Author: Editor

  • ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

    ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව පිළිගන්නේද නැද්ද ? – ඉන්දීය රජයේ ස්ථාවරය

    කාබුල්හි නව රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් පිළිබඳව මේ වන විට පැහැදිලි බවක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (27) පැවැති සතිපතා මාධ්‍ය හමුවකදී පැවසීය.

    ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයෙන් යුත් රජයක් ඉන්දියාව පිළිගන්නේද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ඇෆ්ගනිස්ථානු භූමියේ තත්ත්වය අවිනිශ්චිතයි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මිනිසුන්ගේ ආරක්‍ෂාව ගැනයි. දැනට, කාබුල්හි රජයක් පිහිටුවන කිසිදු පාර්ශ්වයක් ගැන පැහැදිලි නැහැ. මම හිතන්නේ පිළිගැනීම සම්බන්ධයෙන් අපි ඉක්මන් විය යුතු නෑ. කාබුල් හි නව රජය තුළ නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තවත් ප්‍රශ්නයක්. ඇෆ්ගන් දේශපාලනයේ අනෙකුත් අංශ ඒ සඳහා නියෝජනය වේද යන්න පිළිබඳව බොහෝ කතා පැතිර ගොස් තිබෙනවා” යනුවෙන් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

    ඔහු කියා සිටියේ ඉන්දියාව සාමකාමී, සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඇෆ්ගනිස්ථානයක් බලාපොරොත්තු වන බවයි.

    “අපි දැනට එය හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා. ඇෆ්ගනිස්ථානයේ ඉවත්කිරීම් වල ආරක්‍ෂක තත්ත්වය සහ එය දිග හැරෙන ආකාරය පිළිබඳව වර්තමානයේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. අනෙක් රටවල් ද එසේ කරමින් සිටිනවා ”

    පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ, විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව සර්ව පාක්ෂික හමුවකට කරුණු දක්වමින් අවධාරණය කර සිටියේ ‘‘ඇෆ්ගනිස්ථානු ගැටලුව සම්බන්ධයෙන් වැදගත් පාර්ශවකරුවන් සහ අනෙකුත් රටවල් සමඟ එකවර කටයුතු කරමින් සිටින විට ඉන්දියාවේ වත්මන් ස්ථාවරය වන්නේ ‘තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටීම‘‘ බවයි.

    indianewsnetwork.com

  • ගජමිතුරු ව්‍යාපාරික මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න – ජවිපෙ ආණ්ඩුවට කියයි

    ගජමිතුරු ව්‍යාපාරික මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න – ජවිපෙ ආණ්ඩුවට කියයි

    කොරෝනා වසංගත තත්වය නොසලකා, දුප්පත් ජනතාවට ලබා දෙමින් තිබෙන සහන කපා දමමින් ගජ මිතුරු මාෆියාව සතුටු කිරීමට කටයුතු කිරීම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    අද (29) උදෑසන අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුනිත් හඳුන්නෙත්ති මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ මොහොතේ සහන ලැබිය යුතුම ජනතාවට සහන ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරන බවය. එම මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් පහත දැක්වේ.

    කොවිඞ් වසංගතය හමුවේ සංචරණ සීමා පනවා තියෙන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධවල මිල ඉහළ යාම සම්බන්ධයෙන්, ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ඩොලරයේ අගය වැඩිවීම, රුපියල බාල්දු වීම සහ ආනයනය සීමා පැනවීම වගේම ආර්ථිකයේ පසුබෑම වැනි කරුණු ආණ්ඩුව විසින් දක්වනවා. පොදුවේ දකින්න ලැබෙන කරුණු මේ තත්වයේ තිබුණත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාම දරාගන්න බැරිවී තිබෙන්නේ මේ හේතු නිසාම නෙවෙයි. ජනතාව පවතින තත්වයන් බාරගන්න ඕනෑ බව ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේදී උත්තරයක් නැහැ කියලා. මෙතරම් පීඩනයක් ජනතාවට තිබියදී වගකිව යුතු අමාත්‍යවරුන් කරන ප්‍රකාශ දිහා බැලුවාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පැහැදිලියි.

    සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රු. 80ක් සහ උපරිම සිල්ලර මිල රු. 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රු. කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදුවුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වෙනකොට මෙ.ටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩිවීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළා. ආනයනකරුවන් සමග වෙළඳ ඇමතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12දෙනෙකු සමග විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වෙනකොට 65 දෙනෙකු ආනයනය කිරීමේ යෙදී හිටියා. නමුත් මැයි මාසයෙන් පස්සේ සීනි මිල වේගයෙන් වැඩිවී අද රු. 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අප්‍රේල් මාසයෙන් අවසන් වුණා. වෙළඳ ඇමතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමතිවරයා කියන්නේ රු. 100කින් මිල වැඩිවුණත් කරන්න දෙයක් නැහැ කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කරලා කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළඳපොළේ තියෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කරලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රු. 200 දක්වා මිල වැඩිවෙලා.

    වෙළඳපොළේ මිල වැඩිවන අවස්ථාවල දේශීය නිෂ්පාදකයන්, දේශීය කර්මාන්ත දියුණු කරන්න සමහර ඇමතිවරු කතා කරනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළෙත් ඒ විදිහට. ඊට පස්සේ මොනවාද සිද්ධ වුණේ? සැමන් කර්මාන්ත ශාලාත් එහෙමයි. අනෙක් පැත්තෙන් සැමන් සහ පරිප්පු සහනාධාර මිලට දෙනවා කියලා අද මොකද වෙලා තියෙන්නේ? අද දිනපතාම සියලුම අත්‍යාවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනවා. රු. 150ට තිබුණු අල කිලෝ එක රු 200 සහ ලංකා අල කිලෝව 250 දක්වා ඉහළ ගිහින්. ලොකු ලූණු කිලෝ එක රු 130යි. 340ට තිබුණු හාල් මැස්සෝ කිලෝව රු. 1100 විතර දක්වා වැඩිවෙලා. වියළි මිරිස් 650යි. රු. 380ට තිබුණු පොල් තෙල් ලීටරය අද 750යි. අද කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම එළවළු සියලුම වර්ගවල මිල ගණන් දිනපතා ඉහළ යනවා. අද ආදායම් මාර්ග අහිමි වී, නිරෝධායනයට ලක්වී, නිරෝධායන ඇඳිරි නීතියට ලක්වී ඉන්න ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලු ගෑස් මිල, ඉන්ධන මිල, පාන් සහ බනිස් මිල ඇතුළු අත්‍යවශ්‍ය හැම දේකින්ම වේගයෙන් වැඩිවෙලා. ආදායම් මාර්ග නැතිවීම, පඩි වැඩිවීම් නැතිවීම, පවතින පසුබිමක පුංචි බිස්කට් පැකට් එකක පවා මිල රු. 10කින් විතර සතිපතා වැඩිවෙමින් තිබෙනවා.

    මේ අතර ඖෂධවල උපරිම මිල තීරණය කරල අගෝස්තු 19වැනිදා ගැසට් එකක් නිකුත් කළා. ගැසට් නිකුත් කරන්න ඕනෑ පවතින මිලට වඩා අඩු මිලකට ලබාදෙන්න. නමුත් සිදුවී තිබෙන්නේ කොවිඞ් වසංගත තත්වය තුළ පවා අනෙකුත් ලෙඩ රෝගවලට ඖෂධ ගන්න බැරි තත්වයක් ඇතිවී තිබීමයි. ඖෂධ නාමයෙන් මිල තීරණය කර තිබෙන අතර වෙළඳපොළේ වෙළඳ නාමයන් යටතේ විශාල වැඩි මිලකට ඖෂධ විකුණනවා. නමුත් ගැසට් නිවේදනයෙන්ම ඖෂධ නාමයේ මිල ගණන් වැඩි කරලා තියෙන්නේ. අධි රුධිර පීඩනයට ගන්නා ලොසාටන් පොටෑසියම් මිලි ග්‍රෑම් 25 රු. 4 ඉඳලා 9.62 දක්වා වැඩි කරලා. ඒවගේම මිලිග්‍රෑම් 50 රු. 7 ඉඳලා 13.49 දක්වා වැඩි කරලා. ඒ වගේම කොලොස්ටරෝල්වලට ගන්නා ඇටෝවාන්ටැටීන් මිලි ග්‍රෑම් 10 රු. 4.50 ඉඳලා 14.60 දක්වා වැඩි කරලා. ඒ වගේම මිලි ග්‍රෑම් 20 ර.ැ 7.50 ඉඳලා 23 දක්වා වැඩි කරලා. දියවැඩියාවට ලබාගන්නා මෙට්ෆෝමින් මිලි ග්‍රෑම් 500 රු. 3.20 ඉඳලා 5.17 දක්වා වැඩි කරලා. ඒ වගේම ග්ලික්ලසයිඞ් මිලි ග්‍රෑම් 80 රු. 5 ඉඳලා 14.80 දක්වා වැඩි කරලා. ගැස්ටි්‍රක්වලට ලබාගන්නා ඔමෙප්‍රසොල් මිලිග්‍රෑම් 20 රු. 4.80 ඉඳලා 5.89 දක්වා වැඩි කරලා. ඒ වගේම පැන්ටොප්‍රසෝල් මිලි ග්‍රෑම් 30 රු. 3.50 ඉඳලා 22.25 දක්වාත් එම මිලි ග්‍රෑම් 40 රු. 4.50 ඉඳලා 36.65 දක්වාත් වැඩි කරලා. ආණ්ඩුවේ ගජ මිතුරන් සතුටු කරන්න වැඩ කරලා තියෙන්නේ මේ ආකාරයටයි. අපි කියන්නේ ආණ්ඩුව මේ මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දෙන්න ඕනෑ කියලා. ගැසට් නිවේදන නිකුත් කරන්න ඕනෑ සහන ලබාදීම වෙනුවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය ඖෂධ මිල වැඩිකරලා ආණ්ඩුව ජනතාවගෙන් පළි ගන්නා බවයි අපිට දකින්න තියෙන්නේ.

    කොවිඞ් තත්වය වර්ධනය වෙද්දී රට වහන්න කියලා විශේෂඥයින් කියද්දී ආණ්ඩුව කීවේ පුංචි මිනිහා ගැන සලකන්න ඕනෑ කියලා. නමුත් මිල වැඩි කිරීමේදී ආණ්ඩුවට පුංචි මිනිහා මතක් වෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ තමන්ට බලයට එන්න උදව් කළ ජාවාරම්කාරයන් වෙනුවෙනුයි. මිනිස් ජීවිත බිල්ලට දීලා හරි ආණ්ඩුව මේ පිරිස රකින්න උත්සාහ කරනවා. මාධ්‍ය සංදර්ශන හැටියට දේශීය කර්මාන්ත, දේශීය ගොවියා ගැන කතා කරනවා. නමුත් පොහොර ප්‍රශ්නය එනකොට කෘෂිකර්ම ඇමතිවරයාට කොවිඞ් හැදුණා කියනවා. තෙල් මිල වැඩිවෙනකොට ඛනිජ තෙල් ඇමති විවිධ තර්ක ඉදිරිපත් කරලා පස්සේ කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. බඩු මිල ගැන විවිධ තර්ක ඉදිරිපත් කරලා සතොසෙන් ඕනෑ කෙනෙකුට බඩු ගන්න පුළුවන් කියලා තර්ක කරලා අන්තිමේ  කොවිඞ් හැදුණා කියලා පැත්තකට වෙනවා. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැහැ. නමුත් හැම පැත්තෙන්ම හොරු ටික ඒකාධිකාරයන් පිහිටුවාගත් හතර පස් දෙනෙක් මුළු රටේම වෙළඳපොළ හසුරුවමින් ඉන්නවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ආණ්ඩුවට බල කරන්නේ රටේ ජනතාව තවත් අසරණ නොකර වහාම සහන දීමේ වැඩපිළිවෙළක් හදන්න ඕනෑ කියලා.

    මේ දක්වා නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට රු. 10,000ක වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදුන්නා. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් මේ වැනි සහනයක් කොවිඞ් වැළඳී අසරණව සිටින ජනතාවට දිය යුතුයි. නමුත් ඒ සහන මල්ලත් අගෝස්තු 24දා ඉඳලා කප්පාදු කළා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් වියළි ආහාර මල්ල ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සඳහන් කර තිබෙනවා. මේ වියලි ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ සෞඛ්‍යමය හේතුන් මතද එහෙම නැත්නම් ඔවුන්ගේ වත්කම් මතද කියලා මේ ආහාර ද්‍රව්‍ය මල්ල ලබාදෙන්නේ ආසාදිතයන් නිවාසවලින් පිටතට එන්න වළක්වන්න. හැබැයි දැන් ආණ්ඩුව අඩු ආදායම්ලාභී අයට විතරක් මේ සහනධාර මල්ල ලබාදෙන්න චක්‍රලේඛ යවනවා. අඩු ආදායම්ලාභී නොවන අය ආසාධිතයන් වුණත් වෙළඳපොළට යන්න වෙනවා. එයින් ආණ්ඩුව නොකියා කියන්නේ වෛරස් එක බෝ කරන්න එළියට ගියාට කමක් නැහැ කියලා. පවුල් පිටින් නිරෝධායනය වන විශාල පිරිසකගේ සෞඛ්‍යමය හේතුන් නොතකා ආණ්ඩුව ආර්ථිකය ගැන පමණක් බලලා තියෙනවා.

    අනෙක් පැත්තෙන් රු. 2,000 දීමනාව ලබාදෙන්නේ ජීවනෝපාය අහිමි පවුල්වලට. මෙයට රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි සහ ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන අය හැටියට නම්කර තිබෙනවා. ආණ්ඩුවෙන් මොන යම්ම හෝ දීමනාවක් ලබන කෙනෙකුට රු. 2,000 දීමනාව ලැබෙන්නේ නැහැ. මේ චක්‍රලේඛයට අත්සන් කරන ඇන්ටන් පෙරේරා අග්‍රාමාත්‍ය ලේකම්වරයාම 2021 අපේ්්‍රල් මාසයේ රු. 5,000 දීමනාව සඳහා අත්සන් කර තිබෙනවා. ඊට සමෘද්ධිලාභී පවුල්, වැඩිහිටි දීමනා ලබන පවුල් ආබාධිත දීමනා ලබන පවුල්, වකුගඩු රෝගී දීමනා ලබන පවුල් යන සියල්ලම ඇතුල් කර තිබුණා. එකම කොවිඞ් වසංගතය තිබෙන කාලයක රු. 5,000 දීමනාවට අඩංගු කර තිබුණු අය රු. 2,000 දීමනාව දෙනකොට බඩුමිල ඉහළ ගොස් තිබියදී කපාහැර තිබෙනවා. රු. 5,000 දීමනාව දෙනකොට අදාල වුණු පවුල් 2,000 දීමනාවේදී අදාල නොවෙන්නේ කොහොමද? හැම පැත්තෙන්ම භාණ්ඩ මිල වැඩිවී තියෙන අවස්ථාවක විශාල වශයෙන් සහනාධාර ලබන පිරිස කප්පාදු කර තිබෙනවා. 2,000 දීමනාව දිය යුතු අයව තෝරා ගන්න බැරිව නිලධාරීන් අසරණ වී තිබෙනවා. උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 66,610ක් ඉන්නවා. නමුත් අඩු ආදායම්ලාභීන් හැටියට රු. 2,000 දෙන්න තෝරාගෙන තිබෙන්නේ 53,611යි. සමෘද්ධිලාභීන් අයින් කරලා මේ අය තෝරාගෙන තිබෙන්නේ. කෘෂි රක්‍ෂණයට දායක වුණු අය පවා මේ දීමනාවෙන් අයින් කර කිසිවක් ලබා නොදෙන පදනමකට ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ නිසා අපි ආණ්ඩුවට බලකරන්නේ මේ සොච්චම් මුදල පවා කප්පාදු කරනවා වෙනුවට අවශ්‍ය සහනාධාර දෙන්න කියලයි.

    නමුත් ආණ්ඩුව මේ සහනාධාර කප්පාදු කරමින් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු හදනවා. ඒ වගේම කැබිනට් තීරණවලින් ඩොලර් ලක්ස 18කට වැඩිය වියදම් කරලා කැබ්රථ ගන්න යනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ කාර්යාල ප්‍රතිසංස්කරණය කරන්න ලක්‍ෂ හත්සිය ගාණක් වියදම් කරනවා. මේවා අත්‍යවශ්‍ය වියදම්ද? අත්තනෝමතික වුවමනාවන්ට බඳවා ගත් 29 දෙනෙකුට වැටුප් ගෙවන්න ලක්‍ෂ 161ක් මාසිකව දරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ලඟ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා සඳුන් උයනක් විවෘත කරන්න ලක්‍ෂ ගණනක් වියදම් කළා. මේවා රටේ ජනතාවට ප්‍රමුඛ අවශතාද? මෙහෙම තියෙද්දී සහනාධාර අවශ්‍යම අයට ලබාදෙන්න රු. 2,0000 පවා කප්පාදු කරන්නේ ඇයි? අත්‍යවශ්‍ය ඖෂධ මිල ගණන් වැඩි කරන්න ගැසට් ගහන්නේ ඇයි? ආණ්ඩුවේ ගජ මිතුරන්ට ජාවාරම් කරන්න සියලුම ඉඩකඩ හදා දීලා තියෙනවා. මේ ආණ්ඩුව තව දුරටත් ජනතාව වෙනුවෙන් නොකරන බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම ආණඩුවට බල කරනවා, ජනතාව ගැන වගකීම අත් නොහැර භාණ්ඩ මිල පාලනය කර සහන ලබා දිය යුතුයි. නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට ලබාදෙන වියළි ආහාර කප්පාදුව නතර කරන්න ඕනෑ. ප්‍රමාණවත් නොවුණත් රු. 2,000 ප්‍රතිලාභය සියලු දෙනාටම ලබාදෙන්න ඕනෑ. ආණ්ඩුව මේ වෙනුවෙන් කටයුතු නොකර තමන්ගේ ගජ මිතුරන් සතුටු කරන්න ගෙනයන සූදුව තේරුම් ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මීට එරෙහිව ඔබ හැම දෙනාම මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

    මාධ්‍යවේදියෙකු යොමු කර තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්… ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව ප්‍රශ්නයක් කෙටි පනිවුඩයකින් යොමුකර තිබෙනවා. රජයේ රහස් දත්ත ගබඩාවකට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන්නේ හතර දෙනෙකුට බව ප්‍රකාශ කර තිබියදී මේ දත්ත මැකීම පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා නම් මේ අවස්ථාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳවත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. දත්ත මැකීම එතරම්ම බරපතළ තත්වයක්. දත්ත භාරව සිටි හතර  දෙනා ආණ්ඩුව විසින් හෙළිදරව් කළ යුතු වෙනවා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට දත්ත පිළිබඳ වගකීම තිබෙනවා නම් ආණ්ඩුව ඒ සම්බන්ධ ක්‍රියා කිරීමේ සියලු ඉඩකඩ විවෘතව තිබෙනවා. ඖෂධ මාෆියාවක ඕනෑකම වෙනුවෙන් මේ දත්ත මැකුවාද කියන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අදාල කිසි කෙනෙක් ආණ්ඩුවෙන් ආරක්‍ෂා කරන්නේ නැත්නම් සියලු තොරතුරු සමාජයට හෙළිකළ යුතුයි. එහෙම හෙළි නොකරන්නේ නම් දත්ත මැකීම පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව නිගමනය කරන්න සිදුවෙනවා.”

  • වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ: නව ගාස්තු මෙන්න

    වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ: නව ගාස්තු මෙන්න

    නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ආගමන හා ගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කරනු ලබන බවයි.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/08/නව-වීසා-ගාස්තු-සිංහල-1.pdf” ]

  • ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහිවන බවට සැකයක්

    ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහිවන බවට සැකයක්

    ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

    මේ අතර ආචාර්ය ජීවන්දර සදහන් කළේ කොළඹ පුරා පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බවයි.

    මේ වන විට රට තුළ සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තියේ යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි යැයි පැවසූ ආචාර්ය ජීවන්දර පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ද අනාවරණය කළේය

  • සෞඛ්‍ය අමාත්‍යවරයා හා GMOA අතර හමුවක්

    සෞඛ්‍ය අමාත්‍යවරයා හා GMOA අතර හමුවක්

    වයස අවුරුදු 60 ඉක්මවූ  සියලු පුරවැසියන්  එන්නත්කරණයට ලක් කිරීම  ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එම වයස ඉක්මවූ සෑම අයකුගේම  දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක්  දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා  ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (27) සවස පැවති සාකච්ඡාවකදී හෙතෙම  මේ බව කීය.

    අමාත්‍යවරයා  පත්වීමෙන් පසු  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පළමු වරට මෙලෙස සාකච්ඡාවක් සඳහා එක්විය.

    මෙරට එන්නත්කරණ  ක්‍රියාවලිය  මේ වන විට ජාත්‍යන්තරික පැසසුමට  ලක්ව ඇතැයි,ද  ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමු වෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

    මෙම ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවත් එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බවත් හෙතෙම පැවසීය.

    කොරෝනා මර්දනයෙහි  තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත්  එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ වන විට  සිදු වන කොවිඩ්  මරණ සංඛ්‍යාව  අවම කිරීම සඳහා  අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට  පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය  බවත්   වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය

  • අදත් කොවිඩ් මරණ 200 පසු කරයි

    අදත් කොවිඩ් මරණ 200 පසු කරයි

    ඊයේ (26) දින මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ 214ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය අයගෙන් 120 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 94ක් වේ. වසය අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් 151ක්, වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 58ක් සහ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 05ක් මියගිය අය අතර සිටී.

  • ජනතාව කටයි නහයයි වසා නොගත්තොත් වසංගත පාලනය වතුරේ !

    ජනතාව කටයි නහයයි වසා නොගත්තොත් වසංගත පාලනය වතුරේ !

    රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය.

    ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි.

    අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය, ‘”ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඒ නිසා මම කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න‘‘

  • Full story:  කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු

    Full story: කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු

    දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

    එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ  මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව  සඳහන් කෙරිණ.

    එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට  ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

    වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු  මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

    නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය  අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය.

    දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය.

    මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය.

    නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

  • ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

    ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

    ඉන්දියාවේ පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත

    ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 50%ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාන්දවියා (Mansukh Mandaviya) ඊයේ (26) සවස ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය.

    එය “පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” ලෙස ඇමතිවරයා විස්තර කළේය.

    “ඉන්දියාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගනී! සුදුසුකම් ලත් ජනගහනයෙන් 50 % ක් #COVID19 එන්නතෙහි පළමු මාත්‍රාවෙන් එන්නත ලබා දී ඇත, එය පවත්වා ගෙන යන්න, අපි කොරෝනා සමඟ සටන් කරමු” යනුවෙන් ඔහු ට්විටර් වෙබ් අඩවියේ පැවසීය.

    ඉන්දියාවේ, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් කොවිඩ් -19 එන්නත සඳහා සුදුසුකම් ලබයි.

    ඉන්දියාවේ කොවිඩ් -19 එන්නත ආවරණය මේ වන විට කෝටි 61 ඉක්මවා ඇත (මිලියන 61 සීමාව) ඊයේ නිකුත් වූ තාවකාලික වාර්තාවකට අනුව එම අගය 61,10,43,573 ක් වූ බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ (27) සවස 7 දක්වා එන්නත් මාත්‍රාවන් 68 ලක්ෂයකට (67,87,305) ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති අතර නවතම දත්ත වලට අනුව, පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත. එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින්ගේ එකතුව 13,91,43,053 කි.

    ලොව විශාලතම එන්නත් කිරීමේ ව්‍යාපාරය ලෙස හැඳින්වෙන ඉන්දියාවේ කොවිඩ් එන්නත්කරණය මේ වසරේ ජනවාරි 16 දා ආරම්භ කළ අතර එය සෞඛ්‍ය සේවකයින්ගෙන් ආරම්භ වී ඉක්මනින්ම පෙරටුගාමී සේවකයින් ද ආවරණය කළේය.

    කොවිඩ් එන්නත්කරණය පසුව වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය සඳහා විවෘත කරන ලද අතර ඉන් පසුව වයස අවුරුදු 45 ට වැඩි අය ද එන්නත්කරණයට ලක් කළහ. එතැන් සිට එය අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් දක්වා පුළුල් කර ඇත.

    indianewsnetwork.com ඇසුරිණි

  • ‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්

    ‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්

    සාගින්නෙන් මිදීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්කයක සපුරා ගැනීමට ඉන්දියාව අදිටන් කරගෙන සිටින බව මධ්‍යම කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය

    දැඩි කොවිඩ් -19 වසංගතය තුළදී පවා ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හොඳින් ක්‍රියාත්මක වූ අතර ආහාර නිෂ්පාදනය සහ අපනයනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙමගින් ඉන්දියාව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට දායක වූ බවත් ඉන්දීය මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමති නරේන්ද්‍ර සිං තෝමර් මහතා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization – SCO) සාමාජික රටවල කෘෂිකර්ම ඇමතිවරුන්ගේ 6 වන රැස්වීමට සහභාගී වෙමිනි.

    පසුගිය 12 වැනිදා ටජිකිස්තානයේ දුෂාන්බේ හිදී මෙම හමුව සංවිධානය කරන ලදී.

    ‘සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය ලබා ගැනීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්කයක් සපුරා ගැනීමට ඉන්දීය රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු සඳහන් කළ බව රජයේ නිල මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    ඉන්දියාව සඳහා මෙන්ම ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සදහා ද ඉන්දිය කෘෂිකර්මාන්තය සැම විටම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ටෝමර් මහතා සඳහන් කළේය. ගෝලීය කොවිඩ් වසංගතය ආහාර සුරක්‍ෂිතතාවය සහ සැපයුම් දාමයන් කෙරෙහි බලපෑම් කිරීම හේතුවෙන් මෙම අංශය කෙරෙහි ඉන්දීය රජය දැඩි අවධානයක් යොමු කළ බව ද ඔහු පැවසීය.

    මෙම සන්දර්භය තුළ, ආහාර සැපයුම් දාමයන් ක්‍රියාකාරීව පවත්වා ගැනීමට සහ ගොවීන්ගේ ජීවනෝපායන් ආරක්‍ෂා කර ගැනීමට රටවල් අතර සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක හා දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

    ඉන්දියාව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලබා ඇති අතිවිශාල වර්ධන මාවත සමඟ ද්විපාර්ශවීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ද අඛණ්ඩව හොඳම භාවිතාවන් හුවමාරු කර ගනිමින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල හැකියාවන් ගොඩනඟා ගනු ඇත. ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව එමඟින් ඔවුන්ට ස්වයංපෝෂිත වීමට සහ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට ද හැකි වේ.

    2022 වන විට ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයට අනුකූලව ඉන්දීය රජය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව, ජල සම්පත් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම, වාරිමාර්ග සඳහා නව යටිතල පහසුකම් ඇති කිරීම, සමබර පොහොර භාවිතය සමඟ පාංශු සාරවත් බව රැක ගැනීම, කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය, ගොවිපොළෙන් වෙළඳපොළට සම්බන්ධතාවය සැපයීම, යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ යෝජනා මේවාට ඇතුළත් ය.

    ග්‍රාමීය තරුණයින්, ගොවීන් සහ ගොවි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නව තාක්‍ෂණයන් දියුණු කිරීමට සහ ඒවා විද්‍යාගාරය තුළ සිට ගොවිබිම් දක්වා ව්‍යාප්ත කිරීමට ඉන්දීය රජය පියවර කිහිපයක් ගෙන ඇති බව ඔහු පැවසීය.

    කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ඉන්දියාව සන්ධිස්ථාන කිහිපයක් සපුරා ඇති බව ද කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

    ‘‘ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැක්ම, අපේ කෘෂිකාර්මික විද්‍යාඥයින්ගේ දක්‍ෂතාව සහ අපේ ගොවීන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාව ස්වයංපෝෂිත වීම පමණක් නොව රට තුළ ආහාර හා ධාන්‍ය අතිරික්තයක් වීමයි. ඒ අනුව අද ඉන්දියාව ධාන්‍ය, පලතුරු, එලවළු, කිරි, බිත්තර සහ මාළු වැනි ආහාර නිෂ්පාදන කිහිපයක ප්‍රමුඛ නිෂ්පාදකයෙකු වන බවට පත්ව සිටිනවා‘ යැයි ද අමාත්‍යවරයා කීවේය.

    තජිකිස්තානයේ කෘෂිකර්ම අමාත්‍ය සියොසෝඩා සුලෙයිමන් රිසෝයි, මහජන චීන සමූහාණ්ඩුවේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් නොරොව් ව්ලැදිමීර් ඉමමොවිච්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍වොංයුයු, තජිකිස්තානයේ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපති ෆයිසුල්ලොසෝදා මුහම්මද් සෙයිද් උබයිදුල්ලෝ සහ අනෙකුත් සාමාජිකයින් මෙම හමුවට පැමිණ සිටියහ.

    indianewsnetwork.com ඇසුරිනි.

  • ආයතන ප්‍රධානීන්ගෙන් යුද හමුදාපති කළ ඉල්ලීම

    ආයතන ප්‍රධානීන්ගෙන් යුද හමුදාපති කළ ඉල්ලීම

    අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගය පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුධ හමුදාපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය තවදුරටත් එලෙසම පවතින බව ද පැවසුවේය.

  • රට වසා දැමීම තව දුරටත්

    රට වසා දැමීම තව දුරටත්

    කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත

  • කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

    ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇත

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දක්වමින් ඉන්දියාව විසින් ලබාදුන් දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් අද (26) කොළඹට වරායට පැමිණියේය. මෙය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන තෙවන ඔක්සිජන් තොගය වන අතර සතියක් තුළදී ටොන් 280ක් ලබාදී ඇත.

    මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට සපයනු ලබන ඔක්සිජන් සැපයුම වැඩි කරන බවයි.

    “සැපයුම දිගටම පවතී !!! අද #හල්දියා සිට ඔක්සිජන් ටොන් 100ක් පැමිණීමත් සමඟ, සතියක් ඇතුළත ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ටොන් 280 ක් ලැබුණි. ඉදිරි දින සහ සති වලදී තවත් බලාපොරොත්තු විය හැකි බව‘ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

    https://twitter.com/IndiainSL/status/1430501192845594637?s=20

    කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහයෝගය දැක්වීම සඳහා ඉන්දියාවේ කැපවීමේ කොටසක් ලෙස පසුගිය 22 වැනිදා ඉන්දියානු නාවික හමුදාවේ අයිඑන්එස් ශක්ති නෞකාව මගින් විශාඛපට්නම් සිට දියර ඔක්සිජන් ටොන් 100ක් රැගෙන පැමිණියේය.

    අහම්බයකට මෙන්, ඉන්දියාවෙන් ලබාගත් දියර ඔක්සිජන් ටොන් 40ක් සහිත ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද පසුගිය අගෝස්තු 19 වන දින චෙන්නායි සිට කොළඹ බලා ගමන් ආරම්භ කළේය.

    පසුගිය සදුදා නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, සමුද්‍ර සේතු-II මෙහෙයුමේ කොටසක් ලෙස ඔක්සිජන් ලබා දීම සඳහා ඉන්දියානු නාවික යාත්‍රාව යෙදවීමට පියවර ගත් බවයි.

    ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව මෙම විශාල තොගය කඩිනමින් බෙදා හැරීමට පහසුකම් සැලසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙම සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය සතියේ සාකච්ඡා කර ඇති බවයි.

    ඉන්දියානු නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැඩි සහයෝගයක් ලබා දුන් බව අවධාරණය කළ ශ්‍රී ලංකා වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

    විධිමත් සැපයුම් දාමය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර හදිසි අවස්ථාවකදී මිත්‍රශීලී විදේශ රටවලට අත්‍යවශ්‍ය ඔක්සිජන් නැව්ගත කිරීම වේගවත් කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ‘මිෂන් සාගර්’ ආරම්භය පුරෝගාමී ප්‍රයත්නයක් වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

    දියර ඔක්සිජන් තොග වැඩි වශයෙන් මෙරටට පැමිණීමට නියමිත බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සහතික කිරීම සඳහා අයිඑන්එස් ශක්ති නෞකාව හිස් ඔක්සිජන් කන්ටේනර් විශාකාපට්නම් වෙත ගෙන යන බවයි.

    indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද

  • සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි

    සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

    බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර වලට යොමුව ඇති වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඒ සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

    කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86 % පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත් , ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇතැයිද , මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්,ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

    ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇතැයිද ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කීය.සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

     

  • නොවැම්බර් අවසානයට පෙර  අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

    නොවැම්බර් අවසානයට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

    ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද(26) පෙරවරුවේ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා මේ බව කීය.සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර, නව සෞඛ්‍ය අමාත්‍යවරයාට තානාපතිවරයා මෙහිදී සුභ පතනු ලැබීය.

    මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියුබානු තානාපතිවරයාට පැවසීය.

    ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්,දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරු වැඩසටහනක් සදහාද අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා මේ වසර අවසාන වනවිට කියුබානු සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කීය.මේ වන විට එරට 100% ක් භාවිතයට ගෙන ඇත්තේ කියුබානු නිෂ්පාදිත එන්නත් බවත් , ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් අනතුරුව වෙනත් රටවලටද කියුබානු එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා පැවසීය.

    එරට විදේශ විනිමය අතුරින් වෛද්‍ය උපකරණ,සෞඛ්‍ය සේවාවන් ඉහළ විනිමයක් ලබා දෙන බවද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අතර එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි බවත් ඒ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් වලින් කියැවිණි.

  • ‘සීනි කිලෝව 210යි – විෂයභාර ඇමති කියන තිත්ත කතාව

    ‘සීනි කිලෝව 210යි – විෂයභාර ඇමති කියන තිත්ත කතාව

    මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගියත් එය පාලනය කිරීමට රජයට හැකියාවක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.

    අමාත්‍යවරයා සදහන් කළේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.

    සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමක මෙවැනි අති විශාල මිලකින් සීනි මිල ඉහළ යාම පිළිබදව පාරිභෝගිකයින් අතර බලවත් අප්‍රසාදයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් කළ නොහැකි යැයි පාරිභෝගික ආරක්ෂණ ඇමැතිවරයාම ප්‍රකාශ කිරීම ජනතාවගේ හාස්‍යයට මෙන්ම කෝපයට ද හේතු වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අද (26) මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා, සීනි අද තොග මිල රුපියල් 210 දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේක සම්පූර්ණ අසාධාරණ මිල වැඩි කිරීමක්. කූඨ වෙළෙන්දන් විසින් මේක කරන්නේ කියලා අපි හඳුනගෙන තියෙනවා. වර්තමානයේ මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණත් වසර 17ක පස්සේ අපි දැන් මේ පනත සංශෝධනය කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අනුව රුපියල් 10,000ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කරනවා. ඒ අනුව වැඩි මිලට අලෙවි කරන සෑම ව්‍යාපාරිකයෙකුටම ඒ නව දඩ මුදල අයකරන්න පුළුවන් වෙනවා.”

    මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වසරේ ඉහළම උද්ධමන අනුපාතය ද පසුගිය ජූලි මස වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.