Category: සුපිරි Sports

  • ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් බංගලියන්ට නයා පෙන්නපු හැටි මෙන්න…

    ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් බංගලියන්ට නයා පෙන්නපු හැටි මෙන්න…

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

    තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

    අවසාන පන්දුව සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර දිනේෂ් කාර්තික් විසින් එල්ල කල පහර 6 සීමාව පසුකල ගියේ සියල්ලන්ගේ ඇස් මවිත කරමින්ය.

    ඒ සමගම කමෙන්ට්‍රි බොක්ස් එකේ හිටපු සුනිල් ගවස්කාර් තමන් අසුන්ගෙන් සිටි පුටුවෙන් නැගිට බංගලියෝන්ට නයා පෙන්නුවේ බන්ගලියෝන්ගේ රෙදි ගලවමිනි, එම වීඩියෝව පහතින්,

    බන්ගලියන්ට නයා පෙන්වූ අන්තිම ස්වර්ණමය පහරේ වීඩියෝව මෙන්න..!

  • ඉන්දීය ජයග්‍රහණයෙන් පසුව බංගලියන්ගේ නයි නටවන්න බුකිය ෆෝම් වෙච්ච හැටි මෙන්න…

    ඉන්දීය ජයග්‍රහණයෙන් පසුව බංගලියන්ගේ නයි නටවන්න බුකිය ෆෝම් වෙච්ච හැටි මෙන්න…

    නිදහස් කුසලාන අවසන් මහා තරගයේදි බංග්ලාදේශය පරාජය කර තරගාවලිය ජය ගැනීමට  ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබදව ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්

  • අපිට සහය දැක්වු අපේ ශ්‍රි ලාංකිකයන්ට ස්තුතියි… නායක රෝහිත් සහ කාර්තික් කියපු අමුතු කතාව..

    අපිට සහය දැක්වු අපේ ශ්‍රි ලාංකිකයන්ට ස්තුතියි… නායක රෝහිත් සහ කාර්තික් කියපු අමුතු කතාව..

    නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාවට ආපු ඉන්දීය කණ්ඩායම නැවත තමන්ගේ රටට යන්නේ නිදහස් කුසලානය විතරක් නෙවෙයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවතත් දිනාගෙන.

    තරඟාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම හැසිරුණ විදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට ගොඩක් හිතට වදින්නට ඉන්දීය නායකයා ලෙස පැමිණි රෝහිත් ශර්මාගේ හැසිරීමද බොහෝ දුරට බලපෑම් කල අතර සාමනයයෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගරු කරන ඉන්දීය ක්‍රීඩකයෙකු වන ශර්මා නිදහස් කුසලානය දිනාගැනීමෙන් පසුව මුලින්ම කලේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පල කිරීම වීමද විශේෂ කරුණකි.

    “මම මුලින්ම ස්තුති කරන්න ඕන අද අපිට සහය දක්වපු ප්‍රේක්ෂකයන්ට,මේ වගේ පීඩනයක් තියන තරඟයක ඒ වගේ සහයක් ලැබෙනවා කියන්නේ අපිට ලොකු හයියක්,සාමාන්‍යයෙන් මව් රටෙන් නැතුව මේ වගේ සහයක් ලැබෙන එක අපේ කණ්ඩායමේ ලොකු වාසනාවක්.අපි දැනගෙන හිටිය අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැති වුනත් අපි ශක්තිමත් කියල,තරුණ ක්‍රීඩකයෝ හොඳටම කළා,ඇත්තටම මේ වගේ තරුණයෝ කණ්ඩායමේ හිටියම නායකයට පීඩනයක් නෑ.ගොඩක් ලේසියි එයාල මෙහෙයවන්න,මේ තරඟයේ ජයග්‍රහණයට කාර්තික් තමයි ලොකුම දේ කලේ,කාර්තික් කාලයක් තිස්සේ අපේ කණ්ඩායමට එනවා යනවා,අද පෙන්නුවා ඔහුට මොකද්ද පුළුවන් කියල,ඔහුගේ අත්දැකීම් එක්ක තරඟය අවසාන කරපු විදියනම් ඇත්තටම සුපිරියි.”

    ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් බංගලාදේශයේ අතේ තිබුන ජය උදුරා ගත් ඉනිම ක්‍රීඩා කල දිනේෂ් කාර්තික් තරඟයෙන් පසුව පවසා තිබුනේ මෙම ජයග්‍රහණය ගැන තමා බොහෝ සේ සතුටු වන බවය.

    “ඇත්තටම ගොඩක් සතුටුයි මේ දේ කරන්න පුළුවන් වුන එකට,මුෂ්ෆිකර් පන්දු යවපු විදියට පහර දෙන්න ලේසි නෑ,මම උත්සාහ කලේ හැම පන්දුවටම තදින් පහර දෙන්න,හැම පන්දුවක්ම හතරේ සීමාවට යවන්න,ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ,මගේ උත්සාහය ගොඩක් දුරට සාර්ථක වුනා,ඇත්තටම ගොඩක් සතුටුයි.

  • එදා විදුරු බිදදැමු වියරු වැටුනු බංගලියෝ මෙදා ප්‍රසිද්ධියේ ආරක්ෂක වැටට පහර දෙයි… විඩියෝව මෙන්න.

    එදා විදුරු බිදදැමු වියරු වැටුනු බංගලියෝ මෙදා ප්‍රසිද්ධියේ ආරක්ෂක වැටට පහර දෙයි… විඩියෝව මෙන්න.

    නිදහස් කුසලාන තරග මාලාවේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනා. මෙහිදි ශ්‍රී ලංකා රසිකයන් විශාල ප්‍රමාණයෙන් පැමිණ ඉන්දීය කණ්ඩායමට සහය දැක්වූ අතර  ඔවුන් ලබා දුන් සහයට ස්තූති කිරීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මාද කටයුතු කළා.

    මේ අතර ශ්‍රී ලංකා රසිකයන්ගේ නාදය මැදින් දැවි බංග්ලාදේශ ක්‍රීඩක සහ හිටපු නායක මහමුදුල්ලා ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටකට පයින ගසන දර්ශන ශ්‍රී ලංකා රසිකයන් විසින් පටිගත කර තිබුනා. වාසනාවකට මෙන් එම ආරක්ෂිත වැටට කිසිදු හානියක් මහමුදුල්ලාගේ මෙම පා පහර නිසා සිදුව නැති නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට දැඩි අවමානයක් බවට ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුනා.

    මහමුදුල්ලා ක්‍රීඩාංගනයේ වැටට පා පහර ලබා දෙන විඩීයෝව පහතින්

  • අපි හදවතින්ම ඉන්දියාව එක්ක. බංගලියන්ට එරෙහිව නයි නටවන්න ලාංකිකයෝ අද ප්‍රේමදාස පිටියට..

    අපි හදවතින්ම ඉන්දියාව එක්ක. බංගලියන්ට එරෙහිව නයි නටවන්න ලාංකිකයෝ අද ප්‍රේමදාස පිටියට..

    නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18) පැවැත්වෙනවා.

    එ් ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

    මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේදී තරග දෙක බැගින් ජය ගැනීමට සමත් වුණා. මූලික වටයේදී පැවති තරග දෙකෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක් ජයක් හෝ වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්කම් දැක්වූයේ නැහැ.

    ශී‍්‍ර ලංකාව සමග ඉකුත්දා පැවති තීරණාත්මක තරගයේදී කඩුලූ දෙකක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශය නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසියා. 

    ඉන්දීයාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා අන්තර්ජාතික පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 7ක් පවත්වා ඇති අතර ඉන් සියලූ තරග ජය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. මෙරට කී‍්‍රඩා ලෝලීන්ට අද දැක බලා ගැනීමට සිදුව තිබෙන්නේ සිය මවු රටේ කණ්ඩායම නොමැති අවසන් මහ තරගයක්.

    ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩා ලෝලීන් අද තරගයේදී කුමන කණ්ඩායමකට සහයෝගය දක්වාවිද? යන්න ක්‍රීඩා ලෝලීන්ගෙන්  අප විමසා බැලීමක් සිදු කළා.

    එහිදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගන්නේ නම් සතුටු වන බවයි.

  • පිටියේ නයි නැටුමෙන් කුජිත වූ තම ක්‍රීඩාගාරය වැනසූ බංගලියෝ දණින් වැටි සමාව යදිති

    පිටියේ නයි නැටුමෙන් කුජිත වූ තම ක්‍රීඩාගාරය වැනසූ බංගලියෝ දණින් වැටි සමාව යදිති

    ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති තරගයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමාව අයැද සිටිනවා. මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරිම තමන් ද අනුමත නොකරන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහන් කර ඇත්තේ.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතිනනේ ඉහල මිතුදමක්. මෙම තරගයෙන් අනතුරුව ශකීබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩක නුරිල් ඉස්ලාම් තමන් අතින් වු වරද පිළිබව අන්තර්ජාතික ක්‍රිකට් කවුනසිලයෙන් ද සමාව අයැද තිබෙනවා.

    මේ අතර,  ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති පන්දුවාර 20 තරගයේදී විනය විරෝධි ලෙස හැසිරුණු නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් ඉස්ලාම්ට දඩ නියම කළා. තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර ඔවුන්ට අසාදු ලකුණක් එක් කිරීමයි ෂක‍ක‍ය තීරණය කළේ.

    අවසන් පන්දුවාරයේදී මෙම බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙපළගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි ක්‍රිකට් විචාරකයින් ද පෙන්වා දී තිබුණේ. එහිදී විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණයක් මෙම ගැටුමට මුල් වී තිබුණා. ශකීබ් අල් හසන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ක්‍රීඩා පිටියේ රැ`දී සිටි මහමදුල්ලා සහ රුබල් හුසේන්ට පිටියෙන් ඉවත් වන ලෙස දන්වා සිටියා. එය අතරතුරදී දඩ නියම කෙරුණු නුරුල් හසන් ශ්‍රී ලංකා  නායක තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වුණා.

    පසුව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නුරුල් හසන්කුසල් මෙන්ඩිස් සමග ද ගැටුමකට මුලපුරන ආකාරයක් ද දක්නට ලැබුණා.

    බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සමරන අවස්ථාවේ ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ වීදුරු දොරටුවකටද හානි වී තිබුණා. සී සී ටී වී දර්ශන මගින් පෙනී ගොස් ඇත්තේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ශකීබ් අල් හසන් එක්වරම වීදුරු දොරටුව වේගයෙන් විවර කර ක්‍රීඩාංගණයට පිවිසීමේදී දොරටුව බිත්තියේ වැදී බි`දී ගොස් ඇති බවයි.

    මෙම තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරයේදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක අයුරින් හැසිරී ඇති බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසා තිබුණේ.

  • ඊයේ පිටිය මැද බංගලියන්ගේ කුජිත බව ලොවටම පෙන්වූ ශකීබ් සහ නුරුල්ට ICC යෙන් ලැබුණු දඬුවම මෙන්න

    ඊයේ පිටිය මැද බංගලියන්ගේ කුජිත බව ලොවටම පෙන්වූ ශකීබ් සහ නුරුල්ට ICC යෙන් ලැබුණු දඬුවම මෙන්න

    නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශකීබ් අල් හසන් සහ නුරුල් හසන් හට තරඟ මුදලින් 25% ක දඩයක් සහ ඔවුන් දෙදෙනාට අයි.සී.සී නිතී මාලාව කඩ කිරීම සම්බන්ධයෙන් සෘණ ලකුණු 2 ක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් නියම කර තිබේ.

    මෙම අයි.සී.සී නීති මාලාව 2016 හඳුන්වාදීමෙන් අනතුරුව ක්‍රීඩකයින් දෙදෙනෙකුට සෘණ ලකුණ බැඟින් ලබාදුන් පළමු අවස්ථාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

    ශකීබ් අල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ තරඟයේ 19 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස සංඥා කිරීම හා විනිසුරු තීරණයට අභියෝග කිරීමයි.

    නුරුල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ඇඟිල්ල දිගු කිරීම හේතුවෙනි.

    අද උදෑසන මෙම ක්‍රීඩකයින් දෙදෙනා අයි.සී.සී ක්‍රිකට් බලධාරීන් හමුවීමෙන් අනතුරුව වරද පිළිගෙන මෙම දඩ මුදල ගෙවීම සඳහා එකඟතාව පළ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

  • “ඒ බංගලියෝ ලංකාවේ නටපු අවසන් නයි නැටුම”.. ඉන්දියාව බංගලියන්ට අනතුරු අඟවයි..

    “ඒ බංගලියෝ ලංකාවේ නටපු අවසන් නයි නැටුම”.. ඉන්දියාව බංගලියන්ට අනතුරු අඟවයි..

    නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත සතුරන් වන ඉන්දීය කණ්ඩායම සහ නුතන සතුරන් වන බංගලාදේශ කණ්ඩායමය.

    ඊයේ බංගලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දැක්වූ රංගනයන් නිසා ඉන්දියාව ක්‍රීඩා පිටියේ පෙන්වූ ඇතැම් එදිරිවාදිකම් නිසා ඉන්දියාව සමඟ උරණ වී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දැන් ඉන්දියාව සමඟ එකතු වී බංගලාදේශය පරාජ කරන්නට සැදී පැහැදී ඇත.

    ඊයේ දිනයේ ෂකීබ් ඇතුළු බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුණ අකාරය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් මෙන්ම ක්‍රීඩකයන්ද අප්‍රසාදය දක්වා ඇති ආකාරය විදෙස් මාද්‍ය වාර්තා කර තිබිණි.

    ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජෙකාර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ ෂකීබ් නායකයෙකු ලෙස හැසිරුණ ආකාරය අනුමත කල නොහැකි බවය.විනිසුරු තීරණයකට ඒ අකාරයේ ප්‍රතිචාර දැක්වීමක් සිදු කල හැකි දැයි මන්ජෙකාර් විමසා ඇත.

    ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ට්විටර් සටහනක් තබා ඇත්තේ මේ බංගලාදේශය ශ්‍රී ලංකාවේ නටන අවසාන නයි නැටුම විය හැකි බවය.එමෙන්ම ඔහු තවත් සටහනක් තබා තිබෙන්නේ මෙතෙක් කල් බංගලි ව්‍යාග්රයන් ලෙස හඳුන්වාගත් බංගලි ක්‍රීඩකයන් තමන් වයාග්‍රරයන් නොවන බව ඔප්පු කල බවය.


    මේ තරඟාවලිය නිදහස් කුසලානය ලෙස හඳුන්වනවාට වඩා නාග නැටුම් කුසලානය ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය බවද තවත් අය අදහස් පළකර තිබෙනු දැකගත හැකි විය.

  • බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

    බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

    නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

    ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.

    බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.

    කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා.

    තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.

    කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

    ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

    https://www.facebook.com/supirigossip1/videos/1623228037712796/

     

    https://www.facebook.com/apearata/videos/1613541382086990/

    ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු….

    https://www.facebook.com/NewsfirstSL/videos/1878011705592412/

  • මිලියන 11ක් වටිනා අලුත් උපකරණ පැළඳගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණු වූ හැටි මෙන්න

    මිලියන 11ක් වටිනා අලුත් උපකරණ පැළඳගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණු වූ හැටි මෙන්න

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් පරිගණක මෘදුකාංග සහිත නව තාක්ෂණික උපකරණ පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක තරඟය සඳහා පුහුණුවීම් සඳහා එක්ව සිටියා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද භාවිත කරන මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.

    එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

    මේ මෘදුකාංගය සහ උපකරණ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.

    GPS තාක්ෂණය ද ඇති මෙම උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරඟ පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.

    එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.

    ඊයේ දිනයේ ක්‍රීඩකයන් එම උපකරණය පැළඳ පුහුණුවීම් සඳහා එක්ව සිටියේ මේ අයුරින්.

  • ඉන්දීය පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ ‘රාගම පන්දු යවන්නා‘ වෙනුවෙන් රෝහිත් කරන්න යන දේ මෙන්න

    ඉන්දීය පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ ‘රාගම පන්දු යවන්නා‘ වෙනුවෙන් රෝහිත් කරන්න යන දේ මෙන්න

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීම සඳහා යෑමට සූදානම් වී ඇතැයි පැවැසේ.

    ඒ අනුව අද හෝ හෙට දිනයේදී ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට යෑමට නියමිතව ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර  පැවැසුවේ මෙවැන්නකි.

     “මට රෝහිත් ෂර්මා හමු වුණාම හුඟක් වෙලාවක් අපි කතා කළා. ඒ කතා කළ වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා නිලාම්ගේ තාත්තගේ විස්තර. ඒ අහපු වෙලාවෙදී ඔහු අපිට කිව්වා 16 හෝ 17 වැනිදා නිලාම්ගේ තාත්තා බලන්න එන්නම් කියලා”

    මේ අතර ඉන්දීය කණ්ඩායමට දැල් ආවරණ පුහුණුවීම් සඳහා පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකුගේ මුහුණේ පන්දුව වැදීම හේතුවෙන් මේ වනවිට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන එම ක්‍රීඩකයාට වැයවෙන මුදල ගෙවීමට තමන් සූදානම් බව ඉන්දීය නායකයා පවසා ඇතැයි දැනගන්නට ඇත.

    දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගයට පෙර මෙම සිදුවීමට මැදිවූ ක්‍රීඩකයා විසින් ඉන්දීය පිතිකරුවකුට පන්දු යවමින් සිටියදී එම පිතිකරුවා එල්ල කළ ඩ්‍රයිව් පහරක් පන්දු යැවූ රාගම ක්‍රීඩකයාගේ මුහුණේ වැදී තිබූ අතර, ලේ ගලමින් සිටි ඔහු පසුව නවලෝක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

    කෙසේ වෙතත් මොහුගේ සම්පූර්ණ වියදම දැරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඉදිරිපත්ව ඇති නමුත් ඉන්දීය නායකයා පවසා ඇත්තේ අවශ්‍ය වන ඕනෑම මොහොතක මෙම ක්‍රීඩකයා වෙනුවෙන් ඕනෑම වියදමක් දැරීමට තමන්ද සූදානම්ව ඇති බවය.



  • මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

    මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

    නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. 
     
    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද අද ෂකීබ් ක්‍රීඩා කළහොත් පසුගිය කාලයේ බංගලාදේශ මාද්‍ය සහ ක්‍රීඩකයන් නැගු අදෝනාවකට පිළිතුරක් ලබා දෙන්නට අවසථාවක් එළඹෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේදී තරඟ ජයගන්නා විට බංගලි මාද්‍යයන් සහ ප්‍රවීණ ක්‍රීඩකයන් පැවසුවේ ෂකීබ් නැති වීමේ පාඩුව තරඟ පරාජයට හේතුවක් වූ බවය,දැන් ෂකීබ් කණ්ඩායමට පැමිණ ඇති නිසා ඔහු සිටින බංගලාදේශ  කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාවට බංගලියන්ගේ අතීත අදෝනා වලට මනා පිළිතුරක් ලබා දෙන්නට හැකි වනු ඇත.
     
     සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව, ‘අපිට කිසිම පීඩනයක්‌ නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා.‘ යනුවෙන් පැවසීය.
     
     කණ්‌ඩායමේ සංයුතිය වෙනසක්‌ විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සමග පැවැති තරගයේදී තදින් දැනුණි. ‘අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරන්නෙ තණ තීරුවට අනුව. මේ වගේ තණතීරුවක හොඳ ක්‍රිකට්‌ ගහන්න පුළුවන්. පන්දු යවන්නන්ව උනත් යොදවන්නෙ තණතීරුවට අනුව. වේග පන්දු යවන්නන්ට මේ තණතීරුවකදී යමක්‌ කළ හැකියි. ඒ වගේම පසුගිය කාලයේ අපි වැඩිය ලකුණු ගැහුව්වෙත් නැහැ කඩුලු ගත්තෙත් නැහැ. ඒ වගේම තමයි දිනුවෙත් නැහැ. නමුත් මේ තණතීරුවේදී ඒ සියල්ලම වෙනස්‌ වෙලා තියෙනවා.’ යෑයි හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.
     
     කාසියේ වාසිය තරගයේ තීරණයකට කිසිදු බලපෑමක්‌ නොමැති බව ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ මතය වී තිබේ. ‘කාසියේ දෙපැත්තෙ වාසිය සහ අවාසිය කාට එයිද කියන්න බැහැ. දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්‌තියි. කාටවත් කියන්න බැහැ අන්තිමට ගහපු අය දිනනවා කියලා. බංග්ලාදේශය සහ ඉන්දියාව තරගය දිනුවෙ මුලින් ගහපු අය. ඒ නිසා කාසියේ වාසිය හිතලා තරග දිනන්න බැහැ.’
     
     ලසිත් මාලිංග වැනි පන්දු යවන්නකු මෙවැනි තරගයකට ඉතාමත් වැදගත්ය. නමුත් ඔහු සංචිතයේ නොමැත. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවා පවසා සිටියේ, ‘මාලිංග කියන්නෙ හොඳ පන්දු යවන්නෙක්‌ තමයි. නමුත් ඔහු මේ කණ්‌ඩායමේ නැහැ. කණ්‌ඩායම නම් කළාට පස්‌සෙ ආයිත් ක්‍රීඩකයෙක්‌ට එන්න පුළුවන් ඉන්න කෙනෙක්‌ව ආබාධයකට ලක්‌ වුණොත් පමණයි‘ යනුවෙනි.
     
    අද තරගයේදී ධනංජය ද සිල්වාට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවීමේ අවස්‌ථාවක්‌ තිබුණද ඒ පිළිබඳව ඊයේ වනතුරුත් ශ්‍රී ලංකා පුහුණුකරු ඇතුළු කාර්ය මණ්‌ඩලය දෙගිඩියාවෙන් පසුවන අයුරක්‌ දිස්‌විය. අවසන් මහා තරග බලාපොරොත්තු ඇතිව බංග්ලාදේශ කළමනාකාරිත්වය ඔවුන්ගේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්වද කණ්‌ඩායමට කැඳවා තිබේ. 

    ඒ අනුව අද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායම.
    1 තමිම් ඉක්බාල්, 2 සෞම්‍ය සාකර්, 3 ලින්ටන් ඩස්, 4 මුෂ්ෆිකර් රාහුම් (wk), 5 මහමුදුල්ලා, 6 ෂකීබ් අල් හසන් (නායක ), 7 සබීර් රහ්මන්, 8 මෙහෙඩි හසන්, 9 මුස්තාෆිසර් රහ්මන්, 10 රුබෙල්ල් හොසේන්, 11 නසිමුල් ඉස්ලාම්

    අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේද බොහෝ විට වෙනස්කමක් සිදු විය හැකි අතර පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ධනංජය සිල්වා කණ්ඩායමට පැමිණිය හැකි අතර ඔහු පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයෙකු නිසා බංගලාදේශ වමත් පිතිකරුවන් ඉලක්ක කරමින් ඔවුන් පාලනය කරන්නට ද ඔහුට අවස්තාවක් ඇත.

    මීට අමතරව තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක අංශයක් වන වේගපන්දු යැවීමේ බලකායට ද ඉසුරු උදාන පැමිණෙන්නේ නම් වමත් පන්දු යවන්නෙකු ලෙස පන්දු බලකායට ඔහුට විවිදත්වයක් එකතු කල හැකි වනු ඇත.

    නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීරගෙන් අපේක්ෂා කල දක්ෂතා අපට දැකගන්නට නොලැබුන අතර එසේ වුව හොත් සුරංග ලක්මාල් පසුගිය තරඟ වල බංගලාදේශය හමුවේ පෙන්වූ දක්‍ෂතාද සැලකිල්ලට ගෙන ඔහුට කණ්ඩායමේ තැනක් හිමි වීමට ඉඩ ඇත.

    අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
    ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, ජිවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ඉසුරු උදාන

  • ෂකිබ් නෙමෙයි කවුරු ආවත් වැඩක් නෑ – අද දිනන හැටි මම දන්නවා – හතුරුගෙන් ප්‍රකාශයක්…

    ෂකිබ් නෙමෙයි කවුරු ආවත් වැඩක් නෑ – අද දිනන හැටි මම දන්නවා – හතුරුගෙන් ප්‍රකාශයක්…

    නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය අද (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි.

    මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.

    ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

    “කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. ඊයේ තරඟය බලන්න කාසියේ වාසිය දිනලා පස්සේ බැට් කරලා තරඟය පැරදුනා. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහමද තරඟ වදින්නේ කියන සැලැස්ම අපි ලඟ තියනවා. මට හෙට තරඟය සම්බන්දයෙන් කිසිදු පීඩනයක් නෑ. මම දන්නේ නෑ පීඩනය කියන්නේ මොකක්ද කියලා. හෙට තරඟය අපිට තවත් තරඟයක් විතරයි.”

    බංග්ලාදේශ සමඟ තරඟය පරාජය වීම ගැනද මේ මාධ්‍ය හමුවේදී පුහුණුකරු හතුරුසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

    ඊට පිළිතුරැ ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ,

    “ඔව් ඒ තරඟයේදී අපේ පන්දු යවන්නන් හරියට කළේ නැහැ. ඒ තරඟයේදී අපි කරපු වැරදි මොනාද කියල අපි දන්නවා. ඒ වගේම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරද ගැන අපේ අවධානය යොමු වෙලා තියනවා. ඒ තත්වය මඟහරවා ගැනීම ගැන අපි කතා කරලා තියනවා.”

    සකිබ් අල් හසන් යළි බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වීම ගැනද හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.

    ඊට ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්,

    “ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් සිදුවීම, සකිබ් යළි පැමිණීම වගේ දේවල් ඔවුන්ට ලැබෙන වාසි. අපි කල්පනා කරන්නේ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් අපි බලලා තියනවා, මේ තරඟාවලිය ආරම්භ කරද්දී අපි හිතුවා මේ අය තමයි අපේ හොදම පන්දු යවන්නෝ කියලා. අපි තාමත් ඒ අය ගැන විශ්වාස කරනවා. අපි කියන්නේ නෑ ඒ අයට බෑ කියලා. මම කියන්නේ ඒ පන්දු යවන්නෝ ඔවුන්ගේ දක්ෂතා හරියට පෙන්නුවේ නෑ කියලා.”

  • ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!

    ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!

    ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 16 දා පැවැත්වෙන තිරණාත්මක තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 12 දා පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්විය.

    කෙසේ වෙතත් සිකුරාදා පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට ප්‍රමාණවත් සුවයක් මේ වන විට කුසල් මෙන්ඩිස්ට ලැබි ඇතැයි වාර්තා වෙයි.

    නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 18 දා පැවැත්වීමට නියමිත අතර එම තරගයට සුදුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි  තරගය ජය ගත යුතුම වෙයි.කුසල් මෙන්ඩිස් මේ වන විට ඉහළ රිද්මයකින් පන්දුවට පහරදෙමින් සිටියි.

  • අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (14දා) පැවැත්වීමට නියමිතය.

    ඉන්දියානුවන් අවසන් වරට සහභාගි වූ තරග දෙකම ජයගෙන ඇති බැවින් ඔවුන් ඉහළ මානසිකත්වයක් ලබා ඇති නමුත් ප්‍රේමදාස පිටියේදී වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය ලබා ඇති බංග්ලාදේශය පසුවන්නේද ජයග්‍රාහී මානසිකත්වයෙන් වීම අද තරගයේදී සටන්කාමීත්වය විදහා පෑමට කදිම සාක්‍ෂියක් විය හැකිය.

    කෙසේ වුවත් මේ වනවිට තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජය වී මුළු ලකුණු 4ක් හිමිකරගෙන සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි තැන පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී ශූද්ධ ලකුණු වේගය -0.072ක් සහිතව මුළු ලකුණු 2ක් ලබා සිටි අතර, තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන අනෙක් තරගය පරාජය වී මුළු ලකුණු 2ක් හිමිකරගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම තෙවැනි තැනට පත්ව තිබෙන්නේ ශූද්ධ ලකුණු වේගය -0.231ක් රඳවා ගනිමිනි.

    අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ඔවුන් නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, අවසන් තරගයට පිවිසෙන අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් තීරණය වනු ඇත.

    යම් හෙයකින් අද පැවැත්වෙන තරගයෙන් බංග්ලාදේශය ජයගතහොත් කණ්ඩායම් දෙකක් (ඉන්දියාව හා බංග්ලාදේශය) මුළු ලකුණු 4ක් බැගින් ලබා ගන්නා අතර, 16දා පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් කණ්ඩායම් තුනම මුළු ලකුණු 4 බැගින් ලබා ගැනීම හේතුවෙන් ශූද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

    මේ අතර යම් හෙයකින් අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියාව නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකි වන්නේ ඔවුන් මුළු ලකුණු 5ක් ලබාගත් බැවිනි. (බංග්ලාදේශය මුළු ලකුණු 3යි) එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන තරගයෙන් තීරණය වීමට නියමිතව තිබේ.

    තවද අද තරගයද පැවැත්වීමට නොහැකිව 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයද පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් හිමිවන නමුත් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4ක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ඔවුන් ඒ වනවිටත් ලකුණු 3ක් ගෙන සිටි බැවිනි. එවිට ශ්‍රී ලංකාවට හිමිවන්නේ ලකුණු 3කි.

  • අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද පෝල් ෆ්‍රාබේස් කටයුතු කර තිබෙනවා.

    2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.

    කෙසේ වෙතත් පෝල් ෆ්‍රාබේස් පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීම බංග්ලාදේශය තවමත් අතහැර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.