Category: සුපිරි Sports

  • බංගලියන්ට එරෙහි දෙවන 20 20  ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..

    බංගලියන්ට එරෙහි දෙවන 20 20 ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමිනි..

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

    අද තරගය පැවැත්වෙන තණතිල්ල බංග්ලාදේශ කණ්ඩායමට වාසිදායක අයුරින් සකසා ඇති බවයි වාර්තා වන්නේ. 

    කලක් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ද ක‍්‍රිකට් විචාරකයින් විවිධ අදහස් පළ කර තිබෙනවා.

    ඔහු බංග්ලාදේශයේ තණතිලි පිළිබඳව අත්දැකීමක් ලබා තිබීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වූ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

     

  • බංගලියන් සමග 20 20 දෙවැනි සටන අද – හිටපු නායක තිසර වාර්තාවක් අභියස..

    බංගලියන් සමග 20 20 දෙවැනි සටන අද – හිටපු නායක තිසර වාර්තාවක් අභියස..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා. 

    ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

    අඛණ්ඩව පන්දුවාර විස්ස තරග 8ක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉකුත්දා පැවති පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලූ 6ක විශිෂ්ට ජයක් ලබමින් එම පරාජයන් රැල්ලට තිත තැබුවා.

    අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ෂෙහාන් මධුසංඛ වෙනුවට අසිත ප‍්‍රනාන්දු කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ අතර තිසර පෙරේරාට පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ සිය පනස්වැනි කඩුල්ල දවා ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.

    අද තරගයේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වුවහොත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ කඩුලූ 50 සීමාව පසු කළ සිව්වන පන්දුයවන්නා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති.

    මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකරයි.

  • අගාධයෙන් මිදෙමින් යලි පිබිදෙන ක්‍රිකට් වසන්තය… අලුත් වැඩක් අගෝස්තුවේ?

    අගාධයෙන් මිදෙමින් යලි පිබිදෙන ක්‍රිකට් වසන්තය… අලුත් වැඩක් අගෝස්තුවේ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා.

    මේ තරඟාවලිය අගෝස්තු මස 18 ඉඳන් සැප්තැම්බර් මස 10 වෙනකන් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා කියන්නේ.

    මෙම තරඟාවලියට කණ්ඩායම් 6 ක් තරඟ කරන්න නියමිතයි. එක් කණ්ඩායමක් හා තරඟ දෙක බැගින් කණ්ඩායම් තරඟ 10 ක් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේ තරඟාවලිය ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ලෙස තමයි නම් කරලා තියෙන්නේ.

    ඒ වගේම මේ LPL තරඟාවලිය පැවැත්වෙන කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ නැහැ කියලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ.

  • 20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ පන්දුවාර 16යි පන්දු 4කදී විකට් 6ක් අතැතිවය.

    මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

    ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි.

    මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.

    ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

    සාර්ථක පිතිකරණය නියැලුනු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක,තිසර පෙරේරා, සහ දසුන් ශානකද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

    තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.

     

  • මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා

    මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා

    පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වස‍රේ එයද අරඹන බව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

    2019 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත ගමනක් යන බවත් එබැවින් දක්ෂතා දැක්වීමේ වේගය ගැන දැන්ම කිසිවෙකු කලබල නොවිය යුතු බවත්  ලෝකයේ සෑම ක්‍රිකට් කණ්ඩායමක් ම විවිධ අවස්ථාවල යම් යම් පසුබෑම් වලට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් මිස අපට පමණක් බල නොපාන බවත් එහෙත් කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමෙන් එම පසුබැසීම් වලක්වා ගත හැකි බව පැවසූ සුමතිපාල මහතා මේ වසර අවසානයේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟාවලියේ දී එම ප්‍රතිසංවිධානය වීම්  තුළින් අපට පැහැදිලි ඉලක්කයක් වෙත යෙමු විය හැකි බවද වැඩිදුරටත්  කියා සිටියේය.

     

  • නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    ” ඩිල්ෂාන් කවීන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් කරා යන්න පුලූවන් කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්න. එතන පිරිමි ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් නැහැ. අමෙරිකාවේ වසර 3ක් මගේ පුතා පුහුණුවීම් කළා. එයා ලංකාවේ ඉන්න අංක එකේ ජිම්නාස්ටික් කී‍්‍රඩකයා. මම මෙවර සහයෝගය දෙන්නේ රොහාන් ප‍්‍රනාන්දුට ඒක නිසා තමයි මැක්ස්වෙල් සිල්වා මගේ පුතාට කැපිල්ල දාන්නේ. මගේ පුතා අමෙරිකාවේ අධ්‍යාපනය හදාරණමින් සිටින්නේ. එයා අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවතා දමා ඉකුත්දා ශී‍්‍ර ලංකාවට පැමිණ ජිම්නාස්ටික් තේරීම් තරග සඳහා සහභාගි වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීමේ අපේක්ෂාවෙන්. කී‍්‍රඩාව වෙනුවෙන් දිරියක් වන සෑම දෙමාපියෙකුටම බලධාරීන් දෙන ආදර්ශය මේකද ? අපි සල්ලි වියදම් කරලා රටවල්වල යවලා පුහුණුවීම් කරවලා දරුවන් පුහුණු කරන්නේ රට දිනවන්න මිසක් සාක්කු පුරව ගන්න නෙමේ ” යනුවෙන් ඔලිම්පික් නිලවරණයට දෙපාර්ශ්වයක තිබෙන කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමේදී අසාධාරණයක් සිදුව ඇති බව ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් මහතා පවසා ඇත. 

    වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ සිටින අංක එකේ ජම්නාස්ටික් කී‍්‍රඩකයා වන තම පුත‍්‍ර ඩිල්ෂාන් කවීන් කී‍්‍රඩකයාටද එවැනි ඉරණමකට මුහුණදීමට සිදුව ඇති බවයි ඔහු මාද්‍ය වෙත කියා සිටි අතර තමන් මෙවර ඔලිම්පික් නිලවරණයේදී රොහාන් ප‍්‍රනාන්දුගේ පාර්ශ්වයට සහයෝගය දැක්වීම හේතුවෙන් වත්මන් ඔලිම්පික් කමිටුවේ බලය හිමි එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප‍්‍රමුඛ පාර්ශ්වය මෙම කී‍්‍රඩකයා ජිම්නාස්ටික් කණ්ඩායමෙන් ඉවත කර ඇති බවත් ඔහු කියා සිටී.
     
    මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු කියා සිටියේ තමන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේදී කිසිඳු අසාධාරණයක් සිදුකර නොමැති බවත්ය. කෙසේ වෙතත් තම පුත‍්‍රයාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කරන බවයි අරුණ ප‍්‍රසාද් මහතා අදාල මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.

  • ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව රන් පදක්කම දිනා ගත්තාය.

    ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.එහිදී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

    තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.

  • ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

    ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

    බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 84ක් හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානයට දකුණු අප්‍රිකාවට පත්ව ඇති අතර, දෙවැනි ස්ථානය ඉන්දියාවට ලැබී තිබේ.

    කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

    01 දකුණු අප්‍රිකාව

    02 ඉන්දියාව

    03 එංගලන්තය

    04 නවසීලන්තය

    05 ඔස්ට්‍රේලියාව

    06 පාකිස්තාන

    07 බංග්ලාදේශය

    08 ශ්‍රී ලංකාව

    09 කොදෙව්

    10 සිම්බාබ්වේ

    ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර අංක එක ස්ථානය විරාත් කෝලිට හිමිව ඇති අතර  මුල් ස්ථාන 10 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැත.

    පන්දු යවන්නන් අතර මුල් ස්ථානය ඉම්රාන් තාහීර් හිමි කරගෙන ඇති අතර, එහිද මුල් ස්ථාන 10 අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නොමැත.

    තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 4 වන ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ.

  • රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

    රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

    ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමග මූල්‍ය ලාභ මත පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතිශය ජනප්‍රියත්වයට පත්වූවා. ක්‍රිකට් ක්‍රීඩාවක් ආගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ඇරඹෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව වැඩියෙන්ම මුදල් හුවමාරු වන ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙනවා.

    ක්‍රීඩකයන්ට වැඩිම මුදලක් ගෙවනා තරගාවලිය මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් විශාලතම ලාභයක් හිමි කර ගන්නා තරගාවලිය වන්නේද ඉන්දියානු ප්‍රිමීයර් ලීග් තරගාවලියයි. එම නිසාම බොහො විදෙස් ක්‍රීඩකයන් සිය මවුබිමට ක්‍රීඩා කරන තරග අතපසු කරමින් ඉන්දියානු ප්‍රිමීයර් ලීගයට ක්‍රීඩා කරන අයුරු පවා පසුගිය කාලයේ දැකගත හැකිවුනා. මේ අතර 2018 වසරට අදාල ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රීඩක වෙන්දේසීය පසුගිය දින දෙකෙහි (27, 28) පැවැත්වුනා.

    මෙවර තරගාවලි වෙන්දේසියේ අතිශය කැපි පෙනෙන සිදුවීමක් වූයේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය ආරම්භයේ පටන් අඛණ්ඩව එකම කණ්ඩායමක් නියෝජනය කළ එකම විදෙස් ක්‍රීඩකයාද වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් ලබා නොගැනීමයි. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන්ම ක්‍රීඩා කළ , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ප්‍රධානම වෙළද සන්නාමයක් වූ ලසිත් මාලිංග මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා පමණක් නොව සාර්ථකම ක්‍රීඩකයා ලෙසද විචාරකයන් විසින් හදුන්වන්නේ ලසිත් මාලිංගයි. මෙලෙසින් ලසිත් මාලිංග අලෙවි නොවෙද්දි අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ පළමු නේපාල ක්‍රීඩකයා ලෙස දකුණත් පාදඟ පන්දු යවන සන්දීප් ලැමිච්චේන්ගේ නම සටහන් වන අතර රෂිඩ් කාන්, මුජිබ් සද්රාන් හා මොහොමඩ් නාබි යන ඇෆ්ගන්ස්තාන් ක්‍රීඩකයෝ තිදෙනෙක්ම අලෙවි වීමද විශේෂත්වයකි.

    ලසිත් මාලිංගගේ අයි.පී.එල් වියෝව පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වලද කතාබහට ලක්වූ අතර එහිදි ඇතැමෙක් ප්‍රකාශ කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෞරවනීය සමුගැනීමක් ලැබෙන්නේ මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී පමණක් බවය.

  • අඩුම තරමේ මට ක්‍රිකට් උපදේශකයෙක් වෙන්නවත් අවස්තාවක් ලබාදෙන්න – ලසිත් මාලිංග

    අඩුම තරමේ මට ක්‍රිකට් උපදේශකයෙක් වෙන්නවත් අවස්තාවක් ලබාදෙන්න – ලසිත් මාලිංග

    ක්‍රීඩකයෙකු ලෙස නොහැකි නම් පුහුණුකරුවෙක් ලෙස හෝ උපදේශකයෙකු ලෙස ලෝක කුසලානයට එක්වීමට තමා සූදානම් බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.තමාගේ දැනුම අනෙකුත් ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද මාලිංග මෙහිදී සඳහන් කරයි.

    අයි පී එල් තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභායා මෙන්ම වටිනාම ක්‍රීඩකයා ලෙසද වරෙක හැඳින්වූ මාලිංගව 2018 අයි.පී.එල්. වෙන්දේසියේදී කිසිදු කන්ඩායමක් විසින් මිලට ගැනීමට ඉිදිරිපත් නොවිණි.එසේම පසුගිය සමයේ ශ්‍රීලංකාව ක්‍රීඩා කළ එක්දින හා විස්සයි 20 තරඟ ගණනාවටම මාලිංග ඇතුළත් නොවිණි.

    “.ක්‍රීඩකයෙක් ලෙස මගේ සේවය දිගු කාලීනව අවශ්‍ය නොවේ නම් යන්න කාලය ඇවිල්ලා. මම දන්නවා මගේ ජීවිතයේ තවත් ක්‍රිකට් තියෙනවා. මම උපදේශකයෙක් ලෙස ලෝක කුසලානයට එක්වීමට ලෑස්තියි.

    කවුරුහරි මට කතාකරලා කිව්වොත් ‘බලන්න ලෝක කුසලානය තරගාවලියට අපිට ඔබගේ අපගේ පුහුණුකරු කණ්ඩායමට අවශ්‍යයි’ කියලා මම ඒක බාරගන්න කැමතියි. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි මට මගේ දැනුම අනෙක් අය සමග පුළුවන් වෙලාවක බෙදාගන්න කැමතියි.

    මට පිටියට ගිහින් යෝකර් පන්දුවක් දාන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. මට ක්‍රීඩකයෙක් ලෙස බැරිනම් මේ විදියට හරි ලෝක කුසලානයට යන්න කැමතියි. ඔව් මට සිම්බාබ්වේ කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට එරෙහිව නරක තරගාවලියක් තිබුණා තමයි. එයින් කියනවද මගේ කාර්යය දැන් අවසන් කියලා.

    ගොඩක් මිනිස්සු කියනවා මම මුදල්වලට ක්‍රීඩා කරනවා කියලා. ඔව් මම කරනවා. මේක මගේ රැකියාව. නමුත් මම මේ වසර කිහිපයේදී මම මහන්සියෙන් කරන වැඩ ඒ අය කතා කරන්නේ නෑ. මම පැය ගණන් යොකර් පන්දු යවන්න පුහුණු වෙනවා. කවුරුත් මම මගේ රට වෙනුවෙන් දිනවපු තරග ගැන කතා කරන්නේ නෑ. නමුත් මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග දැක්වූ දක්ෂතා ගැන කතා කරනවා. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම තමයි මගේ ජීවිතයේ සිදුවූ ශ්‍රේෂ්ඨතම දෙය.”

    මට මං ගැනම කණගාටුයි.මට එක්දින කඩුලු 301 තිබෙනවා ටෙස්ට් කඩුලු 101 තිබෙනවා විස්සයි 20 කඩුලු 90 තිබෙනවා.මම ඒවා ලබාගත්තේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරලයි.සිම්බාබ්වේ තරඟාවලිය හා ඉන්දියානු තරඟාවලිය අසාර්ථක වුණා කියලා මං පිලිගන්නවා නමුත් එයින් කියවෙන්නේ මගේ සේවය අවසන් කියලද?

    මට අවස්ථාවක් නොදී මගේ දක්ෂතා ගැන කියන්නේ කොහොමද?2017 සැප්තැමබර් මාසයෙන් පසු මං එක්දින තරඟයක් ක්‍රීඩා කරලා නෑමම තේරීම් කමිටු කිහිපයක් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා.නමුත් ප්‍රශ්ණය තමයි ඔවුන් කිසිවෙකුට දිගු කාලින සැළසුමක් තිබුණේ නැහැ.2014 ලෝක කුසලානය බැලුවොත් අපට හොඳ පළපුරුදු කණ්ඩායමක් හිටියා.නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කළාට කිසිම ප්‍රහ්ණයක් නැමැ.නමුත් එය දිගු කාලින සැළසුමකට අනුව විය යුතුයි.ඇයි මට විස්සයි 20 තරඟයක අවස්තාවක් දෙන්න බැරි.මම අසාර්ථක වුනොත් ඔවුන්ට පැහැදිලි වේවි මම අසාර්ථකයි කියලා නමුත් අවස්ථාවක් නොදී එය ඔප්පු කරන්නේ කොහොමද?

  • මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද

    මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද

     පෙරේදා (27) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ආවේගශීලීව හැසිරීම නිසා  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ. 

    ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාව වන අතර ඔහු වරද පිළිගන ඇත.

      ධනුෂ්කගේ පළමු වරද හේතුවෙන් ඔහුට දඬයක් පනවා නොමැති අතර ධනුෂ්කගේ විනය ලකුණුවලට සෘණාත්මක ලකුණුක් එක්ව ඇත.

  • IPL පළමු වටයේ වෙන්දේසියෙන් කිසිම කණ්ඩායමක් මාලිංගව මිලදී ගෙන නෑ

    IPL පළමු වටයේ වෙන්දේසියෙන් කිසිම කණ්ඩායමක් මාලිංගව මිලදී ගෙන නෑ

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසිය සඳහා නිදහස් කළ ශ්‍රි ලංකාවේ ලසිත් මාලිංගට ඉන්දීය රුපියල් කොටියක මූලික මිලක් නියමව තිබුණත් කිසිඳු කණ්ඩායමක් එම මුදල ගෙවා මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය. 

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නිදහස් කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් හටද ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික මිලක් නියමව තිබුණු අතර ඔහුව මිලදී ගැනීමටද කිසිවෙක් ඉදිරිපත් නොවීය.

    .එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් ඉන්දීය රුපියල් කොටි 12.5කට අද රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගත් අතර එය මෙවර වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකම වෙයි. 

  • තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්

    තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්

    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10)  මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ  බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
     
    යම් හෙයකින් ඉල්ලීම් ලබාදීම මගහැරීමට කටයුතු කළහොත් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවන බවද  කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා  පැවසීය.

  • දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 27ක් ලෙයසි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය ද පැවැත්වෙන්නේ කේප්ටවුන් නුවරයි. එම ප‍්‍රදේශයට පවතින ජල හිගය හේතුවෙන් එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් දස දහස් පන්සියයක් පමණයි. එ් අනුව කේප්ටවුන් නුවර එක් පුද්ගලයෙකුගේ දිනක පරිභෝජනය සඳහා ජලය ලීටර් 87ක ප‍්‍රමාණයක් හිමිවන බවයි වාර්තා වන්නේ. මෙම තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ලබා දෙන ජල ප‍්‍රමාණය තවත් සීමා කිරීමට සිදුවනු ඇති බව කේප්ටවුන් නුවර නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

     

  • ගෙදර කියා සිතු මාලිංගව එලියට දමද්දී රාජකියන්ගෙන් කෝලිට ඉහල අගයක්…

    ගෙදර කියා සිතු මාලිංගව එලියට දමද්දී රාජකියන්ගෙන් කෝලිට ඉහල අගයක්…

    2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන්  (04) ප්‍රකාශයට පත් කළා.

    ඒ අනුව, වාර්තාගත වැඩිම මුදලකට එනම්, ඉන්දීය රුපියල් කෝටි 17 කට ඉන්දීය නායක විරාට් කෝලි රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තීරණය කර තිබෙනවා.

    මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අයි.පී.එල් පළමු තරඟ වාරයේ සිට රඳවා ගත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර එලෙස රඳවා ගෙන නොමැති අතර ඔහු අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට කිරීමට නියමිතව ඇත.

    ඒ අනුව මෙවර මුම්බායි කණ්ඩායම රඳවාගෙන ඇත්තේ රෝහිත් ශර්මා ,හර්දික් පාන්ඩේ සහ ජශ්පිට් බුම්රා යන ක්‍රීඩකයන්ය.

    පසුගිය කාලයේ තරඟ තහනමෙන් පසුව නැවතත් IPL තරඟාවලියට එකතු වන චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායම රඳවාගෙන තිබෙන්නේ MS දෝණි ,සුරේෂ් රයිනා සහ රවීන්ද්‍ර ජඩේජාය.

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විරාත් කෝලි ,AB ඩිවිලියස් සහ සෆ්රාස් ඛාන් රඳවාගෙන ඇති අතර මෙවර තරඟාවලියේ ඔවුන්ගේ පුහුණුකරු ලෙස රිකී පොන්ටින් එකතු වන බවද වාර්තා වේ.

    කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සුනිල් නාරායන් සහ ඇන්ඩ්රි රසල් රඳවා ගැනීමට තීරණය කර ඇති අතර පසුගිය තරඟාවලි වල නායකයා ලෙස කටයුතු කල ගෞතම් ගාම්භීර්ද අමතක කර දමා තිබීම විශේෂත්වයකි.

    දිල්ලි ඩෙයාර්දිවල්ස් කණ්ඩායම ක්‍රිස් මොරිස් ,රිශාබ් පාන්ට් සහ සායර් අයර් වෙන්දේසියට නොයවා රඳවා ගැනීමට තීරණය කර ඇත.

    රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම ස්ටීවන් ස්මිත්ද,කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම අර්ෂා පටෙල්ද රඳවාගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම ඩේවිඩ් වෝනර් සහ බුවනේශ්වර් කුමාර් රඳවාගෙන ඇත.

  • රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    පසුගිය සෙනසුරාද (30) අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේදී නාවික හමුදාව සමඟ CH & FC කණ්ඩායම අතර තරඟය වැලිසරදී පැවති අතර එම තරඟය ලකුණු 27ට 24ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ජයගත්හ.තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර සිදුවූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරගිය අතර යෝශිත ගැටුමට මැදි වූ බැවින් අසල හිටි නාමල් ද තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.පසුගිය රජය මසයේ සිය පියා ජනාධිපති වීම හේතුවෙන් රගර් කණ්ඩායම් වල බලය මේ සොහොයුරන් දෙපල දරා සිටි අතර අනෙක් දක්ෂ ක්‍රීඩකයින් මේ හේතුවෙන් ඉතා දැඩි කනස්සල්ලෙන් සිටි බව නොරහසකි. සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දෙවරක්ම ලැබූ දැඩි පරාජයත් සමග මේ සොහොයුරන්ගේ බලයද බිඳී සාමාන්‍ය ක්‍රීඩයිකයින් බවට පත්වුද තවද ජනපති පුතා යන උශ්නය මොවුන්ගේ හිත් වලින් තුරන් වී නොමැති බව පෙනී යයි….