Author: Editor

  • ජූලි 02 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

    ජූලි 02 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

    2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

     

  • නාමල් සුපිරි කතා රැසක් මැද රනිල්ගේ වැඩ ගැන කියූ සුපිරි කතාව

    නාමල් සුපිරි කතා රැසක් මැද රනිල්ගේ වැඩ ගැන කියූ සුපිරි කතාව

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ වුවත් වත්මන් ජනාධිපතිවරයාගේ සියලුම ප්‍රතිපත්තිවලට තම පක්ෂය පක්ෂපාතී නොවන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ‘’මැදවච්චිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මැදවච්චිය ආසනය කිවුවාම අපේ රටේ දේශපාලනය වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක්. කැබිතිගොල්ලෑව බස් බෝම්බයත් සමඟ එදා තබපු අධිෂ්ඨානයත් සමඟ ලෝක ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමණින්ම පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. ඒ අධිෂ්ඨානය කරගත්තේ මැදවච්චිය ආසනයේ කැබිතිගොල්ලෑව. මහින්ද මහතාගේ දේශපාලන ජීවිතයේ වෙනසක් වුණා. නව ඒකීය රටක් බවට පත්වුණා. ඊට පෙර හැම නායකයෙක්ම බලයට ඊට පෙර හැම නායකයෙක්ම බලයට ආවේ නිදහස ගේන්න. සංම සාකච්ඡා පවත්වන්න. නැතිනම් ගිවිසුම් ගහන්න. එසේ නොමැති නම් 13 වැනි සංශෝධනය ගෙනත් අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මහින්ද රාජපක්ෂ මහතා වමේ දේශපාලන නායක නායිකාවෝ අවුරුදු 30 ක් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත්වුණු ත්‍රස්තවාදය අවසන් කරනවා කියා මේ මව්බිම නිදහස් රටක් බවට පත් කරන්න අවුරුදු 4 ක් වැනි කාලයක දී කටයුතු කළා.

    ඒ අනුව ඒකීය රටක් බවට පත් කරන්න කටයුතු කළා. එසේ අපි රට හැදුවා. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළේ මහා බලාපොරොත්තු ඇතිවයි. මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති සංවර්ධනය එයි කියා අපේක්ෂා කළා. මේ ප්‍රදේශයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කිලෝ මීටර් 100000 ක් මාර්ග සංවර්ධනය කරන්න පියවර ගත්තා. එදා මහින්ද මහත්තයාට තිබුණු ලොකුම චෝදනාවක් තමයි ගම්වල පාරවල් කාපට් කරනවා කියලා. ඇතැමුන්ට නගරයේ ඉන්න අයට දුක තේරෙන්නේ නැහැ. ගමේ පාරේ වැටි වැටී යන දරුවාගේ දුක දන්නේ ගම්වල ඉන්න අම්මා තාත්තා. නගරයේ අය ඒක දන්නේ නැහැ. නමුත් ඒ අය චෝදනා කළේ ගමේ පාර කාපට් කරන එක අපරාධයක් කියලයි. තවත් කොට්ඨාශයක් හොරා හොරා කියන තැනට ඒක ලඝු කරන්න උත්සාහ කළා. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. පිටරටින් එන එළවළු පළතුරු වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන ආහාර වෙළඳපොට ගේන්න ඕන. ඒ නිසා ගමේ පාරවල් හැදුවා. ආර්ථික මධයස්ථාන හැදුවා.

    ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වලා තාක්ෂණ පීඨයට යවලා ලෝක රැකියා වෙළෙඳපලේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපළිවෙල ආරම්භ කළේ ඒ නිසායි. ඕනම ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා අපි පවසනවා. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ වියයුතු වෙනවා. ඔබේ දරුවාට හොද රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපිට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පත්කළා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නැහැ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැහැ.

    අරගලයෙන් රට වැටුණු තැනින් ගොඩගන්න අපිට වුවමනාව තිබුණා. පෝලිම් ඉවත් කොට, විදුලි කප්පාදුව අවසන් කරන්න අවශ්‍ය වුණා. මිල වැඩි කළා. විදුලි උත්පාදනය වැඩි කළේ නැහැ. එදා උමා ඔය අවසන් කර තිබුණා නම් සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණා නම් විදුලිය කපන්න වෙන්නේ නැහැ. තෙල් පෝලිම හැදුනාද හැදෙව්වාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. නමුත් අපි සහාය දුන්නා. විදේශ රටවලට දරුවන් රැකියා සඳහා යන්නේ නම් වෘත්තිකයන් බවට පත්කළ යුතු වෙනවා. මහින්දෝදය විද්‍යාගාරවලින් උපරිම ප්‍රයෝජන ගතයුතු වෙනවා. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළයුතු වෙනවා. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රටත් රැගෙන යන්නයි අපි අපේක්ෂා කරන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩකර තිබෙනවා. අපි වැඩකරලා පුරුදුයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක්.

    ඒ නිසා අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ රටේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නවා කියා වගකීමෙන් කියනවා. ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. මැතිවරණ කල් දානවාට අපි එකඟ නැහැ. මේ රටේ මැතිවරණ සිතියම හකුලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කයට එස්.එම් චන්ද්‍රෙස්න මහතා නායකත්වය දෙනවා. අභියෝග මැද මේ දේශපාලන ගමන පැමිණ තිබෙනවා . කෙටි කාලයක් තුළ වාසි පස්සේ දුවන්නේ නැතිව පාක්ෂිකයන් වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. අපි එකතු වෙලා අත්වැල් බැඳගමු. ඉදිරියේ දී පැමිණෙන ඕනෑම මැතිවරණයක් ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න කටයුතු කළයුතු වෙනවා. සියලු දෙනාම ඒකරාශී කරගෙන ජයග්‍රාහී මාවතක් කරා යොමු කරන්න අවශ්‍ය නායනත්වය ලබාදෙන්න කියා ඉල්ලනවා.

    – Media unit

  • ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ‘රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි. රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා’ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

    රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන දේශපාලකයන් විපක්ෂය හැමදාමත් කළේ කුහක දේශපාලනයේ යෙදෙන එකයි. රටට සුබ ආරංචියක් එනවාය කියන පණිවිඩයට ඔවුන් එතරම් කළබල වුණේ ඒකයි.

    රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි.රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා.

    කොරියාව මේ වගේ ආර්ථික අර්බුදයයකට මුහුණ දීපු වෙලාවෙදි ඒ රටේ මිනිස්සු රට ගොඩගන්න රජයට සහය දුන්නා. ඊශ්‍රායලයේ ජනතාව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න නෙදන්යාහුට සහය දුන්නා.වර්තමානයේදී රුසියාව,යුක්රේනය වගේ රටවල ජනතාව අර්බුධයෙන් ගොඩ එන්න පවතින රජයට සහය දෙනවා. ලෝකයේ තවත් රටවලින් එහෙම උදාහරණ රාශියක් තියෙනවා. නමුත් අපේ රට අමාරුවේ වැටුණු හැම වෙලාවකදි විපක්ෂය ඒ අර්බුදය තවත් වැඩි කරන්න කටයුතු කළා.

    තනි මන්ත්‍රීධූරයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය භාර ගත්තා. පසුව ඔහු ජනාධිපති තනතුර භාර ගත්තා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ගිණි තියන්න සමහරු උත්සාහ ගත්තා.ඒ රටේ ස්ථාවරත්වයක් ඇතිවීම වළක්වන්නයි.

    88/89 දි ගුරුවරුන්ට පණිවිඩය යවල පාසල් වහල,ළමයි පාරට බැස්සුව ඉතිහාසය අපිට මතකයි.හරි පැත්තට යන රට අපසු හරවන්නයි විපක්ෂය අදත් ගුරුවරුන් පාරට බැස්සුවේ. රටේ දරුවන්ට කිරිපිටි, රෝහල්වලට බේත්ටික නැති වෙලාවෙදි රටට ඩොලර් එවන්න එපා කියල කිව්වෙත් මේ අයම තමයි. සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා පිටරට ඉන්න අපේ අයට කිව්වා රටට ‍ඩොලර් එවන්න එපා කියලා. ජනධිපතිතුමා රට භාර ගත්තු වෙලාවේ ඉඳල මේ කණ්ඩායම් උත්සාහ ගත්තේ රට වට්ටවන්නමයි. ඔවුන් අදත් මේ උත්සාහ ගන්නේ ඒක කරන්නයි.

    2023 මාර්තු 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ හා ස.ජ.ය එකට එකතු වෙලා වෘත්තිය සමිති 40ක් පාරට බැස්සුවා. ඒ මාසේ 22 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහනය ලබාදෙනන ගිවිසුම අත්සන්කළාම අර උද්ඝෝෂණ, වැඩ වර්ජන නතර වුණා. මිනිස්සු අලුත් හුස්මක් අරගෙන නැගිට්ටොත් තමන්ට අමාරුයි කියල විපක්ෂය දන්නවා. ඒ නිසා බො‍රු තොරතුරු, බොරු ප්‍රවෘත්ති සමාජගත කරලා රට වට්ටවන්න රට වට්ටවන්න විපක්ෂය හරි ට්‍රයි කරනවා. මේ රටට සාපය කුහක විපක්ෂයයි.

    ලෝකයේ ඉන්න ඉතා ධනවත් පුද්ගලයන්, ව්‍යවසායකන් ආර්ථික ඝාතකයන් විදියට තමයි මාලිමාව හඳුන්වන්නේ. ඒ නිසා තමයි හඳුන්නෙත්ති ඊලෝන් මාස්ක්ව ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වන්නේ.

    මේ කණ්ඩායමට අවශ්‍ය නැවත මේ රට පෝලිම් යුගයට දක්වන්නයි. අපි අර්බුධයෙන් දේශපාලනය කරන එක නවත්තමු. අපි දියුණු රටක, දියුණු ආර්ථිකයකය අලුත් දේශපාලනය කරමු. ඒ සඳහා එකතු වෙන්න කියල මම විපක්ෂයට ආරාධනා කරනවා.

    – Media unit

  • අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි

    අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි

    මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

    මෙහිදී ඔහු පැවසුවේ වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.

    ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡ කරන්නේ‘

    මේ අතර ඩේලි මිරර් පුවත්පත පසුගිය දා පවසා සිටියේ රාජිත, චම්පික හා ෆොන්සේකා කැබිනට් අමාත්‍යධුර භාර ගැනීමේ සූදානමකින් පසුවන බවයි. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම රාජිත ඇතුළු සමගි ජන බලවේගයේ විශාල පළුවක් ජනපතිවරයා සමග එක්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

  • ඇමතිවරයි පාසල් දැරියන්ට දුන් සුපිරි අවවාදය

    ඇමතිවරයි පාසල් දැරියන්ට දුන් සුපිරි අවවාදය

    “කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ.

    ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල් දරුවන් උනන්දු කරවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ය.

    සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විවේචනය වූ අතර ගැහැණු ළමයින්ට පමණක් එසේ පැවසූයේ මන්දැ යි බොහෝදෙනෙක් විචාළහ.

    එහෙත් ඇමැතිනී රමතූබා එම ප්‍රකාශය සාධාරණීකරණයට උත්සහ දරමින්, තමා එය පිරිමි ළමයින් ද ඉලක්කකර පැවසූවක් බව ප්‍රකාශ කළා ය.

    ලිම්පෝපෝ පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරිය නව අධ්‍යයන වර්ෂයේ පළමු දිනය සනිටුහන් කිරීම සඳහා 12 වැනි දා සෙක්ගක්ගපෙන්ග් නගරයේ පිහිටි ග්වේනානේ ද්විතීයික පාසලට පැමිණ සිටියා ය.

    “මම ගැහැණු ළමයින්ට කියන්නේ, දෙපය විවර නොකර පොතපත විවර කරන්න. යහන්ගත වෙන්න එපා, පොත් බලන්න. ‍බොහොම ස්තූතියි,” ඇය පවසා තිබුණි.

    මිල අධික බොරු කොණ්ඩ, සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සුඛෝපභෝගී දේ යොදා ගනිමින් වැඩිහිටි පිරිමින් විසින් ගැහැණු ළමයින් ආකර්ෂණයකර ගන්නා බව ද ඇය පැවසුවා ය.

    එම කතාවේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවීමෙන් පසු මෙම අදහස් විවේචනයට ලක් විය.

    “මේක, අපයෝජනය, ලිංගිකත්වය, සහ කැමැත්ත ගැන ළමයි එක්ක කතා කරන්න ගැලපෙන විදියක් නෙවෙයි,” එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලියා තිබිණි. විපක්ෂ දේශපාලනඥයකු වන සිවිවේ ග්වාරුබේ මෙම ප්‍රකාශය “ඉතා ගැටලුසහගත” එකක් ලෙස හැඳින්වීය.

    “මේක මේ දරුවන් එක්ක ලිංගිකත්වය සම්බන්ධයෙන් කැමැත්ත පළකිරීම ගැන අර්ථවත් සංවාදයක් පවත්වන්න අවස්ථාවක් වෙලා තිබුණේ… ඒත් ඔබ කළේ වින්දිතයන්ට දොස් නගන එක. ගැහැණු ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙන එක,” ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා ය.

    ඇමැතිනී රමතූබා දකුණු අප්‍රිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන TimesLIVE වෙත පැවසුවේ ඇයගේ ප්‍රකාශය එහි සන්දර්භයෙන් පිටතට ගෙන විවේචනය කරන බව යි. එය පිරිමි ළමයින්ට ද අදාල වන සේ සිදුකළ ප්‍රකාශයක් බව ද ඇය සඳහන් කළා ය.

    “මං පිරිමි ළමයින්ට කිව්වා ගැහැණු ළමයි එක්ක යහන්ගත වෙන්නේ නැතිව, අධ්‍යාපනයට යොමු වෙන්න කියලා,” ඇය කීවා ය.

    ලිම්පොපෝහි ඇයගේ ඡන්දදායකයින් ද “එම පණිවිඩය අගය කළබව” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

    “එයාලා මේ දේවල් [දරුවොත් එක්ක] කියන්න බයයි කියලත් කිව්වා. හරි දේ හරි විදියටම පෙන්නලා දුන්නාට මට ස්තුති කළා,” ඇය කියා සිටියා ය.

    2020 වසර තුළ දී දකුණු අප්‍රිකාවේ වයස අවුරුදු 17ට අඩු ගැහැණු ළමුන් 33400ක් පමණ දරුවන් ප්‍රසූතකර ඇති බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

    Save the Children සංවිධානය පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකාවේ නවයොවුන් වියේ ගැබ් ගැනීම් සඳහා දායකවන ප්‍රධාන සාධක වන්නේ පුළුල් ලිංගික අධ්‍යාපනයකටත්, මිළ අඩු සහ සෞඛ්‍ය සේවාත් සඳහා ප්‍රවේශය නොමැතිකම බව යි.

    bbc sandesaya

  • ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

    ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ.

    නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් ලොව හොඳම විස්සයි-20 කණ්ඩායමට නම් කර තිබේ.

    ගෙවී ගිය වසරේදී දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණු හසරංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් ලොව අවධානයට පාත්‍ර වූවේය. පන්දු යැවීමට අමතරව පිතිකරුවකු ලෙසද දක්ෂතා දැක්වීමට වනිඳු සමත්වීම, හොඳම ක්‍රීඩකයින් අතරට එකතුවීමට මං පෙත් විවර කර දී තිබේ. ගෙවී ගිය වසරේදී වනිඳු විස්සයි-20 තරග 20 කට සහභාගිවෙමින් කඩුලු 36 ක් දවා ගැනීමටද ලකුණු 196 ක්ද ලබා ගැනීමට සමත්ව සිටියි.

    නම් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 කණ්ඩායම – ජොස් බට්ලර්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), බාබර් අසාම් (නායක), ඒඩ්න් මාක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, ටබ්‍රේස් ශම්සි, ජොස් හෙසල්වුඩ්, වනිඳු හසරංග, මුස්ටෆිසූර් රෙහ්මාන්, ශහීන් අෆ්රිඩි.

  • තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

    තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

    නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  අද (19) පත් කරනු ලැබීය.

    පාර්ලිමේන්තුවේ  කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

    නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු,  ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ,  ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක ,රවුෆ් හකීම්, විජිත හේරත් සහ  සෙල්වම් අඩෙක්කලනාදන්  එම සාමාජික මන්ත්‍රීවරු වෙති.

    මෙම තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 12  දෙනා පත් කිරීම සඳහාවූ යෝජනාව  පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.

  • විදුලිය කපන්නේ කාලසටහනකට

    විදුලිය කපන්නේ කාලසටහනකට

    සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

  • චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

    චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

    චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.‍

    වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව  ඉදිරිපත් කර තිබිණි.

    මෙම ඉල්ලීම අනුව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක පරිත්‍යාගයක් ලබා දෙන බවට චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

  • පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

    පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

    • COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
    • නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා (16) දක්වා පිළිවෙලින් රෝගීන් 623, 653, 594, 611, 661, 690 වාර්තා වී ඇත.

    මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ගල්හේන මහත්මිය වැඩි දුරටත් පැවසුවේ පසුගිය සතිවලට සාපේක්ෂව පසුගිය සතිය තුළ රෝගීන් 1000කට වඩා වැඩි වී ඇති බවයි.

    “රෝගීන් සංඛ්යාව වැඩිවෙමින් පවතින නමුත්, වෛරසය ආසාදනය වූ රෝගීන්ට එන්නත් කිරීම නිසා සංකූලතා ඇති වන්නේ නැහැ,” ඇය අවධාරණය කළාය.

    “මේ අනුව, නියමිත වේලාවට එන්නත ලබා ගැනීම සහ වෛරසය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍යයි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මේ අතර, වෛද්‍ය ගල්හේන මහත්මිය පැවසුවේ තම පවුල්වලට සහ අවසානයේ ප්‍රජාවට වෛරස් රැගෙන යන COVID-19 පැතිරෙන්නන් ලෙස පාසල් සිසුන් ද හඳුනාගෙන ඇති බවයි.

    මීට අමතරව, COVID ආශ්‍රිත මරණ සංඛ්‍යාව ආසාදන සංඛ්‍යාවට සාපේක්ෂව අඩු අනුපාතයකින් පවතී. Omicron ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ඇය පැවසුවාය.

  • ‘අභියෝගය ජයගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්න’

    ‘අභියෝගය ජයගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්න’

    රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

    පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.

    සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත්  නොවීය.

    ප්‍රධාන දොරටුව අභියස දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පිළිගත්හ.

    ගෝලීය ව්‍යසනයකින් පිඩාවට පත්ව සිටින මෙම දුෂ්කර අවස්ථාවේදී, රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ ජාතික වගකීම සියලු මහජන නියෝජිතයන්ට පැවරේ. වසර 05 ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද ගෝලීය වසංගතය හේතුවෙන් විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. එහෙත් රජයේ මූලික වගකීම් ඉටු කිරීමට කිසිවිටෙකත් අමතක නොකළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබීය.

    මත්ද්‍රව්‍ය උවදුර මුලුමනින් තුරන් කිරීමට ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිවරයා රටේ බරපතළ ලෙස ව්‍යාප්තව තිබූ පාතාලය මර්ධනයට පසුගිය වසර දෙක තුළ  රජය ක්‍රියා කළ බව ද කියා සිටියේය.

    ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටකි. තම පාලන කාලය තුළ ද කිසිඳු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීම බවත් පැවසූ ජනාධිපතිවරයා සංහිදියාව සහ රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිඳු වෙනස්කමින් තොරව සියලු ජනතාවට පහසුකම් සැපයීම බව ද සඳහන් කළේය.

    විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව පසෙකලා තම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීය.

    වැරදි අර්ථකථන ලබාදෙමින් විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට දේශපාලන අරමුණු මුල් කරගෙන යමෙක් කටයුතු කරනවානම් එය රටට කරන අයහපතකි. රටේ සංවර්ධනය සඳහා නව ආයෝජනවල අවශ්‍යතාව මේ මොහොතේ තදින්ම පැන නැගී තිබේ. තෝරගත් ක්ෂේත්‍රවල නව ආයෝජන ආකර්ශණය කර ගැනිමට ඉදිරි කාලයේ දී වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනු ලැබීය.

    රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීම සඳහා අවසර දිය යුතු ද යන්න කෙරෙහි පුළුල් සංවාදයකට තමා පාර්ලිමේන්තුවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මේ රට අයිති වර්තමානයේ ජීවත්වන මෙන්ම අනාගතයේ ජිවත්වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වන බව පැවසූ ජනාධිපතිවරයා අප සියලු දෙනා අනාගත පරම්පරාවට වගකිව යුතු වන බව අවධාරණය කළේය.

  • විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? –  තීන්දුව IOC අතේ

    විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? – තීන්දුව IOC අතේ

    විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

    කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි.

    ඉන්ධන තොග රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බවත් එය නියමිත වේලාවට ගොඩබාන්නේ නම් අද දිනයේදී රටට විදුලිය විසන්ධි වීම වළක්වා ගත හැකි බවත් විදුලිවල ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    “මේක වෙලාවට බාගන්න බැරි වුනොත් අපිට අද විදුලිය විසන්ධි කරන්න යන්න වෙනවා” ඔහු වැඩි දුරටත් කීවේය.

  • වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල ලුණුගල පතලකින් හමුවෙයි

    වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල ලුණුගල පතලකින් හමුවෙයි

    වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ.

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී වසර 16කට ආසන්න කාලයක් ගතවී ඇතත් වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට අදාළ බලධාරීන් මෙම සොයාගැනීම් පිළිබඳව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවද ඔහු පැවසීය.

    “අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් පළමු පොසිල මතුකරගෙන තිබුණේ 1996දී. මම එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සමඟ එම ස්ථානයට ගොස් හිස් කබල් දෙකක නටබුන් එකතු කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා පීඨය සහ ආචාර්ය මොහාන් අබේරත්න මෙම පොසිල පරීක්‍ෂා කර වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස්ගේ ඒවා බව තහවුරු කළා.”

    මීට වසර 80,000 කට පෙර ඝන වැසි වනාන්තර සහිත මෙම ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික සත්වයා උල්කාපාත වර්ෂාවකින් මිය යන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම ස්ථානයේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය

  • ලංවිම ඉන්ධන තොග අද සවස අවසන් වෙනවා – ආනන්ද පාලිත

    ලංවිම ඉන්ධන තොග අද සවස අවසන් වෙනවා – ආනන්ද පාලිත

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය අනුව හෙට වන විට රටම අඳුරේ තිබිය යුතු බව ඔහු ඩේලි කියා සිටියේය.

    “හෙට විදුලි ජනනය සඳහා උදුන් තෙල් සහ ඩීසල් ඉන්ධන මෙට්‍රික් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපට ප්‍රමාණවත් තොග සැපයීමට නොහැකි වුවහොත්, තවත් කර්මාන්තශාලා සහ සමාගම් හෙට සිට සිය මෙහෙයුම් නතර කිරීමට සිදු වේවි, රට මේ අකරතැබ්බයට පත්වෙමින් තිබෙන බව අප මීට පෙර පෙන්වා දුන්නා. නමුත් අපි කිසිවක් නොදැන ප්‍රකාශයක් කළ බව පවසමින් ඇමැතිවරයා අපට දොස් කිව්වා. අවාසනාවන්ත ලෙස ඊයේ අමාත්‍යවරයාට ද එම ප්‍රකාශය කිරීමට සිදු වුණා‘ පාලිත මහතා වැඩි දුරටත් පැවසුවේය.

    මේ අතර අද සවස විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව නොමැති නමුත් ඉතිරි ඩීසල් තොගය ප්‍රයෝජනයට ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය උත්සාහ කරමින් සිටින බව ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානී මහතා පැවසීය.

    ඩීසල් තොගය පස්වරු 5.00 දක්වා පමණක් පවතින නමුත් විදුලිබල මණ්ඩලය උපරිම වේලාවන් ගත කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසීය.

    සපුගස්කන්ද තාප බලාගාරය මේ වන විටත් නතර වී ඇති අතර, අවශ්‍ය තරම් උදුන් තෙල් තොග ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟ වී ඇත.

  • ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙයයි – අගමැති මෝදි

    ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙයයි – අගමැති මෝදි

    රජය ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම සඳහා දරන උත්සාහය අගමැති මෝදි අවධාරණය කළේය

    ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳුදා ලෝක නායකයින් අමතමින් ප්‍රකාශ කළේය.

    එහිදි ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ආයෝජන ගමනාන්තය බවට පත් කිරීම සඳහා ඉන්දියාව ගෙන ඇති විවිධ පියවර විස්තර කළේය. අගමැති මෝදි ඉන්දීය ජනතාවගේ ව්‍යවසායකත්වය ගැන ද සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සංසදයේ (WEF) ‘ඩාවෝස් න්‍යාය පත්‍රය’ සමුළුවේ ‘ලෝක තත්ත්වය’ විශේෂ දේශනය පවත්වමිනි.

    “නවෝත්පාදන සහ නව තාක්ෂණයන් අනුගමනය කිරීමට ඉන්දියානුවන්ට ඇති හැකියාව සහ ව්‍යවසායකත්ව අපගේ ගෝලීය හවුල්කරුවන්ට නැවුම් ප්‍රබෝධයක් ලබා දිය හැකිය,” ඔහු පෙන්වා දුන්නේය.

    2021 දී ඉන්දියාවේ ආරම්භක ව්‍යාපාර 60,000කට වඩා ඇති බවත්, 2014 දී මේවායින් 100ක් නොතිබූ බවත් ඔහු සිහිපත් කළේය.

    “පසුගිය මාස හය තුළ පමණක් ආරම්භක ව්‍යාපාර 10,000 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඉන්දියාව ලොවට වාර්තාගත මෘදුකාංග ඉංජිනේරුවන් සංඛ්‍යාවක් සපයමින් සිටින අතර ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවේ සේවය කරන බව අගමැති මෝදි පැවසීය.

    සිය දේශනය අතරතුර, ව්‍යාපාර කිරීමේ පහසුව සහ ආයතනික බදු ව්‍යුහය සරල කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    දේශගුණික විපර්යාස ගැන කතා කරමින් අගමැති මෝදි පැවසුවේ අපගේ ජීවන රටාව විශාල අභියෝගයක් බවයි. “ඉවතලන සංස්කෘතිය සහ පාරිභෝගිකවාදය දේශගුණික අභියෝගය වඩාත් බරපතල කර ඇත,” ඔහු පෙන්වා දුන්නේය.

    අතථ්‍ය ආකෘතියෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳුදා ආරම්භ වූ අතර සිකුරාදා දක්වා පැවැත්වේ.

    මෙම උත්සවය තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු විසින් ද අමතනු ඇත.

    ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුවා වොන් ඩර් ලේයන්, ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් යන අය ඒ අතර වෙති. ඉන්දීය අගමැති කාර්යාලය (PMO) ඉරිදා පවසා තිබුණි.

    indianewsnetwork

  • ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

    ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

    ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  

    විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත.

    සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරි 15 වන දින අන්තර්ජාලය ඔස්සේ සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයට අදාළ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    මෙම ණය පහසුකම කඩිනමින් ක්‍රියාවට නැංවීම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර හඳුනාගත් ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු හතරින් එකක් යථාර්තවත් කිරීමට ඉවහල් වනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබා දෙන ලදී. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරයි.