සිටිනවා.

    එමෙන්ම අඩු මිලට භාණ්ඩ මෙරටට ආනයන කර වැඩි මිලට අලෙවි කරන හෝ තිබෙන භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට මිල නියම කරන දැවැන්ත මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වනවා. අප එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම කාර්යයේදී සමුපකාර සමිතිවලට වැඩි වගකීමක් පැවරෙනවා. මිලියන 03ක පමණ සාමාජිකයින්ගෙන් යුත් සමුපකාර ජාලය හරහා නිෂ්පාදන බෙදාහරින අතර තුර සෘජුවම භාණ්ඩ ආනයනය කර අඩු මිලට ජනතාවට අලෙවි කිරීමට හැකියාව තිබෙනවා.

  • ‘කුරුඳු වගාව‘ දෙපාර්තමේන්තුවක් යටතට පත් කළේ ඇයි ?

    ‘කුරුඳු වගාව‘ දෙපාර්තමේන්තුවක් යටතට පත් කළේ ඇයි ?

    ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ.

    • රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා.
    • රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති.

    රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි.

    මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

    කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

    තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

  • විදේශගත ශ්‍රමිකයින් විසින් වාහන ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා ගැන හර්ෂ කළ හෙළිදරව්ව

    විදේශගත ශ්‍රමිකයින් විසින් වාහන ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා ගැන හර්ෂ කළ හෙළිදරව්ව

    ශ්‍රී ලාංකික විදේශිකයන් විසින් ආනයනය කරන ලද වාහනවලින් සියයට 66ක් වාහන ආනයනය කරන සමාගම් දෙකක් හරහා සිදු කර ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා අද (10) ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා පිළිබඳව සොයා බලන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය.

    ආචාර්ය ද සිල්වා මහතා පැවසුවේ, ඒ පිළිබඳව සොයා බැලීමට COPF විසින් පත් කරන ලද කමිටුව මගින් අක්‍රමිකතා අනාවරණය වී ඇති බවයි.

    “අපි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා අක්‍රමිකතා පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස,” ඔහු වැඩිදුරටත් පැවසීය.

  • ඩලස්ගේ සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

    ඩලස්ගේ සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.

  • අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය

    අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය

    කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්.

    • මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.
    • ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති.

    මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

    කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

  • ජනපති ලේකම්ගෙන් නීතිඥ සංගමයට ‘පිළිතුරු ‘ලිපියක්

    ජනපති ලේකම්ගෙන් නීතිඥ සංගමයට ‘පිළිතුරු ‘ලිපියක්

    හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (09) දින නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.

    එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත්, ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

    එමෙන්ම, 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපති ධූරය සඳහා කිහිප දෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබේ.

    ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර, එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධූරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබිණ.

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

  • විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.

    ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • මැතිවරණ ජය ගන්න බැරි අය කරන දෙයක් ගැන වජිර කළ ‘සුපිරි කතාව‘

    මැතිවරණ ජය ගන්න බැරි අය කරන දෙයක් ගැන වජිර කළ ‘සුපිරි කතාව‘

    • වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

    මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

    බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ‘සුබ පණිවිඩයක්‘

    වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ‘සුබ පණිවිඩයක්‘

    • ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්.

    රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.
    රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදී.

    දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු කළේය.

    පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබිණි.

    පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැත. අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැක.

    කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.

  • අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන අයට දැනුම් දීමක්

    අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන අයට දැනුම් දීමක්

    • පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්.

    පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් හාරලක්ෂ පනස්දහස් නවසිය විසි හතරක් (450,924) ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිතය.

    අස්වැසුම පළමු අදියර සඳහා 1854,000ක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරිණි. එම පළමු අදියරට අයදුම් කිරීමට නොහැකි වූ හෝ මගහැරුණු පිරිසට නැවත අයදුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබාදී ඇත.

    සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීම සිදු වේ.

    මේ අතර ක්ෂේත්‍ර තොරතුරු එක් රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් ( Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව ජංගම යෙදුම් මෘදුකාංගය මඟින් තොරතුරු එක් රැස් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

  • ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

    ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

    ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන විට ටැටූ ෂොප් හි හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන කරමින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. කිසිදු පුද්ගලයෙකු මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැතැයි ද කීවේය.

    ඊයේ (ජුලි 08) බුලත්සිංහල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගෙන තිබෙන බවත් මේ වෙඩි තැබීම විදෙස් රටක සිට සැලසුම් කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

  • සම්පූර්ණ හෙළිදරව්ව – දේශපාලනඥයින්ගෙන් 60%ක් මගේ යාළුවෝ – ක්ලබ් වසන්ත

    සම්පූර්ණ හෙළිදරව්ව – දේශපාලනඥයින්ගෙන් 60%ක් මගේ යාළුවෝ – ක්ලබ් වසන්ත

    ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක් කළේය. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    ප්‍රශ්නය – ‘ක්ලබ් වසන්ත‘ කියන නම ඔබට ආපු හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?

    වසන්ත –  මුලදී මම තරු පහේ හෝටල්වල පටන් ගත්තු සමාජ ශාලා එකක් දෙකක් කළමනාකරණය කළා. කාලයාගේ ඇවෑමෙන්, හෝටල්වලින් පිටත සමාජ ශාලා ඇති කිරීමට ප්‍රවණතාවක් ඇති කළ පළමු පුද්ගලයා මමයි. මම අවසානයේ සමාජ ශාලා 19ක් දක්වා මගේ ව්‍යාපාරය පුළුල් කළා. අවශ්‍ය බලපත්‍ර සහිතව වෙනත් අයට නීත්‍යානුකූලව ක්‍රියා කළ හැකි බව සහතික කිරීමට මම බලධාරීන් සමඟ ද කටයුතු කළා. එය අභියෝගාත්මක වුණා. මට බොහෝ බාධකවලට මුහුණ දීමට සිදු වුණා.

    ප්‍රශ්නය – සමාජ ශාලා සම්බන්ධයෙන් ගත් කල, ඒවා දැන් ක්‍රියාත්මක වන්නේ රෙගුලාසිවලට අනුවයි. ප්‍රශ්නයක් නම් බවුන්සර්ලා / bouncers ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුට සමාජ ශාලාවකට ඇතුළු වීම අපහසුයි. ඉස්සර සමාජ ශාලාවක් කිව්වම රණ්ඩු වෙනවා. මුල් කාලයේ දේශපාලකයන් සම්බන්ධ තවත් කනස්සල්ලක් තිබුණා. දේශපාලනඥයකුගේ පුත්‍රයකු පැමිණියහොත් ඔහු වටා බොහෝ පිරිසක් එක්රොක් වෙනවා. ඔබ එම තත්ත්වයන් කළමනාකරණය කළේ කෙසේද?

    වසන්ත: ඒ තත්ත්වයන් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැමෝම මාව දන්නවා. අනිත් ක්ලබ් වල ප්‍රශ්න තිබුණට අපේ ක්ලබ් වල කවුරුවත් කරදර කළේ නෑ. කාලා බීලා සතුටින් කාලය ගත කරලා බිල් ගෙවනවා.ෙ

    ප්‍රශ්නය – ඔබ දැන් සමාජ ශාලාවල කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා. ඒ ඔබේ දරුවාගේ විවාහ උත්සවය නිසාද?

    පිළිතුර – මම යම් යම් විරෝධතාවලට මුහුණ දුන්නා. නමුත් වඩා වැදගත් දෙය නම්, පවතින පරිසරය අනුව සමාජය පවත්වා ගෙන යාම තේරුමක් නැති දෙයක් බව මට හැඟුණා. සංචාරක කර්මාන්තය දියුණු වුණේ නැහැ. කෙසේ වෙතත්, නැවත වරක් සමාජ ශාලා ප්‍රවර්ධනය කිරීමට රජය මාව උන්නදු කරනවා. මමත් ඒකට උනන්දු වෙනවා. ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතිව, නිසි රෙගුලාසිවලට අනුව මේ කටයුතු සිදු කළ හැකි නම් නැවත එම කාර්යයට යොමු වීම ගැන සලකා බලනවා.

     

    ප්‍රශ්නය: ඔබ අනෙක් අය මෙන් නොව නීත්‍යානුකූලව ඔබේ කටයුතු කරගෙන යාමට සහ ආදායම් බදු ගෙවීමට ප්‍රසිද්ධයි. නීත්‍යානුකූලභාවයට ප්‍රමුඛත්වය දීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?

    වසන්ත: එහෙම නැත්නම් මට අනිත් අයට වැඳ වැටෙන්න වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් සියයට 60කට වඩා මගේ යාළුවෝ.

    ප්‍රශ්නය – ඔබ රාජපක්ෂලාට සමීප බව රහසක් නොවේ. රාජපක්‍ෂලා සහ මිනිසුන් අතර ඇති වී තිබෙන වෛරය හමුවේ ඔවුන් සමඟ ඇති මිත්‍රත්වය දුරස් කළ යුතු යැයි ඔබ කවදා හෝ සිතුවාද?

    වසන්ත – නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මගේ මිත්‍රත්වය වසර ගණනාවක් පුරා දිවෙන අතර ඔහුගේ දරුවන් සමඟද දිගටම පවතිනවා. ඔහු මහත්මයෙක්. අපි කවදාවත් අපේ මිත්‍රත්වය පවත්වා ගැනීම ගැන පමණක් අවධානය යොමු කරමින් දේශපාලනය ගැන සාකච්ඡා කර නැහැ.

    ප්‍රශ්නය: ඩුබායි ජීවිතේ කොහොමද?

    වසන්ත: එය ඇත්තෙන්ම විනෝදජනක සහ සාමකාමී දෙයක්. මමත් එහි ආයෝජනය කර තිබෙනවා.

    ප්‍රශ්නය : ඔබට අනුව ශ්‍රී ලංකාව පොරබදමින් සිටින ලොකුම ප්‍රශ්නය කුමක්ද?

    වසන්ත : ඒ වෙන මොකවත් නෙවෙයි මිනිස්සුයි දේශපාලකයොයි දෙන්නම මෝඩයි.

    ප්‍රශ්නය: ඔබ ලංකාවට ඇවිත් වාහනයක් පාවිච්චි කරනවා. ඒ වාහනය ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ එකක් නේද?

    වසන්ත: ඒක ඇත්ත.

    ප්‍රශ්නය: ඒකේ මොනවද අඩුවකට තියෙන්නේ?

    වසන්ත: ඒකේ වැසිකිළියක් නැහැ.

    ප්‍රශ්නය : අනෙක් සියල්ල තිබෙනවාද ?

    වසන්ත: ඔව්. මෙම මෝටර් රථය තායිලන්තයෙන් සහ ජර්මනියෙන් ආනයනය කරන ලද කොටස් වලින් මෙහි නිපද  වූ එකක්. ඔවුන් වැසිකිළියක් ද ඇතුළු තවත් වාහනයක් නිර්මාණය කිරීමට යන අතර එය ඩුබායි හි නිෂ්පාදනය කරමින් තිබෙනවා.

    ප්‍රශ්නය – විවිධ ක්ෂේත්‍රවල විවිධ පුද්ගලයන් අපට හමුවෙනවා. ඒ ක්ෂේත්‍රවල ඔබෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අය ඉන්නවාද?

    වසන්ත : ඇත්තටම නැහැ. මම ඕනෑම කෙනෙක් සමඟ හොඳ කාලයක් ගත කිරීමට විවෘතයි.

     

    ප්‍රශ්නය:- ඔබගෙන් හොරකම් කරන්න එන අය ඉන්නවද ? ඔබට ඒවා හඳුනාගත හැකිද ?

    වසන්ත: ප්‍රත්‍යක්ෂ වූ චේතනාවන් ඇතිව යමෙක් පැමිණියහොත් ඔවුන් තමන්ම හෙළි කරනවා. මම හැකි පමණින් උදව් කිරීමට උත්සාහ කරනවා.

    ප්‍රශ්නය: පුද්ගලයෙකු ඔබේ මිතුරෙකු ලෙස සැලකීමට ඔබ අපේක්ෂා කරන ගුණාංග මොනවාද?

    වසන්ත: මම සොයන්නේ තම පවුලට මුල්තැන දෙන යහපත් ගතිගුණ ඇති අයයි. අපට අගෞරව කළ හැකි අය ඇතුළුව කෙනෙකුගේ සැබෑ ස්වභාවය මට ඉක්මනින් තක්සේරු කළ හැකියි. ජීවිතයේ දී, කිසිම යටි අරමුණකින් තොරව මට හරි යැයි හැඟෙන දේ කිරීමට මම කැමතියි.

    ප්‍රශ්නය – ඔබ බොහෝ දෙනෙකුට උදව් කරන්න ප්‍රසිද්ධයි. යමෙකුට උදව් කිරීම ගැන ඔබ කවදා හෝ පසුතැවිලි වී තිබෙනවාද ?

    වසන්ත : ඒක වෙලා තියෙනවා. මම එය ආවර්ජනය කරනවා. දන්නවනේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ඔවුන් නැවත උදව් ඉල්ලුවොත්, මම තවමත් ඔවුන්ට උදව් කරනවා.

    ප්‍රශ්නය:- සල්ලි ඔක්කොම නැතිවෙලා හැමෝම නැතිවෙලා අසරණ වුණොත් ඔබ මුලින්ම විශ්වාස කරන්නේ කාටද?

    වසන්ත:- මගේ ප්‍රවේශය නම් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි. මම මගේ දරුවන් මත පවා රඳා සිටින්නේ නැහැ. මම එකතු කරගත් දේපළ ධනයෙන් ස්වාධීනව ජීවත් වෙනවා. මමයි මගේ බිරිඳයි දරුවන් මත යැපෙන්නේ නැතිව වෙනම ජීවත් වෙන්න සැලසුම් කරලා තියෙනවා.

    ප්‍රශ්නය:- ඔබ සිතන්නේ ශ්‍රී ලංකාවේ කුමක් සිදුවිය යුතුද?

    වසන්ත: දූෂණය වැළැක්වීමට දැඩි නීති තිබිය යුතුයි. පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ අවංක පුද්ගලයන්ගෙන්. අනුන්ව හම්බවෙන්න විතරක් පාර්ලිමේන්තුවට එන එක හරි නැහැ. පාර්ලිමේන්තුවේ සිටින අය ජනතාව වෙනුවෙන් ජනතා සේවයට කැපවිය යුතුයි.

    ප්‍රශ්නය – ශ්‍රී ලංකාව අතහැර ඩුබායි වෙත යාමට ඔබව පෙළඹවූයේ කුමක්ද?

    වසන්ත : මම හරියටම ලංකාවෙන් ගියේ නැහැ, නමුත් මම මෙහෙත් බිස්නස් කරනවා. මම මෙහි නව ව්‍යාපාර ආරම්භ කළා. මගේ දරුවන් වෙනත් රටවල ජීවත් වන අතර ඔවුන් එහි ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් ඊටත් වඩා රටවල් කරා ගමන් කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන් හොඳින් ඉගෙන ගෙන තිබෙනවා. නමුත් මෙහි ජීවත් වීමට කැමති නැහැ. මම ඩුබායිවලට ගියේ එහෙ තියෙන අවස්ථා නිසා.

    සම්පූර්ණ උපුටා ගැනීම – ඩේලි මිරර්,

  • , තරබාරුකම හඳුනා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමය කුමක්ද ?

    , තරබාරුකම හඳුනා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමය කුමක්ද ?

    නව තරබාරු රෝග විනිශ්චය BMI ඉක්මවා යයි! පර්යේෂකයන් යෝජනා කරන්නේ මේදය බෙදා හැරීමේ ඉහළ සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම සඳහා ‘ඉණ-උස අනුපාතය / waist-to-height ratio ‘ ඇතුළත් කිරීමට ය.

    පර්යේෂකයන් තරබාරුකම හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා නව රාමුවක් හඳුන්වා දී ඇති අතර, එය නිර්වචනය කළ යුත්තේ ‘ශරීර ස්කන්ධ දර්ශකය‘ (Body Mass Index BMI) මගින් නොව, පුද්ගලයාගේ ශරීරය පුරා ශරීර මේදය බෙදා හැරීම මගින් බව ප්‍රකාශ කරයි.

    Nature Medicine හි ප්‍රකාශයට පත් කරන ලද, අධ්‍යයනයෙන් උදරයේ මේදය ‘ඉණ-උස අනුපාතය / waist-to-height ratio ‘ අනුව මනිනු ලැබේ. පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ ඉහළ අනුපාතයක් හෘද පරිවෘත්තීය සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති අතර සෞඛ්‍ය තක්සේරු කිරීමේදී උදරයේ මේදයේ වැදගත්කම ඉස්මතු කරයි.

    තරබාරුකම පිළිබඳ යුරෝපීය සංගමයේ (European Association for the Study of Obesity – EASO) කතුවරුන් රාමුවේ සැලකිය යුතු නවෝත්පාදනයක් ඉස්මතු කර ඇත. තරබාරුකම හඳුනා ගැනීම සඳහා දැන් 0.5 ට වැඩි ඉණ-උස අනුපාතයක් සහ BMI 25 සහ 30 අතර ඇතුළත් වේ.

    “රෝග විනිශ්චය ක්‍රියාවලියේදී ඉණ වට ප්‍රමාණය වෙනුවට ඉණ-උස අනුපාතය හඳුන්වා දීම තෝරා ගැනීම කළේ හෘද පරිවෘත්තීය රෝග අවදානම් සලකුණක් ලෙස එහි ඇති උසස් බව නිස යි” ඔවුන් ලිවීය.

    BMI හා සසඳන විට උදරයේ මේදය එකතු වීම සෞඛ්‍ය පිරිහීම පිළිබඳ වඩාත් විශ්වාසදායක පුරෝකථනයක් වන අතර, තරබාරුකම හඳුනා ගැනීම සඳහා දැනට පවතින සම්මත කඩඉම් අගය සපුරා නොමැති පුද්ගලයින් සඳහා වුව ද, එය BMI 30 වන බව කතුවරු පැවසූහ.

    වර්තමාන මාර්ගෝපදේශ පදනම් වී ඇත්තේ “සම්පූර්ණ සායනික ඇගයීමක්” මත නොව, විශ්ලේෂණ සඳහා කඩඉම් අගයන් සපුරාලන සහභාගිවන්නන් ඇතුළත් කර ඇති අධ්‍යයනයන්හි සාක්ෂි මත බව ඔවුහු පැවසූහ.

    “මෙම වෙනස සඳහා පදනම වන්නේ රෝග විනිශ්චය නිර්ණායකයක් ලෙස BMI පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ශරීරයේ මේදය බෙදා හැරීම සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවත් පිළිගැනීමයි” යනුවෙන් ඔවුන් ලිවීය.

    පර්යේෂකයන් යෝජනා කළේ වර්තමාන BMI මත පදනම් වූ තරබාරුකම නිර්වචනය මෙම විශේෂිත කාණ්ඩයේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකළ හැකි බැවින් රෝග විනිශ්චය ක්‍රම වෙනස් කිරීමෙන් අඩු BMI සහ ඉහළ උදර මේදය සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අවදානම අඩු කළ හැකි බවයි.

    සැකසුම – මධූ වික්‍රමසිංහ