Category: සුපිරි Cases

  • පිලිෆ් කුමරුගේ සුපිරි කුමර දිවිය ගැන කියැවෙන සුපිරි ඡායාරූප පෙළක්

    පිලිෆ් කුමරුගේ සුපිරි කුමර දිවිය ගැන කියැවෙන සුපිරි ඡායාරූප පෙළක්

    ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.

    ෆිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් වෙයි.
    ෆිලිප් කුමරු ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුන්ගේ සහ බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේ එකම පුතණුවන් විය.
    ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ ෆිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග.(වමේ සිට දෙවැන්නා) වයස අවුරුදු හතේදී කුමරා එංගලන්තයේ ජීවත්වූ සිය මවුන්බැට්න් ඥාතීන්ට එකතුවිය. එම අවධියේ ඔහු 'සරේ' ප්‍රදේශයේ පිහිටි මූලික පාසලක අධ්‍යාපන ලැබීය.
    ,ග්‍රීසියෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ ෆිලිප් කුමරු ශාන්ත ක්ලෝඩ් හි මැක්ජනට් (MacJannet) ඇමෙරිකානු පාසලේ සිය පන්ති සගයන් සමග. (වමේ සිට දෙවැන්නා) වයස අවුරුදු හතේදී කුමරා එංගලන්තයේ ජීවත්වූ සිය මවුන්බැට්න් ඥාතීන්ට එකතුවිය. එම අවධියේ ඔහු ‘සරේ’ ප්‍රදේශයේ පිහිටි මූලික පාසලක අධ්‍යාපන ලැබීය.
    අනතුරුව ඔහු අධ්‍යාපන පුරෝගාමියකු වූ කර්ට් හහ්න් (Kurt Hahn) විසින් උතුරු ස්කොට්ලන්තයේ ආරම්භකරන ලද 'Gordonstoun' නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබුණි. එම පාසලේදී ෆිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් පෑවේය.
    අනතුරුව ඔහු අධ්‍යාපන පුරෝගාමියකු වූ කර්ට් හහ්න් (Kurt Hahn) විසින් උතුරු ස්කොට්ලන්තයේ ආරම්භකරන ලද ‘Gordonstoun’ නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබුණි. එම පාසලේදී ෆිලිප් කුමරු ක්‍රීඩා අංශයේ දස්කම් පෑවේය.
    මෙය එලිසබත් කුමරිය (වමේ සිට තුන්වෙනි ස්ථානයේ) සහ එවක නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකුව සිටි පිලිප් කුමරු ( දකුණු පස ඈත සුදුපැහැති කැප් තොප්පියක් පැළඳ) එකට පෙනීසිටින පළමු ඡායාරූපය ලෙස සැලකෙයි. ඩාර්ට්මර්ත් නාවික හමුදා පාසලේ සිදුකරන ලද රාජකීය සංචාරයේ දී ම 1939 ජූලි 23 දින මෙම ඡායාරූපය ගන්නා ලදැයි සැලකෙයි.
    මෙය එලිසබත් කුමරිය (වමේ සිට තුන්වෙනි ස්ථානයේ) සහ එවක නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකුව සිටි පිලිප් කුමරු ( දකුණු පස ඈත සුදුපැහැති කැප් තොප්පියක් පැළඳ) එකට පෙනීසිටින පළමු ඡායාරූපය ලෙස සැලකෙයි. ඩාර්ට්මර්ත් නාවික හමුදා පාසලේ සිදුකරන ලද රාජකීය සංචාරයේ දී ම 1939 ජූලි 23 දින මෙම ඡායාරූපය ගන්නා ලදැයි සැලකෙයි.
    Duke of Edinburgh, Royal Navy, Portsmouth
    දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ ෆිලිප් කුමරු ‘HMS Valiant’ ප්‍රහාරක නෞකාවේ ක්‍රියාන්විතයේ නිරත විය.
    The engagement of Princess Elizabeth to Lieutenant Philip Mountbatten
    ෆිලිප් කුමරා එලිසබත් කුමරිය සමඟ විවාහ ගිවිසගනු ලැබීම 1947 දී නිලවශයෙන් නිවේදනය කරනු ලැබුණි
    1px transparent line
    Princess Elizabeth (latterly Queen Elizabeth II) and Prince Philip, the Duke of Edinburgh, pose for their official wedding photo at Buckingham Palace, 20 November 1947
    1947 නොවැම්බර් 20 දින ඔවුහු විවාහ වූහ
    Queen Elizabeth II, Princess Elizabeth with the Duke of Edinburgh at Treetops, Kenya 05/02/52circa
    ෆිලිප් කුමරු සහ එලිසබත් කුමරිය කෙන්යාවේ තුරු හිසක සැදි හෝටලයක ගතකළ අවස්ථාවක්. ඔවුන් දෙදෙනාට කුමරියගේ පියරජු අභාවප්‍රාත්තවීම දැනුම්දෙන ලද්දේ එහි සිටින අතරය. එම ශෝකජනක පුවත ලැබීමට දින කීපයකට පෙර ගන්නා ලද පින්තූරයකි.
    එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.
    එඩින්බරා ආදිපාදවරයා 1951 දී තුර්කියේ මාර්මරිස් වෙරළ තීරයේදී. HMS Magpie නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සිය අවසන් රාජකාරිය කළ සමයේ ගන්නා ලද ඡායාරූපයකි.
    The Duke of Edinburgh at the Roehampton Club, where he was playing for Cowdray Park in the semi-finals of the Roehampton Cup
    ,ෆිලිප් කුමරු පෝලෝ ක්‍රීඩාවේ නිරතවෙමින්. ඔහු බ්‍රිතාන්‍යයේ මුල්පෙළේ පෝලෝ ක්‍රීඩකයකු විය
    The Duke of Edinburgh batting during the 12 a side cricket match between the Duke of Edinburgh and the Duke of Norfolk
    ෆිලිප් කුමරු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද උනන්දුවිය. කුමරා එංගලන්ත කණ්ඩායමේ හිටපු පළමු පෙළේ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්
    Queen Elizabeth II and Prince Philip, Duke of Edinburgh visiting the seventeenth century Taj Mahal during their six-week royal visit to India, 29th January 1961.
    ෆිලිප් කුමරු 1961වසරේ දී සිය බිරිඳ වූ එලිසබත් රැජිනගේ දින හයක ඉන්දීය සංචාරයට එකතු විය
    The Queen and Philip and their four children
    ආදිපාදවරයා 1961 වසරේ එලිසබත් රැජින සහ ඔවුන්ගේ දරුවන් හතරදෙනා සමඟ. වමේ සිට එඩ්වර්ඩ්, ඇන්ඩෲ, චාර්ල්ස් කුමාරවරුන් සහ ඈන් කුමරිය
    Queen Elizabeth II and the Duke of Edinburgh during a visit to a farm on their Balmoral estate, to celebrate their Silver Wedding anniversary
    රාජකීය යුවළ ඔවුන්ගේ විවාහයේ රිදී ජුබිලිය සැමරීමට ස්කොට්ලන්තයේ ‘බැල්මෝරල්’ මාළිගයේ සිටියදී ගොවිපොළක සංචාරය කළ අවස්ථාවක්
    The Queen and the Duke of Edinburgh, both wearing Maori Kahu-Kiwi (Kiwi feather cloaks) at Rugby Park in Gisborne, on the North Island of New Zealand when they attended the opening of the Royal New Zealand Polynesian Festival as their Silver Jubilee Tour continues
    සිය විවාහයේ රිදී ජුබිලිය සමරන අතරවාරයේ රාජකීය යුවළ 1977 දී නවසීලන්තයේ සංචාරයක නිරතවූහ. ඔවුන් දෙදෙනා නවසීලන්තයේ මඕරි කිවි (Maori) ඇඳුමින් සැරසී නවසීලන්තයේ උතුරු දිවයිනේ ‘ගිස්බර්න්’ රග්බි ක්‍රීඩාංගනයේ උත්සවයකට සහභාගී වෙමින්
    Queen Elizabeth II and the Duke of Edinburgh wave as Concorde flies by the Royal Yacht Britannia as the royal couple neared Barbados
    ,රැජින සහ වල්ලභ කුමරු 1977 වසර අවසාන භාගයේ ‘බාර්බේඩොස්’ දූපත අසල රාජකීය බ්‍රිටනියා’ යාත්‍රාවේ සිටියදී අසලින් පියාසර කරන කොන්කෝර්ඩ් යානයකට අත වනන ආකාරය
    The Union flag-draped coffin of Lord Mountbatten rests on a catafalque during the funeral service in Westminster Abbey. Royal mourners (l/r) Queen Elizabeth II, her husband The Duke of Edinburgh, Queen Elizabeth The Queen Mother and the Prince of Wales, 5 September 1979
    1977 අගෝස්තු මාසයේ රැජිනගේ ඥාති සහෝදරයකු වූ මවුන්බැට්න් සාමිවරයා අයි.ආර්.ඒ. බෝම්බ ප්‍රහාරයකින් අයර්ලන්තයේ ඔහුට අයත් බෝට්ටුවේ සිටියදී මරාදමනු ලැබුණි. එම මරණය සිදුවෙන අවස්ථාවේ ප්‍රංශයේ නොර්මැන්ඩි පළාතේ අස්රිය ධාවන ක්‍රීඩා තරඟාවලියකට සහභාගීවෙමින් සිටි ෆිලිප් කුමරු ආපසු එංගලන්තයට ළඟාවිය.
    Duke of Edinburgh sitting atop an elephant while visiting the Kanha Game Reserve, 1983
    සොබාදහම සහ පරිසර සංරක්ෂණය ෆිලිප් කුමරාගේ මුළුමහත් ජීවිතකාලය පුරාම කැපවූ අංගයකි. ආදිපාදවරයා ලෝක වන සත්ත්ව සංරක්ෂණ පදනමේ ජාත්‍යන්තර සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබුණි.
    The Prince of Wales with the Princess of Wales, baby Prince Harry, Prince William, the Duke of Edinburgh, Prince Edward, Queen Elizabeth II and Princess Anne on the balcony of Buckingham Palace, London to watch the fly past
    ආදිපාදවරයා 1985 වසරේ සිය පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන සිටි අවස්ථාවක්. කුඩා විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාත් මෙහි වෙති. ඔවුන් මෙලෙස රැස්ව සිටියේ බකිංහැම් මාළිගයට ඉහළින් පියාසර කරන වර්ණවත් ධූමවලාවන් සහිත ගුවන් සංදර්ශනයක් නැරඹීමටය.
    South African President Nelson Mandela, accompanied by the Duke of Edinburgh
    1996 වසරේ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ලන්ඩන් නගරයේ සංචාරය කළේය. හමුදා ගෞරව පෙළපාලියක් අධීක්ෂණය සඳහා ෆිලිප් කුමරු දකුණු අප්‍රිකානු නායකයා සමඟ ගමන්ගත් ආකාරය
    Queen Elizabeth II (right) and the Duke of Edinburgh (centre right) visit market stalls in Kingston town centre, during the Queen's Golden Jubilee visit to West London
    2002 වසරේ දී රැජින රාජ්‍යත්වයට පත්වීමේ රජත ජයන්තිය සමරනු ලැබුණි. ෆිලිප් කුමරු වසර හැටකට අධික කාලයක් රැජින රාජ්‍යත්වය දැරීමේ දී ඇය අසලින්ම සිටි සහයෝගාත්මක සගයා විය.
    The Duke of Edinburgh attends the Presentation Receptions for The Duke of Edinburgh Gold Award holders, at the Palace of Holyroodhouse in Edinburgh, 2010
    2010 වසරේ එඩින්බරා ආදිපාද රන් සම්මාන පිරිනැමීමට එක්වූ ආදිපාදවරයා පිරිසක් සමඟ සුහද විනෝදජනක කතාබහක නිරතවෙමින්
    The Duke Edinburgh competes at the Sandringham Country show Horse Driving Trials held on the Norfolk Estate
    ෆිලිප් කුමරු සිය දිවියේ අවසන් අදියර තෙක්ම ක්‍රීඩාවන්හි නිරතවෙමින් සිටියේය. 2005 වසරේ අස්රිය පැදවීමේ නිරත අවස්ථාවක්
    Britain's Prince William kisses his wife Kate, Duchess of Cambridge, on the balcony of Buckingham Palace, after the wedding service, in London, 29 April 2011
    ෆිලිප් කුමරාගේ මුනුපුරු විලියම් කුමරාගේ විවාමඟුල වෙනුවෙන් 2011 වසරේ දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිට රැස්ව සිටියහ.
    Prince Philip, Duke of Edinburgh, waves as he stand onboard the Spirit of Chartwell during the Thames Diamond Jubilee Pageant
    2012 ජූනි 03 දින රැජින සහ ෆිලිප් ආදිපාදවරයා තවත් දහසක් යාත්‍රා පිරිවරා ගනිමින් තේම්ස් ගංගාව ඔස්සේ විනාඩි අසූවක නෞකා චාරිකාවක නිරතවිය. ගමනේ දුර ප්‍රමාණය සැතපුම් හතකි. එම චාරිකාව රැජින රාජ්‍යත්වයට පත්වීමේ දියමන්ති ජුබිලිය නිමිත්තෙනි
    Princess Anne attends equestrian eventing with Prince Phillip the Duke of Edinburgh,
    2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය අවස්ථාවේ ෆිලිප් කුමරු සිය දියණිය ඈන් කුමරිය සමඟ.
    1px transparent line
    Queen Elizabeth II and the Duke of Edinburgh as they attend a service at Westminster Abbey in central London to mark the 60th anniversary of the Queen's coronation
    රැජිනට ඔටුනු පැළඳීමේ හැටවෙනි සංවත්සරය නිමිත්තෙන් 2013 වසරේ ‘වෙස්ට්මිනිස්ටර් ඇබී’ දේවස්ථානයේ පැවති ආගමික මෙහෙයකට සහභාගීවෙමින්
    Queen Elizabeth II and the Duke of Edinburgh with an elephant at ZSL Whipsnade Zoo, where they officially opened the zoo's new Centre for Elephant Care as part of a visit to Bedfordshire
    ,පිලිප් කුමරු සිය බිරිඳ වන එලිසබත් රැජින සමඟ 2017 අප්‍රියෙල් මාසයේ බෙඩ්ෆර්ඩ්ෂයර්’ හි සත්ත්ව උයනක සංචාරයක නිරත වූ අවස්ථාවක්. අනූපස් වෙනි විය සම්පූර්ණ කළ ෆිලිප් කුමරු තමා ප්‍රසිද්ධ රාජකාරිවලින් බැහැරවෙන බව රැජිනගේත් සහයෝගය සහිතව නිවේදනය කළේය
    Queen Elizabeth II and the Duke of Edinburgh observing a minute's silence at the start of a garden party at Buckingham Palace in London, 23 May 2017
    ,ප්‍රහාරකයකු විසින් මැන්චෙස්ටර් ඇරීනා හි සංගීත සන්ධ්‍යාවේ දී මරාදමන ලද ජනතාව වෙනුවෙන් උපහාරය පුදන රැජින අසල ආදිපාදවරයා පෙනීසිටි මොහොත. බකිංහැම් මාලිගයේ උද්‍යාන සාදයකට පෙර මෙලෙස මිනිත්තුවක කාලයක් එම උපහාරය පුදනු ලැබුණි.
    The Duke of Edinburgh during a visit to the headquarters of the Royal Auxiliary Air Force's (RAuxAF) 603 Squadron in Edinburgh
    ,එඩින්බරා ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් දීර්ඝතම කාලයක් ගතකළ රාජකීය වල්ලභයා බවට පත්විය.
  • එඩින්බරා හි ආදිපාදවරයා (1921-2021) ගැන ඔබ මේ සුපිරි කතාව ඔබ දැන සිටියාද ?

    එඩින්බරා හි ආදිපාදවරයා (1921-2021) ගැන ඔබ මේ සුපිරි කතාව ඔබ දැන සිටියාද ?

    එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය.

    පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය.

    බ්‍රිතාන්‍ය හමුදාවේ ෆීල්ඩ් මාෂල්වරයෙකු ලෙසින් නිල ඇඳුමෙන් සැරසී සිටින එඩින්බරා ආදිපාදවරයා The Duke of Edinburgh in his uniform as a Field Marshall in the British Army / Copyright: PA

    ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට සහ සිය වගකීම් සක්‍රීය ලෙස ඉටු කරනු ලැබීමට ෆිලිප් කුමරු සමත්වූයේ ද එම ශක්තිමත් චරිතය හේතුවෙනි.

    කාන්තාවක් ඔටුන්න දරන වකවානුවක ඇයගේ වල්ලභයා වන පුරුෂයකුට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පදවියක් සහතික නොකෙරෙයි.

    එහෙත් රාජ්‍යත්වයට ඔහුට වඩා ලංවූ හෝ ,එසේත් නැත්නම් රාජ්‍යත්වයට ඔහු තරම් මහා වැදගත්කමක් සහිත වෙනත් කිසිවකු නොවුණි.

    ෆිලිප් කුමරු (ග්‍රීසියේ පිලිප් කුමරු) 1921 ජූනි මාසයේ 10 වෙනිදා ‘කෝර්ෆු’ (Corfu) නම් ග්‍රීක දිවයිනේ උපත ලැබීය.

    එවකට ග්‍රීසිය ‘ග්‍රෙගෝරියානු’ දින දර්ශනය (Gregorian Calender) අනුගමනය නොකළ හෙයින් ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය හැටියට සටහන් කරනු ලැබ තිබෙන්නේ 1921 මැයි 21 දිනයයි.

    ග්‍රීසියේ පළමු ජෝර්ජ් රජුගේ බාල පුතෙකු වූ ඇන්ඩෘ කුමරු ඔහුගේ පියා වන අතර මව ‘බැටන්බර්ග්හි’ ඇලිස් කුමරිය වූවාය. ඇලිස් කුමරිය ‘බැටන්බර්ග්හි’ ලුවිස් කුමරාගේ වැඩිමහල් දියණිය වන අතර බුරුමයේ ‘අර්ල් මවුන්ට්බැට්න්’ ආදිපාදවරයා ඇයගේ සහෝදරයා විය.

    1922 කුමන්ත්‍රණයෙන් අනතුරුව පිහිටුවන ලද විප්ලවීය උසාවියක් විසින් ෆිලිප් කුමරුගේ පියා, ඇන්ඩෘ කුමරු, ග්‍රීසියෙන් පිටුවහල් කරන ලදි.

    ඒ සමග ඔහුගේ දෙවැනි ඥාති සහෝදරයා වූ බ්‍රිතාන්‍යයේ පස්වෙනි ජෝර්ජ් රජතුමා විසින් යවන ලද බ්‍රිතාන්‍ය යුද නැවකින් ඇන්ඩෘ කුමරාගේ දරු පවුල ප්‍රංශයට ගෙන එනු ලැබුණි.

    ළදරු ෆිලිප් කුමරා එම මුහුදු ගමනේ වැඩි හරියක් ගතකර ඇත්තේ දොඩම් ඇසිරීමට යොදා ගත් පෙට්ටියකින් තනා තිබුණ කුඩා තොටිල්ලකය.

    පිලිප් කුමරු බිලිඳු වියේදී Prince Philip as a baby / Copyright: Royal Collection - NB Syndication restricted
    ඔහුගේ මව ඇලිස් කුමරිය වික්ටෝරියා රැජිනගේ මී මිනිබිරියක වූවාය

    සහෝදරියන් කීප දෙනකු සහිත පවුලක එකම සහ බාලම පිරිමි දරුවා වූ ෆිලිප්ගේ ළමා කාලය ආදරය පිරුණ තැනකි.

    ඔහු අධ්‍යාපනය ආරම්භ කළේ ප්‍රංශයෙනි. එහෙත් වයස අවුරුදු හතේ දී සිය ‘මවුන්ට්බැටන්’ නෑදෑයන් සමඟ ජීවත් වීම සඳහා එංගලන්තයට පැමිණි ෆිලිප් කුමරු ‘සරේ’ ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකට ඇතුළත් කෙරිණ.

    එහෙත් එම අවධියේ ඔහුගේ මව, ඇලිස් කුමරිය භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමෙන් ඇය මානසික රෝහලකට ඇතුළත් කරනු ලැබුණි.

    එවැනි වාතාවරණයක් යටතේ ළදරු ෆිලිප් කුමරාට සිය මෑණියන් සමග පැවැත්වීමට සිදුව ඇත්තේ අල්ප සම්බන්ධතාවයකි.

    මේ අතර 1933 වසරේ ෆිලිප් කුමරු ජර්මනියට යවනු ලැබීය.

    එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ කර්ට් හහ්න් (Kurt Hahn) නම් අධ්‍යාපන පුරෝගාමියකු විසින් පවත්වා ගෙනයන ලද දකුණු ජර්මනියේ Schule Scholss Salem පාසලට ඇතුළත් කිරීම සඳහාය.

    එහෙත් මාස කිහිපයක් ඇතුළත යුදෙව් ජාතිකයකු වූ කර්ට් හහ්න්ට (Kurt Hahn) නාසි හිංසනය නිසා ජර්මනියෙන් පළා යාමට සිදු විය.

    යුද වාර්තාවලට

    ජර්මනියෙන් පළාගොස් ස්කොට්ලන්තයට සේන්දු වූ කර්ට් හහ්න් එහි ‘Gordonstoun’ නමින් පාසලක් පිහිට වූ අතර, ෆිලිප් කුමරාටත් අධ්‍යාපන වාර දෙකකට සීමා වූ සිය ජර්මන් ජීවිතයට සමු දෙමින් එම පාසල කරා පැමිණීමට සිදු විය.

    “තමා තමන් මත රැඳිය යුතුය” යන්න තේමාව කරගත් ‘Gordonstoun’ පාසල් අධිකාරිය සහ එහි පරිසරය දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් අනතුරුව ‘තමාට තමාමය’ යන හැඟීමේ එල්බ සිටි යොවුන් ෆිලිප් කුමරාට ඔබින කදිම පරිසරයක් විය.

    තරුණ ෆිලිප් කුමරු යුද හමුදාව දෙසට යොමු වෙන්නේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙමෙන් දිග හැරීමත් සමඟය.

    ෆිලිප් කුමරුන්ගේ ආරම්භක ඉලක්කය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව වූ නමුත්, සිය මව් පාර්ශ්වය නාවික හමුදා අංශයට සමීප සම්ප්‍රදායක් සහිත වූවන් හෙයින් ඔහුත් නාවික හමුදාව තෝරා ගැනීමට තීන්දු කළ අතර ඔහු ‘ඩාර්ට්මත්’ (Dartmouth) නාවික හමුදා පාසලේ කැඩේට් නිලධාරියකු බවට පත්විය.

    එවකට බ්‍රිතාන්‍ය අධිරාජයා වූ හයවැනි ජෝර්ජ් රජතුමා සිය බිසව සහ දියණියන් වන එලිසබෙත් සහ මාග්‍රට් සමඟ ‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ සංචාරයක නිරත වූ අතර යොවුන් කුමරියන් දෙදෙනාගේ පරිවාර නිලධාරියා හැටියට කටයුතු කිරීම කැඩේට් නිලධාරී පිලිප් කුමරා වෙත පැවරුණි.

    ‘ඩාර්ට්මත්’ නාවික හමුදා පාසලේ එදා සිටි පුද්ගලයන් පවසන ආකාරයට, ෆිලිප් කුමරුන් තුළ දැඩි බැඳීමක් ප්‍රදර්ශනය නොවුනත් එවකට දහතුන් වෙනි වියේ පසු වූ එලිසබෙත් කුමරියට එම හමුව ඉතා ගැඹුරු ආශ්වාදයක් වුණි.

    ඉතා කෙටි කාලයක් ඇතුළත සිය අනාගත අපේක්ෂාවන් තහවුරු කරමින් 1940 ජනවාරි මාසයේ Dartmouth නාවික හමුදා පාසලේ සිය පන්තියේ පළමුවෙනියා බවට පත්වෙමින් සමත් වූ පිලිප් කුමරු පළමු වරට සක්‍රීය යුද සේවයට එක්වීම සඳහා ඉන්දීය සාගරයේ යුද කටයුතු කෙරෙහි අවධානය යොමු කළේය.

    මැක්බෙත් ලෙසින් සැරසුන ෆිලිප් කුමරු Philip in costume as Macbeth / Copyright: Getty Images
    ,’Gordonstoun’ පාසලේ උපරිම දක්ෂතා දැක්වූ ෆිලිප් කුමරු ආධුනික රංග කලාවට උනන්දුවක් දැක්විය

    මධ්‍යධරණී සාගර නාවික බලකායට අයත් ‘HMS වැලියන්ට්’ ( HMS Valiant) යුද නැවෙහි සේවය සඳහා ඔහු යවනු ලැබුණි.

    1941 ‘කේප් මැටපන්’ (Battle of Cape Matapan) සටනේ දී ෆිලිප් කුමරුගෙන් ලද දායකත්වය යුද පණිවුඩවලට පවා ඇතුළත්ව ඇත.

    ‘HMS වැලියන්ට්’ (HMS Valiant) යුද නැවේ පිරික්සුම් ආලෝක දහරා අංශයේ ප්‍රධානියා හැටියට රාත්‍රි කාලයේ තීරණාත්මක යුද මෙහෙයුම්වල දී ඔහුගේ කාර්යභාරය අතිශයින් වැදගත් විය.

    “වෙනත් නැවක් මගේ දර්ශන පථයට හසු වුණා. එම නැවේ මැද කොටස ආලෝකවත් වුනා. ප්‍රහාරයක් එල්ල කළ හැකි මට්ටමේ තිබුණ එම නැවට ෂෙල් වෙඩි මුරයක් එල්ල කිරීමත් සමග හිටි හැටියේම එය තිබුණ තැනින් අතුරුදහන් වුණා.”

    1942 ඔක්තෝබර් මාසය වනවිට ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ වයසින් අඩු පළමු ලුතිනන්වරුන් කිහිප දෙනාගෙන් එක් නිලධාරියෙකි.

    එවකට ඔහු සේවය කරන ලද්දේ ‘HMS වොලස්’ (HMS Wallace) ප්‍රහාරක නෞකාවේය.

    විවාහ ගිවිස ගැනීම

    එම කාලසීමාව තුළ යොවුන් එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමරා අතර ආදර හසුන් හුවමාරු වෙමින් පැවති අතර ඔහුට අවස්ථා කීපයක්ම රජ පවුල සමග ගත කිරීමට ඇරයුම් ලැබුණි.

    1943 නත්තල් සමයේ සිදු වූ එවැනි හමුවකින් අනතුරුව එලිසබෙත් කුමරිය නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණ ෆිලිප් කුමරාගේ ඡායාරූපයක් සිය කණ්ණාඩි මේසය මත තැබුවාය.

    රජ පවුලට සම්බන්ධ ඉහළ සමාජයේ ඇතැමුන් අකමැත්ත පළ කරන ලද නමුත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ගැටුමකින් තොරව පෙරට යමින් තිබුණි. ඉහළ සමාජයේ එක් තැනැත්තෙක් ෆිලිප් කුමරු හඳුන්වා දී තිබුණේ “දැඩි එසේම ආචාර ධර්ම අතින් දුර්වල” චරිතයක් ලෙසය.

    එවැනි විරෝධතා පළ වෙමින් තිබුණත් යොවුන් කුමරිය මුළු හදවතින්ම සිය පෙම්වතා සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, ඔහු 1946 ගිම්හානයේ දිනක හයවැනි ජෝර්ජ් රජු හමුවේ රාජකීය දියණිය විවාහ කර ගැනීමේ අවසරය පැතුවේය.

    එඩින්බරා ආදිපාදවරයා 1953 දී පර්බ්‍රයිට්හිදී කැනේඩියානු නාවික හමුදා කණ්ඩායමක් නිරීක්ෂණය කරමින් The Duke of Edinburgh inspecting Canadian Sailors at Pirbright, 1953 / Copyright: Getty Images
    ෆිලිප් කුමරු දක්ෂ නාවික හමුදා නිලධාරියෙකු විය

    කෙසේ වෙතත්, විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ෆිලිප් කුමරා අලුත් රටක පුරවැසිභාවය මෙන්ම අලුත් වාසගමක් ද ලබා ගැනීම අත්‍යවශ්‍ය පියවරක් විය.

    ඒ අනුව ඔහු උපතින් ලද ‘ග්‍රීක්’ නිල කුමර නාමය අත්හැර බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගනිමින් මව් පාර්ශ්වයේ ඇන්ග්ලිකානු “මවුන්ට්බැට්න්” නාමය සිය වාසගම කර ගත්තේය.

    සිය දියණියගේ විවාහ දිනයට දිනක් තිබියදී හයවැනි ජෝර්ජ් රජු ‘His Royal Highness’ නම්බුනාමය ෆිලිප් කුමරා වෙත පිරිනැමීය.

    විවාහ දින උදෑසන රජතුමා සිය අනාගත බෑණනුවන්ට එඩින්බ්‍රාහි ආදිපාද පදවිය සහ මෙරියනෙත් (Merioneth) ‘අර්ල්’ පදවිය මෙන්ම ‘ග්‍රිනිච් බැරන්’ පදවියත් පිරිනමන ලදී.

    රාජකීය විවාහය 1947 නොවැම්බර් මාසයේ 20 දින වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ දී සිදු කරනු ලැබුණි.

    වින්ස්ටන් චර්චිල් සඳහන් කළ පරිදි එම විවාහ මංගල උත්සවය මගින් පශ්චාත් යුද කාලීන බ්‍රිතාන්‍යය වර්ණවත් කෙරිණ.

    යුද සේවයට විරාමයක්

    විවාහයෙන් අනතුරුව ෆිලිප් කුමරු යළි නාවික හමුදා සේවයට වාර්තා කළ අතර කෙටි කලකට ඔහු මෝල්ටාවට යවනු ලැබුණි.

    එම කාලය තුළ වෙනත් හමුදා පවුල්වලට මෙන් නව රාජකීය යුවළටත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි විය.

    ඔවුන්ගේ පුත් චාල්ස් කුමරු 1948 දී බකිංහැම් මාළිගයේ දී උපත ලද අතර දියණිය ‘ඈන්’ කුමරිය 1950 දී පවුලට එක් වූවාය.

    ‘HMS මැග්පී’ (MHS Magpie) නාවික සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ඔහු පත් කරන ලද අවස්ථාවේ ඕනෑම නාවික නිලධාරියකු තුළ රජයන සිහිනය සැබෑ කර ගැනීමට 1950 සැප්තැම්බර් මාසයේ 02 දා ෆිලිප් කුමරු සමත් විය.

    එහෙත් ඒ සමඟම ඔහුගේ නාවික හමුදා දිවියේ අවසන් අදියරත් ලඟාවෙමින් තිබුණි.

    His wedding to Princess Elizabeth was described as "a flash of colour in a grey post-war Britain" / Alt tag: එලිසබෙත් කුමරිය ෆිලිප් මවුන්ට්බැටන් සමග අතිනත ගත් අවස්ථාව Princess Elizabeth marries Philip Mountbatten / Copyright: PA
    ඔහු එලිසබෙත් කුමරිය සමග අතිනත ගැනීම “පශ්චාත් යුද කාලීන අඳුරු බ්‍රිතාන්‍යය වර්ණවත් කළ මොහොතක්” ලෙස හැඳින්විණ

    හයවැනි ජෝර්ජ් රජුගේ රෝගී තත්වය උත්සන්න වෙත්ම එලිසබෙත් කුමරියට දියණිය හැටියට සිය පිය රජුගේ කාර්යභාරයට උර දීමට සිදු වීමත් සමඟ ඇයගේ සැමියාට සිය බිරිඳ අසල ගත කිරීමට සිදු විය.

    ෆිලිප් කුමරු 1951 වසරේ නාවික හමුදා දිවියට විරාමයක් තැබුවේය. අනතුරුව ඔහු කිසිදාක නාවික හමුදා සේවයට වාර්තා නොකළේය.

    ෆිලිප්, එඩින්බරාහි ආදිපාදවරයා කණස්සල්ල සිතෙහි ගුලිකර සිටින චරිතයක් නොවන නමුත් සිය නාවික හමුදා ජීවිතය පෙරට ගෙන යාමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් පසු කාලයේ සිය කනගාටුව ප්‍රකාශයට පත් කර ඇත.

    ඔහුගේ දක්ෂතා අනුව ෆිලිප් කුමරාට නාවික හමුදාවේ ඉහළම පදවියට (First Sea Lord) ගමන් ගැනීමේ අවස්ථාව තිබුණ බව සමකාලීන නාවික නිලධාරීහු පවසති.

    1952 වසරේ දී හයවෙනි ජෝර්ජ් රජු සහ බිසව වෙනුවෙන් සංවිධානය කර තිබුණ පොදු රාජ්‍ය මණ්ඩලීය චාරිකාවක් සඳහා සහභාගි වීමට සිදු වුණේ නව රාජකීය යුවළටය.

    සිතුවිලි වෙනසක්

    1952 පෙබරවාරි මාසයේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය රාජකීය යුවළට දැන ගන්නට ලැබුනේ ඔවුන් කෙන්යාවේ වන අරණක නවාතැන්පොළක ගත කරමින් සිටින අතරය.

    මාරක ලේ කැටියක් (thrombosis) නිසා හටගත් හෘදයාබාධයක් රජුගේ අභාවයට හේතු විය.

    පිය රජුගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය රැජින බවට පත්ව සිටි සිය බිරිඳට එම ශෝකජනක පණිවුඩය දැනුම් දීමට සිදුවූයේ ෆිලිප් කුමරාටය.

    “ඒ මොහොතේ ෆිලිප් තුළ දක්නට ලැබුණේ ලෝකයෙන් භාගයක්ම ඔහු මත කඩා වැටුණ වගේ ස්වභාවයක්” ඔහුගේ මිතුරෙක් පසු කාලයෙහි විස්තර කළේය.

    1953 පදවි ප්‍රාප්ති උත්සවයේදී සිය බිරිඳ, දෙවැනි එලිසබෙත් රැජිනට ගෞරවය පුද කරන එඩින්බරා ආදිපාදවරයා The Duke of Edinburgh pays homage to his wife, the newly crowned Queen Elizabeth II, during her coronation ceremony, 1953 / Copyright: Getty Images
    රැජින පදවි ප්‍රාප්ත වූ අවස්ථාවේ මුලින්ම ගෞරවය පුද කළේ ෆිලිප් කුමරුය

    නාවික හමුදාවේ කාර්යභාරයෙන් ඉවත් වුණත් ඔහුට ඔහු විසින්ම නිර්මාණය කරගත යුතු නව භූමිකාවක් විය.

    එය කුමක් විය යුතුද? යන සමස්ත ප්‍රශ්නය පෙරට ආවේ එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජිණිය ලෙස ඔටුනු පැළඳීමත් සමඟය.

    එම මෞලි මංගලෝත්සවය ලංවෙද්දී නිකුත් කෙරුණ රාජකීය ආඥාවක් මගින්, රැජින සහභාගි වෙන සියලු අවස්ථාවන්හි ඇය පසුපස ගමන් ගනු ලබන සෙස්සන් අතර ඉදිරි ස්ථානය ෆිලිප් කුමරාට හිමිවිය යුතු බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

    එහෙත් ඔහුට ව්‍යවස්ථානුකූලව කිසිදු පදවියක් හිමි නොවීය.

    රාජ්‍යත්වය නවීකරණයට සහ කාර්යක්ෂම සංවිධිත මට්ටමකට ගෙන එනු ලබන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන් තුළ අදහස් ගොන්නක් වූයේ නමුත් මාළිගයේ පැරණි පරිපාලකයන් ගණනාවක් කෙරෙන් එල්ල වූ වෙනස් කළ නොහැකි විරෝධය හමුවේ ඔහු එකල දිනෙන් දින කලකිරුණ තත්වයකට පත්ව සිටියේය.

    අමිහිරි ගැටුමක්

    ෆිලිප් කුමරු ඔහු සතු ශක්තිය සක්‍රීය සමාජ ජීවිතය වෙනුවෙන් ද යොමු කළ තැනැත්තෙකි.

    ඔහු සහ ඔහුගේ මිතුරු පුරුෂයන් කණ්ඩායමක් ලන්ඩන් නගර මධ්‍යයේ සුප්‍රකට ‘සෝහෝ’ (Soho) කලාපයේ පිහිටි ආපන ශාලාවක ඉහළ මහලේ කාමරවල සතිපතා හමුවූහ.

    ඒවා ප්‍රණීත දිවා ආහාර වේල් සහ රාත්‍රී සමාජ ශාලා සංචාර දක්වා විහිදුණ අතර සමාගම් ප්‍රිය සිය මිතුරු කැල සමග පින්තූරවලට පෙනී සිටීමට නිතරම මෙන් ෆිලිප් කුමරාට සිදු වුණි.

    සිය දරුවන්ට තමාට උරුම පරම්පරා නාමය තැබීමට ඔහු ගෙන ගිය අරගලයෙන් ආදිපාදවරයා පරාජය වූයේ නමුත්, තවත් අතකින් පවුල තුළ සිය බල අධිකාරිය නිදහසේ පවත්වා ගෙන යාමට ඔහුට අවකාශ ලැබී තිබුණි.

    රැජින සහ ෆිලිප් කුමරු 1953 දී මෙයිඩා වේල් ප්‍රදේශයේදී The Queen & Prince Philip in 1953 at Maida Vale / Copyright: BBC
    රාජකීය වල්ලභයා ලෙසින් නව දිවි පෙවෙතකට හද ගැසීමට ඔහුට සිදුවිය

    සිය සැමියා වන ෆිලිප් ආදිපාදවරයාගේ ‘මවුන්ට්බැට්න්’ (Mountbatten) වාසගම නොව දරුවන්ට උරුම විය යුත්තේ ‘වින්ඩ්සර්’ (Windsor) යන සිය වාසගම යයි රැජින විසින් තීන්දු කරනු ලැබීම ආදිපාදවරයාට එල්ල වූ දැඩි පහරක් විය.

    “තමාගේම දරුවන්ට තම වාසගම දායාද කළ නොහැකි වූ මේ රටේ ජීවත්වෙන එකම මිනිසා මමයි,” ආදිපාදවරයා සිය මිතුරන් සමඟ සඳහන් කළේය.

    “මම කිසිම වැදගත් කමක් නැති කාලකන්ණි ඇමීබාවෙක් විතරයි.”

    පියෙක් හැටියට ෆිලිප් කුමරු රළු සහ අසංවේදී චරිතයක් වූ බව පෙනී යයි.

    සිය පියා විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලද තරවටු කිරීම් නිසා තමා යොවුන් වියේ දී කඳුළු සලා ඇති බව චාර්ල්ස් කුමරු ප්‍රකාශ කළ බව ඔහුගේ චරිතාපදානයේ කතුවරයා වන ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) පවසයි.

    පියා සහ වැඩිමහල් පුත්‍රයා අතර සම්බන්ධය පහසු එකක් නොවූ බව ද ජොනතන් ඩිම්බල්බි වැඩිදුරටත් සඳහන් කරයි.

    චරිත ශක්තිය

    වැඩිමහල් පුත් චාර්ල්ස් කුමරුන් ද තමා අධ්‍යාපනය ලද සිය පැරණි ගෝර්ඩන්ස්ටන් (Gordonstoun) පාසලට යා යුතු බවට ෆිලිප් කුමරු බල කළ අතර ඊට හේතු වුණේ සිය පුත්‍රයා තුළ දක්නට වූ එක්තරා ආකාරයක හුදෙකලා ගතිය වෙනස් කිරීමට පාසල් පරිපාලනය ආධාරයක් වේය යන ඔහු තුළ වූ විශ්වාසයයි.

    එහෙත් නිවස මතක් වීම සහ නිතරම වෙනත් සිසුන්ගේ ඉලක්කයක් වෙමින් හිරිහැර ආදියට ගොදුරු වීම නිසා චාල්ස් කුමරු එම පාසලට වෛර කළේය.

    ආදිපාදවරයාගේ ආකල්ප මගින් පිළිබිඹු කෙරුණේ ඇතැම්විට හුදෙකලාව ගත කිරීමට පවා සිදු වූ ළමා කාලයක් සහිත ඔහුගේම ජීවිතයේ දුෂ්කර ස්වභාවයයි.

    චාල්ස් කුමරු Gordonstoun පාසල වෙත පැමිණි අවස්ථාව Prince Charles arrives at Gordonstoun / Copyright: Getty Images
    චාල්ස් කුමරු ‘Gordonstoun’ පාසලේ අධ්‍යාපනය හැදෑරිය යුතු බවට ඔහු අවධාරණය කිරීම පියා සහ පුතා අතර ගැටුමකට තුඩු දුන්නේය

    මුල් අවධියේ පටන්ම ස්වයං පැවැත්මක් සහිතව සිය ජීවිතය ගොඩ නගා ගැනීමට ෆිලිප් කුමරුන්ට සිදු වූ අතර, ඒ සඳහා ඔහු සතුව පැවති ශක්තිය එක සමානව හැම කෙනෙකුම සතු නොවන බව වටහා ගැනීම ඔහුට දුෂ්කර කරුණක් විය.

    ආදිපාදවරයාගේ අවධානයට ලක් වූ එක් ප්‍රධාන දිශාවක් වුණේ යොවුන් දරුවන්ගේ ශුභසාධනයයි.

    ඔහුගේ එම අභිලාෂය මල්පල ගන්වමින් 1956 දී ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර විස්මය දනවන සුළු මට්ටමින් එය අතිසාර්ථක සමාජ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

    සාමූහික සමාජමය ක්‍රියාකාරිත්වය නංවාලීම, මූලාශ්‍රමය දැනුම ලබා ගැනීම කෙරෙහි යොමු කිරීම සහ ස්වභාව ධර්මයට ගරු කිරීම යන ඉලක්ක මත සැලසුම් කොට ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ යටතේ ලොව පුරා වයස අවුරුදු 15-25 අතර සාමාන්‍ය මෙන්ම ආබාධිත ළමුන් ද ඇතුළුව හැට ලක්ෂයක් පමණ යොවුන් වියේ පසු වෙන්නන් පසුගිය කාලය තුළ පාසලෙන් බැහැර ක්‍රියාකාරකම් සඳහා සහභාගී කර ගනු ලැබ ඇත.

    “යොවුන් දරු දැරියන් ඕනෑම ක්ෂේත්‍රයක ක්‍රියාකාරකම් වලට සාර්ථකව සහභාගී කර ගන්න පුළුවන් නම්, එම සාර්ථකභාවයේ සංජානනය තවත් විශාල පිරිසක් වෙත පැතිර යනවා,” ආදිපාදවරයා බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.

    ෆිලිප් කුමරු තමාගේ නිල නාමයෙන් පෙරට යමින් ඇති ‘එඩින්බරා ආදිපාද සම්මාන’ වැඩ පිළිවෙළ සඳහා තම කාලයෙන් වැඩි කොටසක් කැප කරන අතර එම සංවිධානයේ විවිධ උත්සවවලට මෙන්ම දෛනික මට්ටමින් එහි කටයුතු වලට පෞද්ගලික මට්ටමින් තමාම සහභාගි වෙමින් එය පණ ගැන්වීමට දායක විය.

    සදාචාරමය යහපත් දැක්ම

    1961 වසරේ ඉන්දියාවේ සිදු කරන ලද සංචාරයක් අතරවාරයේ ව්‍යාඝ්‍රයකුට වෙඩි තබනු ලැබීම නිසා මහා විරෝධයකට මුහුණ දුන් නමුත්, එඩින්බරා ආදිපාදවරයා පරිසරය සහ වනසතුන් රැක ගැනීම සම්බන්ධයෙන් ද මහත් උනන්දුවෙන් උපදේශාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

    ව්‍යාඝ්‍රයා ජය සංකේතයක් හැටියට දැක්වෙන පිංතූරයක් ප්‍රචාරයට පත්වීමෙන් තත්වය ඉතා නරක අතට හැරී තිබුණි.

    කෙසේවුවද, ආදිපාදවරයා සිය ශක්තිය සහ බලපෑම සැලකිය යුතු මට්ටමින් ලෝක වන සත්ව අරමුදල (WWF) වෙනුවෙන් යෙදවීය.

    පසු කාලයෙහි ‘සොබා දහම සඳහා ජගත් අරමුදල’ යනුවෙන් නම් කෙරුණ එම සංවිධානයේ පළමු සභාපති පදවිය ඔහුට පිරිනමනු ලැබුණි.

    රැජින සමග දස දින ඉන්දීය චාරිකාවක නිරත වූ අවස්ථාවේ Kanha Game රක්ෂිතයේදී අලියෙකු පිට නැගී යන ෆිලිප් කුමරු Philip sits atop an elephant while visiting the Kanha Game Reserve today during his ten day tour of India with the Queen / Copyright: PA
    එඩින්බරා ආදිපාදවරයා ඉතා උනන්දුවෙන් වන සංරක්ෂණ කටයුතුවලට සහභාගි විය

    “අන්‍යෝන්‍ය පැවැත්මක් සහිත මෙවැනි ජෛව විවිධත්වයක් අපි වාසය කරන පෘථිවියේ පැවැත්ම ඉතාම සිත් ගන්නා සුළු දෙයක්ය කියල මම හිතනවා,” ආදිපාදවරයා බීබීසියට ප්‍රකාශ කළේය.

    “මිනිසුන් හැටියට ජීවිතය නැත්නම් මරණය – එසේත් නැත්නම් වඳ වීම හෝ පැවැත්ම සඳහා අපට බලයක් ඇත්නම් අපි එය භාවිත කළ යුතු වන්නේ එක්තරා ආකාරයක සදාචාරමය සංජානනයක් සමග යයි කියල මම හිතනවා. අපි අපේ වඳ වීමට අකැමැති තත්වයක් තුළ වෙනත් දෙයක් වඳ කරන්නේ ඇයි?”

    ඔහු එසේ පවසන අතරවාරයේ වලි කුකුළු වර්ගයක් වන ‘Grouse’ පක්ෂීන් දඩයම යුක්ති සහගත කරනු ලැබීම ඇතැම් පරිසරවාදීන් වික්‍ෂිප්ත කිරීමට හේතු විය.

    “ඔබ ක්‍රීඩාවක් කරනවා නම්, ඔබ හරියටම ගොවියෙක් කරනවා වගේ එය ඊලඟ අවුරුද්ද සඳහාත් පවත්වා ගන්න ඕන. ඔබ එය බෝ කරන්න ඕන. වඳ කරන්න නරකයි.”

    කෙලින් කතා කිරීම

    ඉහත කී ආකාරයේ මතභේදාත්මක අවස්ථා මතු වුනත්, ලෝකයේ වනාන්තර සංරක්ෂණය සඳහා කැපවීම සහ විනාශකාරී මත්ස්‍ය දඩයමට එරෙහිව ගෙන ගිය මතවාදය වෙනුවෙන් ආදිපාදවරයා ලොවෙන් බුහුමන් ලැබීය.

    දැනට ‘Work Foundation’ යනුවෙන් හැඳින්වෙන කාර්මික සමාජයේ භාරකරු හැටියට කටයුතු කිරීමෙන් සහ කර්මාන්ත ශාලාවන්හි සංචාරය කිරීම මගින් ඔහු කර්මාන්ත අංශය කෙරෙහි ඔහු තුළ පැවති උනන්දුව ප්‍රදර්ශනය කළේය.

    ආදිපාදවරයාගේ කෙළින් කතා කිරීමේ ගුණාංගය ඇතැමුන් විසින් අර්ථකථනය කරනු ලැබ තිබෙන්නේ ‘නොසැබියාවක්’ හැටියටය.

    The Duke of Edinburgh is seen trying the passenger's seat of the new 3.5 litre Jaguar XKSS sports car during his visit to the Motor Industry Research Association's headquarters near Nuneaton, Warwickshire / Copyright: PA
    ඔහු බ්‍රිතාන්‍ය කර්මාන්ත ගැන දැඩි උනන්දුවක් දැක්විය

    එවැනි ප්‍රකාශන නිසා ඇතැම් අවස්ථාවන්හි ඔහු දුෂ්කර තත්වයන්ට පවා මුහුණ දී ඇත.

    විශේෂයෙන්ම ආදිපාදවරයා තත්වය වරදවා තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ‘කීර්තියක්’ ලැබ ඇත්තේ විදේශ සංචාරයන්හි දී කරන ලද ප්‍රකාශන සමඟය.

    1986 වසරේ රැජින සමඟ චීනයේ නිරත වූ සංචාරය අතරවාරයේ ඔහු කාගේත් විනෝදයට හේතු වූ ප්‍රකාශයක් කර තිබුණි.

    “දිග හීන් ඇස්” ගැන ආදිපාදවරයා එම ප්‍රකාශය කර තිබුණේ තමාට සිතෙන දෙයක් පිළිබඳ පෞද්ගලික අදහස් පළකිරීමක් හැටියටය.

    එම ප්‍රකාශය චීනය තුළ අවුලක් නිර්මාණය නොකළත් ‘ටැබ්ලොයිඩ්’ පුවත්පත්වලට එය සමාජමය කැළඹීමක් ඇති කළහැකි විශාල මාතෘකාවක් වුණි.

    2002 වසරේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ එඩින්බරාහි ආදිපාදවරයා එරට මුල් පදිංචිකරුවන් වන ‘ඇබෝරිජීන්’ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවක මෙවැනි විමසීමක් කළේය.

    “නුඹලා තවමත් එකිනෙකාට හෙල්ල විසි කර ගනිමින් සිටිනවා.”

    ගැටුම්කාරී තත්වයන්

    ඉහත සඳහන් කරන ලද ආකාරයේ ප්‍රකාශන නිසා ආදිපාදවරයා ඇතැම් කොටස්වල දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන අතරවාරයේ අනිත් අතින් තවත් කොටසක් දේශපාලන නිර්දෝෂීභාවය මගින් හණමිටිකාරයකු බවට පත්වීම බැහැර කරනු ලැබීමෙන් මතු වූ ඔහු තුළ වූ මිනිසා දුටුවෝය.

    සැබවින්ම, ඔහුගේ ඇතැම් ප්‍රකාශන බොහෝ දෙනකු විසින් දකින ලද්දේ, සිතට සහනයක් ලබා දීමට සහ තමා සමග ගත කරන පුද්ගලයන් අතර සතුටක් ජනනය කිරීමට කියන ලද දෙයක් මිස ඊට වඩා වැඩි දෙයක් නැති “ප්‍රමාද දෝෂයෙන්” කියවුන වචන හැටියටය.

    සිය මුළු මහත් ජීවිත කාලය පුරාම පිලිප් කුමරු ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.

    ඔහු ඔරු පැද්දේය. ක්‍රිකට් ක්‍රීඩා කළේය. පෝලෝ ක්‍රීඩාවේ නිරත වුණේය. අස් රිය පැදවීමේ ශූරයකු ද විය. අශ්වාරෝහකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති පදවියේ ඔහු වසර ගණනාවක්ම කටයුතු කළේය.

    ෆිලිප් කුමරු පෝලෝ ක්‍රීඩා කළ අවස්ථාවක් Prince Philip playing polo / Copyright: PA
    ඔහු විශේෂයෙන්ම පෝලෝ ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දැක්විය

    ආදිපාදවරයා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අතර පැවති ගැටුම ලෝකයට හෙළිදරව් වුණේ ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) විසින් රචනා කරන ලද ‘චාල්ස් කුමර චරිතාපදානය’ දොරට වැඩීමත් සමගය.

    එහි දැක්වෙන ආකාරයට ඩයනා කුමරිය විවාහ කර ගන්නා ලෙස චාල්ස් කුමරුන්ට බල කරනු ලැබ ඇත්තේ ඔහුගේ පියා වන ආදිපාදවරයා විසිනි.

    එහෙත් සිය දරුවන්ගේ විවාහ කැඩී ඉහිරී ඔවුන්ගේ පවුල් විසිර යමින් පැවති අවුරුදුවල එඩින්බරාහි ආදිපාදවරයා, බොහෝ විවේචකයන් විසින් දැක තිබුණ මට්ටමට වඩා ඔහුගේ දරුවන්ගේ පවුල් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කර ඇත.

    රජ පවුලෙන් විවාහයක් කර ගැනීම තුළින් තමා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ස්වීය මතකයන් විසින් සමහර විට ඇති කෙරුණ උත්තේජනය විසින් ආදිපාදවරයා එම ප්‍රශ්න තේරුම් ගැනීමේ ප්‍රයත්නයක ගැලී සිටියේය.

    වන්දනා ගමනක්

    එඩින්බරාහි ආදිපාදවරයා තම දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනකුගේම-වැඩිමහල් චාර්ල්ස් කුමරු, දියණිය ඈන් කුමරිය සහ දෙවන පුත් ඇන්ඩෘ කුමරු- විවාහ ජීවිත අසාර්ථක භාවයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලට පත් විය.

    එහෙත් එවැනි පෞද්ගලික කාරණා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ප්‍රතික්ෂේප කළ ආදිපාදවරයා “තමා එවැනි කරුණු පිළිබඳව ඉන් පෙර කතා නොකළා සේම ඉදිරි කාලයේදීත් එම පිළිවෙතේම රැඳී සිටින,” බව 1994 වසරේ පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

    ඊළඟ අවුරුදුවල ආදිපාදවරයාගේ ජීවිතයේ මුහුණුවර තුළින් පෙන්නුම් කෙරෙන්නේ එක්තරා ආකාරයක අමිහිරි ස්වභාවයකි.

    එය ඔහු වැඩි වශයෙන් විදේශ සංචාරයන්හි නිරත වූ කාල පරිච්ඡේදයකි.

    එඩින්බරා ආදිපාදවරයා (වමේ) අශ්ව කරත්ත පැදීමේ ක්‍රීඩාවක නිරත වෙමින් The Duke of Edinburgh (left) takes part in the Pony-Four-in-Hand / Copyright: PA
    අශ්ව කරත්ත පැදීම ආදිපාදවරයා ප්‍රිය කළ ක්‍රීඩාවක් විය

    සොබා දහම සඳහා වූ ලෝක වන සත්ව අරමුදලේ කටයුතු සඳහා මෙන්ම රැජින සමග සිදු කරන ලද විදේශ සංචාර ඊට ඇතුලත් විය.

    ආදිපාදවරයා 1994 වසරේ ජෙරුසලමේ සංචාරයක නිරත විය.

    එහි අරමුණ සිය මවගේ අපේක්‍ෂාව අනුව ඇය මිහිදන් කෙරුණ සොහොන් කොත කරා යාමය.

    1995 වසරේ උදා වූ යුද විරු පනස්වැනි සංවත්සරය (VJ Day) ඔහුගේ ජීවිතයේ තවත් සංවේදී දිනයකි. දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාව සටහන් කරමින් ජපානය සිය යටත් භාවය ප්‍රකාශයට පත් කරන ලද මොහොතේ පිලිප් කුමරු ‘තෝකියෝ’ බොක්කේ බ්‍රිතාන්‍ය ප්‍රහාරක නෞකාවක යුද සේවයේ නිරතව සිටියේය.

    දෙවන ලෝක මහා සංග්‍රාමය ජයග්‍රහණය කිරීමේ පනස් වෙනි සංවත්සරය නිමිත්තෙන් ලන්ඩන් නගර මධ්‍යයේ (The Mall) පැවැත්වුන ආචාර පෙළපාලිය පිළිගනිමින් එලිසබෙත් රැජින බලා සිටියදී පිලිප් කුමරු ඈත පෙරදිග යුද මෙහෙයට සහභාගි වූ සිය යුද විරු සගයන් සමඟ එක්ව එහි ගමන් ගත්තේය.

    හිතෛෂී ස්වරයක්

    යටත් වූ ජපානයේ යුද සිරකරුවන් සම්බන්ධයෙන් ෆිලිප් කුමරුන්ගේ දයාව පළ විය. ඔවුන්ට සිදු කළ දේ ගැන සමාව දිය නොහැකි බව ඔහුගේ මතය විය.

    ඩයනා වේල්ස්හි කුමරියගේ අභාවයත් සමඟ රජ පවුල සම්බන්ධයෙන් මතු වෙමින් පැවති එදිරිවාදී මහජන ආකල්ප හමුවේ එඩින්බරාහි ආදිපාදවරයා තුළ පැවති රළු පුරුෂභාවය මෘදු අතට හැරුණ අවුරුදු කීපයක් පසු කාලයෙහි දක්නට ලැබෙයි.

    සිය ලේලිය සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක පිහිටා කටයුතු කළ බවට එල්ල වෙමින් පැවති විවේචන නිෂ්ක්‍රීය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන්, එඩින්බරාහි ආදිපාදවරයා සහ ඩයනා කුමාරිය අතර හුවමාරු වූ ලිපි කීපයක් 2007 වසරේ දී ප්‍රසිද්ධ කරනු ලැබුණි.

    ආදිපාදවරයා වේල්සයේ කුමරිය, ඩයනා සමග The Duke with Diana, Princess of Wales / Copyright: Rex Features - NB Syndication restricted
    ඔහු වේල්සයේ කුමරිය, ඩයනාට ප්‍රබල ශක්තියක් විය

    ආදිපාදවරයා සිය ලේලිය වූ ඩයනා කුමරියට විශාල සහයෝගයක් දී ඇති බව “ආදරණීය පියා වෙත” (Dear Pa letters) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ලියුම් මගින් පෙන්නුම් කෙරෙයි.

    වේල්ස් කුමරිය එම ලිපි මගින් සිය මාමණ්ඩියට දැඩි හිතෛෂී ස්වරයකින් ආමන්ත්‍රණය කරන්නීය.

    ඩයනා කුමරියගේ අවසන් පෙම්වතා වූ ඩොඩී ගේ පියා වන මොහාමඩ් අල් ෆයඩ් ඩයනා කුමරියගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් එය ෆිලිප් කුමරාගේ නියෝගයක් අනුව සිදු කෙරුණ ඝාතනයක් ලෙස හඳුන්වා දුන්නත් එම අදහස මරණ පරීක්ෂකවරයා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

    එඩින්බරාහි ආදිපාද ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය සමාජ කේන්ද්‍රයේ තමා විසින්ම තමා ස්ථානගත කරන ලද ස්ථිරසාර අභිලාෂයක් සහිත නිදහස් මිනිසකු විය.

    කාර්යක්ෂම චරිතයක්

    ෆිලිප් කුමරු ඔහුට අයත් භූමිකාව නිසාම හැමවිටම දෙවැනි ස්ථානය හිමි වූ ස්වභාවික නායකයෙකි.

    “මම මට හොඳම දේය කියල හිතන දේවල් කළා පමණයි” ආදිපාදවරයා බීබීසියට වරක් ප්‍රකාශ කළේය.

    “මගේ අභිලාෂයන්, එහෙමත් නැත්නම් මම කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරය, මම කටයුතු කරන ආකාරයේ සමස්ත ස්වභාවය ක්ෂණිකව එක්වරම වෙනස් කරන්න මට බැහැ. ඒක මගේ ස්වභාවය.”

    2011 වසරේ ආදිපාදවරයාගේ අනූවෙනි උපන්දින සමරුව උදාවේ ඔහුට උපහාරය පළ කළ එවකට අගමැති ඩේවිඩ් කැමරන් විසින් ඉහත කී චරිත ස්වභාවය පිළිගනු ලැබ ඇත.

    එලිසබෙත් රැජින සහ ෆිලිප් කුමරු 2007 දී බ්‍රෝඩ්ලන්ඩ්ස ප්‍රදේශයේ සක්මන් කරමින් Queen Elizabeth and Prince Philip walk at Broadlands in Romsey, 2007 / Copyright: PA
    රැජින ඔහු විග්‍රහ කළේ සිය ශක්තිය සහ රුකුල ලෙසිනි

    “බ්‍රිතාන්‍ය ජනතාව වෙනුවෙන් ආදිපාදවරයා හැම විටම ඔහුටම ආවේණික මාවතක ප්‍රායෝගිකව කටයුතු කළා. ඔහු දක්ෂ ඍජු, නිරහංකාර, අනම්‍ය චරිතයක්. මම විශ්වාස කරනවා – ඔහුගේ කාර්යභාරය ආකර්ෂණීයයි,” හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත.

    බ්‍රිතාන්‍ය ජීවිතය කෙරෙහි මහා දායකත්වයක් සැපයීම අතින් පිලිප් කුමරු සිය පදවිය සාර්ථකව උපයෝගි කර ගත්තේය.

    එසේම වෙනස්වන සමාජ ආකල්ප සමග රාජ්‍යත්වය අනුගත කිරීමට ඔහුගේ භූමිකාව මහෝපකාරී විය.

    ඒ සියල්ලටම වඩා ආදිපාදවරයා ගේ සුවිශාල ජයග්‍රහණය වන්නේ සිය බිරිඳ වන බ්‍රිතාන්‍ය රැජිනගේ දීර්ඝ වූ පාලන කාලය පුරා ඇය වෙනුවෙන් නිසැකව ,අඛණ්ඩව සහ ශක්තිමත් ලෙස දෙන ලද සහයෝගයයි.

    ආදිපාදවරයා තම කාර්යභාරය ලෙස විශ්වාස කළ ඔහුගේ අභිප්‍රාය සිය චරිතාපදානයේ කතුවරයා සමග මෙසේ සඳහන් කළේය.

    “රැජිනගේ පාලනය සහතික කිරීම.”

    රාජකීය යුවළ විවාහප්‍රාප්ත වීමේ පනස්වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුන උත්සවයේ දී කතා කළ එලිසබත් රැජින බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝම කාලයක් රාජකීය වල්ලභයා වෙමින් වාර්තාවක් තැබූ සිය සැමියාට මෙසේ සිය උපහාරය පළ කළාය.

    “ඔහු ප්‍රසංශා අභිනන්දන පහසුවෙන් භාර ගනු ලබන තැනැත්තෙක් නොවෙයි. එහෙත් ගත වූ අවුරුදු රාශිය පුරා මගේ ශක්තිය වී රැඳී සිටිමින් ඔහු ඉතා සරල චරිතයක් වුනා. මමත් ඔහුගේ සමස්ත පවුලත්, මේ රට සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලුත් ඔහුට සදහටම හිමි වෙන, එසේත් නැත්නම් අප සදහටම දන්නා තරමටත් වඩා ප්‍රමාණයකින් විශාල පරිමාණයෙන් ඔහුට ණයගැතියි.

  • මුළු ලෝකයම Covid-19 එන්නත් කිරීමට කොපමණ කාලයක් ගත වේද ?

    මුළු ලෝකයම Covid-19 එන්නත් කිරීමට කොපමණ කාලයක් ගත වේද ?

    “එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි.

    එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි.

    “නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් – එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව – සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි.”

    මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත පියවර තැබීමට එන්නත් මගින් විශාල කාර්යභාරයක් ඉටුවන බව අප දනිමු. එය එසේ වී නමුදු, කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය.

    උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත් නිකුත් වූ වහාම එහි සැපයුම් අත්පත් කර ගැනීමට ඇතැම් රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් තරග වදින්නට පටන් ගත්හ. මෙම “එන්නත් ජාතිකවාදය” නිසා දිළිඳු රාජ්‍යයන් පෝලිමේ පසුපසට තල්ලු කෙරිණ.

    එමෙන්ම, එන්නත් පිළිබඳව පවතින දෙගිඩියාව, නිෂ්පාදන අවහිරතා සහ සැපයුම් දුෂ්කරතා වැනි බාධක කොවිඩ් 19 එරෙහි අවසාන අභිමතාර්ථය ඉටු කර ගැනීම ඉදිරියේ හරස් වී සිටිති.

    මෙම මාර්ග බාධක සැලකිල්ලට ගතහොත්, කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී මුළු ලෝකයම එන්නත් කිරීමේ වැඩසටහන ඵල දැරීමට තව කොපමණ කාලයක් ගතවිය හැකිද?

    එන්නත් බෙදාහැරීම් සිදුවන්නේ කෙසේද?

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස්
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස්

    කොරෝනා වසංගතයට එරෙහිව මිනිසුන් එන්නත් කිරීමේ වැඩසටහන බොහෝ රටවල් ආරම්භ කර තිබේ. නමුත්, ඉල්ලුම සහ සැපයුම අතර අසමතුලිතතාවක් පවතී.

    මේ වන විට රටවල් 138ක් පුරා එන්නත් මාත්‍රා මිලියන 565ක් ශරීරගත කර හමාරය. Our World in Data (OWID) සපයා ඇති සංඛ්‍යාලේඛන අනුව, මාර්තු 30 වැනිදා දිනය තුළ දී පමණක් දල වශයෙන් මාත්‍රා මිලියන 13.9ක් එන්නත් කර තිබේ.

    සමස්ත සංඛ්‍යාව ගත් කළ එය විශාල ප්‍රමාණයක් සේ දැනෙන්නට පුළුවන. නමුත් බිලියන 7.8කට ආසන්න වූ ලෝක මිනිස් ගහනය සලකා බලන විට මෙම ප්‍රමාණය සෑහෙන්නේ පෘථිවිය මත සිටින මානව සංහතියෙන් 7.2%කට පමණි. එයද පළමු මාත්‍රාව සඳහා පමණි.

    දැනට පවතින වේගයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් දිගටම දියත් වුවහොත් මුළු ලෝකයම එන්නත් කර හමාර වීමට තවත් වසර තුනකට අධික කාලයක් ගතවනු ඇත. දැනට පවතින එන්නත් සියල්ලම පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වීමට නම් සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් බැගින් ලබා දිය යුතු බව විශේෂයෙන් ම සිහි තබා ගත යුතුය.

    The Economist Intelligence Unit (EIU) විශ්වාස කරන්නේ, දියුණු ආර්ථිකයක් සහිත රටවල සිටින වැඩිහිටි පරම්පරාව සම්පුර්ණයෙන් එන්නත් කිරීම 2022 වසරේ මැද භාගය වනවිට හමාර කළ හැකිවනු ඇති බවය.

    මැදි ආදායම් සහිත රටවලට මෙම ඉලක්කය සපුරා ගත හැකිවන්නේ 2022 අග භාගයේ හෝ 2023 මුල් භාගයේදී ය. ලොව දිළිඳු රටවල් 2024 තෙක් බලා සිටිය යුතු වේ. එය ද සපුරා ගත හැකි වන්නේ එම රටවල මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් දියත් කිරීමක් සිදු වුවහොත් පමණි.

    භාවිත කරමින් පවතින්නේ කුමන එන්නත් ද?

    Queues at a vaccine centre in Kuwait
    කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය

    මුලින් ම අනුමැතිය ලැබුණේ Pfizer-BioNTech එන්නතට ය. ඊට මුල්ම අනුමැතිය හිමි වූයේ එක්සත් රාජධානියෙනි. ඒ පසුගිය දෙසැම්බර් 2වැනිදා ය. අනතුරුව එක්සත් ජනපදය, යුරෝපා හවුල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අනුමැතිය ලබා දුන්හ.

    ඉන් පසුව තවත් එන්නත් වර්ග කීපයක් අනුමත විය. එක්සත් ජනපදයේ නිෂ්පාදිත Moderna, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ AstraZeneca, චීනය නිපදවූ එන්නත් දෙකක් වන Sinopharm සහ Sinovac මෙන්ම රුසියාවේ නිෂ්පාදිත Sputnik V මෙසේ අනුමැතිය ලද එන්නත් අතර විය.

    තවත් එන්නත් දෙකක සායනික අත්හදා බැලීම් පිළිබඳ වාර්තා මෑතකදී ඉදිරිපත් වුණි. ඒ Janssen සහ Novavax ය. එම සායනික වාර්තා ඖෂධ නියාමන අධිකාරීන් විසින් මේ වන විට සමාලෝචනය කරනු ලබමින් පවතී.

    රෝග ව්‍යාප්තිය, රෝහල්ගත කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය සහ කොවිඩ් මරණ සංඛ්‍යාව එන්නත් ලබා දීම මගින් අඩු වන බවට එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය වැනි රටවලින් බලාපොරොත්තු තැබිය හැකි යහපත් ලකුණු පළවී තිබේ.

    තවත් එන්නත් වර්ග 200කට අධික ප්‍රමාණයක් ලොව පුරා තවමත් සායනික අත්හදා බැලීම් සිදු කරමින් සිටී. එම එන්නත් ප්‍රමාණය අනුමැතිය ලබා නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසුනහොත් ලෝකය එන්නත් කිරීමේ වැඩසටහන් අතිශයින් වේගවත් වනු ඇත.

    නමුත්, එන්නත් නිර්මාණය කිරීම සඳහා දැරූ උත්සාහය පෙර නොවූ විරූ මට්ටමකින් සිදු වුවද, වාර්තාගත කාල පරාසයක දී අනුමත වී නිෂ්පාදනය වුවද ඒවා ලොව පුරා දියත් කිරීම විවිධ බාධක නිසා අතිශය අසමතුලිත මට්ටමකින් සිදුවෙමින් පවතී.

    “එන්නත් ජාතිකවාදය” යනු කුමක් ද?

    Queue outside vaccine centre in Nice, France
    ”මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවයක්”

    “එන්නත් ජාතිකවාදය” යන යෙදුම භාවිත වන්නේ, එන්නත් සැපයුම අනුන්ගේ වියදමින් තම ජනතාව වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය.

    ඖෂධ නිෂ්පාදනය කරන රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට බොහෝ ධනවත් රාජ්‍යයන් පෙළඹී ඇත.

    උදාහරණයක් ලෙස දක්වතොත්, මාත්‍රා දෙකම ලබා දීම සඳහා තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ. ඊට අමතරව එක්සත් ජනපදයේ ඉතිරිවන AstraZeneca එන්නත් තොගයෙන් කොටසක් ද කැනඩාවට ලබා දීමට නියමිතය.

    එක්සත් රාජධානිය ද එන්නත් ගොඩගසා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක එන්නත් ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට ප්‍රවේශය පවතින බව Wellcome සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙරමි ෆරාර් පවසයි.

    “අපේ දේශ සීමාවෙන් එහා පිළිබඳවත් හිතන්නට අප පටන් ගත යුතුයි. මෙතරම් මාත්‍රා ගණනක් එක්සත් රාජධානිය තුළ භාවිතා කෙරෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් එන්නත් අත්‍යවශ්‍යව සිටින අය සමඟ අපි මේවා බෙදා ගැනීම අප ආරම්භ කළ යුතුයි.”

    “මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවක්.” ඔහු තවදුරටත් පැවසීය.

    තම භූමි කලාපය තුළ නිෂ්පාදනය කෙරෙන එන්නත් සඳහා අපනයන සීමා පැනවීමට යුරෝපා හවුල ද තර්ජනය කරමින් සිටින්නේ තම රටවල ජනතාව එන්නත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන්වලට ද අවශ්‍ය පමණට එන්නත් නොමැතිවීම හේතුවෙනි.

    A man in a Canada jacket showing thumbs up at a vaccine centre
    තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ

    මේ සියල්ලගෙන් ම පෙනී යන්නේ මෙම වටිනා එන්නත් සැපයුම ධනවත් රටවල් අතළොස්සක් තුළ අගුලු දමා ඇති බවය; සාධාරණ ලෙස දිළිඳු රටවල් සමඟ බෙදා ගැනීමට අපොහොසත් වී ඇති බවය.

    Gavi නමින් හැඳින්වෙන එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පසුගිය සතියේ කියා සිටියේ “2009දී (සූකර උන එන්නත) සිදු වූ ආකාරයටම එන්නත් ජාතිකවාදය දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට ආණ්ඩු ක්‍රියා කළහොත් සහ වැඩිම ලංසුවට පමණක් කොවිඩ් එන්නත ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගතහොත් එයින් සිද්ධ වෙන්නේ මෙම අර්බුදය තවත් දිගු වීම පමණයි,” යනුවෙනි.

    “පෝලිමේ අග සිටින සියලුම රටවලට පවා එන්නත් ලබාදීමට පොරොන්දු වුනත්, ඒවා ලොව පුරා බෙදා හැරීම පමා කිරීම නිසා කොරෝනා වෛරසය දිගටම සංසරණය වෙමින්, වෙනත් ප්‍රභේද ඇතිවෙමින් තවත් ශක්තිමත් වෙනවා.”

    එන්නත යැවෙන්නේ යා යුතු තැනට ද?

    Men in hi-vis jackets dealing with a vaccine delivery
    Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය

    ඇතැම් මැදි ආදායම් ලාභී රටවල් සහ බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් එන්නත් මාත්‍රා බිලියන 6ක් දිළිඳු රටවලට ලබාදීමට නියමිතය. ඉන් බිලියන 2ක් 2021 වසර තුළදී ම ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි.

    Gavi එන්නත් සන්ධානය පවසන පරිදි Covax මාත්‍රා මිලියන 79ක් රටවල් 70කට යවා ඇත. එහි අලුත්ම බෙදා හැරීම් ටොන්ගා රාජ්‍යයට සහ ට්‍රිනිඩෑඩ් – ටොබැගෝ වෙත ලැබෙමින් පවතී.

    ජන සමූහ වශයෙන් එන්නත් කිරීම සඳහා අප්‍රිකානු රටවලට හැකියාවක් ලැබෙන්නේ අවසානයට ය. ඔවුන්ට යැපෙන්නට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් ලබා දෙන එන්නත් මතය.

    Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය. ඒ පසුගිය මාසයේදී ය. නමුත් මිලියන 31ක් වූ ජනගහනයක් සහිත ඝානාවට ලැබුණේ Covax මාත්‍රා ලක්ෂ 6ක් පමණි.

    බීබීසී අප්‍රිකානු සේවයේ සෞඛ්‍ය සංස්කාරක ඈන් මවාතේ කියා සිටියේ නිෂ්පාදනයට පෙර ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත් සඳහා බටහිර රටවලට වඩා වැඩි මිලක් ගෙවීමට අප්‍රිකානු රටවලට සිදුවිය හැකි බවය.

    ඇය තවදුරටත් පැවසුවේ, ලොව පුරා එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පේටන්ට් අයිතිය මුදා හරින ලෙස ඖෂධ සමාගම්වලින් ඇතැමුන් ඉල්ලීමක් කර ඇති බවය. නිෂ්පාදනය වැඩි කරගැනීම මෙන්ම අඩු මුදලකට එන්නත් ලබාගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත.

    “නමුත් සමාගම් ඊට එකඟ වෙලා නැහැ. ඔවුන් දන්නවා එහෙම වුනොත් ඔවුන්ගේ ලාභය අඩු වෙන බව.”

    අලුත් ප්‍රභේදවලට එන්නත ඵලදායී වේද?

    A woman dealing with a Covax delivery
    බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය

    වෛරසයේ නව ප්‍රභේද මතුවනු ඇති බවට අපේක්ෂිතය. සෑම වෛරසයක් ම තම පැවැත්ම සහ ව්‍යාප්තිය සඳහා සිය අනුපිටපත් බිහි කිරීමේදී වෙනස්වීම් වලට භාජනය වෙයි. ඉන් නව ප්‍රභේද ඇතිවෙයි.

    බොහෝ ප්‍රභේද එතරම් හානිකර නොවේ. නමුත් යම් අවස්ථාවක ඉතා ශක්තිමත් ප්‍රභේදයක් ඇතිවිය හැකිය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේද ඊට උදාහරණ වෙති.

    මෙම ප්‍රභේද මගින් රෝගය වඩාත් මාරාන්තික කරන බවට තවමත් සාධක නොමැත. දැනට පවතින එන්නත් කෙටි කාලීනව හෝ ඊට ඵලදායී වනු ඇති බව බොහෝ විශේෂඥයන්ගේ මතය වී තිබේ.

    නමුත්, කොවිඩ් 19 පරීක්ෂාවකින් තොරව ලොව පුරා ව්‍යප්තවන්නට ඉඩ සැලසුවහොත් දැනට පවතින එන්නත් වලට අවනත නොවන ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය මතුවී තිබේ. එසේ වුවහොත් දැනට එන්නත් වී සිටින ජනයා වුවද නැවතත් රෝගාතුර විය හැකිය.

    එවැනි අවස්ථාවකදී දැනට පවතින එන්නත් නව ප්‍රභේදයට සරිලන පරිදි සති කීපයකින් හෝ මාස කීපයකින් යළි සංවර්ධනය කළ හැකි බව විශේෂඥයෝ පවසති.

    එසේ වුවහොත් නව ප්‍රභේද සඳහා තැනෙන නව එන්නත් වසරක් පාසා ලබා ගැනීමට ජනතාවට සිදුවනු ඇත. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මේ ආකාරයට එන්නත් ලබා දෙනු ඇත.

    එන්නත් පිළිබඳ දෙගිඩියාව කුමක්ද?

    A person sits in the waiting area of a vaccination centre in Nuremberg, southern Germany
    එන්නත් පිළිබඳ වැඩි දෙගිඩියාවක් පවතින ජර්මනියේ එන්නත් මධ්‍යස්ථානයක්

    මුළු ලෝකයම එන්නත් කිරීමේ දී “එන්නත් දෙගිඩියාව” ද විශාල බලපෑමක් සිදු කරනු ඇත.

    ඇතැම් ධනවත් රටවලට එන්නත් නොඅඩුව ලැබුණත් ඒ පිළිබඳව පවතින ජන අනවබෝධය හේතුවෙන් ඊට බාධා ඇතිවී තිබේ.

    උදාහරණයක් ලෙස, ජපානයේ සහ ප්‍රංශයේ මෑතක දී සිදු කරන ලද මත විමසීමකින් හෙළිවී ඇත්තේ එම රටවල ජනගහනයෙන් අඩක් පමණ එන්නත ලබාගැනීමට අකමැති බවය.

    තුන්වන රැල්ලක් අත්විඳිමින් සිටින ජර්මනිය සහ ඉතාලිය සති කීපයකට පසුව AstraZeneca එන්නත ලබා දීම අත්හිටුවීමට පියවර ගත් අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළෝය.

    දියුණු රටවල පවතින මෙම දෙගිඩියාව දිළිඳු රටවලින්ද මතුවිය හැකිය. විශේෂයෙන් ම එන්නත් බෙදා හැරීම පමා වීමේ දී එවැනි දෙගිඩියාවන් මතුවීමේ ඉඩකඩ වැඩි වනු ඇත.

    ඇතැම් රටවල – විශේෂයෙන්ම තරුණ ජන විකාශය වැඩි රටවල – රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් (ජනගහනයෙන් වැඩි පිරිසකට රෝගය වැළඳී ප්‍රතිශක්තිය ඇතිවී තිබෙන බැවින්) හෝ ඊට වැය වන මුදල ඉතා ඉහළ නම් එන්නත ලබා ගැනීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවනු ඇත.

    Economist Intelligence ඒකකයේ පුරෝකථන අධ්‍යක්ෂිකා අගතේ ඩෙමාරයිස් කියා සිටියේ “මුළු ලෝකයම එන්නත් කිරීම 2022 අගභාගය සහ 2023 දක්වා ඇදී යනු ඇති අතර සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවතින හෙයින් අවදානම ඉහළ යනු ඇති” බවය.

    “එවැනි තත්ත්වයක් ඇති වුණොත් ලෝක ආර්ථිකය යථා තත්වයට පත්වීම තවත් පමා වන අතර වෛරසයේ නව ප්‍රභේද ඇතිවී එන්නත්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වී අපව නැවතත් කලින් පැවති නරක තත්ත්වයටම පත්වෙනවා.”

    බොහෝ දෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, විශේෂඥයන් පවසන පරිදි, මෙම වසංගතය නිමා කිරීම සඳහා පවතින හොඳම අවස්ථාවට එයින් දැඩි බලපෑමක් ඇතිවනු ඇත.

    ‘සමූහ ප්‍රතිශක්තිය’ (Herd Immunity)

    A person in PPE draws the vaccine from a vial into a syringe
    කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින්…

    ‘සමූහ ප්‍රතිශක්තියට’ ළඟා විය හැක්කේ ජනගහනයෙන් සැලකිය යුතු වැඩි පිරිසකගේ ශරීරයේ අදාළ රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඇතිවීමෙන් පසුවය. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ එන්නත් කිරීම මගිනි. එවිට එම පිරිස හරහා රෝගය ව්‍යාප්ත නොවීම හේතුවෙන් අනෙක් ජන පිරිස ආරක්ෂා වනු ඇත.

    මෙය රෝගයෙන් රෝගයට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, සරම්ප රෝගය සඳහා ජනගහනයෙන් 95%ක් එන්නත් කළ යුතුය. නමුත් පෝලියෝ සඳහා අවශ්‍ය වන්නේ ජනගහනයෙන් 80%ක් එන්නත් කිරීම ය.

    කොවිඩ් 19 අලුත්ම තර්ජනයක් බැවින් ඒ සඳහා සමූහ ප්‍රතිශක්තිය සැපිරීමට අවශ්‍ය වන ප්‍රතිශතය කෙතරම්දැයි තවම නොදනී. නමුත් එය 70%ක් පමණ විය හැකි බවට වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති.

    කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින් මෙම ප්‍රතිශත අගය ඉහළට තල්ලු කිරීම සඳහා විශේෂඥයෝ සීරුවෙන් කටයුතු කරමින් සිටිති.

    එම අගය පිළිබඳව තිබූ තක්සේරුව කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ දමමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුචි පිළිගත් අතර එය 70% සහ 90% අතර විය හැකි බව ඔහුගේ විශ්වාසයයි.

    එන්නතකින් කොවිඩ් 19 මුලින් උපුටා දැමිය හැකිද?

    එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි වරක් මාධ්‍යයට පවසා තිබුණේ, කොවිඩ් 19 ලොවින් සදහටම තුරන් කිරීමට ඇති සම්භාවිතාව “බින්දුවට ආසන්න බැවින් කිසිදු වෙනසක් නොවන තරම්” බවය.

    “අපිට සදහටම තුරන් කරන්න පුළුවන් වුණේ එකම රෝගයයි. ඒ වසූරිය රෝගය. එය කළ හැකි වුනේ ආශ්චර්යමත් ලෙස ඵලදායී වූ එන්නතක් සමඟ ඉතා දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන්.” මහාචාර්ය ක්‍රිස් විටි තවදුරටත් පැවසීය.

    නමුත් ඉන් අදහස් කෙරෙන්නේ එන්නත් කිරීමෙන් පලක් නොවන බව නොවේ. අර්ධ වශයෙන් ජනගහනය එන්නත් කිරීම මගින් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් නව වෛරස් ප්‍රභේද ඇතිවන තත්ත්වයක් උදා විය හැකිය.

    Young women cheering in the crowd at a music event
    ආසාදිතයන් වාර්තාවීම නතර වූ බැවින් 2020 ජුනි මාසයේ දී නවසීලන්තය කොවිඩ් සීමා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කළේය

    වොෂින්ටන් සරසවියේ ක්‍රිස්ටෝෆර් මරේ සහ සනීපාරක්ෂාව සහ නිවර්තන කලාපීය ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ පීටර් පියෝට් විසින් ලියනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරු අඟවා ඇත්තේ ලොව පුරාම කොවිඩ් එන්නත ලබා දීම අතිශය වේගවත්ව කළ යුතුව පවතින බව පවසමිනි.

    “නොනැසී පවත්නා සහ සෘතුමය කොවිඩ් 19 රෝගයක් ඉදිරියේදී ඇතිවීම යථාර්ථයක්.” ඇමරිකානු වෛද්‍ය සම්මේලනයේ සඟරාවට ඔවුන් සැපයූ ලිපියේ සඳහන් වේ. ඔවුන් නිර්දේශ කරන්නේ, කොවිඩ් 19 පාලනය කිරීම සඳහා පළමු පියවර ලෙස මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන් ගෝලීය වශයෙන් අධි වේගයකින් දියත් කළ යුතු බවය.

    කොවිඩ් එන්නත් ලබා දීමේ මූලික ඉලක්කය වී ඇත්තේ ජීවිත බේරා ගැනීම වන අතර එමගින් ප්‍රතිශක්තියක් ලබාදීමත් වෛරසය පැතිරීම වලක්වා ගැනීමත් සිදුවන බව ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ වසංගත රෝග අංශයේ ප්‍රධානි, මහාචාර්ය අස්රා ඝානි පැවසුවාය.

    ඇය තවදුරටත් කියා සිටියේ, “වෛරසය හඳුනාගෙන වසරක් අවෑමෙන් එන්නතක් සංවර්ධනය කර එය බෙදාහැරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පෙර නොවූ විරූ තරම්” වන බවය.

    මෙම නව වෛරසය පිළිබඳ විද්‍යාත්මක ඥානය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර ලොව වටා විද්‍යාඥයෝ ක්‍රියාශීලීව මෙම වෛරසයට එරෙහි එන්නත් පරීක්ෂා කරමින් සහ වැඩි දියුණු කරමින් සිටිති.

    “ඒ නිසා අපිට ශුභවාදීව හිතන්න පුළුවන්. වෛරසය සදහටම තුරන් කිරීමට නොහැකි වුනත් මෙම උත්සාහයන් මගින් නැවත සාමාන්‍ය ජනජීවිතයට පැමිණීම සඳහා සෘජු සහ වක්‍ර ආරක්ෂාවක් ලබා ගත හැකි බව මම විශ්වාස කරනවා.” මහාචාර්යවරිය පැවසුවාය.

    Text by bbc

  • මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

    මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

    මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

    අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ.

    ඇපල් හි ‘සිරි’ සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ සමග තරග කිරීමට මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වර්චුවල් සහායකයා ‘කෝටානා’ ය.

    ‘කෝටානා’ සිහි ගැන්වීමට #RIPCortana හැෂ් ටැගය ට්විටර් හි සංසරණය වනු දැකිය හැකිය.

    මේ අතර, ඇපල් හි ‘සිරි’ තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් නිතැනින් ඇසෙන කාන්තා හඬක් නොවනු ඇත.

    වර්චුවල් සහායකයින් සඳහා කාන්තා හඬක් භාවිත කිරීම, බොහෝ කලක පටන් ස්ත්‍රී පුරුෂ භාවය මත පැනනැඟෙන මතභේදවලට හේතු වී තිබේ.

    Virtual voice assistant
    ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇත

    වින්ඩෝස් (Windows) දුරකථන සඳහා වර්චුවල් සහායකයෙකු ලෙස ‘කෝටානා’ (Cortana) 2014 දී එළිදැක්වීය.

    වසර තුනකට පසු මයික්‍රොසොෆ්ට් සිය ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය අතහැර දැමුවද, කෝටානා අයිෆෝන් (iPhone) සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ලබා ගත හැකි විය.

    ‘CSS ඉන්සයිට්’ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක බෙන් වුඩ් පැවසුවේ “පාරිභෝගිකයන් කැමති සහායකයෙක් වන ‘කෝර්ටනා’ අතහැර දැමීම මයික්‍රොසොෆ්ට් සමාගමට නොවැළැක්විය හැකි” බවය.

    ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇති හෙයින් වෙනත් තරගකරුවන්ට ඇති ඉඩ ඇහිරී ඇත.

    “විශාල ආයෝජන සිදු කරමින් දැඩි පරිශ්‍රමයක් දරා තිබියදීත්, බලගතු ඇපල් සමාගමට පවා ‘සිරි’ ඉදිරියට ගෙනයාම දුෂ්කර වී තිබුණා”

    කාන්තා හඬ

    ප්‍රතිවාදී ඇපල් සමාගම ‘iOS’ නවතම අනුවාදයේ සිය සහායක සිරිට නව හඬ දෙකක් එක් කර ඇති අතර, නිතැනින් ඇසුණු කාන්තා හඬ ඉවත් කර තිබේ.

    2019 දී යුනෙස්කෝ සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් යෝජනා කර ඇත්තේ, “වර්චුවල් හඬ සහායකයින් සඳහා නිතැනින්ම කාන්තා කටහඬක් භාවිතා කිරීම “බොත්තමක් ස්පර්ශ කිරීමෙන් හෝ නොපැහැදිලි හඬකින් විධානයක් ලබා දුන් සැණින් කාන්තාවන් නිහතමානීව, කීකරුව සහ ඉතා ඕනෑකමින් සතුටු කිරීමට බැඳී සිටින බවට සංඥාවක් යවන බවයි”.

    ඇපල් සමාගම තම වර්චුවල් සහායකයාගේ කටහඬ පරිශීලකයාට තෝරා ගැනීම සඳහා වගකීම පැවරීමට ගත් තීරණය ගැන මෙසේ පැවසීය: “මෙය විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් ඇපල් සමාගමේ අඛණ්ඩ කැපවීමේ කොටසක් මෙන්ම, අප ජීවත් වන ලෝකයේ විවිධත්වය වඩා හොඳින් පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ සේවාවන්.”

    දැනටමත් සමහර රටවල් සහ භාෂාවල සිරිගෙන් නිතැනින් ඇසෙන්නේ පුරුෂ හඬකි.

    Text by – bbc

  • විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

    විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

    2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

    ‘‘ඊයේ රාත්‍රි යේ සිදු වූ ඒ සිදුවීම ගැන අප සැබවින්ම කනගාටු වෙනවා. මෙවැනි සිදුවීමක් කිසිසේත් නොවිය යුත්තක්. සංවිධියක මණ්ඩලයේ සහ විනිශ්චය මණ්ඩලයේ  ඒකමතිකව ලබා දුන් කිරුළ කිසිවකුටත් නැවත ලබාගත නොහැකියි. ඒ වගේම තමයි මෙවැනි දෙයක් කිරීමට කැරොලින් ජූරි මහත්මියට කිසිසේත් සචාචාරාත්මක අයිතියක් නැහැ. ඇය කිරුළේ බලයෙන් හිස උදුම්මාගෙන කළ ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. කිරුළේ නියම අයිතිකාරිය පුෂ්පිකා සිල්වා මහත්මිය බැවින් ඇයට නැවතත් කිරුළ පැළැන්දවීමට අවශ්‍යතාවයක් නැහැ‘

    පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් උදුරාගත් එම කිරුළ සංවිධායක මණ්ඩලයට බාරයට ගත් බව එය එම කිරුළ නිර්මාණය කළ වෝග් ජුවලර්  ආයතනයට බාරදුන් බව ද චන්දිමාල් ජයසිංහ මහතා පැවසුවා.

    පසුබිම් කතාව – සම්පූර්ණයෙන්

    කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගාවලියේ කිරුළ නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් දිනා ගත්තා.

    තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිණක් ද වන රෝසි සේනානායක මහත්මීන් සහ සහ චන්දිමාල් ජයසිංහ මහතා විසිනුයි.

    මේ ජයග්‍රහණය සමග ඇය රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන්නා. හදිසියේම වේදිකාවට කඩා වැදුණු වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි මහත්මිය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිස පැළද සිටි කිරුළ ගළවා ඉවත් කිරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක ඇති වුණා.

    ජයග්‍රාහිිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරැළ ඉවත්කිරීමට හේතු ලෙස ජූරි මහත්මිය විසින් දක්වා සිටියේ ‘ඇය දික්කසාද වූ කාන්තාවක්‘ බවත් එනිසා ම ඇය විවාහක රූ රැජිණ කිරැළ දැරීමට සූදානම් නැති බවයි‘

    කැරොලින් ජූරි මහත්මිය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කරද්දී පුෂ්පිකා ද සිල්වා මහත්මිය නිහඩව වේදිකාවෙන් ඉවත් වුණා

    නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජිණ තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය එක්දරු මවක් බවයි වාර්තා වුණේ.

    කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජමාධ්‍ය වල දැඩි විවේචනයට ලක් වුණා.

    මේ අතර අද (05) අළුයම 02.00ට පමණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුදුවත්ත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළා. එහිදී ඇය කියා සිටියේ 2020  ශි‍්‍ර ලංකා  විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක  රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදු බවයි.

  • ‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි – වැඩිම පීඩාව කාන්තාවන්ට

    ‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි – වැඩිම පීඩාව කාන්තාවන්ට

    සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි

    කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන ක්ෂය රෝගය, විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙයි.

    ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දළ වශයෙන් දිනකට රෝගීන් දෙදෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    ශ්‍රී ලංකාවේ බහුලව පවතින බෝවන රෝග අතර, ක්ෂය රෝගය දෙවන ස්ථානයේ පසු වේ (පළමු ස්ථානය – ඩෙංගු). ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට 500 – 600 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත් වේ.

    ක්ෂය රෝගය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් වසරකදී තවත් 10-15 ත් අතර සංඛ්‍යාවකට රෝගය පැතිරිය හැක.

    “ඩෙංගු රෝගය ගත් විට ලෙඩ්ඩු වැඩියි, නමුත් එතරම් මරණ වාර්තා වෙන්නේ නැහැ. ක්ෂය රෝගය ගත් විට වසරකට රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනවා, ඒ වගේම මරණත් වැඩියි. ඒ නිසා ශ්‍රී ලංකාව විශාල අවදානමක ඉන්නේ,” යනුවෙන් ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජේ සේනානායක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    සමාජය තුළ ක්ෂය රෝගය, නින්දාවට කරුණක් සේ සැලකීම (Stigma) සහ ඒ සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත සහ ඒ මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

    “ක්ෂය රෝගය හැදුණා කිව්වොත් අපිට ලැජ්ජා වෙන්න වෙයි, අපිව කොන් කරයි වගේ සෘණ ආකල්ප මේ රෝගයත් එක්ක බැඳී පවතිනවා. අතීතයේ මේ රෝගයට නිසි ප්‍රතිකාරයක් නොතිබීම සහ එවැනි රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීම, එවැනි ආකල්පයකට හේතු වුණා වෙන්න පුළුවන්,”

    අද වන විට ක්ෂය රෝගය නිට්ටාවට සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ඇතත් ශ්‍රී ලාංකික සමාජය තුළ තවදුරටත් පෙර කී ආකල්පය දැකිය හැකි බව වෛද්‍ය අමාලි ජේ සේනානායක පවසයි.

    “සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි.”

    ‘වැඩි පීඩාව’ කාන්තාවන්ට

    ක්ෂය රෝගය:

    ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසන පරිදි ක්ෂය රෝගීන්ගෙන් 2/3 ක් පමණ පුරුෂයන්ය.

    ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පුරුෂයන් අඩුවෙන් යොමු වන ස්වභාවයක් දක්නට ඇතත් කාන්තාවන් කඩිනමින් ප්‍රතිකාර ගැනීමට යොමු වන තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකි බව වෛද්‍ය අමාලි ජේ සේනානායක සඳහන් කළාය. එසේ වුවත් ඒ සඳහා මාස හයක් හෝ වසරක කාලයක් නොනවත්වා ප්‍රතිකාර ගත යුතු බවත් එය ශ්‍රී ලාංකික කාන්තාවන්ට විශාල අභියෝගයක් වී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

    “නමුත් ගෙදරක අම්මා කෙනෙකුට රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒ මවට බෙහෙත් ටිකක් ගන්න, සායනයකට යන්න තමන්ගේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ දෛනික වැඩ කටයුතු සහ රැකියාවක් කරයි නම් ඒ කටයුතු මේ සියල්ල වෙන කිසිවෙකුට හෝ භාර කළ යුතු වෙනවා,”

    “පවුලෙන් ලැබෙන සහයෝගය මත කාන්තාවන් ගෙදරින් එලියට ගිහින් ප්‍රතිකාර ලබා ගන්නවද කියන කාරණය අතර යම් සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා මෙහිදී ස්ත්‍රියක් සෑම විටකදීම ගැටලුවලට මුහුණ දෙනවා සහ එය ඔවුන්ට දුෂ්කර තත්ත්වයක් ඇති කරවනවා,”

    “බෙහෙත් ගන්න එක කාන්තාවකට ලොකු අභියෝගයක්. ඒ නිසා සමාජයක් වශයෙන් අපි කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක්, සහයෝගයක් දැක්විය යුතුයි.”

    ක්ෂය රෝගය:

    පුරුෂයන්ට වඩා, ක්ෂය රෝගය ආසාදනය වූ කාන්තාවන් සමාජය හමුවේ විශාල පීඩාවකට, වෙනස් ලෙස සැලකීමකට ලක්වන බවත් වෛද්‍ය අමාලි ජේ සේනානායක පෙන්වා දෙයි.

    “ස්ත්‍රියකට ක්ෂය රෝගය වැළඳුනා නම් බොහෝ විට පවුල් සංස්ථාව, විවාහය තුළ ඒ ගැහැණු කෙනා කොන් වෙනවා වැඩියි. විවාහ වීමට අපේක්ෂාවෙන් ඉන්න තරුණියක් නම්, ‘අපෝ මෙයාට මෙන්න මේ වගේ ලෙඩක් තියනවා, ඒ නිසා විවාහ කර ගන්න බැහැ,’ වගේ සමාජය තුළ මතයක් තිබෙනවා,”

    “පරම්පරාවෙන් පරම්පරාවට බෝ වෙයි වගේ ගොඩක් දුර්මත තිබෙනවා. ඒ නිසා මේ වැරදි මතත් එක්ක කාන්තාව විශාල වශයෙන් පීඩාවට ලක් වෙනවා,”

    “ඒ වගේම තමන්ගේ යහළුවෙකුට මේ රෝගී තත්ත්වය තිබෙනවා නම් කොයිම වෙලාවකවත් කොන් කරන්න එපා. මේක අපලයක්, කරුමයක් නිසා වුනු දෙයක් කියල ඇතැමෙක් හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි, මේක බෝවන ලෙඩක්, විවාහ වෙන්න මෙය බාධාවක් නොවෙයි, කෑම කන පිඟාන, වතුර කෝප්පෙන් බෝ වෙන්නේ නැහැ. ඔයත් පරිස්සම් වෙන්න, මාත් පරිස්සම් වෙන්නම් කියලා තරුණ පරපුර අතර යම් සහයෝගයක් ඇති වුණොත් මේ රෝගය අපට පහසුවෙන් තුරන් කර ගන්න පුළුවන් වේවි, ඒ නිසා මෙහිදී තරුණ පරපුරට විශාල වගකීමක් පැවරෙනවා.”

    අභියෝග

    ක්ෂය රෝගය

    ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවත් එය 13,000 -14,000 ත් අතර සංඛ්‍යාවක් විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පවසයි.

    “එතකොට රෝගීන් හාරදහසක, පන්දහසක වෙනසක් තිබෙනවා. අපිට වාර්තා නොවුණත් ඔවුන් සමාජයේ කොහේ හෝ ඉන්නවා. මෙන්න මේ කියන රෝගීන් ප්‍රතිකාර වෙත යොමු කර ගත හැකි නම් අපිට මේ රෝගය 2035 වසරේදී පහසුවෙන් තුරන් කර ගත හැකි වේවි,”

    “එහෙත් රෝගීන් ප්‍රතිකාර වෙත එන්නේ රෝගය ගොඩක් උත්සන්න වූ විට පමණයි. සමාජයේ ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවයත් ඒකට එක් හේතුවෙක්. සමහර අය නොදැනුවත්කම මත එන්නේ නැහැ, තවත් සමහර අය රෝගය ගැන දැනගෙනත් සමාජයෙන්, පවුලෙන් කොන් වෙන්න වෙයි, ආයත් වැඩට යන්න බැරි වෙයි වගේ ආකල්ප නිසා එන්නේ නැති තත්ත්වයක් තිබෙනවා,” යනුවෙන් වෛද්‍ය අමාලි ජේ සේනානායක පැවසීය.

    “අනෙක් අතට ළඟම ආශ්‍රය කරන පුද්ගලයා සෑම විටම ගෙදරම අයෙක්ම වෙන්නේ නැහැ. සමහර විට බස් එකේ, මෝටර් රථයේ, කාර්යාලයේ හැමදාම ළඟින් ඉඳගෙන ඉන්න කෙනෙක් විය හැකියි. ඒ නිසා තමන් තමන්වම පරීක්ෂා කරගන්න මට්ටමකට අපි පැමිණිය යුතුයි.”

    එමෙන්ම 2019 වසරේ රෝගීන් 8,434 වාර්තා වී ඇති අතර ඉන් 3% ක ප්‍රමාණයක් අවුරුදු 15 අඩු දරුවන් බවත් වෛද්‍ය අමාලි ජේ සේනානායක කියා සිටී.

    වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ රෝග ලක්ෂණ වෙනස් බැවින් දෙමව්පියන් විසින් සිය දරුවන් නිසි පරීක්ෂාවකට ලක් කර ගනු ලැබීම ඉතා වැදගත් බව ඇය පෙන්වා දෙයි.

    “ළමයින්ට උණක් හැදුනොත්, ඩෙංගුද දන්නේ නෑ කියලා අම්මලා බය වෙනවා. අනේ ඩොක්ටර් ලේ එකක් බලමුද කියලා අම්මලම අහනවා. ක්ෂය රෝගය සම්බන්ධයෙනුත් ජනතාව තුළ එවැනිම සුපරික්ෂාකාරී බවක් ඇතිවීම තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ,”

    එබැවින් ක්ෂය රෝගය පිළිබඳ සමාජයක් වශයෙන් දැනුවත් (Awareness) වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව හමුවේ දැඩිව පවතින බව ඇය අවධාරණය කරයි.

    ක්ෂය රෝගය යනු කුමක්ද? බෝවන්නේ කෙසේද?

    ක්ෂය රෝගය

    ඈත අතීතයේ සිට පවතින රෝගයකි. ‘Mycobacterium tuberculosis’ බැක්ටීරියාව (MTB) හේතුවෙන් ආසාදනය වන බෝවන රෝගී තත්ත්වයකි.

    ආසාදිත රෝගියෙකු කසින විට හෝ කිවිසුම් හරින විට සෙම හෝ කෙල බිඳිති (Droplets) වාතාශ්‍රයට එක් වී එම බිඳිති ආශ්වාස කිරීමෙන් තවත් අයෙකුට ආසාදනය වේ.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය

    සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැක.

    වසරකට රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.

    ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක අතර වේ.

    ශ්වසන මාර්ගයෙන් පෙනහළු තුළට ඇතුළු වූ පසු කුමක් සිදුවේද?

    රෝගය වැළඳිය හැක. බැක්ටීරියාව සැඟව සිට අවුරුදු 10-15 කට පසු වැළඳීමේ හැකියාවක් පවතී.

    පෙනහළුවලට මූලිකවම බලපාන අතර කෙස් සහ නියපොතු හැර අනෙකුත් ඕනෑම අවයවයකට ආසාදනය විය හැක.

    රෝග ලක්ෂණ මොනවාද?

    • සාමාන්‍ය ලක්ෂණ: කෑම අරුචිය, ශරීරය කෘෂ වීම, මහන්සිය/තෙහෙට්ටුව/අලස බව, මද උණ ගතිය
    • පෙනහළු ආසාදනය වූ විට: කැස්ස, සති දෙකකට වැඩි/ කඩින් කඩ, හුස්ම ගැනීමේ අපහසු බව, පපුවේ වේදනාව
    • අනෙකුත් අවයව: අදාළ අවයවය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.
    • වසා පද්ධතිය: කුද්දැටි ඇති වීම
    • කොඳු නාරටිය ආශ්‍රිත: කොන්දේ වේදනාව

    ඉහත කී රෝග ලක්ෂණ හෝ ඒ පිලිබඳ සැක නම්

    හැකි ඉක්මණින් තම දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් ළය චිකිත්සාගාරය/ රජයේ රෝහලකට ගොස් රෝගය තිබේදැයි නීර්ණය කර ගත හැක. සියලුම පරීක්ෂාවන් සහ ප්‍රතිකාර නොමිලේ සිදු කෙරේ.

    ක්ෂය රෝගය වැළඳුනු කුඩා ළමුන්ගේ රෝග ලක්ෂණ මොනවාද?

    • බර අඩුවීම, නිශ්චිත පරිදී බර වැඩි නොවීම
    • කෑම අරුචිය
    • මහන්සිය/ අලස බව (කම්මැලි ගතිය)
    • සුව නොවන ඇදුම
    • මද උණ
    • කැස්ස
    • ප්‍රතිජීවකවලට සුව නොවන නිව්මෝනියාව

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වෙනිදාට යෙදී තිබුණු අතර “කාලය ගෙවී යයි” (The Clock is Ticking) මෙවර එහි තේමාව විය.

    කාලීනභාවය සහ ක්ෂය රෝගය පිළිබදව ජනතාව වඩාත් නිවැරදිව දැනුවත් කළ යුතු නිසා බී.බී.සී සන්දේශය වෙතින් සම්පූර්ණ ලිපියම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • සල්ලි මවන අඹ ‘Tom JC’ ද?

    සල්ලි මවන අඹ ‘Tom JC’ ද?

    අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු  සිතීම වරදක් නොවේ. සැබැවින්ම  අධ්‍යයනය කළවිට එවැනි ආදායම් ලබාගත් ගොවීහු ද සිටිති.

    දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස අල්පොන්සු අඹ ප්‍රභේදය පාදක කර ගනිමින් නිර්මිත ඉහළ වානිජ වටිනාකමකින් යුත් අඹ ප්‍රභේදයක් ලෙස ටොම් ජේසි අඹ හදුනා ගත හැකිය.

    දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස අල්පොන්සු අඹ ප්‍රභේදය පාදක කර ගනිමින් නිර්මිත ඉහළ වානිජ වටිනාකමකින් යුත් අඹ ප්‍රභේදයක් ලෙස ටොම් ජේසි අඹ හදුනා ගත හැකිය. එබැවින් ටොම් එල්ලාවල මහතාට සහ ඒ සදහා තාක්ෂණික සහය ලබා දුන් පිලිපීන ජාතික ජුවාන් කාලොස් මහතාට ගෞරවයක් ලෙස මෙම අඹ ප්‍රභේදය ටොම් එල්ලාවල ජුවාන් කාලොස් (Tom Ellawala Juan Calros ) අඹ ලෙස නම් කරන ලදි. ව්‍යවහාරයේ පහසුව සදහා මෙය ටොම් ජේසි, ටී.ජේ.සි.(TJC), ටොම් ඊ.ජේ.සි (Tom EJC ) යන නම් වලින් හදුන්වනු ලබයි. වර්තමානයේ වෙළඳපොලේ ටොම් ජේසි සඳහා ඉහල මිලක් ඇති බැවින් ගොවින් අතර ටොම් ජේසි අඹ ප්‍රභේදය ඉතා ජනප්‍රිය වී ඇත.

    නමුත් අපි වගාවකට යොමු විය යුත්තේ එම වගාව පිළිබඳ නිසි අවබෝධයකින් මිස ලැබෙන ප්‍රතිලාභය ගැන පමණක් සිතා නොවේ. එකී වගාවේ මුලික පිරිවැය, නඩත්තු පිරිවැය, වෙළෙඳපොළ සැපයුම, වගා වපසරිය,පිළිබඳ හොද අවබෝධයක් තිබිය යුතු ය. වගා පිළිවෙත් නිසියාකාරව නොදැන අතමිට සරු කර ගැනීම හිතලුවක් පමණි. හුදෙක් රැල්ලට වගා කිරීමට යොමු වීමෙන් ගොවීන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

    ටොම් ජේසි  අඹ වගාව පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන්  සහ  ගොවින්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම් ව අක්කරයක වියදම සහ ආදායම පිළිබඳ  දළ  ඇස්තමේන්තුවක් ලදි. අක්කරයක ටොම් ජේසි අඹ වගාවක් සදහා ආරම්භක අවුරුදු පහ තුළ බද්ධ පැල සදහා රු 60, 000ක්,විදුලිය හා ඉන්ධන සඳහා  රු. 10, 260ක්, ශ්‍රම පිරිවැය සඳහා රු 67,600ක්, පොහොර සඳහා රු. 263,230 , ඵල ආවරණ බැග් සඳහා රු 42 000ක් පමණ පිරිවැයක් වැය වේ. ආරම්භක අවුරුදු පහ තුළ මුළු පිරිවැය රු 926,110 පමණ වන අතර එක් ගසකට රු 4 630ක පමණ පිරිවැයක් යෙදිය යුතු ය.

    ‍නිවැරදි ආකාරයට වගා පිළිවෙත් සිදු කරන වගාවක් නම් සහ යහපත් වෙළඳපොළ මිලක් පවතී නම් තෙවන වසරේ දි ගසකින් රු 2 100 පමණ ආදායමක් ගත හැකි අතර අක්කරයකින් 420 000ක පමණ ලබා ගත හැක. සිව්වන වසරේදි ගසකින් රු 7 350 ක පමණ ආදායමක් ගත හැකි අතර අක්කරයකින් 14, 70,000ක පමණ ආදායමක් ලබා ගත හැකිය. එසේම පස් වන වසරේදි ගසකින් රු 10,500ක සහ අක්කරයකින් රු 21,00 000 ක පමණ ආදායමක් ලබා ගත හැක. මුල් වසර පහ තුළ ලක්ෂ 39ක පමණ ආදායමක් අක්කරයකින් ලබා ගත හැකි ය.        

    එසේම අවුරුදු පහකින් අනතුරුව වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා වගාවේ ස්වභාවය අනුව නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට පැක්ලොබ්‍රියුටිසෝල් හෝමෝනය (අවාරා) ලබා දිය යුතු ය. වගාවෙන් වසර 30ක පමණ කාලයක් අස්වැන්න ලබා ගත හැකි අතර පලමු අවුරුදු පහෙන් පසුව ගසකින් වසරකට කිලෝ පනහක් ලබා ගත හැකි පරිදි ගස් නඩත්තු කිරීම සිදු කළ යුතු ය.

    හොරණ කනන්විල ප්‍රදේශයේ පිහිටි පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (Fruit Crop Research & Development Centre )  මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව අලුතින් අක්කර 7000ක් පමණ ටොම් ජේසි අඹ වගා කර ඇති අතර එය 11 000ක් පමණ විය හැකි බව අනුමාන කරයි. අක්කර 11000ක නව වගාවන්හි ඵලදාව ලැබෙනුයේ තවත් අවුරුදු තුනකින් හෝ හතරකින් ය. සියලු වගාකරුවන් හට තම අස්වැන්න අපනයනය සඳහා ලබා දීමට ඇති අවකාශ සීමිත ය. එනම් අවුරුදු තුනකින් පමණ වෙළඳපොළට  අතිරික්ත නිෂ්පාදනය  පැමිණේ.

    ආර්ථීක විද්‍යාවේ මූලික න්‍යායක් වන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව සැපයුම වැඩිවත්ම මිල පහළ බසී. මෙය ගොවියාට නම් එතරම් හිතකර තත්ත්වයක් නොවේ. වෙළදපොලේ ටොම් ජේසි අඹ කිලෝ එකක් රුපියල්  300ත් – 600ත් අතර මිලකට අලෙවි වෙන බැවින් මෙම අඹ වර්ගය මිලදී ගැනීම සඳහා  දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙළඳපොළක් බිහි වනු ඇතැයි සිතීම අසීරුය. එසේම ටොම් ජේසි අඹ ප්‍රභේදය  “කර්තකොලොම්බන් සහ විලාඩ්” තරම් ජනතාව අතර ප්‍රචලිත වී නොමැත. අධික මිල ගණන් සහ වෙ‍‍ළෙඳපොළ තුල වැඩිපුර දක්නට නොලැබීම ඊට හේතු විය හැකි ය.‍

    එසේම පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට (Fruit Crop Research & Development Centre ) අනුව අඹ ඵලදාව අපනයනය කිරීම කුඩා පරිමාණයේ ගොවීන් හට ඍජුව කළ නොහැකි අතර ඒ සදහා අතරමැදියකු සමඟ සම්බන්ධ විය යුතු ය. එසේම  එම ඵලදාව ඉතාමත් උසස් තත්ත්වයෙන් යුතු පළමු කාණ්ඩයෙන් (Grade 1) තිබිය යුතු අතර අඹ ගෙඩිය මත කිසිදු පැල්ලමක් තිබිය නොහැකි ය.

    පැළ සිටුවීමට පෙර අක්කරයකට කාබනික පොහොර කි.ග්‍රෑ. 4000 අවශ්‍ය වන අතර පළමු දෙවන සහ තෙවන වසරවලදි වසරකට කි.ග්‍රෑ. 2000 බැගින් අවශ්‍ය වේ. එසේම අක්කරයක් සඳහා යුරියා පලමු වසරේදි කි.ග්‍රෑ. 33 පමණ ද දෙවන වසරේදි කි.ග්‍රෑ 48 පමණ ද තෙවන වසරේදි කි.ග්‍රෑ. 66 පමණ ද අවශ්‍ය වේ. ටි.එස්.පී.(TSP) පොහොර පළමු වසරේ කි.ග්‍රෑ 60ක් පමණ ද දෙවන වසරේ කි.ග්‍රෑ 36ක් පමණ ද තෙවන වසරේ කි.ග්‍රෑ 108 පමණ ද අවශ්‍ය වේ. එසේම එම්.ඕ.පී.(MOP) පළමු වසරේදි සහ දෙවන වසරේ  කි.ග්‍රෑ 27 බැගින් ද තෙවන වසරේ  කි.ග්‍රෑ 36 පමණ ද අවශ්‍ය වේ. ඉන් පසුව පොහොර යෙදීම පසේ ස්වභාවය,ගසේ නීරෝගිකම, ගසේ ප්‍රමාණය මත කල යුතු ය.

    අඹ ඵලදාව උසස් ගුණත්වයකින් යුතුව පැවතීමට නම් ප්‍රමිතියෙන් යුතු  ඵල ආවරණ බෑග් වලින් අඹ ගෙඩි ආවරණය කල යුතු ය.  මේ වන විට ඉහළ ගුණත්වයෙන් යුතු එවැනි කවරයක මිල රුපියල් දහයක්- විස්සක් අතර වන එබැවින් සෑම අඹ ගෙඩියකටම  ආවරණ යෙදීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු ය. මේ හේතුව නිසා ගොවීන් ඵල ආවරණය නොකිරීම සහ ගුණත්වයෙන් අඩු ආවරණ යෙදීම හේතුවෛන්  ටොම් ජේසි අඹ ඵලදාවේ ගුණත්වය පිළිබඳ ගැටළු මතුවෙමින් පවතින බව දිර්ඝකාලින ව වගාවේ නියුතු ගොවින්ගේ අදහසයි. එය ඉදිරියේදී නිවැරදි ආකාරයෙන් වගා කටයුතු සිදු කරන ගොවීන්ට මෙන්ම ටොම් ජේසි අඹ ඉල්ලුම කෙරෙහි ද අහිතකර අන්දමින් බලපානු ඇත.

    ටොම් ජේසි අඹ  වගාවෙන් ඉවත් වන්න යැයි හෝ සිදු නොකරන්න යැයි ද යන්න අප පවසන්නේ නැත. සරු ආදායමක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පළමුව වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ අනාගත ඉල්ලුම සහ සැපයුම  කෙබඳු ආකාරයෙන් හැසිරේදැයි හඳුනාගත යුතු ය. ඉන්පසු තම නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා ඇති හැකියාව සහ අතරමැදියන් පිළිබඳ සොයා බැලිය යුතු ය.

    වගාව සඳහා යන පිරිවැය නිවැරදිව ඇස්තමේන්තු කිරීමත් මුල් අවුරුදු පහ තුළදී වියදම් කළමනාකරණය කර ගන්නා ආකාරයත් පිළිබඳව ගොවියාට හොඳ අවබෝධයක් තිබිය යුතු ය. එසේම නිවැරදි වගා පිළිවෙත් කිරීමට අවශ්‍ය නිසි දැනුම සාර්ථකත්වය සඳහා අනිවාර්යය සාධකයකි. යම් හෙයකින් මිල උච්චාවචනය වුවහොත් ඒ සඳහා ද විකල්ප මාර්ග තෝරාගෙන තිබීම අලාභය කලමනාකරණය කර ගැනිමට සහයක් වනු ඇත. සල්ලි මවන ටොම් ජේසි අඹ වගාවකින් අතමිට සරු කර ගත හැකි වන්නේ වෙළෙඳපොළ පිළිබද නිවැරදි අවබෝධයකින් යුතුව වගා කිරීමෙන් මිස  ආදායම පමණක් හිතේ මවාගෙන රැල්ලට වගා කිරීමෙන් නොවන බව නැවතත් කිව යුතු ය.

    සටහන – තිමිර සජිත් – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන සුපිරිම ජාත්‍යන්තර සිනමාපට 10ක මෙන්න !

    අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන සුපිරිම ජාත්‍යන්තර සිනමාපට 10ක මෙන්න !

    කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ දුන්නත් තිරගත වීමට සූදානම් කළ චිත්‍රපට විකල්ප මාධ්‍ය ඔස්සේ තිරගත වුණා.

    අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් නිකුත් වී ඇති මේ මාසයේ ඔබට නැරඹීමට හැකි සුපිරිම චිත්‍රපට 10ක් ගැන දළ අදහසකුයි.

    (Credit: Netflix)

    Madame Claude

    මැඩම් ක්ලෝඩ් නැමැති ෆර්නැන්ඩ් ග්‍රූඩෙට් Madame Claude1960 ගණන්වල පැරීසියේ දේශපාලනඥයින්ට, සිවිල් සේවකයින්ට සහ සංචාරය කරන කීර්තිමත් පුද්ගලයින්ට සේවය සපයන ගණිකා වෘත්තියේ යෙදී සිටියාය.

    ඇගේ සේවාදායක ලැයිස්තුවේ ඇමෙරිකාවේ කීර්තිමත් දේශපාලනඥයෙකු වන ජෝන් කෙනඩි, ලෝකයේ ප්‍රකට ධන කුවේරයෙකු වන ඇරිස්ටෝටල් ඔනාසිස්, ඊශ්‍රායල් නායක මෝෂේ දයාන් සහ මුවම්මර් කඩාෆි, මාලන් බ්‍රැන්ඩෝ සහ රෙක්ස් හැරිසන් වැනි අය ද වූහ.

    ” 1977 දී බදු පැහැර හැරීමේ චෝදනා ඉවත් කිරීම සඳහා ග්‍රූඩෙට් ලොස් ඇන්ජලීස් වෙත පලා ගියාය. එම වසරේම ඇයගේ නැගීම හා වැටීම පිළිබඳ නාට්‍යයක් නිකුත් විය. දැන් Netflix විසින් තවත් චරිතාපදානයක් සඳහා මුදල් ආයෝජනය කර ඇත. සමාගමේ පළමු මුල් ප්‍රංශ චිත්‍රපටය වන Confessions of a Child of the Century සිල්වි වර්හයිඩ් Sylvie Verheyde විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර කැරොල් රොචර් (පොලිස්) රඟපෑවේය.  මෙම චිත්‍රපටය පසුගිය අප්‍රේල් 02 වැනි දා සිට නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලදී(ණය: මුබි)

    ශිව බේබි Shiva Baby

    ඩැනියෙල් (රේචල් සෙනොට් -Rachel Sennott) සිසුවියක් වන අතර ඇයගේ අරමුණකින් තොර ජීවිතයක් ගත කරයි. ඇය මුදල් උපයා ගැනීම සදහා වැඩිහිටි පුද්ගලයෙකුට ලිංගික සේවය ලබා දෙන ඇයට වෙනත් කිසිදු සම්බන්ධතාවයක් නොමැත. ඇය ගෙවන මෙම ජීවිතය ඇයගේ ඥාතීන් සහ මිතුරන් ප්‍රශ්න කරන අතර ඇය අසහනයට පත් වෙයි.

    පසුගිය වසරේ ටොරොන්ටෝ සිනමා උළෙලේදී (ඔන්ලයින්) තිරගත වූ විට මෙම චිත්‍රපටය දැඩි ඇගයීමට ලක්විය. පසුගිය අප්‍රේල් 02 දින එක්සත් ජනපදයේ නිකුත් කරන ලදී (ණය: නෙට්ෆ්ලික්ස්)

    Concrete Cowboy  අප්‍රේල් මස 2 සිට නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලදී(ණය: ලයන්ස්ගේට්)

    Voyagers – අප්‍රේල් 8 වන දින ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේදීත්, අප්‍රේල් 9 වන දින එක්සත් ජනපදයේ සහ කැනඩාවේදීත් නිකුත් කරන ලදී(ණය: නියොන්)

    In the Earth – අප්රේල් 30 වන දින එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, ජූනි 18 එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ නිකුත් කරන ලදී(ණය: නෙට්ෆ්ලික්ස්)

    ආර්ලෝ ද අලිගාටර් බෝයි Arlo the Alligator Boy අප්රේල් 16 සිට නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලදී(ණය: නෙට්ෆ්ලික්ස්)

    Thunder Force – අප්රේල් 9 සිට නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලදී(ණය: කෝර්නිච් පික්චර්ස්)

    ඔහු යෝධයන්ගේ සිහින He Dreams of Giants

    (ණය: නෙට්ෆ්ලික්ස්)

    Things Heard and Seen අප්රේල් 30 සිට නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලදී(ණය: ඇමසන් ප්‍රයිම්)

    Without Remorse ඇමේසන් ප්‍රයිම් හි අප්‍රේල් 30 සිට නිකුත් කරන ලදී

    බී.බී.සී. ඇසුරිණි

  • චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

    චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

    පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

    ඔබට මවක සිටී. ඔබ ඇයට  පවසන්නේ “අම්මා”  කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය.

    හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව පෙන්වා මේ කවුදැයි ඔබෙන් අසයි. එවිට ඔබ “ඒ මගේ අම්මා” යැයි පවසනු ඇත. ඉන්පසු ඔහු ඔබේ සොහොයුරාගෙන්ද ඒ කවුදැයි අසයි. ඔහුද ” මේ අපේ අම්මා”  යැයි පවසනු ඇත.

    ස්ථිර වශයෙන්ම මේ ඔබේ මව යයි ඔබ පවසන්නේ කෙසේදැයි නලින්වාදී අමුත්තා ඉන්පසු ප්‍රශ්ණ කරයි. මේ ප්‍රශ්නයෙන් ඔබ මවිතයට පත්වනු ඇත. ඔහුට ඔබ පැවසූ දෙය සනාථ කිරීමට ඇති සාක්ෂි ගැන සිතන ඔබ, ඔබගේ උප්පැන්න සහතිකය පෙන්වා එහි ඇය මාගේ මව යැයි නීත්‍යානූකූලව ලියාපදිංචි කර ඇති බව පවසනු  ඇත.

    උප්පැන්න සහතිකය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වාදුන් දෙයක් නිසා එය ගැන විශ්වාසය කල නොහැකි බව නලින් වාදියා ඔබට පවසනු ඇත. මෙයින් විමතියට පත්වන ඔබ, ඇය කුඩා කළ මව්කිරී දී ඇති බව මතක ඇති බවත්, ඇය ඔබට කෑම කැවූ බව මතක බවත්, ඔබ මෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව යැයි පවසන බවත් කියනු ඇත.

    ඉන්පසු ඔබ තවදුරටත් මවිතයට පත්කරමින් එම අමුත්තා ඔබ ඉදිරියේ සිටින තැනැත්තිය ඔබ දෙදෙනාගේ මව යැයි හැඳින්වීම ප්‍රවාදයක් බව පවසයි.

    තවදුරටත්, ඔහු ඇය ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද, නොවෙමින් වීමටද ඉඩ ඇති බව පවසයි. ඒ එසේ වන්නේ ඇය කුඩා කළ මව්කිරී දී ඇති මතකය, ඇය ඔබට කෑම කැවූ බව මතකය, ඔබමෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව බව පැවසීම සම්මුති මිස සැබෑ සත්‍යයන් නොවන නිසා බව ඔහු පවසනු ඇත. ඒවා සාපේක්ෂ සත්‍යයන්  බවත් ඇත්ත වශයෙන්ම ඔබගේ මව ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද,නොවෙමින් වීමටද ඇත්තේ යම් ඉඩකඩක් පමණක් බවත්, ඔහු ඔබට පවසනු ඇත. ඒ එසේ වන්නේ ඔබ ඇය ඔබගේ මව ලෙස හඳුනාගැනීමට භාවිතාකල ක්‍රමයන් සැබෑ සත්‍යයන් නොවන නිසා යි නලින්වාදියා පවසනු ඇත.

    නලීන්වාදයේ ඇති චතුස්කෝටික තර්කයේ හරය මෙයයි. තේරුම් ගැනීමට අපහසු මෙම අප්‍රබංශ තර්කයේ පදනමද එයයි. ඔබ මෙය පවසන ඔබේ නිවසට ආ මේ තැනැත්තා උන්මත්තකයකු ලෙස නොසලකන්නේද? මෙම මනස්ගාත චතුස්කෝටික තර්කය තොරතෝංචියක් නැතිව එය නැවත නැවත කිවහොත් ඔබ සහ ඔබේ සොහොයුරා ඒ නලින්වාදියාට කුමක් කරනු ඇත්ද? ඔහු නිවසින් පන්නන්නේ නැද්ද? 

    පන්නා දැමූ නලින්වාදියා එතැනින් නොනැවතී නිවසින් එළියට පැන ඔබ ඔබේ මව යයි පවසන තැනැත්තා ඇත්ත වශයෙන්ම “මගේ අම්මා”  බව පවසනු ඇත. මේ නලීන්වාදීන්ගේ අනෙක් තර්ක ක්‍රමයයි. එම තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබේ මවට මව යයි කියා හඳුන්වන සත්‍යයක් වීමේ හැකියාව තරමටම ඔහු ඔබේ මවට මව යයි කීමේ සත්‍යතාවයටද  හැකියාවක් තිබේ . ඔබේ මව, ඔබේ මව වීමට මෙන්ම ඔහුගේ මව වීමටද හැකියාවක් ඇත්තේ ඇය ඔබේ මව වීමට මෙන්ම, ඔහුගේ මව වීමටද හැකි බව සනාථ කරන ක්‍රමවේදයන්ගේ විශ්වාසනීයත්වයක් නොමැති නිසාය. ඇය ඔබේ මව වීමත්, ඔහුගේ මව වීමත්  යන සංකල්පයන් දෙකම එකවිට සත්‍යයන් විය හැකි අතර, එය එසේ වන්නේ ඔබ ඔබේ මව යයි ඔබ හඳුනාගත් ක්‍රමවේදයන් වන උප්පැන්න සහතිකය, කිරි බීම, මව ඔබට කැවීම, ඔබගේ සොහොයුරා හා අසල්වාසීන් ඒ ඔබේ මව යයි පැවසීම සාපේක්ෂ සත්‍යයන් වන නිසාය. සම්මුතීන් පමණක් වන නිසාය. ඇතැම් විට ප්‍රවාද විය හැකි නිසාය.

    අප ඔබට තේරෙන භාෂාවෙන් මෙම තර්කන ක්‍රම ඉදිරිපත් කලෙමු. මෙම තර්කන ක්‍රම දෙක නලින් වාදයේ පදනමයි. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ පොත් වල නැවත නැවත, පුන පුනා, විවිධ අයුරින්, පවසන්නේ මෙම තර්කන ක්‍රම දෙකය.

    මෙය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ක්ෂුද්‍ර අංශු  වල හැසිරීම විස්තර කිරීමට භාවිතා කෙරණ ක්‍රමයකි. නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ මුලික ප්‍රකාශනය වන “මගේ ලෝකය” පොතෙහි . “බුදුන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල මේ චතුස්කෝටික තර්කය යොදාගෙන ඇති බැවින් බෞද්ධයන්ට ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි යෙදන තර්කය නුහුරු දෙයක් විය නොහැකිය” යැයි  සඳහන් කරයි.

    එසේ මෙම තර්ක ක්‍රමය බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි වංචනික ලෙස පවසමින්, ඔහු ඔහුගේ මතයට බෞද්ධයන් ආකර්ෂණය කරගනියි. ඉන්පසුව ක්ෂුද්‍ර අංශු වල චලනය විස්තර කරන මෙම තර්ක ක්‍රමය සංකීර්ණ  ගැටළු විග්‍රහ කිරීමට ඔහු පාවිච්චි කරයි. නලින්වාදීන් ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය,සමාජීය, විද්‍යාත්මක,වෛද්‍ය විද්‍යාත්මක,  හා සංස්කෘතික හා හැසිරීම් රටාවන් විස්තර කිරීමට තැත් කරයි. මෙම තැත නලින්වාදීන්ගේ ළදරු මානසිකත්වය හෙළිකරන විගඩමකි. මෙය කුඩා ළමයෙකු කුරුම්බැට්ටි මැසිමකින් කලිසමක් මැසීමට තැත් කිරීමකට සමානය. 

    ඔහු පවසන තර්කන ක්‍රමය, ඔහු ඉදිරිපත් කරන විලාශය හා ලියා ඇති භාෂාවෙහි වියවුල් බව නිසා බොහෝ දෙනෙකුට නොතේරෙයි. එනිසා එම තර්කය නොතේරෙන අය මෙය සොයාගත් උතුමා මහා ප්‍රාඥයෙක් යැයි සිතයි. එසේම එය බුදුන් වන්හන්සේ පවසා ඇතැයි නලින් ද සිල්වා නම් සිංහල බෞද්ධ පඬිතුමා දේශනා කරන නිසා “සැදැහැවත්” බෞද්ධයන් එය සාධුකාර දී පිළිගනී. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බව දන්නා උගතුන් “මෙවන් පිස්සන්ට පිළිතුරු දී කාලය නාස්ති කල යුතු නැත” යි සිතා නිහඬව සිටී. එමනිසා දශක තුනකට අධික කාලයක් මෙම මනස්ගාත තර්ක ක්‍රමයේ එල්ලී සිටීමට රටක් නොමග යැවීමට ඔහුට හැකි විය.  

    මෙම තර්ක ක්‍රමය බුද්ධ වචනයේ හෝ ත්‍රිපිටකයේ කොතැනක සඳහන්වී ඇත්දැයි නොකීමට තරම් නලින් මැතිතුමා කපටි, තම අනුගාමිකයන්ද නොමඟ යවන වංචනික දාර්ශනිකයෙක් වේ. බුදුරජණන් වහන්සේගේ සමයෙහි අබෞද්ධයන් අතර පැවති මෙම චතුස්කෝටික තර්ක ක්‍රමය උන්වහන්සේ ත්‍රිපිටකයේ කොතනැකවත් අනුදැන නොමැත. එපමණක් නොව සූත්‍ර දේශනා කිහිපයකම බුදුරජාණන් වහන්සේ මෙම තර්ක ක්‍රමය එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත.

    සංයුක්ත නිකායේ, සලායතන වග්ගයේ, අව්‍යාකත සංයුත්තයේ, ඛේම සූත්‍රය, අනුරාධ සුත්‍රය, උපගත සූත්‍රය, සමුදය සුත්‍රය, පේම සුත්‍රය මේ පිළිබඳව උදාහරණ කිහිපයකි. ඉන් එකක් වන ඛේම සූත්‍රයහි  බුදුරජාණන් වහන්සේ චතුස්කෝටික තර්කය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි.  “එහෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමටද නුසුදුසුයි.

    “මෙසේ කියමින් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කල මෙම ප්‍රශ්න ඇසීමේ කලාව, නලින් ද සිල්වා මැතිතුමා උන්වහන්සේ පැවසුවේයැයි සඳහන් කරයි. මෙම තර්ක ක්‍රමයට වරක් ප්‍රශ්න ඇසුවේ බුදුසසුනෙහි ප්‍රධාන දායකයෙකු වූ කොසොල් රජතුමායි. තවත් වරක පරිබ්‍රාජකයන් සමූහයකි. ඒ හැරුනුකොට රහතන් වහන්සේලා අතර ඇතිවූ සාකච්ඡාවකදී එය මතුවිය.

    මේ සියලු අවස්ථාවලදී මෙම තර්කය ප්‍රතික්ක්‍ෂේප වී ඇත. මෙම තර්ක ක්‍රමය ත්‍රිපිටකයේ හෝ බුද්ධ භාෂිතයේ පිළිගෙන නොමැති බව අප දැන සිටියෙමු. එනමුත් අප ඒ බව මෙම ලිපිය ලිවීමට පෙර, ත්‍රිපිටකය හා බුදුවදන ගැන පිළිබඳව හසල දැනුමක් හා සුදුසුකම් ඇති ගිහි, පැවිදි උගතුන් රැසක ගෙන් සැකහැර දැනගතිමු.

    බුදුරජානන්වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කල මෙම නලින්වාදී තර්ක ක්‍රමයේ භයානක කම කුමක්ද? මෙම ක්‍රමය අනුව අම්මා හඳුනා ගැනීමට නොහැකිව ඔබ හා ඔබේ සොයුරා වල්මත් වන්නා සේම, ඔබේ අම්මා ඔබේ අම්මාද, නලින් වාදියාගේ අම්මාද යන්න සොයා ගත නොහැකිව මනස අවුල් කර ගනියි. චතුස්කෝටික තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබගේ මව යයි පවසන තැනැත්තිය මව නොවිය හැකි නිසා, ඇතැම්විට ඇය වෙනයම් අචේතනික වස්තුවක් වීමටද ඉඩ ඇති නිසා ඇය විනාශ කිරීමද පාපයක් නොවනු ඇත. එය ආනන්තරිය පාපකර්මයකට නොනැගෙනු ඇත. එනිසා බුදුදහමට අනුව මෙය අතිශයින්ම භයානක තර්ක ක්‍රමයකි. 

    මේ අයුරින් පිළිගත් යම් සත්‍යයක් අසත්‍යයක් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටේ. සත්‍යය දැනගැනීමේ ක්‍රමවේදයන්  අසත්‍යයන් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය දැනගැනීමට ක්‍රමයක් නොමැතිව සමාජය නන්නත්තාර වේ. එසේම එකම කරුණක් අරඹයා සත්‍යයන් කිහිපයක් පැවතිය හැකි යැයි පැවසීමද මහා ව්‍යසනයකට මුල පුරයි. එය එසේ වන්නේ යම් කරුණක් ගැන පෘතුල දැනුමක් ඇති, උගත්කමක් ඇති, පුහුණුවක් ඇති කෙනකු පවසන දේ හා  සමානවම දැනුමක් නැති, පුහුණුවක් නැති, උගත්කමක් නැති කෙනකු පවසන දෙයද සත්‍යය විය හැකි බවට විශ්වාස කිරීමයි.

    ඹෟෂධ විශ්ලේෂකයන් සොයාගන්නා ඖෂධයක් හා වඩු මහතකු සොයාගන්නා ඖෂධයක් අතර වෙනසක් නොමැති බවට  නලින්වාදීන්  තර්ක කරන්නේ මේ පදනමේ සිටයි. මුළු මහත් සමාජයක්  මෙම තර්කයේ එල්ලී ගතවිට සත්‍යයෙන් අසත්‍යය තෝරාගැනීමට නොහැකිව එම සමාජය පසුගාමී වෙයි.

    නලින්වාදී මෙම මතය අද ලංකාවේ ප්‍රචලිතවී, සමාජයේ වැදගත් කොටසක්  සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමට නොහැකිව, මනස අවුල්කරගෙන ඇත. එවන් මතවාදයක් මුල්බැසගත් සමාජය ඔල්මොරෙන්දම් මානසිකතත්වක්  හිස දරා ඉබාගාතේ යන පිරිසක් බවට පත්වේ. අද ලංකාවට වී ඇත්තේ මෙම ප්‍රශ්ණයයි. 

    දැන් යන්තම් තුන් සූත්‍රය දන්නා අය, පටිච්ච සමුප්පාද විවරණය ගැන ග්‍රන්ථ ප්‍රකාශ කිරීමට පසුබට නොවේ. පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් විෂයයන් ගැන දැනුම් ලබා නොමැති අය ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රයන් ගැන පඬිවදන් පවසයි. කිසිදු සාක්ෂියක් මත පදනම් නොවී, නව මත පහල වෙයි.

    මේ අයට දැනුම හදිසියේ පහල වෙයි. විශ්වාස කල නොහැකි විවිධ සිද්ධීන් සිදුවේ. කිසිදු දැනුමක් පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් ලබා නැති නුගතුන්, විවිධ දේ ගැන පොත් ලියයි. සම්මුඛ සාකච්ඡා පවත්වයි.වොයිස්කට් දෙයි. මිනිසුන් මේ සියල්ලම කියවයි, බලයි. සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමේ මිනුම් දඬු හා සාක්ෂි විශ්වාශ කල නොහැකි යැයි නලින්වාදීන් පවසන නිසා මේ සියල්ලන්ම නිවැරදි විය හැකි යැයි මිනිසුන් සිතයි. විවිධ මත පළකරන්නන් ගෙන් කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න සොයා ගැනීමට නොහැකිව ඔවුන් අතරමං වෙයි. අවසානයේදී  වැඩියෙන්ම ඝෝෂා කරන්නා නිවැරදි යැයි මිනිසුන් තීරණය කරයි. මේ නලින්වාදය විසින් අවුල් කරන ලද සමාජයක ලක්ෂණයි. 

    අද නලින් ද සිල්වා මැතිතුමා පසුපස යන හිතවත් අනුගාමිකයන් ඇත්තේ අතලොස්සකි. එනමුත් දශක තුනක් තිස්සේ එතුමා “ජාතික චින්තනය” යයි නම්කොට ශ්‍රී ලාංකික සමාජය තුලට  එකතු කරන ලද හලාහල විස  මේ වන විට ලාංකික සමාජ දේහය තුල නිධන්ගත වී  තිබේ. වෛද්‍ය වරුන් වන අප රෝගීන්ගේ සිරුරෙන් විස ඉවත් කිරීම ගැන යම් පුහුණුවක් ලබා ඇතිමුත්, සමාජයකින් විස ඉවත් කිරීමට පුහුණුවී නැත. එනිසා බුදුදහමට හා සැබෑ ජාතික චින්තනයට මුවාවී, කරන ලද මෙම ප්‍රෝඩාව ලාංකික සමාජයට, විශේෂයෙන්ම බෞද්ධයන්ට ඒත්තු ගන්වා විස ඉවත් කිරීම ඔබගේත් යුතු කමයි. නලින්වාදීන්, ත්‍රිපිඨකය, බුද්ධ භාෂිතය විකෘති කර ඇතිවා පමණක් නොව එය හෑල්ලුවටද  ලක් කොට ඇත. මෙය සංඝයා වහන්සේලාගේ  හා සැබෑ බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

    ක්ෂුද්‍ර අංශු චතුෂ්කෝටික ක්‍රමයට චලනය වුවත්,නැතත් අපට ප්‍රශ්නයක් නැත. අපට ඇති පළමු ප්‍රශ්නය එය බුදුවදනක් යැයි මුසා බස් පැවසීමයි. දෙවනුව ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය, විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජීය හා සංස්කෘතික සංසිද්ධීන් විග්‍රහ කිරීමට තැත් කිරීමයි. නලින්වාදී රොත්තට අප යෝජනා කරන්නේ සමාජය නොමග නොයවා නැවත පරීක්ෂණාගාරයට ගොස්, දොරගුළුලා ගෙන, ක්ෂුද්‍ර අංශුවල චලනය දෙස බලමින් කල් මරන ලෙසයි.මෙම පරීක්ෂණාගාරය තුල පැලෙන කෙස් ඉවත් කිරීමට විශේෂ පවිත්‍රතා සේවයක් යෙදවීමට සිදුවනු නියතය.

    පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

    (අප නලින්වාදයේ අක්මුල් සිඳ බිඳ දැමීමට ලියන මෙම ලිපි පෙළ ලිපි දහයකට සීමා කරන්නෙමු. මෙම ලිපි කියවන ඔබ අප ඉස්මතු කරණ කරුණු වල හරය වටහා ගෙන නලින්වාදයේ සලකුණක් හෝ දුටු තැන එයට නොබියවමතවාදීව පහර දීමට නොපැකිලෙන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට ලාංකික සමාජය රැගෙන යාමට අදිටන් කර ඇති අපඅපගේ ඊළඟ පියවරෙන් ඔබ හමුවට එන්නෙමු )

    • විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
    • විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
    • විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර
  • රාජ්‍ය නිලධාරීන්ගේ සහායෙන් AURA LANKA HERBALES රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

    රාජ්‍ය නිලධාරීන්ගේ සහායෙන් AURA LANKA HERBALES රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

    රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ.

    දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 කට අයත් වගා බිම් ගිවිසුම් මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

    මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන මෙම සමාගම 2018 ජූලි මස 26 වන දින 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව අංක PV 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

    මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස චන්දික විරන්ජිත් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප‍්‍රථම රාජාංගනය ප‍්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර අලූත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නිදහන් ලබා ගැනීමට ගොස් අත්අඩංගුවට පත් ව මීගමුව බන්ධනාගාර ගත කර තිබේ. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.

    ඔහු විසින් අද වන විට කිසිදු රාජ්‍ය ආයතනයකින්, නීත්‍යානුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොර ව යාය 18 ගම්මානයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් යැයි සඳහන් කරමින් ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරමින් සිටී.

    සමාගමෙන් ගම්මානයට සිදු කරන හානිය

    ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් නැතහොත් රුපියල් මිලියන 74000 ක ආයෝජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් අද වන විට ගොවි ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන බිම් සැකසීම සිදු කරයි. විශේෂයෙන් ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් ආශ්‍රිත ව කලා ඔය හරස් කර අලූතින් ඇළ මාර්ගයක් සකස් කර මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීමට ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. ඇළ මාර්ග සැකසීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ වනාන්තර ඉවත් කර පස් කපා ඇති අතර ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රීට් හා ගල් අතුරා සකස් කර තිබේ. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දන අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කරයි. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත.

    අවුරා ලංකා සමාගම මගින් ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංඟාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළ හොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත.

    යාය 18 ගම්මානය ආශ්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප‍්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිත කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත‍්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප‍්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලූතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලූ සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප‍්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත.

    අවුරා ලංකා සමාගම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප‍්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

    මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා බිම් හා ඊට සමගාමී ව කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ශක්‍යතා ඇගයීමක් මත පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය යටතේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉඩම් නිදහස් කර ගැනීම සිදු කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් ප‍්‍රදේශයේ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත කිසිදු අනුමැතියකින් තොර ව ජනතාවගේ ඉඩම් හා රජයේ ඉඩම් අත්පත් කර ගෙන මෙම සමාගම විසින් සියලූ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.

    ව්‍යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම

    කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත් මෙය ඒක බෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලූ බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග‍්‍ර වන අතර එසේ සේදී යන පස් තට්ටු වැව් හා ගංගා, ඇළ, දොළවල තැම්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප‍්‍රදේශයේ වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය සීමා වී එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂි කර්මාන්තය බිඳ වැටීමට ලක් වේ.

    නියං සමය පවතින කාලවල දී විවෘත වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප‍්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය ශීඝ්‍රයෙන් අඩු වී යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ප‍්‍රදේශවල ජනතාවට උග‍්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස ශීඝ්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප‍්‍රධාන ගැටලුවක් බවට පත් වනු ඇත.

    මේ නිසා කෝමාරිකා වගාව මිශ‍්‍ර බෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටලු බොහොමයක් උද්ගත වනු ඇත.

    මීට අමතර ව මෙම ව්‍යාපෘතිය යටතේ කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති අතර සමහර ඉදිකිරීම් මේ වන විට සිදු කරමින් පවතී. ඒ සියලූ ඉදිකිරීම් සඳහා යොදා ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උදු, තල, බඩඉරිගු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි බෝග වර්ග හා වී වගාව සිදු කළ බිමි ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් අවුරා ලංකා සමාගමෙන් අහිමි කිරීමෙන් එම ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙඳපොළ මත යැපීමට සිදු වනු ඇත. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප‍්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

    නීති විරෝධී ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන්ගේ සහය

    අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය රංජිත් චන්ද්‍රසේන, රාජාංගන ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිනී යන මහත්වරුන්ගේ සහයෝගය යටතේ හා රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් පී. ජී. සුනිල් අබේකෝන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකරු කේ. ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ  සහ රාජාංගනය යාය 11 පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව සිදු කරමින් පවතී.

    රුවන්වැලිසෑය මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා තාබුගල මහතා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද වාර්තා වේ.

    ව්‍යාපෘතියෙන් උල්ලංඝනය කරන අණ පනත්

    මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ  ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප‍්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රි‍යාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

    පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම යන සියලූ ක්‍රියාවලීන් සිදු කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලූ අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටලුවට කරුණකි.

    ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන බව ය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලූ ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • රුපියල මස්තබාල්දු වෙයිද ?

    රුපියල මස්තබාල්දු වෙයිද ?

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි.

    රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා මෝටර් රථ ආනයනය ද දැඩිව පාලනය කර තිබියදී රුපියල මේ ආකාරයෙන් පහත වැටීම ශ්‍රී ලංකාවට ආනයනය කරන අන්තර් භාණ්ඩ (ඛනිජ තෙල් ආදි) කෙරෙහි දැඩිව අහිතකර බලපෑම් සිදුකරනු ඇති බවයි.

    ආනයනය සීමා වුව ද අපනයන හා සංක්‍රාම ආදායම් ප්‍රමාණවත් නොවීම, සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තව දුරටත් අකර්මන්‍ය තත්ත්වයේ තිබීම මේ බිද වැටීමට ඍජු හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ අතර අප සමග අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයෙකු කියා සිටියේ මේ වසර අවසාන වන විට රුපියල තව දුරටත් අවප්‍රමාණය වී බරපතළ ගැටලු ඇති කළ හැකි බවයි.

  • පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලිලා

    පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලිලා

    අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජ‍යේ බොහෝ දෙනකුට එය ආගන්තුක නොවේ.

    බොහෝ දෙනකු එදිනෙදා අතමාරුවට අවිධිමත් අයුරින් පොලී අනුපාත පිළිබඳ ද නොවිමසමින් මුදල් ණයට ගනිති. ගම්බදව පමණක් නොව නාගරිකව ද එය දක්නට පුළුවන. එහෙත් අවසානයේදී කන, කර ආභරණ, ගේ දොර ඉඩකඩම් පමණක් නොව ඇතැම් විට ජීවිතවලින්ද වන්දි ගෙවීමට ඒ ක්ෂණික ගනුදෙනුව හේතු වනු ඇතැයි බොහෝ දෙනකු සිතන්නට පෙලඹෙන්නේ නැත.

    ජාතික වශයෙන් එහි බලපෑම දැඩි වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මහජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලුවලට ස්ථිර පිළියම් යෙදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය භාර අධ්‍යක්ෂ එස්. ඒ. එස් වික්‍රමසිංහ මහතා සමඟ කළ කතාබහකි මේ.

    බොහෝ දෙනකු මෑතක සිට වැඩි පොලියක් දෙනවායැයි කියන සමාගම් සමඟ ගනුදෙනු කිරීමට පෙලඹී සිටිනවා. ඒ ඇයි?

    ලෙඩකට හෝ දුකකට ඉක්මන් මුදල් අවශ්‍යතාවක් ඇතිවූ විට බොහෝ දෙනා පොලිය ගැන විමසන්නේ නැතිව පහසුම කෙනාගෙන් ණයක් ලබා ගන්නයි පෙලඹෙන්නේ. දවස් ණය, සති ණය, මාස් ණය වශයෙන් සරලව හැඳින් වුවත් ඒ තුළ සැඟවුණු පොලිය පිළිබඳ හුඟ දෙනකුට හරි වැටහීමක් නැති වග පෙනෙනවා. පොලිය දවසට 1%ක් බවට හඳුන්වා දුන්නත් අවුරුද්දකට එය 365%ක්. ඒ වුණත් රැයක් දහවලක් කියා වෙනසක් නැතිව මොන විදියකින් හරි මුදල් හදිසිය ඉක්මනින් විසඳා ගන්නයි හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ. ඒ වග එදිනෙදා ණයට අනුන්ට මුදල් දීමට පෙලඹුණු තැනැත්තන් හා එම ආයතන හොඳින් වටහාගෙන සිටිනවා.

    ඒ අයුරින් ජනතාවට 40% සිට 330%ටත් වඩා වැඩි පොලියට මුදල් ණයට දීමේ ක්‍රියාවලියක් ඇතැම් පුද්ගලයන් හා ආයතන හරහා මෙරටින් හඳුනා ගැනීමට පුළුවන්. තනි පුද්ගලයන් පමණක් නොව එතරම් ඉහළ පොලී අනුපාත අයකරන ඇතැම් මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් හෙළිවී තිබෙනවා. ඒවා නිසා අගතියට පත්වූ තැනැත්තන් බොහොමයක් පිළිබඳ නිතර අසන්නට ලැබෙනවා. රට පුරා පවුල් 50,000ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී ඇතැයි අප මේ වන විට හෙළිකරගෙන තිබෙනවා. නැඟෙනහිර පළාතේ මඩකළපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල වැඩි පිරිසක් මේ නිසා විවිධ අර්බුදවලට මුහුණ දෙන බවත් අපට දැනගන්නට ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි. පුත්තලම, පොළොන්නරුව, මහනුවර, මාතලේ දිස්ත්‍රික්වලත් සැලකිය යුතු පිරිසක් ඉහළ පොලියට ණය ලබා ගෙන ඒවා ගෙවාගත නොහැකිව අසරණව සිටින අයුරුත් අපට පෙනී ගියා. උතුරු පළාතෙනුත් මේ හා සම්බන්ධ සිද්ධි මාධ්‍ය හරහා දක්නට ලැබෙනවා.

    මේ අර්බුදවලින් ජනතාව බේරා ගන්නේ කොහොම ද?

    මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම එහිදී ඉතා වැදගත්. දැනටමත් අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්කවල පැවැත්වූ සම්මන්ත්‍රණවලදී අපට ඒ දැනුම සරලව ජනතාවට දීමට හැකි වුණා. රට පුරාම ඒ වැඩසටහන් මේ වසර තුළදී පවත්වා හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. සමස්ත සමාජයම මේ උගුලෙන් ගලවා ගත හැකි වන්නේ මේ පිළිබඳ සියලු දෙනා හරිහැටි දැනුවත් වුවහොත් පමණයි. රටක ආර්ථිකයට එරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා වැදගත්. ඉදිරියේදී මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂයයට ඇතුළත් කිරීමට නියමිත වන්නේත් ඒ නිසයි. ඒත් උපයන දේ කළමනාකරණයට තවමත් අපේ රටේ හුඟ දෙනෙක් හුරුවී නොසිටීමයි ගැටලුව. වැඩිපුර මේ උගුලේ පටලැවී සිටින්නේ කාන්තාවන් බවත් කිව යුතුමයි. අප කටයුතු කරන්නේ ඒ සියල්ලන්ටම සහන සැලසීමටයි. දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරු යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    මොකක් ද ඒ අලුත් වැඩපිළිවෙළ?

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන විෂයයන්ට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අප දැනටමත් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට සම්මන්ත්‍රණ පවත්වා හමාර කළ දිස්ත්‍රික්කවලදී ඉතා අඩු පොලියකට ඉක්මනින්ම කුඩා ප්‍රමාණයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට දැන් වැඩිපුර ඉඩ ප්‍රස්ථා ඇතිකර තිබෙනවා. ඒ අනුව 7% වාර්ෂික පොලියට බැංකුවලින් කුඩා ප්‍රමාණයේ ණය සැපයෙනවා. තවදුරටත් වර්ෂයකට 4% තරම් අඩු පොලියට ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම හරහා ස්වශක්තියෙන් නැඟී සිටින්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවට දිරි දීමට සූදානමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ජනතාවට පැහැබර හෙටක් උදා කිරීමේ පරමාර්ථයෙන් සද්භාවයෙන් යුතුවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ කඩිනම් වැඩසටහනට උරදී සිටින්නේ. ඒ අනුව දැනටමත් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතාවලින් 50%ක් පමණ අප සපුරාලනවා.

    මුළු රටේම ඉතුරුම් තැන්පතුවලින් 30%ක් පමණ පවතින්නේ සමෘද්ධි බැංකු පද්ධතියේ. ඒ අයගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙන් ණය ලබා ගැනීම හා ඒවා නැවත ගෙවීමත් ඉතුරුම් ආයෝජනය ආදිය පිළිබඳ දැනුම්වත් කෙරෙනවා. මේ යටතේ එකවර රුපියල් මිලියන 9000ක් පමණ ගමට යෑමෙන් ඒ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටු වෙනවා. මෙරට සමෘද්ධිලාභින් ලක්ෂ 18කට ආසන්න ගණනක් සිටිනවා. ඉන් 80%ක් පමණ කාන්තාවන්. එය සුවිශේෂයි. ඒ පවුලේ සියල්ලන් සමඟ එක්ව එහි දියුණුවට මුල්වී කටයුතු කරන්නී ඇය නිසයි. ඊට අමතරව රටපුරා පිහිටි සමෘද්ධි බැංකු 1073කට මහ බැංකුව හරහා තවත් අරමුදල් ඉදිරියේදී අපට ලැබෙන්නට නියමිතයි. ඒ වගේම, ප්‍රජා මූල සංවිධාන 3211ක් අප සතුයි. මේ වර්ෂය තුළ ඒ සියලු ප්‍රජා මූල සංවිධානවලට තම තමන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා තමන්ටම සම්පූර්ණ කර ගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. එයින් විශේෂ අවධානයක් ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට යොමු කෙරෙනවා.

    සමෘද්ධි නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු ක්‍රියාත්මකයි. රුපියල් 2000 සිට 10,000 දක්වා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඒ අනුව මසකට 1% පොලියට පිරිමසා ගැනීමට දැන් ජනතාවට පුළුවන්. ඊට තවත් පහසුකම් වැඩි කර තිබෙනවා. ඒ අනුව, කලින් ණයක් ලබා ගැනීමට නම් මාස 3ක් සාමාජිකයකු වශයෙන් සිටිය යුතු වුණා. දැන් ඒ කාලය සති 2ක් දක්වා අඩු කර තිබෙනවා. එකල ආරම්භක ණය වශයෙන් දුන්නේ රුපියල් 50,000යි. එය දැන් 100,000 දක්වා වැඩි කෙරුණා. සමෘද්ධි බැංකු පද්ධතියෙන් 7% පොලියට ප්‍රජා මූල කණ්ඩායම් ඇප මත රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10දක්වා ව්‍යවසායකත්ව ණය දෙනවා.

    එසේම, සමෘද්ධි බැංකු සමිති 331ක් හරහා රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය නිකුත් කෙරෙනවා. දේපළ ආදී ඇප අවශ්‍ය වන්නේ ඊටත් වැඩි නම් පමණයි. මේ යටතේ දවසේ ඕනෑම වේලාවකදී තමන්ගේ ගමේ අසල්වාසි ප්‍රජා මූල සංවිධාන නායකයා හමුවී ඉතා අඩු මාසික පොලියකට අතමාරුවට ණයක් ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. එමෙන්ම, සමෘද්ධිලාභියාට මුදල් ඵලදායීව වියදම් කරන විදියත් අපි කියා දෙනවා. ඒ සඳහාත් අපි ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළු රටපුරා පවත්වනවා. ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ඉදිරි කටයුතු කෙරෙනවා.

    ඒත් ලාභ ලැබීමත් අවශ්‍යයි නේද?

    පැහැදිලිවම. ඒත් ඒ ප්‍රශස්ත ලාභයක් විය යුතුයි. අපේ ප්‍රමුඛ ඉලක්කය ජනතාවට සලසන සේවාවයි. දුප්පත් ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ රජයේ ඉලක්කය ඊට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟවයි අප කටයුතු කරන්නේ. එහිදී මුදල් අමාත්‍යාංශය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැඩි මහජන සුබසිද්ධියක් සැලසෙන ආකාරයටයි අප තීන්දු තීරණ ගන්නේ.

    එහෙමනම් ගිනි පොලීකරුවන් පහුබහියි නේද?

    දැනටමත් ඒ හුඟ දෙනෙක් කලින් අය කළ ගිනි පොලිය 40% තරම් මට්ටමක පවත්වාගෙන යන බව පෙනෙනවා. ඉදිරියේදී එය තවත් අඩු නොවුණොත් මහජනතාව අතර පැවැත්මක් ඒ අයට නැති වෙයි. ඒ වග ඔවුන් හොඳින්ම දන්නවා. අනෙක ඒ අක්‍රමිකතා යළි ඇති නොවන්නට නීති රීති ඇති කිරීමටත් අවධානය යොමු කර තිබෙන වග අපට හඳුනා ගැනීමට ලැබෙනවා.

    නුවන් මහේෂ් ජයවික්‍රම – දිනමිණ ඇසුරිණි

  • පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගුයි

    පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගුයි

    ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. 

    සමාගම් හතරකින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්‍ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද (29) භාරදී තිබේ. 

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසුවේ එක් ආයතනයක් මෙරටට ආනයනය කළ පොල්තෙල් වල එම පිළිකා කාරකය අඩංගු බව සිදුකළ දෙවන පරීක්ෂණයෙන් ඊයේ වාර්තා වු බවයි. ඒ අනුව අනෙකුත් ආයතන 03 විසින් ආනයනය කරන ලද පොල්තෙල්වලට අදාළ දෙවන සාම්පලවල පරීක්ෂණ වාර්තාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද භාරදුන් බව ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසීය.

    මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් දිවයිනම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් සාම්පල් පහ බැගින් සාම්පල් 125 ක් ලබා ගත් බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අදාල පොල්තෙල් ආනයනික සමාගම් නීති විරෝධී ලෙස ගුදම්වලින් ඉවත්කර තිබුණ හොත් නීතිමය පියවර ගන්නා බව ද ලසන්ත අලගියවන්න ඇමැතිවරයා පැවසීය.

  • විවාහය තුළ ලිංගික ඌනතාවයේ බලපෑම් සහ එය ජයගත හැකි සුපිරි ක්‍රම

    විවාහය තුළ ලිංගික ඌනතාවයේ බලපෑම් සහ එය ජයගත හැකි සුපිරි ක්‍රම

    විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා ප්‍රකාශ නොකර එකිනෙකා තේරුම් ගැනීමයි. ආරම්භයේ දී එය දුෂ්කර කාර්යයක් සේ පෙනෙන්නට පුළුවන.

    කෙසේ වෙතත්, කාලය ගත වන විට ඔබේ විවාහය තුළ මැලියම් ටිකක් දැමීමට අවශ්‍ය කුඩා ඉරිතැලීම් ඇති බව ඔබට පෙනේ. එය රිදෙන තැන වෙළුම් පටියක් දැමීමට ඔබට අවශ්‍ය වනු ඇත. එම ගැටලුවලට දික්කසාද වීම මගින් විසඳුම් සෙවීමට වඩා වඩාත් බුද්ධිමත්ව පිළියම් සොයා ගැනීමට උපකාර වන පහත දැක්වෙන විශේෂඥ උපදෙස් අත්හදා බලන්න.

    විවාහය තුළ ලිංගිකත්වයේ lack නතාවයේ බලපෑම්

    කාලයත් සමඟ ඔබ සහ ඔබේ සහකරු ප්‍රමාණවත් තරම් ලිංගිකව හැසිරෙන්නේ නැති බව ඔබ දකින්නේද? ලිංගික අත්දැකීම් කම්පන සහගතද? ඔබ කැමති අතරතුර ඔබ උපරිමයට ළඟා නොවන්නේද? එය සියල්ලම දීම හා ආපසු කිසිවක් නොවේද? ඔබට බොහෝ විට ශාරීරික සමීපතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් ඔබේ ඉල්ලීම් ඔබේ සහකරු විසින් අඩු කරනු ලැබේ ? මේ සියල්ලටම පිළිතුර ස්ථිරසාරව තිබේ නම්, ඔබ බොහෝ සෙයින් ගැඹුරු විය හැකිය. 

    චිත්තවේගීය වශයෙන් නොපැවතීම හෝ දුරස් වීම ඔබේ විවාහයට හානි පමුණුවන්නාක් මෙන්, ලිංගික සම්බන්ධතාවල හිඟකමද සමාන විනාශයක් ඇති කළ හැකිය. එහි ප්‍රතිඵල වඩාත් මුල් බැස ඇති අතර පසුව විවාහයේ වෙනත් ඉරිතැලීම්වලට ගොදුරු වී විශාල ගැටළුවක් ඇති කළ හැකිය. විවාහයක් තුළ ලිංගික සම්බන්ධකම් නොමැතිකම යෝධ ගැටළු ඇති කළ හැකිය. ඒවායින් සමහරක් දෙස බලමු:

    1. වැරදි වැටහීම්
    2. අත්ම අභිමානයට පහරදීම
    3. හුදකලා හැගීම
    4. විවාහය පිළිබද විසිරුණු සිතුවිලි
    5. කුමක් කළ යුතුද ?
    6. නිතර අසනු ලබන ප්‍රශ්න

    වැරදි වැටහීම්

    ලිංගික වැරදි වැටහීම් නොමැතිකම

    විවාහය තුළ ලිංගික සම්බන්ධතා හෝ සතුට නොමැතිකම නිසැකවම බරපතල ගැටුම් ඇතිකරන ඊට හේතු වන ප්‍රමුඛ කරුණක් වන්නේ වරදවා වටහා ගැනීමයි. ඔබ හෝ ඔබේ සහකරු යම් දෙයක් ගැන කලබල වන විට අපේක්ෂා භංගත්වය වෙනත් ආකාරවලින් වර්ධනය විය හැකිය. එම ලිංගික කළකිරීම දැන් තත්ත්වය තව දුරටත් අවුල් කරයි. 

    ඉඟිය: ඔබ සමඟ සටන් කිරීම හා වාද කිරීම වෙනුවට, ඔබගෙන් කෙනෙකුට ගැඹුරු හුස්මක් ගත හැකි අතර ඔබ ප්‍රතිචාර දැක්වීමට පෙර තත්පර 10 ක් රැඳී සිටින්න.

    විවාහය තුළ ආත්ම අභිමානයට පහර දෙයි

    විවාහය තුළ ආත්ම අභිමානයට පහර දෙයි

    ලිංගික සම්බන්ධතා නොමැතිකම ඔබේ ආත්ම විශ්වාසයට හා ආත්ම අභිමානයට බාධාවක් විය හැකිය. ඔබ කොහේ හරි වැරැද්දක් කර ඇති බව ඔබට හැඟෙන්නට පටන් ගත හැකි අතර එය වෙනත් ප්‍රදේශවලට බලපායි. ඔබ ඔබ ගැන ඕනෑවට වඩා දැනුවත් වීමට පටන් ගත හැකි අතර එය ඔබේ සහකරු හැර ඔබේ වෘත්තීය හෝ වෙනත් පුද්ගලික අංශවල ඍණාත්මක ලෙස පිළිබිඹු විය හැකිය. 

    ඉඟිය: මුලින්ම ඇත්ත තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා හුරුබුහුටි හෝ සමහර නරක පාඨයන් ලිස්සා යාමෙන් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.

    හුදකලා වීමේ හැඟීම්

    හුදෙකලා වීමේ ලිංගික හැඟීම් නොමැතිකම

    සමහර විට ලිංගික සම්බන්ධතා රහිත විවාහයන් වෙනත් ආකාරයකින් සිදු කිරීමට වඩා වේගයෙන් ඔවුන්ගේ ගමන් මග මෙහෙයවිය හැකිය. ආත්ම අභිමානය නිසා හුදෙකලා බවක් දැනෙන්නට පුළුවන. සමස්ත සෙනෙහස, චිත්තවේගීය සමීපතාවට පහරක් එල්ල විය හැකි අතර වෙන්වීම හෝ දික්කසාදය දක්වාම ගමන් කළ හැකිය. 

    ඉඟිය : ඔබට තනිකමක්, කනස්සල්ලක් හා ඔබව ලෝකයෙන් වීමට අවශ්‍ය නම්, ඔබ තව දුරටත් අඳුරු වළට යාමට පෙර ඔබේ මිතුරන් හා පවුලේ අයට කතා කිරීමට සුදුසුම කාලය පැමිණ ඇති බව සලකන්න. නොපමාව ඔවුන් වෙත ගොස් කතා කරන්න.

    විවාහය පිළිබඳ විසිරුණු සිතුවිලි

    විවාහය පිළිබඳ විසිරුණු සිතුවිලි

    මෙය ඉතා අපැහැදිලි තත්ත්වයක් සේ පෙනුණ ද  නිරන්තරයෙන් අතෘප්තිය පිළිබඳ හැඟීම ඔබව ඔබේ විවාහය පිළිබඳව ව්‍යාකූලත්වයට පත්විය හැකි සිතුවිලි සමූහයකට ඔබව යොමු කරයි. 

    ඉඟිය: ඔබේ මනසින් ව්‍යාකූලත්වය දුරු කර ගැනීම සඳහා එය සහකරුගෙන් හෝ සහකාරියගෙන් කෙළින්ම ඇසීම වඩාත් සුදුසුය. සුදුසු විසඳුම සදහා සංවාදයට ඉඩ දෙන්න. පරෙස්සම් වන්න, අවංක වන්න, අගෞරව නොකරන්න.

    කුමක් කරන්න ද?

    ලිංගිකත්වය නොමැතිකම - කුමක් කළ යුතුද?

    ලිංගික සම්බන්ධතා නොමැතිකම නිසැකවම කලකිරීමට හේතුවක් විය හැකි නමුත්, ඔබේ මුහුණ පුරා ලියා ඇති කලකිරීමෙන් හා අමනාපයෙන් ඒ ගැන කතා කිරීමට  උත්සාහ කිරීම ඔබේ සහකරු හෝ සහකාරිය යළි ඔබගෙන් දුරස්ථ කිරීමට හේතුවකි. ඒ නිසා මනස විවෘත කරන්න / ලිහිල් කරන්න. ඔබ දෙදෙනාම ප්‍රසන්න මනෝභාවයක සිටින විට ඔවුන් / ඇය සමඟ ඇත්ත තත්ත්වය පිළිගැනීමට උත්සාහ කරන්න. ඔබ කතා කරන විට එය චෝදනාවක් නොවන බවත් ඔබේ ස්වරය කිසිදු ආකාරයකින් චෝදනා නොකරන බවත් සහතික කරගන්න. එසේ නොමැතිනම්, ඔබ නැවත වරක් බිත්තියක් සමඟ කතා කරනු ඇත. ”

    ලිංගික සම්බන්ධතා

    ඔබ ගැන යමක් ඇත්දැයි පරීක්ෂා කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. 

    “ඔබ ගැනම සෝදිසි කර බැලීමට සහ වැඩ කිරීමට ඔබට උපකාර කිරීම ඉතා හොඳ නිර්මාණාත්මක ප්‍රතිපෝෂණයක් විය හැකිය. මෙම ලිංගික වැළකී සිටීම ඔබට රිදවන ආකාරය සහ සම්බන්ධතාවය ඔබට ඉතා වැදගත් බව ඔබේ සහකරුට දන්වන්න.

    මෙම ප්‍රවේශය මඟින් ඔබ නැවත දේවල් දෙස බැලීමට පෙළඹෙනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය. මෙය ක්‍රියාත්මක නොවන්නේ නම්, විවෘතව කතා කිරීමට ඔබේ සහකරු / සහකාරිය දිරිමත් කරන්න. ආශාවේ ඌනතාවයට  හේතු වන දේ සොයා ගන්න උත්සාහා කරන්න. සමහර විට ඈත්වීම නිර්මාණය කරන ගැඹුරු, යටින් පවතින ගැටලු තිබිය හැකිය. එකට කාමුක දර්ශන නැරඹීම විශාල හැරීමක් වන අතර එය අත්හදා බැලිය යුතුය. 

    ලිංගික මන ant කල්පිත

    ඉතින්, ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ විෂය වෙත ළඟා වීමට අත්‍යවශ්‍ය කරුණු පහක්:

    • අවංකකම, කෙසේ වෙතත්, ඔබ  සහකාරිය හෝ සහකරු අධෛර්යමත් නොකිරීමට වගබලා ගත යුතුය.
    • ඔහු හෝ ඇය වෙනුවට සංවාදය සහ ඔබම ආරම්භ කරන්න.
    • ඔබ වැරදියට යන්නේ කොතැනටද යන්න තේරුම් ගන්න.
    • ගැටළු විසඳීමට ඔබට පාලනය කළ නොහැකි නම්, එක්කෝ උදව් කිරීමට හෝ කාලය වෙන් කර ගැනීමට කටයුතු කරන්න.
    • ගැටළු දෙස නොබලන්න, විසඳුමක් සෙවීම දෙස බලන්න.

    නිතර අසනු ලබන ප්‍රශ්න

    විවාහයකදී ලිංගිකත්වය වැදගත්ද?

    ප්‍රශ්නය – විවාහයකදී ලිංගිකත්වය වැදගත්ද?

    පිළිතුර – ඕනෑම සම්බන්ධතාවයකදී මෙන්ම, ඕනෑම ප්‍රේම සම්බන්ධතාවයක ශාරීරික සමීපතාව ඔබේ චිත්තවේගීය හැකියාව තරම් වැදගත් වේ.

    ප්‍රශ්නය – ලිංගික සම්බන්ධකම් නොමැතිකම මගේ විවාහයට බලපාන්නේ කෙසේද?

    පිළිතුර – ලිංගික සම්බන්ධකම් නැති විවාහයක් කරගෙන යාම දුෂ්කර විය හැකියි. චිත්තවේගීය ස්ථාවරත්වය, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, විවාහය පිළිබඳ බැරෑරුම්කම වැනි විවිධ ආකාරවලින් එය ඔබට බලපායි, ඔබ කලබලයට පත්වනු ඇත.

    ප්‍රශ්නය – විවාහයකදී ලිංගික හිඟය මඟහරවා ගන්නේ කෙසේද?

    පිළිතුර – ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය කළහොත් ඕනෑම ගැටළුවක් විසඳිය හැකිය. ඔබ හෝ ඔබේ සහකරු ස්පර්ශ කිරීමට පසුබට වන මාතෘකා සාකච්ඡා කිරීමට උත්සාහ කරන්න. ඔබට එම බාධකය බිඳ දැමිය හැකිදැයි උත්සාහ කර බලන්න. එය අවසන් වූ පසු, ඔබ වැරදියට යන්නේ කොතැනද යන්න තේරුම් ගෙන ඔබේ සම්පූර්ණ සම්බන්ධතාවය නැවැත්වීම වෙනුවට එය නිවැරදි කිරීමට උත්සාහ කරන්න.

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ‘ඇෆලටොක්සීන් අඩංගු පොල්තෙල් ආහාරයට එක් වුණොත් අක්මාවේ පිළිකා අවදානමක්

    ‘ඇෆලටොක්සීන් අඩංගු පොල්තෙල් ආහාරයට එක් වුණොත් අක්මාවේ පිළිකා අවදානමක්

    මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව ලංකාදීප ඊ පුවත්පත අද (28) වාර්තා කළා.

    ‘මෙම කරුණ ගැන ජනතාවගේ අවධානය යොමු කරමින් මහාචාර්යවරයා මෙසේ ද සදහන් කර තිබෙනවා,

    ‘‘මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ  අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින්  අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්‘

    මේ අතර දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් අහඹු ලෙස ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆලටොක්සීස් අඩංගුදැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට අද ( 28) බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසූ බව ද ලංකාදීප ඊ පුවත්පත වාර්තා කළා.

    පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදෙනු ඇති බවත්මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර තිබෙනවා.

    විෂ පොල්තෙල් පරීක්ෂණයෙන් එක් සමාගමක් දෙවන වරටත් අසමත් – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

    ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා තිබෙනවා.

    සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක සමාගමක දෙවැනි සම්පලය ද තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොගය ප්‍රතිඅපනයන කිරීමේ වගකීම රේගුව සතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසුවා.

  • ‘ඇඳ’ ගැන සුපිරි කතා 13ක්

    ‘ඇඳ’ ගැන සුපිරි කතා 13ක්

    ඇඳ‘ කියන්නේ අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක්. එය ඒ තරමට අපට සමීපයි. අත්‍යවශ්‍යයි. උදාහරණයක් ලෙස දිගු ගමනකින් පසු, තමාගේම ඇඳකට නැගීමට වඩා හොඳ දෙයක් තවත් නැහැ.  ඇඳ කියන්නේ ඊටත් වඩා බොහෝ සුවිශේෂ ගෘහ භාණ්ඩයක් මේ එහි සුවිශේෂත්වය ගැන ඔබ නොදැන සිටි කරුණු 13ක්

    1. මෙට්ට මීට වසර 77,000 කට පෙර පැවතුනි

    ඇඳ සහ මෙට්ටය අතර තිබෙන්නේ ගසට – පොත්ත වාගේ සම්බන්ධයක්. මෙට්ට සඳහා පැරණිතම සාක්ෂිය වන්නේ මීට වසර 77,000 කට පෙර ගල් යුගයේ සිට යි. දකුණු අප්‍රිකාවේ ගුහා වල මිනිසුන් නිදාගෙන සිටියේ අතින් වියන ලද මෙට්ට මත යි. ගුහා එතරම් සුවපහසු නොවූ අතර බිම දිගේ බඩගා යන කෘමීන් සතුන්ගෙන් බේරීමට ඔවුන් මෙට්ට භාවිතා කළා.

    2. පළමු ඇඳන් ගල් ගොඩවල් විය

    තුර්කියේ කැටල්හෝයුක්හි (නව ශිලා යුගයේ එනම් මීට වසර 10,000 කට පෙර) මිනිසුන් නිදා ගැනීමට වේදිකා සකස් කර තිබුණා. අවුරුදු 6,000 ක් පැරණි ඕර්ක්නිස් හි ස්කාරා බ්‍රේගේ ජනාවාසයේදී ද එවැනි ගල් වේදිකා හමු වුණා. මෙම උස් වේදිකා අත්‍යවශ්‍යයෙන්ම පළමු ඇඳන් බවට විශ්වාස කළ හැකියි.

    3. ඊජිප්තු ඇඳන් කකුල් කැටයම් කර පහළට බෑවුම් කර තිබුණි

    ධනවත් ඊජිප්තුවරුන්ගේ ඇඳන් වල කකුල් අලංකාර ලෙස කැටයම් කර තිබූ අතර නූතන ඇඳන් හා සසඳන විට, ඒවා පැතලි නොවූ නමුත් හිස තබන ප්‍ර දේශය මදක් උස්ව පිහිටා තිබුණා.

    4. නැඟෙනහිර පළාතේ ඇඳක් උසස් තත්වයක් අදහස් කළේ නැත

    බටහිර රටවල ඇඳක් හිමිවීමෙන් අදහස් කළේ ඔබ උසස් සමාජ තත්වයක සිටින බවයි, නමුත් මෙය ලෝකයේ බොහෝ ප්‍රදේශවල එවැනි පිළිගැනීමක් ලබා ගත්තේ නැහැ. ජපානයේ සාම්ප්‍රදායික ටාටාමි පැදුරු මත නිදා ගන්නා අතර කසකස්තානයේ සමහර ප්‍රදේශවල, ටුෂුක්ස් ලෙස හැඳින්වෙන රෝල් කරන ලද නිදන බෑග්වල බිම නිදා ගැනීම තවමත් සාමාන්‍ය දෙයකි. මෙයට හේතුව ඔවුන් සංචාරක දිවියක් ගත කළ නිසා ඔවුන්ගේ කූඩාරම් සහ ඇඳන් ද නිතර නිතර වෙනස් ස්ථානවලට රැගෙන යාමට සිදුවීමයි.

    5. රෝමවරු සහ ග්‍රීකයෝ ඇඳේ කෑම කෑහ

    රෝම සහ ග්‍රීක ඇඳන් බහු ක්‍රියාකාරී විය: ඒවා නිදාගැනීම සඳහා මෙන්ම ආහාර අනුභව කිරීම පිණිස ද භාවිතා කරන ලදී. ඊළඟ වතාවේ ඔබ එම ධාන්‍ය පිගාන ඇඳට ගෙන යන විට වරදකාරි හැඟීමක් ඇති කර ගත යුතු නැත. ඔබ හුදෙක් අනුගමනය කරන්නේ රෝම ධනවතුන්ය.

    6. සමහර මධ්‍යකාලීන ඇඳන් සැබවින්ම අති විශාලය

    මධ්‍ය කාලීන යුගයේ ඇඳක් කොතරම් විශාලද කියනවා නම් ඔබගේ මුළු පවුලටම එහි නිදාගත හැකිය. මධ්‍ය කාලීන යුරෝපයේ, බොහෝ දුප්පතුන් පිදුරු මත නිදාගෙන සිටියද ධනවතුන් “මහා ඇඳ” යනුවෙන් හැඳින්වෙන දේ සංවර්ධනය කිරීමට පටන් ගත්හ. මේවා අතිවිශිෂ්ට ගෘහ භාණ්ඩ වූ අතර, වඩාත් ප්‍රචලිත වූයේ එලිසබෙතන් මහා ඇඳ වේ. 

    7. “තදින් නිදාගන්න” යන වාක්‍ය ඛණ්ඩය ඇඳන් සෑදූ ආකාරය හා බැඳී පවතී

    මෙම මුල් නූතන ඇඳන් කකුල්වල හා රාමුවේ ලී විය හැකි අතර පසුව මැදින් ස්වාභාවික තන්තු වලින් සාදන ලද රැහැන් වල දැලිස් වැඩක් තිබෙන්නට ඇත. මෙම රැහැන් දිගු වී මන්දගාමී වන බැවින් ඒවා තද කළ යුතුය. “තදින් නිදාගන්න” යන වාක්‍ය ඛණ්ඩය පැමිණෙන්නේ එතැනිනි.

    8. පෝස්ටර් ඇඳන් හතරක් තත්වය පෙන්වීමට ක්‍රමයක් විය

    ප්‍රංශයේ චැටෝ ඩි අසේ-ලෙ-රීඩෝ හි පෝස්ටර් හතරක ඇඳක්

    1400 සහ 1500 දශකවල පෝස්ටර් ඇඳ හතරේ උපත හා ජනප්‍රියත්වය දක්නට ලැබුණි. ඒවාට ඉහළින් ටෙස්ටර් සහ ඝන තිර සහ කුෂන් වියන් විය. ඒවා කුඩා සිනමාහල් බවට පරිවර්තනය විය. මෙම සුන්දර ඇඳන් තත්වය පෙන්වීමේ ක්‍රමයක් විය.

    9. දේශපාලන ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූයේ ඇඳ ය

    මුල් නූතන යුගය ඇඳන් සඳහා ප්‍රසිද්ධය. එම සංස්කෘතිය වර්ධනය කිරීමෙහිලා කැපී පෙනෙන රජවරුන් දෙදෙනෙකු වූයේ ප්‍රංශයේ XIV වන ලුවී සහ චාල්ස් රජු ය. ඇඳ ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ කේන්ද්‍රස්ථානය විය. ඇඳ යනු රජතුමාට වඩාත්ම කැමති කුමන රාජ සභිකයන්ද යන්න නිරූපණය කිරීම සඳහා විවිධ චාරිත්‍ර ඉටු කළ හැකි වේදිකාවක් විය. රජු අවදි වන ආකාරය නිරීක්ෂණය කිරීමට වර්සයිල්ස්හි දී වඩාත් කැමති රාජ සභිකයන්ට පවා ආරාධනා කරන ලදී.

    10. නපුරට එරෙහිව සටන් කිරීම සඳහා අපි ළදරුවන්ගේ තොටිල්ලට ඉහළින් පිහි එල්ලා තැබුවෙමු

    කිතුනුවන් විශ්වාස කළේ ඔවුන් නිදා සිටියදී ආත්මික ප්‍රහාරවලින් ඔවුන් ඉතා අවදානමට ලක්විය හැකි බවයි.එනම් අන්ධකාරයේ පැයවලදී යක්ෂයාගේ බලයන් උපරිම මට්ටමක පවතින බවයි. රාත්‍රියේදී මිනිසුන් නිදා සිටියදී ඝාතනය කරනු ලැබූ බවට බයිබලයේ උදාහරණ ඇත. මෙහි ප්‍රතිඵලය වූයේ නින්දට යාමේ චාරිත්‍ර විශාල ප්‍රමාණයක් බිහිවීමයි.

    වඩාත් සුලභ වූ ඇඳ අසල යාච්ඥා හැරුණු විට, මිනිසුන්ට කොරල් වලින් සාදන ලද ආභරණ ඇද අසල තැබූහ. ඔවුන් ගෙල වටා වෘකයන්ගේ දත් ද පැළඳ සිටින අතර (පැහැදිලිවම උපද්‍රව තිබියදීත්) යකඩ පිහි ළදරුවන්ගේ තොටිල්ලට ඉහළින් එල්ලා තිබුණි. ලෝහය අද්භූත ප්‍රහාරයට එරෙහිව ආරක්ෂාවක් ලෙස සැලකේ.

    11. අපි මෙට්ට හයක් පමණ නිදාගෙන සිටියෙමු

    මුල් නූතන යුගයේ දී, සාමාන්‍යයෙන් ඇඳ සහ රෙදිපිළි පවුලක වත්කම්වලින් තුනෙන් එකක් පමණ විය. මුල් නූතන යුගයේ දී, පවුල් ඇදහිය නොහැකි තරම් මුදලක්, කාලය සහ සම්පත් ඇඳන් සඳහා ආයෝජනය කළහ. අදාළ පුද්ගලයා කෙතරම් වැදගත්ද යන්න මත පදනම්ව, මෙට්ට එක හා හය අතර ප්‍රමාණයක් එකිනෙක උඩින් තබා නිදා ගැනීම සිදුවිය.  

    12. වික්ටෝරියානුවන් රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා යකඩ ඇඳ රාමු හඳුන්වා දුන්හ

    19 වන ශතවර්ෂය වන තුරුම ඇඳන් සියල්ලම පාහේ ලී වලින් සාදා තිබුණි. වර්ෂ 1860 ගණන්වලදී මිනිසුන් විෂබීජ පිළිබඳව දැනුවත් වීමට පටන් ගත් අතර ලී ඇඳ රාමු (උකුණන් හා භූතදෝෂ සඳහා ඉලක්කයක් වූ) යකඩ වෙනුවට ආදේශ කරන ලදී. මේවා පිරිසිදු කිරීමට පහසු වූ අතර එබැවින් වඩාත් සෞඛ්‍යාරක්ෂිත විය. මෙට්ට මෝස්තරයේ ද වෙනසක් සිදු වූ අතර දඟර වසන්ත මෙට්ටය බිහි විය.

    13. වික්ටෝරියානුවන් ළමයින්ගේ නිදන කාමරය නිර්මාණය කළහ

    ඓතිහාසික වශයෙන්, පවුලක් එකම ඇඳක නිදා ගනී. නමුත් වික්ටෝරියානුවන් සැබවින්ම ගැටුම් ඇති කර ගත්තේ මිනිසුන් වෙනම නිදා ගත යුතුය යන අදහසිනි. වික්ටෝරියානු සෞඛ්‍ය විශේෂඥයන් ලියා ඇත්තේ වැඩිහිටියන් රාත්‍රියේදී දරුවන්ගේ තරුණ ශක්තිය උරා ගැනීම වැළැක්වීම සඳහා දෙමාපියන්ගෙන් ඈත් විය යුතු බවයි!

    බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ