Category: සුපිරි Sports

  • වසර 5කට පසු මැතිව්ස්ගේ පන්දුව ක්‍රියාත්මක වෙයි

    වසර 5කට පසු මැතිව්ස්ගේ පන්දුව ක්‍රියාත්මක වෙයි

    වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) හැකියාව ලැබිණ. ඒ අනුව 2015 පරිදිම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

    තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිට මෙම තරගයට අවතීර්ණ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විතව තරගාවලිය අවසන් කර ගැනීමට නම් මෙම තරගයේ ජය අත්‍යවශ්‍ය විය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ කරට කර සටනක් දීමට කොදෙව් පිල සමත් වුවත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ඒ සියල්ල දෙවැනි තැනට වැටිණ.

    ලකුණු 308 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අවසන් පන්දු 28 දී ලකුණු 55 ක් ලබා ගැනීමේ අභියෝගය පවතිද්දී පිටියට පිවිසි ෆේබියන් ඇලන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 15 කදී ලකුණු 37 ක් රැස් කිරීමට සමත්වීම නිසා ජයග්‍රහණය අවසන් පන්දුවාරය තෙක්ම දෙපිළට දෝලනය විය. මැතිව්ස් විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගත යුතු වූ අතර පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ ෆේබියන් පරතරය ලකුණු 9 කට අඩු කළේය. එහෙත් ඊළඟ පන්දුවේදී එතෙක් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ  ෆේබියන් දැවී ගියේ ඩීප් මිඩි විකට්හි පන්දු රැකී කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම නිසාය.

    පන්දු යැවීමේදී පාදයේ හට ගනු ලබන ආබාධයක් හේතුවෙන් ගෙවී ගිය වසර කීපයේදීම පන්දු යැවීමෙන් වැළකී සිටි මැතිව්ස් 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පන්දුවාර 10 ක් යොමු කිරීමෙන් පසු යළිත් පන්දුවාර 10 ක් යවන ලද්දේ අද තරගයේදීය. එහිදී සිය පන්දු යැවීම ලකුණු 59 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් කරගත් දකුණත් මඳ වේග පන්දු යවන්නා ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය පිතිකරුවන් වූ නිකොලොස් පූරාන් (50), කිරන් පොලාර්ඩ් (49), ජේසන් හෝල්ඩර් (08), සහ ෆේබියන් ඇලන් ගේ කඩුලු දවා ගත්තේය. නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීමෙන්ද ලක්ෂාන් සඳකැන් දැඩි ප්‍රහාරයකට ලක්වීම මත පන්දු යැවීමට පැමිණි මැතිව්ස් දක්වන ලද දක්ෂාතව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

    ඉනිම ඇරැඹි ෂායි හෝප් සහ සුනිල් අම්බ්‍රිස් සාර්ථක ආරම්භයක් කොදෙව් දෙමින් සිටියදී නොසිතූ පරිදි ගුග්ලි පන්දුවකින් අම්බ්‍රිස්ව අතරමං කළ වනිඳු හසරංග එම සම්බන්ධතාව ලකුණු 111 කදී නවතාළීය. උදාන විසින් ෂායි හෝප් ව දවා ගැනීමෙන් පසු සිය කඩුලු දඩයම ඇරඹූ මැතිව්ස් ප්‍රථම කඩුල්ල වශයෙන් නිකොලොස් පූරාන්ව පිටියෙන් ඉවත් කළේය.

    කිරන් පොලාර්ඩ්ගේ පාදයේ වැදී ගිය පන්දුවකට ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී ඩැරන් බ්‍රාවෝ දුවද්දී දැවී යෑමකට හසු වුවද ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ පොලාර්ඩ්ගේ දැවී යෑම විය. එබැවින් පාදයේ වැදුණු පන්දුව තෙවැනි විනිසුරු වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා පිල ඉල්ලීම් කළ අවස්ථාවේදී පොලාර්ඩ්ගේ ඉවසීම ඉක්මවා ගිය අයුරක් දක්නට ලැබුණි. මෙම තත්ත්වය මත මඳ වේලාවක් හතරේ සීමාව තුළ රැඳී සිටීමට බ්‍රාවෝට සිදු වුවත් තීරණයේ වෙනසක් නොවිණ.

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් කොදෙව් පිලට ලබා දුන්හ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වද්දී ලකුණු 307 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

    ආරම්භයේ සිට අවසානය දක්වාම වගකීම කුමක්ද යන්න නිසියාකාරව වටහා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 300 කට එහා ඉලක්කයකට මූලික පදනම එක් කළහ. කණ්ඩායම් ඇතුළත් පිතිකරුවන් 11 දෙනාගෙන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළ අතර ඉන් 6 දෙනෙකුම ලකුණු 25 සීමාව ඉක්මවාලූහ. ඒ අතරින් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ.

    පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

    ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

    කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

    මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

    පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

    Text by sl cricket

  • ශ‍්‍රී ලංකාව 3:0ක් ලෙස එක්දින තරගාවලිය ජයගනී

    ශ‍්‍රී ලංකාව 3:0ක් ලෙස එක්දින තරගාවලිය ජයගනී

    සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය ශ‍්‍රී ලංකාව විසින් 3:0ක් ලෙස ජයග‍්‍රහණය කළා. එය සම්පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වෙනවා.

    කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ දී සියලු දෙනාම දැවී ලකුණු 307ක් වාර්තා කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී සියලු දෙනාම දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 301ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 06ක තියුණු ජයග‍්‍රහණයක් හිමි වුණා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම

    කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

    මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

    පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

    පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියැව ලැබිණ.

    ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

    බටහිර ඉන්දිය කොදෙව් ඉනිම – 301/9

    Text by Thushadhavi

  • කොදෙව්වන්ට ලකුණු 307ක  ඉලක්කයක්

    කොදෙව්වන්ට ලකුණු 307ක ඉලක්කයක්

    තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් ලබා දීමට අද (මාර්තු 01 දා) සමත්වූහ.

    ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වද්දී ලකුණු 307 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.  ආරම්භයේ සිට අවසානය දක්වාම වගකීම කුමක්ද යන්න නිසියාකාරව වටහා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 300 කට එහා ඉලක්කයකට මූලික පදනම එක් කළහ.

    පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියැව ලැබිණ.

    ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

    කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

    මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක් කළහ.

    පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

    text by sl cricket
  • ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න – ශ්‍රී ලංකා ක්‍රිකට්

    ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න – ශ්‍රී ලංකා ක්‍රිකට්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

    කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගැනීමේ අවකාශ සලසා දී තිබේ.

    සියළුම ප්‍රවේශ පත්‍ර කවුළු පෙ.ව. 9 සිට ක්‍රියාත්මක වන නමුත් තරගය පැවැත්වෙන දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගණය තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු නොකරනු ඇත. ඒ අනුව එදින බලගොල්ලේ පිහිටි අබීත ක්‍රීඩා පිටියේදී ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ හැකියාව පවතිනු ඇත. එම ස්ථානය හැරුණු කොට ඉහතින් සඳහන් කරන ලද සෙසු ස්ථානවලදීද තරගය පැවැත්වෙන දිනයේදී ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ හැකියාව ප්‍රෙක්ෂකයින්ට උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

    ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිත තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් හට ප.ව. 12.30 සිට පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා වූ දොරටු විවෘත කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

  • හෙට තරගය ගැන ලක්ෂාන් සඳකැන් කියන කතාව

    හෙට තරගය ගැන ලක්ෂාන් සඳකැන් කියන කතාව

    චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන් පන්දු යවන්නකු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට සොයාගත නොහැකි වීම එකී දුර්ලභ භාවයට හොඳම උදාහරණය සපයයි. එහෙත් 2016 වසරේන් පසු අපට එවැනි වටිනා මැණිකක් ලැබී තිබේ. ඔහු නමින් ලක්ෂාන් සඳකැන්ය.

    ජාත්‍යන්තර තරග බිමට පිවිසි මුල් කාලයෙන්දී එතරම් විශ්වාසයකින් යුතුව පන්දු යැවීමට සඳකැන්ට නොහැකි විය. එහෙත් මේ වන විට ඔහු සතු චයිනමන් පන්දු යැවීමේ හැකියාවෙන් ඔහු තරග දිනවන්නකු බවට පත්ව සිටියි. ඉකුත්දා හම්බන්තොටදී කොදෙව් පිලට එරෙහිව ලද ලකුණු 161 ක වාර්තාගත ජයග්‍රහණයේදී මෙන්ම එස්. එස්. සී. පිටියේ පැවැති තරගයේදී ලද ජයග්‍රහණ වල වැඩි ගෞරවයක් සඳකැන්ටද හිමිවේ. ඒ එම තරග ජයග්‍රහණය සඳහා උර දුන් ක්‍රීඩකයින් අතරට එක්වූ බැවිනි. එබැවින් ඔහු කණ්ඩායම තුළ වඩා විශ්වාසනීයත්වයක් ගොඩ නඟාගෙන සිටින පන්දු යවන්නෙකි. කොටින්ම ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ගේ විශ්වාසනීයම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයක් වන්නේද සඳකැන්ය.

    ජාත්‍යන්තර පිටිපට පිවිසි මුල් අවධියේදී මාධ්‍යයෙන් වසන් වී සිටීමට උත්සාහ දැරූ මේ වමත් චයිනමන් පන්දු යවන්නා ක්‍රම ක්‍රමයෙන් කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්වීමත් සමඟ සෑම අතින්ම පරිපූර්ණත්වයක් පෙන්නුම් කරයි. එබැවින් ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට (මාර්තු 01) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය වෙනුවෙන් අද පවත්වන ලද මාධ්‍ය හමුවටද සහභාගි වූවේය.

    හෙට තරගයේ අරමුණු විග්‍රහකරමින් මාධ්‍ය හමුවට මුල පිරූ සඳකැන් කණ්ඩායම ලබා තිබෙන වර්ධනය පිළිබඳව අදහස් දැක්වීය. “තරගයක් පරාජය වුණාම ඕනෑම කෙනෙක්ට ඒක දරාගන්න ටිකක් අමාරුයි. මොකද හැමෝම මෙතනට එන්නේ අව්වේ ඉඳලා ගොඩක් මහන්සිවෙලා. ඒක නිසා කවුරුත් කැමැති නැහැ තරගයක් පරාජය වෙන්න. කවුරු හරි ක්‍රීඩකයෙක් ලකුණු ගහන්නේ නැත්නම්, පන්දු යවන්නෙක් කඩුලු දවා ගන්නේ නැත්නම්, හරියට පන්දු රැක්කේ නැත්නම් කවුරුත් කැමැති නැහැ මැද්දට එන්න. අපි මේ තත්ත්වයට එන්න සතියට දවස් 5 ක් පුහුණුවීම් වල නියැළෙනවා. සමහර විට සෙනසුරාදාත් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙනවා. ඒත් අපිට මුල් කාලේ ඒ දේ කරගන්න බැරි වුණා. නමුත් දැන් ටික ටික කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයට හැදීගෙන එනවා. ඒක තමයි හැමෝගෙම ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ තරගාවලිය 3-0 ක් විදියට ජය ගන්න උත්සාහ කරන්නේ”යි පැවැසීය.

    “අපි කළින් ශ්‍රේණිගත කිරීම්වලින් පල්ලෙහාට යද්දී අපට ඕන වුණේ ඒක නවත්ත ගන්න සහ ඒ ස්ථානයේ රැඳී ඉන්න. නමුත් දැන් අපේ ඔළුවේ තියෙන්නේ තව අවුරුදුදක් හෝ දෙකක් ඇතුළත අංශ 3 ම උඩම ඉන්න කණ්ඩායම් 4 ට ඇතුළත් වෙන.ක්‍රීඩකයින්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ඔලුවේ තියෙන්නේ ඒක. ඒ අනුව තමයි අපි ක්‍රීඩා කරන්නේ”යි සඳකැන් වැඩිදුරටත් පවසයි.

    වයස අවුරුදු 10 යේ පටන් පාපන්දු ක්‍රීඩකයකු වීමට සිහින දැකි සඳකැන් වයස 17 ක් වන තෙක්ම පා පන්දු ක්‍රීඩාවේ නියැළී තිබේ. එහෙත් පාපන්දුවට වඩා තමා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට බව තේරුම් යෑමත් මත වයස අවුරුදු 17 දී ක්‍රීඩාවට අත්පොත් තබන්නේ තෙවැනි පෙල වයස් කාණ්ඩය නියෝජනය කරනු ලබන කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙනි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දක්වන ලද කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් කඳාන ද මැසනොද් විදුහලට ඇතුළත්වීමට වරම් ලද සඳකැන් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව පළමු පෙළ පාපන්දු කණ්ඩායමද නියෝජනය කිරීමට තරම් දක්ෂ ක්‍රීඩකයකු වූවේය.

    කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 2 දී කණ්ඩායම තුළ පැහැදිළි වර්ධනයක් දැකිය හැකි බව පවසන සඳකැන් තවමත් 100% ක උපරිමයට පැමිණ සිටින බව තමන් පිළිනොගන්නා බවද අවධාරණය කර සිටියේය.

    “පිතිකරුවන් ගොඩක් පුහුණුවීම් වල නිරත වෙනවා. නමුත් කාලයත් එක්ක ඔවුන්ට දැන් හොඳ අත්දැකීම් ලැබිලා තියෙනවා, කළින් තරගයේදී ඔයාලට දැනෙන්න ඇති ලකුණු 9 කට කඩුලු 2 ක් ගිහිල්ලා තියෙද්දී අවිශ්ක ක්‍රීඩා කරපු විදිය. මොකද එයා එයාගේ සාමාන්‍ය පිතිහරඹයෙන් නොවෙයි එදා ක්‍රීඩා කළේ. කුසල් මෙන්ඩිස් එයාට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔහු එදා ක්‍රීඩා කළේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදියට. එතැනින් පේනවා ඔවුන් දැන් ඔවුන්ගේ ‘ගියර්’ එක මාරු කරගෙන ක්‍රීඩා කරනවා කියලා” යනුවෙනි.

    මැසිනොද් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී සඳකැන්ට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ එතෙක් කලක් මැටින් භාවිතා කරමින් ක්‍රීඩා කිරීම වෙනුවට ටර්ෆ් විකට් හෙවත් තණතීරු භාවිතයෙන් සිදුකෙරන ක්‍රීඩාවට හුරු වීමය. එහෙත් මේ වන විට තණතීරුවේ පැහැදිළි දඟ කැවීමක් පන්දුවට මුසු කිරීමට සමත් වී සිටින සඳකැන්, “සැරින් සැරේට ක්‍රීඩා කරන එක මට විතරක් නොවෙයි ඕන කෙනෙක්ට අමාරුයි කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩ නගා ගන්න. මම හැම තිස්සේම මගේ පුහුණුවීම්වල කරමින් ලැබෙන අවස්ථාවෙන් උපරිම කරා. මම හිතනවා දැන් තරමක් දුරට මගේ පන්දු යැවීම හැදිලා තියෙනවා කියලා” යි පවසන සඳකැන්, කණ්ඩායමක් ලෙස අසාර්ථක වන විට ඒ බව තම මව බොහෝ විට තමන්ගෙන් විමසා සිටින බවද සඳහන් කර සිටියේය.

    “ලංකාවේ ප්‍රෙක්ෂකයින් කියන්නේ ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන පිරිසක්. ඉතිං එක දිගට තරග පරදිනකොට එහෙම තරහා යන එක එයාලගේ පැත්තෙන් සාධාරණය වෙන්න පුලුවන්. පෞද්ගලිකවම දන්නවා මගේ අම්මා ගැන. එයා සේවය කරන රෝහලේදී  ටී.වී. එකෙන් තරග නරඹන වෙලාවල් තියෙනවා. ඉතිං මම හරියට දක්ෂතා දැක්වුවේ නැත්නම් එයාට දුක හිතෙනවා. එතකොට අම්මා මට කෝල් කරලා අහනවා පුතේ මොකද්ද කරන්න කියලා. ඉතිං ඒ වගේ අවස්ථා වලදී මගේ අම්මට දැනෙන දේටත් වඩා වැඩියෙන් ප්‍රේක්ෂකයින්ට දැනෙනවා. ක්‍රීඩා ලෝලීන් අපෙන් ඈත්වුණේ තරග පරාජය වුණනිසා. නමුත් අපි හිතලා පරාජය වුණේ නෑ.ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නමුත් අපි දැන් කණ්ඩායමක් විදියට ජයග්‍රහණය කරන්න පටන් අරන්. අපි බලමු විස්සයි-20 දීත් මේ ජයග්‍රාහී රිද්මය එලෙසින්ම පවත්වාගෙන යන්න”යි ක්‍රීඩා ලෝලීන් පිළිබඳ සඳකැන් සතු අදහස පිළිබඳවද පවසා සිටියේය.

    Text by sl cricket

  • පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සිහින දකියි

    පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සිහින දකියි

    බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ කොළඹ සහ හම්බන්තොට පැවැති එක්දින තරග 2 ජයග්‍රහණය කිරීමට සමත්වීමත් සමඟය. තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වුවද හෙට තරගයද සුලු කොට තැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිසේත්ම සූදානමක් නැත.

    ඒ පිළිබඳව පවසා සිටින්නේ පෙර තරග 2 ටම ක්‍රීඩා කරන ලද ලක්ෂාන් සඳකැන්ය. තරගය පිළිබඳව අද (29 දා) පැවැති මාධ්‍ය හමුව සඳහා පැමිණ සිටි සඳකැන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි ස්ථානයකට පැමිණීම සඳහා මෙම තරගාවලිය 3-0 ක් ලෙසින් ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වටිනා බැවින් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සියල්ල ඒ පිළිබඳව අවධානය යොමු කොට තිබෙන බව සඳහන් කර සිටියේය.

    පළමු තරග 2 ට ක්‍රීඩා නොකළ සංචිතයේ පසුවන ක්‍රීඩකයින්ට හෙට තරගයේදී අවස්ථාවක් හිමිවේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී ඉහත අදහස් පළ කර සිටි චයිනමන් පන්දු යවන්නා, “ඇත්තටම කියනවා නම් තාම කණ්ඩායම නම් කරලා නෑ. එළියේ ඉන්න අය ඇතුළට ආවත් හැමෝම බලන් ඉන්නේ මේ තරගය ජයග්‍රහණය කරලා ශ්‍රේණිගත කිරීමේ උඩට එන්න. ඒක නිසා එළියේ ඉන්න අයට අවස්ථාවක් හම්බ වුණත්  තරගාවලිය 3-0 ට ජයග්‍රහණය කරන එකේ අදහස වෙනසක් නෑ. මම එහෙම කියන්නේ අපිට හෙට තරගය ජය ගන්න පුලුවන් වුණොත් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළ ස්ථානයකට යන්න අපිට අවස්ථාවක් තියෙනවා නිසා. මේ තරගාවලියට එනකොට අපි එයාලට (කොදෙව් පිලට) වඩා ලකුණක් ඉදිරියෙන් හිටියේ. අපි ඉන්නේ කොහොම හරි මේ තරගාවලිය 3-0- ක් ලෙස ජයගන්න මානසිකත්වයේ”යැයි වැඩිදුරටත් පැවැසීය.

    මෙම තරගාවලියට පෙර ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු 81 ක් ලබමින් අටවැනි ස්ථානයේද කොදෙව් කණ්ඩායම ලකුණු 80 ක් ලබමින් 9 වැනි ස්ථානයේ සිටද පිවිසියහ. හෙට තරගය ජය ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද සංඛ්‍යාව 82 දක්වා ඉහළ යනු ලබන නමුත් රැදී සිටින ස්ථානයේ කිසිදු වෙනසක් නොවන්නේය. මන්ද යත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් හෙවත් 7 වැනි ස්ථානයේ රැඳී සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 ක් බවට පත්ව තිබීම නිසාය. කෙසේ වෙතත් හෙට තරගය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා ඇද වැටීමේ අවධානමකටද මුහුණ දී සිටියි.

    බටහිර ඉන්දීය කොදෙව්

    පිට පිටම එක්දින තරග 2 ක් පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටින බරපතලම ගැටලුව බවට පත්ව සිටින්නේ සත්කාරකයින්ට එරෙහිව යළි දක්ෂතා අතරට පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. එමෙන්ම ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිවලදී හැරුණු කොට 2014 වසරේ සිට මේ දක්වා ඔවුන් එක්දින තරගාවලියක් ජයගැනීමට අපොහොසත් වීමද කැපී පෙනෙන කරුණක් බවට පත්ව තිබේ.

    පළමු එක්දින තරගයේදී ශතකයක් රැස් කිරීමටත්, ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් අත්කරගන්නා ලද දෙවැනි එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට ෂායි හෝප් හැරුණු කොට කොදෙව් එකම පිතිකරුවකු හෝ දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.

    “ඇත්තටම අපිට වැරදුණේ තරගාවලියට හරියටම අනුගත වෙන්න බැරි වුණ නිසා. අපි හොඳින් පන්දු යැව්වෙත් නෑ. උඩපන්දු කීපයකුත් අත හැරුණා. පන්දුවට පහර දීමත් එහෙමයි. ඔන්න ඔය කරුණු තමයි අපේ අසාර්ථකත්වයට හේතු වුණේ. කොහොම වුණත්යළිත් දක්ෂතා අතරට එන්න අපි ඉතා උනන්දුවෙන් සහ කැපීවීමකින් අපි පුහුණුවීම් කළා. ඒ හරහා හෙට යළිත් හරි පාරට එන්න බලාපොරොත්තු වෙනවා” යැයි කොදෙව් ප්‍රධාන පුහුණුකරු පැවැසීය.

    එමෙන්ම වේග පන්දු යවන්නන් වන අල්සාරි ජෝෂප් සහ ෂෙල්ඩන් කොට්‍රල් හැරුණු කොට ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට මෙරට තණතීරුවලදී පිතිකරුවන්ව පීඩනයක් යොමු කිරීමට අසමත් වීමද ඔවුන් දෙවැනි තැනට ඇද දැමීමට මුල්වුණු අනෙක් කරුණ වෙයි.

    නායක කිරන් පොලාර්ඩ් ඇතුළු කොදෙව් පන්දු රකින්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන්  විසින් ලබා දුන් උඩ පන්දුද ගිලිහෙද්දී මෙවැනි අසීරුතාවන් වලට මුහුණ දීමට සිදුවන බව හෙට තරගයේදී ඔවුන් පාඩමක් කරගත යුතුය. කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායම හෙට බොහෝ විට පළමු තරග දෙකේදී ලකුණු 03 ක් සහ 17 ක් වශයෙන් ලකුණු රැස් කරගත් ආරම්භක පිතිකරු සුනිල් අම්බ්‍රිස් වෙනුවට බ්‍රෙන්ඩන් කිං යොදා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක.

    ශ්‍රී ලංකාව

    ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ලද දැවැන්තම වර්ධනය ලෙසින් සඳහන් කළ හැක. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ අවිෂ්ක ප්‍රනාන්දුට අමතරව තිසර පෙරේරාද තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තමන්ගේ වගකීම නිසියාකාරවම ඉටු කිරීමට සමත්ව සිටීම ශ්‍රී ලංකා ශක්තිය තවත් වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.

    එමෙන්ම තරගාවලිය ආරම්භයේදී ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර් පැවැසූ පරිදිම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් තම මැණික් කටුව උපයෝගී කරගනිමින් යවන පන්දු තුළ මනා රිද්මයක් ගොඩ නඟා ගනිමින් සහ දඟ කවමින් පන්දු යැවීමට සමත්වීම ශ්‍රී ලංකාවට අතිරේක වාසියකි.

    පළමු තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් නොකරමින් ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයට අවතීර්ණ වූ බැවින් සංචිතයේ පසුවන දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාරට තරග කිරීමේ අවස්ථාව නොලැබිණ. තරගාවලිය ජය ගෙන සිටින බැවින් හෙට තරගයේදී වෙනස්කම් කීපයක් අපේක්ෂා කිරීමේ අවස්ථාවක් පැවැතියද කණ්ඩායම් කළමනාකරු ලෙසින් කටයුතු කරන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් තරගයට අවතීර්ණ වන බවයි.

    ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා පිලට එතරම් ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට නොහැකි වූ බැවින් හෙට තරගයද සිය පූර්ණ ශක්තිය යොදවමින් ජය ලබා ජයග්‍රාහී සංස්කෘතියක් කණ්ඩායම තුළ ගොඩ නැගීම කළමනාකාරීත්වයේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

    පල්ලකැලේ ක්‍රීඩාංගණය

    ශ්‍රී ලංකාවේ ඇති සෙසු ක්‍රීඩාංගණ තණතීරුවලට වඩා තරමක් වේග පන්දුවේ ඉපිලීමක් දැකිය හැකි තණතීරුවක් ලෙසින් පල්ලකැලේ ක්‍රීඩාංගණය හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ පතිත වන පිණි සහිත තත්ත්වය දඟ පන්දු යවන්නන්ට අවාසිදායක තත්ත්වයක් ගැනීම හේතුවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසියක් ලබා දෙනු ඇත. ක්‍රීඩාංගණය අවට කාලගුණය ඉතාම සෞම්‍ය තත්ත්වයක පවතින අතර කණ්ඩායම් දෙකම අද සිය පුහුණුවීම් වල නිරත වූහ.  

    හෙට තරගයට අපේක්ෂිත කණ්ඩායම්

    ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න, 2. අවිෂ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

    බටහිර ඉන්දීය කොදෙව් – 1. බ්‍රෙන්ඩන් කිං, 2. ෂායි හෝප්, 3. ඩැරන් බ්‍රාවෝ, 4. රොස්ටන් චේස්, 5. නිකොලොස් පූරාන්, 6. කිරන් පොලාර්ඩ් (නායක), 7. ජේසන් හෝල්ඩර්, 8. හේඩ්න් වෝල්ෂ්, 9. කීමෝ පෝල්, 10. අල්සාරී ජෝසප්, 11. ශෙල්ඩන් කෝට්‍රල්.

    Text by sl cricket

  • ක්‍රිකට් සභාපති ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදියි

    ක්‍රිකට් සභාපති ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදියි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් තමන් සමාව අයැද සිටින බව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටියි. 

    ලකුණු 161 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගත් එම තරගය නැරඹීම සඳහා නව දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් එකවර ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් සහ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වාතාවරණයක් හට ගනු ලැබීය. මේ සම්බන්ධව මාධ්‍යවල තොරතුරු පළ වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඇයැද සිටියේ ක්‍රීඩා ලෝලීන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අභිමානයක් බවත්, ඔවුන්ගේ දිරිගැන්වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මිල කළ නොහැකි වටිනාකමක් ලබා දෙන බවද පවසමිනි.

    “ඇත්තටම අපි හිතුවේ නෑ මෙච්චර සෙනගක් තරගය නරඹන්න එයි කියලා. තරගය ආරම්භයට පෙර අපි ප්‍රවේශ පත්‍ර 3000 ක් විකුණලා තිබුණා. තව ප්‍රවේශ පත්‍ර 2000 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් මුද්‍රණය කරල තිබුණා. නමුත් තරගය පටන් අරන් සුලු වෙලාවක් යනකොට 8000 ත් 9000 ත් අතර පිරිසක් එතැනට පැමිණියා”.

    “ඇත්තටම සිද්ධ වුණේ ලංකාව අපේ අය පන්දුවට පහර දෙනකොට ඇතුළේ ඉන්න ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දුන්නා. 9000 ක් විතර එළියේ රැස් වෙලා හිටපු ප්‍රේක්ෂකයින් ඒ සද්දෙට තියෙන කඩාගෙන ඇතුළට යන්න උත්සාහ කළා. ඒක තමයි එතන ඇත්තම සිදුවීම” යැයි පවසන සභාපතිවරයා, “ක්‍රීඩා ලෝලීන්ට වෙච්ච මේ සිදුවීමට ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන කණගාටුව පළ කරනවා”යැයි පැවැසූ ශම්මි සිල්වා මහතා නැවත එවැනි අතපසුවීම් සිදු නොවන බවට වූ ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය. 

    “අපි හිතුවේ වැඩ කරන දවසක් හින්දා වැඩිය සෙනග එන එකක් නෑ කියලා. ටිකට් විකිණිලා තිබුණෙත් 3000 ක් විතර. කොහොම වුණත් අපි මේ තරගය නැරඹීමට පැමිණි සියළුම දෙනාට නොමිලගේ තරගය නරඹන්න අවස්ථාව ලබා දුන්නා. වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මෙම තරගයට ලැබීම නිසා අපිට වාර්තාගත ජයග්‍රහණයක් ලබන්නටත් හැකියාව ලැබුණා. ඒක නිසා ඒ වෙච්ච වැඩේට මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විදියට ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව භජනය කරනවා. ඒ වගේම ඒකෙන් කාට හරි සිත් තැවුලකින් හරි මොනවහරි දේකින් හරි අපහසුතාවයට පත් වුණා නම් ඒ වගකීමත් අපි භාරගන්නවා”යැයි සිය අදහස් පළ කිරීමේදී සභාපතිවරයා සඳහන් කර සිටියේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඇඟිල්ල දිගු කර සිටියද මේ කිසිදු පහර දීමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිම සම්බන්ධයක් නොමැති බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරීන ඈෂ්ලී ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

    ආරක්ෂාව පිළිබඳව කටයුතු සිදුකෙරෙනා අයුරු සම්බන්ධව පැහැදිළිව කරුණු දක්වා සිටි ප්‍රධාන විධායක වරයා ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආරක්ෂාව සම්බන්ධව වගකීම අදාළ පාර්ශ්වයන් වලට ලබාදීමෙන් පසු ඒ සම්බන්ධ කිසිදු වගකීමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් නොවන බවද සඳහන් කර සිටියේය.

    ඒ පිළිබඳව පූර්ණ හැඳින්වීමක් කළ ඒ මහතා, “තරගාවලියක් ආරම්භ වෙනකොට අපිට තියෙන ලොකුම වගකීම තමයි ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව. මේ තරගාවලියට විතරක් නොවෙයි හැම තරගාවලියකටම කළින් ආරක්ෂාව සඳහා සැලසුමක් සකස් කරන්නේ ඒ නිසයි. අපි වැඩ කරන්නේ ඒ සැලසුමට අනුවයි. මෙහි ගොඩක් වගකීම හිමිවෙන්නේ පොලිසියට. ඔවුන් සමඟ මේ දෙපැත්තේ අසුන්ගෙන සිටින මහත්වරුන් දෙදෙනා තමයි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව සම්බන්ධ වගකීම් භාරව සිටින හිටපු ගුවන් හමුදා සභාපති රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරුන් පෙන්වමින් පවසා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඈෂ්ලී ද සිල්වා මහතා, “පොලිසියට මේ වගකීම භාර දුන්නහම අපි යළිත් ඔවුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නෑ. එයාලා තමයි ආරක්ෂාව සම්බන්ධව වගකීම දරන්නේ. ඔවුන් සමඟ අපි යළිත් සම්බන්ධ වෙන්නේ තරගයෙන් පස්සේ. එතැනදි බලන්නේ හරියට ඒ දේවල් සිදුවුණාද කියන එක. මේ තරගයෙදිත් අපි බැලුවා මොකද වුණේ කියලා. අපිට අවශ්‍ය ප්‍රේක්ෂකයොයි. ඔවුන් තමයි අපේ ක්‍රීඩකයින්ව දිරිගන්වන්නේ.සභාපති තුමා කිව්වා වගේ කොහොමත් මින් ඉදිරියට ඔය වගේ ගැටළුවක් නොවෙන්න අපි කටයුතු යොදනවා”යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    මේ අතර උද්ගත වූ තත්ත්වය සම්බන්ධව අදහස් දක්වා සිටි විශ්‍රාමික මේජර ජනරාල් සොයිසා මහතා, “සම්ප්‍රදාය අනුව පොලිසිය තමයි ක්‍රීඩාංගණයේ ආරක්ෂක රාජකාරි වලින් වැඩි කොටසක් ඉටු කරන්නේ. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර සම්බන්ධව වෙනමම පෞද්ගලික පිරිසක් යොදවලා තියෙනවා. ඔය තත්ත්වය උදා වුණාට පස්සේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදනවා මිසක් කාටවත් ගහන්න කොහෙත්ම අණ දීමක් සිදුවෙන්නේ නෑ. මෙතැනදි මං දකින්නේ පොලිසියේ ඔවුන්ගේ ආරක්ෂක කටයුතු කිරීමේදී ඒගොල්ලන්ගේ ඒ කටයුතු කරන පිළවෙළ අනුව ක්‍රියාකරලා තියෙන්නේ”යැයි සඳහන් කර සිටියේය.

    “මිනිස් බලය සහ ඒ සම්බන්ධවක්‍රියා කරන ආකාරය ගැන තීරණය ගන්නේ පොලිසියයි. එතැනිදී ඒ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව ක්‍රිකට් ආයතනය හෝ අපේ උපදේශනයක් කොහෙත්ම දෙන්නේ නෑ. මේක පළවැනි වතාවට සිදුවුණු දෙයක් නොවෙයි. කිසියම් සෙනග හැසිරවීමේදී එහෙම තමයි ඔවුන්ව පුහුණු කරලා තියෙන්නේ” විශ්‍රාමික මේජර් ජනරාල් වරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.

    Text by sl cricket

  • කොදෙව්වන්ට එරෙහි T20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3ක්

    කොදෙව්වන්ට එරෙහි T20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3ක්

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ.

    දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනීම නිසා තිසර පෙරේරාත්, අවසන් වුණු දේශීය අන්තර් සමාජ විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ෂෙයාන් ජයසූරිය සමත්වීම විස්සයි-20 කණ්ඩායමට එක්වීමට මංපෙත් විවර වී තිබේ. 

    කෙසේ වෙතත් අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට එක්ව සිටි වේග පන්දු යවන කසුන් රජිත වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවීමට පියවර ගෙන තිබේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන අතර ඒ අතර ඉන්දීය තරගාවලියට එක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව අහිමිව තිබේ. 

    ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – ලසිත් මාලිංග (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

    ඇතුළට – තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ෂෙහාන් ජයසූරිය

    ඉවතට – ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කසුන් රජිත, ඕෂධ ප්‍රනාන්දු

    text by sl cricket

  • දුවලා දිනපු ජයග්‍රහණය ගැන අවිෂ්ක කියපු රහස

    ශ්‍රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ ඒමේ ප්‍රවණතාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කර තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමත් සමඟය. පළමු තරගය කඩුල්ලකින් ජය ගත් ශ්‍රී ලංකා පිල හම්බන්තොට දී පැවැති දෙවැනි තරගය ජය ගනු ලැබුවේ ලකුණු 161 ක දැවැන්ත ලකුණු පරතරයකිනි.

    එවැනි දැවැන්ත තරග ජයක් ශ්‍රී ලංකාව වාර්තා කරන ලද්දේ මෙරට ඇති දැවැන්තම ක්‍රීඩාංගණය වන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය. එම ක්‍රීඩාංගණයේ හයේ පහරක් කෙසේ වෙතත් හතරේ පහරක් එල්ල කිරීම යනු දැඩි අසීරු කටයුත්තකි. එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 345 ක් රැස් කරමින් කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද දැවැන්තම තරග පරාජයකට ඇද දැමීම (ලකුණු අනුව) පහසුවෙන් බැහැර කළ නොහැකිය.

    වාර්තා කීපයක්ම අලුත් කරවන්නක් බවට පත්වූ මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලද ලකුණු 345 ට හතරේ පහර 33 කින් පිතිකරුවන් ලකුණු රැස් කරද්දී අතිරේක ලකුණුද 15 ක් හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව ලද සමස්ථ ලකුණු සංඛ්‍යාවෙන් එකී ලකුණු අඩු කළ විට ලකුණු 198 ක්ම කඩුලු අතර දිව යමින් ලබාගත් ලකුණු වීම විශේෂත්වයක් වේ.

    මේ පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගයේ වීරයා වූ අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ විශාලත්වය තේරුම් ගෙන ඊට සරිලන අයුරින් ක්‍රීඩා කිරීමට මැදදි ගත් තීරණය නිසා මෙම තරගයේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට අවස්ථාව හිමිවූ බවයි.

    “ඔව්. ඇත්තම කියනවා නම් ලංකාවේ ගත්තොත් තියෙන ලොකුම ග්‍රවුන්ඩ් වලින් මේක ගොඩක් ලොකු එකක්. විශේෂයෙන්ම මේ වගේ යාර 80 හෝ85 ක්ලියර් කරන්න පුලුවන් තරම් ශක්තිමත් භාවයක් කණ්ඩායම තුළ නැහැ. ඉතිං ඒක නිසා අපි නිතරම බැලුවේ අපිට ගන්න පුලුවන් හතරේ පහර ලබාගෙන මැද පන්දුවාර වලදී ටිකක් දුවල වැඩියෙන් ලකුණු ලබා ගන්න. ඒ අනුව අපි හිතුව දේම මේ තරගයේදී අපිට කරන්න පුලුවන් වුණා”යි අවිෂ්ක පවසයි.

    මේ වන විට ලෝකයේ ලකුණු ලබාගන්නා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන වත්මන් ඉන්දීය නායක විරාත් කෝලිද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් භාවිතා කරනු ලබන ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ කඩුලු අතර වේගයෙන් දිව යමින් ලකුණු රැස් කිරීමය.මෙය මේ වන විට ලකුණු ලබා ගැනීම වෙනුවෙන් සාර්ථක ක්‍රමයක් ලෙස බොහෝ රටවල් හඳුන්වාගෙන තිබෙන අතර එය ක්‍රියාවට ද නංවා තිබේ.

    “අපි දෙන්න පන්දුවට පහර දෙන්න එකතු වුණේ කඩුලු 2 ක් ඉක්මනින් දැවී ගිය නිසයි. මටයි කුසල් මෙන්ඩිස්ටයි ඕනෑ වුණේ කොහොම හරි ලකුණු ලබාගන්න. මොකද යට කට්ටියට ඕවර්ස් ටික ඉතුරු කරලා දුන්නොත් විකට් අතේ තියාගෙන ගහන්න පුලුවන්. අන්න ඒක තමයි මායි කුසලුයි දුවලා ලකුණු ගන්න. එන 4 ද කියලා බැලුවේ නැහැ. හයේ පහර ගහන්න බැලුවේ නෑ. නමුත් දුවලා කරලා හිටපු නිසා තමයි අවිට ලකුණු 345 සීමාවට යන්න පුලුවන් වුණේ”යි මෙන්ඩිස් පවසයි.

    පන්දු 123 කට මුහුණ දුන් අවිෂ්ක හතරේ පහර 10 ක් සමගින් ලකුණු 127 ක් රැස් කරන ලද්දේ අනෙක් ශතක ලාභියා වූ කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 239 ක ලකුණු සංඛ්‍යාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 119 කදී ලකුණු 119 ක් රැස් කළේය.

    මෙකී තත්ත්වයට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හොඳ පුහුණුකරුවන් රැසකගේ සේවය තම කණ්ඩායම වෙත ලබා දීම කණ්ඩායම තුළ දක්ෂතා වල වර්ධනයට පැහැදිළි හේතුවක් වී තිබෙන බවද ප්‍රනාන්දු මේ අවස්ථාවේ අවධාරණය කර සිටියේය.

    “අපි හරියට බැලුවොත් අපිට පුහුණුවීම් ටික හරියට කරන්න පුලුවන් වුණා නම් තරගයෙදිත් ඒ දේවල් හරියට කරන්න පුලුවන් වෙනවා. අපිට හොඳ සහාය ඔවුන්ගෙන් ලැබෙනවා. ඒ වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයනුත් අපිට ඉන්නවා. ඒ සියල්ලගෙම ඇඩ්වයිස් අරගෙන පොඩි ක්‍රීඩකයින් හැටියිට අපිට ලොකු අත්දැකීමක් ලබාගන්න හැකි වෙමලා තියෙනවා” යි ප්‍රනාන්දු වැඩි දුරටතු පැවැසීය.

    ගෙවී ගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුතරු තනතුරුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය අවධානය යොමු කර සිටි අතර එහිදී මීකි ආතර් ප්‍රමුඛ පුහුණු කාර්යය මණ්ඩලය ඉකුත් වසරේ පාකිස්තානයේ පැවැති ටෙස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිල සමඟ කටයුතු කිරීම ආරම්භ කළහ. වත්මන් පුහුණු කාර්යය මණ්ඩලය කෙරෙහි පළමු තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවුණු වනිඳු හසරංගද ඉහළ වර්ණනාවක් සිදු කළේය.

    කුසල් සහ අවිෂ්ක එක්ව ගොඩ නංවන ලද්දේ ලකුණු 09 ක් ඇතුළත කඩුලු 2 ක්දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම වේ. “ඔව් ඇත්තටම ඒ වෙලාවේ මට මගේ සාමාන්‍ය පිතිහරඹයට එන්න බැරි වුණා. මම කුසල් අයියත් එක්ක කතා කරලා පුලුවන් තරම් බැලුවේ නිතරම පන්දුවාරයකට ලකුණු තුන හතර ගහලා ඕවර 10 ක් 15 ක් කඩුල්ල ආරක්ෂා කරගන්න”යි අවිෂ්ක අදහස් දක්වා සිටියේය.

    දෙරට අතර පැවැත්වෙන මීළඟ එක්දින තරගය ලබන මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

  • ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් ?

    ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් ?

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් “පූර්ව ආරක්ෂක පියවර” අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

    කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ “නිරන්තරයෙන් අධීක්ෂණය කරන” බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය.

    “මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නොමැති,” බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය.

    “අපගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇත්තේ එක් කොරෝනාවෛරස ආසාදිතයෙක් පමණයි. එය එක්සත් රාජධානියට වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, තවදුරටත් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ නැහැ. නමුත්, මේ තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා.”

    “ශ්‍රී ලංකාවට යන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරනවා. ප්‍රතිශක්තිය හැකි උපරිම මට්ටමක පවත්වා ගැනීම ඕනෑම රෝගයක් වළක්වා ගැනීම සඳහා උපකාර වෙනවා,” ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

  • අවිශ්ක – මෙන්ඩිස් වාර්තාගත සම්බන්ධතාවෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්

    අවිශ්ක – මෙන්ඩිස් වාර්තාගත සම්බන්ධතාවෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්

    සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (26) මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ සමග එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 08කට ලකුණු 345ක් වාර්තා කළා.

    ලකුණු 346ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39.1කදී සියලු දෙනාම දැවී ගිය අතර ඔවුන්ට රැුස්කර ගත හැකි වුණේ ලකුණු 184ක් පමණයි.

    ශ‍්‍රී ලංකා ඉනිම

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප‍්‍රනාන්දුට පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වා ගත හැකි වුණේ ලකුණු 09ක කෙටි සම්බන්ධතාවක් පමණයි. මුළු ලකුණු සංඛ්‍යාව 09දී එක් ලකුණක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවී ගියා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ද මුළු ලකුණු සංඛ්‍යාව 09දීම දැවී ගිය අතර ඊට ගොදුරු වුණේ කුසල් පෙරේරායි. ඔහු ලකුණු නොලබාම දැවීගියා.

    සිවුවන පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප‍්‍රනාන්දු 03 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 239ක සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට සමත් වීම සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවුණා.

    තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 119ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 248ක්ව තිබුණා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිවුවන කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 271 දී බිද වැටුණු අතර ඊට ගොදුරු වුණේ ලකුණු 127ක් ලබා සිටි අවිශ්ක ප‍්‍රනාන්දුයි. ඔහු තම ලකුණු 127ට 4 පහර 10ක් එල්ල කර තිබුණා.

    යළිත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිද දමමින් 5 වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 274දී බිද වැටුණු අතර එහිදී ඇන්ජිලෝ මැතිව්ස් එක් ලකුණකට දැවී ගියා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 06 වැනි කඩුල්ල 303දීත් 7 වැනි කඩුල්ල 316දීත් බිද වැටුණු අතර 08 වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 345දී බිද වැටුණා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් දස්කම් පෑ Sheldon Cottrell කඩුළු 04ක් සහ Alzarri Joseph 03ක් දවා ගත්තා.

    බටහිරි ඉන්දිය කොදෙව්

    ශ‍්‍රී ලංකාව ලබා දුන් ලකුණු 346ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ සාර්ථක වුණේ ආරම්භක පිතිකරු Shai Hope පමණයි. ඔහු පන්දු 65කදී ලකුණු 51ක් ලබා ගත්තා.

    බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව අගනා පන්දු යැවීමක නිරත වූ වසිදු හසරංග ලකුණු 30කට කඩුළු 03ක් ද, ලක්ෂාන් සදකැන් ලකුණු 57ට කඩුළු 03ක් ද ලබා ගත් අතර නුවන් ප‍්‍රදීප් කඩුළු 02ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් එක් කඩුල්ලක් ලබා ගත්තා.

  • මහන්සිවිම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

    මහන්සිවිම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය කරා යෑමට නම් ඒ අතරින් කවුරු හෝ දීර්ඝ ඉනිමක් කරා යා යුතු බව අවධාරණය කර සිටියේය.

    තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් අත්කරගත් මෙම තරගයේදී නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරගත් අතර වනිඳු හසරංග නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් පිතිකරණයෙන් කැපී පෙනුණහ. 

    “සෙනසුරාදා පැවැති තරගයේදී අපේ පිතිකරුවන් ඉතා හොඳින් තණතීරුවට අනුගත වුණා. අපේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනා අපිව තරගයේ ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා. අපේ පිතිකරුවන්ට 52, 50, 47, 20, 5 සහ 18 ලකුණු ලබා ගත්තා. ඒ වගේම ඒ හරහා අපිට කඩුලු අතර හොඳ සම්බන්ධතා කීපයක්ම ගොඩ නඟා ගන්න හැකියාව ලැබුණා. නමුත් අපිට ඒ අතරින් ඊට එහාට යන පිතිකරුවකු අවශ්‍යයි. අපේ පිතිකරුවන්ගෙන් ඕන වෙන්නේ කවුරු හරි දීර්ඝ ඉනිමක් කරා යන්න”යි සඳහන් කර සිටියේය.

    එස්. එස්. සී. පිටියේ ලද ජයග්‍රහණය අවසන් එක්දින තරග 24 න් අප ලද 14 වැනි එක්දින තරග ජයග්‍රහණය වේ. එම තරගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, “ඒ මොකද කියනවා නම් තිසර පෙරේරාට සහ වනිඳු හසරංගට නිදහසේ පන්දුවට පහර දීලා තරගය නිමා කරන්න පුලුවන් වුණේ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට ආපු නිසයි. මම හිතන විදියට ඔවුන් පන්දුවට පහර දෙන්න එනකොට ලකුණු 90 ක් වගේ ලබාගත යුතුව තිබුණා. එය තරමක් දීර්ඝ ලකුණු සංඛ්‍යාවක්. අංක 7 හෝ 8 පිතිකරුවන් පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 90 ක් වගේ ලබාගන්න තියෙනවා කියන්නේ තරමක් අසීරු දෙයක්. නමුත් ඔවුන් පන්දුවට පහර අවස්ථාවේදී ලකුණු 40 ක් හෝ 45 ක් ලබා ගන්න තියෙනවා කියන්නේ එය ලබාගන්න පුලුවන් ඉලක්කයක්. ඔන්න ඔය අංශය තමයි අපි වැඩි දියුණු කර ගන්න ඕනෙ”යැයි පැවැසීය.

    මේ අතර හෙට තරගය පිළිබඳව ද අදහස් දක්වා සිටි මිකී ආතර්, “ඇත්තටම පළමු ජයග්‍රහණයෙන් පස්සේ කණ්ඩායමේ හැඟීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ වන විට එයා හොඳින් සංකලනය වෙලා ඉන්නවා. ඔවුන් ඔවුන්ට හිමි වගකීම් ඉතා හොඳින් සිදුකරමින් ඉන්නවා. කණ්ඩායම දිහා බැලුවහම ඔවුන් ඔක්කොම එක පොකුරට දක්ෂතා අතර ඉන්නවා. එය ඉතාම සිත්ගන්නා සුලු සතුටට කරුණකි. තරගයක ජයග්‍රහණය සඳහා කණ්ඩායම් හැඟීම ඉතාම වැදගත්. ඒ දේ තරගාවලියේ පළමු ජයග්‍රහණය සඳහා ඉතාමත් වැදගත් වුණා. ළඟීන් ළඟීන් ගිය තරගයක් වුණත් එය ඉතාම හොඳ තරගයක් වුණා”යි ආතර් පවසයි. 

    ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පෙර අද උදෑසන කාල සීමාවේදී සිය පුහුණුවීම් වල නිරත වූ අතර අව් රශ්මිය දැඩි බලපෑමක් සිදුකරනු දැක ගත හැකි විය. මේ පිළිබඳවද මාධ්‍ය හමුවේදී මිකී ආතර්ගෙන් ප්‍රශ්න කර සිටියේය. “උෂ්ණත්වය ගත්තහම ඇත්තටම ටිකක් ඉහළයි. නමුත් අපගේ වෛද්‍ය අංශය ක්‍රීඩකයින් විජලනයෙන් ගොඩ ගැනීම සඳහා ඉතා විශාල කාර්යය භාරයක් සිදු කරනවා. මේ වගේ තත්ත්වයකදී ක්‍රීඩකයින්ගේ විජලය පාලනය කිරීමේ සැලස්ම ඉතා වැදගත් වෙනවා. එය පුහුණුවීම් සිදු කළ පසුගිය දින 2 දීත් සිදු කළා”යි පවසයි. 

    පළමු තරගය ජය ගැනීම සඳහා පිත්තත් පන්දුවෙත් දක්ෂතා ඉවහල් වූවා සේම පන්දු රැකීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. මේ තත්ත්වය මත කොදෙව් කණ්ඩායමේ ලකුණු 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් නතර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූවා සේම දුවද්දී දවා ගැනීම් 2 ක්ද ලබා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ඉහළ වඩවන්නක් බවට පත්ව තිබේ.

    පන්දු රැකීමේ අංශයේ හදිසි පිබිදීමට හේතු කවරේද යන්න මිකී ආතර්ගෙන් කරන ලද විමසීමේදී, “හේතුව තමයි ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කිරීම. පන්දු රැකීමේ කාර්යය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා විශාල වැඩ ප්‍රමාණයක් සිදු කරනවා. විශේෂයෙන් ෂේන් මැක්ඩමොට්, ග්‍රාන්ට් ෆ්ලවර්, ඩේවිඩ් සේකර් අතිශයින්ම මේ කරුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඒ හරහා අපි හැම කෙනෙක් ගැනම දියුණුවක් පේන්න තියෙනවා. පිතිකරණයේ මෙන්ම පන්දු රැකීමේදී අපිට දියුණු කරගන්න තැන් කීපයක්ම තියෙනවා. ඒවා සමහර විට පාලනය කරන්න බැරි දේවල්. විශේෂයෙන් බැලුවොත් ප්‍රතිවාදී පිලේ පන්දු යැවීම අපිට පාලනය කළ නොහැකි දෙයක්. නමුත් පන්දු රැකීම නම් එය අපිට පාලනය කරන්න පුලුවන් දෙයක්. මම හිතන්නේ අපි එදා දවසේ කරපු දේ ඉතාම විශිෂ්ඨයි. මම වඩාත්ම කැමැති දේත් එයයි. ඒ ආකල්පය අපි පිතිකරණය සහ පන්දු යැවීම දක්වා ගෙන ගියා. ඒ හැරෙන්න මේකෙ කිසිම විජ්ජාවක් නෑ”යි ආතර් පැවැසීය.

    Text by sl cricke

  • ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙද්දී කොදෙව්වෝ ඉතිහාසය වෙනස් කිරීමට මාන බලති

    ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙද්දී කොදෙව්වෝ ඉතිහාසය වෙනස් කිරීමට මාන බලති

    එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය යක් නොමැති කොදෙව් කණ්ඩායම එම පරාජිත ගමන නවතා ගැනීමේ අරමුණ ඇතිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට හෙට (26 දා) අවතීර්ණ වනු ඇත. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී  ලංකා වේලාවන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

    කණ්ඩායම් දෙකටම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් සඳහා අද දිනයේදී සහභාගිවී සිටියහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන කාලයේත් බටහිර ඉන්දීය කොදෙව් පිල පස්වරුවේදී හෙවත් ආලෝක ධාරා මධ්‍යයේ පුහුණුවීම් වල නිරත වූහ. අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අනිවාර්යය පුහුණු සැසියක් නොවූ බැවින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩාංගණයට පැමිණ සිටීමෙන් වැළකී සිටියහ. එහෙත් ඊට පෙර දින රාත්‍රියේ ආලෝක ධාරා මධ්‍යයේ පැවැති පුහුණු සැසිය සඳහා සියල්ලෝම සහභාගිවෙමින් තුන් ඉරියව්වෙන්ම සිය පුහුණුවීම් වල නිරත වූහ.

    සත්කාරකත්වයේ සියළු වාසීන් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවද හෙට තරගය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ද තරගයකට සහභාගිවනු ලබන්නේ වසර 4 ආසන්න කාලයකින් පසුව වේ. මෙහි අවසන් වරට ශ්‍රී ලංකා පිලක් එක්දින තරගයකට සහභාගිව ඇත්තේ 2017 වසරේ ජුලි මස සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගයට වන අතර එම තරගයෙන්ද ශ්‍රී ලංකාව කඩුලු 3 ක පරාජයක් අත්වින්දේය.

    බටහිර ඉන්දීය කොදෙව් 

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් හම්බන්තොටදී එක්දින තරගයකට සහභාගිවනු ලබන පළමු තරගය වන්නේ හෙට පැවැත්වෙන තරගය වේ. පූර්විකාවේ සඳහන් කළාක් මෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනා ගන්නා ලද ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලි ජය ගැනීමට සමත්වීම හැරුණු කොට 2014 වසරේ සිට මේ දක්වා සහභාගිව ඇති එකම එක්දින තරගාවලියක් හෝ ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසමත්ව සිටියි. 

    දීර්ඝ කාලයක් එක්දින තරගාවලි ජයග්‍රහණයක පහස විඳ නැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගයද පරාජයට පත්වී තරගාවලිය 0-1 ක් ලෙස පසුපසින් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වීම ඔවුන්ට මානසික වශයෙන් බලපෑමක් එල්ල නොකරනවාම නොවේ. කෙසේ වෙතත් ඔවුන් සතුව සතුටට පත්විය හැකි කාරණා අතර ඉදිරි පෙළ පිතිකරුවන් සියලු දෙනා පාහේ ලකුණු අතරට පැමිණ සිටීම සඳහන් කළ හැක. 

    පළමු තරගය පරාජයට පත් වුවත් කොදෙව් පන්දු යැවීමේ අංශය ගෙන බැලීමේදී ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝෂප් සත්කාරක කණ්ඩායමේ පිතිකරුවන්ව කිසියම් පාලනයකට නතර කර ගැනීමට සමත් වුවද අනෙක් වේග පන්දු යවන්නා වන ෂෙල්ඩන් කෝට්‍රල්ට රිද්මය ගොඩ නගා ගැනීමට තවමත් අපොහොසත් වී සිටියි. ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 69 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්විය.

    එමෙන්ම පළමු තරගයේදී කොදෙව් කණ්ඩායම අතින් අතිරේක ලකුණු 26 ක් ශ්‍රී ලංකා පිල වෙත ලබා දීම එම ජයග්‍රහණයේදී ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් විය. එම අතිරේක ලකුණු 26 අතරින් 14 ක්ම වයිඩ් පන්දු බවට පත්වීම නිසා මෙම තරගයේදී ඔවුහු මේ පිළිබඳව අවධානය යොමු කරමින් තරග වදිනු ඇත.

    ශ්‍රී ලංකාව

    පළමු තරගය ජය ගැනීමට සමත්වීමත් සමඟ කණ්ඩායම තුළ වඩා වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගනිමින් හෙට තරගයට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් දක්නට ඇති සතුටුදායකම කරුණ වන්නේ පන්දු රැකීමේ අංශයෙන් ලබා ඇති ශීඝ්‍ර දියුණුවයි. පසුගිය වසර කීපයේදී මෙන් නොව එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් එකම උඩ පන්දුවකි හෝ ගිලිහී නොගිය අතර දුවද්දී දවා ගැනීම් දෙකක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි. පන්දු රැකීමට අමතරව සමස්ථයක් ගෙන බැලීමේදී කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා වල කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබෙන බව පෙර තරගයේදී පැහැදිළිවම දැක ගත හැකි විය. මෙහිදී කණ්ඩායමක් ලෙස සෙමෙන් සෙමෙන් දියුණුවක් ලබන බව මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී අනුමාන කළ හැක. 

    නිකොලොස් පූරාන්ට අමතරව පළමු තරගයේදී පිත්තෙන් කැපී පෙනුණු ෂායි හෝප් ප්‍රතිවාදී කඳවුරෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල විය හැකි දෙවැනි පිතිකරුවා වේ. හේ පළමු තරගයේදී සිය එක්දින තරග දිවියේ 9 වැනි ශතකය රැස් කර ගන්නා ලද්දේ ඉන් 7 ක්ම ආසියානු තණතීරුවලදී වාර්තා කරගනිමිනි.

    හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, “කණ්ඩායම් හැඟීම නම් ඉතා ඉහළයි. ක්‍රීඩකයින් සියල්ලම මේ වන කොට යෙහාඳ සංකලනයකින් සිටිනවා. ඔවුන් ඔවුන්ට හිමි භූමිකාවල් වල ඉතා හොඳින් කටයුතු කරනවා. වැදගත්ම දේ ඔවුන් එක පොකරට දක්ෂතා අතර ඉන්නවා දැකීම. ඒක තමයි තරගයක් ජය ගැනීමට වැදගත් වන්නේ”යි පවසයි.

    අවසන් XI

    දෙවැනි තරගය අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් මෙන්ම හෙට තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසන අන්දමට හෙට තරගය සඳහා පළමු තරගය ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාම තරග කරනු ඇත. 

    ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න, 2.අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්. 

    කොදෙව් කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

    මුහුණුට මුහුණ

    තරග     59

    ශ්‍රී ලංකාව ජය ලබා ඇති තරග     28

    බටහිර ඉන්දීය කොදෙව් ජය ලබා ඇති තරග     28

    නොවිසඳුණු    03

    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

    2011 වසරේදී ප්‍රථමයෙන් භාවිතයට ගෙන ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙතෙක් එක්දින තරග 20 ක් පවත්වා තිබේ. ඒ සියළු අවස්ථාවන් වලදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් ලබා ඇති ලකුණු අතර සාමාන්‍ය 288 ක් වශයෙන් සටහන් වන අතර ලකුණු හඹා යමින් අවස්ථා 10 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට කණ්ඩායම් සමත්ව තිබේ. අවස්ථා 7 කදී පරාජයට පත්ව තිබෙන බැවින් මෙහි හඹා යෑමේදී කිසියම් ජයග්‍රහණය සඳහා කිසියම් දායකත්වයක් දක්වනු ඇතැයි අනුමාන කළ හැක. 

    Text by sl cricket

  • ඔස්ට්‍රේලියාව හමුවේ කඩුළු 05ක පරාජයක්

    ඔස්ට්‍රේලියාව හමුවේ කඩුළු 05ක පරාජයක්

    නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

    පර්තිහි වකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාන්තා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියානු පිලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගයේ ප්‍රතිඵලය අවසන් පන්දුවාරය දක්වා ඇදී යෑම විශේෂත්වයක් විය. ඒ අනුව ඉලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක පිතිකාරිණියෝ පන්දු 3 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් ප්‍රතිවාදීන් හමුවේ පූජා කරමිනි.

    හඹා යෑමේදී ඉදිරි පෙළ පිතිකාරිණියන් දෙදෙනාම ලකුණු 10 ක් ඇතුළත දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සාර්ථක ආරම්භයක් එක් කර ගැනීමට සමත් වුවත් සිවුවැනි කඩුල්ලට එක් වූ නායිකා මැග් ලැලින් සහ රචිල් හෙයින්ස් පන්දු 85 කදී ලකුණු 95 ක් රැස් කරමින් වාසිය ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්හ. එහිදී ලැලින් පන්දු 44 කදී ලකුණු 41 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගනිද්දී හෙයින්ස්ගේ ලකුණු 60 සඳහා පන්දු 47 ක් වැය කළාය. පන්දු යැවීමේදී කැපී පෙනුණු උදේශිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාලූහ. මෙම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උඩ පන්දු 3 ක් අතහැර දැමීම තරගයේ පරාජය කෙරෙහි සෘජුවම බලපෑමක් ඇති කළේය.

    නායිකා චමරි අතපත්තු පන්දඅ 38 කදී රැස් කරන ලද ලකුණු 50 හේතුවෙන් ලකුණු 122 ක් දක්වා ශ්‍රී ලංකාවට ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. මෙය මෙවර තරගාවලියේ ිඅතපත්තු විසින් වාර්තා කරන ලද දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය වීම කැපී පෙනුණි. ඇය සිය ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කරගත්තාය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අතපත්තුට අනගි සහයාක් ලබා දුන් අනුෂ්කා සංජීවනී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 53 ක් එක් කරමින් ශක්තිමත් පදනමක් එක් කළද එම සම්බන්ධතාව බිඳී යෑම නිසා මීට වඩා ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට තිබූ වාසිය අහිමිව ගියේය. පන්දු 31 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස් කිරීමට අනුෂ්කා සමත්වූවාය.

    මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන 29 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 යි – (චමරි අතපත්තු 50, උමේෂා තිමේෂනී 20, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 18, නිකොලා කෙරී 18/2, මොල්ලි ස්ටෙනෝ 23/2)

    ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.3 කදී කඩුලු 5 කට ලකුණු 123 යි – (රචිල් හෙයින්ස් 60, මැග් ලැලින් නොදැවී 41, ශෂිකලා සිරිවර්ධන 20/2, උදේශිකා ප්‍රබෝධනී 17/2)

  • 38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

    38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

    එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ සහ මැද භාගයේ ලෝක සූරයන්ය. එම අවධියේ ලොව මවිත කළ, පිතිකරුවන් සසල කරවන ජෝ ගානර්, මැල්කම් මාෂල්, ඇන්ඩි රොබට්ස් හා කොලින් ‍ ක්‍රොෆ්ට් වැනි බියකරු වේග පන්දු යවන්නන්ගෙන් ද ක්ලයිඩ් ලොයිඩ් , විවියන් රිචඩ්ස් , රොහාන් කන්හායි හා ගොර්ඩන් ග්‍රිනිජ් වැනි විශිෂ්ට පිතිකරුවන්ගෙන් ද කොදෙව් කණ්ඩායම සමන්විත විණි.   

    ලංකාව (එකළ හැදින්වූ නාමය) වතාවන් කිහිපයකදී මේ වේගපන්දු යවන්නන් හමුවේ ලකුණු සියයකට අඩුවෙන් දැවීගිය අවස්ථා කිහිපයකි. කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වයක් ක්‍රමයෙන් වෙනස්විණි. හැත්තෑව දශකයේ අග භාගයේත්, අසුව දශකයේ මුල භාගයේත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ වේගපන්දු යවන්නෙකු වූයේ වත්මන් තේරීම් කමිටු සභාපති සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල්ය.

    ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද්දේ 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වාය.  ඒ අනුව ඉකුත් පෙබරවාරි 21 වැනිදාට ටෙස්ට් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවී වසර 38 ක් සපිරෙන්නේය. එදා සිට අද දක්වා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී මෙසේ අදහස් පළ කළේය.

    “බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට දශක හතරකට පෙර ලොව මවිතයට පත්කළ කණ්ඩායමක්. ඔවුනගේ වේගපන්දු යවන්නන් හැඩි දැඩි ලොව වේගවත්ම පන්දු යවන්නන් පිරිසක්. ශාරීරික වශයෙන් ඔවුනගේ පිතිකරුවන්ගේ වෙනසක් නෑ.

    වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේත් එදා පැවැති ක්‍රිකට් ක්‍රීඩාවේත් වෙනස්කම් ඇති වූයේ ජගත් ක්‍රිකට් සමුළුව ගෙනා යම් යම් නීතිරීති අනුව යැයි මා විශ්වාස කරනවා. කොදෙව් දූපත් කණ්ඩායමේ පමණක් නොව වෙනත් රටවලත් මෙවැනි වේගවත්ම පන්දුයවන්නන් හිටියා. ඕස්ට්‍රේලියවේ ජෙෆ් තොම්සන්, ඩෙනිස් ලිලී, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි ඇතුළු තර්ජනාත්මක වේගපන්දු යවන්නන් රැසක්ම වරින් වර බිහිවූවා”.

    “පිතිකරුවනට මේ පන්දු යවන්නන්ට මුහුණදීම වඩාත් භයානක වූයේ එදා ශරීර ආවරණ කිරීමට තිබුණේ ඉතා අඩු ආරක්ෂාකාරී පිළිවෙතක් මතයි. එදා තිබුණේ අත්ආවරණ, පා ආවරණ සහ රහස් ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදා ගන්නා ආරක්ෂක උපකරණ (BALL GUARD) පමණයි. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. පිතිකරුවන් පන්දුවට පහරදීමට එන්නේ මුළු ශරීරයම වසාගෙනයි. හිස්වැස්ම, අත්වැස්ම, අත් ආවරණ,පා ආවරණ, කලවා පෙදෙස් ආවරණ ඇතුළු ගොඩක්.”

    “එදා ඕවරයකට බවුන්සර් පන්දු යැවීමේ සීමාවක් නෑ. අද එය දෙකකට සීමා‍‍වෙනවා. එදා තණතිලි සැකසීමේ දීත් ඕනතරම් ඉපිලෙන (බවුන්ස්) තණතීරුව සෑදීමට හැකියි. ක්‍රීඩාවන්ට නීතිරීති පැනවීමේදී වාසි අවාසි දෙකටම මුහුණදීමට සිදුවනවා” යැයිද අසන්තද මෙල් පවසයි.

    ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු පැවැති මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කරන ලද අසන්ත ද මෙල් ටෙස්ට් තරග 17 කදී කඩුලු 59 ක් සහ එක්දින තරග 57 කදී කඩුලු 59 ක් දවා ගෙන තිබේ. 

    TEXT BY SL CRICKET

  • මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

    මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

    තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි.

    බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී.පිටියේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් ලබාගත් වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් තියුණු ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට සමත්විය. එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද වනිඳු තරගාවසානයේදී මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි තුන් ඉරියව් දකුණත් පිතිකරුවා, මේ ආකාරයෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් දේශීය තරග පිටියේ විස්සයි-20 අවසන් මහ තරගයේදී ක්‍රීඩා කරන ලද ඉනිමද ඉවහල් වූ බව පවසා සිටියේය.

    “ඇත්තටම අද මැච් එක මෙහෙම ඉවර කරන්න පුලුවන් වුණේ එදා ටී-20 ක්ලබ් ටූනමන්ට් ෆයිනල් එකේ ගහපු ඉනිම මගේ ඔලුවේ වැඩ කරපු නිසා. ඒක ක්ලාබ් ක්‍රිකට් තරගාවලියක් වුණත් ඒ තරගය මගේ ඔලුවේ පොඩ්ඩක් වැඩ කළා. මොකද මම ඒ තරගයෙදිත් බැට් කළේ නොම්මර 7, 8 වගේ තැන්වල නිසා ඒ වගේ ගහන්න පුලුවන් කියලා හිතුඅණා. ඒ අනුව ඇවිල්ලා තමයි මම මගේ වගකීම පටන් ගත්තේ” යැයි පවසන වනිඳු හසරංග, “ටීම් එකක් මැච් එකක් ෆිනිෂ් කරන්න පුලුවන් නම් මං දන්න විදියට ඒ ක්‍රීඩකයට ගොඩක් කල් ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න පුලුවන්. ඉතිං මටත් ඕන ටීම් එකට ඒ වගේ දෙයක් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් වෙන්න”යි පැවැසීය. 

    මීට මාසයකට පෙර පැවැති අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් අවසන් මහ තරගය යටතේ සී.සී.සී. පිල නියෝජනය කළ වනිඳු මෙආකාරයේම පැවැති තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්විය. එම තරගයේදී නොතිබූ ජයග්‍රහණයක් කරා සී. සී. සී. පිල රැගෙන යන ලද්දේ පන්දු 34 කදී නොදැවී ලකුණු 60 ක් වාර්තා කරගනිමිනි. 

    අවසන් පිතිකරු දෙදෙනා අතරින් ලක්ෂාන් සඳකැන් පිටියට පැමිණෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා පන්දු 27 කදී ලකුණු 28 ක් ලබා ගැනීමේ අභියෝගය පැවැතියත් ඒ සියල්ල මැඩ ගනිමින් තරග ජයග්‍රහණය කරා රැගෙන යෑමට වනිඳු සමත්විය. 

    හසරංග පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක් අවශ්‍යව තිබූ නමුත් තමන් වැඩිපුර උත්සාහ ගන්නා ලද්දේ තරගයේ වැඩි වගකීමක් තමන් වෙත පැවරෙන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට බවයි. “මම පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 75 ක් ලබාගත යුතුව තිබුණා. තිසර අයියා ඒ වෙලාවේ පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහුට ඕනෑම වෙලාවක් ලොකු පහරවල් එල්ල කරන්න පුලුවන්. ඒ වගේම ගිය ගමන්ම මටත් ලේසියෙන් හයකුයි හතරකුයි ආවා. ඒක නිසා මං පුලුවන් තරම් බැලුවේ තිසර අයියා ඉන්නකොට එයාට අවස්ථාව දෙන්නත්.ඒ වෙලාවේ ඕනතරම් අපිට පන්දු ඉතිරි වෙලා තිබුණා. ඒ කිසා මම පුලුවන් තරම් බැලුවේ එයාලට සහයෝගයදිලා වැඩි අවධානම එනකම් කඩුල්ලේ රැඳී ඉන්න”යි සඳහන් කර සිටියේය.

    “ඒ වෙලාවේ වහින්න වගේත් ආවා. අපි දෙන්නා සැලසුම් කළේ ඩක්වර්ත් ලිවුස් එකත් එක්ක අවශ්‍ය ලකුණු ගාණට වඩා ලකුණු 10 ක් ඉස්සරහින් යන්න. එහෙම වුණොත් අපිට ලේසියි තරගය පවත්වාගෙන යන්න. ඒ විදියට ගහපු නිසා තමයි ඇත්තටම මේ තරගය මෙච්චර ලේසියෙන් ඉවර කරන්න පුලුවන් වුණේ” යැයි වනිඳු පවසයි.

    තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට පැමිණි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද වනිඳුගේ දක්ෂතා ගැන මහ ඉහළින් වර්ණනා කළ සිටි අතර ඒ වර්ණනාවට සාධාරණයක්ඉටු කිරීමට වනිඳු සමත්වීමද විශේෂත්වයක් විය.

    “මං දන්නවා සඳකැන්ට බැට් එකෙන් බෝලෙට ගහගන්න පුලුවන් කියලා. මොකද ඒ දේ එයා කළින් කරලා තියෙනවා මම දැකලා තියෙන නිසා. මං එයාට කිව්වේ මට ඔයාගෙන් ලකුණු ඕන නෑ, විකට් එක නොදී ඇගෙන් හරි ගහලා ඒ පැත්ත ගහලා දුන්නොත් මං මේ ගේම් එක ඉවර කරන්න පුලුවන් කියලා. එය අන්තිම ලකුණ වෙනකල්ම ඒ දේ කළා” යැයි 9 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පිළිබඳව වනිඳු පවසා සිටියේය.

    වනිඳුගේදක්ෂතා ඒ අයුරින් තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සැබැවින්ම ඉහළ තලයකට පැමිණි තිබෙනු මෙම තරගයේදී දැක ගත හැකි වූ අතර එහිදී ප්‍රතිවාදී පිලේ ලකුණු 20 කට ආසන්න සංඛ්‍යාවක් නතර කර දැමීමට සමත්වීම ජයග්‍රහණයට හේතු වුණු අතුරු සාධක අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ෂේන් මැක්ඩමොට්ගේ කාර්යය භාරය පිළිබඳව විමසීමේදී අදහස් දක්වා සිටි තරගයේ වීරයා, “හොඳයි කියන්නේ ආපු කෝචස්ලා ඔක්කොම හොඳයි. එයාලා ගොඩක් වෙලාවට අපිව පොළොඹවනවා. මේ දේ වුණොත් මෙහෙමයි කියලා කියලා දෙනවා. නැතුව දේවල් නිකන් කියලා දෙනවා නොවෙයි. මේ දේ වුණොත් අපි ඉන්නේ කොතැනද ඒ තැනට යන්නේ කොහොමද කියන එක ගැන එයාලා ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට කතා කරනවා. ඒක නිසා තමයි අපි ඇත්තටම පසුගිය ටිකේ ඉඳලා කණ්ඩායමක් විදියට ඉදිරියට එන්න හැකි වෙලා තියෙන්නේ”යි පවසා සිටියේය.

    text by sl cricket