Category: සුපිරි Cases

  • ‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

    ‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි

    ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි.

    රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය මාස කීපය තුළ දී වර්ධනය වී තිබුණි.

    මෙම තහනම සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි ඒකක සඳහා බලපැවැත්වෙනු ඇති නමුත්, ඒවාට පාදක වූ තාක්‍ෂණය සහ එහි භාවිතයන් ප්‍රවර්ධනයට අවසර ලැබෙන ඇතැම් ව්‍යතිරේකයන් ද මෙහි ඇතුළත් වේ.

    මෙම පනතේ අනාගතය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවිවල ක්‍රිප්ටොකරන්සි මිල පහත වැටුණි.

    “ක්‍රිප්ටොකරන්සි පනත”

    ඉන්දීය රජය ප්‍රකාශ කරන පරිදි මෙම තහනම යෝජිත ‘ක්‍රිප්ටොකරන්සි සහ නිල ඩිජිටල් මුදල් නියාමන’ පනතෙහි කොටසක් වන අතර, එය ඉන්දීය පාර්ලිමේන්තුවේ සීත සෘතු සැසියේ දී හඳුන්වා දෙනු ඇත.

    මේ නව නීති සම්පාදනය මඟින්, “ඉන්දියානු මහ බැංකුව (RBI) නිකුත් කිරිමට බලාපොරොත්තුවන නිල ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කිරීම පහසු කරවන රාමුවක් නිර්මාණය කිරීමට” අරමුණු කරයි.

    සියලුම පුද්ගලික ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීමේ මේ නව සැලැස්ම, පසුගිය ජනවාරියේ දී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට අතිශයින්ම සමානබව පෙනෙන්නට තිබේ.

    මෑත මාසවල දී රජය ක්‍රිප්ටොකරන්සි පිළිබඳ සිය ස්ථාවරය ලිහිල් කරනු ඇතැ යි බොහෝදෙනා සිතූ අතර, ඇතැම්විට ඒවා ගෙවීමේ මාධ්‍යයක් නොව වත්කම් ලෙස නියාමනය කිරීමට උත්සාහ කරනබව විශ්වාස කළෝ ය.

    පනත පිළිබඳ ඇති විස්තරය වෙනස් නොවුණත්, නවතම කෙටුම්පත තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති නිසා එයට සිදුකර ඇති වෙනස්කම් තවමත් තහවුරුකර ගැනීමට නොහැකි වී තිබේ.

    වෙළඳපොළට ඇතිවන බලපෑම

    පනත පිළිබඳව නිවේදනය කෙරුණු වහාම ඩිජිටල් මුදල් ඒකකයන් කීපයකම වටිනාකම පහත වැටී ඇතැ යි වාර්තා වේ.

    ඉන්දියානු ක්‍රිප්ටොකරන්සි හුවමාරු අඩවියක් වන WazirXහි දී බිට්කොයින් වටිනාකම 13%කින් පහළ ගිය අතර, ශිබා ඉනූ සහ ඩෝජ්කොයින්වල වටිනාකම 15%කින් පහත වැටී තිබේ.

    කෙසේ වෙතත් ‘The Crypto Trader’ නම් කෘතියේ රචක ග්ලෙන් ගුඩ්මන් BBC සමග ප්‍රකාශ කළේ, මෙයින් ගෝලීය වශයෙන් ඇතිවිය හැකි බලපෑම “සාපේක්ෂව අවමබව” යි.

    “චීනය ක්‍රිප්ටොකරන්සි තහනම් කරන්න තීරණය කරපු වෙලාවෙත් – ඒක ඒ දවස්වල හරිම ලොකු සිද්ධියක් – ඒකට ක්‍රිප්ටො වෙළඳපොල සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරුව ගියා,” ඔහු පැවසුවේ ය.

    A real-world coin designed with the Bitcoin logo lies scattered on a table amid some miniature Chinese flags
    සැප්තැම්බර් මාසයේ දී චීන මහ බැංකුව නිවේදනය කළේ ක්‍රිප්ටොකරන්සිවලින් සිදු කරන සියලු ගනුදෙනු නීතිවිරෝධී වන බවයි

    India Today මාධ්‍ය ආයතනය ඉදිරිපත් කළ වීඩියෝ වාර්තාවකට අනුව, ක්‍රිප්ටොකරන්සි පරිශීලකයන් යම් යම් අවශ්‍යතා සැපිරූ හුවමාරුවලින් ඩිජිටල් විනිමය මිල දී ගන්නා තෙක්, යෝජිත බිල්පත යටතේ ක්‍රිප්ටොකරන්සි වෙළඳාම දිගටම පවත්වාගෙන යෑමට ඉඩකඩ තිබේ.

    එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා, ක්‍රිප්ටොකරන්සි නිර්මාණය කිරීමට අවසර ලබන්නේ කවුද යන්න මත සිමා පැනවීම කෙරෙහි මෙම පනත මඟින් අවධානය යොමු කරනු ඇතිබව යි.

    ‘මහ බැංකුවට බරපතල ගැටලු’

    CoinDesk නම් වෙබ් අඩවිය පවසන පරිදි, RBI, එනම් ඉන්දීය මහ බැංකුවට ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ඇත්තේ ගතානුගතික මතයන්යැ යි සැලකේ.

    2020 වසරේ මාර්තුවේ දී, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මහ බැංකුව විසින් වසර දෙකක් පුරා ඩිජිටල් මුදල් වෙළඳාමට පැනවී තිබූ තහනමක් අවලංගු කළේ ය.

    පසුගිය සතියේ මහ බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් පැවසුවේ, “සාර්ව ආර්ථික හා මූල්‍යමය ස්ථාවරත්වය අතින් සලකා බැලූකල බරපතල ගැටලු” බැංකුවට මතුවූබව යි. බ්ලොක්චේන් තාක්ෂණයට ක්‍රිප්ටොකරන්සිවලින් තොරව ද දියුණු විය හැකියැ යි ඔහු පැවසුවේ ය.

    කෙසේ නමුත්, කතුවර ගුඩ්මන් චීනය මෑතක දී ක්‍රිප්ටොකරන්සි තහනම් කිරීම වෙත ද, එල් සැල්වදෝරය ක්‍රිප්ටොකරන්සි අරමුදල් ලෙස යොදාගෙන ගිනි කන්දක් පාමුල බිට්කොයින් නගරයක් පිහිටුවීමට සැලසුම් කිරීම වෙත ද අවධානය යොමුකළේ ය.

    “රජයයන් [ක්‍රිප්ටොකරන්සි] සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එකිනෙකට බෙහෙවින්ම වෙනස් ප්‍රවේශයන්,” ඔහු පැවසීය. “ඔවුන් ඒක තර්ජනයක්, වාසිදායක අවස්ථාවක්, හෝ ඒ දෙකට අතරමැද යමක් ලෙස දකින්න පුළුවන්.”

    කතුවර ගුඩ්මන් පවසන්නේ, චීන රජයට අවශ්‍යව ඇත්තේ තමා නිපදවන ඩිජිටල් මුදල් ඒකකය හැරුණු විට අනෙකුත් සියලුම ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමටබව යි.

    “ඒ අයට ඕනේ ක්‍රිප්ටොකරන්සි පාලනය කරන්න. මට පේන්නේ ඉන්දියානු රජයට ඇතිවෙලා තියෙන්නේ ඒ අදහසම යි.”

    “මේ අය හිතන්නේ, ‘හොඳයි, චීනේ එහෙම කරනවා නම් අපිටත් එහෙම කරන්න පුළුවන්’ කියලා.”

    bbc sandasaya

  • ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

    ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද?

    ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා සිදුවූයේයැ යි රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. මේ සමගම “ගෑස් භීතිකාවක්” සමාජ මාධ්‍යයන් තුළ හිස ඔසවනු දක්නට ලැබුණි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිරෙන කතාව අසත්‍යයක්බව යි.

    එනමුත්, ගෑස් පිපිරීම්වලට හේතුව නම් කිසිදු දැනුම්දීමකින් තොරව ගෘහස්ත සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීමබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

    කෙසේ වෙතත්, නොවැම්බර් 25 දා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා ප්‍රකාශකර තිබුණේ “ගෑස් පිපිරීම් සිදුවී ඇත්තේ එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් යන්න රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වනබව සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක්බව” යි.

    පසුගිය දා කොළඹ අවන්හලක ගින්න ඇතිවූයේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව අවන්හල තුළ කාන්දු වී, එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවැති විදුලි උපකරණයක් මඟින් පුළිඟුවක් නිකුත්වීමෙන් එම වායුව ජ්වලනය වූ නිසායැ යි රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වනබව ද මෙම ප්‍රකාශයේ සඳහන් විය.

    ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා

    ගෑස්වල සංයුතිය වෙනස් කරලා – පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් සිලින්ඩරයක ප්‍රධානකොටම අඩංගු වන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායූන් වර්ග දෙක යි. මේ සඳහා නිශ්චිත සංයුතියක් තිබේ.

    නමුත් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ගෑස් සංයුතිය වෙනස්කර ඇතිබවත්, මේ පිපිරීම්වලට හේතුවී ඇත්තේ එයබවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගිය දා ප්‍රකාශකර තිබුණි.

    “සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් දෙයක් තමයි, ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් (කාර්මික) ගෑස් එකක්, බියුටේන් කියන්නේ ඩොමේස්ටික් (ගෘහස්ථ) ගෑස් එකක්. දැන්, අපේ රටේ 80%ක් බියුටේන්, 20%ක් ප්‍රොපේන් තිබුණේ. දැන් මේ ගොඩාක් හීතල රටවල ප්‍රොපේන් වැඩි මිශ්‍රණයක් තියෙන්න පුළුවන්… සාමාන්‍යයෙන් රස්නේ රටක බියුටේන් වැඩි මිශ්‍රණයක් තමයි පාවිච්චි කරන්නේ. දැන් ලංකාවේ, කිසිම හේතුවක් දක්වන්නේ නැතුව, මේගොල්ලෝ මේක 50%-50% කළා,” හිටපු විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

    මෙමඟින් “ගෑස් එක බාලවනබව” පවසන ඔහු, ප්‍රොපේන් සංයුතිය ඉහළ දැමීම නිසා ගෑස් කාන්දුවක් සිදුවිය හැකියැ යි ද ප්‍රකාශ කළේ ය.

    ඔහු ප්‍රකාශ කරන්නේ මෙම වෙනස සිදුකර ඇත්තේ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරවබව යි.

    මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසූ නමුත්, “ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මාධ්‍යයට පැවසිය හැකියැ”යි කියූ එහි සභාපති වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

    ගෑස්වල සංයුතිය සම්බන්ධ ගැටලුව මුල දී කරළියට පැමිණියේ 2021 වර්ෂයේ ජුලි මාසයේ දී ය. එකල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වූ තුෂාන් ගුණවර්ධන මාධ්‍යයට පැවසූයේ, තම ආයතනය වෙළඳපොළේ ඇති ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලින් ගත් සාම්පල පරීක්ෂා කළ විට, ඒවායේ බියුටේන් සහ ප්‍රොපේන් අඩංගු වූයේ 50:50 අනුපාතයෙන්බව යි.

    ඔහු මේ පිළිබඳව වෙළඳ අමාත්‍යාංශය ද දැනුවත්කොට තිබුණි.

    “ගෑස් සිලින්ඩර පුපුරනවා කියන්නේ බොරුවක්”

    මේ අතරේ ලිට්‍රෝ ගෑස් සමාගම නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා, එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිර යන කටකතාව අසත්‍යයක්බව ප්‍රකාශ කළේ ය.

    “අපි මේ එල්පී ගෑස් ගබඩා කරලා තියෙන්නේ, ඒ පීඩනයට වඩා හය ගුණයක් වගේ පීඩනයක් දරා ගැනීමේ හැකියාවක් මේ සිලින්ඩරේට තියෙනවා. පීඩන වෙනසක් සිදුවුණොත් එහෙම, මේ සිලින්ඩරයේ ‘සේෆ්ටි රිලීෆ්’ වෑල් එකක් තියෙනවා (ආරක්‍ෂිත විවරයක්). ඒ සේෆ්ටි රිලීෆ් වෑල් එකෙන් වැඩිවෙන හෝ ඒ වෙනස් වෙච්ච පීඩනය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා,” එම සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂ, ඉංජිනේරු ජයන්ත බස්නායක පැවසුවේ ය.

    සිලින්ඩරය කිසිදු අවස්ථාවක පීඩන වෙනසක් නිසා පුපුරා නොයනබව ද ඔහු සහතික කරයි.

    එනමුත්, ගෑස්වල සංයුතිය වෙනස් කරමින් ලිට්‍රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමුකළබව කියැවෙන ලිපියක් බිබිසිය වෙත ලැබී තිබේ. එම ලිපියට අනුව ලිට්රෝ ගෑස් සමාගම ලීටර් 18 ටේ සිලින්ඩරයක බියුටේන් ප්‍රතිශතය සියයට 50-60ත් අතර සහ ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 40-50ත් අතර පවතින බවයි.

    නොවැම්බර් 25 දා නිවේදනයක් නිකුත්කළ ලාෆ්ස් ගෑස් සමාගම තරයේ අවධාරණය කරන්නේ තම සමාගමෙන් භාවිතා කරනු ලබන ගෑස්වල “දළ සංයුතිය ප්‍රොපේන්/බියුටේන්: 30% / 70% යන පරාසයේ අනුපාතයන් තුළ” වනබව යි.

    “ලාෆ්ස් ගෑස් සමාගම විසින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නිකුත්කර ඇති සම්මතයන් උල්ලංඝනය කරමින් එල්.පී. ගෑස්වල ප්‍රමිතිය වෙනස්කර ඇතිබවට කෙරෙන මාධ්‍ය ප්‍රකාශනවල කිසිදු සත්‍යතාවයක් නොමැත,” යනුවෙන් ද අදාල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

    ලාෆ්ස් ගෑස් සමාගම

    ඔබේ ගෑස් සිලින්ඩරෙත් ලීක් වුණොත්?

    ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත.

    ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් බීබීසී සිංහල වෙත පහදා දුන්නේ ය.

    මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි. “හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය.

    එසේම, ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ‘ඔරිජිනල්’ විය යුතුබවත්, ආදේශක බටයක් භාවිතය අනුචිතබවත් ඔහු පවසයි.

    ගෑස්වලින් ඇතිවිය හැකි ගිනි වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. මින් එක් අවස්ථාවක දී සිලින්ඩරය ගෑස් කාන්දුවත් සමග ගිනි ගැනීමට ලක්විය හැකි අතර, දෙවැන්න වන්නේ ගෑස් කාන්දුවක් සිදුවුව ද ගින්නක් ඇති නොවන අවස්ථා ය. මෙයින් දෙවැනි වර්ගය වඩාත් භයානක ය.

    Firefighter in Colombo

    නිවසේ දී නිවැරදිව ගෑස් පාවිච්චි කරන්නේ මෙහෙම යි

    • ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය. අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගැටලුවක් නොවේ
    • ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය
    • ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)
    • ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය
    • ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි. හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය
    • ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය

    ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් මෙහෙම කරමු

    ඔබ පෙර කී සියලු උපදෙස් පිළිපැදි අවස්ථාවක ද ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුදැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි පැහැදිලි කළේ ය.

    “මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගත්තොතින්, ගෑස් සිලින්ඩරේ පෙරලගන්න එපා! පෙරලුනොතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ලොකු පිපිරීමක් එක්ක ලොකු ගින්නක් එනවා, එක්ස්කියුස් නෑ කාටවත්. ගින්නත් සමග ලොකු එක්ස්ප්ලෝෂන් එකක් එන එක නවත්තන්න බැහැ. පුළුවන් තරම් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න බලන්න, කවුරුවත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ, පිපිරීම් කිසිදෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදියටම අයින්කර ගන්න.”

    “ගෑස් සිලින්ඩරෙත් එක්කම කුස්සිය ගිනි අරන් නම් නිවන්න හදන්න එපා, පුපුරලා යන්න ඉඩ තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකට, පොලිසියට කතා කරලා, ලොකු වතුර පාරක් එල්ල කරලා තමයි නිවන්න පුළුවන්. ඒක අනතුරුදායක යි,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ නොකරන්නැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි උපදෙස් දෙයි.

    “හොඳම දේ තමයි [සිලින්ඩරේ] එළියට ගන්න, එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා. නිවාගන්න බැරි නම්, ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා.”

    මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.

    “හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන්.”

    ගෑස් ආඝ්‍රාණය වීම ද මාරාන්තික විය හැකි ය.

    ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?

    ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

    “ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා ‘ෆයර් ට්‍රයෑන්ගල්’ (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ… එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්,” ගිනි නිවීමේ නිලධාරී මධුසිරි කියයි.

    ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

    • ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ
    • ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය
    • නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය
    • කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය
    • ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය
    • දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය

    ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.

    text by – අමන්දා අබේසූරිය බීබීසී සිංහල

  • එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට

    එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට

    දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල්  රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු  වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශය වලින් කැරට්, ලීක්ස්, බීට්, ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු ඉහළ මිලක් ප්‍රකාශ කර ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මුදල මිල ගණන් යටතේ අලෙවි කිරීම්ට සිදුවන බව වෙළෙන්දෝ පවසති.

    එමෙන්ම පහත රට ප්‍රදේශවලින් සහ යාපනය  අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල, පතෝල, තක්කාලි ආදී එළවළු වර්ග සැලකිය යුතු ප්‍රමාණයක්  ලැබුණු බව පෙන්වා දෙන වෙළෙඳු කියා සිටියේ දුර බැහැර  ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් තුන් 300 ත්  350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝව අද දින උදේ රුපියල් 260 ත්  280 මිලක් පැවතිණි, රුපියල් 350ක් ව පැවති කැරට් කිලෝ එකක  තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් පැවතිණි. රුපියල් 350  අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලක්  පැවති අතර රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත්  220 යන තොග මිලයකට  අලෙවි වීම විශේෂ විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමග රුපියල්  200 කට  පැවති දෙල් ගෙඩියක තොග මිල අද දින රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු පෙරදින ආර්ථික මධ්‍යස්ථාන වලට නොලැබීම නිසා අද දින අඟහරුවාදා දිනයක් වීම, දිවයිනේ පැවති වර්ෂා සහිත කාලගුණය පහව  යෑම්, එළවළු නිෂ්පාදනය කළ ගොවීන් වැඩි වශයෙන් තම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ඒම යන කරුණු  නිසා යම් මට්ටමකින් එළවළු ලැබීම ඉහළ අගයක් ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ?

    ‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ?

    නොවැම්බර් 15 වැනිදා සිට දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය ගත් තීරණයත් සමග එහි අනාගතය සම්බන්ධයන් මේවන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙය, පිරිපහදුව විකුණා දැමීමේ මුලික පියවරක් බවටයි. මේ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂය හා වෘත්තීය සමිති චෝදනා කරයි.

    පිරිපහදුව වසා දැමීමත් සමග දිවයිනපුරා ඉන්ධන පිරවුම් හල්වල දිගු පොලීම් දක්නට ලැබුණු අතර බොහෝ දෙනෙකු තුළ සැකයක් පැවතියේ මේ සමගම වෙළෙඳපොළේ ඉන්ධන හිඟයක් ඇතිවේද යන්න පිළිබඳවයි. මේවන විට ඉන්ධන සඳහා පැවති පෝලිම් අවසන් වුවත්, පිරිපහදුවේ අනාගතයට කුමක් වෙයිද?

    මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව

    1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ දිවයිනපුරා අලෙවි කිරීමේ කටයුතු වල නිරත විය.

    ඉරාන රජයේ ආධාර ඇතිව ඉරාන සැහැල්ලු බොරතෙල් (Iranian Light) BPSD 38000 ක් (දිනකට මෙට්‍රික් ටොන් 5200) පිරිපහදු කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී.

    බොරතෙල් පෙරනයේ ධාරිතාවය දිනකට මෙට්‍රික් ටොන් 5200 ක් වුවද, මෙම ඒකකය මඟින් දිනකට මෙට්‍රික් ටොන් 5800 ක් ලබා ගැනීමේ හැකියාව ඇත. අවශ්‍ය පිරිවිතරයන් සම්පූර්ණ කිරීම හේතුවෙන් ඉරාන සැහැල්ලු බොරතෙල් හා සමාන UPPER ZAKUM, අරාබි සැහැල්ලු බොරතෙල් ආදිය පිරිපහදු කිරීමට ඊට හැකිවිය.

    1971 දී සම්පීඩිත දියරවායු නිෂ්පාදනය ආරම්භ වු අතර, සම්පීඩිත දියර වායු නිෂ්පාදනය කිරීම සඳහා Naptha Merox ඒකක නවීකරණය කර ඇත. පවත්නා පහසුකම් භාවිතා කරමින් 1971 දී SBPS නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

    පිරිපහදු ධාරිතාව 50000 BPSD (දිනකට මෙට්‍රික් ටොන් 6900 ක්) දක්වා වැඩි කිරීමට බොරතෙල් පෙරණ ඒකකය විවෘත කරන ලදී.

    Miri Light වැනි පෙරදිග බොරතෙල් පිරිපහදු කිරීම සඳහා බොරතෙල් පෙරන ඒකකය නැවත වතාවක් ක්‍රියාත්මක කරන ලද අතර, 1992 දී නැප්තා එක්රැස් කිරීමේ ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 1100 ක් දක්වා ඉහළ නංවන ලදී. වැඩිවන පෙට්ට්‍රල් ඉල්ලුම සපුරාලීම සඳහා සහ පෙට්ට්‍රල් අලෙවියේ ප්‍රමුඛතාවය රඳවා ගැනීම සඳහා 1999 දී Platformer ඒකකය දිනකට මෙට්‍රික් ටොන් 650 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලදී. පවත්නා භූමිතෙල් එක්රැස් කිරීමේ ඒකකය ඩීසල් නිපදවීම සඳහා නැවත සකස් කරන ලද අතර ඩීසල්වල පවත්නා 0.3% wt ක ගෙන්දගම් පිරිවිතරය සම්පූර්ණ කිරීම සඳහා 2003 දී පවත්නා ඩීසල් එක්රැස් කිරීමේ ඒකකය පුනරුත්ථාපනය කරන ලදී.

    ඇමරිකාව විසින් 2012 වසරේ ඉරානයට පණවන ලද ආර්ථික සම්බාදක හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉරනියන් ලයිට් බොර තෙල් මිලදීගැනීම මේ වන විට නොහැකි නිසා ම්ර්බන් නැමති ආදේශ බොර තෙල් මෙම පිරිපහදුවේ භාවිතා කිරීම නිසා එහි කාර්යක්ෂමතාවය පහත වැටී ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

    මීට අමතරව, පිරිපහදු මෙහෙයුම් සඳහා අවශ්‍යවන ඵලදායී ලෙස ශක්තිය භාවිතා කිරීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණයේ ශක්තිය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

    යන්ත්‍රාගාර මෙහෙයුම් සඳහා අවශ්‍ය වන විදුලිය, ජලය, වාෂ්ප, වාතය සපයන උපකරණ වලින් සමන්විත උපකරණ අංශයක් පවතී.

    මීට අමතරව, ඔරුගොඩවත්ත ටැංකි සංකීරණයේ පිරිපහදු පරිශ්‍රය තුළ බොරතෙල්, නිමි නිෂ්පාදන සහ අතරමැදි නිෂ්පාදන සහ බොරතෙල් සඳහා ටැංකි 65 ක් ඇත.

    ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය

    ශ්‍රි ලංකාවේ ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන අතර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල සහ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුලේ පැය 24 පුරා ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරයි.

    සිපෙට්කෝ ගුවන් තෙල් හී ප්‍රධාන කාර්යයන් වන්නේ ගුවන්යානාවන්ට ඉන්ධන පිරවීම, පිරිසිදු හා වියලි ලෙස සිදු කිරීම, නවීනතම පිරිවිතරයන්ට අනුකූලව නිවැරදි ගුවන්යානයට නිවැරදි කාලයට අරපිරිමැස්මෙන් ආරක්‍ෂිතව සහ පරිසර හිතකාමී ලෙස ගුවන්තෙල් සැපයීම වේ.

    රත්මලාන ගුවන්තොටුපලේ දී අභ්‍යන්තර ගුවන් ගමන්, සාමූහික සහ විධායක ජෙට් යානා සහ ඇතැම් නම් කරන ලද විදේශීය යුද ගුවන් යානා සඳහා ඉන්ධන පිරවීමේ පහසුකම දිවා කාලයේදී ලබා දෙනු ඇත.

    ගුවන් තෙල්වල පිරිසිදුභාවය සහ ඒවා අපිරිසිදු වීම වැලැක්විම නවීන ගුවන්යානාවල වැදගත්ම කරුණක් වනුයේ එම සාධකය ගුවන්යානා එංජිමේ ආයු කාලය සහ ආරක්‍ෂාව මෙන්ම නඩත්තු පිරිවැය කෙරේද විශාල බලපෑමක් ඇති කරන බැවිනි. එබැවින්, ගුවන්තෙල් මෙහෙයවීමේ කටයුතු වලදී තත්ත්ව පාලනය සහ නඩත්තුව ඉතා වැදගත් අංශ වේ. AFQRJOS ඒකාබද්ධ මෙහෙයුම් පද්ධති සඳහා ගුවන් තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතා යටතේ වන නවීනතම පිරිවිතර පිරික්සුම් ලේඛණය ප්‍රකාර සිපෙට්කෝ පිරිපහදුවේදී ගුවන් තෙල් නිෂ්පාදනය කරනු ලබයි. අවශ්‍ය ඉල්ලුම සපුරාලීම සඳහා වන හිඟ ගුවන්තෙල් ප්‍රමාණ සෘජුවම වෙනත් රටවලින් ආනයනය කරනු ලබයි. වර්තමාන ඉල්ලුම දිනකට ලීටර් මිලියන 1.3 ක් වේ.

    ඉන්ධන හිඟයක් නැහැ.

    ඉන්ධන හිඟයක්

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින 50කට වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කරයි. ඔහු කියා සිටියේ දැනට, රට තුළ තෙල් හිඟයක් නොමැති බවයි.

    ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් විවිධ බලවේග විසින් සිව්වන වරටත් ජනතාව රවටනු ලැබ ඇතැයි, ද අමාත්‍යවරයා පසුගියදා 16 වැනිදා පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.

    “පසුගිය මාස පහේදි හතරවෙනි වතාවටත් විවිධ බලවේග විසින් රටට කිව්වා. ඉන්ධන හිඟයක් ඇතිවෙනවා කියලා. ඒ අනුව අපේ රටේ ජනතාව කොරෝනා අවදානම නොතකා, ගං වතුර අවදානම නොතකා, පෝලීම් ගැහිලා හිටියා. ඉන්ධන ටික සපයාගන්න.”

    විවිධ අභියෝග මැද මේ දක්වා අඛණ්ඩ ඉන්ධන සැපයුම තහවුරු කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඉන්ධන හිඟයක් ඇති වන්නේ නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවයි.

    තව ද ඉන්ධන හිඟයක් ඇති නොවන බවට වග බලාගැනීම අමාත්‍යවරයා ලෙස තම පළමු වගකීම බව ද ඔහු අවධාරණයකර පැවසීය.

    “ඉන්ධන අපේ රටේ නිෂ්පාදනය වෙන්නෙත් නෑ. මිලදි ගන්න ඩොලර් ඇත්තෙත් නෑ. ගබඩා කරන්න පහසුකම් ඇත්තෙත් නෑ. ඒ සියලුම අභියෝගතා මැද අඛණ්ඩ ඉන්ධන සැපයුමක් අපි මේ දක්වාම තහවුරු කරලා තියනවා. එවැනි ඉන්ධන අර්බුදයක් ඇතිවෙනවා නම්, ඒ පිළිබඳව අපි ජනතාවට කල්තියා අනතුරු අඟවනවා,” යනුවෙන් ඇමතිවරයා පැවසීය.

    “පසුගිය සැප්තැම්බර් 29 වැනිදා මාධ්‍ය හමුවක් පවතවලා රටට අනතුරු ඇඟව්වා වගේම තාවකාලිකව සපුගස්කන්ද තෙල් පරිපහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ට පමණක් යොමු කරමින් නිසි ලෙස එය කළමනාකරණය කර ගතයුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න වුනේ,” අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

    “අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා තෙල් පිරිපහදුවේ 37%ක් නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් දැවි තෙල් සහ නැප්තා, විදුලි විදුලිය නිෂ්පාදනයෙදි මේ දෙකම භාවිත කරනවා. තවත් 19%ක් නිශ්පාදනය වෙන්නේ ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල්. පෙට්‍ර්ල් සහ ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිශ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ ජලයෙන්. ඒ නිසා අපට දැවි තෙල් අවශ්‍යතාවක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යංශය දැනුම්දීල තිබෙනවා.”

    අමත්‍යවරයා තවදුරටත් පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සමස්ත පෙට්‍ර්ල් අවශ්‍යතාවෙන් 14%ක් පමණක් සපයන බවත් සමස්ත ඩීසල් අවශ්‍යතාවෙන් 19%ක් පමණක් බවයි.

    ඔහු තවදුරත් පවසන්නේ තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම මේ අවස්ථාවේදී එය ආර්ථිකමය වශයෙන් ලාබ දායි නොවන බවයි.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව

    පරිපහදුව වැසීම පිටුපස කුමන්ත්‍රණයක්ද?

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියේ “බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැහැලු. එහෙනම් මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍ය තුමාගෙන්, එහෙනම් කොහොමද පිරිපහදු තෙල් ගෙන්වන්න ඩොලර් තියෙන්නේ, කරුණාකරලා හොයන්න මේ පිරිපහදුව වැසීම පිටුපස තියෙන කුමන්ත්‍රණය, මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා.”

    මේ අතර විශේෂඥයින් පවසන්නේ වැඩි පිරිවැයක් ඇති පිරිපහදුව වසා දැමීම තුළින් තෙල් සංස්ථාවට දැරීමට සිදුවන පාඩුව අවම කරගත හැකි බවයි. ඔවුන් වැඩිදුරත් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දිගින් දිගටම රජයට අවධාරණය කර සිටියේ සතොස, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සමාගම වැනි පාඩු ලබන රාජ්‍ය ආයතන වලින් රාජ්‍ය භාණ්ඩාගාරයට ඇති බලපෑම අඩු කරන ලෙසයි.

    පිරිපහදුව වහන්න යන්නේ.?

    ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ, “මේ තෙල් පිරිපහදුව වහන්න යන්නේ ආයි අරින්න හම්බ වෙන්නේ නැහැ. මේකත් ගැට ගැහිලි තියෙන්නේ විදේශ විනිමය අර්බුදයේ කොටසක් හැටියට.”

    “මේ අවුරුදු දෙකෙන් දෙකට අලුත් වැඩියා කරන පිරිපහදුව. ගිය අවුරුද්දට කලින් මේක අලුත්වැඩියා කළා. මේක ආයිත් අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් පට්ටපල් බොරැවක්. ටෙන්ඩරයට සැපයුම්කරුවෝ ආවේ නැහැ. ලබන මාසේ 05 වැනිදාට තෙල් නැවක් පොරොන්දු වුණා. හැබැයි ඒ තෙල් නැවට ගෙවන්නත් ඩොලර් නැහැ. මේක තමා ඇත්ත.”

    “එතකොට ගුවන් යානා තෙල් සැපයුම නතර කළාම ශ්‍රීලංකන් එක වැහෙනවා. මෙන්න මේකයි අර්බුදය. හේතුව එතකොට මොකද්ද? විදේශ විනිමය නැති නිසා. ඩොලර් නැති නිසා (බොර) තෙල් සැපයුම්කරුවන් අද බිඩ් කරන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නෙ එන්නේ කොතනද දෙසැම්බර් මාසය ඉවර වෙනකොට ගල් අඟුරු ඉවර වෙනවා. දෙසැම්බර් මැද අන්තිම වෙන කොට රටේ මිනිස්සුන්ට ඉන්න වෙන්නේ කරුවළේ,”

    වෘත්තීය සමිති ප්‍රතිචාරය

    “මේ පිරිපහදුව තිබුණොත් තමයි අපේ රටේ ස්වෛරීත්වය ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේ. මේ බොරතෙල් අඛණ්ඩව ලබා ගන්න වැඩ පිළිවෙලෙක් හදලා තියෙනවා පිරිපහදුවෙත් ප්‍රධාන කාර්යාලයෙත්. බොරතෙල් ටැංකි ධාරිතාව අඩුවෙද්දි පැය 4න් 4ට ඒ ප්‍රමාණය ගණනය කරලා ඊළඟ මාසෙදි බොරතෙල් කොච්චරක් ඇනුවම් කරනවාද කියලා සැලසුම් හදා ගන්න පුළුවන්, ක්‍රමවේදයක් මේ පිරිපහදුවේ තියෙනවා,” යනුවෙන් ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පැවසීය.

    “මේ සම්බන්ධයෙන් දිගින් දිගටම නිලධාරීන් පෙන්වා දුන්නා නොවැම්බර් 15 වැනිදා වන විට බොරතෙල් ටැංකි 8ම බොරතෙල් හිදෙනවා කියලා. හැබැයි ඇමතිතුමා අසමත් වුණා. මේ පිරිපහදුව ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන විදිහට දිගින් දිගටම කුමන්ත්‍රණකාරීව ඇදවැට්ටුවා. එහි ප්‍රතිඵලය තමයි අද මේ පිරිපහදුවට බොරතෙල් නැතිව හාමතේ මිය යන්න සිද්ධ වෙලා තියෙනවා.”

    මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රශ්න කරන්නේ පිරිපහදුව වැසීම කුමන්ත්‍රණයක් පවතිනවද යනුචෙනි.

    “බොරතෙල් බැරල් එකකට වඩා පිරිපහදු කළ බැරල් එකක් ඩොලර් 15ක් වැඩියි. මේ නැවැත්විම මත තාර ටික ඇරුණාම මෙට්‍රික් ටොන් 4850ක් පිටරටින් ගෙන්නන්න ඕනේ පිරිපහදු කරපු ඉන්ධන. මෙට්ට්‍රික් ටොන් එකකට බැරල් 8යි. ඩොලර් 15 ගානේ වැඩිපුර ගේන කොට අර ඖෂධ ටික අර, කිරිපිටි, ගෑස් ටික තවත් සති 2කින් පස්සේ 20%ක් අවමයකින් ආනයනය කිරීම අඩු කරන්න වෙනවා, එහෙනම් මේ පිරිපහදුව වැසීම කුමන්ත්‍රණයක්ද? ඔහු ප්‍රශ්න කර සිටියේය.

    මේ අතර ඛණිජ සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අවධාරණය කළේ, රටක් හැටියට පිරිපහදු කළ තෙල් ගෙන ඒමට වඩා බොරතෙල් ගෙනල්ලා පිරිපහදු තෙල් නිශ්පාදනය කිරීම ලාභදායී බවයි.

    “තෙල් බිංදුවක් නැති සිංගප්පුරුවේ පිරිපහදු 08ක් තියෙනවා. පිරිපහදු කරන ලද තෙල් අපිත් වැඩිපුරම ගෙන්වන්නේ සිංගප්පුරුවෙන්. ඒ වගේම විශේෂයෙන්ම භුමිතෙල් කියන්නෙත්, ගුවන්යනා තෙල් කියන්නෙත් එකම ජාතිය. අපි භූමි තෙල් පිටරටින් ගේනන ගියොත් එහෙම අපිට වෙන්නේ ගුවන් යානා තෙල් ගෙන්වන මිලට.” ඔහු පැවසීය.

    ඔහු තවදුරත් පැවසුවේ ලංකා IOC සමගම ශ්‍රී ලංකාවට ආනයනය කරන තෙල් ලීටරයකට ගෙවන මිලට වඩා වැඩි මිලකට සිපෙට්කෝ සමගම ආනයනය කරන බවත් එයින් වැටහෙන්නේ කවුරුන් හෝ මෙම ආනයනවලින් කොමිස් මුදලක් ලබාගන්න බවත් මෙසේ පිරිපහදුව වසා තැබීම තුලින් හසිදී මිලදීගැනීම් වල ඉඩ සලසා එමගින් කොමිස් මුදල් ලබාගැනීමට සැරසෙන බවයි.

    බලශක්ති ඇමතිගෙන් ප්‍රතිචාර

    බලශක්ති අමාත්‍ය නීතිඥ උදයගම්මන්පිල විපක්ෂයේ හා වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ශේප කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ “බොරතෙල් සඳහා ඩොලර් නොමැති නම් පිරිපහදුකළ තෙල් ගන්න ඩොලර් කොහෙන්ද කියලා මා මිත්‍ර විපක්ෂනායකතුමා ප්‍රශ්න කළා. අට සමත් විශ්‍රාමිකයෙක් ගෙන් තොරතුරු අරගෙන අදහස් දක්වන්න ගියාම අපේ විපක්ෂනායකතුමා අමාරුවෙ වැටෙන එක අහන්නත් දෙයක් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද?”

    “අපේ පිරිපහදුව යල් පැන ගිය එකක් නිසා එහි පෙට්ට්‍රල් නිශ්පාදනය වෙන්නේ සියයට14% යි. ඩීසල් නිශ්පාදනය වෙන්නේ 29%යි. මේකත් අරන් තියෙන්නේ බර අනුව. ඇත්තටම ධාරිතාව අනුව ගත්තා නම් මෙට්ට්‍රික් ටොන් වෙනුවට බැරල් අනුව ගත්තා නම් තෙල් පිරිපහදුවේ නිශ්පාදනය වෙන්නේ පෙට්ට්‍රල් 13% යි. ඩීසල් 29% යි. එතකොට පෙට්ට්‍රල් ඩීසල් දෙකම 43%යි. වෙනත් වචන වලින් කිව්වොත් පෙට්ට්‍රල්, ඩීසල් බැරල් එකක් හදා ගැනීම සඳහා අපිට බොරතෙල් බැරල් 2.32ක් අවශ්‍ය වෙනවා.”

    “බොරතෙල් බැරල් එකකින් පෙට්ට්‍රල් සහ ඩීසල් හැදෙන්නේ සියයට 43යි නම් 100 බෙදීම 43 කියන්නේ 2.32ක්. පෙට්ට්‍රල්, ඩීසල් බැරලයක් හදා ගන්න අපිට බොරතෙල් බැරල් 2.32ක් ඕන වෙනවා. ඔක්තොම්බර් මාසයේ පෙට්ට්‍රල් බැරලයක මිල ඩොලර් 95. සාමාන්‍ය අගය. ඩීසල් බැරලයක මිල ඩොලර් 93යි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි. එහෙම නම් අපිට ඩීසල් සහ පෙට්ට්‍රල් හදෙන අනුපාතය වන14:29 අනුපාතයට ගත්තොත් පෙට්ට්‍රල් ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්ට්‍රල් ඩීසල් බැරලයක් සකස් කර ගැනීමට අවශ්‍යවන බොරතෙල් බැරල් 2.32ක් සකසා ගැනීමට අපට බොරතෙල් මිල දී ගන්න වැය වෙනවා ඩොලර් 197ක්. පෙට්ට්‍රල් ඩීසල් සෘජුව ගෙනාවොත් පෙට්ට්‍රල් ඩීසල් බැරලයට යන්නේ ඩොලර් 93.65යි. හැබැයි ඒ ප්‍රමාණයම පෙට්ට්‍රල් ඩීසල් හදා ගන්න බොරතෙල් ගේන්න ගියොත් යනවා ඩොලර් 197ක්.”

    “ඔන්න ඔය කාරණය නිසා තමා සීමිත විදේශ විනිමය රැක ගැනීමේ කාරණය සඳහා අපි බොරතෙල් ගේනවා වෙනුවට පෙට්ට්‍රල් සහ ඩීසල් අනායනය කරන්න තීරණය කෙරුවේ.”

    නැවත ඉන්ධන මිල සුත්‍රයක්

    අධිකරණ අමාත්‍ය අලී සබ්රි පවසා සිටියේ මහ බැංකුව විසින් නැවතත් ඉන්ධන මිල සුත්‍රයක් හඳුන්වා දිය යුතු බවට යෝජනා කර ඇති බවයි.

    “මම දැක්කා මහ බැංකුවෙනුත් ඒ යෝජනාව කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඉන්ධන පිළිබඳව මම හිතනවා, ඉන්ධන – ලෝක ඉන්ධන මිල යාන්ත්‍රණයකට සාපෙක්ෂව, ලෝක මිල ගනන්වලට සාපෙක්ෂව ක්‍රමාණුකූලව විචලනය විය යුතු ක්‍රමවේදයකට ආපසු යායුතුයි. මම හිතන්නේ මහ බැංකුව කියපු ආකාරයකට යලිත් වතාවක් මිල සුත්‍රයකට යා යුතුයි.” අධිකරණ අමාත්‍ය අලී සබ්රි පාර්ලිමේන්තුවේදී පැවසීය.

    by bbc sandesaya

  • ‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?

    ‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?

    කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව 100% කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි.

    මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය FactCheck.lk හි විමසුමට ලක්කර ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය නිවැරදි බව FactCheck.lk කියයි. එම වාර්තාව සම්පූර්ණයෙන් පහත පළවේ.

    මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා, අපි කාබනික කෘෂිකර්ම පර්යේෂණ ආයතනය (Research Institute of Organic Agriculture)  සහ Federation of Organic Agriculture Movements විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘The World of Organic Agriculture 2021 – සංඛ්‍යාලේඛන සහ නැගී එන ප්‍රවණතා’ වාර්තාව වෙත යොමු කළෙමු.

    මෙම වාර්තාව 2008 දී කාබනික කෘෂිකර්ම ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (IFOAM) මහා සභාව විසින් සම්මත කරන ලද කාබනික කෘෂිකර්මාන්තයේ නිර්වචනය භාවිතා කරයි, එය පහත පරිදි වේ: “කාබනික කෘෂිකර්මාන්තය යනු පස, පරිසර පද්ධති සහ මිනිසුන්ගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියකි. එය අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිතයට වඩා පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුවර්තනය වූ චක්‍ර මත රඳා පවතී…”

    කාබනික කෘෂිකර්මය සඳහා වාර්තාවේ භාවිතා වන දත්ත කාබනික කළමනාකරණය යටතේ පවතින සියලුම ඉඩම් නියෝජනය කරයි, එනම් දැනටමත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර ඇති කාබනික ඉඩම් මෙන්ම පරිවර්තනයට ලක්ව ඇති ඉඩම්. පහත දක්වා ඇති ප්‍රස්තාර සටහන පෙන්වා දෙන පරිදි, කාබනික කළමනාකරණය යටතේ මුළු කෘෂිකාර්මික ඉඩම්වලින් අවම වශයෙන් 10% ක් ඇත්තේ රටවල් 16 කට පමණක් වන අතර, මෙම ලැයිස්තුවට ආසියානු කලාපයේ කිසිදු රටක් ඇතුළත් නොවේ.

    2019 වසරේ දී ශ්‍රී ලංකාවේ මුළු කෘෂිකාර්මික ඉඩම්වලින් 2.5%ක් වූ කාබනික වගාවට යොදවා තිබූ බවත්, කාබනික කළමනාකරණය යටතේ ඇති මුළු භූමි ප්‍රමාණය 2018 සිට 2019 දක්වා හෙක්ටයාර 77,169 සිට හෙක්ටයාර් 70,436 දක්වා 8.7% කින් අඩු වී ඇති බවත් වාර්තාව ඇස්තමේන්තු කරයි.  එබැවින් පවතින සංඛ්‍යාලේඛන මත පදනම්ව, අපි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය ලෙස වර්ග කරමු.

    *FactCheck.lk හි තීන්දුව පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි නවතම තොරතුරු මතය. සෑම සත්‍ය පරීක්‍ෂණයකදීම මෙන්, නව තොරතුරු ලබා ගත හැකි නම්, FactCheck.lk විසින් තක්සේරුව නැවත බැලීම සිදු කරනු ඇත.

    FactCheck යනු Verité Research විසින් පවත්වාගෙන යනු ලබන වේදිකාවකි.  අදහස්, යෝජනා සහ ප්‍රතිපෝෂණ සඳහා කරුණාකර www.factcheck.lk වෙත පිවිසෙන්න.

    by – dailymirror

  • ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක්

    ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක්

    • වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි
    • කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු
    • ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ

    ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ  නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඊයේ (16) පස්වරුවේ සොයා ගෙන තිබේ.

    දඹුල්ල  නගරාධිපති ජාලිය ඕපාත මහතාට  ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩාවක මෙම අල තොගය ගබඩා කර තිබුණේය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාලිය ඕපාත මහතා, ‘දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශයට ලැබුණු තොරතුරක් මතයි අපි මේ වැටලීම කළේ. ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම අර්තාපල් තොගයම කිසිම අයුරකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකයි තිබෙන්නේ. ඒවා පැළවෙලා, රිකිලි දාලා තිබෙන්නේ.නමුත් කාන්තාවන් යොදා මේ රිකිලි කඩා ඉවත්කර නැවත වෙළෙඳපොළට යැවීමටයි ආනයනකරු සූදානම් වෙමින් සිටියේ’

    සොයාගත්  අල කන්ටේනර් රථයේ කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී, පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බව එය විවෘත කර බැලීමේදී දැක ගැනීමට හැකි වූ බව නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

    මීට පෙර ද මෙම ගබඩා හිමිකරු සහ මෙම කන්ටේනර් රථ රියදුරු මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් පාකිස්ථානයෙන් ගෙන්වා සූක්ෂම ලෙස වෙළඳපොලට යැවීම සඳහා සූදානම් කරද්දී නගර සභාව සෞඛ්‍ය අංශ අත්අඩංගුවට ගෙන තිබුණු බවද නගරසභා සෞඛ්‍ය නිලධාරීන් පවසති.

    මෙසේ අර්තාපල්  අල තොගය ඉන්දියාවෙන් ගෙන්වා  දඹුල්ලට ප්‍රවාහනය කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හරහා රට පුරා අලෙවි කිරීම සිදුකරන බවත් ට පෙර මෙවැනි ම ලොකු ළුෑණු කන්ටේනර් රථයක් තමන් ප්‍රවාහනය කළ බවත් ඒවා අත්අඩංගුවට පත්වූ බවත් එහි රියදුරු ප්‍රකාශ කළේය.

    ඉන්දියාවේ සිට කොළඹ  වරායට ගෙනවිත් තිබූ මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනර් රථය 15 දින  පස්වරුවේ වරායේ සියලු පරීක්ෂණ වලින් නිදහස් කොට ආහාරයට සුදුසු බවට නිර්දේශ කර ලබා දුන් ඒවා බව එහි රියදුරු සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද ප්‍රශ්න කිරීම් වල දී ප්‍රකාශ කළේය.

    මෙම අර්තාපල් අල තොගය දඹුල්ලට ගෙනැවිත් තිබූ පෞද්ගලික ව්‍යාපාරිකයා කාන්තාවන් විශාල පිරිසක් යොදාගෙන නරක් වී ඇති අර්තාපල් අල සහ පැළ වී තිබූ අර්තාපල් අල  සුද්ද පවිත්‍ර කරමින් හොඳ අර්තාපල් අල වලට කලවම් කොට  ඇසුරු කරමින් සිටින ස්ථානයද දඹුල්ල මහනගර  සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීය. එම අවස්ථාවේදී අර්තාපල් අල සකස් කරමින් සිටි කාන්තාවන් නගරාධිපතිවරයා සමග කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම් නිසා තමන්ගේ රැකියාව අහිමි වන බව ය.

    මෙසේ නරක් වූ අර්තාපල් අල ගෙෙන්වීම නිසා තමන්ට රැකියාවක් පවතින බවත් එසේ ගෙන්වන ව්‍යාපාරිකයින් දෙවිවරුන් බවද එම කම්කරු කාන්තාවෝ   නගරාධිපතිවරයාට පැවසීමත් සමඟ නගරාධිපති ජාලිය ඕපාත මහතා එම කම්කරුවන්ට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ තමන්ගේ රැකියාව ගැන පමණක්  බැලීම වැරදි බවත් රටේ සමස්ත ජනතාවට ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය ලබා දීමෙන් මුළු සමාජය ම රෝගීන් බවට පත්වන බවය.

    දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් අත්අඩංගුවට ගත් මෙම කන්ටේනර් රථ සහ අර්තාපල් අල කිලෝ 40,000 දඹුල්ල පොලිසියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ 17 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි නීතිමය පියවර ගන්නා බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

    මෙම අර්තාපල් අල තොගය මෙරටට ගෙන්වීමේ දී වරායෙන් නිකුත් කළ කිසිදු ලිපි ලේඛනයක් මෙන්ම මිනිස් පරිභෝජනයට සුදුසු බවට සිදුකරන ලද  නිර්දේශ හෝ ආනයනය කළ පුද්ගලයා  පිළිබඳව කිසිදු තොරතුරක්, ලියකියවිල්ලක් මෙම පුද්ගලයන් සතුව නොමැති බවත් එමගින් බරපතල සැකයක් මතු වන්නේ මේවා වරායෙන් ඉවත් කොට විනාශ කිරීම සඳහා යොදාගත් අර්තාපල් අල දැයි සැකයක් මතුවන බව නගරාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    මේ දිනවල රටපුරා අර්තාපල් හිගයක් පවතින අතර කිලෝවක් රුපියල් 200 ඉක්මවා අලෙවි වීම විශේෂත්වයකි. එවැනි වකවානුවක මේ ආකාරයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් තවදුරටත්   සෝදිසි කිරීම් සිදුකරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි

    ‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි

    43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ.

    එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන් යෝජනා කර ඇති පරිදි රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා වක්‍ර බදු ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වයක් ලබා දීම සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත් කරවන ක්‍රියාවලියක් බවය.

    බද්දක ප්‍රධාන ලක්ෂණ වන්නේ, සාධාරණ වීම, අය කර ගැනීම පහසු වීම,  සමාජයේ ආර්ථිකයේ සංකූලතා ඇති නොවීමය.

    රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුව වක්‍ර බදු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ. වක්‍ර බද්ද ආදායම් විෂමතාවය තීව්‍ර කරයි. විශාල ආදායමක් ලබන පුද්ගලයකු හා සාමාන්‍ය ආදායමක් ලබන පුද්ගලයකු තම ආදායමෙන් සමාන ප්‍රතිශතයක් ලෙස බදු ගෙවන අතර ආදායම අඩු පුද්ගලයාට විසින් තම ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස ගෙවීමට සිදු වේ.

    මෙවර අය-වැය ලේඛණය මගින් අලුත් බදු කිහිපයක් හඳුන්වා දීමට ද ආණ්ඩුව කටයුතු කර තිබේ. එක්වරක් පමණක් අයකරන අධිභාර බද්ද මින් එකකි. මෙයින් රුපියල් මිලියන දෙදාහට වඩා වැඩි බදු අය කළ හැකි ආදායමක් ලබන ආයතන වලින් අය කරන බද්ද මගින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට මූල්‍යමය පීඩනයක් ඇති කළ හැකිය.

    පිරිවැටුම මත සමාජ ආරක්ෂණ දායක මුදලක් හඳුන්වා දී තිබේ. එහි බදු අනුපාතය වැඩිවීම  ආයතන මත. දැන් තිබෙන පීඩනයට අමතරව තවත් මූල්‍ය පීඩනයක් ඇති වේ.

    එකතු කළ අගය මත අයකරන බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම : එකතු කළ අගය මත අය කරන බද්දක ලක්ෂණය වන්නේ එය භාණ්ඩයේ මිලට එකතු වීමය.  පාරිභෝගිකයාට මේ බද්ද විතැන් වේ. මේ බද්ද පාරිභෝගිකයාට විතැන් නොකර සිටින්නේ කොහොමද එය ක්‍රියාවේ යොදවන්නේ කොහොමද යන්න අතිශය ගැටළුකාරීය.

    වාහන අනතුරු සිදු වූ විටෙක රජයට බදු අය කර ගැනීම මෙවර අයවැයෙහි දක්වා ඇති අතර එම මුදල් රක්ෂණය මගින් ප්‍රතිපූර්නය කිරීමට හැකි බව දන්වා ඇත. එහිදී පාරිභෝගිකයාගෙන් රක්ෂණ සමාගම විසින් වැඩි මුදලක් අය කරගැනීමට යොමු විය හැක.

    දේශීය ආයෝජකයින් දිරිමත් කිරීම සදහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු ඉවත් කර ඇති අතර ආයෝජකයින් හට අපහසු වන්නේ ලියාපදිංචි ගාස්තු ගෙවීමට නොව මූලික පහසුකම් සපයා ගැනීමේ සිට මෙහෙයුම් ක්‍රියාවලියයි.

    විශ්‍රාම වැටුප අවු. 65 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.  ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති නමුත් ලංකාවේ සේවා වියුක්තිය විශාල වශයෙන් තිබෙන තත්ත්වයක් තුළ තරුණ ජනගහනයට රැකියා අවස්ථා දුලබ අවස්ථාවක සේවයේ නියුතු අය තවත් වසර කිහිපයක් සේවයේ යෙදීම, තරුණයන්ට රැකියා නොලැබීමත්, අඩුවීමත්, එමගින් තරුණ වෙනත් ප්‍රශ්න ඇතිවීමත්, ඔවුන්ගේ කාර්යක්ෂම බව නැතිවීමත්, අපේක්ෂා භංගත්වයත් ඇති වේ. වියපත් ජනතාව තම සේවය සැපයීම තුළ, කොතරම් කාර්යක්ෂමද, නවීන තාක්ෂණයත් සමඟ කොයිතරම් ඔවුන් කාර්යක්ෂමද? යන්න තවත් ගැටලුවකි.

    “ජාත්යන්තරව පිළිගත්ත මුදල් ඒකකයක් නොවන, ලංකාවේ රුපියල දිගින් දිගටම අච්චු ගහන්න ගත්තහම, එක පැත්තකින් අපේ ආර්ථිකය සමාභාර  සැපයුම එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය වැඩි නොවන අවස්ථාවක, එහෙම නැත්නම් නිෂ්පාදනය යම් ස්ථාවරව තිබෙන අවස්ථාවක මුදල් ප්‍රමාණය වැඩිවීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය ඇති කරනවා. එක කොහොමටවත් ලංකාවට ගැලපෙන් නැහැ. ලංකාවට එහෙම එකකුත් නැහැ. එහෙම තිබ්බත් ඒක ලංකාවට කිසිම ආකාරයකින් යොදාගන්න බැහැ. අනිවාර්යෙන්ම මුදල් අච්චු ගැසීම සිද්ධවෙන්නේ. උද්ධමනය සිදුවීම.

    මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ, ගොවියන්, රාජ්‍ය සේවකයන්, කුඩා ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි ආර්ථික අර්බුදයකට පත් ව තිබෙන බවය.

    අයවැයෙන් විවිධාකාර වක්‍ර බදු පනවමින් ආදායම වැඩි කර ගැනීමට ගන්නා බදු ප් රතිපත්තිය වෙනස් කරලා ඉහළම ධනපතියන්ට බදු සහන දුන්නේය.

    “රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට බරක් වෙලා කියන මුදල් ඇමැති ත් හිටපු ආණ්ඩුවෙන් ලක්ෂ නමයක රාජ්‍ය සේවකයන්, ලක්ෂ පහළොව දක්වා වැඩි කළා.” අමනෝඥ විදිහට තම පාක්ෂිකයන්ට රැකියාවල් දෙන තම පාක්ෂිකයන්ගේ දරුවන්ට රැකියාවල් දෙන මුවාවෙන් කිසිම විද්‍යානුකූල පදනමක් නැතිව රාජ්‍ය පුළුල් කළේ රාජපක්ෂ ආණ්ඩුව බව ද හෙතෙම පෙන්වා දෙයි.

  • රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට

    රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට

    ඉහළ ඡායාරූපය – හිටපු කුමරිය නිව්යෝර්ක් වෙත පැමිණි දර්ශන ජපානයේ විකාශය වූ ආකාරය

    ජපානයේ හිටපු කුමරියක වන මාකෝ, සිය නව සැමියා වන කෙයි කොමුරො සමග එක්සත් ජනපදයට පැමිණ තිබේ. මාකෝ රජ පවුල අත්හැරියේ රාජකීය පෙළපතකට අයත් නොවන සමාන්‍ය වැසියකු හා විවාහ වීම හේතුවෙනි.

    විශ්වවිද්‍යාලයීය පෙම්වතුන් වූ මෙම යුවල පසුගිය මාසයේ විවාහ වූ අතර, ඔවුන් පසුගිය ඉරිදා උදෑසන එතරම් උත්සවශ්‍රියක් නොමැතිව ටෝකියෝ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේ ය.

    කොමුරො නිව්යෝර්ක්හි නීතිඥ ආයතනයක සේවය කරන අතර, ඔවුන් ඒ නගරයෙන් මහල් නිවාසයක් කුලියට ගැනීමට නියමිත ය.

    ජපන් නීතියට අනුව, රාජකීය පවුල්වල කාන්තාවන් “සාමාන්‍ය වැසියකු” සමග විවාහ වූ විට ඔවුන්ගේ රාජකීය තත්ත්වය ඔවුනට අහිමි වේ.

    මාකෝ කුමරිය සිය පෙම්වතා කෙයි කොමුරෝ සමග
    මාකෝ හිටපු කුමරිය කෙයි කොමුරෝ සමග

    මෙම යුවළ පිටත්වීමේ පර්යන්තය හරහා ගමන් කරන විට පොලිසිය සහ ගුවන් තොටුපල ආරක්ෂක අංශ විසින් දැඩි ආරක්ෂාවක් යෙදී තිබුණි. යුවල, ඔවුන් පිටව යන අයුරු වාර්තා කිරීමට එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් 100ක් පමණ පසුකර ගිය නමුත්, ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදුණි.

    ජපානය තුළ විකාශනය කෙරුණු දර්ශනවල දැක්වෙන්නේ නිව්යෝර්ක් වෙත පැමිණි යුවල ආරක්ෂක නිලධාරීන් සමග ගුවන්තොටුපොළ හරහා ඇවිදගොස්, පිටත නවතා තිබූ වාහනයකට නැගී පිටත්ව යන ආකාරය යි.

    ඔවුන් නිව්යෝර්ක් වෙත පැමිණෙන බවට බොහෝ කලෙක සිට කටකතා පැතිර ගියේ ය. විවාහ වන විට සිය සැමියාගේ නම ගත් මාකෝ, නිව්යෝර්ක් නගරයෙන් රැකියාවක් සොයා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත්, මෙම යුවලගේ සැලසුම්වලට පසුගිය මාසයේ දී බාධා ඇතිවුණේ, කොමුරො නිව්යෝර්ක් ප්‍රාන්ත නිතීඥ විභාගයෙන් අසමත් වූ බව ජපාන මාධ්‍ය වාර්තා කිරීමත් සමග ය. එම ප්‍රාන්තයේ නීතිඥයකු ලෙස කටයුතු කිරීම නම්, මෙම නිතීඥ පරීක්ෂණ සමත් විය යුතුය.

    කොමුරෝ දැනට නීති ලිපිකරුවෙකු ලෙස සේවය කරයි.

    අලුත විවාහ වූ යුවලගේ එක්සත් ජනපද සංක්‍රමණය, ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීයයන් වන මේගන් මාකල් සහ හැරී කුමරු සමග සැසඳීමට හේතු වී ඇත. මෙනිසා ඔවුන්ට “ජපානයේ හැරී සහ මේගන්” යන අන්වර්ථ නාමය පටබැඳී තිබේ.

    වසර හතරකට පෙර මෙම යුවල ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම ප්‍රථම වරට හෙළිදරව් කළ විට සැලකිය යුතු විරෝධයකට මුහුණ පාන්නට ඔවුනට සිදුවිය. ඔවුන්ගේ සම්බන්ධය ඕපාදූප ටැබ්ලොයිඩ් පුවත්පත්හි අවධානයට ලක්වී ඇත්තේත්, මතභේදයට තුඩුදී ඇත්තේත්, කොමුරොගේ මව ඇගේ පෙර පෙම්වතාගෙන් ගත් ණයක් ආපසු නොගෙවා හැරි බවට ප්‍රකාශ වීමත් සමග ය.

    මෙම මාධ්‍ය අනාවරණය, කුමරියට පශ්චාත් කම්පන ආතති ආබාධයක් ඇති කිරීමට හේතු වූ බව රාජකීය මැඳුරෙන් ප්‍රකාශ විය.

    පසුගිය මාසයේ දී මෙම යුවල විවාහ වූ විට ඔවුන්ට හිමි රාජකීය විවාහ මංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර මඟ හැරිය අතර, පවුලෙන් වෙන්ව යන රාජකීය කාන්තාවන්ට පිරිනැමෙන දීමනාව ද ප්‍රතික්ෂේප කළේ ය.

    රාජකීය විවාහ මංගල්‍යයත්, රාජකීය කාන්තාවන්ට පිරිනැමෙන දීමනාවත් යන දෙකම ප්‍රතික්ෂේප කළ පළමු රාජකීයයා වන්නේ මාකෝ කුමරිය යි. හිටපු කුමරිය නරුහිතෝ අධිරාජ්‍යයාගේ ලේලියකි.

    bbc

  • දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය.

    දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන රට වලින්  ලොකු ළුෑණු ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගසා අඩු මුදලට අලෙවි කිරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

    කාබනික වගා ක්‍රම්ය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දේශීය ලොකු ළුෑණු වගාව ආරම්භ කළ ද එහි අස්වැන්න අලෙවි කර ගැනීමට යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පාකිස්තථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ලූණු විිශාල වශයෙන්  ගෙන්වා  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට අසූවක් පමණ වෙළඳසැල්වල ගොඩ ගසා ඉතා අඩු මුදලකට අලෙවි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම් නිසා තමන්ට ඉදිරියේදී දේශීය ලොකුළ ලූනු වගාවෙන් ඉවත් වීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පාකිස්ථානයෙන් ගෙන්වා ඇති ලොකු  ලොකු ළුැණු කිලෝවක් රුපියල් එකසිය 110 – 115 ත් අතර මිලකට අලෙවි කරන බව ද ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ලොකු ළුෑණු රුපියල් 160 ක මිලකට අලෙවි කරන බවද අනෙකුත් රටවලින් ගෙන්වන ලද ළුෑණු රු 110 සිට 120 දක්වා අලවි කරන බව  පෙන්වා දෙන ගොවීන් දේශීය ලොකු ළුෑණු සඳහා රුපියල් 130 ක 180ක මිලක්  ගොවීන් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් තම ලොකු ළුෑණු මිලදී ගැනීමකින් තොරව අඩු මුදලට ඇති පකිස්තානයෙන් ගෙන් වූ ළුැණූ මිලදී ගැනීම සිදු කරන බව ද දේශීය ලොකු ළුෑණු ගොවියෝ පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුැණු ගෙන්වන බොහෝ ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වා ඇති ළුැණූ වල මිල අඩුවීම නිසා ඒවා ට ඉල්ලුම පවතින බවය.

    ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ළුැණු සහ පාකිස්තානයෙන් ගෙන්වා  ඇති ළුැණු වලට    ඉල්ලුමක් පැවැතියද දේශීය ලොකු ළුෑණු සඳහා ද ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බවද ඇතැම් තවත් ව්‍යාපාරිකයන් පිරිසක් අප සමග පැවසූහ.

    කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු වගා කළ ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ දින ගණනාවක් තම දේශීය ලොකු ළුෑණු අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව ද තවත් ඕනෑතරම් නිෂ්පාදන ගබඩාවල, තම නිවෙස් වල ගොඩගසාගෙන සිටින බව දේශීය ලොකු ළුෑණු ගොවීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    දේශීය ලොකු ළුෑණු මෙන්ම අනෙකුත් වගාවන් සඳහා කාබනික පොහොර නිර්දේශ කොට රසායනික කිසිදු ද්‍රව්‍යයක් දේශීය වගා කරන සියලු වගාවන්ට  රසායනික පොහොර හෝ කෘමි නාශකයක් යෙදීම කින් තොරව වගා කෙරෙන ලෙස උපදෙස් ලබා දී රජය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මෙරට දේශීය වගා කරන බෝග  නිෂ්පාදන වෙළඳපොළට එද්දී කිසිදු සොයා බලමින් තොරව විදේශ රටවල වගා කරන  ආහාර ද්‍රව්‍ය මෙරටට රැගෙන එන්නේ කාබනික රසායනික හෝ කුමන  ආකාරයකට වගා කළ ඒවා ද යන්න සොයා බැලීමකින් තොරව බවත් ආහාරයට ගැනීමට පවා නුසුදුසු කන්ටේනර් පෙට්ටි වල ඇති ළුැණු තොග මෙරටට ගෙන්වා ජනතාවට ආහාර සඳහා ලබාදීම සිදුකරන බවද දේශීය ලොකු ළුෑණු වගාකරුවෝ චෝදනා කරති.

    දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික ප්‍රජාව ද දේශීය ගොවීන් ආරක්ෂා කිරීම් සඳහා බව පවසමින් ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළඳසැල් ලබාගෙන එහි අරමුණු පවා වෙනස් කොට වෙළෙඳ  ස්ථාන පාකිස්ථානය, ඉන්දින්දියාව වැනි අනෙකුත් රටවල ගොවීන්ගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට දඹුල්ල පත්කොට ඇතැයි ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට හැත්තෑවක් පමණ මේ වන විටත් විදදේශීය රටවලින් ගෙන්වා ඇති අල, ළුෑණු සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා වර්ග රැසක් ගොඩ ගසා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් අප මේ පිළිබඳවව විමසීමේ දී කියා සිටියේ විවෘත වෙළඳපළ නිසා ඕනෑම භාණ්ඩයක් ගෙන්විත්  අලෙවි කිරීම්ට හැකි හැකියාව පවතින බව ය. ඒ අනුව  පාකිස්ථානය සහ අනෙකුත් රටවල් ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියන් සමග ලොකු ළුෑණු ගෙන්වා අලෙවි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    දඹුල්ල ආර්ථථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුෑණු, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ එම්. අයි. එම්. කෙයාස්  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ඉන්දියාවේ සිට ලංකාවට ලොකු  ළුෑණු කිලෝවක් ගෙන්වීම සඳහා 165ක මුදලක් ද පාකිස්ථානයෙන් ලංකාවට ලොකු ළුණු ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 135ක මුදලක්ද ඕලන්ද ළුෑණු කිලෝ එකක් ගෙන්වීමේදී රුපියල් 150ක මුදලක් ද  තුර්කියෙන් ලොකු ළුණු ගෙන්වීමේදී රුපියල් 130ක මුදලක් වැය වන බව ය.

    කෙසේ වෙතත්  දේශීය ලොකු ළුෑණු ගොවීන් ප්‍රශ්න කර සිටින්නේ රුපියල් එවැනි වැඩි මුදලක් වියදම් කොට මෙරටට ලොකු ළුෑණු ගෙන්වා  රුපියල් 110 ක අඩු මුදලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විදේශීය ලොකු ළුෑණු අලෙවි කරන්නේ කෙසේද යන්නය.

    එ සේ නම් මෙම ලොකු ළුැණු කන්ටේනර් සමග වෙනත්  දේ  ලැබෙනවා දැයි දේශීය ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ප්‍රශ්න කළේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළඳ සැල් රැසක මේවන විට පාකිස්තානය, තුර්කිය,  ඉන්දියාව, සහ ඕලන්ද රටවලින් ගෙන්වා ඇති ලොකු ළුෑණු තොග අලෙවි කිරීම සිදු කෙරෙන නිසා අප එම වෙළඳ සැල් වලට ගොස් විමසීමක් කළේමු.

    එම ලොකු ළුෑණු  අලෙවි කිරීම සහ මිල උස් පහත් වීම සම්බන්ධයෙන්ය එම වෙළඳ සැල් පවත්වාගෙනගෙන යන සියලු දෙනාම මෙන් කියා සිටියේ තමන් එම  ලොකු ළුෑණු විදේශ රට වලින් ගැන්වීමක් සිදු නොකරන බවත් වෙනත් අතරමැදි කණ්ඩායමක් ගෙන්  කොමිස් පිට අලෙවි කිරීම සිදු කරන බවය.

    තවත් පිරිසක් කියා සිටියේ පාකිස්ථානයේ සිටින ව්‍යාපාරිකයන් මෙරට තම වෙළෙඳ සැල්වලට ලොකු ළුෑණු ඒවා ඒවා අලෙවි වීමෙන් පසු ඔවුන්ගේ ගිණුම් වලට පකිස්ථානයට මුදල් යැවීම සිදු කරන බවය.

    මුදල් වියදම් කිරීමකින් තොරව විදේශීය ලොකු ළුෑණු තමන් අලෙවි කරන බවත් මෙම වෙළෙඳුන් පැවසූහ. කෙසේ වෙතත් මෙම සෑම වෙළඳසැලකම  දේශීය එළවළු, පලතුරු අලෙවි කිරීම සඳහා රජය සමග ගිවිස ගෙන වෙළඳසැල් ලබා ගෙන තිබෙන බවත් හෙළිදරව් විය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් දෙකට බෙදාගෙන විදේශීය රටවල  ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බව ද තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. ඉදිරියේදී කළමණාකරන භාරය තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ඒ මහතා කීවේය. කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු ගොවියාට සාධාරණයක් ඉටු කරදීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන බවද සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ගල්නෑව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වැටකොළුවාගම  ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි.

    මෙම ගම් ගම්මානයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක්  විසින් පවත්වාගෙන යන පිකාස්පෝන්  පදනමේ නිවාස  ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ නිවාස නොමැති පවුල් තිහකට නිවාස ඉදි කිරීම ආරම්භ කෙරිණි.

    ඒ අනුව මීට පෙර අංග සම්පූර්ණව නිමකළ නිවාස 07ක්  ජනතාවට ලබා දුන් අතර තවත් නිවාස හයක් ජනතාවට අතරට ලබාදීම් නෙදර්ලන්ත ජාතික පීටර් වැන්ඩර් මහතා, පිකස්පොන් පදනම ශ්‍ර  ලංකා නියෝජිතවරිය වන ශාමනි  පානබොක්කේ  ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස භාරදීම සිදු කෙරිණි.

    අංගසම්පූර්ණ නිවාස ඉදිකිරීම් සඳහා ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන කණ්ඩායම්කට ලබා දී එම පිරිස ගල්නෑව වැටකොළුවාගම ගම්මානයේ රැඳී සිටිමින් මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිදු කළ බව පිකස්පොන්  පදනම කියයි.

    මෙම වැටකොළුවාගම ගම්මානේ ජනතාව අහස් දියෙන් ගොවිතැන් බත් කරගෙන දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් උග්‍ර ආහාර හිඟයකට ලක්ව සිටින බවද බොහෝ දෙනාට නිවසක් නොමැති වීම නිසා එක කුඩා නිවෙස් වල පවුල් කිහිපයක් ජීවත්වන බව පසුගිය කාලයේ ජනමාධ්‍ය හරහා හෙළිදරව් කෙරිණි.

    නෙදර්ලන්තයේ සිට නිවාස භාර කිරීම් සඳහා  මෙරටට පැමිණි  පිටර් වැන්ඩර් මහතා  මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ පැවසීය

    “වසර ගණනාවක් ඉඳලා මම ලංකාවට එනවා, ඒ වගේම ලංකාවට  ආදරය කරනවා ලංකාවේ මිනිස්සු හරිම සුන්දරයි. ඒ නිසාත් තමයි මම ලංකාවේ අසරණ පවුල් වලට  දරුවන්ට උදව් කරන්නේ. මම ලංකාවට උදව් කරන්න  ඇවිල්ලා  නෙදර්ලන්තයෙන් මට ලැබෙන විශ්‍රාම වැටුප පවා අඩු වෙලා තියෙනවා මම ගොඩක් කැපකිරීම් කළා ලංකාවේ ජනතාවට”

    “මම ලංකාවෙ ගෙවල් නැති අසරණ පවුල්  හාරසීයකට  පමණ දැන් නිවාස හදලා ඉවර කරලා තියෙනවා. ඒ ජනතාවට  භාර කරලා තියනවා. ඒ වගේම පාසල් රැසක් ඉදි  කරල දීලා තියනවා තවත් විශාල සේවාවන් ඉටුකළා.”

    ‘වැටකොළුවාව    ගම්මානය  පිළිබඳව  මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ ප්‍රවෘත්තිය අපේ  පදනම දැකලා තිබුණා. ඒ අනුව ඒ පුවත අපි දැක්කා මම කාංචනත් එක්ක  මේ ගම බලන්න ඇවිල්ලා මම තීරණය කළා මේ ගමේ පවුල් තිහකට නිවාස හදලා දෙන්න. ඒ අනුව තමයි දැන් නිවාස 13ක වැඩ ඉවර කළේ. කොරෝනා වසංගතය ආවේ නැත්නම් අපට මේවා කලින්ම හදලා දෙන්න තිබුණා. ඒත් මුළු ලෝකයම කොරොනා වලින් ආපස්සට ගියා නේ.”

    “අපි ඉදිරියටත්  නෙදර්ලන්ත  ජනතාවත් එක්ක එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. මට දැන් වයස  අවුරුදු 70 ක් වෙනවා පුළුවන් තරම් මම ලංකාවේ ජනතාවට වැඩ කරනවා.”

    මාධ්‍යවේදියෙක් හැටියට කාංචන කුමාර ආරියදාස මහතාගේ හෙළිදරව් කිරීම් රැසකට  මම උදව් කළා. ගලේවෙල පැත්තේ විශාල පාසලකුත් හැදුවා. ඒ වගේම අසරණ මිනිස්සු රැසකට අපට ඒ මාධ්‍ය වාර්තා නිසා පිහිට වෙන්න  හැකියාව ලැබුණා. අපේ  නෙදර්ලන්ත  ජනතාවගෙත්  පිකාස්පෝන්  පදනමෙ  ස්තූතියි අපි පුදකර සිටිනවා.”

    මෙම ගම්මානයේ ජනතාව කියා සිටියේ තම ප්‍රදේශයට ජනමාධ්‍ය වේදීන් පැමිණීම නිසා විශාල සහනාධාර ලැබුණු බවය. නිවාස ලැබුණු සතුට නිසා එම ගම්මානයේ බොහෝ දෙනෙක් ඉතා සංවේදී වූ අතර නෙදර්ලන්තයේ සිට පැමිණි පීටර් වැන්ඩර් මහතා එම පිරිස සනසලන්නට ද විය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට  පසුගිය 10  දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි  රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න  ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී මෙම විනාශය සිදුකරන බවත් ඔවුහු පවසති.

    නාවගස්හින්න ප්‍රදේශයට 10 රාත්‍රියේ පැමිණි වන අලින් රංචුව එම් ප්‍රදේශයේ ගොවීන් රැසකගේ පොල්  ගස් පෙරළා  ආහාරයට ගෙන තිබෙන බවත් ඇතැම් පොල් ගස් වල ඉහළ කොටසේ ගොබය ඇද ආහාරයට ගෙන ඇතැයි ගොවීහූ පෙන්වා දෙති.

    මේ විනාශය ගැන අදහස් දැක්වූ ගොවි මහතෙකු මෙසේ පැවසුවේය, ‘වන අලි රංචුව  විනාශ කළ පොල් ගස් ඉතා හොඳ  ඵලදාවක් තිබුණ ගස්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කළ මහන්සිය එක රැයකින් ඉවරයි. මේ විනාශය අපිට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට දරුවෙක් නැති වුණා වාගේ දුකක් අපිට දැනෙන්නේ’

    ‘අපි අවුරුදු ගණනක් තිස්සේ අතින් වතුර ඇදලා තමයි මේ පොල්ගස් ලොකුකර ගත්තේ. ඒත් ඒ සේරම ඉවරයි. මේ ගස් බිම දාලා ඒකේ ගොබේ කෑල්ලක් විතරයි කාලා තියෙන්නේ. අපි බලධාරීන්ට කියන්නේ මේ වන අලි ගැටලුවට ඉක්මන් විසදුමක් දෙන්න. පැලැස්තර විසදුම් නම් එපා. ඒ වගේම මේ විනාශයට අපිට වන්දියක් ලබාදිය යුතුයි’

    ගල්කිරියාගම රණව රක්ෂිතයේ සිටින වන අලින් රංචුවක් මේ දිනවල පලාගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හබරත්තාවල  ගම්මාන   විනාශ කරමින් මේ වන විට දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පවා ඇතුළු වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    වහා විදුලි වැටක් ඉදිකර මෙම වන අලි හානිය අවම කර දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් රටේ පොල් ඵලදාවට බරපතළ හානියක් සිදුවන බවත් මෙම ගොවි ජනතාව පෙන්වා දෙති.

    ‘තාම සිදු වුණේ පොල්ගස් විනාශ කිරීම විතරයි. ඒත් මෙහෙම ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකියි. ඒ නිසා ජීවිත හානියක් සිදුවීමට  පෙර  වහාම මෙම වන අලි ගම් වැදීම  පිළිබඳව  බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි’ ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • රසායනික පොහොර යථාර්ථය

    රසායනික පොහොර යථාර්ථය

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු රටවල් වර්තමාන දියුණුව අත්පත් කරගත්තේ තමන්ගේම වූ ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියා කිරීමෙනි.

    ආණ්ඩුකරණයේ දේශපාලන පක්ෂය වෙනස් වූවද ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වූයේ නැත. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්ය. සෑම වසර පහකටම වරක් ජාතික යැයි කියන ප්‍රතිපත්ති වෙනස් වේ. එවිට ලියුම් කවරයේ සිට ලිපි ශීර්ෂ දක්වා සියල්ල වෙනස් වේ. එසේ වෙද්දී රටකට පැවැත්මක් සෙවීම කොහොමටත් දුෂ්කරය. රටක් සැබෑ දියුණුවක් ලබාගැනීමට නම් නිසැකයෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මයට, කර්මාන්තවලට යනාදී වශයෙන් ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. විද්‍යාත්මක පදනමකින් ගොඩනැගිය යුතු මෙම ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දේශපාලන පක්ෂ කටයුතු නොකළ යුතුය. මන්දයත් ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් කාලානුරූපව රටේ දියුණුව සඳහා සකසා ඇති බැවිනි. එහෙත් අවාසනාවට අපේ රටේදී ජාතික යැයි කියන ප්‍රතිපත්ති ආණ්ඩු අනුව පමණක් නොව ඒ ඒ ආණ්ඩුවල ඇමැති මාරුවේදී පවා යළි වෙනස්වේ.

    යම්කිසි දේශපාලන පක්ෂයක් බලයට පත්වන්නේම රටේ තත්ත්වය දැනගෙනය. රටේ ආදායම වියදම ණය බර ආදිය ගැන ඔවුහු හොඳින් දනිති. ඒ නිසා රටක් පාලනය කිරීමට පත්වන ආණ්ඩුවකට ඒ රට පරීක්ෂණාගාරයක් හැටියට භාවිත කළ නොහැකිය. එහෙත් අවාසනාවට ලංකාවේදී බලයට පත්වන බොහෝ පිරිස් ආණ්ඩුකරණයේ බොහෝ දේ අත්හදාබැලීමට භාවිත කරන්නේ රට හා ජනතාවයි.
    මේ ආණ්ඩුව එසේ අත්හදාබැලීමට භාවිත කළේ රටේ ජීවනාලිය බඳු කෘෂිකර්මාන්තයයි.

    මෙය ඉතා භයානක ක්‍රීඩාවකි. කෘෂිකර්මාන්තය යනු ලංකාවට අදාළව ගත්කල අතිශය සංවේදී විෂයකි. ඒ ගැන තීන්දුවක් ගන්නේ නම් එය කළයුත්තේ සංයුක්තව සිතා බලා දූරදර්ශී ලෙසිනි. නොඑසේව හීනෙන් අවදි වූවන් ලෙසින් කෘෂිකර්මාන්තයට අදාළව තීන්දු ගත නොහැකිය.

    ලංකාවේ කෘෂිකර්මාන්තය යනු වසර හැත්තෑවක් පමණ දිගු කාලයක් තිස්සේ කෘත්‍රිම පොහොර මත යැපෙන කෘෂිකර්මාන්තයකි. ඊට හේතු සාධක ද ඇත. මේ මුළුලොවම රසායනික පොහොරවල නැඹුරු වූයේ හරිත විප්ලවය හෙවත් කෘෂිකාර්මික විප්ලවයත් සමගය.

    ඊට හේතුවූයේ ලොව ජනගහනය ඉතා වේගයෙන් වැඩිවෙද්දී ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වීමය. මෙය ලංකාවට ද අදාළය. මුළුමනින් කාබනික කෘෂිකර්මාන්තයකට යන්නට හැකි නම් මුළු ලොවම ඊට කැමැති වනු ඇත. එසේ නම් අප විමසිය යුත්තේ එවැන්නකට යථාර්ථයේදී ඉඩක් තිබේද කියාය.

    කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණය නිදහස් කරන්නේ නැත. කාබනික පොහොරෙන් ඒවා නිදහස් කරන්නේ ඉතාම මන්දගාමීවය.

    ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරාගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවේ. එය කිසිසේත් කෙටිකාලීන බෝගවලට ගැළපෙන්නේ නැත.

    එසේ වුවහොත් අප වෙනස ආරම්භ කළයුත්තේ බීජවල සිටමය. මගේ විද්‍යාත්මක දැනීම හා අත්දැකීම අනුව නම් එසේ නොවුවහොත් සිදුවන්නේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියම බිඳවැටීමයි. අද වනවිට එම ඛේදනීය තත්ත්වයට රට ඇද දමා තිබේ. ඊට හේතුව නම් කෘෂිකර්මයෙහි භාවිත පොහොර ගැන ඉදිරිපත් කළ කුප්‍රකට තර්කයි.

    මේ අමුතු තර්ක ඉදිරිපත් කළ පිරිස කියන ආකාරයට පොහොරවලින් පසට බැර ලෝහ විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ. එනිසා පොහොර හා ඒවායේ සංයුතිය ගැන යම් දළ අදහසක් ඇතිකරගැනීම සාමාන්‍ය ජනයාට ද වටී. කෘත්‍රිම පොහොර හැටියට අප ප්‍රධාන වශයෙන්ම යොදන්නේ එන්.පී.කේ. ය. නයිට්‍රජන් සඳහා යූරියාත් පොස්පරස් සඳහා පොස්පරස් පොහොරත් පොටෑසියම් සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ ඊට අන්තර්ගත කළ වෙන යම් ලවණයකි.

    යූරියා යනු කෘත්‍රිමව පර් යේෂණාගාරයේ නිපදවන්නකි. මෙසේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන පොහොරේ කිසිදු අවස්ථාවක බැර ලෝහ අඩංගු වන්නේ නැත. බැර ලෝහ අඩංගුවීමට නම් එය ස්වාභාවික පරිසරයෙන් ගත් එකක් විය යුතුය. බැර ලෝහ යනු ස්වාභාවික පසේ තිබෙන දෙයකි. එසේ ස්වාභාවික ලෙස බැර ලෝහ නිෂ්පාදනය වන්නේ කෙසේද? පස නිර්මාණය වන්නේ පාෂාණවලිනි. නැතහොත් පාෂාණ ජීර්ණයවීමෙනි. පාෂාණ ජීර්ණය වෙද්දී නොයෙකුත් බැර ලෝහ සහ අකාබනික මූලද්‍රව්‍ය විවිධ සාන්ද්‍රණවලින් පවතී.

    පාෂාණය ජීර්ණයවීමත් සමග ඒ සංයුතීන් ද ස්වාභාවිකවම පසට ලැබේ. එය ස්වාභාවික ක්‍රියාවලියකි. ජපානය වැනි රටවල පස්වල බැර ලෝහ සාන්ද්‍රණය වැඩිය. මේ බැර ලෝහ පැමිණෙන්නේ නිතර ඇතිවන භූමිකම්පා හා ගිනි කඳු මගින් එන කැඩ්මාවලිනි. එසේ බලද්දී ජපානයේ පසෙහි බැර ලෝහ අන්තර්ගතය ලංකාවේ පසට වඩා කීප ගුණයකින් වැඩිය. එසේය කියා ජපන් වැසියන්ට අපට මෙන් වකුගඩු රෝග තිබේද? නැත. එසේනම් මේ කුප්‍රකට තර්කවලින් මෙතෙක් කර ඇත්තේ මහජනයා මුළා කිරීමය. මේ අයුරින්ම පොහොර සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් ගන්නේ නිධිවලිනි. එය ලවණයකි. ලවණවල බැර ලෝහ අඩුය. බැර ලෝහ පැමිණිය හැකි යැයි සිතිය හැකි පොහොරක් වන්නේ පොස්පේට් පොහොරය. ලංකාවේ එප්පාවල පොස්පේට් නිධියේ බැර ලෝහ කිසියම් ප්‍රමාණයක් ඇත. එහෙත් එසේ බැර ලෝහ තිබුණේ යැයි කියා ද එම අන්තර්ගතයන්ගෙන් නිෂ්පාදනය කෙරෙන පොහොරෙන් පසට බලපෑමක් වන්නේ නැත.

    මිනිස් සිරුරක් රෝගී වීමට කොපමණ බැර ලෝහ ප්‍රමාණයක් ඇතුළත් විය යුතුදැයි මේ වනවිට විද්‍යාඥයෝ ගණනය කර ඇත්තාහ. නිදසුනකට එකවරම ආසනික් විශාල ප්‍රමාණයක් මිනිස් සිරුරට ඇතුළු කළහොත් පුද්ගලයා මිය යයි. ඉතාම සුළු සාන්ද්‍රණයකින් වසර ගණනක් තිස්සේ භාවිත කිරීමෙන් ද මිනිසකු මරණයට පත්විය හැකිය.

    නිදසුනකට බංගලාදේශයේ පසේ ආසනික් සාන්ද්‍රණය ඉතා අධිකය. ඉන්දියාවේ, පාකිස්ථානයේ, තායිලන්තයේ, වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ ඇතුළු වී වගා කරන රටවල් රැසක්ම මෙසේ පසේ ආසනික් සාන්ද්‍රණය වැඩි ස්ථානවලට නිදසුන් ලෙස දැක්විය හැකිය.

    ඊට බලපා ඇති භූවිද්‍යාත්මක හේතු ගණනාවක් ද ඇත. එවිට එම පස්වල වගා කරන වී වල නිරන්තරයෙන්ම ආසනික් සාන්ද්‍රණය අධිකය. මෙසේ ආසනික් සාන්ද්‍රණය වැඩි නිසා බංගලාදේශයේ මිනිසුන් ලක්ෂ ගණනකට පිළිකා හටගෙන ඇත. එහෙත් පිළිකා යැයි කී විට ද අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම් පියයුරු පිළිකා, මොළේ පිළිකා, පෙණහලු පිළිකා, බඩවැල් පිළිකා ආදී වශයෙන් පිළිකා වර්ග ද ගණනක් ඇත.

    ආසනික් වැඩිවීමෙන් හටගන්නේ ආසාපෝසික් නමැති සමේ පිළිකාය. මෙම පිළිකාව ලංකාවේ කිසිම තැනක දකින්නට ලැබී නැත. එහෙත් බංගලාදේශයේ ලක්ෂ ගණනක් මිනිසුන්ට මෙම පිළිකාව හටගෙන ඇත. ඊට හේතුව ආසනික් සහිත ජලය පානය හා ආසනික් සහිත සහල් පරිභෝජනයයි.

    ලංකාවේ අපි කෘත්‍රිමව නිර්මාණය කරගත් ප්‍රශ්නය නිසා නම් දැන් මුහුණදීමට සිදුවන්නේ උත්ප්‍රාසජනක ඉරණමකටය. කාබනික වගාවට යනවා යැයි කියා අනුගමනය කළ පියවරවලින් සිදුවූයේ අස්වැන්න අඩුවීමය. දේශීය පරිභෝජනයටත් සහල් අඩු වූ විට යළිත් කරන්නේ විදේශවලින් සහල් ආනයනය කිරීමයි. එසේ ආනයනය කරන සහල් වගා කළේ කාබනික පොහොරවලින්ද? ඒ ආනයනික සහල් වගා කර ඇත්තේ ආසනික් සාන්ද්‍රණය අධික පසකදැයි අප දන්නවාද? මේ ආදී වශයෙන් ගත්විට අප විසින් කරනු ලැබ ඇත්තේ බලෙන් ප්‍රශ්න රැසක් නිර්මාණය කරගැනීමය.

    කුප්‍රකට උගතුන් කී පරිදි පොහොරෙන් බැර ලෝහ පැමිණියේ නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශීය ගොවිතැනට යෙදූ පොහොරවලින් කොපමණ විශාල බැර ලෝහ ප්‍රමාණයක් ලක් පොළවේ තිබිය යුතුද? වෙනත් රටවල පස්වලත් කොපමණ විශාල ප්‍රමාණයක් බැර ලෝහ තිබිය යුතුද? පොහොරවලින් මේ කියන පරිදි බැර ලෝහ පාංශුගත වන බවට ඔප්පු කිරීමට ලොව කිසිම තැනක කළ විද්‍යාත්මක පරීක්ෂණයක් නැත. මේවා අමූලික බොරුය.

    මෙහි වේදනාව බොහෝදුරට අත්විඳින්නට අපට සිදුවන්නේ ලබන වසරේදීය. දැනටමත් වගාවේ නිරත ගොවීහු සිටින්නේ අතිදුෂ්කර අඩියකය. මේ ඇතැම් ගොවීහු වකුගඩු රෝගවලින් පෙළෙන්නෝය. ඔවුන්ට පානය කිරීමට පිරිසුදු ජලයවත් නැත. පීඩිතයෝය. එහෙත් දියුණු රටවල නම් ගොවීහු වනාහි සුඛෝපභෝගී රථ වාහනවලින් යනෙන දියුණු ආර්ථික ජීවිත හිමි පිරිසකි.

    ඊට හේතුව නම් ඒ රටවල ප්‍රතිපත්ති සකසන්නන් විසින් සිය ගොවියා ව්‍යවසායකයකු දක්වා වර්ධනය කරනු ලැබීමය. අවාසනාවට දේශීය ගොවියා මේ අසරණ අඩියට තල්ලු කරනු ලැබ තිබෙන්නේ ද දේශපාලකයන් විසින්මය. එක කන්නයක් වගා නොකළහොත් ඊළඟ කන්නයේදී ජීවත්වෙන්නටවත් ලංකාවේ ගොවියාට නොහැකිය. දැන් බෙල්ලෙන් අල්ලන්නට හදන්නේ ඒ ගොවියාගේය.

    රසායනික පොහොර නිසා බැර ලෝහ එන්නේ යැයි මොහොතකට සිතමු. එවිට ඔවුන් ඊට විකල්පය ලෙස යෝජනා කරන්නේ කාබනික පොහොරයි.

    කාබනික පොහොර යනු මොනවාද? දියර පොහොර, කොම්පෝස්ට්, වසුරු කාබනික පොහොර වර්ග කීපයකි. මේවායේ වස විස නැද්ද? මගේ එක් පර් යේෂණ ක්ෂේත්‍රයක් නම් කසළ කඳුවලින් සිදුවන පරිසර දූෂණයයි. මගේ පර් යේෂණවලදී දුටු දෙයක් නම් මේ කසළ කඳුවලින් ගලා යන ජලයේ බැර ලෝහ අනන්තවත් ඇති බවය.

    ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වාගෙන යන්නේ ඉන් දෙකක් පමණි. කොම්පෝස්ට් සැකසීමට මේ කසළ කඳුද භාවිත කරයි. කොම්පෝස්ට් සම්බන්ධයෙන් මා කළ පර් යේෂණවේදී දැකගැනීමට හැකිවුණේ ඒවායේ මයික්‍රොප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අන්තර්ගත බවයි. මයික්‍රොප්ලාස්ටික්වලටත් අමතරව මේ කොම්පෝස්ට්වල බැර ලෝහ ඉතා අධික සාන්ද්‍රණවලින් පවතී. කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඩේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීමය.

    ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. තවද මයික්‍රොප්ලාස්ටික් හා බැඳුණු ටැලේට් වැනි විෂ කාබනික සංයෝග ද මේ හරහා ගොවිබිමට පැමිණේ. (පොලිතින් හා ප්ලාස්ටික්වල නම්‍යශීලීත්වය වර්ධනය කරනු ලබන්නේ ටැලේට් විසිනි.) මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවල කතාව ද මීට වෙනස් නැත. මේ සත්ව ගොවිපොළවලදී හෝමෝන හා ප්‍රතිජීවක යනු නිතර භාවිතයට ගන්නා දේය.

    මේ සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් තිබේ. පරීක්ෂණ මගින් අප ඒ බව සොයාගෙන ද ඇත. මේ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැළයට උරාගන්නා අතර ඒවායේ අවසාන නැවතුම මිනිස් සිරුරයි. මෙසේ ආහාරයෙන් ප්‍රතිජීවක සිරුරට පැමිණීමේ අවුල නම් රෝගයක් වැළඳුණු අවස්ථාවක ඖෂධයක් හැටියට අප ගන්නා ප්‍රතිජීවකවලින් අපට ඵලක් නොවීමයි. කාබනික කෘෂිකර්මයක් ගැන කතා කරන්නෝ මේවා ගැන සොයා තිබේද?

    මට හිතෙන හැටියට නම් රට මේ තැනට වැටීමට අප සියලුදෙනාම වගකිව යුතුය. නිදසුනකට අතීතයේදී අමාත්‍යාංශ ලේකම්වරයකු යනු පරිපාලනය පිළිබඳ කප්පිත්තෙකි. ඒ කප්පිත්තා තීන්දු ගැනීමට අදාළ ප්‍රතිපත්ති සැකසුම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරයි. එහෙත් දැන් තත්ත්වය තිබෙන්නේ කනපිට පෙරළිලාය. තනතුරුවලට පැමිණෙන්නෝ එක්කෝ ඇමැතිගේ හෙංචයියෙකි. නැත්නම් පක්ෂයේ හෙංචයියෙකි. මෙයින් සිදුවන්නේ එම තනතුරේ වගකීම ඉටු නොවීමය. මේ නිසා අද වනවිට ලංකාවේ ජනප්‍රිය කර ඇති වැරැදි මත ප්‍රචාර රැවටීම් රැසකි. ඒවාට කිසිදු විද්‍යාත්මකභාවයක් නැති අතර ඇත්තේ හුදු දේශපාලනයම පමණි.

    රජරට ජලයේ ආසනික් ඇතැයි නාථ දෙවියන් කළ අනාවරණය ඊට එක් කුප්‍රකට උදාහරණයකි. පර් යේෂණ කිරීමට ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී. නාථ දෙවියන් හෝ කතරගම දෙවියන් කීවා යැයි කෙරෙන පර් යේෂණ ගැන අපි නම් දන්නේ නැත. සාමාන්‍ය ජනයා මෙවැනි විප්‍රකාරවලින් රැවටීම පසුපස ඇත්තේ ද දේශපාලනයයි. ඒ දේශපාලනයේ ඇත්තේ කොමිස්, තනතුරු, වරදාන, වරප්‍රසාද මිස ජනතා සේවයක් නම් නොවේ. ඉතින් මා සිතන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යනු සාමාන්‍ය ජනයාට මේ දුර්මත ගැන ඇත්ත කීමට ප්‍රාමාණිකයන් පෙරට පැමිණිය යුතු අවස්ථාවක් බවය.

    සමාජයට දේශපාලනයට විද්‍යාවට අදාළ විෂය රැසකි. ඒවායේ ප්‍රාමාණිකයෝ වනාහි ඒ ඒ විෂයෙහි දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් අත්දැකීම් ලැබුවෝය. එවිට තමන්ට අදාළ නොවන විෂය ගැන තීරණාත්මක මැදිහත්වීම් කිරීම රටකට අදාළව ගත්විට ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වුව පාර කැපිය හැකිය.

    අප වෛද්‍යවරුන්ගේ කාරිය කරන්නට ගියහොත් සිදුවන්නේ මහා විනාශයකි. මේ තර්කය කෘෂිකර්මයටත් පොදුය. මේ රටේ කෘෂි විද්‍යාඥයන්, ස්වාභාවික සම්පත් පිළිබඳ විද්‍යාඥයන්, පාංශු විද්‍යාඥයන්, පරිසරය පිළිබඳ විද්‍යාඥයන් සිටින්නේ ඒ පිළිබඳ කතා කිරීමටය. පොහොරෙන් බැර ලෝහ එන බවට තර්ක කරමින් කාබනික කෘෂිකර්මයට යන්නට වැරැදි තර්ක හැදුවෝ අයත්වන්නේ ද මේ විෂය පටලවාගත් ගොඩටය. මේ තර්කයෙන් සිදුවූයේ සාමාන්‍ය ජනයා මුළා කිරීම පමණි. ඒ අර්ථයෙන් බලද්දී මෙතෙක් අපෙන් ඉටු නොවූ වගකීම ඉටු කිරීමට අපට එළඹී ඇත්තේ ද ස්වර්ණමය අවස්ථාවකි. නාථ දෙවියන්ගෙන් ආසනික් මතුවීමත් පොහොරවලින් බැර ලෝහ මතුවීමත් යන නාටකීය දේශපාලනයේ ඇත්තේ එකම පදනමකි. එහි නිරුවත් ඇත්ත ජනයා හමුවේ හෙළිදරව් කිරීම සෑම විෂය ප්‍රාමාණිකයකුගේම වගකීමකි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    සංවාද සටහන බිඟුන් මේනක ගමගේ – ලංකාදීප පුවත්පත ඇසුරිනි

  • දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික  මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

    කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට  නොලැබී  ඇති අතර පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග ද සියයට 90කින්  පමණ පහළ වැටී ඇත.

    ආර්ථික  මධ්‍යස්ථානයට වට්ටක්කා, අමුමිරිස්, බීට් රූට් සහ කැකිරි වැනි එළවළු වර්ග වැඩි වශයෙන් ලැබී තිබිණි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ සමස්තයක් ලෙස සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් මාස වල  දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට  ලැබෙන එළවළු  ප්‍රමාණය අඩුවන බවය. එමෙන්ම ඊට හේතුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ කන්න මාරුවීමේ කාලරාමුව බව ද වසර 10ක පමණ දත්ත පරික්ෂා කිරීමේදී වුවද මෙම තත්ත්වය පහසුවෙන් දැකබලා ගැනීමට හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මෙවර ඊට වඩා වෙනස් ආකාරයකින් වෙළෙඳපොළ හැසිරෙන බවත් සාමාන්‍යයෙන් දිනකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 30ක් 35ක් සහ ඇතැම් දිනවල එළවළු කිලෝ ලක්ෂ 50 ඉක්මවා ලැබෙන බවත් එහෙත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණේ එළවළු කිලෝ ලක්ෂයක් එකහමාරක් දෙකක් පමණ බවත් ඔහු පැවසුවේය.

    එළවළු මිල දී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයින්ගේ මෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන ද අඩු වීම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූවක් බව ද විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

    ආර්ථික  මධ්‍යස්ථානයට තම අස්වැන්න රැගෙන විත් සිටි ගොවීන් පිරිසක් කියා සිටියේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රටේ පවතින කෘමිනාශක හා රසායනික පොහොර හිගකම නිසා ගොවීන් බහුතරයක් එළවළු අස්වැන්න නෙළීම අතහැර දමා වගාවෙන් පවා ඉවත්ව සිටින බවය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති  යු. බී. ඒකනායක මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු අලෙවි කිරීමේ දිවයිනේ ප්‍රමුකම  වෙළෙඳ මධ්‍යස්ථානයක් බවත් එළවළු වගාකරන ගොවීන් සමග තම  ව්‍යාපාරික ප්‍රජාව ගහට පොත්ත මෙන් බැදී සිටින බවත්ය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඒකනායක මහතා, ‘එළවළු සහ දේශීය ලොකු ලූනු වගා කිරීම් සඳහා ව්‍යාපාරිකයන් ගොවීන්ට පොහොර, කෘමිනාශක, බීජ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා කෝටි ගණනාවක් මුදල් වියදම් ලබා දෙනවා. ඒක බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක්. හරියට සම්ප්‍රදායක් වගේ. නමුත් මෙවර එකම ගොවියකු හෝ තම ව්‍යාපාරිකයන්ගෙන් වගාවට අවශ්‍ය පොහොර, තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා  මුදලක් ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී එළවළු සහ වගාවන්වල විශාල අඩුවක් සිදුවන බවයි’

    මෙහිදී ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ විදේශීය බීජ වර්ග ලංකාව පුරා ගොවීන්ට අලෙවි කොට  දේශීයව නිෂ්පාදනය කරගන ගන්නා පොහොර භාවිතය කිරීම සඳහා රජය උපදෙස් ලබාදී තිබීම නිසා ගොවීන්ට බරපතළ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවය.

    ‘ප්‍රශ්නය තියෙන්නේ මේ විදේශීය බීජවලට හරි හරියට රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක යෙදිය යුතුයි. ඒවායින් හරියට අස්වැන්නක් ගන්න පුළුවන් එහෙම කළොත් විතරයි. එහෙම නොකොට කාබනික පොහොරවලින් නිසි ඵලදාවක් ගන්න බැහැ’’

    දිවයිනේ මහ  පොළොවට සරිලන බීජ නිෂ්පාදනය කොට ලබා දුන්නේ නම් ගොවීන් වගාවට එක්වන බව පෙන්වා දෙමින්  ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙහි ආදීනව ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට මුළු රටටම දැක බලා ගැනීමට හැකිවනු ඇති බවය.

    සටහන සහ ඡායාරූප – කංචන කුමාර ආරියදාස

  • කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක්

    කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත.

    මෙම පර්යේෂණය සිදුකළ Action on Sugar එක්සත් රාජධානියේ වෙළඳසැල්වල විකිණීමට ඇති ළදරු සහ කුඩා දරුවන්ගේ නිෂ්පාදන 73ක් විශ්ලේෂණය කළේය. උදාහරණයක් ලෙස, Heinz Farley’s Mini Rusks Original හි එක් වේලකට සෑහෙන ප්‍රමාණයක සීනි තේ හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අඩංගු බව එහිදී සොයා ගෙන ඇත.

    ඇපල් යුෂ සාන්ද්‍රණයෙන් පැණිරස කරන ලද Organix Banana Soft Oaty Bar වලද එවැනිම සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර Kiddylicious Banana Crispy Tiddlers නිෂ්පාදනයේ සෑම ග්‍රෑම් 100 කටම 50%කට වඩා සීනි (59g) අඩංගු වේ.

    සමස්තයක් වශයෙන්, පරීක්‍ෂා කරන ලද නිෂ්පාදනවලින් 27ක් ලේබල් කිරීමේ පද්ධතිය මත “රතු” හෝ “ඉහළ” සීනි සඳහා සුදුසුකම් ලබයි.

    සීනි සඳහා “කොළ” හෝ “අඩු” ලේබලය සඳහා නිර්ණායක සපුරා ඇත්තේ හය දෙනෙකු පමණි.

    මෙම වයස් කාණ්ඩයේ දරුවන් සීනි මිශ්‍ර කළ ආහාර පානවලින් වැළකිය යුතු වුවද, නිෂ්පාදන 36ක් සිය පැකට්ටුවේ වයස අවුරුදු 12 ට අඩු ළදරුවන්ට ඔවුන්ගේ පැණිරස කෑම සුදුසු බව සදහන් කර ඇත.

    එකතු කරන ලද පළතුරු යුෂ වලින් සීනි පැමිණියද, එය ළදරුවන්ට සහ කුඩා දරුවන්ට හොඳ නැති බව Action on Sugar පවසයි.

    නිදහස් සීනි යනු මොනවාද?

    • මෙම කණ්ඩායමට ආහාර හෝ බීම සඳහා එකතු කරන ලද සීනි ඇතුළත් වේ. (නිවසේදී හෝ සූපවේදියෙකු හෝ වෙනත් ආහාර නිෂ්පාදකයෙකු විසින්)
    • මී පැණි, සිරප් (මේපල්, අග්ගිස්), පැණි (මල්) සහ පැණිරස නොකළ පලතුරු යුෂ, එළවළු යුෂ සහ ස්මූති වැනි ආහාරවල ස්වභාවිකව ඇති සීනි ද එයට ඇතුළත් ය.
    • කිරි, පලතුරු සහ එළවළු වල ස්වභාවිකව ඇති සීනි, නිදහස් සීනි ලෙස ගණන් නොගන්නා නමුත් ආහාර ලේබලවල “සම්පූර්ණ” සීනි අගයට ඇතුළත් වේ

    සීනි පිළිබඳ ක්‍රියාකාරී ව්‍යාපාරයේ ප්‍රධානී සහ ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය කව්දර් හෂේම් පැවසුවේ ඉතා කුඩා දරුවන් සිටින දෙමාපියන්ට සීනි වැඩි පැණිරස කෑම ප්‍රවර්ධනය කිරීමට ඇතැම් ආහාර සමාගම්වලට අවසර දීම “හාස්‍යජනක” බවයි. ළදරුවන්ට සහ කුඩා දරුවන්ට නොමිලේ සීනි නොතිබිය යුතු බව දැන සිටීම.

    ඇය මෙසේ පැවසුවාය: “කිරි මිහිරි නිසා ළදරුවන්ට පැණිරස ආහාර සඳහා මනාප ලබා දිය හැකිය, නමුත් සීනි සහිත ආහාර වලට කැමති වීම ඔවුන් ඉගෙන ගන්නේ සීනි සහිත ආහාර අනුභව කිරීමෙන් පමණි.

    “සමහර සමාගම් කුඩා කාලයේ සිටම ඉතා මිහිරි නිෂ්පාදන රාශියක් ලබා දීමෙන් මෙම මනාපය තවදුරටත් දිරිමත් කිරීමට තෝරා ගනී. අපට අවශ්‍ය වන්නේ අවම සීනි ප්‍රමාණයකින් නිෂ්පාදන නිපදවීමට සමාගම් ය, එබැවින් කුඩා දරුවන්ට අඩු පැණිරස ආහාර භුක්ති විඳිය හැකිය.”

    ඕනෑම වයසකදී නිතිපතා අධික සීනි පරිභෝජනය දත් දිරායාම සහ බර වැඩිවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.

    බ්‍රිතාන්‍ය පෝෂණ පදනමේ බ්‍රිජට් බෙනලම් පැවසුවේ කිරි වැරීමේ මුල් අවධියේදී බ්‍රොකොලි සහ නිවිති වැනි පැණිරස එළවළු අඩුවෙන් පිරිනැමීම දරුවන්ට මෙම රසයන් පිළිගැනීමට ඉගෙන ගැනීමට උපකාර වන බවයි.

    අධික සීනි කොපමණ වේද?

    • වැඩිහිටියන්ට දිනකට නොමිලේ සීනි ග්‍රෑම් 30 නොඉක්මවිය යුතුය (සීනි කැට හතක්)
    • වයස අවුරුදු හතේ සිට දහය දක්වා දරුවන්ට ග්‍රෑම් 24 ට නොවැඩි විය යුතුය (සීනි කැට හයක්)
    • වයස අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්ට ග්‍රෑම් 19 ට නොවැඩි විය යුතුය (සීනි කැට පහක්)
    • වයස අවුරුදු හතරට අඩු ළමුන් සඳහා මාර්ගෝපදේශ සීමාවක් නොමැත, නමුත් ඔවුන් සීනි පැණිරස බීම සහ එයට සීනි එකතු කළ ආහාර වළක්වා ගැනීම නිර්දේශ කෙරේ.
  • ‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

    ‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

    බොහෝ විට තනිකඩ දරුවන්ට අපේ සමාජයේ නොවෙනස් අදහස් කිහිපයක් ඇත. ඔවුන් බොහෝ විට හුදකලා, ආත්මාර්ථකාමී, කනස්සල්ලට හා නරක් වූ අය ලෙස හඳුනාගෙන ඇත. නමුත් ඒවා කිසිවක් ඇත්ත නෙවෙයි. එසේ නම් අපි තනිකඩ ළමයි ගැන තියෙන මිථ්‍යාවන් ටිකක් බිඳ දමමු.

    මිථ්‍යාව 1: ඔවුන් හුදකලා

    ඒකාකෘතික

    මෙය බොහෝ පිළිතුරු සහිත සංකීර්ණ ප්‍රකාශයකි. සෑම කෙනෙකුම විටෙක තනිකමක් දැනෙන අතර අප මිනිසුන්ගෙන් වට වූ විට ද එය සැමවිටම පහව යන්නේ නැත. අගුලු දැමීමේදී, අපගෙන් බොහෝ දෙනෙක් අපගේ පවුල් සමඟ නැවතී සිටියද, අපට එහි උච්චතම තනිකම දැනුනි. හුදකලාව සහ තනිකම අතර වෙනස මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසුය. දරුවෙකු තනිව සිටින බව ඔබ දකින විට, ඔහු හෝ ඇය සැමවිටම තනිකමෙන් සිටින බවක් අදහස් නොවේ. අනෙක් අතට, අප සියල්ලන්ම මෙන් එකම දරුවෙකුට විටෙක ඔහුට හෝ ඇයට ද තනිකමක් දැනෙන්නට පුළුවන, නමුත් පසුව ඔවුන්ද ඔවුන්ගේම ඇසුර භුක්ති විඳින අතර ඔවුන් විනෝද වන්නේ කෙසේදැයි දනී. ඔවුන්ට හොඳ මිතුරන් ද ඇත!

    මිථ්‍යාව 2: ඔවුන් ආක්‍රමණශීලීය

    ඒකාකෘතික

    දෙමාපියන් තම දරුවා පාසලේදී සහ වෙනත් සමාජ රැස්වීම්වලදී තම සම වයසේ මිතුරන් සමඟ සුහදව කටයුතු කරන බවට වග බලා ගත යුතුය. ළමයින් ඉක්මනින් ඉගෙන ගන්නන් වන අතර ඔවුන් කෝපයට පත් වුවහොත් ඔවුන් සමාජ කණ්ඩායම් සහ මිතුරු කවවලින් බැහැර කළ හැකි බව දනී. එකම දරුවා ආක්‍රමණශීලී සහ ලොක්කා වීමට යන්නේ නැත. එය ඔහුගේ/ඇයගේ පවුල් වටපිටාව, සම වයසේ මිතුරන් සහ ඔවුන් තෝරා ගන්නා සමාජ කණ්ඩායම මත රඳා පවතී. එය සහෝදර සහෝදරියන් රැසක් සිටින දරුවෙකුට නොදෙවැනි දෙයකි.

    මිථ්‍යාව 3: ඔවුන් දැඩි ලෙස යැපෙන අයයි

    ඒකාකෘතික

    ජනප්‍රිය විශ්වාසයට පටහැනිව, චිත්තවේගීයව හෝ ශාරීරිකව යැපෙන්නේ දරුවන් පමණක් නොවේ. සහෝදර සහෝදරියන් සහ සමහර අවස්ථාවලදී දෙමාපියන් නොමැතිකම හේතුවෙන් බොහෝ දෙනෙක අන් අය මත යැපේ. තනිකඩ දරුවන් ඔවුන්ගේ ගැටලු බොහොමයක් තනිවම විසඳා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට ඉගෙන ගනී. ඔවුන් ස්වයංපෝෂිත වේ. ඔවුන් සමහර විට සහෝදර සහෝදරියන් සිටින දරුවන්ට වඩා ස්වාධීන විය හැකිය. මීට අමතරව, ඔවුන් පෞද්ගලිකත්වයේ වටිනාකම දන්නා සහ අවබෝධ කර ගන්නා අතර ඔවුන් අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන විට එය පෙන්වයි.

    මිථ්‍යාව 4: පරිණත වීමට වැඩි කාලයක් ගනී

    ඒකාකෘතික

    සහෝදර සහෝදරියන් සිටින දරුවන්ට ඔවුන් හැදී වැඩෙන අතරතුර ඔවුන්ගේ දෙමාපියන්ට අමතරව කතා කිරීමට සහ සම්බන්ධ වීමට කෙනෙකු සිටී. කෙසේ වෙතත්, තනි දරුවෙකු සම්බන්ධයෙන්, ඔවුන් බලා සිටින එකම පුද්ගලයා ඔවුන්ගේ වැඩෙන කාලය පුරාවටම ඔවුන්ගේ දෙමාපියන් වේ. ඔවුන් වැඩිහිටි හැසිරීම් සහ රටාවන් අවශෝෂණය කර අනුගමනය කිරීමට පටන් ගන්නා අතර එමඟින් අනෙක් අයට වඩා හොඳ තර්ක කුසලතා වර්ධනය වීමට හේතු වේ. මෙය අපට ජීවිතයේ උස් පහත්වීම් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පැවැත්මේ කට්ටලයට එකතු කිරීමකි. කෙසේ වෙතත්, සෑම දරුවෙකු තුළම චිත්තවේගීය හා ශාරීරික පරිණතභාවයේ වේගය වෙනස් වන අතර ඒකීය පරාමිතියකින් විනිශ්චය කළ නොහැකිය. විවිධ ළමුන් සඳහා වර්ධන ප්‍රස්තාරය වෙනස් වේ.

    මිථ්‍යාව 5: ඔවුන් අතිශයින් සංවේදීය 

    මෙය අන්තයට සාමාන්‍යකරණයකි. ඔවුන් යම් යම් තත්වයන්ට අධික ලෙස ප්‍රතික්‍රියා කිරීමට හෝ ඉතා පහසුවෙන් තුවාල වීමට පවා ඉඩ ඇති අතර අන් අයගේ හැඟීම් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වීමේ හැඟීමක් ඔවුන් තුළ වර්ධනය වේ. විශේෂයෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ ජීවිතයේ පළමු දිනයේ සිටම ඔවුන්ට අතිශයින්ම සමීපය. ඔවුන්ගේ දෙමව්පියන් සමඟ ඇති ශක්තිමත් බැඳීම් සහ විශිෂ්ට සම්බන්ධතාවය පිළිබඳ නිරන්තර මතක් කිරීම සෑම දෙයක්ම යහපත් කරයි!

    ෆෙමිනා ඇසුරිනි – සැකසුම – තනුජා හසිනි

  • එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

    එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

    වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින පැවසීය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පසුගිය දිනක කිහිපයේම සිට දිනෙන් දින ඉහල යමින් පවතින බවත් පොහොර කෘමිනාශක,  හිගයට වඩා එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  පවතින අයහපත් කාලගුණික තත්ත්වය බව වෙළෙඳ සංගමයේ  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    සාමාන්‍ය පරිදි වසරේ සෑම නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල එළවළු මිල මේ ආකාරයෙන් ඉහළ යෑම සිදුවන බවද එසේ සිදුවන්නේ පවතින අයහපත් කාලගුණික විපර්යාස නිසා  වගාවන් විනාශ වීම බව හෙතෙම සඳහන් කර සිටී.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා, ‘‘මෙවර  වගා  කිරීම සඳහා ගොවීන් සතුව යම් මට්ටමකින් රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය තිබෙනවා. ඒ නිසා යම් අඩුවක් පැවතියක් සැලකිය යුතු එළවළු ප්‍රමාණයක් අපට දෛනිකව ලැබෙනවා. ඒත් රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක ආදිය නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු සැපයුමේ හිගයක් ඇතිවිය හැකියි. එහෙත් මේ දිනවල පවතින්නේ තෙල් පොහොර හිගයක අස්වනු අඩු වීමක් නොවෙයි. ඊට ඍජුව බලපා තිබෙන්නේ අයහපත් කාලගුණය. මේක සෑම වසරකම නොවැම්බර් – දෙසැම්බර් මාසවල සිදුවන සාමාන්‍ය තත්ත්වයක්‘‘

    ඒ  අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉල්ලුම සහ සැපයුම අනුව එළවළු මිල තීරණය වන නිසා බෝංචි, මාළු මිරිස්, කැරට්, ලීස් ආදී කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 200 සිට 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන මඤ්ඤොක්කා සහ කැකිරි, වට්ටක්කා හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 150ක් දෙසිය අතර තොග මිල ගණන් යටතේ අලෙවි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

    ආර්ථික මධ්‍යස්ථානය වෙළෙන්දන් සහ ගොවීන් ගෙන් පිරී ඉතිරී ගිය ද මේ දිනවල එතරම් ගොවීන් පිරිසක් ආර්ථික මධ්‍යස්ථානය තුළ දැක ගැනීමට නොහැකි අතර දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

    රුපියල් 140 ත් 150ත් අතර අලෙවි වූ තක්කාලි කිලෝවක් මෙදින රුපියල් 280ත් 300ත් අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂත්වයකි.

    දේශීය ලොකුළූණු කිලෝවක්  රුපියල්  150කට අලෙවි වෙද්දි විදේශීය රටවලින් ගෙන් වූ ලොකු ලූනු කිලෝවක් රු රුපියල් එක එකසිය 140කට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි වන බව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එළවලු රැගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ වර්ෂාව මෙන්ම පොහොර හා කෘමිනාශක හිගය නිසා මේ තත්වය උදාවී ඇති බවය. තත්ත්වය සලකා බලා ඉදිරියේදී වගාවන් ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණයකට එළබෙන බව ද ඔවුහු කීහ.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල