70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සේවය සිය මුල් පිටුවට ශ්‍රී ලංකා ජාතික කොඩිය එක්කර ශ්‍රී ලංකිකයින් සමග නිසදහසේ ප්‍රීතිය විදීමට කටයුතු කර ඇත.

ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි ඇති තෙක් හිර ගෙදර උරුම කරවිය  යුතු යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට ප්‍රකාශ කර…

තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී
මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්‌ තැපැල් ඡන්දයක්‌ වෙනුවෙන් රුපියල් 750 ක්‌ පමණ වියදමක්‌ දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ…

එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි
පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.  එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය විසින් එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 0112422176 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා අංකවලට හෝ සමූහ මංකොල්ල…

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අතර ඇති වැටුප් විෂමතාවයන් හා තවත් ගැටළු කිහිපයක් විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේය. මූලික…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සදහා ප්‍රධාන පක්ෂ සියල්ලම ගෙන යන මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මුළු රටේම අවධානයට ලක්ව ඇත.. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 04ක් සිදුවූ…

එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. ‍…

නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන…

පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි
එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල…

වසර 151 කට පසු සුපිරි නීල චන්ද්‍රයා සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ විරල අවස්ථාවක් ලෝක වාසීන්ට හිමි වී තිබෙනවා. ඒ මෙම මස 31 වනදාට බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා…

පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට
පෙරේදා (27) වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවකට සහභාගී වීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුරින් ගාල්ල හා…

සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදට උත්තර දෙනවා
  සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පවුලේ ප්‍රශ්න පවුල තුළ බේරා නොගෙන වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම බිල්ලට ලබාදෙමින් සිටින බවත් සයිටම් අහෝසි නොකර සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදා උත්තර ලබාදෙන බවත්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි.  සයිටම් අහෝසි නොකිරීම ඇතුළු ගැටලු 10ක් මුල් කරගනිමින් මෙම…

නිරායුධකරන සමුළුවේ 2018 සභාපතිධූරය ලංකාවට
ජිනීවාහි 2018 නිරායුධකරන සමුළුවෙහි පළමු සභාපතිධූරය ශ‍්‍රී ලංකාවට පසුගියදා හිමි විය. අවසාන වරට ශ‍්‍රී ලංකාව නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වයට පත්වූයේ 2007 වසරෙහිදීය.මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් සභාව ඇමතූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය-නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා  ශ‍්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බව පැවසීය. මෙම අභියෝග…

පෙබරවාරි 8 බැඳුම්කරය  විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි
    බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි
ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී , “අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රීවරු අනූහයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ‍්‍රී…