Author: Editor

  • කාබුල්හි කාන්තා අයිතිවාසිකම් විරෝධතාවට තලේබාන් ප්‍රහාරයක්

    කාබුල්හි කාන්තා අයිතිවාසිකම් විරෝධතාවට තලේබාන් ප්‍රහාරයක්

    අන්තවාදී තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගැනීමෙන් පසු අයිතිවාසිකම් ඉල්ලා කාබුල්හි කාන්තාවන් දුසිම් ගණනක් පැවැත්වූ විරෝධය තලේබාන් නිලධාරීන් විසින් මර්ධනය කර තිබේ.‍

    කාන්තා ක්‍රියාකාරීන් කණ්ඩායම පවසන්නේ ජනාධිපති මන්දිරය දක්වා පයින් යාමට උත්සාහ කිරීමේදී තලේබාන් සංවිධානය තමන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කළ බවයි.

    නමුත් තලේබාන් සංවිධානයට එම විරෝධතාව පාලනය කරගත නොහැකි ලෙස කාන්තාවන් එය පවත්වාගෙන ගිය බව ඇෆ්ගන් ටොලෝ නිව්ස් පවසයි.

    මෙම විරෝධතාව කාබුල් සහ හේරත්හි කාන්තාවන් විසින් පැවැත්වූ විරෝධතා කිහිපයක නවතම අවස්ථාවයි.

    කාන්තාවන් ඉල්ලා සිටියේ වැඩ කිරීමේ අයිතිය පිළිගන්නා ලෙසයි.

    තලේබාන් සංවිධානය පවසන්නේ ඉදිරි දිනවලදී සිය පරිපාලනයේ හැඩ ගැන්වීම නිවේදනය කරන බවයි.

    ‘‘කාන්තාවන්ට ආණ්ඩුවට සම්බන්ධ විය හැකි නමුත් ඔවුන්ට ඇමති තනතුරු දැරිය නොහැකි‘ තලේබාන් උසස් නිලධාරියෙක් පැවසීය.

    1996 සහ 2001 අතර කාලය තුළ තලේබාන් සංවිධානය බලයේ සිටියදී තමන්ට සැලකූ ආකාරය නැවත උදාවනු ඇති බවට බොහෝ කාන්තාවන් බිය වේ.

    නිවසින් පිටතදී මුහුණ වසා ගැනීමට කාන්තාවන්ට සිදු වූ අතර සුළු වැරදි සඳහා දැඩි දඩුවම් නියම කෙරිණි.

    “අවුරුදු විසිපහකට පෙර, තලේබාන් සංවිධානය පැමිණි විට ඔවුන් මාව පාසැල් යාම වැළැක්වූවා” යනුවෙන් මාධ්‍යවේදී අසිතා නසිමි ටෝලෝ නිවුස් පැවසුවාය.

    “ඔවුන්ගේ අවුරුදු පහක පාලනයෙන් පසු, මම ඉගෙන ගෙන අපේ පවුලේ අනාගතය වෙනුවෙන් මම වෙහෙස මහන්සි වී වැඩ කළා. යළි මෙය සිදු වීමට අපි ඉඩ නොදෙමු.”

    උද්ඝෝෂණයට එක්ව සිටි සොරායා රොයිටර් පුවත් සේවයට පැවසුවේ: “ඔවුන් තුවක්කුවලින් කාන්තාවන්ගේ හිසට පහර දුන්නා. පැහැර කෑ කාන්තාවන් ලේ වැගිරුවා”

    මේ අතර, කාබුල් නගරයට උතුරින් පිහිටි පන්ජ්ෂීර් නිම්නයේ ගැටුම් තවදුරටත් පැවති අතර, පාලන බලය යෙදවීම සඳහා තලේබාන් සංවිධානය විසින් සිදු කළ ප්‍රයත්නයක් තලේබාන් සටන්කාමීන් විසින් අඩාල කර තිබේ.

    තලේබාන් සංවිධානය පවසන්නේ ඔවුන් තවත් දිස්ත්‍රික්ක දෙකක් අත්පත්කර ගත් අතර පළාතේ කේන්ද්‍රය දෙසට යන බවයි.

    ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසුවේ දැඩි සටන් දිගටම පවතින අතර දහස් ගණනක් තලේබාන් භටයින් තමන්ව වටලා ඇති බවයි.

    150,000 ත් 200,000 ත් අතර ජනතාවක් වාසය කරන පන්ජ්ෂීර් නිම්නය 1980 ගණන් වලදී ඇෆ්ගනිස්ථානය සෝවියට් වාඩිලාගෙන සිටියදී සහ තලෙයිබාන්වරුන්ගේ පාලන සමයේදී ප්‍රතිරෝධක මධ්‍යස්ථානයක් විය.

    ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණේ නායක අහමඩ් මසූඩ්, හේරත්හි කාන්තාවන්ගේ විරෝධතා ප්‍රශංසා කළේය.

    ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණේ සටන්කාමීන් 2021 සැප්තැම්බර් 4 වන දින පන්ජ්ෂීර් නිම්නයේ පුහුණුවීම් කරති
    රූප ශීර්ෂයජාතික විරෝධතා පෙරමුණේ සටන්කාමීන් පවසන්නේ ඔවුන් තලේබාන් ප්‍රහාරයට විරුද්ධ වූ බවයි

    එන්ආර්එෆ් හෝ තලේබාන් සංවිධානය විසින් කරන ලද කිසිදු ප්‍රකාශයක් ස්වාධීනව තහවුරු කළ නොහැක.

    පසුගිය සතියේ එක්සත් ජනපදය ඉවත් වීමෙන් පසු කාබුල්හි ගුවන් තොටුපළ නැවත ආරම්භ කිරීමේ තවත් සලකුණක් ලෙස ඇෆ්ගන් ගුවන් සේවය විසින් නගර තුනකට අභ්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය: ඒ හෙරත්, මසාර්-අයි-ෂරීෆ් සහ කන්දහාර් යන නගර ත්‍රිත්වයයි.

    කටාර් තානාපති උපුටා දක්වමින් අල්-ජසීරා රූපවාහිනිය වාර්තා කළේ කටාර්හි තාක්‍ෂණ කණ්ඩායමක ආධාර මත ගුවන් තොටුපල නැවත විවෘත කිරීමට තලේබාන් පාලනය සමත් වූ බවයි.

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද (05) කටාර්හි සංචාරය කිරීමට නියමිතය. තලේබාන් සංවිධානයෙන් කිසිවෙකු ඔහු හමුවනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

    පකිස්ථානයේ ඔත්තු සේවාවා ප්‍රධානී ජෙනරාල් ෆායිස් හමීඩ් කාබුල් වෙත පැමිණ ඇතත් වාර්තාකරුවන්ට කිසිවක් ප්‍රකාශ කළේ නැත.

    ඇෆ්ගන් හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට තලේබාන් සංවිධානයට උදව් කළ හැකි බව පාකිස්ථාන නිලධාරියෙක් මේ සතිය මුලදී රොයිටර් පුවත් සේවයට පැවසීය.

    පකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කරන ලද තලේබාන් සංවිධානයට පිටුබලය දෙන බවට බටහිර බලවේග විසින් පාකිස්ථාන බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කර තිබේ.

    බී.බී.සී වාර්තාවකි

  • ‘දිව්‍ය ලෝකය’ සහ එජාප 75 වන සංවත්සරය

    ‘දිව්‍ය ලෝකය’ සහ එජාප 75 වන සංවත්සරය

    එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි.   මැරෙනකල්ම ඉදලා දිව්‍ය ලෝකයේ යනවා මිස, අද ම මැරිලා දිව්‍ය ලෝකයේ යන්නට කාටවත් හිතෙන්නේ නැත.

    ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යන මිනිසුන්ගේ‘ පක්ෂයට දැන් වසර 75 කි.

    1946 වසරේ නිදහසේ අරුණළු දකිමින් සිටි රටට, සිංහල-දෙමළ-මුස්ලිම් සෑම ජන කොටසකගේම ‘එක්සත් – ජාතික‘ සිහිනය ‘යුනයිටඩ් නැෂනල් පාටි‘ හෙවත් ‘අයික්කීය තේෂීය කච්ච්‘ ඉටු කළේය.  මෑතක් වන තුරුම සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිකයින් එම පක්ෂයේ ප්‍රධාන තනතුරු දරණ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පක්ෂ ගීතය කියන්නේ එජාප ය යි.

    අමද්‍යප මහා සභාව, ලංකා ජාතික සංගමය යන නිදහස් සටනේ පා පුවරු පසුකොට එජාපය බිහිවූවේ, 1947 මැතිවරණ අභියෝගය ජය ගැනීමට ය. එජාපය හා එජාප විරෝධය ලංකා මැතිවරණ සිතියමේ ‘තුලා කටුව‘ බවට පත් විය. එජාපය ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූවේය. මහ ගෙදරින් පිටමන් වූ බණ්ඩාරනායකවරුන් හා හිතවතුන් 1952 මහා මැතිවරණයේ දී ලංකා දේශපාලනයේ ‘චූල සම්ප්‍රදාය‘ ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීය.

    එදා එජාපය යනු කන-බොන-සුඛිත මුදිත මිනිසුන්ගේ පක්ෂය යැයි කියවිණි.  එහි අනෙකා වූ වාමාංශය – ශ්‍රීලනිප පීඩිතයාගේ පක්ෂ විය. 1952 -56 යුගය ලංකාවේ බුද්ධිමතුන්, වියතුන් තම රටේ දැවැන්ත නිර්මාණයන් සිදු කළ යුගය විය. නමුත්, එකම අවුල් වියවුල් රැසක් වු, වාර්ගික යුද්ධයකට පාර කැපූ  1956 මැතිවරණය – විප්ලවයක් ලෙස අපේ මිනිසුන් අදත් සලකති.

    1965 – 1970 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබාගෙන, උතුරේ සිට දකුණ ට එකම කැබිනට්ටුවක සාමාජිකයින් ලෙස වාඩි වී රට කළ යුගයක් විය. ඒ යුගය ට වඩා ලාංකිකයින් අදටත් පුරාජේරු කියන්නේ 1972- 1977 හාල් පොලු – මිරිස් පොලු – භුමිතෙල් චීත්ත ඇඳි ඇවිදින ඇට කටු යුගයට ය.

    ජේ.ආර්. ජයවර්ධන බ්‍රිතාන්‍යෙය් මාග්‍රට් තැචර්ට කලින් විවෘත ආර්ථිකයට ගියේ, රටේ ආර්ථිකය ලෝකයට විවෘත කළ මුල්ම ආසියානු රටක් ලෙසිනි. ඉන් වසර විසි පහකට පසුව ආර්ථිකය ලෝකයට විවෘත කර චීනය ලෝකයෙන් හතරෙන් එකක් අල්ලා ගත්තේය. චීන කොළනියක් වී අවසන් නමුත්, අපේ මිනිස්සු කටේ හිරි ඇරගන්න අදටත් බනින්නේ විවෘත ආර්ථිකයට ය.

    77 – 94  සියල්ල යහපත් වූවේ නැති බව සත්‍යයකි. උගත් පාඩම් තුලින් ‘තරුණ අසහන කොමිසම‘ වැනි ප්‍රගතිශීලි උත්සාහයන් තුලින් අතීතය නිවැරදි කර ගන්නට ද එජාපය උත්සහ දැරීය. එයින් බොහෝමයක් 1994 න් පසුව ආපහසු හැරුණු අතර එජාපයේ අත්තනෝමතික ක්‍රියා දෙතුන් ගුණයකින් වැඩි විය.  යාපනය සංවර්ධන සභා ඡන්දය තරමටම වයඹ පළාත් සභා ඡන්දය ද කළු පැල්ලමකි.

    2001 දී සෘණ ආර්ථිකය ගොඩගන්නට මිනිස්සු එජාපයට ඡන්දය දුන්නේය.  ආර්ථික ප්‍රශ්නය විසඳුණු වහාම 2004 දී ජනතාව එජාපය පරාජය කළේය. 2005 ජනාධිපතිවරණය එජාපය පැරදුණේ අලි – කොටි ගිවිසුම් ලේබලය නිසාය. මහින්ද ජනාධිපති වුනේ එල්.ටී.ටී.ඊ. ය මිනිස්සුන්ගේ ඡන්දය වැලැක්වූ නිසාය.

    2014 අත්තනෝමතික බලය රටම අවුල් ජාලයක් කරන විට, තම නායකයා පසෙක තබා, ශ්‍රීලනිප මහ ලේකම්වරයා රටේ ජනාධිපති කළේ ද එජාපය යි.

    ‘අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැත‘ යැයි ගුණදාස ලියනගේ දෝන කමලාවතී පොතේ ලොකු කතාවක් කෙටියෙන් ලීවේය.

    ‘අතීතයක් මිස අනාගතයක් නැති පක්ෂයක්‘ ලෙස එජාපය/සජබ සිය උරුමය ද, සංස්කෘතික අනන්‍යතාවය ද, අනාගතය ද, කැඩී බෙදී වෙන්වී අනතුරේ හෙලා ගෙන ඇත.

    අද එජාපයේ ඇස්-ඉස්-මස්-ඇට-නහර වූ පාක්ෂිකයින් පමණක් නොව එජාපයෙන් දේශපාලනය අරඹා, මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් වූ අති බහුතරයක් අඩුම ගානේ එජාප 75 ගැන සමාජ මාධ්‍ය පෝස්ට් එකක්වත් දමන්නේ ද සැක සහිතය.  කැඩී ගිය කණ්ඩායම්, වසර 50 ක් සිරිකොත බලා කියා ගත් ‘ධනපාල අංකල්‘ ට ත් එජාපයට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන සෙයකි.

    එජාප පරපුරේ දරුවන් (සජබ) සිය ගරා වැටුණු වලව්වක මුර කුටියට ඇති බැඳීමවත් අද එජාපයට දක්වන්නේ නැති යුගයක් එළැඹ ඇත.

    එජාපය සහ සමගි ජන බලවේගය යනු දෙකක් නොව එකම යන්ත්‍රයකි.  එජාප අනන්‍යතාව කෑලි දෙක තුනකට කැඩී වෙන්වී අවතැන් වී ඇත. එජාපය යනු සංස්කෘතියකි. එහි වටිනාකම් සියල්ල අතහැර දමන්නට කිසිවෙකු හෝ සිතන්නේ නම් ඔවුන් නව වටිනාකම් සොයා ගත යුතුය.

    දේශපාලන පක්ෂය පැවැත්ම ඇත්තේ, රාජ්‍ය බලය ලබාගැනීමට ඇති හැකියාව මත ය. 1994 න් පසුව ක්‍රමිකව එජාපය බලය ලබා ගැනීමට ඇති හැකියාව විහින් අහිමි කර ගත්තේය. එහි කූට ප්‍රාප්තිය සමානුපාති නියෝජනය යටතේ අඩුම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව එජාපය (සහ සජබ) ට හිමිවීමය.

    රටේ මිනිසුන් අද එජාපය (සජබ) ආණ්ඩුවට විකල්පයක් ලෙස දකින්නේ ද?

    නිදහසින් පසු ලංකාව මුහණ දෙන බරපතලම ආර්ථික අගාධයේ පාමුල සිටින විට, හාල්, සීනි, ගෑස් පෝලිමේ සිටින මිනිසුන්ට ආදේශක අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විකල්පයක් පමණී.

    එජාපයේ (සජබ) අර්බුදය ‘විකල්පයක්‘ නොවීම ය.  ආදේශකයමක්ම වීම ය.

    සම සමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ලාබාල, ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට සමකාලීන වූ, එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්තරයට සුබ පැතුම්!

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • ‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් ආ නියෝගයෙන් අවුල් ජාලයක්

    ‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් ආ නියෝගයෙන් අවුල් ජාලයක්

    ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු  රැගෙන ආ ගොවීන් සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳන් ඊයේ (04) රාත්‍රියේ එළවළු මිල දී ගැනීමට සහ අලෙවි කර ගැනීමට  නොහැකිව දැඩි  අර්බුදයකට මුහුණ  පෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 04 දින රාත්‍රී 8 ට වෙළදාම සඳහා විවෘත කරන බවට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය මගින් ගොවීන්ට මෙන්ම මිලදී ගනීමට එන ව්‍යාපාරිකයන්ට ගන්වා තිබුණු බවත් ඒ අනුව මෙම දෙපිරිස 04 දින සවරුවේ සිට ප්‍රධාන මාර්ගවල පෝලිමේ රැඳී සිටි බව කියති.

    පසුව රාත්‍රී 07:ට පමණ ආර්ථික මධ්‍යස්ථානයේ  වසා දමා තිබුණු ගේට්ටු සියල්ල විවෘත කිරීමත් සමඟ  මාර්ගයේ නවතා තිබූ එළවළු පිරවූ ලොරි රථ 1000කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානය ඇතුළට ඇතුළු කළ ද තවත් විශාල ප්‍රමාණයක් මහමග දිගු පෝලිම් වල ඇතුළු කර ගැනීමට  නොහැකිව තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳාම් කටයුතු සඳහා මධ්‍යම  රාත්‍රි 12 ට විවෘත කරන බවට එම අවස්ථාවේදී නැවත වෙළඳ  සංගමය මගින් නිවේදනය කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

    ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ.

    තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ පස්වරු අටට ආර්ථික  මධ්‍යස්ථානය විවෘත කරන බව නිවේදනය කළ නිසා පැය හතක් දහයත් අතර කාලයක් පස්වරුවේ සිටම පෝලිමේ සිට රාත්‍රී 7 වන විට එළවළු තොගයය ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කිරීමත් සමඟ නැවතත් පැය හතරක් ගොවීන් රඳවා ගන්නේ ගොවීන්ට වෛරසය බෝ කරන්නට දැයි ප්‍රශ්න කරන්නට විය.

    එළවළු මිල පහත දමා ඉතා අඩු මුදලකට එළවළු ලබා ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි ඇතැම් වෙළෙන්දන් මෙන් ම ගොවීන් ද ප්‍රශ්න කරන්නට වූහ.

    ඇතැතැම් ව්‍යාපාරිකයන්ගෙන් මෙම තීන්දුව ගනු ලැබුවේ කවුරුන්ද යන්න අප  විමසීමේදී ඔවුන් කියා සිටියේ ඉහළින් ලැබුණු තොරතුරක් බවය. කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් ආර්ථික  මධ්‍යස්ථාන ඊයේ (04)  පස්වරුවේ සිට විවෘතව ලැබුණු බවත් දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම් සඳහා ව්‍යාපාරිකයන් පැමිණ සිටිය දීත් එළවළු තොග ගොවීන් විසින් රැගෙන තිබියදීත් ඒවා අලෙවි කිරීමට තවත් පැය හතරක කාලයක් ලබා ගන්නේ කෙසේදැයි බොහෝ ගොවීන් විමසන්නට වූහ.

    ඇතැම් ගොවීන් කියා සිටියේ මින්  පසු තමන් වගාවෙන් ඉවත් වන බව ය. නිෂ්පාදනය කරගෙන එළවළුව අලෙවි කිරීම්ට බත් මුල් තුනක් බැඳ ගෙන ආ යුතු බවත් දින දෙකක් නිදිවරාගෙන සිටිය යුතු බවත් පෙන්වා දෙති.

    කිසිදු සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොමැති වීම ඉහළ තීන්දු තීරණ ගන්නා බලධාරීන් කිසිදු වගකීමකින් තොරව මෙවැනි තීන්දු තීරණ ගැනීම නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දඹුල්ලට පැමිණි ගොවීන් මෙන්ම වෙළෙන්දන්ද දැඩි අසීරු අසීරුතාවයකට පත් වූ බව පවසති.

    දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ‘තම වෙළෙඳ සංගමය ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන්  පිළිබඳව සිතා බලා එමෙන්ම  නගරයේ පවතින දැඩි තද තදබදය පිළිබඳව අවබෝධ නිසා පස්වරු අටට විවෘත කිරීම් සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියදී එක වැරම මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන  කමිටුවෙන් රාත්‍රි දොළහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන ලෙස දැනුම් දීම නිසා මෙම තීරණයට එළඹි බව‘ ය. ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙක් මේ නිසා දැඩි අපහසුතාවයට ලක්වන අයුරු තමන් ද  පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 05 දින අලුයම වන විට දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ අතර ආර්ථික මධ්‍යස්ථානයට ලොරි රථ ඇතුළත් කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයේ  දැඩි තදබදයක්  සිදුව ඇති බව ගොවීහු පවසති.

    එමෙන්ම  දීවයිනේ  සෑම ප්‍රදේශයකින්ම එළවළු මිලදී ගැනීම සඳහා ගොවීන් ව්‍යාපාරිකයන් වෙළෙන්දන් පැමිණ සිටි අතර එළවළු රැගෙන දිවයිනේ සෑම පළාතකින් ම ගොවීන් ද විශාල වශයෙන් පැමිණ තිබූ බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති

    කන්ද උඩරට ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබූ බෝංචි, මාළු මිරිස්, කැරට්, ලීක්ස් ආදී කිලෝවක තොග මිල රුපියල් 100 සිට 180 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති

    එමෙන්ම පහත රට එළවළු වම්බටු, මෑකරල්, කැකිරි, පිපිඤ්ඤා, දඹල, වැටකොළු, ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් තිහේ සිට රුපියල් 100 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති

    බොහෝ ගොවීන් කියා සිටියේ තමන්  දීන  දෙකක පමණ කාලයක් තම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා මහමග රැඳී සිටින බවය. වෛරසය බෝ වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් දින දෙකක කාලයක් මහමග රැඳී සිටීම නිසා එළවළු වගාවන් හිද වැඩ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ඔවුන් පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිශ්චිත කාල රාමුවකට දිනපතා විවෘත කර තබන ලෙස ද ගොවීන් රජයෙන් ඉල්ලීමක් කර සිටීති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ශ්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාඛ රතු දත්ත ලැයිස්තු එළි දැක්වේ

    ශ්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාඛ රතු දත්ත ලැයිස්තු එළි දැක්වේ

    ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක ඊයේ (03) දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය.

    මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධව Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළේය.

    ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්. ඒ.ආර්. ආර්. රූපසිංහ මහතා විසින් රතු දත්ත ලැයිස්තු දෙක අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය.

    මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය, ‘‘වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ රතු දත්ත පොත යනු වඳවීමේ හා තුරන්විමේ තර්ජනයට ලක්ව ඇති වෘක්ෂලතා හා සතුන් පිළිබඳ දැක්වෙන වාර්තාවක් පමණක් ලෙසයි. නමුත් ශ්‍රී ලංකාවේ හමුවන සියලුම සතුන් හා ශාඛ සංරක්ෂණ තත්ත්වයන් පිළිබඳව තක්සේරු කිරීමක් ද මෙම වාර්තාව මගින් සිදුවෙනවා. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම සත්ව හා ශාඛ ප්‍රජාවන් සංරක්ෂණය කර ගනිමින් කටයුතු කිරීම සම්බන්ධව අපිට අවධානය යොමු කරන්නට සිදුවෙනවා‘‘

    එළි දක්වනු ලබන්නේ රතු දත්ත පොතේ වැදගත්ම රතු ලැයිස්තු දෙකයි. ඒ අනුව 2020 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළීබඳ රතු දත්ත ලැයිස්තුව සහ 2020 ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලැයිස්තුව එළිදැක්වීම සිදු වෙනවා.

    මේ වනවිට පක්ෂීන්, ක්ෂීරපායීන්, උරගයින්, උභයජීවින්, සමනල්ලු, බත්කූරන්, කුහුඹුවන්, මීමැස්සන්, මකුළුවන්, මිරිදිය කකුළුවන්, හා ගොඩබිම වෙසෙන බෙල්ලන් යන විශේෂ 11ක් සම්බන්ධව රතු දත්ත ලැයිස්තු සැකසීම අවසන් වෙමින් තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ 12ක් සම්බන්ධව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් තිබෙනවා. එම අංශ 12 සම්පූර්ණ වීම මගින් රතු දත්ත පොත සකස් කරනවා.

    රතු දත්ත පොත සැකසීම පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ. එසේම, අප රටේ විද්වතුන් විශාල පිරිසක් මේ සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. ඒ නිස අපේ ජෛව විවිධත්ව අංශයට හා ඒ විද්වතුන් සියලු දෙනාට මම කෘතඥතාවය පළ කරනවා.

    ඒ වගේම මේ සඳහා සහයෝගය පළ කළ ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව හා එහි ශාඛාගාරයටත්, ලෝක සංරක්ෂණ සංගමය IUCN ටත් මගේ ස්තුතිය පළ කරනවා. මෙම වසර අවසන් වනවිට ඉතිරි සියලුම අංශ සම්පූර්ණ කළ හැකියි. ඒ අනුව ලබන වසර වනවිට අපිට සමස්ත රතු දත්ත පොතම එළිදැක්වීමේ හැකියාව තිබෙනවා. කොවිඩ් 19 තත්ත්වය මැද වුවත් අපේ ජෛව විවිධත්ව ඒකකයේ කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව අවධානය යොමු කර එම කටයුතු අවසන් කිරීම සම්බන්ධව මම මගේ ස්තුතිය පිරිනමනවා‘‘

    වෘක්ෂ ලතා පිලිබඳ 2020 ජාතික රතු දත්ත ලැයිස්තුව.

    ශ්‍රී ලංකාවේ ශාඛවල රතු දත්ත ලැයිස්තුව කියන්නේ දේශීය ශාඛවල සංරක්ෂණ තත්ත්වය පමණක් නොව එම තර්ජන හා වඳවීමේ අවදානම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගවල දර්ශකයක්. මෙම වාර්තාව සකස් කිරීමට අපේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙන්ම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාඛාගාරයේ තාක්ෂණික හා උපදේශක කණ්ඩායමක දායකත්වය ද ලබා දුන්නා.
    මෙම වාර්තාවට ශ්‍රී ලංකාවේ ශාඛ විශේෂවල විශේෂයෙන් සපුෂ්ප ශාඛ හා පර්ණාංග ශාඛවල ජාතික සංරක්ෂණ තත්ත්වය ඇතුළත් වෙනවා.

    මෙම වාර්තාව අනුව ජාතික රතු ලැයිස්තුවට ශාඛ කුළ 186ක සපුෂ්ප ශාඛ විශේෂ 3087ක් ඇගයීමට ලක් කළා. ඒ අනුව ඒක දේශීය සපුෂ්ප ශාඛ 863ක් ( මුළු සපුෂ්ප ශාඛවලින් සියයට 28ක්) ඇතුළත් වෙනවා. 2012 වාර්තාවට ඇතුළත් නොකළ එහෙත් මෙවර වාර්තාවට ශාඛ විශේෂ 64ක් ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. 2012 ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ නව විශේෂ 10ක් තවදුරටත් රතු ලැයිස්තුවට අන්තර් ගත වෙනවා.

    2012 වාර්තාව මගින් අප රටෙන් වඳ වී ගිය ලෙස සැළකූ ශාඛ වර්ග 05කින් තුනක්ම තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශාඛ විශේෂ දෙකක් තවදුරටත් වඳ වී ගිය ශාඛ ලෙස සැළකෙනවා. පසුගිය කාලයේ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක් වු පඩු කරඳ ශාඛය හෙවත් Crudia Zeylanica ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාඛයක් නොවන බවට මෙම වාර්තාවෙන් තහවුරු කරනවා.

    ඇගයීමට ලක් කරන ලද සපුෂ්ප විශේෂ 3087න් 1496ක්ම තර්ජනයට ලක් ව ඇති බවට ශාඛ රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වෙනවා. මෙම සංඛ්‍යාව අපේ රටේ සමස්ත සපුෂ්ප ශාඛවලින් සියයට 48.4ක්. මෙම තර්ජනයට ලක්ව ඇති විශේෂ ව්‍යාප්තව තිබෙන්නේ මහනුවර, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවලයි.

    දිලීර ලැයිස්තු දෙකක් යටතේ ඝණ 422කට කුල 183කට අයත් ලංකාවේ ශාඛ ආශ්‍රිත දිලීර විශේෂ 1139ක් හා දෙවන ලැයිස්තුවට ඝන 96කට අයත් ඇගරික් දිලීර විශේෂ 345ක් අයත්.

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ තර්ජිත තත්ත්වය ඇගයීම 2020 රතු ලැයිස්තුව

    අප රටේ මත්ස්‍ය විශේෂ 97ක් මෙම වාර්තාව යටතේ ඇගයිමට ලක් කර තිබෙනවා. ඉන් විශේෂ 61ක් අප රටට ආවේණික බව හඳුනාගෙන තිබෙනවා. ඉන් අපේ රටට ආවේනික විශේෂ 12ක් දැඩි තර්ජිත ලෙස රතු ලැයිස්තු ගත කර තිබෙනවා. තවත් විශේෂ 29ක් තර්ජිත වන අතර ඉන් 24ක් අපිට ආවේනික මත්ස්‍ය විශේෂයි. ඒ වගේම තවත් මත්ස්‍ය විශේෂ 10ක් අවදානම් තත්ත්වයේ සිටින අතර ඉන් 09ක්ම අපිට ආවේනික මත්ස්‍ය විශේෂයි. එමෙන්ම ආවේනික විශේෂ 05ක් ඇතුළත්ව විශේෂ 10ක් ආසන්න තර්ජිත තත්ත්වයේ සිටිනවා. තක්සේරුව සඳහා දත්ත අවම විශේෂ 07ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් විශේෂ 02ක් අපිට ආවේනික මසුන්. ඉතිරි විශේෂ 29 අඩු අවදානම් විශේෂ යි. ඉන් විශේෂ 09ක් අපිට ආවේනිකයි.

    2019 වනවිට ගෝලීය රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබුනේ ශ්‍රී ලංකාවට ආවේණීක මත්ස්‍ය විශේෂ 18ක් පමණයි. නමුත් මෙවර රතු දත්ත ලැයිස්තුව යාවත්කාලීන කිරීම මගින් අපේ රටට ආවේනික මත්ස්‍ය විශේෂ 59ක් ගෝලීය රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

    රජයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

  • ඇෆ්ගනිස්ථානයේ වත්මන් අර්බුදය ගැන චීනයේ නව සැලසුම

    ඇෆ්ගනිස්ථානයේ වත්මන් අර්බුදය ගැන චීනයේ නව සැලසුම

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් (Wang Wenbin) ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්වය පිළිබඳව බ්‍රික්ස් සමුළුවේ දී බොහෝ දුරට  ඉස්මතු කිරීමට ඉඩ ඇති බව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බැව් India News Network වාර්තා කරයි. 

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්(Wang Wenbin)

    තලේබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ව්‍යාකූල සහගත අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් සිටී. යුද්ධයෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව මේ මස පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

    ඇෆ්ගනිස්ථානයේ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රික්ස් (BRICS) රටවල ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ හමුවේ දී සාකච්ඡා කළ බව  චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක  වැන්ග් වෙන්බින්(Wang Wenbin) ගේ ප්‍රකාශය උපුටා දක්වමින් India News Network සඳහන් කරයි.

    2021 අගෝස්තු 24 වනදා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බ්‍රික්ස් (BRICS)  හි ආරක්ෂක උපදේශකයින්ගේ හමුවේ දී තලේබාන් සංවිධානය විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත අනුග්‍රහ දැක්වීමේ හැකියාව පිළිබඳ දැඩිව අවධානය යොමු කොට ඇත. මෙහිදී බ්‍රික්ස්හි (BRICS) ආරක්ෂක උපදේශකයින් ත්‍රස්තවාදයට එරෙහි  සහයෝගීතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ සැලසුමක් අනුගමනය කළ යුතු බව ද අවධාරණය කළේය

    මාර්ගගත (Online) ක්‍රමයට පැවති මෙම රැස්වීමේදී ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරී සැලැස්ම ද සම්මත කරන ලදී. එමෙන්ම ලෂ්කර්-ඊ-තාලයිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ්(Lashkar-e-Taiba and Jaish-e-Mohammed)   වැනි සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයෙන් ඉන්දියාවට සිදුවන බලපෑම ද අවධාරණය ලක් කළේය.

  • දේශීය වෙදකම ගැන අගමැති අලුත් අදහසක්

    දේශීය වෙදකම ගැන අගමැති අලුත් අදහසක්

    පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය.

    මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට  අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පීත්ත පටිය කපමින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත කළ අතර අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

    බෝ නොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරනු ලබන මොණරාගල රාජපුර ආයුර්වේද රෝහල, රෝගීන්  හතළිස් දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම්වලින් සමන්විතය.

    බෞද්ධ ස්වාමීන්වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ට මෙම රෝහලේ බාහිර හා නේවාසික ප්‍රතිකාර මුළුමනින්ම නොමිලේ සැපයෙනු ඇත.

    රෝහල විවෘත කරන අවස්ථාවට වැල්ලවාය සිරි පියරතන විද්‍යාතනයේ විහාරාධිපති කන්දඋඩ පංගුවේ සුධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.

    රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි, දේශිය වෙදකම දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් තවත් පියවරකින් ඉදිරියට යන මෙවැනි අවස්ථාවකට එක්වන්නේ ඉතාම සතුටින්. ඔබ දන්නවා අපට රජකමටත් වෙදකමටත් හපන් පෑ රජවරු සිටි අභිමානවත් ඉතිහාසයක්  තියෙනවා.

    අපේ මුතුන් මිත්තන් රැකගත්ත, අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ඒ ආකාරයෙන් නූතන පරපුරට රැකදීම වගේම එය ජාත්‍යන්තරයට හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් විධියටයි අපි විශ්වාස කරන්නෙ.

    ඒ සඳහා සුමිත් රාජපුරල වගේ දේශීය වෙදකමත් ආයුර්වේදයත් ප්‍රගුණකරපු අපේ රටේ දේශිය වෛද්‍යවරු ගන්නා මෙවැනි ඉදිරි ක්‍රියාමාර්ග රජයක් විධියට අපි හැමවිටම අගය කරනවා.

    මිත්‍රවරුනි,  අපි දන්නවා එක පැත්තකින් දේශීය වෙදකම කියන්නෙ අපේ රටේ සංස්කෘතියේම කොටසක්. එදා බටහිර වෛද්‍ය ක්‍රම ජනප්‍රිය නැති කාලෙ ජනතාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ දේශීය වෙදකමෙන්.

    දොස්තර මහත්තයා ගමට එන්න කලින් එදා ගම්වල වෙද මහත්තයෙක් හිටියා. ඕන ලෙඩකට දුකකට එදා පිහිටට හිටියෙ ගමේ වෙද මහත්තයා. අදත් සමහර ගම්වල ඒ වෙද පරම්පරාවේ ඉදිරියට ආපු වෙදමහත්වරු ඉන්නවා. ඒ වගේම එතැනින් තවත් ඉදිරියට ගියපු ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා.

    දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ මෙහි තියෙන වැදගත්කම කල් තියා දැනගෙන. අපි දන්න විධියට ඒ අමාත්‍යංශය දේශීය සහ ආයුර්වේද වෙදකමට ලියාපදිංචි වුණ වෛද්‍යවරුන් විසි දහසක පමණ තොරතුරු දැන් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා.

    මිත්‍රවරුනි, දේශීය හා ආයුර්වේද වෙදකම මේ කාලේ ලොව පුරා ජනප්‍රිය වෙමින් යනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැන්ම තියලා ඊට සූදානම් වෙන්න ඕනි.

    අපි දන්නවා, පාකින්සන් , ආඝාත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහිකරන්නත් දැනට සැලසුම් කරලා අවසන්.

    අද මේ විවෘත කරන රාජපුර රෝහලත් දේශීය වෙදකම වගේම ආයුර්වේදය මුල්කරගෙන ප්‍රතිකාර දෙන බව අපට දැනගන්න ලැබුණා. මේ රෝහලෙනුත් බෝනොවන රෝග රැසකට ප්‍රතිකාර දෙනන් පුළුවන් කියලයි ඒ අය කියන්නෙ. ඒ නිසා ඉදිරියේ දී දේශීය ප්‍රතිකාර ක්‍රම සොයාගෙන එන විදේශිකයන්ටත් මෙවැනි රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ පහසුව උදාවෙනවා.

    මිත්‍රවරුනි, ඖෂධීය ගහ කොළ යොදාගෙන වසෙන් විසෙන් තොරව නිෂ්පාදනය කරන ආහාර වර්ග , ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාත් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එම ඉල්ලුම අපිට ජයගන්න පුළුවන්නම් එය රටේ ආර්ථිකයටත් විශාල හයියක්.

    අද ඇතැම්විට ජනතාවට නිවැරදි වෛද්‍යවරයා සොයාගැනීමේ ගැටලු තිබෙනවා. ඇතමුන් වෛද්‍යවරුන් වගේ ව්‍යාජ ලෙස හැසිරෙමින් ජනතාව රවට්ටනවා. තවත් සමහරු තමන්ට දැනුමක් නැති රෝගවලටත් බෙහෙත් දෙන්න ගිහිං රෝගීන් අමාරුවේ දානවා. මෙවැනි දෑ සමාජයෙන් ඈත් වෙන්න ඕනි කියලයි අපි විශ්වාස කරන්නෙ.

    ඒ වගේම දේශීය වෙදකම, ආයුර්වේදය ආශ්‍රිත පර්යේෂණ දියුණ කරන්න. ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන්න ක්‍රමයක් සකස් කරන්නැයි අපි අදාළ නිලධාරින්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනදා දක්නට නොමැති ප්‍රමිතියක් මේ හැමදේකම දකින්න ලැබෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව.

    මිත්‍රවරුනි, බුදුරජාණන් වහන්සේ පවා ගිලනුන්ට උපස්ථානය තමන්ට කරන උපස්ථානයක් හා සම කොට සළකන්නැයි දේශනා කර තිබෙනවා. එදා අපේ දේශීය වෙදකමත් මුදල් බලාපොරොත්තුවෙන්ම සිද්ධ වුණ දෙයක් නෙමෙයි. මට දැනගන්න ලැබුණු විධියට භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු ආගමික පූජකවරුන්ට මෙම රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා. එය උතුම් ක්‍රියාවක් හැටියට අපි සියලු දෙනා අගය කරන බව ත් අද දින සිහිපත් කරන්න කැමතියි.

  • ශත 25 ආනයන බද්ද නිසා දඹුල්ලේ ලොකු ලූණු ගොවියන්ටත් ගැටලු පිට ගැටලු

    ශත 25 ආනයන බද්ද නිසා දඹුල්ලේ ලොකු ලූණු ගොවියන්ටත් ගැටලු පිට ගැටලු

    දඹුල්ල,  ගලේවෙල, සීගිරිය, නවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම, ආදී  ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ.

    මේ දිනවල සීගිරිය ප්‍රදේශ්යේ වැඩි වශයෙන් ලොකු ළුණු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති.

    තමන්ගේ අස්වැන්න සඳහාමේ දිනවල රුපියල් 70-80ත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී නොගෙන වෙළඳපොළේ ඇති පාකිස්ථානයෙන් සහ  ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කිලෝවක්  රුපියල් 50 සිට 65 දක්වා වූ මිලට අලෙවි කරන ලූුණු මිලදී ගන්නා බව ගොවීහු පවසති.

    පසුගිය දිනවල පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය නොමැතිවීම ඒවා වැඩි මිලට ලබා ගෙන ගොවිතැන් කිරීම මෙන්ම  ශ්‍රම  කුලිය වැඩි වීම ආදී නිසා ලොකු ළූණු කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 85-90 අනුවත් අතර මිලක් වියදම් වී ඇතැයි දේශීය ලොකුළ ලූනු ගොවීහු පවසති.

    විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් සඳහා රජය  ශත 25ක බද්ද මේ වන විට අයක කිරීම නිසා වෙළඳපොළේ විදේශීය ලොකු ලුණු අඩු මිලට පවතිම නිසා  දේශීය ලොකුළ ලූනු ගොවියාට සාධාරණ මිලක් අහිමිවන බව ද ඔවුහු පෙන්වා දෙති.

    දේශීය ලොකු ලූනු ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් දේශීය ගොවියා පිළිබඳව අවධානය යොමු කොට විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ය.

    වෙනත් වසරවල ද මේ ආකාරයෙන්ම විදේශ රටවලින්  ගෙන්වන ලුණු සඳහා බද්ධ පැනවීමත් සමඟ දේශීය ගොවියාට සාධාරණ මිලක් හිමි වූ බව සීගිරියේ ගොවීහු පවසති.

    සීගිරිය ප්‍රදේශයේයේ දේශීය ලොකු ලූනු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති ආකාරය පෙන්වා දෙන ගොවීන් කියා සිටින්නේ එක ලූනු කිලෝවක් කැපීම සඳහා කම්කරුවෙකුට රුපියල් තුනක මුදලක් ගෙවන බවයි.

    වෙතත් රසායනික පොහොර නොමැතිවව මෙම මෙවර දැඩි අසීරුතා මධයේ  තමන් වගා කළ බවද ගොවින් පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • හලාවත වැවිලි සමාගමෙන් සුපිරි වැඩක් !

    හලාවත වැවිලි සමාගමෙන් සුපිරි වැඩක් !

    පොල් සහ කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන 10ක් වෙළඳපොළට හඳුන්වා දීමට සීමාසහිත හලාවත වැවිලි සමාගම කටයුතු කරන ලදි.

    පසුගිය 03 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව “අමුද්‍රව්‍ය වෙනුවට නිමි ද්‍රව්‍ය” යන තේමාව යටතේ නව හඳුන්වා  දීම් සිදු කරන ලදි.

    දේශීය ආයුර්වේද ඖෂධ අඩංගු කර නිෂ්පාදනය කරන ලද පොල් තෙල්, පොල් සීනි, හකුරු, පොල් පැණි, පොල් කටු හැදි, ගිතෙල් වැනි නිෂ්පාදන රැසක් මෙහිදී වෙළද පළට  හඳුන්වාදීම සිදුවිය.

    නව පොල් තෙල් විශේෂ භාවිතා කිරීම තුළින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කර ගත හැකි බවත්, පොල් සීනි භාවිතා කිරීම තුළින් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගත හැකි බවත් මෙම අවස්ථාවට එක්ව සිටි හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත මහතා පැවසීය.

    හලාවත වැවිලි සමාගම විසින් ඉදිරියේදී බහු නිෂ්පාදන රැසක් වෙළඳපොළට එක් කරන බවත්, සියලු නිෂ්පාදන විදේශ වෙළෙදපොළට යොමු කර ඒ තුළින් විදේශ විනිමය ලබා ගැනීම අරමුණ බවද සභාපති ජූඩ් රූකාන්ත මහතා පැවසීය.

    හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    සටහන සහ ඡායාරූප – ජූඩ් සමන්ත

  • කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සුපිරි තීරණ මෙන්න

    කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සුපිරි තීරණ මෙන්න

    මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය  ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹිණ. පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු  සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ.

    එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණවන පරිදි සිදු කෙරුණු වයස අවුරදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

    වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාන්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

    දෛනිකව 400-450ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙරේ. ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වේ.  එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී සිදුවන සංසිද්ධියක් ගෙනහැර දක්වමින් සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් බව හුවා දැක්වීමට මාධ්‍ය මගින් කෙරෙන උත්සාහය කණගාටුදායක බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු පෙන්වා දුන්හ.

    එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමග  නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.

    2020 මාස 03කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබිණ. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපතිවරයා පැවසීය.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ  බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතී. ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබිණ.

    ඉහළ ඡායාරූපය මෙවර පැවැති රැස්වීමට අදාළ එකක් නොවේ. එය පසුගිය සතියේ පැවැති රැස්වීමේදී ගත් ඡායාරූපයකි- ප්‍රධාන සංස්කාරක

  • “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා.

    ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා. ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වාදෙන්නෙ. තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද සඳහන් වෙනවා. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් ‍බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා සිටිනවා.

    එම ලිපිය පහතින්.

    පහන්තුඩාව රති වීඩියෝව බැලු හිමිනම ගැනත් සොයාබලන්න.

    ගරුතර අස්ගිරි මල්වතු මාහිපාණන් වහන්සේලා වෙත,

    ඉකුත් දිනයක තරුණියක සහ තරුණයෙකු පහන්තුඩාව ප්‍රදේශ‍යේ දියඇල්ලක් අසල අසභ්‍ය ලෙස හැසිරුනු වීඩියෝවක් අරඹයා දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති යැයි කියන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනධිපතිතුමන් වෙත ලිපියක් යොමු කර තිබුණි. එයින් ඉල්ලා තිබුනේ මේ යුවළ අරඹයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

    ගරුතර ස්වාමීන් වහන්ස, පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මේ ලිපිය ලිවීමට නම් උන්වහන්සේ විසින් මේ වීඩියෝව නරඹා තිබිය යුතුය. එසේ නැතුව තමන්වහන්සේ විසින් ඇසින් නුදුටු වීඩියෝවක් අරඹයා යම් කෙනෙක් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම ද්වේශ සහගත වෙයි.

    එමෙන්ම මෙවන් වීඩියෝ සංඝයා වහන්සේලා විසින් නැරඹීම සහ මෙවන් ලෞකික සමාජය විසින් විසඳා ගත යුතු කාරණා අරඹයා ලිපි ලිවීමෙන් අපගේ බුද්ධ ශාසනයට විශාල අපකීර්තියක් මෙන්ම ඒ ගෞරවනීය බව සැහැල්ලුවට ලක්කිරීමක් සිදුවන වග බෞද්ධ අපගේ විශ්වාසයයි.

    එබැවින් මේ භික්ෂුන් වහන්සේ මේ වීඩියෝව නැරඹුවාද යන්න පිළිබඳ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි.

    එසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට සංඝයා වහන්සේලා පෙළඹී සිටීමත්, ඒවා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමත් අප ගෞරවනීය ලෙස සලකා වැඳුම් පිදුම් කරන අනෙකුත් සංඝයා වහන්සේලා කෙරෙහිද බලපාන අවමානයක් වෙයි.

    එබැවින් මේ පිළිබඳව සොයා බලා බුද්ධ ශාසනයේ විනය අවධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන මෙන් ඔබවහන්සේලාගෙන් ඉතාම ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

    බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය
    මංජු ශ්‍රී ආරිවංශ

  • හමුදාවට ෆයිසර් දීම ගැන GMOA යළිත් ආණ්ඩුවට චෝදනා කරයි

    හමුදාවට ෆයිසර් දීම ගැන GMOA යළිත් ආණ්ඩුවට චෝදනා කරයි

    ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන ක‍්‍රියාවලිය පිළිබඳව තම සංගමය බලවත් අප්‍රසාදය පල කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනාවකට අනුව අතිගරු ජනාධිපතිතුමන් එන්නත්කරණ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ ක‍්‍රියාවලියට සමගාමිව රෝහල් පද්ධතිය අනුබද්ධ කිරීම අනුමත කරන ලදි. එමගින් දෛනිකව එන්නත් මාත‍්‍රා ලක්ෂ 5ක සීමාව ඉක්මවා ලබා දිය හැකි බව ක‍්‍රියාවෙන් අප සනාථ කර ඇත.

    සෞඛ්‍ය අංශයෙන් ක‍්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් ලෙස නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා අංශය වෙත පැවරෙන වගකීමකි. නමුත් වසංගත රෝග විද්‍යා අංශය මගින් රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා සුලු ප‍්‍රමාණයක් ලබා දීම සිදු කරයි. එමගින් සෞඛ්‍ය අංශයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇති වී ඇත. එසේ වෙන් කරනු ලැබු එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණවත් නොවීම මත එන්නත නොලබා එම මධ්‍යස්ථාන වලින් පිටව යෑමට සිදු වන මහජනතාවගේ දෝෂාරෝපණයද සෞඛ්‍ය අංශය මත පැටවී ඇත.

    නමුත් හමුදාව වෙත වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු හිගතාවයකින් තොරව අඛණ්ඩව එන්නත් මාත‍්‍රා නිකුත් කිරීම සිදු කරයි. එමෙන්ම ෆයසිර් එන්නත් මාත‍්‍රා හමුදාව මගින් පමණක් ලබා දීමටද, විද්‍යාත්මකව සැකසු එන්නත්කරණ ක‍්‍රමවේදයෙන් පරිබාහිරව Vaccine Strategy තෝරා ගත් ප‍්‍රදේශ වල විවිධ වයස් කාණ්ඩ වලට (වයස අවුරුදු 20 – 30) එන්නත් ලබා දීමටද කටයුතු කරන බවක් පෙනි ගොස් ඇත.

    මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව දක්නට ලැබේ. මීට ප‍්‍රධානතම හේතුව වන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දක්වන අසාමාන්‍ය ලැදියාවත්, විද්‍යාත්මක නොවන අක‍්‍රමවත් තීරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා සිදු කරන බලපෑම බවත් පෙනි යයි.

    මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යතුමන්ද දැනුවත් කරන ලදි.

    ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන මේ ක‍්‍රියාවලිය පිළිබඳව අපගේ බලවත් අප‍්‍රසාදය පල කර සිටිමු.

  • ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම: වී ගබඩා හිමියෙක් කරන සුපිරි හෙළිදරව්ව

    ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම: වී ගබඩා හිමියෙක් කරන සුපිරි හෙළිදරව්ව

    වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බවට උල්පතගම ප්‍රදේශයේ වී තොග  ව්‍යාපාරිකයෙකු චෝදනා කළේය.

    ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශ්යේ ලියාපදිංචි නොකල ගබඩාවක රැස්කර තිබූ වී මිටි 4000ක් පමණ ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරින් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ සොයා ගෙන  තිබේ.

    අනුරාධපුර  දීස්ත්‍රික්  පාරිභෝගික සේවා වැටලීම් අංශයට  ලද තොර තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී  මේ බව අනාවරණය කර කරගෙන තිබේ.

    උල්පතගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව  ප්‍රදේශයේ ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඒවා ගබඩා කරගෙන තිබෙන බවත් ගබඩා කිරීමට අවැසි නම් රජයේ නීති රීතිවලට යටත්ව ක්‍රියා කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසූ අතර එම වී ගබඩාවට  මුද්‍රා තබා එහි වී තොග වී අලෙවි මණ්ඩලයට ලබාදීම සඳහා  අවශ්‍ය පියවර ගන්නා බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.

    මෙම ගබඩාවේ සම්බා වී ගෝනි 2000ක් සහ නාඩු වී ගෝනි 2000ක් ගබඩා කර තිබුණු බවත් ගබඩාව රජයේ බැංකුවක සතු දේපොළක් ලෙස ප්‍රදර්ශනය කර තිබු බව වැටලීම් නිලධාරීහූ පවසති.

    එහෙත් වී  තොග රැස්කරගෙන සිටි ව්‍යාපාරිකයා කියා සිටියේ තමන් ලංකා බැංකුව සමඟ මෙම වී තොග රැස් කළ බවය. තම ගොඩනැගිල්ලේ ලංකා බැංකුව සතු ආයතනයක් බවට  ප්‍රදර්ශනය කර තිබෙන බවත් එහෙත් රජයේ මුදල්වලින් වී මිලදී ගෙන තිබීම නිසා ලංකා බැංකුව රජයේ ආයතනයක් නිසාත් තමන් ලියාපදිංචිය සඳහා යොමු නොවුණු බව ඔහු සඳහන් කළේය.

    ඒ ගැන  දැනුවත් වීමක් නොතිබුණු බවත් වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බව ඒ මහතා සඳහන් කළේය.

    තමන් සිදු කරන්නේ වී තොග රැස් කිරීමක් නොව තම ප්‍රදේශයේ ගොවි ජනතාවට අස්වනු නෙළාගැනීමට සහ විවිධ අවස්ථාවන්හිදී ණය මුදල් ලබාදී ඔවුන්ගේ වී අස්වැන්න ලබාගෙන අතරමැදියකු ලෙස තවත් මෝල්  හිමියෙකුට සුළු ලාබයකට අලෙවි කිරීම් බවය.

    තාම  ප්‍රදේශයේ ගොවීන්ට එවැනි උදව්වක් කිරීම මහා බරපතළ වරදක් ලෙස දකින බවත් එහෙත් මෙම ගොවීන්ට උදව් කිරීම් සහ වී අස්වනු රැස්කිරීම කුඩා මෝල් හිමියන් ‍ව්‍යාපාරිකයන් හැටියට අතහැර දැමූ විට ප්‍රධාන පෙළේ වී මෝල්  හිමියන් පමණක් මෙරට සහල් සහ වී අලෙවිය සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේය

    කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට වී මිල පාලනය කරනවාට වඩා සහල් මිලට සහතික මිලක් දමා එය පාලනය කිරීම කළ යුතු බවය.

    සටහන හා ඡායාරූප – කංචන කුමාර ආරියදාස

  • බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද?

    බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද?

    කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය.

    දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින් ප්‍රවර්ධන කෙරෙන විවිධාකාරයේ කරල්, පැණි, සහ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඇතැම් වෙදමහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, සහ ඇලෝපතික වෛද්‍යවරුන් පවා කොවිඩ්වලට එරෙහිව ඖෂධ සොයාගත්තේයැ යි තවමත් විටින් විට ප්‍රචාරය වේ.

    මේවායේ සත්‍යාසත්‍යතාව අපැහැදිලි නමුත් වසංගතයෙන් බියට පත්ව සිටින ජනතාව “පිදුරු ගහෙත් එල්ලීමට” සූදානමින් සිටින නිසාවෙන්, මෙම ප්‍රචාරයන් ඉතා භයානක සහ අනාරක්‍ෂිත වීමට පුළුවන.

    ආයුර්වේද ලේකම් නිවේදනය
    අන්තර්ජාලයේ සංසරණය වන බෙහෙත් වට්ටෝරු අත්හදා නොබලන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය සමස්ත මහජනතාවට දැනුම් දෙයි

    මෙයට හොඳම උදාහරණය නම් කෑගල්ලේ ධම්මික නම් පුද්ගලයෙකු ‘කාලි මෑණියන්’ විසින් කොරෝනා වෛරසය සුව කළ හැකි බෙහෙත් වට්ටෝරුවක් පවසන ලදැ යි කියමින් ප්‍රචලිත කළ දේශීය ‘ඖෂධ පැණිය’ යි. එය රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව බොහෝ දෙනා පොරකමින් භාවිතා කළහ.

    පසුව හෙළිවූයේ එම පැණිය කෝවිඩ් සඳහා පමණක් නොව ආහාරමය අතිරේකයක් ලෙස හෝ භාවිතා නොකළ යුතු බවකි.

    අයිවර්මෙක්ටින් නම් සතුන්ට ලබාදෙන පණු බෙහෙත මේ ලැයිස්තුවට අලුතින්ම එක්වී ඇති ඖෂධය යි. මෙය ‘කොවිඩ් මැඬලන ඔසුවකැ’ යි කියන මහාචාර්ය අශෝක දංගොල්ල එය ජනතාව වෙත නිර්දේශ කළේයැ යි පැවසෙන ලිපියක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ පැතිරේ.

    කෙසේ නමුත්, තමා එවැනි නිර්දේශ කිරීමක් නොකළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශූවෛද්‍ය පීඨයේ සේවය කරන එම මහාචාර්යවරයා බීබීසී සිංහල සේවය වෙත සඳහන් කළේ ය.

    සතුන්ට දෙන පණු බෙහෙතකින් කොරෝනා සුව වේ?

    සතුන්ගේ පණුරෝග සුවවීම සඳහා ලබාදෙන බෙහෙතකින් කොවිඩ්-19 රෝගය ද සුවකළ හැකියැ යි රාවයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි. මෙයට හේතු වූයේ පසුගිය දා එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතකි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල විසින්, කොවිඩ් සුවකිරීම සඳහා මෙම ඖෂධය භාවිතා කළ හැකියැ යි ද, දිනකට එයින් යම් මාත්‍රාවක් ලබාගත් විට රෝගය සුව වනවායැ යි ද පැවසුණු බව අදාල ලිපියෙහි සඳහන් වේ.

    මේ පිළිබඳ අප අදාල මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා විශ්වවිද්‍යාලයයේ පශුවෛද්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු මිස, මිනිසුන්ට ඖෂධ ලබාදෙන අයෙකු නොවන බව යි. තමාට ඒ සඳහා අවසරයක් ද නොමැතිබව මහාචාර්යවරයා පැවසුවේ ය.

    කෙසේ නමුත්, මෙම ඖෂධයට වෛරස විනාශ කිරීමේ සහ ප්‍රදාහය අවම කිරීමේ හැකියාවක් ඇතැ යි ද මහාචාර්ය දංගොල්ල ප්‍රකාශ කරයි.

    “අයිවර්මෙක්ටින්වලට SARS-CoV-2 මරන්න පුළුවන් ය කියන එක ගැන ටෙස්ටින් ගොඩක් කරලා තියෙනවා,” ඔහු පැවසීය. මෙම ඖෂධය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිදැ යි සලකා බැලිය යුතු ය යන්න ඔහුගේ මතය යි.

    හිතුමතේ අයිවර්මෙක්ටින් ගැනීම අනතුරුදායක විය හැකියි

    අයිවර්මෙක්ටින් ඖෂධය කෝවිඩ් මැඬලීමේ දී ප්‍රයෝජනයට ගත හැකි ද නැද්ද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්තිගෙන් අපි විමසීම් කළෙමු.

    එහිදී මහාචාර්යවරිය අප හා පැවසුවේ මෙවැන්නකි: “අයිවර්මෙක්ටින් කියන්නේ පරපෝෂිත රෝගවලට භාවිතා කරන ඖෂධයක්. එතකොට යම්කිසි පර්යේෂණ තිබුණා අයිවර්මෙක්ටින් කොවිඩ්-19 වෛරසය සඳහාත් භාවිතා කරන්න පුළුවන් කියලා. මේ වන විට පර්යේෂණ ගණනාවක් කරලත් තියෙනවා, කෙරෙමිනුත් පවතිනවා. කරලා තියෙන පර්යේෂණ අනුව තවම හරියටම අයිවර්මෙක්ටින් කොවිඩ්-19 වෛරසය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ද බැරි ද කියලා නිශ්චිත නිගමනයකට එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.”

    අයිවර්මෙක්ටින් පිළිබඳ පර්යේෂණයක් මෙරට තුළත් සිදුවන බව කියන ඇය, ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට නම් පර්යේෂණ ප්‍රතිඵල නිකුත්වන තුරු බලා සිටිය යුතුබව පවසයි.

    Vaccine centers in Sri Lanka
    “දැනට කොවිඩ්-19 රෝගයෙන් බේරීමට තිබෙන එකම විසඳුම එන්නත්කරණය යි”

    ඇතැම් රටවල වෛද්‍යවරුන් කොවිඩ්-19 සඳහා මෙම ඖෂධය ලබාදෙන නමුත්, එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලෙස කිසිදු රටක තවමත් අනුමත වී නැතැ යි ද, එනිසා එම ඖෂධය නිර්දේශ කිරීමට නොහැකියැ යි ද මහාචාර්යවරිය කියා සිටියා ය.

    “ලංකාවේ කොවිඩ්-19 සඳහා ගත යුතු ඖෂධ පිළිබඳව තීරණය කරන්න කමිටුවක් තියෙනවා. ඒකෙදිත් දැනට තියෙන දත්ත විශ්ලේෂණය කරලා බලලා තීරණය කළේ, අයිවර්මෙක්ටින් ලබාදෙන්න දැනට අපට තීරණයක් ගන්න බෑ කියලා.”

    ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකි නිසා, එම ඖෂධය හිතුමතේ මිලට ගෙන භාවිතා කිරීම අනතුරුදායක විය හැකිබව ද වෛද්‍යවරිය අප හා සඳහන් කළා ය.

    අයිවර්මෙක්ටින් රැල්ල ඇරඹුණේ මෙහෙම යි

    අයිවර්මෙක්ටින් යනු ප්‍රධානකොටම සතුන්ගේ පණුරෝග සඳහා ලබාදෙන ඖෂධයකි. මිනිසුන්ට වැළඳෙන මැලේරියාව, බරවා සහ තවත් පරපෝෂිත රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී ද මෙය යොදාගැනේ. මෙය වෛරස රෝග සඳහා ලබාදෙන ප්‍රතිවෛරස ඖෂධයක් නොවේ.

    මෙම ඖෂධයේ නිර්දේශිත මාත්‍රාවන් ඇති අතර, ඖෂධය අධිමාත්‍රාවකින් ලබාගැනීමෙන් වමනය, පාචනය, හිසේ කැක්කුම, කරකැවිල්ල, හෘද ස්පන්දනය වේගවත් වීම, රුධිර පීඩනය පහත වැටීම, සහ ස්නායුක රෝග ලක්ෂණ ඇතිවිය හැකි ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, අයිවර්මෙක්ටින් ඖෂධය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලෙස භාවිතා කිරීමට ද හැකි ද යන්න නිශ්චය කෙරෙන විද්‍යාත්මක සාධක තවමත් සොයාගෙන නැත.

    එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය, තම ආයතනය විසින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලෙස මෙම ඖෂධය අනුමතකර නැති බව ප්‍රකාශකර සිටියි.

    කොවිඩ්වලින් ගැලවීමේ අරමුණින් අයිවර්මෙක්ටින් නම් ඖෂධය ලබාගැනීමේ රැල්ල ඇරඹුණේ මින් මාස කීපයකට පමණ ඉහත දී ය. SARS-CoV-2 වෛරසය පැය 48ක් තුළ දී විනාශ කිරීමට අයිවර්මෙක්ටින්වලට හැකිබව දැක්වෙන ඕස්ට්‍රේලියානු අධ්‍යයනයක් මාධ්‍යයට නිකුත්වීම මෙම කලබලයට සුලමුල විය.

    කෙසේ නමුත්, මෙම අධ්‍යයනය කියවූ බොහෝදෙනා, එය විද්‍යාගාර තත්ත්වයන් යටතේ පමණක් සිදුකළ පර්යේෂණයක් ය යන කාරණය නොසලකා හැරියෝ ය.

    සියලුම අන්දමේ ප්‍රතිශක්තීකරණ එන්නත්කරණයට එරෙහි දියත්වෙන විශාල ව්‍යාපාරයකට නිජබිම වන එක්සත් ජනපදය, අයිවර්මෙක්ටින් රැල්ලේ ද පෙරමුණේ සිටියේ ය.

    කොවිඩ්වලට එරෙහිව ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නත ප්‍රතික්ෂේප කළ බොහෝදෙනා, කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලෙස අනුමත නොකෙරුණු මෙම ඖෂධය ලබාගත්හ.

    මෙම රැල්ලේ ප්‍රතිඵලය වූයේ නොදැනුවත්කම නිසා ඖෂධය අධිමාත්‍රාවෙන් ලබාගත්තවුන් ද, ඖෂධයේ අතුරුඵලයන්හි බලපෑමට හසුවුවන් ද රෝහල්ගත වීමෙනි.

    එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අගෝස්තු 20 වන දා නිකුත්කළ අනතුරු හැඟවීමේ නිවේදනයකට අනුව, එම දෙපාර්තමේන්තුව යටතේ ඇති විෂද්‍රව්‍ය පාලන ආයතනයට මෑතක දී ලැබුණු දුරකථන ඇමතුම්වලින් 70%කට පමණම මූලික වී තිබුණේ අයිවර්මෙක්ටින් ඖෂධය ශරීරගත වීම යි.

    මෙම අයිවර්මෙක්ටින් ‘වසංගතය’ කෙතරම් දරුණු වූවා ද යත්, එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය කොවිඩ් සඳහා අයිවර්මෙක්ටින් නොගන්නැ යි පවසමින් සිය ට්වීටර් ගිණුමේ පණිවුඩයක් ද පලකළේ ය.

    එයින් කියවුනේ, “ඔබ අශ්වයෙකුත් නෙවෙයි. ඔබ එළදෙනකුත් නෙවෙයි. ඇත්තටම යි මේ කියන්නේ, ඕක නවත්තන්න.”

    “කොවිඩ්-19 ප්‍රතිකාර කිරීමට හෝ එය වැළැක්වීම සඳහා ඔබ අයිවර්මෙක්ටින් භාවිත නොකළ යුත්තේ ඇයි?

    කොවිඩ්-19ට ප්‍රතිකාර කිරීම සඳහා අයිවර්මෙක්ටීන් ඖෂධය භාවිතය අන්තරාදායක විය හැකි අතර මාරාන්තික ද විය හැකි ය. ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය (FDA) එම අරමුණ සඳහා මෙම ඖෂධයට අනුමැතිය ලබා දී නැත.

    ලංකාවේ තත්ත්වය මොකද්ද?

    මෑතක දී බීබීසීය සමග සාකච්ඡා කළ, සිය නම සඳහන් කරනවාට අකමැති වූ වෛද්‍යවරයෙකු පවසා සිටියේ අයිවර්මෙක්ටින් ඖෂධයෙන් මින් පෙර අලෙවි වූයේ මසකට පෙති 1000ක් පමණ වුවත්, මේ වන විට එය 30,000 දක්වා ඉහළ ගොස් ඇතිබව යි.

    එසේම මේසමයේ යම් යම් පුද්ගලයින් සහ ආයතනයන් විසින් කොවිඩ් රෝගය සුව කරන බව කියන ඖෂධ සහ ආහාරමය අතිරේකයන් බොහොමයක් ජනතාව අතර ප්‍රවර්ධනය කරන ආකාරය ද අපට දැකගත හැකි ය. නමුත් මේවා කොවිඩ් රෝගයට එරෙහිව කෙතරම් ප්‍රතිඵලදායක ද යන්න තවමත් පැහැදිලි නැත.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී වෛද්‍ය පද්මා ගුණරත්න බීබීසී සිංහල සේවය සමග සඳහන් කළේ එලෙස කොවිඩ් සුව කළ හැකි, ලංකාවේ නිපදවන ලද කිසිදු ඖෂධයක් තවමත් ලියාපදිංචි වී ඇතිබවක් තමා නොදන්නාබව යි. යම් ඖෂධයක්, ඖෂධයක් ලෙස ලියාපදිංචිකර නොමැති නම්, එය ඖෂධයක් වශයෙන් විකිණීම නීත්‍යානුකූල නැතැ යි ද ඇය සඳහන් කළා ය.

    එසේම වෛද්‍ය සභාව විසින් කොවිඩ් රෝගීන් සඳහා අයිවර්මෙක්ටින් ලබාදීමට මෙතෙක් නිර්දේශ කර නොමැතිබව ද ඇය අපට දැනුම් දුන්නා ය.

    වෛද්‍ය අනුමැතිය නැතිව කොවිඩ් සඳහා ප්‍රතිකාර ගන්න එපා!

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, “වෛද්‍ය අනුමැතියකින් තොරව කොරෝනා ආසාදනය සඳහා ප්‍රතිකාර ලබාගැනීම ඔබට හානිකර විය හැකිය” මැයෙන් පසුගිය දා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළකර තිබුණි.

    කොවිඩ් නිසාවෙන් මතුවන තද උණ, කොන්දේ කැක්කුම, හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ සඳහා පැරසිටමෝල් පමණක් ලබාගන්නැ යි එම කාර්යාංශය ජනතාව දැනුවත් කරමින් පැවසීය.

    කොවිඩ් රෝගීන් සඳහා රෝහල්වල දී ලබාදෙන ඩෙක්සාමෙතසෝන් ඖෂධය රෝහලෙන් පිට දී ලබාගැනීම කිසිසේත්ම අනුමත නොකෙරෙන බව ද, මෙම ඖෂධය රෝගයේ මුල් අවස්ථාවේ දී ලබාගතහොත් රෝගයේ සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතා වැඩි වන බව ද ඔවුන් පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සඳහන් කළේ, කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ද සිදු නොකළ යුත්තක් බව යි.

    “කොවිඩ්-19 කියන්නේ වෛරස් රෝගයක්නේ. ප්‍රතිජීවක ඖෂධ තියෙන්නේ බැක්ටීරියාවන් සඳහා. ඉතින් සමහර ප්‍රතිජීවක වෛරස්වලටත් දෙන්න පුළුවන්, ඵලදායී යි, කියලා පර්යේෂණ කරලා තියෙනවා. නමුත් ඒ පර්යේෂණවලින් නිශ්චිත නිගමනයකට එන්න බැරි වෙලා තියෙන්නේ… කොවිඩ්-19 වෛරස් රෝගය සාමාන්‍යයෙන් වැඩිම දෙනෙකුට නිකම්ම හොඳ වෙනවා. එතකොට අපි අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක මුල දී පාවිච්චි කළොත් එහෙම ඒ සඳහා ප්‍රතිරෝධය වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හානියක් වෙනවා.”

    “මොකද ඊට පස්සේ අපට ලෙඩේ හැදුනොත් – දැන් කොවිඩ් නියුමෝනියා තත්ත්වය ආවට පස්සේ දෙවනුව බැක්ටීරියා ආසාදන එනවා. බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන් පෙනහළුවලට. එතකොට අන්න ඒ අවස්ථාවේ දී අපි පාවිච්චි කරනවා ඔය ප්‍රතිජීවක- ඉතින් එහෙම එතකොට පාවිච්චි කරන්න තියෙන හැකියාවත් නැතිවෙන්න පුළුවන් මේ ඖෂධවලට ප්‍රතිරෝධය දැක්වුවොත්, මුල දී අනවශ්‍ය ලෙස භාවිතා කරපු නිසා,” යනුවෙන් ඇය පැවසීය.

    ඖෂධ
    කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගන්න එපා!

    ශ්‍රී ලංකාවෙන් ද අලුතෙන් මතුවන එන්නත් විරෝධී රැල්ල ගැන ඇගෙන් විමසූ විට, දැනට කොවිඩ්-19 රෝගයෙන් බේරීමට තිබෙන එකම විසඳුම එන්නත ලබාගැනීම බව ඇය පැවසුවා ය.

    “දැනට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිවෛරසයක් හැටියට කිසිම ඖෂධයක් නැහැ අපට. එතකොට වැක්සීන් එක ගත්තහම, හොඳට කරපු විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු කරලා තියෙනවා මේ වෛරසය ආසාදනය වෙන එකත්, ඒ වගේම වෛරසය ආසාදනය වෙලා සංකූලතා ඇතිවෙන එකත්, ඒ වගේම සංකූලතා ඇතිවෙලා මරණයට පත්වීමත් යන ඔය තුනම අඩුකරනවා කියලා එන්නත මඟින්.”

    “ඉතින් ඒක නිසා මම හිතන්නේ එන්නත ලබාගැනීම නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකට විරුද්ධව එන්නත්-විරෝධී ව්‍යාපාරයක් යනවා නම් මම හිතන්නේ ඒක නවත්තන්න, ඒ මතය ජනතාවට යන එක, ඒ මතය නිවැරදි කරන්න කටයුතු කරන එක ඉතාම වැදගත්,” වැඩිදුර අදහස් දක්වමින් මහාචාර්යවරිය කියා සිටියා ය.

    සැප්තැම්බර් 01 වැනි දා බී.බී.සී සන්දේශය වෙබ් අඩවියේ පළවූ වාර්තාවකි. කාලීනභාවය සහ ජනතාව දැනුවත් කළ යුතු ලිපියක් නිසා සම්පූර්ණයෙන් උපුටා ගෙන පල කරන ලදි. සංස්කාරක

  • පහන්තුඩාවේ Blue Film කළ යුවල කොටු: ‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට

    පහන්තුඩාවේ Blue Film කළ යුවල කොටු: ‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට

    ආන්දෝලනයට ලක්වූ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ උපන් පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට 25 වියැති තරුණියකි.

    මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

    ‘‘ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ “අසභ්‍ය ප්‍රකාශන” බෙදා හැරීම වරදක් වනවා වගේම පොදු ස්ථානවල ‘අශෝභන ලෙස හැසිරීම’ ද දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුවයි මෙම යුවළ සැකපිට අත්අඩංගුවට ගත්තේ‘ ඔහු පැවසීය.

    මෙම සිදුවීමත් සමග යළිත් ගුගල් සෙවුම් යන්ත්‍රය තුළ sex යන වචනය සෙවූ රටවල් ගැන දත්ත වාර්තා කෙරේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ.

    අද බී.බී.සී පුවත් අඩවිය පළ කළ වාර්තාවක සදහන් වුණේ ගුගල් සෙවුම් යන්ත්‍රය තුළ Sex යන වචනය සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව 2012 සිට 2016 දක්වා අඛණ්ඩව පළමු ස්ථානයේ සිටි බවයි. යළිත් 2021 දත්ත අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද බී.බී.සී වාර්තාව සදහන් කරයි.

    ශ්‍රී ලංකාව සහ ‘Sex’

    2021 වසරේ මේ දක්වා 'Sex' යන්න 'Google' කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ
    2021 වසරේ මේ දක්වා ‘Sex’ යන්න ‘Google’ කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ
    Google serach sex
  • ‘ඩොලරය රුපියල් 226 යි‘ පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

    ‘ඩොලරය රුපියල් 226 යි‘ පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

    එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි.

    කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රු. 226.00 ක් තරම් ඉහළ අගයයක් පෙන්නුම් කර තිබුණු බවයි.

    ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවට අනුව රු. 203.00 ක් හා මහජන බැංකුවට අනුව 204.99 ක් ලෙසින් සටහන් වේ.

    කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව එය රු. 226.00 ක්, සම්පත් බැංකුව රු. 226.25 ක්, හැටන් නැෂනල් බැංකුව රු. 226.00 ක්  හා සෙලාන් බැංකුව රු. 225.00 ක් ලෙසින් අද උදෑසන සඳහන් කර තිබුණි.

    ලංකා බැංකුව

    මහජන බැංකුව

    කොමර්ෂල් බැංකුව

    සම්පත් බැංකුව

    හැටන් නැෂනල් බැංකුව

    සෙලාන් බැංකුව

    අද දෙරණ වෙබ් අඩවිය ඇසුරින් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි – සංස්කාරක

  • පහන්තුඩාව දිය ඇල්ලේ අසභ්‍ය චිත්‍රපටයක් කරලා – තරුණ යුවළ ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්

    පහන්තුඩාව දිය ඇල්ලේ අසභ්‍ය චිත්‍රපටයක් කරලා – තරුණ යුවළ ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්

    බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසලදී නව යොවුන් යුවළක් අසභ්‍ය වීඩියෝ පටයකට සම්බන්ධ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.

    මෙම වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.

    ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන මෙම අසභ්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයේ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා එම ස්ථානයට වෙත යාමට නියමිතව තිබේ.

    මේ අතර තරුණ යුවළගේ ක්‍රියාවන් හෙළා දකිමින් පූජ්‍ය පසාරමුල්ලේ දයාවංශ හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.

    මෙම යුවළගේ ක්‍රියාවන් හේතුකොටගෙන ඇති අහිතකර ප්‍රතිඵල බොහෝමයක් සලකා බලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස දයාවංශ හිමියෝ සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

    මෙම යුවළගේ ක්‍රියා කලාපය හේතුවෙන් එම ප්‍රදේශයට මෙන්ම එම ස්ථානයට ද අපකීර්තියක් ඇති වී ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    මෙම යුවළ මීමුරේදී ච මීට සමාන අසභ්‍ය වීඩියෝ පටයක් ද රූගත කර ඇති බව සඳහන් කළ හිමියෝ, මුදල් ලබා ගැනීම සඳහා මෙම වීඩියෝ නිෂ්පාදනය කර බෙදා හරින බව පැවසූහ..

    එවැනි අන්තර්ගතයන් පුළුල් ලෙස සංසරණය වීම හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දැඩි අවදානමකට මුහුණ පා සිටින බව දයාවංශ හිමියෝ වැඩිදුරටත් පැවසූහ. “මෙම ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ වැරදි අදහසක් ක්‍රියාත්මක වනු ඇත” යනුවෙන් ජනපතිවරයාට යවන ලද එම ලිපියේ සඳහන් වේ.

    දම්සක් පදනමේ සභාපති ද වන ස්වාමින් වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියාවන් මාර්ගගත වේදිකාවන් තුළින් නිරන්තරයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට දැඩි හානියක් සිදු කරන බවයි.

    මෙම වීඩියෝ පටය සඳහා භාවිතා කරන පහන්තුඩාව දිය ඇල්ල සෑම වසරකම දේශීය හා විදේශීය වශයෙන් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණේ. රත්නපුර බලංගොඩ පිහිටි දිය ඇල්ල ඉඹුල්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇත.