Category: සුපිරි Sports

  • බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් ටෙස්ට් තරගය සඳහා ජොෆ්රා ආචර් කැදවයි

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් ටෙස්ට් තරගය සඳහා ජොෆ්රා ආචර් කැදවයි

    එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්, තෙවැනි ටෙස්ට් තරගය
    ස්ථානය: එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් දින: ජූලි 24-28
    ආචර් සිය පුහුණුවීම් සඳහා නැවත පැමිණෙන විට අභිප්‍රේරණය සඳහා අරගල කිරීම සහ එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි ක්‍රීඩා කිරීම සඳහා “100% මානසිකව නිවැරදි” වීම ගැන කතා කළේය.

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ඇතුළත් කර තිබේ. 25 හැවිරිදි කොවිඩ් -19 ජෛව ආරක්ෂිත ප්‍රොටෝකෝලය උල්ලංඝනය කිරීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරිණි.

    ආචර් සිය පුහුණුවීම් සඳහා නැවත පැමිණෙන විට අභිප්‍රේරණය සඳහා අරගල කිරීම සහ එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි ක්‍රීඩා කිරීම සඳහා “100% මානසිකව නිවැරදි” වීම ගැන කතා කළේය.

    ජේම්ස් ඇන්ඩර්සන් සහ මාක් වුඩ් ද සිකුරාදා තරගය සඳහා 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටිති.

    නමුත් පන්දු යැවීමට නොහැකි විය හැකි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ යෝග්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වේ.

    එංගලන්තයේ දෙවන ටෙස්ට් ජයග්‍රහණයේ දී ස්ටොක්ස් ලකුණු 254 ක් රැස් කළේය, තීරණාත්මක කඩුලු 3 ක් සහ තරගයේ වීරයා ලෙස නම් කිරීම සඳහා උඩ පන්දුවක් ලබා ගත්තේය.

    එංගලන්ත නායක ජෝ රූට් බීබීසී ස්පෝර්ට් වෙත පැවසුවේ “බෙන්ට ටිකක් අමනාපයක් තියෙනවා. ඔහුට අනිවාර්යයෙන්ම සෙල්ලම් කිරීමට හැකි වනු ඇති, නමුත් එය ඔහුට පන්දුව සමඟ කෙතරම් බලපෑමක් කළ හැකිද යන්න ගැන ය.

    “එය ටිකක් කල් පවතිනවා. එය එතරම් බැරෑරුම් දෙයක් හෝ දිගු කාලීනව කරදර විය යුතු දෙයක් නොවේ. එය ඔහුව ඉතා පරිස්සමින් කළමනාකරණය කිරීමයි.”

    ටෙස්ට් තරග 3 කින් 1-1 ක් ලෙස ඉදිරියෙන් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 1988 සිට එංගලන්තයේදී පළමු තරගමාලාව ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබේ.

    එංගලන්තය විස්ඩන් කුසලානය නැවත ලබා ගැනීමට සහ වසර හයක නොදැවී වාර්තාවක් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරයි.

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි අවසන් ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය: ජෝ රූට් (යෝක්ෂයර්) නායක ජේම්ස් ඇන්ඩර්සන් (ලැන්කෂයර්), ජොෆ්රා ආචර් (සසෙක්ස්), ඩොමිනික් බෙස් (සමර්සෙට්), ස්ටුවර්ට් බ්‍රෝඩ් (නොටින්හැම්ෂයර්), රෝරි බර්න්ස් (සරේ), ජොස් බට්ලර් (ලැන්කෂයර්) ), සැක් ක්‍රව්ලි (කෙන්ට්), සෑම් කුරන් (සරේ), ඔලී පාප් (සරේ), ඩොම් සිබ්ලි (වෝර්වික්ෂයර්), බෙන් ස්ටොක්ස් (ඩර්හැම්), ක්‍රිස් වෝක්ස් (වෝර්වික්ෂයර්), මාක් වුඩ් (ඩර්හැම්).

  • 2021 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    2021 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර කිරීම මත එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 15 වැනි වතාවට පවත්වනු ලබන ආසියානු කුසලාන තරගාවලිය 2021 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත.

    2022 වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදීමට නියමිතව තිබුණු ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයට ලබා දීමේ පොරොන්දුව මත අදාළ සත්කාරකත්වය හුවමාරු කරගත් බව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටියි.

    මුල් කාල සටහනට අනුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දැරීමට නියමිතව තිබුණත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එය පැවැත්වීම පිළිබඳව අවධානමක් මතුවිය. මෙම තත්ත්වය මත තරගාවලිය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණත් එය පැවැත්වීමට නියමිතව තිබූ සැප්තැම්බර් මස වන විටත් කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක පැවැතීම නිසා තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කෙරිණ.

    තරගාවලිය මෙම වසරේ පැවැත්වීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල විධායක කවුන්සිලය කීප වතාවකදීම රැස්වුණු අතර නියමිත කාල සටහනට අනුව තරගාවලිය පැවැත්වීමට එහිදී හැකි සෑම පියවරක්ම ගනු ලැබීය.

    සංචාරක අවස්ථාවන් සීමා කිරීම, ඒ ඒ රට අනුව වූ විශේෂිත නිරෝධායන අවශ්‍යතා, මූලික සෞඛ්‍ය අවධානම් සහ සමාජ දුරස්ථ භාවය යන කරුණු මෙම වසරේ ආසියානු කුසලාන තරගාවලිය නොපැවැත්වීමට බලපෑ ප්‍රධාන කරුණු වේ. ඊට අමතරව ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අවධානම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත්ම පිරිස වන වාණිජ හවුල්කරුවන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබේ. 

  • SSC සභාපතීත්වය මහේලට

    SSC සභාපතීත්වය මහේලට

    SSC කී‍්‍රඩා සමාජයේ (Singhalese Sports Club) හෙවත් ‘සිංහල ක්‍රිකට් සමාජයේ‘ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර කිරීමට එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

  • ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි

    ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි

    එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (12) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමග තරග 03කන් සමන්විත එංලගන්ත – බටහිර ඉන්දිය ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසු වෙනවා.

    එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි අවසන් දිනයේදී ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරවෝ තරඟයේ පළමු භාගයේදී ලකුණු 27කට කඩුළු 03ක් දැවී ගොස් අසීරු තත්ත්වයක පසුවෙද්දී පිටියට පිවිසි ජර්මේන් බ්ලැක්වුඞ්ස් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කරමින් කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 154කට මුහුණ දුන් ජර්මේන් හතරේ පහර 12කින් තම ලකුණු 95 වර්ණවත් කළා.

    අවසන් දිනයේදී ජෙෆ්රා අවාර් ඇතුළු වේග පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයකට මුහුණ දුන් කොදෙව් පිතිකරුවන් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 35කට කඩුළු 03ක් දැවී ගොස් දැඩි පීඩනයක සිටියත් දිවා ආහාරයෙන් පසුව තේ පානය සඳහා තරගය නතර කරන විට එම පීඩනයෙන් මිදීමට සමත්ව සිටියා.

    ඒ අනුව තේ පාලනය සඳහා තරගය නතර කරන විට කඩුළු 04කට ලකුණු 108ක් දක්වා සිය ඉනිම ඔසවා තැබීමට කොදෙව් පිතිකරුවන් සමත් වුණා. තේ පානයෙන් පසුව ජයග‍්‍රාහී ඉලක්කය කරා යාමට ක්‍රෙග් සහ ජෝන් කැම්බල් උත්සාහ කළ ද ජෙෆ්රා අවාර්ගේ පන්දුවක් වැඳීමෙන් පාදයේ අස්ථි ප‍්‍රදේශයේ බිඳීමක් සිදුවූ හෙයින් කැම්බල්ට තාවකාලිකව පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. නමුත් තරගයේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කිරීමට යළි පිටියට පිවිසි කැම්බල්ට හැකිවීම විශේෂත්වයක්.

    තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් මෙසේ කියා සිටියා – ‘එය ඉතා අසීරු ටෙස්ට් තරඟයක්. පස්වන දින දක්වා ක්‍රීඩා කළ හැකි සෑම විටම එය විශිෂ්ටයි\ ක්‍රිකට් ක්‍රීඩා කරන මට්ටම අතිශය අසාමාන්‍යයි’

    ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මෙසේ සඳහන් කළා. ‘මට ඇත්තටම සතුටුයි. අපේ කණ්ඩායම කළ යුතු හොඳම දේ කළා. ඔවුන් ඔවුන්ගේ මහන්සියේ, කැප වීමේ ප‍්‍රතිඵල නෙළා ගත්තා‘

  • මහින්දානන්දට එරෙහිව ‘නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා’ පැමිණිල්ලක්

    මහින්දානන්දට එරෙහිව ‘නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා’ පැමිණිල්ලක්

    ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

    ක්‍රිකට් තරග පාවාදීමක් සම්බන්ධ සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් සමාජවාදී තරුණ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවා දුන්නේ යයි මහින්දානන්ද අලුත්ගමගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට එරෙහිව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ගොනු කළ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

    ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත

    මේ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇති හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබෙන්නේ නිසි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන, සාක්ෂි නැතැයි පවසමින් පොලිසිය අදාළ විමර්ශනය අවසන් කර ඇති බවය. තමා මේ සම්බන්ධයෙන් ජූලි 03 ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත

    සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය සහ 11 ඊ යන වගන්ති ද පදනම් කරගෙන තිබේ.

    එම පනතේ 13 වගන්තිය අනුව සාවද්‍ය චෝදනා එල්ල කිරීම වරදකි. එහි මෙලෙස සඳහන් වේ.

    “මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.”

    2011 අවසාන මහා තරගය

    මේ පනත යටතේ සිදු කරන යම් විමර්ශනයක කාර්යය සඳහා ඒකකය විසින් යම් තොරතුරක්, වාර්තාවක් හෝ ලේඛනයක් සපයන ලෙස හෝ යම් ප්‍රකාශයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි විට දැන දැනම සාවද්‍ය, අසම්පූර්ණ හෝ නොමග යවන සුළු තොරතුරක් වාර්තාවක්, ලේඛනයක් හෝ සාවද්‍ය ප්‍රකාශයක් කිරීම වරදක් බව එම පනතේම 11 ඊ වගන්තියේ දැක්වේ.

    පොලිස් විමර්ශන අවසන් කිරීමට හේතුව

    හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය ඔස්සේ කළ හෙළිදරවුවට අදාළ පැමිණිල්ල ජුනි 24 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සටහන් කරගෙන තිබුණි.

    ඒ අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශනයක් ආරම්භ විය.

    එම විමර්ශනයට අදාළව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සමයේදී තේරීම් කමිටු සභාපති ලෙස ක්‍රියා කළ අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවකට නායකයාව සිටි කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග යන අයගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලදි. මහේල ජයවර්ධන කැඳවා තිබුණ ද පසුව ඔහුට එදින නොපැමිණෙන ලෙස දන්වා තිබුණි.

    එහෙත් මහේල ජයවර්ධන අදාළ දිනයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

    ජූලි 03 වැනිදා අදාළ පොලිස් විමර්ශන අවසන් කළ බව‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පැවසුවේය.

    “ප්‍රකාශ සටහන් කිරීමට අමතරව ලේඛන ගණනාවක් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු සාක්ෂි අනුව තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය ද සාක්ෂි ලෙස පදනම් කරගෙන මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

    පොලිස් විමර්ශන ගැන සැහීමකට පත් නොවූ තමන් ඒ ගැන සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

    “මම පැහැදිළිව සඳහන් කළා ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ. තොරතුරු ගන්න ඕනා අය කවුරුන්ද කියලා. තොරතුරු ගත්තේ එවකට තේරීම් කමිටුවේ සභාපතිගෙන් විතරයි. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරං ලිපි ගොනු වහන්න පුළුවන්ද ? මේ විදියටමයි පොලිසිය පහුගිය කාලේ කළේ. පොලීසිය තමන්ගේ වැරැද්ද වහගන්න වැරැද්ද මගේ පිට දාලා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ට තොරතුරු ලබා දී ඇතැයි ඔහු පවසා තිබුණි.

    සාක්ෂි නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියයි

    මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවයි.

    අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

    බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ඡායාරූප කිහිපයක් එක්කර ඇති අතර ප්‍රධාන ශීර්ෂපාඨය සුළු සංශෝධනයකට ලක්කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • මහින්දානන්ද බොරු චෝදනා කළේ ‘කාගේ වුවමනාවට’ කියලා සොයා බැලිය යුතුයි

    මහින්දානන්ද බොරු චෝදනා කළේ ‘කාගේ වුවමනාවට’ කියලා සොයා බැලිය යුතුයි

    මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ.

    2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවාදීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව දේශපාලන ගේමක් වුවත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරු නම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර තුනක සිර දඬුවමකට යටත් කරන්න පුළුවන් ලොකු වරදක්‘‘ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

    අද (4) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සජින් වාස් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

     ‘‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස මටත් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්න අවස්ථාව ලැබුණා. එහිදි මට නම් දැක ගන්නට ලැබුනේ නැහැ ඒ තරගය අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන්නා කියලා.

    ඉන්දියාවත් ලංකාවත් අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මම හොඳින් නැරඹුවා. එහිදි කිසිවිටකවත් අපේ කණ්ඩායම ඒ තරගය පාවා දුන්නා කියලා පොඩිම සැකයක්වත් අපිට ඇති වුනේ නැහැ. එක් අවස්ථාවකදී අපේ කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට පැමිණිලා සිටියා.

    එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නතර කරලා ජය ඒ අයගේ පැත්තට යොමු කර ගත්තා. ඒකයි එදා සිද්ධ වුණේ. සිද්ධවෙන්න පුළුවන් දෙයක් තමයි එදා සිද්ධ වුණේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම විශාරදයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් බව මම දැනගෙන සිටියා . එදා ඒ දේ සැබවින්ම අත්වින්දා. මා මිත්‍ර හිටපු ක්‍රීඩා ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය නොදැන සිටීමයි මෙයට එකම හේතුව.

    මහින්දානන්ද ඇමැතිතුමා දැන හෝ නොදැන මේ කළ වැඩෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලොකු බලපැමක් එල්ලවුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ජාත්‍යන්තරය වැරදි විදිහටයි දැන් බලන්නේ. ලෝකයේ වෙන කොහේ රටක ක්‍රිකට් තරග පාවාදෙන ක්‍රිකට්  ක්‍රීඩකයින් හිටියත් ලංකාවේ එහෙම නැහැ කියලා මුළු ලෝකයාම පිළිගෙන තිබූ අවස්ථාවක මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ කල වැඩේ සුළුපටු වැඩක් නෙමෙයි.

    මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ.

    ඒ අය හිතුවේ නැහැ මේක ජාත්‍යන්තරයේ පවා මහත් ආන්දෝලනයකට ලක්වේවි කියලා. මේ චෝදනාවෙන්  ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම ඇවිස්සුනා. එයින් ආණ්ඩුවට විශාල චෝදනා එමින් තිබුණා. ආණ්ඩුවට අපකීර්තිය ගලා ඒම සිද්ධවුණා. එයින් බේරෙන්නයි මේ වෙනුවෙන් සිදු කෙරුණු විමර්ශන හදියේම නතර කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේකත් ආණ්ඩුවේ මැදිහත්වීමක්. තව දුරටත් මේ විමර්ශණය ඉදිරියට ඇදිලා ගියහොත් ආණ්ඩුවට ලොකු අවාසියක් ජාතික හා අන්තර් ජාතික වශයෙන් වෙන නිසා හදිසියේම එය නතර කරන්න ආණ්ඩුව කටයුතු කළා.

    අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරු නම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර තුනක සිර දඬුවමකට යටත් කරන්න පුළුවන් ලොකු වරදක්‘‘ යැයි සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

  • බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ අත්අඩංගුවට ගැනීමට පුළුවන්: නීතිය මෙන්න !

    බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ අත්අඩංගුවට ගැනීමට පුළුවන්: නීතිය මෙන්න !

    එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ!

    වසර 2011 දී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  කළ චෝදනාව පදනම් විරහිත බව  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා අද (03) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

    මහින්දානන්ද ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ

    “මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා. අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න. සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ. අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසුවා.

    මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශයක සදහන් වුණේ අදාළ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි හෝ කිසිදු ලේඛනයක් එම මූලික විමර්ශනවලින් අනාවරණය නොවූ බවයි.

    “ඒ නිසා තවදුරටත් විමර්ශන ගෙනියන්න තරම් ප්‍රමාණවත් තොරතුරු නැහැ,” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියා.

    2011 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා 2019 දී සම්මත කරගත් නීතියක් යොදාගත නොහැකි බවට නීති තර්කයක් මතු වූ අතර, විමර්ශනය අත්හැර දැමීමට එය තවත් හේතුවක් වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවා.

    විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි.

    අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

    එබැවින් 2011 ලෝක කුසලානයේ සම්බන්ධයෙන් සැක පහළ කිරීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වී තිබේ.

    ගොරකා දඩමස් කරන මාධ්‍ය හා දේශපාලන භාවිතය

    මහින්දා නන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා පදනම් විරහිත කතා කිරීමට ප්‍රසිද්ධියක් උසුළුන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් කරන පොදු චෝදනාවක්. ඔවුන් කියන්නේ ‘වාචාල දේශපාලනඥයින්ගේ පදනම් විරහිත කතා නිසා සමාජය කැළඹීමට පත්වීම වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ සුලභ තත්ත්වයක් බවයි.

    ‘ඔහු මීට සති කිහිපයකට පෙර විදෙස්ගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ද සාවද්‍ය කතාවක් කළා. ඔහු එදා විදෙස් ශ්‍රමිකයින් හැදින්වූයේ ‘මිනිස් බෝම්බ‘ කියලයි. ඒ වගේම කරුණා අම්මාන්, රන්ජන් රාමනායක වගේ දේශපාලනඥයින් ප්‍රකට වීමට හෝ කුප්‍රකට වීමට මෙවැනි පදනම් විරහිත කතා කියමින් සමාජය තුළ ක්ෂණික කම්පනයක් ඇති කරනවා‘ ප්‍රවීන දේශපාලන විචාරක භාතිය බරුකන්ද මහතා අප කළ විමසීමකදී කියා සිටියා.

    ‘මේකට මාධ්‍ය ප්‍රචාරය ඍජුව සම්බන්ධ වෙනවා. එහිදී මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ තම දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. උදාහරණයක් ලෙස හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමා ගැන කළ කතාවට රාජ්‍ය මාධ්‍ය සහ රජයට ගැති මාධ්‍ය දැවැන්ත ප්‍රචාරයක් දෙනවා. මංගල සමරවීරට වචනයක් පිටකරන්න බැහැ. භික්ෂූන් එළියට බහිනවා. ඒත් කරුණා අම්මාන් කළ අති බිහිසුණු කතාවට මේ කිසිම පාර්ශ්වයක් එක කෙළ බිදක් හෙළුවේ නැහැ. මේක තමයි ලංකාවේ දේශපාලන භාවිතයේ ස්වභාවය. ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි හිස් දේශපාලන චරිත පක්ෂ නායකයින් විසින් දැඩිව ආරක්ෂා කිරීමයි‘භාතිය බරුකන්ද මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

    මෙහිදී ඔහු සදහන් කළේ ‘ගොරකා දඩමස් කරන මාධ්‍ය හා දේශපාලන සංස්කෘතිය තුළ මහින්දා නන්ද වැනි අවස්ථාවාදී දේශපාලන චරිත උඩ පිනුම් ගසන බවයි.

    දැඩි ආන්දෝලනයක්

    ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ ආකාරයට 2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දා නන්ද කළ සාවද්‍ය ප්‍රකාශය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනක් ඇතිකර තිබෙනවා. ඒ අතර පොදුජනතාව, ක්‍රිකට් ක්‍රීඩකයින් සේම දේශපාලනඥයින් ද සිටිනවා.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරනු ලැබීම හඳුන්වා දෙන්නේ හෝමාගම “ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය” ඉදි කිරීමේ සැලසුමට ක්‍රීඩකයින් විරුද්ධ වූ බැවින් ඔවුන් “විනාශ කිරීමේ” උත්සහයක් ලෙසයි.

    ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් බේරා ගැනීම පිණිස එක්වන මෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළා.

    නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් එදා මෙන්ම අදත් පොලිසිය ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බවත් ‘යහපාලන’ රජය සමයේ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවෙදීත් තමන් එයට විරෝධය පළ කළ බවයි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිට ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ‘ජනතා බලය’ හමුවේ දණ ගැසීමට ආණ්ඩුවට සිදු වී ඇති බවයි.

    මහේල සහ අරවින්ද ගේ ප්‍රතිචාරය

    ට්විටර් ජාලය ඔස්සේ හිටපු ඇමතිවරයාගේ චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට කණ්ඩායමේ උප නායකයා වූ මහේල ජයවර්ධන, මැතිවරණය ළඟ දැයි උපහාසයෙන් ප්‍රශ්න කළා..

    ‘සංදර්ශනය’ ඇරඹී ඇති හැඩක් පෙනෙන බවත් පවසන ඔහු, තරග පාවා දුන් පුද්ගලයන්ගේ නම් සහ සාක්ෂි කවරේ දැයි ප්‍රශ්න කළා.

    පොදුජන එක්සත් පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂකයෙකු ද වන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ චෝදනාව සම්බන්ධ විවාදය තවත් ඉදිරියට යමින් එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා ද එයට ප්‍රතිචාර දක්වා තිබුණි.

    හිටපු ඇමතිවරයා නගන චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද සිල්වා පැවසුවේ පාවාදීමක් සිදු වී ඇත්නම් වසර 09 ක් තිස්සේ ඔහු එය සඟවාගෙන සිටීමම ගැටලුවක් බවයි.

    ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් අරවින්ද ද සිල්වා අවධාරණය කර තිබුණා.

    ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවාදීම සම්බන්ධ චෝදනාව පිළිබඳ පොලිසිය විසින් විමර්ශන පවත්වනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යධුරය දරන සමයේ සම්මත කරන ලද ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ නීතිය පදනම් කරගෙනයි.

    මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

    මේ අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මහින්දානන්ද ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද ? යන්න මතුකරනවා. ඊට අදාළ නෛතික පසුබිමත් ඔහු එම සටහනේ දක්වා ඇති අතර එය පහත දැක්වෙනවා.

    තරඟ පාවාදීම් පිළිබඳ ක්‍රීඩකයින්ට විරුද්ධව සාක්ෂි හමුවුනේ නැත්තම්, බොරු චෝදනා එල්ල කළ පුද්ගලයින්ට 2019 අංක 24 දරණ ක්‍රීිඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ අංක 13 වගන්තිය, අංක 14 (ඊ) යටතේ නඩු පැවරිය යුතුයි. බොරු චෝදනාවට වරදකරු වන්නේ රු. ලක්ෂ දෙකක දඩයක්, වසර දෙකකට තුනක් නො ඉක්මවන සිරගත කිරීමක් දඩුවම් ලෙස ලැබිය හැකියි.

    මේ තියෙන්නේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ 13 වන වගන්තිය. 

    “මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුලත් යම් චොදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතරල මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බනධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.” 

    16 වන වගන්තියේ දක්වා ඇත්තේ තරඟ පාවාදීම් අනීතික ඔට්ටු ඇල්ලීම් ආදිය පිළිඹඳව කරනු ලැබෙන පැමිණිලි ගැන. ඉතිං මහින්දානන්ද හිටපු ඇමතිතුමා කලේ එවැනි පැමිණිල්ලක්. දැන් විමර්ශණ කණ්ඩායම කියනවා ඒ පැමිණිල්ල ඔප්පුකරන්න සාධක නෑ කියලා.

    එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ!

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පුටුව රටට අහිමි කිරීම

    2011 ලෝක කුසලානය පවාදීමක් ගැන මහින්දා නන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ඇමති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශ ගැන අවධානය යොමු කරන බොහෝ පාර්ශ්ව ඍජුව චෝදනා කරන්නේ මෙම සිදුවීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බවයි.

    කුමාර සංග්ක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටියදී මහින්දා නන්ද – තිලංග මැදිත්වීම මත ඍජුව කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සංගා පැය 09ක් තිස්සේ සාක්ෂි දෙයි – හෙට සාක්ෂි දෙන්නේ මහේල ජයවර්ධන

    සංගා පැය 09ක් තිස්සේ සාක්ෂි දෙයි – හෙට සාක්ෂි දෙන්නේ මහේල ජයවර්ධන

    2011 වසරේදී ඉන්දියාවේ පැවැති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නායක කුමාර සංගක්කාර මහතා අද (02) ක්‍රීඩා වැරදි පිළිබදව සොයා බලන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා.

    අද පෙරවරු 09.00ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කුමර සංගක්කාර මහතා පැය 09කට ආසන්න කාලයක් එහි ගත කළ අතර පස්වරු 06.20 වන විට ඉන් පිටව ගියා.

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කුමාර් සංගක්කාර මහතායි.

    සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සදහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද සදහන්.

    මේ අතර 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට ද හෙට (03 වැනිදා) ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත පැවසුවා.

    මහේල හෙට පෙරවරු 09.00ට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

  • 2011 ලෝක කුසලානය පවා දීම – ප්‍රකාශයක් දෙන්න සංගක්කාරත් කැඳවයි

    2011 ලෝක කුසලානය පවා දීම – ප්‍රකාශයක් දෙන්න සංගක්කාරත් කැඳවයි

    2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරඟයේදී ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීම පිණිස 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළ ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටියේ එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශ ලබා ගත් බවයි.

  • 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

    20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

    රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලදරන් ‘විස්ඩන්‘ ක්‍රිකට් මාසික සගරාව  (Wisden Cricket Monthly) විසින් 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා (Most valuable Test player of 21st century) ලෙස පසුගිය දා නම් කළා.

    ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවයි විස්ඩන් විසින් මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ.

    ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නූතන තාක්ෂණය උපයෝගි කරගෙන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුව විස්ඩන් සඟරාව විසින් 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනකු නම් කර ඇති අතර මෙම 30 දෙනා අතරනි මුරලිදරන් ඉදිරියෙන්ම සිටිනවා.

    විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාවේ කර්තෘ ජෝ හර්මන් නව නම් කිරීම ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

    ‘මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් මෙම විශ්ලේෂණයේ දී වඩාත් ඵලදායී පන්දු යවන්නන් දෙදෙනා ලෙස කැපී පෙනේනවා. මෙම විමර්ශනයේදී අපි විශ්ලේෂණය කරන්නේ ක්‍රීඩකයින්ගේ බලපෑමයි. එහිදී අපි හොඳම පන්දු යවන්නා කවුද කියා විශ්ලේෂණය කර නැහැ. අපේ නිරීක්ෂණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරගවල ඉරණම වෙනස් කළ දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු සුවිශේෂ බලපෑමක් කළ බවයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගවල ආධිපත්‍යය දැරීමට වැඩි අවස්ථාවක් ඔහුගේ පන්දු යැවීම හරහා ලැබී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විස්ඩන් ක්‍රිකට් මාසික සගාරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ (Sam Stow) පැවසුවේ “අපි 2000 වසරේ සිට දත්ත එක්රැස් කර තිබෙනවා. 2000 සිට 2020 දක්වා දශක දෙකක් මේ සදහා සලකා බලා තිබෙනවා‘ යනුවෙනුයි.

    “මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573ක්ම ඔහු බිඳ දැමුවේ 2000 ජනවාරි 1 වැනිදා සිට 2010 දක්වා කාල සීමාවේ ක්‍රීඩා කළ තරග 85කදියි. එම කාල සීමාව ඇතුළත මුරලිට වඩා වැඩි කඩුළු සංඛ්‍යාවක් අත්කර ගැනීමට සමත් වූයේ කඩුළු 584ක් බිඳ දැමූ එංගලන්ත වේග පන්දු යවන්නකු වන ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඒ සඳහා ඔහුට ටෙස්ට් තරග 151කට ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා.” සෑම් ස්ටෝ වැඩි දුරටත් සදහන් කළා.

  • ශ්‍රී ලංකාව සූදානම් – බංග්ලාදේශය එන්න බෑ කියන නිසා ටෙස්ට් තරගාවලිය කල් යයි

    ශ්‍රී ලංකාව සූදානම් – බංග්ලාදේශය එන්න බෑ කියන නිසා ටෙස්ට් තරගාවලිය කල් යයි

    කොරෝනා වෛරසය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කර ගැනීමට සමත්වී සිටීම හේතුවෙන් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදුකළ හැකි වාතාවරණයක් තවමත් නිර්මාණය නොවී තිබීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ දෙරට අතර තරගාවලිය සඳහා ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබිණ. කෙසේ වෙතත් අදාළ තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් වශයෙන් නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි දෙවැනි කඳවුර ඉකුත් සඳුදා දින මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණ.

    ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ සිව්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය.

    මෙම තරගාවලියට ප්‍රථම ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ආපසු සිය රට බලා පිටත්ව ගිය අතර අනතුරුව දකුණු අප්‍රිකාව සහ ඉන්දීය කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාරද කල් දැමීමට පියවර ගනු ලැබීය.

  • ‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්

    ‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්

    එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් clare connor පත්ව ඇත. වසර 233ක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය වන්නේ ද ඇයයි.  

    43 හැවිරිදි වියේ පසුවන කොනර් දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරන අතර 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට ඇය සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 

    තම නව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොනර් “එම්.සී.සී. හි මීළඟ සභාපති පත්වීමට ලැබීම මහත් ගෞරවයක්. ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර ඇත. දැන් එය මට මෙම පුදුමාකාර වරප්‍රසාදය ලබා දෙයි.”යැයි කියා සිටියාය. 

    මේවන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස  හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර සංගක්කාරට දෙවන ධූර කාලය සඳහා මේවන විට ආරාධනා කර ඇති අතර ඔහුගේ සේවය 2021 සැප්තැම්බර් 30 වැනි දා දක්වා ක්‍රියාත්මකය.

  • 2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දානන්ද තොරතුරු හෙළිදරද්දී ‘තිලංග කුල කියයි’

    2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දානන්ද තොරතුරු හෙළිදරද්දී ‘තිලංග කුල කියයි’

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා.

    දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති 2011 ලෝක කුලසාන අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ තවත් පරිච්ඡේදයක් අද (24) නාවලපිටියේදී ලියවුණා. ඒ මහින්දා නන්ද අලුත්ගමගේ මහතා අද දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි කළ හෙළිදරව්වක් සමගයි.

    මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ සදහන් කළා.

    2011 ලෝක කුසලානය පවාදීමට අදාළ සියලු තොරතුරු භාර දුන්නා – මහින්දානන්ද

    ‘2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පවා දිම සම්බන්ධයෙන් මම කළ හෙළිදරව්වට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද දින පොලිස් විශේෂ විමර්ෂණ අංශයට භාර දුන්නා. පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් අද දින උදැසන නාවලපිටිය මගේ කාර්යාලයට ඇවිත් මේ පැමිණිල්ල සටහන් කරගෙන ගියා. ඒ වගේම එම පැමිණිල්ලට අදාළ ලියකියවිලි අටක්ද පොලිස් විශේෂ විමර්ෂණ අංශයට මම භාර දුන්නා‘

    ‘ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුලත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විශේෂ ලිපියක් එවා තිබුණා‘

    මෙහිදී මහින්දා නන්ද අලුත්ගමගේ මහතා ජනමාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ එම තරග පවාදිම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ෂණ අංශය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා තවදුරටත් ඒ පිළිබදව කතා නොකරන ලෙසයි.

    මහේල ජයවර්ධනට මුල මතක නැහැ – තිලංග සුමතිපාල

    මේ අතර 2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා අද (24) ‘හරි‘ අන්තර්ජාල නාළිකාව සමග ප්‍රකාශ කළා. එහිදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ 2011 ලෝක කුසලානය තරග තරග පාවා දීම සඳහා පස් දෙනෙක් සිටි බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් නම් කර තිබූ බවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා.

    ‘මම එදා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටියේ නැතිනම් මුරලිදරන් කෙනකු නැහැ. ඒ වගේම තමයි ‘ලක්බිම’ කියා බැට් එකේ අලවාගෙන ක්‍රිකට් පිටියට ආ පුංචි කොල්ලාට (සුමතිපාල මහතා මේ කියන්නේ මහේල ජයවර්ධන ගැන වන අතර ආරම්භක යුගයේදී මහේල ජයවර්ධනට ක්‍රිකට් ක්‍රීඩාව සදහා අනුග්‍රහය දැක්වූයේ ලක්බිම පුවත්පත් ආයතනයයි) දැන් මුල මතක නැහැ‘

    සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා ආසාදනය වුණත් එංගලන්ත සංචාරය ස්ථිරයි

    පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා ආසාදනය වුණත් එංගලන්ත සංචාරය ස්ථිරයි

    කොරෝන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ නවතම පාකිස්තාන ක්‍රීඩකයින් හත් දෙනා අතර වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ද විය

    අගෝස්තු මස පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සදහා නම්කර සිටින පාකිස්ථාන සංචිතයේ තවත් ක්‍රීඩකයින් හත්දෙනෙකුට කොරොන වෛරසය ආසාදනය වීම සමග පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිත මුළු ක්‍රීඩකයින් ගණන 10 දක්වා ඉහළ ගොස් ඇත.

    පාකිස්ථාන කණ්ඩායම ලබන 28 වැනිදා එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබියදී මුහුණ දී ඇති මෙම තත්ත්වය හමුවේ සංචාරය පමණක් නොව පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය ද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

    එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය පවසන්නේ පාකිස්ථාන කණ්ඩායම ජූනි 28 වැනිදා එංගලන්ත සංචාරය ආරම්භ කිරීම ගැන සැකයක් නැති බවයි.

    පාකිස්ථාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය ගැන කරුණු පැහැදිලි කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Pakistan Cricket Board (PCB) ප්‍රධාන විධායක වසීම් ඛාන් මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

    “එංගලන්ත සංචාරය බොහෝ දුරට සිදුවෙමින් පවතින අතර කාලසටහන අනුව කණ්ඩායම එංගලන්තය බලා පිටත් වේ.”

    ටෙස්ට් තරග 3 කින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලිය අගෝස්තු මාසයේදී ඇරඹීමට නියමිතය.

    මීට පෙර පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 ආසාදනය වීම දැනගත් විට ඒ පිළිබද අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ගයිල්ස් පැවසුවේ, පාකිස්තානය ඉතා ඉක්මණින් පැමිණෙනු ඇතැයි එංගලන්තය බලාපොරොත්තු වන බවයි.

    “මේ මොහොතේ ඒ ගැන ඕනෑවට වඩා කරදර විය යුතු නෑ. ටෙස්ට් තරග මාලාව ආරම්භ වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබෙනවා‘ ඈෂ්ලි පැවසීය.

    මේ අතර පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය පවසන්නේ හයිඩර් අයිල්, හරිස් රවුෆ් සහ ෂඩාබ් ඛාන්  පසුගිය ඉරිදා ධනාත්ඉමක පරීක්ෂා කිරීමට පෙර කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැති බවයි.

    ෆකාර් සමන්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන් සහ වහබ් රියාස් සහ කණ්ඩායම් සම්බාහක (team masseur) මලන්ග් අලි පසුගිය සදුදා (22) කොවිඩ්-19 ආසාදනය වූ බව හදුනා ගත් කණ්ඩායමයි.

    ඔවුන් 11 දෙනාටම “ඔවුන්ගේ නිවෙස්වල දැඩි නිරෝධායනය” නිරීක්ෂණය කරන ලෙස පාකිස්ථාන සෞඛ්‍ය බලධාරීන් නියෝග කර ඇත.

    ඍණාත්මක ලෙස පරීක්‍ෂා කළ ක්‍රීඩකයින් සහ කළමනාකරණ කාර්ය මණ්ඩලය බදාදා රැස්වී බ්‍රහස්පතින්දා වැඩිදුර පරීක්‍ෂණයකට භාජනය වී සැලසුම් කළ පරිදි එක්සත් රාජධානිය බලා පිටත්ව යනු ඇත. ඔවුන් පැමිණ පැය 24 ක් ඇතුළත නැවත පරීක්ෂා කරනු ලැබේ.

    ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩකයින්ට සංචාරය කිරීමට පෙර ඍණාත්මක පරීක්ෂණ දෙකක් ආපසු ලබා දිය යුතුය.

    කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෑත කාලීන ධනාත්මක පරීක්ෂණ මගින් මෙම වෛරසයට ඇති අන්තරාය පැහැදිලිව පිළිබිඹු වේ.

    “ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන්, ප්‍රතිදේහ පරීක්ෂණ පැවැත්වීම ඇතුළුව අපි ඔවුන්ව දිගටම අධීක්‍ෂණය කර සහාය දෙන්නෙමු. ඔවුන් ඍණාත්මක බව පරීක්‍ෂා කළ වහාම ඔවුන් එංගලන්තයේ සංචිතයට එක්වනු ඇත.”

    අඟහරුවාදා උදෑසන වන විට පාකිස්තානයේ කිරීටක වෛරස් රෝගීන් 185,034 ක් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 3,695 ක් මිය ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරග තුනකින් ආරම්භ වන එංගලන්ත තරඟ මේ වන විට සවුත්හැම්ප්ටන් සහ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි ජෛව ආරක්ෂිත ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතව ඇත.

    ජූලි 8 වනදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගාවලිය සඳහා සූදානම් වීම සඳහා එංගලන්තයේ 30 දෙනෙකුගෙන් යුත් පුහුණු කණ්ඩායම අඟහරුවාදා (23) සදම්ටන් වෙත පැමිණෙනු ඇති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

    පාකිස්තානය මෙම සංචාරය සඳහා 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර ධනාත්මක පරීක්ෂණ වලදී අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු සූදානම්ව සිටියහ.

    අතිරේක ධනාත්මක පරීක්ෂණ හත පිළිබඳ ප්‍රවෘත්තියට පෙර, එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ගයිල්ස් පැවසුවේ වඩාත් තහවුරු වූ සිද්ධීන් මගින් සංචාරය තවදුරටත් අනතුරේ හෙළනු ඇතැයි තමා නොසිතන බවයි.

    “එම පරීක්ෂණ ගණනාවක් තවමත් ධනාත්මකව පැවතුනද අපි තවමත් සෑහෙන දුරක් සිටිමු,” ඔහු පැවසීය.

    “තරණය කිරීමට බාධක ගණනාවක් තිබේ. අපට ක්‍රිකට් ක්‍රීඩාව සදාකාලිකව නතර කිරීමට හෝ අතපසු කිරීමට නොහැකිය. ජනතාවගේද අපේක්ෂාව වන්නේ සියලු දේ ඉක්මනින් යළි යථා තත්ත්වයට පත්වනු දැකීමයි” එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි වැඩි දුරටත් පැවසුවේය.

    මේ අතර, අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය කල් දැමීමට පියවර ගෙන ඇත.

  • 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල ‘ඉතා චාම් එකක්’ – ජපානය කියයි

    2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල ‘ඉතා චාම් එකක්’ – ජපානය කියයි

    021 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල සුපුරුදු අති උත්කර්ෂවත් අයුරින් නොපවත්වන බවත් ඒ අනුව සැලසුම්කර තිබූ බොහෝ වැඩසටහන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ Toshiro Muto අද (11) මාධ්‍ය හමුවේ හෙළි කළා.

    ටොෂිරෝ මුටෝ මෙහිදි වැඩි දුරටත් පැවසුවේ නැවත සැලසුම් කරන ලද ක්‍රීඩා සඳහා වන වියදම් සරල කිරීම සහ අඩු කිරීම සඳහා අදහස් 200 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 

    යම් හෙයකින් ලබන වසරේදී ද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කරන බව ද 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ පැවසුවා.

  • ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින්ට යළිත් පුහුණුවීම්වලට අනුගත වීම තරමක් අසීරු කරුණක් වන බව පවසන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සෞඛ්‍ය පුරුදු සමඟ කටයුතු කිරීමේදී එය වෙනදාටත් වඩා අසීරුවනු ඇති බව සඳහන් කර සිටියි.

    කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට සිදුවන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන හොඳ අඩිතාලමක් වන බවද සඳහන් කර සිටියි.

    දැඩි සෞඛ්‍ය නීති රීති සහ කොන්දේසි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශන මැද ශ්‍රී ලංකා කණ්ඩාය සති 2 ක නේවාසික පුහුණු කඳවුරට අද (ජුනි 01) සහභාගිවිය. මේ සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් පිරිසක් සහභාගිවී සිටිති. සමාජ දුරස්ථ භාවය ඇතුළු ක්‍රීඩාව කරගෙන යෑමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යෘංශ නිලධාරී නිලධාරිණියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු දැනුවත් කිරීමකින් පසු මෙම පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු අතර සවස් යාමයේ කණ්ඩායම නේවාසිකව සිටින හෝටලයේදී ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වීමට නියමිතව තිබිණ. 

    “ඇත්තටම අපි අද දවසේදී සෞඛ්‍ය අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක්ම පිළිබඳව දැනුවත් වුණා. ඒ වැඩසටහන මෙහෙයවපු පිරිස ඉතා හොඳින් අපිට ඒ දේවල් කියලා දුන්නා. ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි. විශේෂයෙන්ම සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රීඩාව කරගෙන යෑමේදී. නමුත් අපිට ඉදිරියට ක්‍රීඩාව කරගෙන යන්න වෙන්නේ මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක. ඒකට මේ වැඩසටහන හොඳ අඩිතාලමක් වෙනවා. ඒ නිසා එවැනි වැඩසටහනකට අපිව නැඹුරු කරවපු එක ගැන ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා”යි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.

    “මේ පුරුදු අතර මීටරේ පරතරය වැදගත්. නමුත් කණ්ඩායම් ක්‍රීඩාවකදි ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ වටත් හරියන විදියට පියවර කීපයක් තියෙනවා. ඊට අමතරව, විෂබීජය පැතිරෙන්න පුලුවන් විදිහවල්, ඒ වලින් බේරෙන්න කොහොමද කියන එක තමයි ගොඩක්ම එයාලා කියලා දුන්නේ. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇඳුම්, තුවාය වගේම පන්දුව පරිහරණය කරන විදියට, ක්‍රීඩා උපකරණ, හෝටලේදී කොහොමද පිට්ටනියෙද් කොහොමද ඉන්න ඕන, උණ පරීක්ෂා කරන එක. වගේම පී. සී. ආර්. පරික්ෂාව ගැනත් එයාලා මේ වැඩසටහනේදී අපිව දැනුවත් කළා. ඒ වගේම පිහිණුම් තටාකය පාවිච්චි කරන විදය වගේම ජිම් එකේ කොහොමද කළ යුත්තේ ගැනත් කිව්වා. ඒ දේවල් ටිකක් අමාරු වෙයි මුලින්. නමුත් කණ්ඩායමේ අය ඒවට ඉක්මනින්ම පුරුදු වෙයි”. 

    ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම මාර්තු 13 වැනිදා තරගාවලිය අතහැර දමා සිය රට වෙත යන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වූ නමුත් අනතුරුව අද වන තෙක්ම සිය පුහුණු සැසි සියල්ලම නවතා දැමීමට සිදුවිය. එහෙත් ක්‍රීඩකයෝ සිය පෞද්ගලික මට්ටමින් සිය ක්‍රියාකාරකම් තම නිවෙස් වල සිට සිදු කළහ. 

    එම කාලය පිළිබඳවද දිමුත් අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ඒ කාලෙදි අපි එදිනෙදා සිදුකරගෙන යන පුහුණු කටයුතු වලට අමතරව එක එක දේවල් වලට නැඹ්රු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෝ විදියට අපිට ගෙදර වෙලා ඉන්න තියෙන කාලය ගොඩක් අඩුයි. විශේෂයෙන්ම අම්මලා තාත්තාලා එක්ක සතුටින් ජීවත් වෙන්න, එකට කෑමක් වේලක් ගන්න. ඔවුන්ගේ අඩුපාඩු සොයලා බලන්න. ඒ වගේම මගේ සුරතලත් එක්ක ඉන්න. පෞද්ගලිකවම මම ගත්තොත් ගොඩක් වෙලාවට ගෙදර තීන්ත ගෑවා. පැල සිටෙව්වා. ඒ වගේම අනිත් අයත් විවිධ වෙන්න ඇති” යනුවෙනි. 

    මෙම අදහස් දැක්වීම අතතුරදී දිමුත් තවත් විශේෂ දෙයක් සඳහන් කර සිටියේය. “අපි විතරක් නොවෙයි. ලෝකේ හැම කණ්ඩායමක්ම මේ තත්ත්වයට මුහුණ පාල ඉන්නවා. හැමෝම දැන් ඉන්නේ බිංදුවේ. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔවුන් සමඟම නැගිටින්න. බැලුවොත් වෛරස් එකට කළින්,  හිටපු තැනත් එක්ක බලද්දී අපි රටවක් කීපයක් අතුරින් පහළ හිටියේ. නමුත් මේ අවස්ථාවේදී අපේ ශාරීරික යෝග්‍යතාවය ඇතුළු සියළුම අංශ පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් කරන්න උත්සාහ ගත්තොත් අපිට පුලුවන් අනිත් කණ්ඩායම් වලට වඩා ගොඩක් උඩින් ඉන්න. මං හිතනවා මේක හොද අවස්ථාවක් නැවතත් කණ්ඩායමක් විදියට ගොඩනැඟෙන්න. අපි ඒකයි ගොඩක් මහන්සි වෙන්නේ. මිකී ආතර්ටත් ඕන ඒකයි. අපි මේ පුහුණු සැසියෙදි සීයට සීයක් නොවෙයි සීයට දෙසීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”යි සඳහන් කළේය.