Category: සුපිරි Sports

  • ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්

    ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්

    කොවිඩ් – 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද  ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ  ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් වූ බවත්, පාසල් ක්‍රීඩාව නැවත නැංවීම, අන්තර් පාසල් ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ඉදිරි කාල සීමාව තුල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම සදහා අනුගමනය කළ යුතු සාධක පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ නිරෝධායන නීතීරිති වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව සියළු කටයුතු සිදු විය යුතු බවත්, කිසිදු හේතුවක් මත නොයෙකුත් ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල් ළමුන් ඇතුලු ක්‍රීඩකයින් ක්‍රිඩාව සදහා යොදා නොගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කොට චක්‍ර ලේඛයක් නිකුත් කිරීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. අවසර ලබාදිය හැකි ක්‍රීඩා තරඟ ඇතුලු පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් ඉදිරි සතියක කාලසීමාව ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළියෙළ කොට ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත  ලබාදීමටත් මෙහිදී තීරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

  • ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ් රකුසා බැල්ම හෙළයි

    ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ් රකුසා බැල්ම හෙළයි

    ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන් වෙනවා. බෝල්ට් පසුගිය 21 වැනිදා සිය 34 වන උපන්දිනය සැමරු අතර ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

  • ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් මහේලට ලොකු තනතුරක්

    ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් මහේලට ලොකු තනතුරක්

    අද දින (20) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කළා.

    ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ,

    01.හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
    02.හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික 
    03.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික 
    04.රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික 
    05.සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික 
    06.ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික 
    07.යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික 
    08.සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික 
    09.කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික 
    10.රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික 
    11.රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික 
    12.රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික 
    13.මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික 
    14.අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික
     

    ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය අනුව නව ක්‍රීඩා පනතක් සහ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තිමය තත්ත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කරගත් විශේෂ වැඩසටහන් සඳහා මඟ පෙන්වීම ද ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

    නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.
     

  • ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා  බොහෝ දේ

    ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා බොහෝ දේ

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    දෝනිගේ සුප්‍රකට’corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි

    ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

    වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

    ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී ‘චැම්පියන් ශූරතාවත්’ (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

    ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

    විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

    දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

    mahendra singh ,dhoni
    කඩුල්ල බිඳ හෙළමින් පිතිකරුවකු දවා ලන ලද අවස්ථාවක්

    දෝනි උපත ලද්දේ එවක ක්‍රිකට් ක්‍රීඩාව ගලා නොගිය ඉන්දියානු කලාපයක්ව පැවති නැගෙනහිර ඉන්දියාවේ රාංචි(Ranchi) නගරයේ ය. දෝනි තමාට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකයකු වූ සව්රව් ගංගුලි විසින් ආරම්භ කරන ලද ක්‍රිකට් ව්‍යාපෘතියට එක් විය. සාම්ප්‍රදායිකව එතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට හවුල් නොවූ තැන් කෙරෙහි අවධානය යොමු කෙරුණු ගංගුලි ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරට ගෙන ඒමට සමත් වූවකි.

    දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උසස් කරනු ලැබීම මුල්යුගයේ දී මහාරාජාවරුන් සහ ප්‍රාදේශීය අධිපතිවරුන් ඇතුළත් වංශවතුන්ගේ විනෝදාංශයක්ව පැවති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් අනතුරුව මධ්‍යම පන්තියට අයත් ක්‍රීඩකයන් කරාත් අනතුරුව කුඩා නගරවල කුසලතා සහිත ක්‍රීඩකයන් කරාත් ව්‍යාප්තවීමේ දිගුවකි. එම අර්ථයෙන් ගත්විට එය ඉන්දියානු සමාජය තුළත් එක්තරා පරිණාමයක් ප්‍රදර්ශනය කරන සුළු වර්ධනයක් වේ.

    සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවරම ලබමින් පිටියට අවතීර්ණ වන විට දෝනිගේ වයස අවුරුදු අටක් පමණි. දෝනි නායකත්වය භාරගනු ලැබීමෙන් මාස කීපයකට පසු තෙන්ඩුල්කාර් මෙසේ සඳහන් කළේය.

    “දෝනි කටයුතු කරන ආකාරය ගැන මම සතුටුවෙනවා. දෝනි තියුණු මොළයක් ඇති සමබර චරිතයක්”

    දෝනි ඉතා පහසුවෙන් සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිළිගැනීම දිනාගත්තේය. හැකියාව සහිත ඉදිරිගමන සහ සාධාරණත්වය යන දෙඅංශයෙන් ම ඔහු ජ්‍යෙෂ්ඨයන්ගේ ගෞරවයට ලක්විය.

    dhoni
    ,රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි.

    දෝනි සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත්තේය. රාහුල් ඩ්‍රාවිඩ් ගේ නායකත්වය යටතේ ටෙස්ට් ක්‍රිකට් තරඟ 19 කටද, අනිල් කුම්බ්ලේ ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරඟ දහයකට ද දෝනි ක්‍රීඩාකර ඇත.

    රාහුල් ඩ්‍රාවිඩ් මෙන්ම අනිල් කුම්බ්ලේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් පැමිණියෝ වෙති. ඔවුන් දෙදෙනාගෙන් ම දුර්ලභ බුද්ධියක්, උපායශීලී දැනුමක් සහ කළමනාකරණ කුසලතාවක් ක්‍රිකට් කණ්ඩායම් නායක කාර්යභාරයට එක්ව ඇත.

    ”මට කණ්ඩායමක් අවශ්‍යයි. අපි ඉදිරියට ධාවනය වෙමින් තිබෙන විශාල ලොරියක් ඉදිරිපිට සිටගන්න පුළුවන් කණ්ඩායමක්” දෝනි වරක් සඳහන් කර ඇත. එවැනි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔහු ක්‍රියාත්මක විය.

    ක්‍රීඩකයකු ලෙස දෝනි සතු විශ්මයජනක කුසලතාව වන්නේ වෙනත් ක්‍රීඩකයකු තුළ පැවතිය හැකි දුබලතාව හඳුනා ගැනීමය. ඔවුන්ගේ කපටි උපක්‍රමයක් වුවද දෝනිට තම වාසියට හරවා ගත හැකිය.

    ඉන්දියාවේ හිටපු කඩුළු රකින්නකු වූ සයිඩ් කිර්මානි (Syed Kirmani) මුල දී දෝනි කඩුළු රකින්නකු ලෙස ඔහුගේ අඩුපාඩු දුටුවේය. පිතිකරු පසුකර තමා ඉදිරියට එන පන්දුවක් ඩැහැ ගැනීමේදී කකුලේ ඇඟිලි මත නොව විලුඹින් සිටීම සම්බන්ධයෙන් සයිඩ් විසින් දෝනි දෝෂදර්ශනයට ලක්කරනු ලැබ ඇත. දෝනිගේ සුප්‍රකට ‘corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි. වෙනත් පිතිකරුවන් විසින් එම ප්‍රහාරය ඉතා කලාතුරකින් එල්ල කරනු ලබන්නේ එය අනුකරණය කිරීම දුෂ්කර කාර්යයක් වීම හේතුවෙනි.

    dhoni
    මහේන්ද්‍ර සිං දෝනි “පද්ම විභූෂන්” ගරු නාමයෙන් පුදනු ලැබුණි.

    ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමට ද දුෂ්කර කාර්යයකි.

    සුනිල් ගවස්කාර් විශ්‍රාම යාමෙන් අනතුරුව මුහුණදුන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සමස්ත ඉන්දියානු කණ්ඩායම ලකුණු 75 කට දවාලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. එම තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුළු පහකින් පරාජය වී ඇත. ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල විසින් ලකුණු සියයක් සම්පූර්ණ කරනු ලැබ තිබෙන්නේ එම තරගයෙන් පසු තවත් ටෙස්ට් ක්‍රිකට් තරඟ දහනවයකට පසුවය. එය කාසියේ එක පැත්තකි.

    එහි අනිත් පැත්ත මෙසේ විය. තෙන්ඩුල්කාර්ගේ අවසන් ටෙස්ට් ඉනිමේ දී ඔහු ‘ස්ලිප්’ ක්‍රීඩකයා විසින් දවා ගනු ලැබීමෙන් පසු ඊළඟට පැමිණි විරාත් කෝලි ඊළඟ පන්දුවේ දී ළකුණු හතරකට දැවී ගියේය.

    සංකේතවාදය (symbolism) බැහැර කළ නොහැක්කකි. රජු ස්වර්ගස්ථ වූයේ නමුත් දිගුකල් ජීවත් වන්නේය.

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    වසර පහළොවක් තුළ දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ 538කට සහභාගී වී ඇත. ඔහු විසින් රැස්කරන ලද ලකුණු සංඛ්‍යාව 17,000 කි. රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි. බිඳ හෙළන ලද කඩුළු ගණන 195 කි.

    dhoni
    2007 විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දේ පිතිකරුවකු දවා ගැනීමේ සතුට පළකළ මොහොතක්

    දෝනිට සාපේක්ෂව ඊට වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයන්ගේ ගණන පහකි. ඔවුන් අතර ද සිටින්නේ එක් කඩුළුරකින්නකු පමණි. එහෙත් දෝනි තරම් ක්‍රීඩා තරඟ ප්‍රමාණයකට ඔවුන් නායකත්වය සපයා නැත.

    දෝනි තබා ඇති එම වාර්තා ඉක්මවා යාම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. එහෙත් එම සංඛ්‍යාවන් ඉක්මවා යන ඔහුගේ උරුමය ඉන්දීය සමාජමය විපර්යාසය නම් ආරුක්කුවේ පිළිබිඹු වනු ඇත.

    එම උරුමයට ඉන්දියාවේ මේ දක්වා නොසලකා හරිනු ලබන ජනකොටස් තුළට ප්‍රදානය කරනු ලබන ස්වයං විශ්වාසයක් ද ඇතුළත් වේ. එසේම පැරණි සම්ප්‍රදාය සතු ගරුත්වය අවධාරණය කිරීමක්ද එමගින් සිදු කෙරෙන අතර, එය ඔහු නැගී සිටි ක්‍රීඩාවට සහ එහි නිරත ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන ගෞරවයක් ද වේ.

    Text by BBC

  • දෝනි – රයිනා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම: ‘වහාම තීරණය වෙනස් කරන්න’ – සිනමා තරු ඉල්ලයි

    දෝනි – රයිනා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම: ‘වහාම තීරණය වෙනස් කරන්න’ – සිනමා තරු ඉල්ලයි

    හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි සහ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළහ. එම්.එස්. දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව මගින් තම විශ්‍රාම යාම නිවේදනය කළේය.

    සුරේෂ් රයිනා ද සිය නි ඉන්ස්ටග්‍රෑම් ගිනුම හරහා සටහනක් තබමින් තමා ද මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්වීමට තීරණය කරන බව ප්‍රකාශ කළේය.

    එම්.එස්. දෝනි සහ සුරේෂ් රයිනාගේ විශ්‍රාම යාම පිළිබඳ පුවත රට පුරා ක්‍රිකට් ලෝලීන්ට මහත් කම්පනයක් ඇති කළේය.

    මලයාලම් සිනමාව සම්බන්ධයෙන් ගත් කල, ක්‍රිකට් ක්‍රීඩාවේ අනුගාමිකයන් වන මලයාලම් තරු, ඉතා කඩිනමින් තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රතිචාර දක්වමින් අදාළ තීරණය ගැන නැවත සලකා බලන මෙන් දෝනිගෙන් සහ රයිනාගෙන් ඉල්ලා සිටියහ.

    මලයාලම් සිනමාවේ සුපිරි තරුව වන මොහාන්ලාල් සිය නිල සමාජ මාධ්‍ය පිටුවලට ගොස් කැප්ටන් කූල්ට සිය අනාගත උත්සාහයන් සඳහා සුබ පැතුම් එක් කළේය. සුරේෂ් රයිනා සහ එම්.එස්. දෝනිගේ ඡායාරූපයක් මොහාන්ලාල් බෙදා ගත්තේය.

    ස්වයං පාපොච්චාරණය කළ රයිනාගේ පෙම්වතියක් වන ප්‍රිතිවිරාජ් සුකුමාරන්, එම්.එස්. දෝනි සහ සුරේෂ් රයිනා යන දෙදෙනාටම හැඟීම්බර සටහන් දෙකක් සිය නිල සමාජ මාධ්‍ය පිටුවල පළ කළාය. රයිනාගේ සුපිරි පිතිහරඹය තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙන බවත්, දෝනි ඉන්දියාවෙන් බිහි වූ සුපිරිම කඩුලු රකින්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

    filmbeat.com ඇසුරිණි – සටහන – තුෂාධවි

  • දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

    දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

    න්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දෝනි කියයි. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දෝනි මේ පිළිබඳ සටහනක් තබා ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි ක්‍රීඩා කර නොමැත.

  • CCC පිල ශූරතාව පෙනෙන මායිමට

    CCC පිල ශූරතාව පෙනෙන මායිමට

    ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ඇරැඹූ සී. සී. සී. පිල රාගම පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් ආසන්නයට පැමිණීමට සමත්වූවේය.

    මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 54.57 ක් හිමිකරගෙන සිටි කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායමට ලද ජයග්‍රයණයත් සමඟ තවත් ප්‍රසාද ලකුණු 19 ක් හිමිවිය. ඒ අනුව මේ වන විට සී. සී. සී. කණ්ඩායම මුලු ප්‍රසාද ලකුණු 73.57 ක් ලබමින් සෙසු කණ්ඩායම් වලට පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානයක් වෙත පැමිණ සිටියි. එන්. සී. සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 55.68 ක්ද කෝල්ට්ස් කණ්ඩායම 46.32 ක්ද ලබා පිළිවෙළින් එම සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

    ප්ලේට් තරග වටයේ ප්‍රසාද ලකුණු 16.44 ක් ලබා සිව්වැනි ස්ථානයේ රැඳී සිටි මීගමුව ක්‍රීඩා සමාජය ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කරන ලද කඩුලු 5 ක ජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා පැමිණ සිටියි. මෙම තරග වටය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 20.42 ක් ලබා පළමු ස්ථානයේ සිටි ටැමිල් යුනියන් කණ්ඩායම එස්.එස්.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළද පූර්ණ තරග ජයග්‍රහණයට වඩා වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් මීගමුව පිලට හිමිවීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.

  • ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර්

    ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර්

    මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා  කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) තීරණය කළේය.

    නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීම සඳහා දින ගණනාවක් තිස්සේ ක්‍රිකට් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැති අතර එහිදී සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීම සහ තරගාවලිය නිසි කාල සටහනට අනුව පවත්වනවාද නැද්ද යන්න වූ අවසන් තීන්දුව අද දිනයේදී ගැනීමට නියමිතව තිබිණ. එහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ තිබේ.

  • 2020 IPL: ඉන්දු – චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්

    2020 IPL: ඉන්දු – චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංග ය

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ‘නාම අනුග්‍රාහකත්වයෙන්’ (title sponsor) චීන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Vivo ඉවත් කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

    Vivo සමාගම ඩොලර් මිලියන 300ක මුදලක් ගෙවා 2018 දී පස් වසරක අනුග්‍රාහක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබුණි.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව තුළ චීන විරෝධී මත රැල්ලක් උත්සන්න වෙමින් පවතිද්දීය.

    ඉන්දු – චීන දේශසීමාව මත දෙරටේ හමුදා භටයන් අතර මෑතකදී ඇති වූ ගැටුම, ඉන්දියාව තුළ චීන විරෝධී මත රැල්ලක් බිහිවීමට හේතු විය.

    එම ගැටුමින් ඉන්දීය සොල්දාදුවන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

    ඉන් අනතුරුව, ඉහත කී චීන සමාගම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ (IPL) අනුග්‍රාහකත්වයෙන් ඉවත් නොකර සිටීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි විවේචනවලට ලක් වෙමින් පැවතුනි.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වනාහි ලොව ධනවත්ම ක්‍රීඩා තරඟවලින් එකකි
    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වනාහි ලොව ධනවත්ම ක්‍රීඩා තරඟවලින් එකකි

    කෙටි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ Vivo සමගම සමඟ පවතින අනුග්‍රාහක සහකාරිත්වය 2020 වසර සඳහා “අත්හිටුවීමට තීරණය කර” ඇති බවය. ඒ පිළිබඳව වැඩි විස්තර එම නිවේදනයේ සඳහන් කර නොමැත.

    TikTok

    ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා සම්බන්ධ වී සිටින තවත් සමාගම් කිහිපයක් ම චීනයට සම්බන්ධකම් පවතී.

    කෙසේ වෙතත්, TikTok ඇතුළු චීන පරිගණක ඇප් උපාංග 59ක් තම රට තුළ තහනම් කිරීමට ඉන්දියාව පසුගිය දා පියවර ගත්තේය.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මස මුලදී නිවේදනය කර සිටියේ 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සැප්තැම්බර් 19 වැනිදා පටන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇති බවය.

    ඒ අනුව අවසාන මහා තරඟය ඇතුළුව, එම තරඟාවලියට අයත් තරග 53ක් ඩුබායි, ශාජා සහ අබු ඩාබි යන නගරවල පැවැත්වීමට නියමිතය.

    අවසාන මහා තරඟය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ නොවැම්බර් 10 වැනිදා ය.

    මෙම විස්සයි විස්ස (Twenty20) තරගාවලිය මුලදී ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 29 වැනිදාය. නමුත් කොරෝනාවෛරස් වසංගතය ලොව පුරා පැතිරයාමත් සමඟ එය කල් දැමීමට සිදු විය.

    බොලිවුඩ් තරු

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වනාහි ලොව ධනවත්ම ක්‍රීඩා තරඟවලින් එකකි. ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ බලවතුන් රැසක් එයට එක් වී සිටිති.

    IPL තරඟාවලියට සහභාගී වන විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල අයිතිය ජනප්‍රිය බොලිවුඩ් තරු සහ මහා ධන කුවේරයන් සතුය.

    තම කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා ඔවුහු මිලියන ගණනින් මුදල් වැය කරති.

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ද සහභාගී වීමට නියමිතව තිබුණි. ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගත් බෙන් ස්ටෝක්, ඕවන් මෝගන් සහ ජොස් බට්ලර් ද ඒ අතර විය.

    රාජස්ථාන් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.4කට බෙන් ස්ටෝක් මිල දී ගනු ලැබිණි. එමෙන්ම මෝගන්, බට්ලර් සහ ටොම් කුරන්ට දල වශයෙන් පවුම් 500,000ක් බැගින් වටිනා කොන්ත්‍රාත්තු හිමි විය.

    ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජෝෆ්රා ආචර්, රාජස්ථාන් කණ්ඩායමේ කොන්තරාත්තුවෙන් ඉවත් විය.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය.

    එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංග වේ.

    by bbc sandesaya

  • ශ්‍රී ලංකා ක්‍රිකට්:  මතිවානන් වෙනුවෙන් ජයන්ත ධර්මදාස එයි

    ශ්‍රී ලංකා ක්‍රිකට්: මතිවානන් වෙනුවෙන් ජයන්ත ධර්මදාස එයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගත්තා.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා සිදුකළ රාජකාරීන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා පත් කළ බවයි.

  • ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ඉල්ලා අස්වෙයි

    ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් මහතා අද (29) ඉල්ලා අස් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දන්වා සිටියා.

    තම ඉල්ලා අස්වීමට හේතු වශයෙන් ඔහු සදහන් කළේෙ වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට තමාට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කළ බවත් එම තත්ත්වය තුළ ඉල්ලා අස්වීම හැර තමන් හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද මතිවානන් මහතා තම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළා.

  • කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්

    කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි. ක්‍රිකට් ආයතනය විසින් මෙසේ විනය පරීක්ෂණ සිදුකරන්නේ ක්‍රීඩකයන් අතින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා වූ බවද වාර්තා වේ.

  • ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

    ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

    දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. 

    සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා කණ්ඩායම් 05 සහභාගි වන අතර එම කණ්ඩායම් නම් කිරීම සිදු වන්නේ කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය නගර මුල් කර ගෙනය. 

    තරගාවලිය සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළ පුහුණුකරුවන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළු ක්‍රීඩකයන් තරගාවලියට එක් වීමට නියමිතව ඇත.

    තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ජුලි 30 වැනිදායින් අවසන් වන අතර තරග කාලසටහන ඉන් අනතුරුව නිකුත් කරනු ඇත.

  • අවු. 25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

    අවු. 25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

    ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.

    2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන නම් කරන ලද මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය මෙන්ඩිස් වෙනුවෙන් වෙන්වී තිබේ. නම් කරන ලද කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් වුවත් කණ්ඩායමේ නායකයා ලෙසින් පාකිස්තානු පිලේ ඉදිරි පෙළ පිතිකරු බාබර් අසාම්ව නම් කර තිබේ. 

    කුසල් ටෙස්ට් තරග 44 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුලු ලකුණු 2995 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ශතක 7 ක් සහ අර්ධ ශතක 11 ක් ද ඇතුළත් කර ගනිමිනි.

  • ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම්

    ක්‍රිකට් විනිසුරුවන් 133 කට උසස්වීම්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

    පළමු ශ්‍රේණියේ සිට තෙවැනි ශ්‍රේණිය දක්වා වූ උසස්වීම් ලිපි 2020 ජුනි මස 19 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, අන්තර්ජාතික විනිසුරු කමිටුවේ විනිසුරු කුමාර් ධර්මසේන, ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහත්වරුන් ඇතුළු විනිසුරු කමිටුවේ සියළුම සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ. සිව්වැනි ශ්‍රේණිය දක්වා උසස්වීම් ලද විනිසුරුවන් වෙනුවෙන් වූ දෙවැනි අදියරයේ උසස්වීම් ලිපි ජූලි මස 09 වැනිදා කුමාර් ධර්මසේන ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ ප්‍රධානී, එම ලේකම් වසන්තලාල් ප්‍රනාන්දු, සාමාජිකයින් වන මංජුල කාරියප්පෙරුම, දිල්රන් අබේසේකර සහ අබූ සිද්ධික් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ලද චන්ද්‍රික අමරසිංහ මහතා වෙත ලිපිය ලබා දෙමින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති උසස්වීම් විභාගය, ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණ වශයෙන් පවත්වනු ලැබීය. එහිදී විනිසුරුවන් සිව් දෙනෙක් පළමු ශ්‍රේණියට උසස්වීම් ලද අතර ඔවුන්ට අමතරව, විනිසුරුවන් 10 දෙනක් දෙවැනි ශ්‍රේණියටත්, විනිසුරුවන් 29 දෙනෙක් තෙවැනි ශ්‍රේණියටත්, විනිසුරුවන් 90 ක් පස්වැනි ශ්‍රේණියේ සිට සිව්වැනි ශ්‍රේණිය දක්වාත් උසස්වීම් ලැබූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා විසින් සිව්වැනි ශ්‍රේණියට උසස්වීම් ලද තරංඟ පරණවිතාන මහතාට උසස්වීම් ලිපිය ප්‍රධානය කරමින්.

    පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා විනිසුරුවන් 370 දෙනෙක් සහභාගිවූහ. ඒ අතරින් දෙවැනි වරට දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා පරීක්ෂණය සඳහා විනිසුරුවෝ 270 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර එම පරීක්ෂණය දිස්ත්‍රික්ක 16 ආවරණය වන පරිදි වූ ස්ථාන 7 ක වෙන් වෙන් වශයෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගැනිණ. එම පරීක්ෂණ 2 ට අමතරව සිව්වැනි ශ්‍රේණියට සමත් විනිසුරුවන්ට හැර පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවලට උසස්වීම් ලද විනිසුරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි දැනුම පිළිබඳ වූ පරීක්ෂණයක්ද පැවැත්වීමට පියවර ගනු ලැබීය.

    උසස්වීම් ලද අය අතර කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් තිදෙනකු සිටීම කැපී පෙනිණ. එහිදී හිටපු ක්‍රීඩිකා දේදුනු ද සිල්වා සහ නිල්මිණි පෙරේරා තෙවැනි ශ්‍රේණිය දක්වාත්, සඳුනි ලක්ෂිකා සිව්වැනි ශ්‍රේණිය දක්වාද උසස්වීම් ලැබූහ. 

    ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මහතා උසස්වීම්ලාභීන් අමතන අයුරු.

    උසස්වීම් ලද ක්‍රිකට් විනිසුරුවරු විනිසුරියන් මෙසේය.

    පළමු ශ්‍රේණිය:- මොරිස් ඩිලා සිල්වා, විදුර ප්‍රසාද්, සිසිර පෙරේරා, සුසන්ත දිසානායක

    දෙවැනි ශ්‍රේණිය:- සංජීව ප්‍රනාන්දු, බී.එම්.ඒ. මොහාන් ද සිල්වා, ආර්. පී. මස්සලගේ, තිලක් ප්‍රනාන්දු, ධම්මික රාජපක්ෂ, දමිත් සංජීව, චාමර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, චන්ද්‍රික අමරසිංහ, චතුරන් සංජීව.

    තෙවැනි ශ්‍රේණිය:- එස්. එම්. විජේසිරි, ගාමිණී විජේසිංහ, ඒ.එම්. රෆීල්, කසුන් විජේසේකර, කුමාර සිරිවර්ධන, ආර්. එල්. දුල්සිරි, චින්තක ගිරිහාගම, සිසිර ප්‍රබෝද්, චන්දන සිල්වා, ඩී. එස්. පොන්නම්පෙරුම, ශේන් කුරේ, හෙරෝෂ් ජයසේකර, දේදුණු ද සිල්වා, දර්ශන පෙරේරා, අසංක නානායක්කාර, සුපුන් නිර්මල, නිමාලි පෙරේරා, ආර්. කේ. වික්‍රමසිංහ, විශාන්ත ප්‍රනාන්දු, ඒ.පී. ඩිලන්ත, රොෂාන් ධම්මික, ඒ.එම්. ප්‍රියන්ත. ටී. කිරුබාහරන්, සුමේද තිලකරත්න, පී. ගනේෂ්කුමාර්, ඩිලේෂ ජයසූරිය, ප්‍රියාන් විතානාරච්චි, මලික් කීර්ති ප්‍රනාන්දු, සංජීව ඩයස්.

    සිව්වැනි ශ්‍රේණිය:- මංජුල කුමාර, අසේල ජයවික්‍රම, ඩිල්ෂාන් සම්පත්, අසංක විරාජ්, තරංග පරණවිතාන, සමන් කුමාර, සී.කේ.බී. වික්‍රමාරච්චි, ඩබ්. පී. සතරසිංහ, අයි. පී. කොළඹආරච්චි, තිලිණ ගයාන්, නන්ද කුමාර, සී.එස්.කේ. රණවක, ජේ. කේ. වීරසිංහ, ජේ. ඒ. තිලකරත්න, ආර්. සී. බණ්ඩාර, නයනජිත් චමින්ද, චමීර මේනුක, රුවන් මුණසිංහ, සුනෙත් ද සිල්වා, විකුම් ද අල්විස්, නන්දන ද සිල්වා, ලසිත් කරුණාතිලක, දිනේෂ් චන්දිමාල්, දිනේෂ් සඳරුවන්, කේ. ඊ. එස්. රංගජීව, අසංක කහටපිටිය, චානක ඉහළහේවා, චමිල කරවිට, කේ. නාදන්, ඒජේ. ජෙකොබ්, කේ. සෙල්වසර, ටී. ජයතීපන්, එන්. සුතේෂ්කුමාර්, වයි. නිතාරෂන්, ඒ. බාලෙන්ද්‍රන්, ජී. ඥානතායලන්, ඒ.පී. ප්‍රනාන්දු, නිලංක පෙරේරා, එන්. එස්. ජයකොඩි, ඩී.ඩී. චින්තක, ආර්. එස්. සතරසිංහ, ඩී.ටී. දසනායක, අමිත් ගමගේ, ප්‍රියංග කුමාර, සී. දලුවත්ත, ධම්මික මුදලිගේ, ඩී. ඩී. සුමනසේකර, ලලිත් කඩවතගෙදර, ප්‍රදීප් කුමාර, ඒ.පී. දසනායක, ඩබ්. පී, පූර්ණික, සී.ජේ. කස්තුරිආරච්චි, ධනංජය නිලමේ, ජේ. ෆස්මීර්, අයි. එන්. නන්දසිරි, කේ. අයි. සමරවීර, ඒ.එම්. රිලාස්, එස්. එම්. අරිෆු, එම්. ඩබ්. ජස්මි, එම්. ඩබ්. අම්හර්, යූ.එල්. නහිෆුඩීන්, අයි. එම්. ෆායිස්, ජී.එස්. කුමාර, එස්. එම්. සිශාන්, ජේ. එම්. ජරීත්, එස්. එම්. සුජාන්, ප්‍රභාත් කුමාර, ඒ. එම්. ටී. සම්පත්, ආර්. එම්. ටී, කුමාරසිංහ, එස්. එන්. රත්නායක, ඒ. එන්. කේ. රත්නායක, ඩී.පී. කාරියවසම්, චතුරංග යාපා, එස්. එල්. උනන්තෙනා, සී. එස්. උමයංගන, චාමර දිල්රුක්ෂ, එම්. එස්. වසන්ත, ඩී. බී. මංගොඩ, එම්. වී. චානක, එම්. ඒ. ද සිල්වා, තරංග ශාන්ත, එච්. එස්. බන්දුසිරි, ඩබ්. ආර්. චාමින්ද, එන්. සී. වික්‍රමසිංහ, සඳුනි ලක්ෂිකා, කේ. ඊ. හර්ශක, එස්. සී, ද සිල්වා, කේ. ටී. ධම්මික, චානක කොමසාරු, අයි. ඩබ්. ජයසේකර.

    මාධ්‍ය අංශය- ශ්‍රී ලංකා ක්‍රිකට්-

  • T20 ලෝක කුසලානෙත් කල් යයි

    T20 ලෝක කුසලානෙත් කල් යයි

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත්නොවීම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ.

    මෙම තරගාවලිය මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව අවසන් විධායක කමිටු රැස්වීම ඉකුත්දා 20 වැනිදා අන්තර්ජාල වීඩියෝ සංවාද භාවිතයෙන් පැවැත්වුණු අතර එහිදී උක්ත තීරණයට එළැඹ තිබේ. මීට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී තිබෙන හානිය පිළිබඳව දැඩි ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබෙන මෙම රැස්වීමේදී එම වසංගතය පවතින කාලය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරය පිළිබඳව වැදගත් කරුණු කීපයක්ම සාකච්ඡාවට බඳුන්වී තිබීම විශේෂත්වයක් වී තිබේ.

    එළැඹෙන ඔක්තෝම්බර් මස 18 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබුණු මෙම තරගාවලිය ඊළඟ වසර හෙවත් 2021 වසර දක්වා කල් දැමීමට තීරණය වී තිබේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ. 

    ඒ අනුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන 2021 වසරේ ඔක්තෝම්බර් මස නොවැම්බර් යන මාස වලදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන නමුත් සත්කාරකත්වය දරන් ලබන්නේ ඔස්ට්‍රේලියාවද එසේ නැතහොත් ඉන්දියාවද යන්න මේ වන තෙක් ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන නොමැත. කෙසේ වෙතත් ඉදිරි වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව හෝ ඔස්ට්‍රේලියාව විසින් සංවිධානය කරනු ලබන අතර 2022 තරගාවලිය ඉතිරි රට සංවිධානය කරනු ඇත.

    කෙසේ වෙතත් 2021 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් 14 වැනිදාත්, 2022 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එම වසරේ නොවැම්බර් 13 වැනිදාත් පැවැත්වීමට තීරණය කර තිබේ.

    එමෙන්ම 2023 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයක පෙර කාල සටහනට අනුව මාර්තු සහ අප්‍රේල් මසවලදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම අවසන් මහ තරගය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මසවලදී පැවැත්වීමට එම කමිටු රැස්වීමේදී සම්මත වී තිබේ. එම අවසන් මහ තරගය නොවැම්බර් මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව සදහන් කර තිබේ.